Hammy Hut

Hammy Hut "𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐇𝐚𝐦𝐦𝐲 𝐇𝐮𝐭🐹"
හැම්ස්‍ටර් හදන්න ආස අයට🐭❤️
❤️🐹හැමී හට්🐹❤
(1)

02/03/2024

🐹🖤

17/02/2024

🐹🤍
මං pin කරපු පෝස්ට් වල එගොල්ලො ගැන ගොඩාක් විස්තර දාලා තියනවා දැනගන්න දෙයක් තියනවනම් ඊට අමතරව පේජ් එකට මැසේජ් එකක් දාලා අහන්න✌

පුංචි දෙයක් තියනවා මං කලින් පෝස්ට් එකකත් දැම්මා බිස්නස් කාරයන්ට මං දෙන්නෑ....මං දෙන්නෙ ආදරෙන් හදන්න පුළුවන් එගොල්ලො සතුටින් ආදරෙන් තියන්න පුළුවන් අයට විතරයි, අනික ආවට ගියාවට දෙන්නෑ මං ඉස්සර වගේ🖤
ඒ හින්දා එහෙම බිස්නස් වලට අවශ්‍ය අය පෙට් ශොප් එකකින් ගන්න👍🏻

16/02/2024

Lilly❤️the one who’s close to my heart after ruby’s goodbye🤍
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

14/02/2024

My little cutie🐹❤️(Not for sale)

පුංචි කරුණු කීපයක් ගැන කියන්න ඕනෙ කියලා හිතුනා❤️මං ඊයෙ සහ පෙරේදා කොළඹින් පිට හිටියෙ ඉතින් මැසේජ් වලට මට පුලුවන් උනාම පුල...
12/02/2024

පුංචි කරුණු කීපයක් ගැන කියන්න ඕනෙ කියලා හිතුනා❤️

මං ඊයෙ සහ පෙරේදා කොළඹින් පිට හිටියෙ ඉතින් මැසේජ් වලට මට පුලුවන් උනාම පුලුවන් විදියට රිප්ලය් කරා, ඒ අතර කීප දෙනෙක් බැනලා දාලා තිබ්බා රිප්ලය් කරන්න බැරිද අරකද මේකද කියලා, එක්කෙනෙක් බැනලා බ්ලොකුත් කරලා මෙහෙමයි මේක පෙට් ශොප් එකක් නම් නෙමේ,මගේ හොබී එක විදියට මෙගොල්ලො හදනවා සහ මං එක එක පාටින් එගොල්ලො එකතු කරනවා...නැතුව මෙගොල්ලොන්ගෙන් මං ජීවත් වෙන්නෑ මගෙන් ගන්න ආපු අය දන්නවා ඇති ඒක.

මං එහෙම බ්‍රීඩ් කරන්නෑ ලොකුවට මං මේ පේජ් එකත් හැදුවෙ හැම්ස්‍ටර් හදන අයට උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන්❤️මොකද අද කාලේ මං ගොඩාක් දැක්කා ගන්න තැනින් හරියට උපදෙසක් දෙන්නෑ හදන විදිය ගැන එතකොට ඒ ආසවෙන් ගන්න පැටියාගෙ හො ලොකු එක්කෙනගෙ වේවා ජීවිතේ අවදානමක ඉතින් ඒකට උදව්වක් විදියට තමයි පේජ් එක හැදුවේ...

එතකොට කීපදෙනෙක් කිව්වා ඔයාගෙන් ගන්න පුලුවන්ද හොද පැටියෙක් සහ මං දැක්කා ගොඩාක් ඉන්බ්‍රීඩ් කරලා ලෙඩ පැටව් විකුණන්න ඉන්නවා ඉතින් එහෙම ගත්තු අය තමා කියන්නෙ මෙගොල්ලො හදන්න අමාරුයි මැරෙනවානෙ ඉක්මනටම කියලා, ඒක හරි ඉන්බ්‍රීඩ් අය ගොඩාක් ඇතුලෙන් වීක්. ඒදෙවල් හිතලා තමා මං බ්‍රීඩ් කරලා දුන්නෙ...මුලින් නිකන් දුන්නා පස්සෙ නිකන් අරන් ගිහින් කන්නවත් හරියට දෙන්නැතුව මං එක්කෙනෙක් අරන් ආවා ආයෙත්...එතනින් පස්සෙ මං නිකන් දුන්නෑ මොකද නිකන් දුන්නම අගයක් නෑ අන්තිමට එගොල්ලො දුක් විදිනවා....

අනික මං ලොකු අය දෙන්නෑ මගේ එගොල්ලො ඉල්ලන්න එපා දෙන්නෑ මන්.. කීයද? ගානක් කිව්වනම් ලේසීනෙ කියන්න එපා ඔයා ආදරෙන් හදන් හදන කෙනෙක්ට එහෙම කමෙන්ට් දැම්මම හිතෙන්නෙ කොහොමද? මං විකුණන්න ඉන්නවනම් විකුණනවා කියලා දානවා නැතුව හැම එකටම එහෙම දාන්න එපා👍
අනික මගේ එහෙම හැමදාම දෙන්නත් පැටව් නෑ එගොල්ලො මැශින් නෙමේ පැටව් හදන💔

ගොඩාක් අය අහපු දෙයක් ඩිලිවරි පුලුවන්ද නැත්නම් පෙට් ඩිලිවරි එකකින් එවන්නකො කියලා..අපි ඩිලිවරි චාර්ජ් එකත් දෙන්නම් කියලා...මං ඩිලිවරි කරන්නෑ මොකද සල්ලි වලට වඩා මට එයාලගෙ ජීවිතේ අනතුරේ දාන්න බෑ...ඒකයි මං කියන්නෙ ඇවිල්ලා ගන්න කියලා මොකද මෙගොල්ලො සෙල්ලම්බඩු නෙමේ🐹❤️

මං අනිවාර්යයෙන් පුලුවන් විදියට රිප්ලය් කරනවා...කාගෙන් ගත්තත් මගෙන් දෙයක් ඇහුවොත් මං කියලා ඇති මන් දන්න තරමින් අනික පැටියෙක් දුන්නට පස්සෙත් කෝල් සීයක් අරන් දේවල් ඇහුවත් එගොල්ලො ගැන මං උත්තර දීලා ඇති සමහර වෙලාවට මං වැඩ වල ඉන්නකොටත් මං පුලුවන් විදියට උත්තර දෙනවා🙌

අනික මං දෙන්නෙත් මට දෙන්න පුලුවන් උපරිම හොද පැටව් විතරයි ගත්තු අයත් ඒ දේ දන්නවා ඇති❤️

ඒහින්දා පුලුවන් නම් මේටික කියවලා ආයේ මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න👍

09/02/2024

🤍🐹🖤

වින්ටර් වයිට්(ඩ්‍රොෆ් හැම්ස්ටර්)🐹🤍Quality එක ඔගොල්ලොම බලලා කියන්න😉තාම මාසයක්වත් නෑ❤️
08/02/2024

වින්ටර් වයිට්(ඩ්‍රොෆ් හැම්ස්ටර්)🐹🤍
Quality එක ඔගොල්ලොම බලලා කියන්න😉
තාම මාසයක්වත් නෑ❤️

05/02/2024

😴🐹🖤

03/02/2024

Winter white cutie🐹🤍
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

31/01/2024

Memories🐹🤍

ඔන්න හැමීලා හොයපු අයට හැමීලා පාට තුනකින් ඉන්නවා❤️සීරියන් ලොන් හෙයාර් ලස්සනම ලස්සන බෝල ටිකක් ඉන්නෙ🐹❤️🐹ඉල්ලපු අයට ඔන්න චාන...
27/01/2024

ඔන්න හැමීලා හොයපු අයට හැමීලා පාට තුනකින් ඉන්නවා❤️
සීරියන් ලොන් හෙයාර් ලස්සනම ලස්සන බෝල ටිකක් ඉන්නෙ🐹

❤️🐹ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක🐹❤️
ඉතාම අඩු වියදමකින් හදන්න ලේසී පෙට් කෙනෙක් සහ මෙගොල්ලොන්ට අනිත් පෙට්ස්ලා වගේ තව කෙනෙක් අවශ්‍ය නෑ...
මෙගොල්ලො තනියෙන් ඉන්න තමා ආස❤️ මොකද මෙගොල්ලො සොලිටරි සතුන් නිසා...
පොඩි කාලෙ ඉදලම පුරුදු කර ගත්තම හරිම හුරතල් එගොල්ලො🐹Quality එක ඇවිල්ලම බලන්න❤️

ලොකු අයත් බලන්න පුලුවන් තව මුලින්ම හදන අයට නිවැරැදිව හදන්න කියලා දෙන්නත් පුලුවන් හරිම ලේසී හදන්න හරියට හැදුවොත්...
ඩිලිවරි නම් නෑ ඇවිල්ලා ගන්න ඕනේ, ඉන්නෙ බත්තරමුල්ලේ...

පලවෙනි පාර හදන අයට පේජ් එකෙ පින් කරපු පෝස්ට් ටික බැලුවොත් එගොල්ලො ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන් සහ අපැහැදිලි තැනක් හෝ දැනගන්න දෙයක් තියනවනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න❤️

🖤පුංචි කාරනාවක් තියනවා මගෙන් ගන්නවනම්,
මං දෙන්නෙ ආදරෙන් හදන්න පුලුවන් අයට විතරයි, පෙට් ශොප් වලට දෙන්නෑ🤚
බ්‍රීඩර්ස්ලාටත් දෙන්නෑ🤚
අනික අරන් ගිහින් ගානක් තියන් විකුණන කපටියන්ටත් දෙන්නෑ🤚
ඒගොල්ලොන්ට පෙට් ශොප් තියනවා එවයින් ගන්න පුලුවන්👍

මේකත් කියවන්න👇
මෙගොල්ලො solitary animal කැටගරි එකට වැටෙන්නෙ එගොල්ලො ඉන්න ආස තනියම අනිත් සතුන්ට වගේ තව එක්කෙනෙක් ඉන්නවට එයාගෙ පරිසරයෙ එගොල්ලො ආස නැහැ.එහින්ද එගොල්ලොන්ට ආස ආදරයෙන් හදන්න පුලුවන් අය පේජ් එකට මැසෙජ් එකක් දාන්න ඩීටේල්ස් දාන්නම්👍

25/01/2024

Winter🤍🐹
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

20/01/2024

Shelly🐹❤️
She's quite old now🤶
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

12/01/2024

Lilly girl🤍
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

07/01/2024

Coco boy🐹🤍
(Not for sale/විකුනන්නෙ නැත/விற்பனைக்கு இல்லை)

හතරවෙනි පෝස්ට් එක හැමී බබාලගෙ🐹❤️ අද කතා කරන්නෙ මුලින්ම හැමී කෙනෙක් හදන කෙනෙක් කොහොමද පලවෙනි පාර කිසිම අත්දැකීමක් නැතුව හ...
03/01/2024

හතරවෙනි පෝස්ට් එක හැමී බබාලගෙ🐹❤️

අද කතා කරන්නෙ මුලින්ම හැමී කෙනෙක් හදන කෙනෙක් කොහොමද පලවෙනි පාර කිසිම අත්දැකීමක් නැතුව හරියට හැමී කෙනෙක් හදන්නෙ කියලා🐹❤️

මං පිළිවෙළකට මුල ඉදලම කියන්නම් හරියට ඔයා කරන්න ඕන දේවල්,

1. පලවෙනියටම ඔයා කරන්න ඕනේ ඔයා කැමති වර්ගය තෝරාගන්න එක,
සීරියන් සහ ඩ්‍රොෆ්(කැම්ප්බෙල්,වින්ටර් වයිට්,සිල්වර් ලයින්) මොකද දැනට ප්‍රසිද්ධ ඔය වර්ග දෙක නිසා.
හැම්ස්‍ටර් අතරින් ඔයා ආස හැම්ස්‍ටර් වර්ගය තෝරගන්න🐹.

🖤කෙනෙක් ඇහුවොත් මං රෙකමන්ඩ් කරන වර්ගය මොකද්ද කියලා?
අනිවාර්යයෙන් සීරියන් හැම්ස්‍ටර් තමයි අදටත් මං ආසම, සමහරවිට වෙන කෙනෙක්ට සීරියන් හැම්ස්‍ටර්ස්ලාට වඩා ඩ්‍රොෆ්ලා ආස හිතෙන්න පුලුවන්😇මොකද කෙනාගෙන් කෙනාට චොයිස් එක වෙනස් නෙ, මේක මගේ පෞද්ගලික මතය🖤

2. ඊටපස්සෙ ඔයාට එයාට සුදුසු නිවසක් හදාගන්න පුලුවන්. මං එයාලට ගැලපෙන නිවසක් තෝරගෙන හදන විදිය තුන්වෙනි පෝස්ට් එකෙන් දාලා තියනවා ඒක බලලා ගැලපෙන නිවසක් සකස් කරගන්න🏠️(ඒ නිවස මතක ඇතුව නිවැරැදි ස්ථානයකින් තයන්න පිරිසිදු ස්ථානයක).
මතක තියාගන්න සුවද ගන්වපු කිසිම දෙයක් කූඩුව ඇතුලෙ තියන්න එපා✋

3. මතක ඇතුව කූඩුව තියන ස්ථානය ගොඩාක් සද්ද බද්ද ඇහෙන්නැති කලබලකාරී නැති ස්ථානයක තියන්න.

4. ඊලගට ඔයා හැමීව ගන්න, සීරියන් හැම්ස්‍ටර් කෙනෙක් වගේ ගන්නවනම් මං නම් අනිවාර්යයෙන් කියන්නෙ පොඩි පැටියෙක් ගන්න, නැත්නම් ලොකු එක්කෙනෙක් ගන්නවනම් අනිවාර්යයෙන් ගෙදරක පොඩි කාලෙ ඉදලම හදපු එක්කෙනෙක් ගන්න, ඩ්‍රොෆ් හැම්ස්‍ටර්ස්ලාත් ඔයාට එහෙම ගන්න පුලුවන්🐹.

5. තෝරගන්නකොට හොදට හැදුන පෘශ්ටිමත්,පිරිසිදු සහ හොදට හැදුන පැටියෙක් ගන්න. වයස ගත්තොත් මාසයකට අඩු පැටියෙක් ගන්න එපා හොදම වයස මාසයක පැටියෙක් හෝ ඊට වැඩි.
සමහර අය අහල තිබ්බා එක්කෙනෙක් ගත්තොත් අවුලක් නැද්ද කියලා?
කිසිම අවුලක් නෑ මොකද මෙගොල්ලො සොලිටරි සතුන්, ඒ හින්දා තනියම තමා ඉන්න ආස ගොඩාක්...ඒ හින්දා කිසිම අවුලක් නෑ❤️

6. සීරියන් හැම්ස්‍ටර්ස්ලාගෙ පිරිමි සතුන් සමග ගැහැනු සතුන් එකට තියන්න බෑ ඒ හින්දා මතක ඇතුව දෙන්නෙක් ගන්නවනම් පිරිමි+පිරිමි හෝ ගැහැනු+ගැහැනු වශයෙන්(ඒත් පොඩි පොඩි රන්ඩු යන්න පුලුවන් ඒ හින්දා මං නම් රෙකමන්ඩ් කරන්නෙ එක්කෙනෙක් ගන්න කියලා මොකද එගොල්ලො ඉන්න ආස තනියම නිසා මොකද එගොල්ලො solitary animals කැටගරි එකට වැටෙන්නෙ) ගන්න නැත්නම් ජෝඩුවක් ගන්නවනම් අනිවාර්යයෙන් කූඩු දෙකක වෙනම හදන්න🙌.

7. කෑම පිලිබදව සම්පූර්ණ විස්තරයක් පේජ් එකේ දෙවනි පෝස්ට් එක බැලුවම ඔයාට හොදට තේරුම් ගන්න පුලුවන්🍛(මං ඒ පෝස්ට් පින් කරලා තියෙන්නෙ ලේසියෙන්ම බලාගන්න පුලුවන්)

8. ගොඩාක් වෙලාවට පොඩි පැටව් හීලෑ නෑ දගයි එක තැන ඉන්නෑ මොකද එගොල්ලො පුරුදු නැති නිසා...එතකොට ඔයා දවස් කිහිපයක් එයාව නිතර අතට අරන් අතගාලා පුරුදු කරගන්න...ඉක්මනටම එගොල්ලො හුරු වෙනවා🐹❤️.

9. ගොඩාක් අය දන්නැතුව කරන දෙයක් තමයි එගොල්ලො නිදාගෙන ඉන්න වෙලාවට එයාලව පිටිපස්සෙන් අල්ලන එක, ඒක කවදාවත් කරන්න එපා✋
මොකද එගොල්ලො ගොඩාක් සෙන්සිටිව් අය ඒ හින්දා මුලින් එයාගෙ නමෙන් කතා කරලා එයාට ඔයාගෙ අත එයාට ඉව කරන්න දෙන්න,එතකොට ඔයාව අදුර ගන්නවා ඊටපස්සෙ අල්ලන්න.

10. කූඩුව නිතර පිරිසිදුව තියන්න සහ පුලුවන් වෙලාවට එයාව අතට අරන් අතගාන්න හුරතල් කරන්නත් අමතක කරන්න එපා🙆.

🐹තමන්ට හැමී කෙනෙක් හදන්න පුලුවන් responsibility එක ගන්න පුලුවන් නම් විතරක් ගන්න, නැත්නම් ගන්න එපා මොකද සමහරු ඉන්නවා තව එක්කෙනෙක් හදන නිසා ගන්න නැත්නම් ටික කාලෙකට අරන් එපා වෙන ඒ හින්දා වගකීමක් ඇතුව හැමීට ආදරෙන් තමන්ගෙම කෙනෙක් විදියට හිතලා ආදරෙන් හදන්න පුලුවන් නම් විතරක් ගන්න.
තව එකක්, තමන්ට එයා වෙනුවෙන් පුංචි කාලයක්වත් දෙන්න බැරිනම් ගන්න එපා...මොකද අහිංසකයෙක් නිකන් දුක් විදිනවට මං නම් පෞද්ගලිකව පොඩ්ඩක් වත් ආස නෑ...

ලොකු දේවල් නෑ හරියට තියරිය ඔලුවට දාගත්තනම් හරි❤️
ඊට අමතරව මොනවම හරි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියනවනම් පේජ් එකට මැසෙජ් එකක් දාන්න🤙

26/12/2023

Cutest🐹🖤

22/12/2023

Some memories with cuties🐹❤️

හැමී බබාලා පිලිබදව මේ කරුණු 5 දැනන් හිටියද🙆?🐹පළමු හැම්ස්ටර් සිරියාවෙන් පැමිණි නමුත් එගොල්ලො ග්‍රීසිය, බෙල්ජියම සහ උතුරු ...
16/12/2023

හැමී බබාලා පිලිබදව මේ කරුණු 5 දැනන් හිටියද🙆?

🐹පළමු හැම්ස්ටර් සිරියාවෙන් පැමිණි නමුත් එගොල්ලො ග්‍රීසිය, බෙල්ජියම සහ උතුරු චීනය වැනි ස්ථානවල ලොව පුරා ජීවත් වෙලා තියෙනවා කියලා සදහන් වෙනවා.

🐹හැම්ස්ටර් නිශාචර බැවින්, ඔවුන් ස්වභාවිකවම දිවා කාලයේ වැඩිපුර නිදා ගන්නා අතර සන්ධ්‍යා කාලයේදී වඩාත් ක්‍රියාශීලී වේ.

🐹හැම්ස්ටර්ට විශාල කම්මුල් ඇති අතර එහිදී ඔවුන් ආහාර නැවත ඔවුන්ගේ සුපුරුදු ආහර ගබඩා කරන ස්ථානය වෙත ගෙන යයි. ඔවුන් කම්මුල් අතර ආහාර පුරොගත් විට ඔවුන්ගේ හිසේ ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ සමහර විට තුන් ගුණයකින් අපට ඔවුන්ව නිරීක්ෂණය කල හැකිය.

🐹හැම්ස්ටර් යනු Solitary සතුන් වන අතර ඔවුන්ගේ වාසභූමියේ තනිව වාසය කිරීමට ප්‍රියතාවයක් දකවයි.

🐹හැම්ස්ටර් යන නම පැමිණෙන්නේ ආහාර ගබඩා කිරීම හා සම්බන්ධ 'හැම්ස්ටර්න්' යන ජර්මානු වචනයෙනි. හැම්ස්ටර්ට ඔවුන්ගේ කම්මුල් මලුවල තමන්ගේම ශරීර බර රැගෙන යා හැකිය නිසා හැම්ස්‍ටර්න් වචන යොදාගෙන ඇත.

13/12/2023

🐹❤️

07/12/2023

Ash boy🐹🖤
One of my fav🖤

05/12/2023

Hammy babies🐹❤️

03/12/2023

Adorable cutiee🐹❤️
ලංකාවේ ප්‍රසිද්ධ නොවුනට ගොඩාක් රටවල මෙගොල්ලො ප්‍රසිද්ධයි❤️
This vedio is not mine i just took it from tiktok

ඔන්න අලුත්ම හැමි බබාලා සෙට් එකක්ම ඉන්නවා ලෝන් හෙයාර්❤️❤️🐹ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක🐹❤️ඉතාම අඩු වියදමකින් හදන්න ලේසී පෙට් ...
01/12/2023

ඔන්න අලුත්ම හැමි බබාලා සෙට් එකක්ම ඉන්නවා ලෝන් හෙයාර්❤️

❤️🐹ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක🐹❤️
ඉතාම අඩු වියදමකින් හදන්න ලේසී පෙට් කෙනෙක් සහ ක්‍රිස්මස් 🎅 එකට දෙන්න සුපිරි තැග්ගක් 🎁

ගොඩාක් අපාර්ට්මන්ට්🏙️ වල ඉන්න අය සුරතලෙක් හදන්න ආසාවෙන් හිටියත් බෑ නේද?😥💔
සද්දෙ සහ ජරාව අස්කරන්න නේ අමාරු? වෙන සුරතල්ලු හැදුවොත් ප්‍රදාන වශයෙන්🥲 තණකොළ කපන්න එපැයි සමහර සතුන්ට ඒවත් අමාරු වැඩ නේද😥?
🙆ඔන්න එහෙනම් චාන්ස් එක ඕවා කිසිම දේකින් කරදරයක් නෑ...

සමහරු කිව්වා මං ඔෆිස් යනවා යුනි යනවා මට එගොල්ලො එක්ක ස්පෙන්ඩ් කරන්න තියන ටයිම් එක අඩුයි අවුලක් වෙයිද කියලා..නෑ එහෙම අවුලක් නෑ හැබැයි වැඩ ඉවර වෙලා ආවම පොඩ්ඩක් හුරතල් කරන්න හැබැයි😇(උදේට යන්න කලිනුයි සහ ආවට පස්සෙයි)

පොඩි කාලෙ ඉදලම පුරුදු කර ගත්තම හරිම හුරතල් එගොල්ලො🐹❤️

මං වගේ පාට කලෙක්ට් කරන අයටත් චාන්ස් එකක් තියනවා නැති පාටින් ගන්න🖤
පාට තුනකින් තමා ඉන්නේ❤️

ඩිලිවරිනම් නෑ ඇවිල්ලා ගන්න ඕනෙ,ඉන්නෙ බත්තරමුල්ලේ...

ලොකු අයත් බලන්න පුලුවන් තව මුලින්ම හදන අයට නිවැරැදිව හදන්න කියලා දෙන්නත් පුලුවන් හරිම ලේසී හදන්න හරියට හැදුවොත්...පෙට් ශොප් වලට නම් දෙන්නෑ🤚
(කලු සහ රතු පාට ඇස් දෙකෙන්ම ඉන්නවා)
වින්ටර් වයිට්, කැම්ප්බෙලුත් ගන්න පුලුවන් මේ වෙනකොට❤️ අවශ්‍ය අය පේජ් එකට මැසේජ් එකක් දාන්න කන්ටැක්ට් කරගන්න🤙

There is a adorable and cute set of Hami babies❤️

❤️🐹For those who asked, here is the chance🐹❤️
An easy pet to make at a very low cost🖤
Also a wonderful 🎁 you can give to someone to the christmas🎅

People who live in many apartments🏙️ would like to have a pet, right?
Is it hard to remove dirt? Also the noises that makes from pets are bit disturb right? If you raise other pets in an apartment, you will have to mow the grass too. It's hard work for you right, isn't it?
🙆 Then there is no problem with the chance...

Some people said that I am going to the office and I am going to university and I will have less time to spend with them.Give them a little cuddle before you leave and after you arrive they will be totally okay😊


They are very cute when you pet them from a young age 🐹❤️

Those who collect colors like me also have a chance to get the colors that are not available 🖤
It is in three colors(Ash, Ash & white, White & black)

No delivery available, you have to come and collect it, it's in Battaramulla...

You can watch the big ones and you also can ask & get advises to learn how to rise them properly to the first timers those who are interested to pet them first time.
It's very easy to make if you make it right🤙(with both black and red eyes)
Also you can buy winter whites & campbells too😊👍People who are intrested can leave a msg to hummy hut page🤙

තුන්වෙනි පොස්ට් එක හැමී බබාලගෙ🐹❤️ 🐹🏠️හරි අද කතා කරමු හැමි බබෙක් අපි ගෙනාවම එයාට හරියන සුදුසු නිවසක් නැත්නම් කූඩුවක් විදි...
30/11/2023

තුන්වෙනි පොස්ට් එක හැමී බබාලගෙ🐹❤️

🐹🏠️හරි අද කතා කරමු හැමි බබෙක් අපි ගෙනාවම එයාට හරියන සුදුසු නිවසක් නැත්නම් කූඩුවක් විදියට යොදාගන්න පුලුවන් දේවල් සහ තෝරාගත් පසු අපි ඒ නිවාසය නිසියාකාරව සකස් කරගන්නෙ කෙසේද කියලා🐹🏠️

🐹❤️හැම්ස්‍ටර් සදහා නිවාසයක්/කූඩුවක් විදියට අපිට වීදුරු ටැන්ක් එකක්,ප්ලාස්ටික් බොක්ස් එකක්, ලී කූඩුවක් සහ ඉන්පොර්ටඩ් කේජ් එකක් භාවිතා කරන්න පුලුවන් ප්‍රධාන වශයෙන්...

අපි ඉඩ ප්‍රමාණය ගැන කතා කරොත් සීරියන් හැම්ස්‍ටර් කෙනෙක්ට අඩි 2 දිග × අඩි 1 1/2 පළල × අඩිවක් වගේ උස ප්‍රමාණයක නිවසක් සපයා දෙන්න පුලුවන් සහ ඩ්‍රොෆ් වගේ හැම්ස්‍ටර් බ්‍රීඩ් එකකට ඊට ටිකක් අඩු උනාට ඉඩ අවුලක් නෑ මොකද එගොල්ලො සීරියන් හැම්ස්‍ටර්ස්ලට වඩා පුංචි නිසා🐹❤️

හැබැයි අපි ඒ යොදාගන්න නිවාසය නිවසින් එපිට තියනවනම් මගේ පෞද්ගලික මතය එය වීදුරු ටැංකියක් හෝ ප්ලාස්ටික් පෙට්ටියක් උනානම් ගොඩාක් හොදයි(පැති 4ම වැහුන එකක්).
හැබැයි ඒකෙ උඩන් නිසි ආකාරව වාතය ඇතුලු වෙන්න පුලුවන් සහ විලෝපිකයන්ට(විශේෂයෙන් ගැරඩියන්ට) ඇතුල් වෙන්න බැරි වෙන්න වැසිය යුතුයි.

🤔ඇයි මං එහෙම කිව්වෙ කියලා ඔගොල්ලෝ කල්පනා කරනවා ඇති?

ප්‍රදාන වශයෙන් කරුණු 2ක් බලපානවා.
🐹 වැස්ස දවස් වලට🌧️ සහ සීතල දවස් වලට🥶 එගොල්ලොන්ට අධික සීතලට ඔරොත්තු දෙන්න අමාරුයි...හුළං කූඩුව ඇතුලෙන් ගමන් කරන්න බෑ ටැංකියක සහ ප්ලාස්ටික් බොක්ස් එකක මොකද 4 පැත්තෙන්ම කවර් වෙලා නිසා.
🐹 හුලගෙන් එන ලෙඩ රෝග වලට හැමි බබා ගොදුරු වෙන්න පුලුවන් ඉක්මනටම.

🐹❤️අපි සුදුසු නිවසක් තෝරාගත් පසු කල යුතු දේවල් මොනවද?

අපි ඒ තෝරාගත් නිවාසයට අතුරණයක් දාන්න ඕනේ...ඔගොල්ලෝ කල්පනා කරනවා ඇති ඇයි කියලා?

1. එගොල්ලොන්ගෙ 🚽 එගොල්ලොන්ගෙ ඇගෙ ගෑවිලා විවිධ ලෙඩ රෝග වැලදෙන්න පුලුවන්.
2. සීතල දැනුනම ඇග උනුසුම්වව තබා ගන්න උපකාරී වෙනවා.
3. එගොල්ලොන්ගෙ පුරුද්දක් තියනවා කෑම එකතු කරලා හංගන්න ඉතින් ඒ සදහත් උපකාරී වෙනවා.

තව නොයෙකුත් කරුණු තියනවා ඒවත් හේතුකොට තමයි අපි අතුරණයක් යොදන්නෙ

🐹❤️අපිට අතුරණයක් සදහා යොදාගන්න පුලුවන් මාධ්‍යවල් මොනවද?

1. ලී පොතු
2. පිදුරු
3. වී පොතු/දහය්යා
4. හැම්ස්‍ටර් සඳහා සැකසූ බෙඩින් වර්ග

ඔය වර්ග අපිට යොදාගන්න පුලුවන්. ටිශු/ටොයිලට් පෙපර්ස් අපිට දෙන්න පුලුවන් හැබැයි අතුරණයක් විදියට දාන්න මං රෙකමන්ඩ් කරන්නෑ එගොල්ලොන්ව දැම්මම එගොල්ලො පොඩියට ඉන්න ස්ථානයක් හදා ගන්නවා අන්න ඒකට උදව්වක් විදියට අපිට සුළු ප්‍රමාණයක් දෙන්න පුලුවන්🧻

ඊට අමතරව පුංචි පුංචි හැම්ස්‍ටර් ටොයිස්🥏,PVC බට කෑල්ලක් සහ කූඩුව ලස්සනට තියන්න පුලුවන් දේවල් ඔයාට යොදාගන්න පුලුවන් කූඩුවෙ තියන්න(සුවඳ කාරක ආලෙප කරපු දේවල් දෙන්න එපා මොකද එගොල්ලො ගොඩාක් සෙන්සිටිව් සතුන් විශේෂයක් නිසා).

සමහරු අහල තිබ්බා අනිවාර්යයෙන් තියන්න ඕනේද කියලා එහෙම අනිවාර්යෙන් තියන්න ඕනෙ කියලා නෑ....ඔයාට කැමති නම් විතරක් තියාගන්න පුලුවන් හැබැයි මතක තියාගන්න සමහර ඒ තියන දේවල් වලින් ඔයාගෙ හැම්ස්‍ටර්ට කරදරයක් වෙන්නත් පුලුවන් ඒ හින්දා මං නම් වශයෙන් ඒ දේවල් කියන්නෑ... හැබැයි ඔයා ඒ තියන ටොයි එක අනිවාර්යයෙන් හොදයිද නැද්ද කියලා නෙට් එකෙ සර්ච් කරලා ගන්න, ගන්න කලින්.

තව එගොල්ලොන්ට එගොල්ලොන්ව පිරිසිදු කර ගැනීමට Sand bath එකක් නැත්නම් වැලි ස්නානයක් යොදාගන්න පුලුවන් හැබැයි ඒක නිතරම කූඩුව ඇතුළෙ තියන්න හොද නැහැ ඔයාට සතියකට වරක් හො දෙවරක් යොදාගන්න පුලුවන් මොකද අධික ලෙස භාවිතා කිරීම එගොල්ලොන්ගෙ සම වියළීමට හේතු වෙන්න පුලුවන්(මං ඉස්සරහට පෝස්ට් එකකින් sand bath එකක් හදන්නෙ කොහොමද ගෙදරදිම සහ ඒකෙන් ලැබෙන වාසි සහ අවාසි කතා කරන්නම්)

සතියකට හෝ දෙකකට එක පාරක් හෝ දෙපාරක් අනිවාර්යයෙන් අතුරණය අයින් කරලා අලුතෙන් අතුරණයක් දාන්න.

ඉතින් අදට ඒ ටික තමා🙆මං හිතනවා ඔගොල්ලන්ට දැන් හොද අවබෝධයක් ඇති කියලා...කීපදෙනෙක් අහලා තිබ්බා ගන්න තැනක් අපෙන් ගන්න පුලුවන්...අවශ්‍ය අයට මැසෙජ් එකක් දාන්න පේජ් එකට👍
මොනාම හරි දෙයක් අහගන්න ඕනෙනම් හැමි බබාලා ගැන පේජ් එකට මැසෙජ් එකක් දාලා තියන්න මං පුලුවන් උන ගමන් රිප්ලය් එකක් දෙන්නම්🤙තව පෝස්ට් වලින් ඉස්සරහට හම්බවෙමු🐹❤️

Memories with a adorable cutie🐹❤️හිටපු හුරතල් හැමී බබෙක්❤️
18/11/2023

Memories with a adorable cutie🐹❤️
හිටපු හුරතල් හැමී බබෙක්❤️

දෙවනි පෝස්ට් එක හැමී බබාලාගෙ🐹❤️අද කියන්නෙ එගොල්ලො ගන්න ආහාර පිලිබදව🍽️🐹🐹හැම්ස්‍ටර්ස්ලා සදහා අපිට මොනාද දෙන්න පුලුවන්?ඔවුන...
17/11/2023

දෙවනි පෝස්ට් එක හැමී බබාලාගෙ🐹❤️

අද කියන්නෙ එගොල්ලො ගන්න ආහාර පිලිබදව🍽️🐹

🐹හැම්ස්‍ටර්ස්ලා සදහා අපිට මොනාද දෙන්න පුලුවන්?

ඔවුන් සර්ව භක්ෂක නිසා මස්, ධාන්‍ය, එළවළු, ඇට වර්ග සහ බීජ මිශ්‍ර ආහාරය දෙන්න පුලුවන්.
ප්‍රදාන වශයෙන් එගොල්ලොන්ට ඇට වර්ග කිහිපයක එකතුවක් සහිත ආහාරයක් දෙන්න පුලුවන්. පෙට් ශොප් එකකින් ඔයාට හැම්ස්‍ටර් ෆුඩ් කිව්වම හරි නැත්නම් කලවන් ඇට කෑම එක කිව්වම ගන්න පුලුවන්....
අපි එගොල්ලොන්ට දිය යුත්තේ හොද සමබර ආහාර වේලක්🥗💪
ඒහින්දා ඒ ආහාර වේලට එළවළුවක් හෝ බිත්තර/මස් එකතු කරගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.
ඒ හින්දා සතියක දෙපාරක් තුන්පාරක් වගේ එළවළුවක්, මස් හො බිත්තර එකතු කරගන්න...මතක තියාගන්න සතාට අවශ්‍ය ප්‍රමාණයට විතරක් දෙන්න නැතුව too much දෙන්න එපා එළවළු සහා බිත්තර/මස්✋ තව දෙයක් එළවළු දෙනකොට පුලුවන් නම් එකම එළවලුව හැමදාම එළවළු දෙන දවසට නොදී වෙනස් කරන්න බලන්න...

🐹බිත්තර සහ මස් දෙනවනම් කොහොමද දෙන්න ඕනෙ හැමී බබාලට?

බිත්තර🥚 දෙනකොට අනිවාර්යයෙන් තම්බලා දෙන්න ඕනේ සහ මස්🍗 දෙනකොට අමු මස් දෙන්න එපා නෝමල් පුංචි කෑල්ලක් අවශ්‍ය ප්‍රමාණයට කපලා වතුර විතරක් දාලා හොදට තම්බලා දෙන්න පුලුවන්(ලුණු සහ මුකුත් කුළුබඩු වර්ග දාන්න එපා✋)අවශ්‍ය ප්‍රමාණයට පමණක් දෙන්න...

🐹මොනාද දෙන්න පුලුවන් එළවළු?

එගොල්ලො ආසම එළවළුවක් තමයි වට්ටක්කා කියන්නේ🎃ඉතින් ඔයාට ඒක එකතු කරගන්න පුලුවන් එගොල්ලොන්ගෙ ආහාර වේලට.
කැරට්🥕
පිපිඤ්ඤා🥒
සලාද කොළ
දඹල
බංඩක්කා
ගොටු කොල
නිවිති
බඩ ඉරිගු🌽(food city එකේ තියෙන ස්වීට් කෝන් එකට නම් මාර ආසයි එගොල්ලො😂 තම්බලා දුන්නම හරිම ආසාවෙන් කනවා)

🐹දෙන්න පුලුවන් පලතුරු මොනවද?

පලතුරු දෙනකොට ගොඩාක් සුලු ප්‍රමාණයක් දෙන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නෙ මං...මොකද fructose සහ glucose අඩංගු වෙන නිසා...අනික හොදට සෝදන්න දෙන්න කලින්..ලෝන් හෙයාර් අයට නම් දෙන ප්‍රමාණය ගොඩාක් අඩුවෙන තරමට හොදයි මොකද fur එක යන්න පුලුවන්...පලතුරු විදියට මේ ටික දෙන්න පුලුවන්👇
පේර
කෙසෙල්🍌
ගස්ලබු
කොමඩු🍉
ඇපල්🍏(හැබැයි ඇට රහුතව...ඒත් මං රෙකමන්ඩ් කරන්නෑ පෞද්ගලිකව බෙහෙත් අම්බානෙට ගහපුවා නිසා)

🐹වෙන මොනාද දෙන්න පුලුවන්?

🍛සුලු ප්‍රමාණයෙන් අපිට චීස්🧀 දෙන්න පුලුවන්(මං නම් රෙකමන්ඩ් කරන්නෙ happy cow cheese එක විතරයි මොකද මං ඒක දෙන නිසා වෙන ඒවනම් මං දීලා නෑ)
🍛තව සුලු ප්‍රමාණයෙන් පාන්🍞 දෙන්න පුලුවන් හැබැයි නෝමල් පාන් විතරයි...
🍛තව බත්🍚 දෙන්න පුලුවන් සුලු ප්‍රමාණයක්(ඇට කිහිපයක්) හැබැයි මතක තියා ගන්න බෙරි වෙච්ච් එවා නැතුව ඇට ඇලවෙන්නැති වෙන්න තම්බපු වෙලාවක දෙන්න මොකද මෙගොල්ලො කට දෙපැත්තේ පුරොගත්තම බෙරි වෙච්ච ඒවා ඇලෙන්න බලනවා ඒහින්දා රතු හෝ සුදු බත් පොඩි ප්‍රමාණයක් දෙන්න පුලුවන් ඒ විදියට හදපු දවසක...
🍛තව මීල් වර්ම්ස්ලා දෙන්න පුලුවන්🐛තව කෘමි විශේෂ කිහිපයක් ආහාරයට දෙන්න පුලුවන්...(වර්ග සදහන් කරන්නෑ මොකද මං හිතනවා මං වගේම ඕගොල්ලොත් තව සතෙක්ගෙ ජීවිතයක් නැති කරන්න ආස නැතුව ඇති කියලා...)
🍛තව අපිට සමපෝෂ(සීනි සහ කිසිම දෙයක් එකතු කරපු නැති)දෙන්න පුලුවන් මොකද ධාන්‍ය වර්ග එකතුවකින් සෑදුන නිසා දෙන්න පුලුවන්.
🍛තව සුලු ප්‍රමාණයෙන් ඕට්ස් වගේ දෙයක් දෙන්න පුලුවන්(කිසිම දෙයක් එකතු කරපු නැති,වර්ණ සහ සුවඳ ගන්වපු ඒවා දෙන්න එපා✋ ).

🐹වතුර කොච්චරක් දෙන්න ඕනෙද හැමි බබාලට?

දවසකට වතුර මිලි ලීටර් 10 සිට 30 දක්වා, එය උපරිම වශයෙන් අවුන්සයක් පමණ වේ.
අපි වතුර සහිත එළවළු(පිපිඤ්ඤා) දුන්න දවසට එගොල්ලො ගොඩාක් අඩුවෙන් බොන්නේ..

🐹තව එගොල්ලොන්ට කැල්සියම් සහා එගොල්ලොන්ගෙ දත් වලට හොද දැලි පොතු හෙවත් cuttlebone පොඩි ප්‍රමාණයක කෑල්ලක් අපිට දෙන්න පුලුවන් ඒකෙන් එගොල්ලොන්ගෙ දත් මැදගන්න පුලුවන් මොකද ඒගොල්ලොන්ගෙ දත් ඉකමනට වර්ධනය වෙන නිසා🐹

🐹හැම්ස්‍ටර්ස්ලාට දෙන්න හොද නැති කෑම මොනාද?

🚫පැනිරස ආහාර(chocolate🍫 ඇතුලු සියලුම පැනිරස වර්ග🍩🍪🍭🍬)
🚫ලුණු සහිත ආහාර🧂
🚫කුළු බඩු සහිත ආහාර
🚫පැගිරි සහිත පලතුරු🍋(දෙහි,දොඩම්🍊....)
🚫අලිගැටපේර 🥑
🚫සුදුලූනූ🧄
🚫ලූනූ🧅

ඔය වර්ග ආහාර විදියට අපිට හැමි බබාලට දෙන්න පුලුවන්🐹🍴
මොනාහරි අපැහැදිලි තැනක් තිබ්බොත් අහන්න කිසිම ගැටලුවක් නෑ😇
සමහර අය අම්මෝ මෙච්චර දෙන්න ඕනෙද කියලා හිතන්න පුලුවන්...මං හිතනවා හරියට ඔය ටික ඔලුවට දාගත්තොත් හරිම සරලයි මොකද එගොල්ලොන්ට දෙන එළවළු,බිත්තර,මස් අපි එදිනෙදා ගෙදර ගේන සහ හදන දේවල් ඉතින් පුංචි ප්‍රමාණයක් දෙන්න කොහොමත් අපිට පුලුවන්....මොකද සුලු ප්‍රමාණයක් තමයි එගොල්ලො ආහාරයට ගන්නෙ.

මීට අමතරව මොනයම්හෝ කෑමක් දෙන්න කලින් අනිවාර්යයෙන් google එකේ සර්ච් කරලා දෙන්න මොකද ඔයා නොදැනුවත්ව දෙන පුංචි ආහාරයෙන් එගොල්ලොන්ගෙ ජීවිතේ අනතුරේ වැටෙන්න පුලුවන්....

හැම්ස්‍ටර් හදන්න ආස අයට සහ හදන අයට වැදගත් වෙන පොස්ට් ඉස්සරහට දාන නිසා ෆලෝ කරලා තියාගන්න Hammy Hut page eka😇👍

15/11/2023

My fav🐹❤️
Ruby boy🐹

පළවෙනි පෝස්ට් එක හැමී බබාලාගෙ🐹❤️හැම්ස්‍ටර් කියන්නෙ කවුද🧐 මීයොද? මීයොයි හැම්ස්‍ටර් අතරෙයි වෙනස මොකද්ද?නෑ...හැම්ස්ටර් යනු ...
13/11/2023

පළවෙනි පෝස්ට් එක හැමී බබාලාගෙ🐹❤️

හැම්ස්‍ටර් කියන්නෙ කවුද🧐 මීයොද? මීයොයි හැම්ස්‍ටර් අතරෙයි වෙනස මොකද්ද?

නෑ...හැම්ස්ටර් යනු Cricetidae පවුලට අයිති සත්තු විශේෂයක් වේ.මීයො අයිති වෙන්නෙ Muridae පවුලටයි.
දෙගොල්ලොන්ගේ සමානකම පේනවා නේද? ඒ දෙගොල්ලම rodentsලා නිසා...
එතකොට rodent කියන්නෙ මොකද්ද🤔?
Rodent යනු ක්ෂීරපායි සතෙකි. 'roder' යන නම පැමිණෙන්නේ ලතින් වචනයක් වන rodere වලින් වන අතර එහි අර්ථය 'කපා ගැනීම' යන්නයි. මෙයට හේතුව සියලුම rodent සතුන් සතුව ඇති ශක්තිමත් කතුර(දත්), ඔවුන්ගේ මුඛයේ ඉදිරිපස ඇති කැපී පෙනෙන කැපුම් දත් ය. Rats, mice, squirrels, hamsters, porcupines.....ඔය සෙට් එකම rodentsලට අයිති සත්තු විශේෂ වේ.

හැම්ස්‍ටර් විශේෂ මොනාද?

ලොව පුරා විශේෂ විස්සකට වැඩිය ඇතත්, දැනට ගෘහාශ්‍රිත කර ඇත්තේ ප්‍රදාන වශයෙන් පහක් පමණයි:

🐹සීරියන් හැම්ස්ටර් /syrian hamster
🐹රුසියානු වින්ටර් වයිට් ඩ්‍රොෆ් හැම්ස්ටර්/winter white
🐹රුසියානු කැම්ප්බෙල් ඩ්‍රොෆ් හැම්ස්‍ටර්/campbell
🐹රොබොරොව්ස්කි ඩ්‍රොෆ් හැම්ස්ටර්
🐹චීන හැම්ස්ටර්.

දැනට ලංකාවේ දකින්න පුලුවන් වෙන්නෙ ප්‍රදාන වශයෙන් සීරියන්/syrian සහ රුසියානු විශේෂයි👆 තමා...හැබැයි රොබොරොව්ස්කි හැම්ස්ටර්ලා ලංකාවේ හිටියා තාමත් ඉන්නවා ඇති කියලා හිතනවා හැබැයි මට නම් හොයාගන්න බැරි උනා🥲💔 chinese හැම්ස්‍ටර් එක නම් මං අහලා නෑ ලංකාවෙ හිටියද කියලා ඉන්න ඇති සමහර වෙලාවට...

මෙගොල්ලො හදන්න අමාරුද?

නෑ...හරිම ලේසීයි හැබැයි හරියට හැදුවොත්...ගොඩාක් අපාට්මන්ට් වල සුරතල් සත්තුන්ට ආස අය මේගොල්ලො හදනවා...තව කාර්යබහුල අය බව්වෙක් පූසෙක් හදන්න අමාරු අය හුරතලේට මෙගොල්ලො හදනවා...මොකද අඩු ඉඩක්, අඩු වියදමක් සහ අඩු ශ්‍රමයකින් හදන්න පුලුවන් සුරතලෙක්🐹❤️

ගොඩාක් අය අතර ජනප්‍රිය සීරියන් හැම්ස්‍ටර් කොහෙන්ද කොහොමද ආවේ?

සිරියානු හැම්ස්ටර්ගේ මුල් කණ්ඩායම සිරියාවේ ඇලෙප්පෝ කන්ද අවට ප්‍රදේශයෙන් හම්බුනා කියලා තමයි සදහන් වෙන්නෙ. 1800 ගණන් වලදී තමයි මුලින්ම හමුවෙලා තියෙන්නෙ හැබැයි ඒගොල්ලො වද වෙලා ගියා කියලා හිතුවට 1930 පැටව් සෙට් එකකුත් එක්ක ගෑනු සතෙක් හම්බෙලා තියනවා...ඒ සෙට් එකෙන් තමයි බෝ කරලා අද ගොඩාක් සීරියන් හැම්ස්ටර් පැවත එන්නේ කියලා සදහන් වෙන්නෙ. 1930 සිට එගොල්ලො ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති අතර දැන් ඔවුන් වඩාත් ජනප්‍රිය සත්තු විශේෂයක්...

👇ෆොටෝ ටිකේ මං වර්ග ටික සහ මං ළඟ හිටපු හැමී බබලාගෙ පොටො ටිකක් දාලා ඇති වර්ගයත් එක්ක👇

අද පොඩි හැදින්වීමක් කරේ...ඉස්සරහ පෝස්ට් වලින් එගොල්ලොන්ගෙ තව ගොඩාක් විස්තර දාන්නම් ඉස්සරහට...ඔගොල්ලෝන්ට දැනගන්න ඕනේ ඒවත් අහන්න....පුලුවන් අය පෝස්ට් එක ශෙයාර් කරන්න හැම්ස්‍ටර් හදන අයට සහ හදන්න ආසාවෙන් ඉන්න අයට දැනුවත් කරන්න...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hammy Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category