ᴄᴀᴛ ᴄᴀʀᴇᴛᴀᴋᴇʀ ʜᴏᴍᴇ

ᴄᴀᴛ ᴄᴀʀᴇᴛᴀᴋᴇʀ ʜᴏᴍᴇ ᴡᴇ ᴡɪʟʟ ᴛᴀᴋᴇ ᴄᴀʀᴇ ᴏғ ʏᴏᴜʀ ᴄᴀᴛ ᴜɴᴛɪʟ ʏᴏᴜ ᴀʀᴇ ʙᴀᴄᴋ ! Do you want to make sure about us ? We are die hard cat lovers !Visit our cat's Tik Tok channel !
(1)

18/12/2022

නෑ නෑ මැරුන්නෑ බෙල්ල පොඩ්ඩක් ඇද වුනා විතරයි !
-----------------------------------------
මේකේ හිනායන තැන පොඩ්ඩක් රවුම් කරන්න පුලුවන්ද කාට හරි ?

පුංචිකමට දරුවො අතින් වෙන දේවල් නැතුව නෙවෙයි. ඒත් සමහර පොඩි පොඩි දේවල් උනත් ඒක වරදක්,නරකක්,නපුරක් බව තේරුම් ගියාට පස්සෙ අපිට පුලුවන්ද රස කර කර හිනාවෙවී කියන්න ?

ඔයා පූසන්ට අකමැති කෙනෙක් වෙන්න පුලුවන්, ඔයා බල්ලන්ට අකමැති කෙනෙක් වෙන්න පුලුවන්, ඔයා කොහෙත්ම හුරතල් සතුන්ට කැමති නැති කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් අඩුම සත්තුන්ට හිංසා නොකර ඉන්න දරුවන්ට පොඩි කාලේ ඉදන්ම පුරුදු කරන්න.

වතුරෙ කූඹියෙක් හිටියත් අයින් කරන්න,පිහිට වෙන්න හිතෙන විදිහට දරුවන්ගෙ මානසික මට්ටම හදන්න !

චූටි නංගිලා, මල්ලිලා හිටියෙ නැද්ද දන්නෑ...

#සුරතල්පූසන් #පූසන්ටආදරේඅය #ලංකාවේකිටියෝ #කතාකරනකිටියෝ

සාමාන්‍යෙන් cat caretaker home එකට බාර ගන්න කිසිම පූසෙක් අපේ අයත් එක්ක අපි එකට දාන්නේ නෑ.එයාලව අපි තියෙන්නෙ වෙනම කාමරයක....
15/12/2022

සාමාන්‍යෙන් cat caretaker home එකට බාර ගන්න කිසිම පූසෙක් අපේ අයත් එක්ක අපි එකට දාන්නේ නෑ.එයාලව අපි තියෙන්නෙ වෙනම කාමරයක.ඒකට හේතු ගොඩක් තියනවා.

01) භාරදෙන පූස් බබා neuter කරලා නැත්තං අනිවාරෙන් එයා අනිත් අයත් එක්ක රණ්ඩු කරනවා.
02) අපේ අයට බැරි වෙලාහරි කුමක් හෝ අසනීප තත්ත්වයක් තිබුනොත් ඒක භාරදීලා යන පූස් බබාට බෝවෙන්න පුලුවන්.
03) භාරදීලා යන පූස් බබාට කුමක් හෝ අසනීප තත්ත්වයක් තිබුනොත් නොදැනුවත්ව ඒක අපේ පූස් බබාලට බෝ වෙන්න පුලුවන්.
04) භාරදීල යන පූස් බබා කන dry food වර්ග වෙනස් වෙන්න පුලුවන්, සමහරක් විට මාලු විතරක් කන පූස් බබෙක් වෙන්න පුලුවන්.
05) රණ්ඩු නොකෙරුවත් එයාගෙ අම්මත් නැතුව අපි එක්ක තනි වෙන පූස් බබා මානසික පීඩනයට ලක්වෙන්න පුලුවන් අලුත් පූසො ගොඩක් එක්ක එකට ඉන්න වෙන එකෙන්.
06) බැරි වෙලාහරි අපි දොර ඇරගෙන එළියට යද්දි අපිට භාර දුන්න පූස් බබා එළියට දුවයි කියන අවදානමක් එනවා එයාව වෙනම කාමරේක නොතිබ්බොත්.
07) සත්තු කියන්නෙත් ළමයි වගේ. එකම විදිහට නෙමෙයි එයාල හැදෙන්නෙ. එයාලට තියෙන්නෙත් විවිධ පෞර්ෂත්ව.හැදෙන ගෙදර සංස්කෘතියට එයා හැදෙන්නෙ. අපේ අය කන වෙලාවක් නිදියන වෙලාවක් එහෙම තියනව. එතකොට අලුතෙන් එන කෙනෙක් ගෙ ඒ time table එයා හැදිල තියන විදිහ වෙනස්. එතකොට එයාට කෑම බීම දෙන්නෙ එයාගේ timetable එක අනුව සහ අපි එයාව ගන්නෙ එයාගෙ අයිතිකාරයා ආපහු එනකන් මිසක් අපේ ගෙදර විදිහට එයාව හුරුකරගන්න එයාට අපි කරදර කරන්නෙ නෑ. එයා වෙනම කාමරේක ඉද්දි එයාට එයාගෙ විදිහට එයාගෙ පාඩුවේ නිදහසේ ඉන්න පුලුවන්.
08) මොනම හේතුවක් නිසාවත් Litter Tray මාරු වෙන්න දෙන්න බෑ. ඒකෙන් විවිධ ලෙඩ රෝග දෙගොල්ලන්ට හුවමාරු වෙන්න පුලුවන්.

ඉතිං ඔය වගේ හේතු නිසා අපි කිසිම වෙලාවක අපිට භාරදීල යන පූස් බබෙක් අපේ අය එක්ක එකට දාලා අවදානමක් ගන්නෙ නෑ.

එතකොට මෙ ෆොටෝස් වල ඉන්න එමිල පූස් බබා මගේ ලගම හිතවතෙක් ගේ. එයාගෙ history එක මම දන්නවා. එයාට අසනීප තත්ත්ව තිබිලා තියනවනම් මම දන්නවා. එයා මිත්‍රශීලී ද නැද්ද. අනිත් පූසන්ට හපනවද නැද්ද, එයා discipline ඇතුව හැදිලද නැද්ද ඔක්කොම මම පෞද්ගලිකව දන්නවා.ඒ නිසා එයා බොහෝම සතුටින් අපේ අය එක්ක සෙල්ලං කර කර ඉදලා ගියා.දවසක් විතර පිඹගත්තා. එයාල හප්ගනෑ neuter කරලා නිසා. පස්සේ ඉවරයක් නැතුව තුන් හතර දෙනාම නටපු එක තමා කලේ ගේ දෙවනත් වෙනකන්.

#සුරතල්පූසන් #කතාකරනකිටියෝ #ලංකාවේකිටියෝ

මේ ඉන්නේ එමිල පුතා. ඉතිං එයාගේ අම්මා ගමනක් ගිහින් එනකන් එයා අපිත් එක්ක බොහොම සතුටින් ඉඳලා ගියා.This is Emil. He had a wo...
15/12/2022

මේ ඉන්නේ එමිල පුතා. ඉතිං එයාගේ අම්මා ගමනක් ගිහින් එනකන් එයා අපිත් එක්ක බොහොම සතුටින් ඉඳලා ගියා.

This is Emil. He had a wonderful time with us until his mommy is back !

𝐂𝐚𝐭 𝐂𝐚𝐫𝐞𝐭𝐚𝐤𝐞𝐫 ʙʏ ✨ᴘɪᴋᴀᴄʜᴜ & ᴘᴜᴄʜɪ ʙᴀɴᴀɴᴀ✨
ඔන්න ආයෙත් පටන් ගත්තා !

ඔයා ගිහින් එනකන් අපි ඔයාගේ පූස් සුරතලාව බලාගන්නම් !

නිවෙස් මාරු කිරීම සහ අධික ලෙස භාණ්ඩ මිල ඉහල යාම නිසා අපි පූසන් භාරගැනීම නැවැත්තුවා.

මාළු, Cat litter මේ හැමදේකම වර්තමානයේ පවතින අධික මිල ගණන් යටතේ ඇත්තටම අපිට සියලු දෙනාටම පහසු ඉතාම සාධරණ මිලකට මෙම කටයුත්ත කරගෙන යන්න වාතාවරණයක් නැහැ. (Ex - 2450 කට මිල දීගත් Cat Litter 10L packet එකක වර්තමාන මිල rs. 4000 කි.)

නමුත් කොළඹ අවට කිහිප දෙනෙක් ගේ දැඩි ඉල්ලිම මත තමයි අපි නැවතත් පූසන් භාරගැනීම ආරම්භ කිරීමට තීරණය කලේ.

අද සිට නව මිල ගණන් යටතේ ඔබේ සුරතල් පූසන් භාරගැනීම සිදු කරනවා.

ඔයා ගිහින් එනකන් අපි ඔයාගේ පූස් සුරතලාව බලාගන්නම් !

We stopped accepting cats to our cat care taker home due to moving to new house and extremely higher prices of Fish & Cat litter

Actually we couldn’t continue cat caretaking for a reasonable price that is really convenient for all of us. Because of current prices (Eg - A 10L packet of Cat Litter bought for Rs. 2450, the current price is Rs. 4000.)

But Because of the requests of many cat parents, we decided to start our cat care taker home again.

Now we accept your pet cats from today at new prices.

𝐂𝐚𝐭 𝐂𝐚𝐫𝐞𝐭𝐚𝐤𝐞𝐫 ʙʏ ✨ᴘɪᴋᴀᴄʜᴜ & ᴘᴜᴄʜɪ ʙᴀɴᴀɴᴀ✨

✿ Comfortable Room
✿ Cat Toys
✿ Litter Tray
✿ 24/7 Care

Whatsapp - ⁨+94 71 431 1046⁩
Location - Rajagiriya

🧚🏼‍♀️ 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🧚🏼‍♀️

#කතාකරනකිටියෝ #ලංකාවේකිටියෝ #සුරතල්පූසන්

12/09/2022

🦋 ඔන්න අද අපිත් එක්ක කිටියොන්ට ආදරේ හදවත් දාහක් එකතු වුනා 🦋

ඉතිං ඒ සතුටත් එක්ක මං තව දෙයක් ඔයාලට කියන්නම්.

ලංකාවේ තාමත් ඉන්නවා විශාල පිරිසක් හොද, රස, පෝෂ්‍යදායි කෑම කන්න බොන්න ලැබෙන්නොනි හොද Breed වල නැත්තං ඉහළ කුලේක කියලා සලකන වර්ගවල පූසන්ට සහ බල්ලන්ට විතරයි කියලා.

මේ මට හිතිලා කියන දෙයක් නෙමෙයි.මේ විදිහේ කමෙන්ට් විශාල ප්‍රමාණයම් මට දවසකට මෙයාලගේ වීඩියෝස් වල දකින්න ලැබෙනවා.

◉'ඔය වල් පූසන්ට ඔච්චර හොදට කන්න දෙන්නොනිද '
◉ 'වල් බාවෝ'
◉ 'ඕකාවත් වටිනවද ඔය දෙන කෑම තරම්'
◉ 'මේ වල් පූසොද ?'
◉ 'මෙයාලා හොද වර්ගෙක පූසෝ නෙමෙයි ද?'

මොකක්ද මේ හොද වර්ගේ ? මේ 'වල්' කියන විශේෂණ පදේ යොදගෙන කාවද මේ හදුන්වන්නේ ? මේ රටේ, මේ ලංකාවෙ , මේ පොළවේ, අවුරුදු ගානක ඉදන් පැවත එන මේ රටට ආවේණික හැඩ හුරුකම් තියන මේ රටේ දේශගුණික සාධක වලට සරිලන බූල් ප්‍රමාණයක් තියන සත්තු !

හොද සත්තු කවුද ? වෙන රටවල් වලින් පැවත එන සත්තු. ලංකාවෙ බහුතරෙකට අනුව මේක තමා තියරිය.

මේ breed වල සත්තුන්ට මොකුත් කියනවා නෙමෙයි. ඒත් අහිංසක සත්තු. අපේ ගෙදරත් ඉන්නවා Persian Mix කෙනෙක්.තව ලංකාවේ අයත් 6 ක් ඉන්නවා.සත්තුන්ට ආදරේ කෙනාට German Shepherd ද short hair ද persian ද Golden Retriever ද ලංකාවෙද කියලා දෙයක් නැ. එයාල ඔක්කොටම එක වගේ ආදරෙයි.

හැබැයි Breed Lovers ලා හිතාන් ඉන්නවා මේ උසස් කුළ වශයෙන් හදුන්වන සුරතල් සතුන්ට වඩා අඩු සැලකිල්ලක් තමයි මේ ලංකාවෙ සතුන්ට ලැබෙන්න ඕනේ කියලා.

සමහර Pet Clinic පවා තියනවා ලංකාවෙ සතුන් ගැන ඒ හැටි උනන්දුවක් නොදක්වන (අත්දැකීම්)

✨ ඉතිං අපි අද ඉදන් වත් මේ රටේ මේ අහිංසක සත්තුන්ට මේ 'වල්' කියන වචනේ භාවිත නොකර ඉමු ! ඒ ගොල්ලන්ට අඩු සැලකිල්ලක් නොදී එක හා සමානව සලකමු ✨

🌸 ඉතිං මේ ලංකාවේ පූසෝ වෙන පිකාචු, පුචී බනානා සහ ප්‍රින්සස් හංසිට මේ දෙන ආදරේට ස්තූතියි. පළවෙනි දවසෙ ඉදන් මෙයාලගේ වීඩියෝස් බලපු හැමෝටම ස්තූතියි. 🌸

🧚🏼‍♀️ 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🧚🏼‍♀️

#සුරතල්පූසන් #කතාකරනකිටියෝ #පූසන්ටආදරේඅය #ලංකාවේකිටියෝ

11/09/2022

හැම දේටම වැඩිය වටින්නෙ පුංචි පන ටික. ඒක රැකුනොත් නේ අනිත් හැමදේම !

🧚🏼‍♀️ 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🧚🏼‍♀️

31/08/2022

🎀 Our Cute Client 🎀
We will take care of your cat until you are back ✨

🧚🏼‍♀️ 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🧚🏼‍♀️

𝙈𝙮 𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙘𝙪𝙩𝙚 𝘾𝙡𝙞𝙚𝙣𝙩🧚🏼‍♀️පුංචි හුරතල් සේවාදායකයෙක් ✨This is Cato ^◕‿◕^ He came to Our Cat Caretaker house to stay with ...
16/08/2022

𝙈𝙮 𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙘𝙪𝙩𝙚 𝘾𝙡𝙞𝙚𝙣𝙩🧚🏼‍♀️
පුංචි හුරතල් සේවාදායකයෙක් ✨

This is Cato ^◕‿◕^
He came to Our Cat Caretaker house to stay with us for two days until his mom returns !
I'm so lucky to have such cute clients🐾

We will take care of your cat until you are back ! ♡

𝐂𝐚𝐭 𝐂𝐚𝐫𝐞𝐭𝐚𝐤𝐞𝐫 ʙʏ ✨ᴘɪᴋᴀᴄʜᴜ & ᴘᴜᴄʜɪ ʙᴀɴᴀɴᴀ✨

✿ Comfortable Room
✿ Cat Toys
✿ Litter Tray
✿ 24/7 Care

Whatsapp - 071 - 43 11 046

🦋 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🦋

12/08/2022
ඔයා ගිහින් එනකන් අපි ඔයාගේ පූස් සුරතලාව බලාගන්නම් !𝐂𝐚𝐭 𝐂𝐚𝐫𝐞𝐭𝐚𝐤𝐞𝐫 ʙʏ ✨ᴘɪᴋᴀᴄʜᴜ & ᴘᴜᴄʜɪ ʙᴀɴᴀɴᴀ✨✿ Comfortable Room✿ Cat Toys...
10/08/2022

ඔයා ගිහින් එනකන් අපි ඔයාගේ පූස් සුරතලාව බලාගන්නම් !

𝐂𝐚𝐭 𝐂𝐚𝐫𝐞𝐭𝐚𝐤𝐞𝐫 ʙʏ ✨ᴘɪᴋᴀᴄʜᴜ & ᴘᴜᴄʜɪ ʙᴀɴᴀɴᴀ✨

✿ Comfortable Room
✿ Cat Toys
✿ Litter Tray
✿ 24/7 Care

Whatsapp - +94 71 431 1046

🧚🏼‍♀️ 𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙊𝙪𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 🧚🏼‍♀️

Address

Atigala

Alerts

Be the first to know and let us send you an email when ᴄᴀᴛ ᴄᴀʀᴇᴛᴀᴋᴇʀ ʜᴏᴍᴇ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ᴄᴀᴛ ᴄᴀʀᴇᴛᴀᴋᴇʀ ʜᴏᴍᴇ:

Videos

Share

Category