S.S. Green Aqua

S.S. Green Aqua ornamental fish

09/04/2024
21/11/2023
21/11/2023

Saffron Shiner (Notropis rubricroceus), a stunningly beautiful minnow, native to the upper Tennessee River drainage in the southern Appalachian Mountains.

මේ දක්වා ඇත්තේ මා දැමූ post එකක් හා එයට ආ comment එකකි. ඒ නිසාම ජල පරාමිතීන් පිළිබඳ මාගේ දැනුමේ ප්‍රමාණයට පැහැදිලි කිරීම...
09/11/2023

මේ දක්වා ඇත්තේ මා දැමූ post එකක් හා එයට ආ comment එකකි. ඒ නිසාම ජල පරාමිතීන් පිළිබඳ මාගේ දැනුමේ ප්‍රමාණයට පැහැදිලි කිරීමක් කිරීමට සිතුවෙමි. ප්‍රදේශයෙන් ප්‍රදේශයේ භූ විෂමතා අනුව ජල පරාමිතීන් වෙනස් වන වග මේ ක්ෂේත්‍රයේ නවකයින් පවා දන්නා කරුණකි. මසුන්ගේ ගුණාත්මක භාවයට අවශ්‍ය ප්‍රධාන සාධක දෙකකි. ඒ ජලය හා ආහාර. කුඩා කල අප ඉගෙන ගත්තේ පිරිසිදු ජලයට පාටක් සුවඳක්, ගඳක් නැත යන්නයි. නමුත් එම තර්කය සත්‍ය ලෙසම සත්‍යක්ද? එක් එක් මසුන්ට මෙම ජල පරාමිතික අගයන් එකින් එකට වෙනස්‍ ය. අප කළ යුත්තේ ඒ ඒ මසුන්ට ගැලපෙන ලෙස ජලය සකසා දීමයි. එම නිසා මේ ජල පරාමිතීන් සම්බන්ධව ඔබට වැටහීමක් ඇත්නම් මේ ජලය මසුන්ට අවශ්‍ය පරිදි සකසා දිය හැක. මේ පරාමිතීන්වලට ජලය ගලා යන හෝ පෙරී යන මාධ්‍යය ද බලපායි. උදාහරණ ලෙස ජලය ගලා යන පස, වැලි ආදිය... එසේම මෙයට පරිසරයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය යන කරුණුද බලපායි.

පහතින් දක්වා ඇත්තේ මා දන්නා ජල පරාමිතික සාධක කිහිපයකි.
* ජලයේ උෂ්ණත්වය ~ මසුන්ට සුදුසු
උෂ්ණත්වය : 22°C - 28°C
* PH අගය(ජලයේ ඇති හයිඩ්‍රජන් අයන
ප්‍රමාණය) ~ මසුන්ට සුදුසු PH අගය 6.5 - 9.0
* Sanility(ජලයේ දිය වී ඇති ලවණ ප්‍රමාණය)~
මසුන්ට සුදුසු Sanility 35 PPt
* General Hardness(ජලයේ දිය වී ඇති මූල
ද්‍රව්‍යය ප්‍රමාණය මසුන්ට සුදුසු)~GH 4-8 dHT
* Carbonate hardness(ජලයේ දිය වී ඇති
කාබනේට් හා බයි කාබනේට්)~මසුන්ට සුදුසු
KH අගය 4-8 dKH
* ජලයේ දිය වී ඇති ඔක්සිජන්~මසුන්ට සුදුසු
DO අගය : 3mg/L - 5mg/L
* Electric Conductivity - මසුන්ට අවශ්‍ය EC
අගය : 100-300 ...S/cm
* Total dissolved Solids(මසුන්ට සුදුසු TDS
අගය 400 PPm - 450PPm

මෙහි මසුන්ට සුදුසු අගයන් දක්වා ඇත්තේ පොදුවේ ය. එම නිසා කරුණාකර පටලවා නොගන්න...

මේ පහත කොටස හොඳින් සිතා බලන්න...
ලෝකයේ 3/4 පිරී ඇත්තේ කරදිය හා මිරිදිය ජලයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් 96.5ක් කරදියද, 3.5ක් මිරිදියද වේ. මේ මිරිදිය ජලයෙන් 2/3 ප්‍රමාණයක් ග්ලැසියර්, හිම කඳු, භූගත ජලය ආදිය වේ. එය හැරුණු විට 0.014 ගංගා , ඇල දොල ජලය වේ. එයිනුත් පරිභෝජනයට ගත් හැකි ජලය ඇත්තේ 0.01 පමණ වේ. උදාහරණයක් ලෙස අඩු කෝප්ප එකක් නම් ලෝකයේ ඇල දොල , ගංගා ආදී ජලය... එයිනුත් බිංදු 2ක පමණ ජලය පරිභෝජනයට සුදුසු ජලය වේ.

ඔබ නැවත සිතා බලන්න...
ග්ලැසියර නැති, අයිස් කඳු නැති ලංකාවේ ජලය කොතරම් ගුණාත්මකද යන වග. එය ඔබේ දැනුම සමඟ මිශ්‍ර කොට අපේ ක්ෂේත්‍රයට නියාමාකාරව භාවිතා කිරීමෙන් ගුණාත්මක මත්ස්‍යයකු නිර්මාණය කිරීමට අවශ්‍ය එක් සාධකයක් සම්පූර්ණ නොවන්නේ ද?

භූ විෂමතා ලක්ෂණ ජය ගන්න, දැනුම බෙදාගමු, එක්ව ජය ගමු...

Breeding pear වලට ගෙදර හදන fish feed
26/09/2023

Breeding pear වලට ගෙදර හදන fish feed

පළමු කොට මේ ලිපිය මාගේ පළපුරුද්ද මත පදනම්ව සඳහන් කරන බව කාරුණිකව සලකන්න...               භාවනාවක් සේ මනස සන්සුන් කළ හැකි...
23/09/2023

පළමු කොට මේ ලිපිය මාගේ පළපුරුද්ද මත පදනම්ව සඳහන් කරන බව කාරුණිකව සලකන්න...

භාවනාවක් සේ මනස සන්සුන් කළ හැකි මේ විනෝදාංශය ඒ අයුරින්ම ප්‍රගුණ කරවීමට උනන්දු කරවීම මේ ලිපියේ අරමුණයි. ඒ සඳහා මෙහි කොටස් කීපයකින් එක් කොටසක් වන මත්ස්‍ය ආහාර පිළිබද නාභිගත කරන්නෙමි. මසුන්ගේ වර්ණය , හැඩය , හොඳ ප්‍රතිශක්තිකරණයක් , දිගු ආයු කාලයක් පවත්වාගෙන යාමට මා හැමවිට උත්සාහ ගනී.මේ සඳහා ආහාර , හිරු එළිය , ජල පරාමිතික සාධක ,ඉඩ මැනවින් නඩත්තු කළ යුතුය. ඒ සඳහා මිනිසාට සේම මත්ස්‍යන්ටද පොදු න්‍යායෙන් කොටසක් වන්නේ වස විෂ තොර ගුණදායක ආහාරයි.

Artificial Colour Enhancer , Artificial Fish Feed වල මා දන්නා තරමින් වැඩි පුරම ඇත්තේ රසායනික සංයෝගයි. එය අඩු කාලයකින් වේගවත් වර්ධනයක් හා දීපතිමත් වර්ධනයක් ගෙන දුන්නත් මත්ස්‍යයාට වන හානිය සු‍‍‍ළු පටු නොවේ. මෙමඟින් ජීව කාලය අඬු වීම , සමේ රෝග ඇතිවීම , ආතතිය , ප්‍රතිශක්තිය අඬු වීම , ප්‍රජනන ක්‍රියාවලිය අඬපණ වීම , බිත්තර සංයෝජනය නොවීම සමහරකි.

මා අවංකවම මසුන්ට හා ස්වභාවධර්මයට ආදරයකරන නිසා මටම ආවේණික වූ ක්‍රමයකට මා මත්ස්‍ය ආහාර ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිපදවා ගනිමි.මෙයට අවශ්‍ය වන්නේ ඉවසීම , සරල විද්‍යාත්මක දැනුමක් හා කැපවීමය. මසුන්ගේ ස්වභාවික චර්යා රටා ස්වභාවික වර්ණ රටා විදීමට ඔබේ මනස හුරු කරගන්න. එය ඔබට සේම මත්ස්‍යාටද යහපත්‍ ය.

Artificial Colour Enhancer හා Fish Feed වලින් වේගවත් නිමාවක් මැව්වද Natural Colour Enhancer හා Fish Feed වලින් එසේ ඉක්මන් වෙනස් වීමක් සිදු නොවුණත් එය ස්ථිරය ,මසුන්ට හිතකරය. එම නිසයි මෙයට ඉවසීම හා කැපවා අවශ්‍ය වන්නේ...

මෙයට හොඳම උදාහරණය නම්, ගසකට කෘතිම පොහොර හා රසායනික පොහොරවල ප්‍රතිඵල සැලකිල්ලට ගන්න. කෘතිම පොහොර ඉකමන් වැඩීම හා ඵලදාව ගෙන දෙයි. නමුත් කාබනික පොහොර වැඩීම හා ඵලදාව ප්‍රමාදය. නමුත් එය හිතකරය , විශ්වාසවන්තය. එසේම ස්වභාවිකාඅහාර සඳහා හුරු කළ මත්ස්‍යයකුගේ ප්‍රතිඵලද කාබනික පොහොර සංසිද්ධියට සමානය. මේ අපූරු සුරතල් මසුන්ගේ ස්වභාවික වර්ණ රටා විකෘති වන තරමටම සමහරුන් Colour Enhancer භාවිත කර ඇති අයුරු දුටු විට මේ විනෝදාංශය මානසික සහනයක් ගෙන ඒවිද යන වග මට ප්‍රශ්නාර්ථයකි. ඉතා විශාල අත්හදාබැලීම් , අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමට ඇති විශයක කොටසක්.

Colour Feed මඟින් වසා තැබීම බරපතල වරදක් ලෙස මට හැඟෙයි. මසුන්ගේ ඇති අපූර්වභාවය ත්‍රිවුර වූ වර්ණය මතම රඳා පවතී. සිතුවිල්ල මෙයට ඇති ප්‍රධාන හේතුවයි. මසුන්ගේ ස්වභාවික වර්ණය , හැඩය , පිහිනන ආකාරය , හැසිරීම් රටා තව තවත් කොයි තරම් දේ ඇතිද අපට රස විදීමට...

මා මේ දිනවල කුප්පමේනියා මිශ්‍ර මත්ස්‍ය ආහාරයක් අත්හදා බලමින් සිටී. ඒ කෘතිම වර්ණ අස්ථිර බව මා දන්න නිසායි.

අවසාන වශයෙන් මෙසේ සටහන් කරමි... "ස්වභාවදහමට ආදරය කරන්න..."

16/09/2023
ඔයාලා දන්න මිනිසා නිර්මානය කරපු තව ඔස්කා වර්ග ඉන්නවනම් comment කරන්න
15/09/2023

ඔයාලා දන්න මිනිසා නිර්මානය කරපු තව ඔස්කා වර්ග ඉන්නවනම් comment කරන්න

18/08/2023

MY ALBINO

01/08/2023

ඔස්කා මත්සයා(Oscar Fish )

මෙම ලිපියෙදි ඔස්කා මසුන් පිළිබඳව හැඳින්වීමක් කිරීමට අප බලාපොරොත්තු වන අතර අතර ඉදිරි ලිපි වලදී වලදි ඔස්කා මසුන් අභිජනනය හා ව්‍යාපාරික වශයෙන් ඉදිරියට කරගෙන යා හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔස්කා මත්සයා ස්ක්ලි(Cichlidae) පවුලට අයත් මත්සයෙකි.බොහෝ ස්ක්ලි මසුන් ඇමරිකානු හා අප්‍රිකානු මහද්වීප වල ජීවත් වන අතර ආසියා මහද්වීපයේද සුළු වශයෙන් දැකගත හැක.ඔස්කා මත්සයා ලොව පුරා මත්සයින් ඇති කරන්නන් බොහෝ දෙනකුගේ ප්‍රියතම මත්සයෙකු වීමට බොහෝ කාරණා හේතු වී ඇත.ඒ මෙම මත්ස්‍යයාගේ ඇති ආකර්ෂණීය හැසිරීම් රටාව හා වර්ණවත් ස්වභාවය යි.තවද දීර්ඝ කාලයක් ඇති කිරීමේදී මෙම මත්ස්‍යයා තම ස්වාමියාවහොඳින් හඳුනාගෙන ක්‍රියා කිරීම නිසා මෙම මත්ස්‍යයාට බොහෝ දෙනෙකු ඉතා ප්‍රිය කරයි.ඔබ එක් වරක් හෝ ඔස්කා මසුන් ඇති කර ඇත්නම් ඒ බව ඔබට නැවත කිව යුතු නැත.සික්ලි කුලයට අයත් මත්සයින් අතර වඩාත්ම බුද්ධිමත් මත්ස්‍යයා ලෙස ඔස්කා මසුන් හැඳින්විය හැක.ඔස්කා මසුන් තම වටපිටාවේ සිදුවන දෙය නිරීක්ෂණය කරමින් හැසිරෙන අකාරය ටැංකියක් දෙස බලා සිටීමෙන් ඔබට දැක ගත හැක.එය ඉතාමත් ආකර්ෂණීය දසුනකි.තවද ලෝකය සමහර මසුන් ඇතිකරන්නන් ඔස්කා මසුන් විවිධ කාර්යයන් සඳහා පුරුදු පුහුණු කර ඇති බව වාර්තා වේ.ඒ අතර බඩගිනි වූ විට ටැංකියට උඩින් එල්ලා ඇති සීනුවේ ටැංකියට දමා ඇති ලණුව ඇද තමාට බඩගිනි බව හැඟවීමට පුහුණු කිරීමෙන් මෙම මත්ස්‍යයාගේ ඇති බුද්ධිමත් භාවය ඔබට සිතාගත හැක .
ඔස්කා මසුන් මත්ස්‍ය ලොවේ ඇති නියම සුරතලෙකු ලෙස හැඳින්වීමට මා කැමතිය.මන්ද එම මසුන් තම ස්වාමියාට ඇති කුළුපඟ බවයි.වෙනත් අයෙකු ටැංකිය ළඟ සිටින විට කලබලයකින් තොරව සිටිය ද තම ස්වාමියා පැමිණි විට එය ඉක්මනින් හඳුනාගෙන කලබල වී ඊට ප්‍රතික්‍රියා දැක්වීම සිත් ඇදගන්නා සුලුය.සාමාන්‍යයෙන් ඔස්කා මසුන් ගොදුරු අල්ලාගන්නා මත්සයෙකු ලෙස සැලකුවද සැමවිටම අනෙක් මසුන්ට පහර දීමේ චේතනාවක් ඔස්කා මසුන්ට නැත.වෙනත් මත්සයෙකුට එරෙහි වන්නේ තමාට ආහාර ගැනීමට අවශ්‍ය වූ විටදී පමණි (සමහර ඔස්කා මසුන් දරුණු ලෙස හැසිරිය හැකි නමුත් ඔස්කා මසුන් යනු ඉවසීමක් සහිත මත්ස්‍යයකු ලෙස හැදින්විය හැක.)නමුත් ඔස්කා මසුන් හා ශරීර ප්‍රමාණයෙන් සමාන මසුන් සමග ඔස්කා මසුන් එකට දැමිය හැක.නමුත් ඔස්කා මසුන් ඇති කිරීමට වෙනම ටැංකියක් යොදා ගැනීමට අප යෝජනා කරමු.
මුල් යුගයේදී ඔස්කා මසුන් දුඹුරු පැහැ වර්ණයෙන් පමනක් සිටියද දක්ශ අභිජනනය කරන්නන් විසින් මේ වන විට විශේෂ රාශියක් නිර්මාණය කර ඇත.ඒ අතර,
1)Normal Oscar
2)Red Oscar
3)Tiger Oscar
4)Albino Oscar
5)Wailtail Oscar
6)Curlyfin Oscar ප්‍රධාන වේ.මේ වර්ග අතරින් Tiger Oscar හා Curlyfin Oscar මසුන් ඉතාමත් ආකර්ෂණී වේ.ඉදිරි ලිපි වලදී ඔස්කා මසුන් පිළිබද තොරතුරු හා ව්‍යාපාරික වශයෙන් අභිජනනය ගැන කතා කරමු.යාළුවන්ටත් බලන්න Share කරන්න.ඉස්සරහටත් මේ වගේ ලිපි කියවන්න page 1 ට Like දාගෙන යමු.❤

Address

Colombo To Kurunegala Rout No-5
Divulapitiya
11208

Telephone

+94719070686

Website

Alerts

Be the first to know and let us send you an email when S.S. Green Aqua posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S.S. Green Aqua:

Videos

Share

Category


Other Pet Services in Divulapitiya

Show All