Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර

Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර Red ocean fish aquarium halpe - hela halpe

🐠🙈මාලු වලට ආස දෙන්නෙක් මැරි කලාම...😍❤️🐠
08/01/2024

🐠🙈මාලු වලට ආස දෙන්නෙක් මැරි කලාම...😍❤️🐠

දෙන්නම මාළු පිස්සො උනාම...🙈🐠😍
03/01/2024

දෙන්නම මාළු පිස්සො උනාම...🙈🐠😍

පුංචි කාලෙ ඉදන්ම හැම කොල්ලෙක් කෙල්ලෙක්ම තිබුන ආසාවක් 🥰♥️
27/11/2023

පුංචි කාලෙ ඉදන්ම හැම කොල්ලෙක් කෙල්ලෙක්ම තිබුන ආසාවක් 🥰♥️

Important Chinese algae eater Available ! Red ocean fish aquarium Halpe ( badulla rode )♥️0764026275 🍃
18/11/2023

Important Chinese algae eater Available ! Red ocean fish aquarium Halpe ( badulla rode )♥️

0764026275 🍃

♥️Lâkshãrá Himayanga Kodagoda😽
12/11/2023

♥️Lâkshãrá Himayanga Kodagoda😽

♥️🥰
19/10/2023

♥️🥰

19/09/2023

🐋විසිතුරු මසුන් ඇති කරන ඔබට අවශ්‍ය, 😍🎉️

✴සියලුම වර්ගයේ විසිතුරු මසුන්,
✴️විසිතුරු ටැංකි , ජලජ පැළෑටි ,
✴️මත්ස්‍ය බෙහෙත් 💉 මත්ස්‍ය ආහාර,
✴️ඔක්සිජන් මෝටර්ස්, විසිතුරු ගල් ,
✴️ෆිල්ටර්ස් ඇතුලු අනෙකුත් සියලුම උපාංග දැන් එකම තැනකින්😊♥️

🆁🅴🅳 🅾🅲🅴🅰🅽 🅵🅸🆂🅷 🅰🆀🆄🅰🆁🅸🆄🅼

බදුල්ල පාර , හල්පේ, හෙල හල්පේ

📞 0764026275 ✌😋

🥳♥️ Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර
04/09/2023

🥳♥️ Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර

♥️😍
04/08/2023

♥️😍

21/07/2023
♥️🥺🥳😍
10/07/2023

♥️🥺🥳😍

BOYU -Siphon Pump 🍃💧Red Ocean Fish Aquarium Halpe  💙
29/06/2023

BOYU -Siphon Pump 🍃💧

Red Ocean Fish Aquarium Halpe 💙

29/06/2023

👿පිරානා....😍♥️

Import bajiri available 🥰🕊️කුරුල්ලන් සඳහා උසස් තත්වයේ ආනයනික බජිරි 🍃Red ocean fish aquarium Halpe 0764026275
29/06/2023

Import bajiri available 🥰🕊️
කුරුල්ලන් සඳහා උසස් තත්වයේ ආනයනික බජිරි 🍃

Red ocean fish aquarium Halpe 0764026275

25/06/2023

♥️😍😗🍃

♥️
25/06/2023

♥️

24/05/2023

☠️❤😍

Tropical fish flakes ❤💥Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර  Contact 0764026275 📞
23/05/2023

Tropical fish flakes ❤💥
Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර Contact 0764026275 📞

06/05/2023

🍒 Shrimpla 🔥 ඕන අය සෙට් වෙලා ඉන්න Red Ocean Fish Aquarium එක්ක 💥😌

Contact 0764026275 📞

06/05/2023

😍❤🦐 Cherry Shrimpla ඕන අය සෙට් වෙලා ඉන්න Red ocean aqua එක්ක 😌💥 Lâkshãrá Himayanga Kodagoda ❤🤟

ඔබේ පොකුණේ වතුර නිල්කැටේට තියා ගමුද?? විසඳුම මෙන්න..!මම මේ සමූහයට ලියපු පළමු ලියමන ගොඩක් දෙනෙක් අගය කරල තිබුනා..දැන උගත්...
21/04/2023

ඔබේ පොකුණේ වතුර නිල්කැටේට තියා ගමුද?? විසඳුම මෙන්න..!

මම මේ සමූහයට ලියපු පළමු ලියමන ගොඩක් දෙනෙක් අගය කරල තිබුනා..දැන උගත් දෙයක් තව කෙනෙක් සමග බෙදා ගන්න ලැබීම ලොකු තෘප්තියක් ..මම පළමු ලියමනේ කතා කලේ water features හෙවත් ගෘහ අලංකරණයේදී භාවිතා කරන ජල උපාංග හා ඒවා පිලිබඳ ඇති දුර්මත ගැන. ගෙවතු හා නිවාස අලංකරණයේදී ජලය කොච්චර වැදගත්ද කියලා අවබෝධයක් ඇතිනේ..අද මම කතා කරන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ මේ ක්ෂේත්‍රය (water features) ගැන උනන්දුවක් තියෙන ඕනම කෙනෙක්ට එන ලොකුම ගැටලුවක් ගැන...විසිතුරු මසුන්, ගෙවතු අලංකරණ Facebook සමූහයන් බොහෝමයක පාහේ අහන්න දකින්න ලැබුනු මගේ කලින් ලිපියේ comments තුලිනුත් බොහෝ දෙනෙක් අහපු පොකුණවල ජලය අපිරිසිදු වීම, ඇල්ගී වර්ධනය වීම වගේ පොකුණක්,මාලු ටැංකියක් නඩත්තු කරගෙන් යනවිට ඇතිවෙන කරදරකාරී ගැටලු වලට විසඳුමක් තියෙනවාද කියල..?

ඇත්තටම ඒවාට සාර්ථක විසඳුම් තියේද?

ඔව්..ඕනෑම දේකට විසඳුමක් තියෙනව..ඒවා කොයි තරම් ප්‍රායෝගිකද? වියදම් කොපමණද? මේ වගේ ප්‍රශ්නය ටිකක් ඔයාලගෙ ඔලුවට දැන් එනවා ඇති..මම පුලුවන් තරම් සරළ විදිහට මම දන්න දේ කියා දෙන්නම්..මං මූලිකව outdoor ponds මත පදනම් වෙලා තමයි ලියමනේ ඉස්සරහට යන්නේ..මොකද මේ සමූහය ගෙවතු අලංකරණ පිළිබඳ එකක් නිසා..නමුත් මේ කරුණු මාලු ටැංකිවලත් පොදු වෙයි බොහෝ දුරට..
අපි අපේ ගෙවත්තේ පොකුණක් හදන්නේ සෑහෙන බලාපොරොත්තු තියාගෙන..හැමෝම ආසයි unique ගෙවත්තක් හිමි කරගන්න..ඉතින් ගොඩක් අය internet එකෙන් හෝ වෙන කොහෙන් හරි දැකපු පොකුණක් ඔලුවේ තියාගෙන ඒ වගේ හදා ගන්න තමයි උත්සහ කරන්නෙ..ඒක නරක දෙයක් නෙමෙයි..මම පොකුණ පිරිසිඳුව තියාගන්න විදිහ ගැන ප්‍රවිශ්ඨයට කලින් පොකුණු වර්ග ටිකක් ගැන කියල ඉන්නම්..පොකුණු හදන්න ඉන්න පිරිසට වැදගත් වෙයි.. අපි බලන්න ඕනා මුලින්ම අපේ අවශ්‍යතාව අනුව අපේ ගෙවත්තට සුදුසු පොකුණක්..මේකෙන් මම අදහස් කරන්නේ ඔයාල සෑහෙන්න කාර්‍යබහුල අය නම් ඔයාල නිවසේ රැඳෙන කාලය එක්ක බලලා ඔයාලාට ඒ වෙනුවෙන් කැපවෙන්න පුලුවන් කාලය එක්ක මම දැන් කියන category කීපයකින් තෝරගන්න පුලුවන් (අවශ්‍ය නම් කීපයක ලක්ෂණ යොදගන්නත් පුලුවන්)

🏝️ වනගත පොකුණු (wild life ponds)

මේ පොකුණු වර්ගය තමයි ඉතාම අවම නඩත්තුවකින් පවත්වාගෙන යන්න පුලුවන්..මේක දැන් ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් විදිහට මේක ඉස්සරහට ඇවිත් තියෙනවා..ලංකාවෙ අපි ඉතිං හැම දේම ගන්නේ ලෝකෙ අපිව දාල ගොඩක් ඉස්සරහට ගියායින් පස්සෙ නේ..ඉතින් මේ පොකුණු වර්ගය fillter,food,pumps,chemical මේ මොකක්වත් ඕන නෑ..මේවා මූලිකම හදන්නේ වනාන්තර වල තියෙන හුදෙකලා පොකුණු තියන විදිහට..පොකුණු 2/3 වගේ ජලජ පැලෑටි වලින් ගහණ විවිධ කෘමි සත්තු,ගොලුබෙල්ලෝ,ගෙම්බෝ වගේ මසුන් නොවන ජීවීන් පිරුණු පද්ධතියක්..මේ වගේ එකක් අපිට මොනා කරන්නද? නේද..මමත් ඇතුලු අපි හැමෝටම වඩා ලෝකෙ අනිත් මිනිස්සු වෙනස්ව හිතනෝ..ඉගෙන ගන්න දරුවන් ඉන්න ගෙදරකට මේක ගොඩක් ප්‍රයෝජවත් වෙයි..ඉතින් මෙහෙම අදහසක් තියනවනම් හදා ගන්න ඔයාලට පුලුවන්..හැබැයි ගප්පි දෙතුන්දෙනෙක්ව වත් දාන්න..PHI ඇවිත් කුදලන් යයි.

🏝️කොයි පොකුණු (Koi ponds)

විශේෂයෙන්ම කොයි මසුන් හෙවත් අපේ භාෂාවෙන් කීවොත් කාෆ් මාලු ප්‍රධාන කරන් හදන පොකුණු..මේවාට නම් මම මේ ලියමනේ ඉස්සරහට කතාකරන fillters අනිවාර්යයෙන් ඕන වේවි..කොයිලා ගොඩක් කෑම කන වර්ගයක් නිසා වතුර ඉක්මනින් අපිරිසුදු වෙන්න බලනවා..ජලජ ශාක බොහෝමයක් මෙයාල එක්ක තියන්න බෑ..වතුරෙ ඉන්න හරක් ගාලක් වගේ..

🏝️ හරිත පද්ධති (Eco system ponds)

මේ පද්ධතිය තමා වැදගත්ම එක..සරලවම කීවොත් වනාන්තරයක තියෙන දොලපාරක් මතක් කර ගන්නකෝ..අන්න ඒකක් තමන්ගෙ ගෙමිදුලට ගෙනත් දානවා වගේ වැඩක්..හැබැයි ටිකක් සංකීර්ණයි නිර්මාණය කිරීමේදී..හැබැයි හදා ගත්තායින් පස්සේ එයා එයාගෙ වැඩ ටික බලා ගන්නවා..filters,pumps වගේ කෘතිම දේවල් එක්ක සොබාදහම සහයෝගයෙන් වැඩ කරන තැනක්..මේ ගැන ගොඩක් videos තියනවා youtube එකේ..උනන්දුවක් තියෙන අයට ගිහින් අධ්‍යනයක් කරන්න පුලුවන්..පුලුවන් උනොත් ecosystem pond ekak හදන හැටි post එකක් දාන්නම්..හැබැයි ලංකාව ඇතුලෙ ඇතැම් සීමා තියෙනවා..සම්පත් සොයා ගැනීමේ දුෂ්කරතා වගේ ඒවා..

දැන් මම එන්නම් බොහෝ දෙනෙක්ගේ ගැටලුව වුන මගේ ප්‍රධාන මාතෘකාවට.
"පොන්ඩ් එක අස් කරලා සතියක් යනකොට වතුර අපාට වෙනවා.." හැමදාම වතුර කොලපාටයි..filters දාලා තියෙන්නෙ..වැඩක් නෑ..එපා වෙනවා.." මේ වගේ මැසිවිල ගොඩක් අපිට අහන්න දකින්න ලබෙනවා මේ මූනුපොතේ.. ඇත්ත..එහෙම වෙනවා තමයි..ඒ පොකුණෙ වැරැද්දක් නොව අපි පොකුණ හදල තියන වැරැද්ද..නැත්තම් නඩත්තුවෙ වැරැද්දක් වෙන්න පුලුවන්..වතුර අපාට වෙන්න හේතු කීපයක් බලපාන්න පුලුවන්..එකක් තමයි..

⚠️️ සෝදා පාලුව

වර්ෂා කාලෙට වැහි වතුර බිම දිගේ ගලාගෙන ඇවිත් පොකුණුට පිරෙනවානන් ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනේ..පොකුණු බිම් මට්ටමෙන් අඟලක් දෙකකවත් ඉහලට ඉදිකරන්න..

⚠️️ අධික මත්ස්‍ය ඝනත්වය

මාලු ගොඩක් පිරිලා ඉන්නවානම් අපි හරි ආසයි..හැබැයි..ඊට වඩා පොකුණ හා මාලුන්ගේ ගුණාත්මක බව හිතන්න ඕනා නේ නේද..තමන්ගෙ පොකුනේ පරිමාවට සාපේක්ශව මසුන් කීයක් දාන්න පුලුවන්ද බලන මිනුම් අන්තර්ජාලයේ තියෙනවා.. මසුන් වැඩි උනාම වෙන්නේ උන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය වැඩිවීම, එතකොට වතුරේ ඇමෝනියා සහ නයිට්රේට් වැඩිවීම තුලින් වතුරේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා..විෂ සහිත වතුර දුර්ඝන්ධයක් ඇති කරනවා..මසුන්ටත් අහිතකරයි..මාලුන්ට අනවශ්‍ය ලෙස කෑම දැමීම නිසා (over feeding) මේ ඇමෝනියා හා විෂ සහිත නයිට්රේට් තවත් වැඩි වෙලා මසුන් මිය යන්නත් පුලුවන්..

⚠️️ ඇල්ගී බෝවීම (Algae Blooming)

අපි වගේ නිවර්තන කලාපීය රටවල පොකුණු වලට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා..මොනවද මේ ඇල්ගී කියන්නේ..ඇල්ගී කියන්නේ පරිසර පද්ධතියේ තියෙන ශාකයක්..ඇල්ගී අහිතකර දෙයක් නෙවෙයි..ඒත් ඕනම දෙයක් ඕනාවට වඩා හොඳ නෑ කියනවා වගේ ඇල්ගී වැඩි උනාම අප්‍රියජනකයි..පොකුණු වැහිලම යනව..මේව හැදෙන්න උඩ කිව්ව කරුණු බලපානවා..නයිට්රේට් හා පොස්පරස් ආහාරයක් විදිහට ගන්න ඇල්ගී ආලෝකය උකහාගෙන ඛණ්ඩය වෙමින් වැඩෙනවා..ඒකයි ඉතින් අව්ව වැඩි පොකුණු මේකෙන් බැට කන්නේ.. පොකුණක් හදනකොට නිවැරදි තැනක් තෝරා ගන්න ඕනා..දැනටම හදල තියෙන පොකුණු වහල දාන්න බෑනේ..පුලුවන් තරම් සෙවන සපයන්න..කෘතිමව හෝ ස්වභාවික සෙවනක්..ඇල්ගී පාලන කර ගන්න පුලුවන්..හෙවන කරන්නම බැරිනම් තව ක්‍රම තියෙනවා..පහළට කියවගෙන යමුකෝ..

⚠️️ ගස්වල කොල පොකුනේ තැන්පත් වීම.

මෙකෙදි වෙන්නේ ගස්වල කොල වතුරට වැටිල ඒවයේ කහට ජලයට එක්වීම සහ කොල පල් වීම තුලින් පොකුණු ජලය අපාට වීම..පොකුනට උඩින් දැලක් දැමීම විසදුමක්..මම උඩ කිව්ව ecosystem pond එකේ නම් මේකට හොඳ විසඳුමක් තියනවා..

මූලිකවම ඔන්න ඔය හේතු නිසා තමයි පොකුණක ජලය අපාට වෙන්න පුලුවන් (මගේ මතකෙට ආපු ටික)
ඉතින් කොහොමද මේ කරදරෙන් ගැලවෙන්නේ..උඩ කරුණු වලදි විසඳුම් කිහිපයක් දැනටමත් කිව්වා..එහෙනම් දැන් බලමු පෙරහන් පද්ධති (filter systems ) ආධාරයෙන් කොහොමද අපේ පැහැදිලි පොකුණ හිමිකර ගන්නේ කියලා.

Fillter systems එකකින් වෙන්නෙ පොකුණක තියෙන ජලයේ තිබෙන ඝන,ද්‍රව,වායූන් පිරිපහදු කිරීමක්..
ෆිල්ටර් වර්ග ඕනා තරම් අපිට වෙලඳපලේ දකින්න ලැබෙනවා..ඒත් ඒ හැම එකම මෙන්න මේ කාණ්ඩ තුන ඇතුලටයි වැටෙන්නේ..

♻️ යාන්ත්‍රික පෙරහන් (mechanical filters)

♻️ UV පෙරහන් (UV filters)

♻️ ජීව විද්‍යාතමක පෙරහන් (Biological filters)

➡️ යාන්ත්‍රික පෙරහන් තමයි බහුල විදිහට අපිට වෙලඳපලේ ගන්න තියෙන්නෙ..මේක විදුලි බලයෙන් පණ ගැන්වෙන නිසාත් යාන්ත්‍රික ක්‍රියාවලියක් නිසාත් මේ කාණ්ඩය හැදිල තියනවා..water pump, Skimmer filter වගේ ඒවා හඳුන්වා දෙන්න පුලුවන්.මේවායින් skimmer Filter එක මම දන්න තරමින් ලංකාවේ ගන්න නෑ..ඉතින් ගානක් කියන්න දන්නේ නෑ..ecosystem pond එකක ප්‍රධාන අංගයක් තමයි මේක..හොයාගන්න පුලුවන්නම් කදිමයි..ලොකූ භාජනයක් වගේ.ස්ථාපිත කරගත්තායින් පස්සේ නඩත්තුව ඉතාම ලෙහෙසියි..පොකුනේ එක කොනකට තමයි මේක සවි කරන්නේ..water pump එක තියෙන්නේ මේක ඇතුලේ..හිතන්න වතුර බේසමකට අපි තව කුඩා භාජනයක් සමාන්තරව යටට ඔබද්දී ඒකට උඩින් වතුර පිරෙන විදිහට තමයි මේකට පොකුනෙන් වතුර පිරෙන්නේ..ඒ වතුර දැල් භාජනයක් හරහා ගමන් කරනවා..එතනදි කොල රොඩු වගෙ ලොකු ද්‍රව්‍ය එකතු වෙනවා..ඊට යටින් ස්පොන්ජ් Layer එකක් හරහ ජලය ගමන් කරනවා..මෝටරය හරහා ඉන් පසුව වතුර නැවත එලියට එනවා.. එලියට එන ජලය පිරිසිඳුව එන අතර බටයක් මගින් එය දිය ඇල්ල වෙත ගෙන යනවා..සති කීපයකට වරක් දැල් බ්ඳුනේ ඇති රොඩු ඉවත් කිරීම සෑහේ..මේ හැම ෆිල්ටර් එකක් ගැනම සැකෙවින් තමයි මම කියන්නෙ..මේවගේ ක්‍රියාකාරීත්වය සෑහෙන දිගකට විස්තර කල හැකි නමුත් මේ post එකේ ඒ සියල්ල ඉදිරිපත් කිරීමට අපහසුයි..එම නිසා අවශ්‍ය උනන්දු කෙනෙක් youtube හෝ අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි දුර හොයා බලන්න..මේවාට විකල්ප වන fillters සාදා ගන්නා ආකාරය youtube හි ඇත.

➡️ පාරජම්බුල කිරණ පෙරහන් (UV Filter)

ආලෝක කදම්බයෙන් ආදාරයෙන් පෙරහන් කිරීම මින් සිදු වෙයි..විශේෂයෙන්ම අහිතකර බැක්ටීරියා හා ඇල්ගී විනාශ කිරීමට භාවිතා කරයි.මෙහි ඇති බල්බය හරහා ජලය ගමන් කරවීම සිදුවන අතර water pump එකක් අධාර කරගනී..මෙහී ඝන ද්‍රව්‍ය කිසිවක් පෙරෙන්නේ නැත..මෙය යාන්ත්‍රික හෝ bio fillters සමග සාමූහිකත්වයෙන් කටයුතු කරයි..අහිතකර ජීවී කොටස් මරා දැමීම සිදු කරයි..ඇතැම් විට හිතකර ජීවීන්ද මියයා හැක.මෙම කිරණ මිනිස් සිරුරටද හානිකර වේ..නිරාවරණය නොවන්න..UV fillter original ඒවා අපේ රටේ සොයා ගැනීමට අපහසුයි..DIY සාදාගත හැක.දල වශයෙන් රු.5000-10000ක් අතර යාවි.

➡️ ජීව විද්‍යාතමක පෙරහන් (Biological filters)
මේ filter වර්ගය තමයි අති විශේෂ..ඇයි කිව්වොත් සොබාදහමේ සංසිද්ධි උපයෝගී කරගෙන මේවා ක්‍රියාත්මක වීමයි..මේවාද විවිධ ආකාර වලින් පවතිනවා.wetland filter,Bio Falls, , Bog filter වැනි විව්ධ නම් වලින් හඳුන්වා දිය හැක.ඉතින් කියන්න ඕන මේ හැම fillter එකකටම water pump එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා..විදුලිය රහිතව ෆිල්ටර් බලාපොරොත්තු වෙන්වානම් සෙවන,මාලු ප්‍රමාණය මෙන්ම නිතර වතුර මාරු කිරීම, 2/3 ජලජ පැලෑටි භාවිතා කිරීම මගින් කළ හැක.

🏞️ wetland Fillter

ලෝකයේ දැනට හොයාගෙන ඇති පෙරහන් වලින් අග්‍රගණ්‍ය ජීව විද්‍යාත්මක පෙරහන් පද්ධතිය මෙයයි..මෙය සම්පූර්න ස්වභාවික පරිසර පද්ධතියක අනුරුවකි..තෙත් බිම් පද්ධතියක ක්‍රියාවලිය පාදක කොට ගෙන මෙය නිර්මාණය කොට තිබේ..මෙය ඉතා විශාල පොකුණු සඳහා මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ පොකුණු සඳහා යෝග්‍ය වේ..සාමාන්‍යයෙන් මෙම ෆිල්ටර් එකක් පොකුනේ ප්‍රමාණයෙන් 10%-20% අතර ප්‍රමාණයකින් යුක්තවේ..පොකුණට ඉහල උස් බිමක විශාල හතරැස් වලක් හාරාගනී..ගැඹුර පොකුණ්ට සාපේක්ෂව මදක් ඉහලින් තබා ගනී..විදේශවල නම් HDPM රබර් ලේයර් තමා මූලුකව ජලය රඳවාගන්න භාවිත කරන්නේ..විශාල ප්ලාස්ටික් බෝක්කු අඩියේ සමාන්තරව තබා එක් කොනකින් සිරස් බෝක්කුවකට සම්බන්ධ කරයි..(wetland Fillter එකක් හරස්කඩ ජායාරූපයක් අමුණා ඇත) එම බෝක්කු සිදුරු සහිතය..
ඊට උඩින් Aquablocks නැමති පෙට්ටි විශේෂයක් අතුරා ඊට උඩින් ප්‍රමාණ තුනකින් ගංගා වල ඇති රවුම් ගල් පුරවයි..අඩියට විශාල ගල්, මැදට ඊට මදක් කුඩා ගල් හා උඩම ස්ථරයට කුඩා කාසි ප්‍රමාණයේ ගල් (gravel) අතුරයි..පොකුනේ සිට අපිරිසිදු ජලය බටයක් හරහා තිරස් බෝක්කුවට ගලා එයි..ඉන්පසුව ජලය සිදුරු අතරින් උඩට පිරෙයි..ඒවා ගල් අතරින් පෙරී ඉහලටම ගොස් නැවත පොකුණට ගලා යයි..ගල් ස්ථරය මතුපිට ජලජ ශාක සිටුවයි..ස්වභාවික සුන්දරත්වය 100% රැකෙන් ස්වභාවික පරිසර පද්ධතික් තමයි මේක.මෙවන් ෆිල්ටර් එක්කට තිරිවාන ගල් ටොන් ගණනක් යයි..ඕනෑම විශාල පොකුණකට මෙය යෝග්‍ය වෙවා.පොකුණට සාපේක්ෂව ෆිල්ටරය විශාල වේ..මෝටරය ඉතා විශලය.. ලීටර් 20,00, 30,00 පරිමාවට කදිම වේ.ලංකාවේ අපිට නම් එය හිතා ගන්නටවත් අමාරු වියදමක්..

"ඉතින් අපි මොකක්ද කරන්නේ එතකොට"

විසඳුම තමා Bog fillter එක

මේ ෆිල්ටර් එකම පොඩි විදිහට හිතන එකයි කරන්න තියෙන්නේ..ලොකු බැරල් එකක් wetland Fillter eke විශාල වල වෙනුවට ආදේශ කර ගන්නවා..විශාල බට වෙනුවට pvc බට ගන්නවා..ගල් ටිකක් ගොඩක් අයට හොයා ගන්න පුලුවන් ගම් වල නම් ඇල දොල තියෙන නිසා..එහෙමත් බැරිනම් පරණ උලු කැට පොඩි කෑලි වලට කඩල ගන්න..මැටල් තරම් කුඩා කරන්න එපා..ෆිල්ටර් හදන විදිහ නම් විස්තර කරන්න අමාරුයි..video ekak බලල කර ගන්න පුලුවන්..ඔයාලට සමහර විට හිතෙයි ගල් වලින් කොහොමද ෆිල්ටර් වෙන්නේ කියලා..එහෙම තමයි..සොබාදහම හරි අපූරුයි..ගල් ස්ථර වලින් කරන්නේ පුලුවන් තරම් නයිට්‍රජන් තිරකාරක හිතකර බැක්ටීරියාවන්ට ජීවත් වෙන්නෙ මතුපිටවල් සකස් කරන එක..ඒ වගේම ඝන අපද්‍රව්‍ය ගල් අතර රඳවාගෙන ඒවා ජීර්ණය කරනකන් අල්ලාගෙන ඉන්නේ මේ ගල් තමයි..

Bio fall කියන්නෙත් මේ වගේම එකක්..එකේ වෙන්නේ ෆිල්ටර් එක ලස්සනට දිය ඇල්ලක මුල විදිහට design කරන එක..පොකුණු හදද්දී පුලුවන් තරම් ස්වභාවික විදිහට හදන්න බලන්න..අපෙ රටේ HDPM රබර් ලයිනියර් ගන්න තැනක් දැනුවත්ව නෑ..bio falls ගන්නත් නෑ..මේවා ඇමෙරිකානු නිෂ්පාදන..ඉන්දියාවේ නම් ඇති.නැතිනම් international quality එකට පොකුණු හදා ගන්න තිබ්බා..මොනවා කරන්නද ඉතිං..අඩු වියදම් කොන්ක්‍රීට් වලින් පුලුවන් තරම් ස්වභාවික විදිහට හදා ගන්න..දිය පාරක්, දිය ඇල්ල එක්ක හැදුවොත් තවත් මනස්කාන්ත වෙයි..දිය ඇලි කොච්චර උසට හැදුවත් වැඩක් නෑ නිකන්ම water pump එකෙන් වතුර උඩට ගෙනිහින් අත ඇරියට..අනිවාර්යයෙන් මොකක් හරි fillter ekak use කරන්න..නැත්නම් අපරාදේ මහන්සිය..සමහර අය ටික කාලයක් ගිහින් motor එක off කරල දානවා..මතක තියගන්න..pump එක තමයි පොකුණක හදවත.වතුර චලිතයක් නැතුව පැහැදිලි පොකුණක් ලඟා කර ගන්න බෑ..(ඉහත wild life වගේ සරල පද්ධති ඇරුනුකොටගෙන) ඒක තම තමන්ට අයිති කාරණයක්..
අනෙක් දේ තමා අපේ අය නාන කාමර පිරිසිඳු කරනවා වගේ පොකුණට Top class clean දෙන්න හරි ආසයි..පණ දාගෙන වතුර ඔක්කොම හින්දලා බ්‍රෂ් එකකින් හරි පොල් ලෙල්ලකින් හරි තියෙන කුණු ඔක්කොම අතුල්ලලා..පුලුවනම් සබන් ටිකකුත් දාලා හෝදලා..පොකුනේ තිබුනු ගල් මුල් ටිකත් දිලිසෙන්න හෝදන එක..ඊට පස්සෙ සතුටින් ගොඩට එනවා "දුන්නා full clean එකක් "කියල හිතන්..ඔයාල දන්නවාද..ඒ ඔයාලා කරන්නේ ඔයාලගෙ පොකුණේ තිබ්බ ජීව පද්ධතිය විනාස කරල එන එක..තද බල ලෙස string algae වගේ ඇල්ගී එකක් තියෙනවානම් අතට අහුවෙන ප්‍රමාණයට සූරලා දාන එක ප්‍රශ්නයක් නෑ. ඒත් උඩ කිව්වා වගේ පොකුණු සුද්ද කරන්න එපා..පොකුණේ වතුර විතරක් අයින් කරන්න.පොකුණේ වතුර 20-30ක් වත් ඉතුරු කරන්න..මොකද සම්පූර්ණ පිරිසිඳු කරන එකෙන් වෙන්නෙ ආයේ හිතකර බැක්ටීරියාවන්ට ගෙවල් හදන් පදිංචි වෙන්න සෑහෙන්න කාලයක් යන එක..පොකුණක් හදන්න ඉන්න හා හදල ඇල්ගී වගේ කරදර වලට මූනදීලා ඉන්න අයට යම් ධනාත්මක පිළිතුරක් ලබා දුන්න කියලා හිතනවා..DIY filters හදන විදිහ internet එකෙන් හොයගන්න බලන්න..අමාරුමනම් comment එකකින් අහන්න..දන්න දේකට උත්තර දෙන්නම්..තව ගොඩක් තියෙනවා..filter media එහෙම ගැන..දැන් නම් මහන්සියි😓

මේ හැම දෙයක්ම මම ප්‍රායෝගිව අත්හදා බලල නෑ..50%-60% අත්දැකීමක් තියනවා..මීට වඩා වෙනස් දේවල් දන්න අය අදහස් හුවමාරු කරන්න..මම ඇතුලු හැමෝටම වටී..
එහෙනම් නවතින්නම්..මේ වෙනකල් කියෙව්වනම් බොහොම ස්තුති 🙏😊

#පොකුණ #ඇල්ගී

☘️Aqua Amazon Soil Available ! ☘️Red Ocean Fish Aquarium Halpe (badulla rode ) Contact 0764026275 📞 😚🌱🍀☘️
21/04/2023

☘️Aqua Amazon Soil Available ! ☘️

Red Ocean Fish Aquarium Halpe (badulla rode )
Contact 0764026275 📞 😚🌱🍀☘️

“ලක් වාසී ඔබ සැමට නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…!" සෞභාග්‍යමත් සුභ නව වසරක් වෙන්න  Red Ocean Fish Aquarium අපේ ප්‍...
14/04/2023

“ලක් වාසී ඔබ සැමට නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…!" සෞභාග්‍යමත් සුභ නව වසරක් වෙන්න Red Ocean Fish Aquarium අපේ ප්‍රාර්ථනයයි.. ❤️

Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුරමින් මැදුර

07/04/2023

🦐🦐 Cherry shrimp ඕන අය Red ocean Aqua එන්නෝ...🫣♥️

Contact 0764026275 📞

06/04/2023

GALAXY FISH FOOD AVAILABLE 🐋💝 ❤️Red Ocean Fish Aquarium❤️ Halpe
Contact 0764026275 📞

03/04/2023

🦐😼Cry Fish available 😍 🦐

Red Ocean Fish Aquarium Halpe (Badulla rode ) හල්පේ සෙඩ් එකට පහලට ⚡❤️

Contact 0764026275 📞

ලේ තිත්තයා ( Cherry Barb , Puntius titteya )(වඳවීමේ තර්ජනයට ලක්වී ඇති මත්ස්‍යයෙක් නිසා  මෙයාල ඉන්න තැනින් අල්ලාගෙන ගෙදර ...
24/02/2023

ලේ තිත්තයා ( Cherry Barb , Puntius titteya )

(වඳවීමේ තර්ජනයට ලක්වී ඇති මත්ස්‍යයෙක් නිසා මෙයාල ඉන්න තැනින් අල්ලාගෙන ගෙදර ගේන්න එපා.🙏 ප්‍රවාහනය, විකිණීම නීතියෙන් තහනම්.)

ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි.
නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. “නියෝන්(Neon)” ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි.
මෙම නිසා පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.
“රතුකැට(ruby)” ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි.
නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය. සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!
අන්තර්ජාල⁣යෙන් උපුටා ගැනීමකි. –
Credits to-https://www.meepura.com

🤍 Platinum Fighter  male & female  available  😍🤍Best quality breeding pair available 😍💙Red Ocean Fish Aquarium Halpe - h...
12/03/2022

🤍 Platinum Fighter male & female available 😍🤍

Best quality breeding pair available 😍💙

Red Ocean Fish Aquarium Halpe - hela halpe 🌺

Contact 0764026275 📞

අමො 😂🤟😚❤️
12/02/2022

අමො 😂🤟😚❤️

Red ocean fish aquarium  🥰🤟    😈🤙LâksLâkshãrá HimayangaaLâkshãrá Himayanga
09/02/2022

Red ocean fish aquarium 🥰🤟

😈🤙

LâksLâkshãrá HimayangaaLâkshãrá Himayanga

Address

Halpe
Bandarawela

Alerts

Be the first to know and let us send you an email when Red Ocean Fish Aquarium & Pet Shop Halpe - මින් මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Bandarawela pet stores & pet services

Show All