Shih-Tzu Club of Sri Lanka

Shih-Tzu Club of Sri Lanka Shih-tzu Club of Sri Lanka is the first and the largest organization for Shih-tzu dogs in Sri Lanka.
(2)

මාරාන්තික  කිනිතුලු උණමෙය අප රටෙහි සුනඛයින්ට බහුලව වැළෙඳන රෝගී තත්ත්වයකි. කිණිතුල්ලන්‌ රුධිරය උරාබීමේදී රෝග කාරක පරපෝෂිත...
12/04/2021

මාරාන්තික කිනිතුලු උණ

මෙය අප රටෙහි සුනඛයින්ට බහුලව වැළෙඳන රෝගී තත්ත්වයකි. කිණිතුල්ලන්‌ රුධිරය උරාබීමේදී රෝග කාරක පරපෝෂිතයන්‌ සුනඛයාගේ රුධිරයට ආසාදනය වන අතර රෝග වාහකයන්‌ ලෙස කිණිතුල්ලන්‌ ක්‍රියාකරන බැවින්‌ මෙම රෝගය කිණිතුළු උණ නමින්‌ හැඳින්වේ. ඕනෑම වයසක පසුවන
සුනඛයකුට වැළඳිය හැකි මෙම රෝගය එය ඇතිකරන රුධිර පරපෝෂිතයා අනුව වර්ග දෙකකි. එනම්‌ බැබීසියෝසිස්‌ [ Babesiosis ] හා අර්ලිෂියෝසිස්‌ [ Ehrlichiosis ] යන වර්ග දෙකයි. එමෙන්ම මෙම පරපෝෂිතයන්‌ වර්ග දෙකම එක්වර ආසාදනයවූ අවස්ථාද දැකිය හැකි වේ.

බැබීසියා කේනිස් [ Babesia canis ] හා බැබීසියා ගිබ්සොනායි [ Babesia gibsoni ] යන පරපෝෂී විශේෂ දෙක ශ්රි ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝග කාරකයන්‌ වේ. කිණිතුල්ලන්‌ රුධිරය උරාබීමේදී රෝග කාරකය සුනඛයාගේ රුධිර ගතවන අතර රෝග ලක්ෂණ පිටතට පෙන්වීම පරපෝෂිතයා රුධිරගතවී දින 10-21 අතර කාලයකදී සිදුවේ. එනම්‌ රෝග ලක්ෂණ පෙන්වන විටදී කිණිතුල්ලන්‌ පෙනෙන්නට නොසිටීමටද පුළුවන. මීට අමතරව රුධිර
පාරවිලයනයකදී වුවද දායකයා ආසාදිත නම්‌ රෝගය ප්‍රතිග්‍රාහක සුනඛයාට බෝවිය හැක.

එක්වර අධික රතු රුධිර සෛල සංඛ්‍යාවක්වි නාශ වීම නිසා දරුණු රක්තහීනතාවයක රෝග ලක්ෂණ මෙහිදී ප්රධාන වශයෙන්‌ දැකිය හැකි වන අතර සුනඛයා උදාසීන ගතියක්‌ පෙන්වීම, විදුරුමසෙහි සාමාන්‍ය රෝස පැහැය වෙනුවට සුදු පැහැයක්‌ ගැනීම හා ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩිවීම ආදිය මෙම රෝගයේදී පෙන්වන ප්‍රධාන රෝග ලක්ෂණ වේ. කෑම අරුචිය, අධික ලෙස දේහ උෂ්ණත්වය ඉහළ යාම, අක්මාව හා ප්ලීහාව ඉදීමීම ද මෙම රෝගයේදී දැකිය හැකිය.

මෙම රෝගය වැළඳීම සඳහා රෝග කාරක සහිත එක්‌ කිණිතුල්ලකු පමණක්‌ සිටීම පවා ප්රමාණවත්ය.මෙහිදී බොහෝ දෙනකු නොදත් වැදගත්ම කරුණක්‌ වන්නේ රෝග කාරක පරපෝෂතයා සුනඛනකගේ ශරීර ගතවීමට නම්‌ වාහක කිණිතුල්ලකු දින තුනක්‌ පමණ කාලයක් රුධිරය උරාබිය යුතුය යන්නයි. එනම්‌ දිනපතා කිණිතුල්ලන්‌ ඉවත් කිරීම මගින් සුනඛයෙකුට කිණිතුළු උණ වැළඳීමට ඇති ඉඩ කඩ අඩු කරගත හැකිය.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර නොකොට දිගු කාලීනව වර්ධනය වීමෙන්සු සුනඛනකයා රක්තහීනතාවයට ලක්වී රුධිරය පාරවිලයනය කිරීමට පවා සිදුවේ. රෝගය ඇති වීම වළක්වා ගැනීම සඳහා කිනිතුල්ලන්‌ මර්දනය කිරීම අත්‍යවශ්‍ය වන අතර පශු වෛද්ය උපදෙස්‌ එයට සුදුසු ඔෟෂධ වර්ගයක්‌ භාවිතා කිරීම සිදු කළ හැක

🔘 Parvo වෛරසය යනු කුමක්‌ ද ?සමාජ ව්‍යවහාරයෙහි දී Parvo වෛරසය ලෙස හඳුන්වන මෙම මාරාන්තික වෛරසය වෛද්‍ය විද්‍යාවේ දී Canine ...
26/03/2021

🔘 Parvo වෛරසය යනු කුමක්‌ ද ?

සමාජ ව්‍යවහාරයෙහි දී Parvo වෛරසය ලෙස හඳුන්වන මෙම මාරාන්තික වෛරසය වෛද්‍ය විද්‍යාවේ දී Canine Parvovirus නමින්‌ හදුන්වයි. මෙම වෛරසය සුනඛයාගේ ආහාර ජීරණ පද්ධතියට මෙන්ම සුදු රුධිර සෛලවලට ප්‍රධාන ලෙස බලපෑම් ඇති කරන අතර කුඩා සුනඛ පැටවුන්ගේ හෘදයේ පේශිවලටද මෙමඟින් බලපෑමක් ඇති කරයි.

මෙම වෛරසය සුනඛයින්ගෙන් මිනිස්සුන්ට ආසාදනය විය නොහැකි වෛරසයක් වන අතර ආසාදන වන සුනඛයින්ගෙන් 91% ප්‍රතිශතයක් මියයාමේ සම්භාවිතාවයක් පවතින මාරාන්තික රෝගී තත්ත්වයකි.

ප්‍රධාන ලෙසම මෙම රෝගය සුනඛයින්ගේ මළපහ මගින් පැතිර යන අතර ආසාදිත සුනඛයාගේ මලපහ අංශුවක් වුවද දූවිල්ලක් ආකාරයෙන් හෝ තවත් පෘෂ්ඨය මත තැවරී වෙනත් සුනඛයෙකු වෙත ව්‍යාප්තවීමේ අවදානමක් පවතින අතර ස්වාභාවික සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ දින කිහිපයක් වුවද නොනැසී පැවතීමේ හැකියාව මෙම වෛරසය සතුය.

Parvo වෛරසය සුනඛයෙකුගේ ශරීරගත වී දින 3 - 7 අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ශරීරය බෙහෙවින් දුර්වල වීම හා ආහාර ප්‍රතික්ෂේප කිරීම, අධික වමනය මෙන්ම අධික දුගදක් සහිතව පාචනය සමඟ රුධිරය පිටවීම ප්‍රධාන ලෙසම දැකිය හැකි රෝග ලක්ෂණ වේ.

ඔබේ සුනඛයාට නිසි දිනට නිසි පරිදි Parvo එන්නත ලබාදීම තුළින් මෙම මාරාන්තික වෛරසයෙන් ඔබේ සුනඛයා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගත හැකි අතර කුඩා සුනඛ පැටවුන්ට සති 6 - 8 අතර ප්‍රථම Parvo එන්නත ලබා දෙන අතර ඉන් ඉදිරියට වසරකට වරක් මෙම එන්නත ලබාදීම තුළින් සුනඛයාගේ ශරීරය තුළ මෙම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

*_________ Shih-tzu ඉතිහාසය _________*බොහෝ පැරණි ඉතිහාසයක්‌ සහිත සුනඛයෙකු ලෙස සැලකෙන Shih-tzu සුනකයින් ප්‍රථම වරට ක්‍රි....
23/03/2021

*_________ Shih-tzu ඉතිහාසය _________*

බොහෝ පැරණි ඉතිහාසයක්‌ සහිත සුනඛයෙකු ලෙස සැලකෙන Shih-tzu සුනකයින් ප්‍රථම වරට ක්‍රි.පූ.800 දී පමණ චීනය ආශ්‍රිතව නිර්මාණය වූ බවට විශ්වාස පවති. මොවුන්ගේ DNA සැකැස්ම වෘකයින්ගේ DNA සැකැස්මට බෙහෙවින්‌ සමාන බව විද්යාඥයන්‌ පවසන අතර එබැවින් මොවුන් පෞරාණික සුනඛ විශේෂයක් ලෙසද සැලකේ. කෙසේ වෙතත්‌ මොවුන්‌ පිළිබඳ පැහැදිලි සාක්ෂි හමුවන්නේ 17 වන සියවසේ දී එම යුගයේ සිතුවම්‌ සහ කලා නිර්මාණ තුළිනි.

විද්වතුන්‌ සඳහන් කරන පරිදි Shih-tzu
සුනඛයින්‌ නිර්මාණය වී ඇති බවට සැලකෙන්නේ Lhasa Apso සහ Pekingese යන සුනඛ වර්ග දෙක මුහු කිරීමෙනි. කෙසේ නමුත්‌ වසර ගණනාවක්‌ පුරා මොවුන්‌ අභිජනනය කිරීමේදී වෙනත්‌ සුනඛ වර්ග සමඟද මුහු වන්නට ඇතැයි ඇතැමුන්‌ මත පළ කරයි.

චීනයේ රජ පවුල්‌ අතර සුලභව හැදීවැඩුණු මෙම සුනඛයින් හට එකල අතිවිශාල වටිනාකමක්‌ හිමි වී තිබූ අතර රාජකීයයන්‌ සහ ධන කුවේරයන්‌ ගේ සංකේතයක්‌ වශයෙන්‌ද භාවිතා වූ බැවින් මොවුන්‌ සාමාන්‍ය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට අවස්ථාව ලබා නොදුන් බවට සැලකේ.

මෙතෙක් මෙම සුනකයින් වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමට අවස්ථාවක් නොවූ අතර දෙවන ලෝක යුද්ධ සමයේ ආසියාතික රටවලට පැමිණ සිටි බ්රිතාන්ය හා වෙනත්‌ යුරෝපා රටවල හමුදා නිලධාරීන්‌ විසින්‌ නැවත තම නිවෙස්‌ බලා යන ගමනේදී Shih tzu සුනඛයින්‌ රැගෙන ගොස්‌ ඇති බවට සැලකෙන අතර එතැන් සිට මෙම සුනඛයින් අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත වන්නට ඇතැයි සැලකේ.

ප්‍රමාණයෙන් කුඩා වීම හේතුවෙන් ඕනෑම
ගමනක්‌ බිමනක්‌ යන විට සුරතලාද රැගෙන
යාමේ පහසුවද, මොවුන්ගේ සුවිශේෂී
ආකර්ශනීය පෙනුම මෙන්ම ඉතා මිත්‍රශීලී
ලෙස ජීවත්‌ වන පවුලේ සුරතලෙකු වීම නිසාද අද වන විට ලොව ජනප්‍රියම සුනඛ විශේෂයන් අතර ඉහළම තැන වැජඹෙන සුනඛයෙකු ලෙසද Shih-tzu සුනඛයන් ලොවපුරා පිළිගැනේ.

ශ්‍රී ලංකාව තුළ Shih-tzu සුනඛයින් සඳහාම පමණක් පිහිටවා ඇති රාජ්‍ය අනුමැතිය සහිත එකම සංවිධානය ලෙස Shih-tzu Club of Sri Lanka [SCSL] වන අප සංවිධානය කටයුතු කරන අතර. ශ්‍රී ලාංකීය Shih-tzu සුරතලුන්ගේ මතු යහපත සහ ජනප්‍රියතාවය ඉහළ නැංවීම උදෙසා මෙලෙසින්ම අප ඉදිරියටත් කටයුතු කරමු.

https://www.facebook.com/ShihTzuClubofSriLanka/

10/03/2021

ඔබගේ Shih-tzu බව්වා ට නිවැරදිව සාර්ථක Potty Training [ Toilet Training ] ලබාදෙන්නේ කෙසේද

විනාඩි දෙකකින් ඉගෙන ගන්න.


-tzu_Club_of_Sri_Lanka

https://www.facebook.com/groups/165213314815496/?ref=share

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම Shih-Tzu සංවිධානයේ ෆේස්බුක් එකමුතුව ශ්‍රී ලංකාවේ විශාලතම Shih-Tzu ෆේස්බුක් එකමුතුව බවට නැවත න...
10/01/2021

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම Shih-Tzu සංවිධානයේ ෆේස්බුක් එකමුතුව ශ්‍රී ලංකාවේ විශාලතම Shih-Tzu ෆේස්බුක් එකමුතුව බවට නැවත නැවතත් පත්කළ සහෝදර ඔබට ස්තුතියි.

2021 නව වසරේදීත් ඔබේ සුරතලුන් වෙනුවෙන් අප ක්ෂේත්‍රය තුළ යහපත් වෙනස්කම් රැසක් සිදුකරනෙමු.

The Official Announcement
14/12/2020

The Official Announcement

 [SCSL] Registered ප්‍රථම Shih-tzu පවුල සමගින් අද Pet Talk.වීඩියෝව නැරඹීම සඳහා පහත Link එක වෙත පිවිසෙන්න.https://youtu.b...
27/11/2020

[SCSL] Registered ප්‍රථම Shih-tzu පවුල සමගින් අද Pet Talk.

වීඩියෝව නැරඹීම සඳහා පහත Link එක වෙත පිවිසෙන්න.

https://youtu.be/8z5VEoR81UI

බව්වෝ 11ක් එක්ක නුවරම හොල්ලන සුපිරි ගෙදර | Pet TalkOfficial Camera PartnerNIKONPhoto Technicahttps://www.facebook.com/phototechnicasl/Contact usVihanga Ferna...

🔴 ඔබගේ සුරතලාට නිවැරදි කීකරු පුහුණුවක් ලබා දෙන්නේ කෙසේද ?📚 පාඩම් අංක 02⚠ මෙහි අංක 01 පාඩම සම්බන්ධව මා මීට පෙර Poste එකක්...
14/11/2020

🔴 ඔබගේ සුරතලාට නිවැරදි කීකරු පුහුණුවක් ලබා දෙන්නේ කෙසේද ?

📚 පාඩම් අංක 02

⚠ මෙහි අංක 01 පාඩම සම්බන්ධව මා මීට පෙර Poste එකක් පලකර ඇති අතර එය ඔබට මග හැරී ඇත්නම් පහල 👇 ලින්ක් එකට ගොස් එය පුහුණු කිරීමෙන් පසුව මෙම පියවරට යොමුවන්න.

https://m.facebook.com/story.php?story_fbid=124424272707859&id=113767413773545

⚠ මෙම පියවර අනුගමනය කළයුතු වන්නේ ඔබට සුරතලාගේ ලෝකයට යාමට මිස සුරතලාව ඔබගේ ලෝකයට ගෙන ඒමට නොවන බව පැහැදිලිව වටහා ගන්න.

ඔබගේ සුරතල් පැටවාට ඔබ තවමත් අමුත්තෙකි. එම නිසා ඔබගේ කලබලය සහ ආවේග අහිංසක සුරතලා වෙත කිසිසේත්ම යොමු නොකරන්න.

💞 උත්සහ කරන්න 👍 අපගෙන් සුභ පැතුම්.✌
_______________________________________

🏆 මෙවැනි තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික නිල ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴 ඔබගේ සුරතලාට නිවැරදි කීකරු පුහුණුවක් ලබා දෙන්නේ කෙසේද ?📚 පාඩම් අංක 01⚠ මෙම පියවර අනුගමනය කළයුතු වන්නේ ඔබට සුරතලාගේ ලෝක...
13/09/2020

🔴 ඔබගේ සුරතලාට නිවැරදි කීකරු පුහුණුවක් ලබා දෙන්නේ කෙසේද ?

📚 පාඩම් අංක 01

⚠ මෙම පියවර අනුගමනය කළයුතු වන්නේ ඔබට සුරතලාගේ ලෝකෙට යාමට මිස සුරතලාව ඔබගේ ලෝකෙට ගෙන ඒමට නොවන බව පැහැදිලිව වටහා ගන්න.

ඔබගේ සුරතල් පැටවාට ඔබ තවමත් අමුත්තෙකි. එම නිසා ඔබගේ කලබලය සහ ආවේග අහිංසක සුරතලා වෙත කිසිසේත්ම යොමු නොකරන්න.

💞 උත්සහ කරන්න 👍 අපගෙන් සුභ පැතුම්.✌
_______________________________________

🏆 මෙවැනි තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික නිල ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴 ඔබගේ ආදරණීය සුරතලා නිවැරදිව නාවා ගන්නේ කෙසේද ?⚠ අවවාදයයි -සුනඛයකු නෑවිය හැකි සම්මත අවම කාලය දින 5 කට වරකි.ඒ සඳහා සුරතල...
11/09/2020

🔴 ඔබගේ ආදරණීය සුරතලා නිවැරදිව නාවා ගන්නේ කෙසේද ?

⚠ අවවාදයයි -
සුනඛයකු නෑවිය හැකි සම්මත අවම කාලය දින 5 කට වරකි.ඒ සඳහා සුරතලුන්ට විශේෂිතවූ ෂැම්පු වර්ගයක් හෝ බේබි ෂැම්පු භාවිතා කළ යුතු අතර වෙනත් කිසිදු නිෂ්පාදනයක් ඒ සඳහා භාවිතා නොකළ යුතුය.

☣ මේ සඳහා නිවැරැදි කාලය , නිවැරදි පිළිවෙළ සහ නිවැරදි නිශ්පාදන භාවිතා නොකිරීම නිසා සුරතලාගේ

1⃣ සමෙහි අසාත්මිකතා.

2⃣ සමෙහි කැළැල්.

3⃣ සමෙහි තුවාල.

4⃣ සමෙහි පරපෝෂිත සතුන්.

5⃣ සුරතලාගේ ව්‍යාකූලතා.

6⃣ සුරතලාගේ සම්පූර්ණයෙන්ම ලෝම ඉවත් වී යාමේ තත්වයකට පවා සුරතලා පත්විය හැක.

මෙහි ඇති අවදානම වටහා ගන්න.
_______________________________________

🏆 මෙවැනි තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික නිල ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴 වැඩිදෙනකු අවධානයක් නොදක්වන එහෙත් වැඩි අවධානයක් ලබා දිය යුතු සුරතලාගේ නියපෙල.🔷 නිවසෙහි ඇති කරන සුරතලෙකුගේ නිය සම්මත පරි...
09/09/2020

🔴 වැඩිදෙනකු අවධානයක් නොදක්වන එහෙත් වැඩි අවධානයක් ලබා දිය යුතු සුරතලාගේ නියපෙල.

🔷 නිවසෙහි ඇති කරන සුරතලෙකුගේ නිය සම්මත පරිදි මසකට වරක් හෝ කප්පාදු කළ යුතුය. බොහෝ හිමිකරුවන් එසේ කිරීමේ ඇති අපහසුතාව හේතුවෙන් වෛද්‍යවරයෙකු වෙත රැගෙනයන තෙක් කප්පාදු නොකරයි. ටයිල් කළ පොළවක දුවන ඔබේ සුරතලාගේ නියපෙල පොළොව සමග ඝර්ෂණයෙන් ගෙවී නොයන බැවිනි සීමාවකින් තොරව අසීමිතව වර්ධනය වේ. මෙසේ කල්ගත වීමෙන් පසුව කප්පාදු කළ නොහැකි ඝනව වැඩුණු නියපෙලක් බවට නියපෙල පරිවර්තනය වේ.
_______________________________________

🏆 මෙවැනි තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික නිල ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴 ඔබේ සුරතල් බලු පැටවා සමග කතා කරමු.භාෂාව - ආදරය.ආදරේ හෝඩියේ වැදගත්ම අකුරු 12ක් පහළින් ඇති.සුරතලාගේ ඉරියව් තේරුම් ගමු.💟 ...
06/09/2020

🔴 ඔබේ සුරතල් බලු පැටවා සමග කතා කරමු.

භාෂාව - ආදරය.

ආදරේ හෝඩියේ වැදගත්ම අකුරු 12ක් පහළින් ඇති.

සුරතලාගේ ඉරියව් තේරුම් ගමු.

💟 හුරුවෙන්න. සුරතලාට දැනෙන්න ආදරේ කරන්න. එවිට ඔබටත් ආදරේ දැනෙයි නොවාඩුව.

_______________________________________

🏆 මෙවැනි තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴 ඔබේ සුරතලාට අහිතකරම ආහාර වර්ග 10 පිළිබඳව ඔබ දැනුවත් ද ?1. Caffeine අඩංගු වන කෝපි සහ චොකලට්.2. හතු වර්ග ආශ්‍රිත නිෂ්පාද...
30/08/2020

🔴 ඔබේ සුරතලාට අහිතකරම ආහාර වර්ග 10 පිළිබඳව ඔබ දැනුවත් ද ?

1. Caffeine අඩංගු වන කෝපි සහ චොකලට්.

2. හතු වර්ග ආශ්‍රිත නිෂ්පාදන.

3. සුදුළූණු සහ ළූණු අඩංගු ආහාර.

4. සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි.

5. Macadamia ඇටවර්ග.

6. ඊස්ට් අඩංගු පිටි ආශ්‍රිත නිෂ්පාදන.

7. පළතුරු මධ්‍යයේ ඇති ඇට වර්ග.

8. අලිගැටපේර ආශ්‍රිත ගණයේ පලතුරු.

9. අමු මිදි සහ වියළි මිදි වර්ග.

10. කෘතීම සීනි අඩංගු ආහාර වර්ග.

🔴 දැනටමත් මෙම ආහාර වර්ග ඔබ නොදැනුවත් හෝ ඔබ ඔබේ සුරතලාට ලබාදෙන්නේ නම් මෙම රෝග ලක්ෂණ සුරතලා තුළ දැකිය හැකිය.

🔸උදරයේ වේදනාකාරී තත්වයක්

🔸කෝමා තත්වයක්.

🔸සිත් කැළඹීමකින් කටයුතු කරන තත්වයක්.

🔸පාචනය තත්වයක්.

🔸ඇඳූම ආශ්‍රිත තත්වයක්.

🔸අකර්මණ්‍යවත් හෘද ස්පන්දන තත්වයක්.

🔸අපහසුතාවකින් හුස්ම ගන්න තත්වයක්.

🔸උදාසින කාරී තත්වයක්.

🔸අත් පා ඉදිමුමක්.

🔸වමනය.
_______________________________________

🏆 මෙවැනි වැදගත් තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

🔴  අලුත උපන් පැටවුන් මියයාම. #⃣ සුරතල් සතුන්ගේ හිමිකරුවන්ටද , සතුන් බෝ කරන්නන්ටද විශාල ගැටලුවක් වී ඇති අලුත උපන් පැටවුන්...
25/08/2020

🔴 අලුත උපන් පැටවුන් මියයාම.

#⃣ සුරතල් සතුන්ගේ හිමිකරුවන්ටද , සතුන් බෝ කරන්නන්ටද විශාල ගැටලුවක් වී ඇති අලුත උපන් පැටවුන් මියයාම පිළිබඳව අප ෆේස්බුක් පිටුවෙහි සිටින්නන් මූලිකව දැනුවත් විය යුතු කරුණු.

_______________________________________

🔔 මේ පිළිබඳව සතුන්ගේ හිමිකරුවන් වන ඔබ සතුවද අත්දැකීම් හෝ දැනුවත් කිරීමට යමක් ඇත්නම් 👇 පහල Comment Section එකේ ඒ පිළිබඳව සඳහන් කරන්න.
මෙම දැනුම ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් හෝ මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Post එක Like 👍 කරන්න .
මේ පිළිබඳව ඔබේ මිතුරන්ද දැනුවත් කිරීමට මෙම පණිවිඩය බෙදාහරින්න 📮.

_______________________________________

🏆 මෙවැනි වැදගත් තොරතුරු පිළිබඳව ඉදිරියටත් ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් [ Shih-tzu Club of Sri Lanka ] ආයතනික ෆේස්බුක් පිටුවට Like කරන්න.
_______________________________________

https://www.facebook.com/ShihTzuClubofSriLanka/
_______________________________________

Address

Colombo

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shih-Tzu Club of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shih-Tzu Club of Sri Lanka:

Videos

Share

Category