09/05/2023
වෙසක් මස අභයදාන වැඩසටහන වෙනුවෙන් අපි හිතුවා වෙනස් විදියේ දෙයක් කරන්න.
අප සංවිධානය ප්‍රතිපත්තියක් වශයෙන් ඝතකාගාර වලින් සතුන් මිලදි ගන්නවා බොහොම අඩුයි. මොකද අපි ඒ ලබාදෙන මුදල් වලින් ඔවුන් නැවත්ත සත්තුන් මිලට ගන්න නිසා. අප සංවිධානය බොහොමයක් වෙලාවට කරන්නෙ මෙම ඝතකාගාරයන් වලට සතුන් විකුණන්න බෝ කරන අයගෙන් සතුන් මුදවා ගැනිමයි.
අපි මීට කලින් එවැනි ස්ථාන දෙකක් ස්ථීර ලෙසම වසා දැමුවා ඔවුන්ගේ සත්තුන් සියල්ලම මිලදි ගෙන හා ඔවුන්ට නව ස්වයං රැකියා අවස්ථාවන් සොයාදීලා. මෙවරද අප තීරණය කලා සත්තුන්ට මෙන්ම මෙම පාපකාරි ක්‍රියාවෙ යෙදෙන පවුලකට පිහිට වෙන්න.
අප මේ සදහන් කරන පවුල සතුව මසට විකිණීමට ගවයින් 6ක් හා එලුවන් කිහිපදෙනෙකු සිටිනවා. අප මේ සත්තුන් හට අභයදානය දීලා මෙම පවුලේ ආදයම වෙනුවෙන් එම මුදලින් ඔවුන්ට සිල්ලර කඩයක් සදාදීමට පොරොන්දු උනා. අප සංවිධානය හා කටයුතු කරන මෙහෙණින්වහන්සේ කිහිප නමකගේ අවවාද අනුශාසනා වලින් පසුව එම පවුලද අපෙ තීරණයට එකඟ කරගන්න පුලුවන් උනා ❤
වෙසක් මස තුල මෙම වැඩසටහන සිදු කිරිමට අප සංවිධානයට ඔබ සැමගේ උදව් අවශ්‍ය වෙනවා හැමදාම වගෙ. රුපියල් ලක්ශ 7ක් 8ක් පමන ලොකු මුදලක් ඇස්තමේන්තු ගත වෙලා තියෙන නිසා පුලුවන් හැමෝම අපිට උදව් වෙන්න මේ අහිංසක සත්තුන්ට අභයදානය දෙන ගමන්ම පාපකාරි ක්‍රියාවක යෙදෙන අපේම අහිංසක පවුලක් යහමගට ගැනිමට ❤🙏