09/04/2021
ආදරණීය දැන්වීමකි!
පාරේ එහෙ මෙහෙ ඇවිදන් යන වීදි සත්වයන් වෙනුවෙන් එක දවසක් හරි අපි, අපේ ජීවිතෙන් වෙන් කරමු කියන පුංචිම පුංචි අදහසකින් පටන් ගන්න මේ ව්‍යාපෘතියෙ මනුස්සකම් පිරුණු රෑනට එකතු වෙන්න ඔයාටත් කරන ඇරයුමක් තමයි මේ.😊
දිනය තැන, අප්‍රේල් 13 අඟහරුවාදා ගිනිගත්හේන ටවුන් එකේදී...
අපි එනවා එතන අසනීපෙන්, බඩගින්නෙන් ඉන්න වීදි සත්වයන්ගේ කුසගිනි නිවන්න බෙහෙත් කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ♥️
දැනට කෑම බීම බෙහෙත් ඔක්කොම ගානට තිතට රෙඩි කරලා තියෙන්නෙ. ඒ වුනාට කාගෙහරි කැමැත්තක් තියෙනවනම් තව දෙයක් එකතු කරන්න ඕන කියලා ගෙදරින් දෙයක් භාර අරන් ඔයාගේ අතින්ම හදලා ගෙනත් දෙන්න. ඒ වෙනුවෙන් ඉඩ ඕනෑ තරම් තියෙනවා. 🤗
එහෙනම් එදාට අපි හම්බවෙමු. ආයෙමත් මතක් කරන්නම් මේ දවස අප්‍රේල් 13 අඟහරුවාදා. ඔයාලගේ වෙලාවෙන්, ඒ අහිංසක සතෙක් වෙනුවෙන් විනාඩි පහක් හරි වෙන්කරගන්න පුළුවන්නම් අනිවාර්යයෙන් ඇවිත් යන්න එන්න. 🙏
වැඩියෙන් මේ ගැන දේවල් කතා කරන්න ඕන වුනොත් අපිට මැසේජ් එකක් දාන්න. නැත්තම් කෝල් කරන්න.
එහෙනම් ඔන්න ඔට්ටුයි!
අපි BawWake Team