20/05/2020
ආදරයෙන් වෙනස් කළ ජීවිත ඉරණමක්
🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
""Docter මේ බල්ලගෙ දත් කඩන්න ඕනි..අපේ බබාගෙ වයස අවුරුදු 17 යි...බලන්නකො මේ ගොං බල්ලා අපේ බබාගේ අත හපලා මැහුම් 5 ක් දාලා අන්න දැන් හොස්පිට්ල් එකේ...""""
පශුවෛද්යතුමෙක් ළගට සාමාන්‍ය වැඩුණු දඩෝරියෙකු රැගෙන ආ කාන්තාවක් එසේ පැවසීය...
" අත හපන්න හේතුව" පශුවෛද්‍ය වරයා විමසන ලදී....
" අපේ පුතා මෙයාගෙ කෑම එක ගන්න ගියා කියලා..."
"ඒ මොකටද බල්ලගෙ කෑම එක පුතාට කන්නද."...
තරමක් මහන්තත්වකමක් පෙන්නුව ඒ කාන්තාව පශුවෛද්‍ය වරයාගේ පිළිතුරෙන් තරමක් නොසන්සුන්තාවයට පත් විය...😯
"" Docter දන්නෙ නෑනෙ මූව අපි ගත්තෙ යාළුවෙක් බලෙන් අපේ ඇගේ ගැහුව හන්දා මූව එයාලා රට යනවා කියලා... එත්කොට මූට මාස 5 ක් විතර...අපේ ගෙදර ඉන්නවා ටින්කබෙල් කියලා ඕල්ඩ් ඉන්ග්ලිෂ් ෂීප් ඩෝග් කෙනෙකුයි ගෝල්ඩන් රිට්ට්රීවර් ඩෝග් කෙනෙකුයි ,,,එයාල හරි innocent මේකා වගේ අමු දඩෝරියෙක් නෙවේ....😡""
" ඔයාලා මේ බල්ලට ගහනව ද මට ඇත්තම කීවොත් මං මේ ප්‍රශ්නෙ විසදල දෙන්නම් " යනුවෙන් කාන්තාවගේ කියවිල්ල අසා සිටි පශුවෛද්‍යවරයා පැවසීය ...
තරමක් සෝබනයෙන් ඇඹරුණ කාන්තාව ,,, """මේකනි Docter මෙයාව අපි හදාගත්තෙ ගෙදර ආරක්ෂාවට ..ඒ පැත්තෙ හරියට හොරු ඉන්නව අපි ටවුන් එකේමනෙ අර දෙන්නව ගෙදර ළමයි වගේ හුරතලේට හැදුවා මෙයාලට එහෙම ඕනි නෑනි docter මෙයාල බ්‍රීඩඩ් අය නෙවෙයිනෙ.....මන් දන්න අපේ cousin කෙනෙක් මට කීවා කළුවර කාමරේක දාලා කන්න බොන්න නොදී මූට වේවැලකින් ගහන්න එතකොට සැර වෙනවා කියලා..අපේ ගෙවල් ටවුන් එකේම නිසා මිනිස්සු එනවා ටොයිලට්ස් යන්න ටැප් එකෙන් වතුර බොන්න නිතරම හිගන මනුස්සයො එහෙම එනව කරදරේ බෑ docter""" ...ඇය මැසිවිලි නැගුවාය
"ඉතින් " පශුවෛද්‍ය වරයා විමසයි....
""ඉතින් docter මගේ හස්බන්ඩ් ඒ විදියටම මූව කළුවර කාමරේක දාල කෑම නොදී සතියක් වගේ තිබ්බා.."""
හරි හපන්කමක්නේ කරලා තියෙන්නේ ""වේවැලකිනුත් ගැහුවාද" ? නැවතත් පශුවෛද්‍ය තුමා විමසයි 🤐
""නැතුව ඩොක්ට කිරි පොවන්නයැ,, නැතුව සැර වෙන්නෙ කොහොමද,, වල් බල්ලො නළවන්නයැ "
"ඇත්තට හරි ෂෝක් වැඩේ කරලා තියෙන්නේ.. තමුන්ලට මේකට සත්ව හිංසනය යටතේ නඩුවක් උනත් ෆයිල් කරන්න පුළුවන් කියලා තමුන් දන්නව ද....""
"ඒ මොන කෙහෙල්මලකටද ඩොක්ට ,,හරි වැඩක්නේ අපි කන්න බොන්න දෙනව නම් සතා හදාගන්න ඕනි අපිට ඕනි විදියට නෙවෙයි ද ..."😡
ඇගේ ඔලමොට්ටල කියමනට පශුවෛද්යවරයාටත් තරහ ගිය සෙයකි...
""ඔයාලා කන්න බොන්න දුන්න කියලා ඔයාලට ඌට අමනුස්සයො වගේ ගහන්න බනින්න කොයි පොතේද අවසර දීලා තියෙන්නේ..
ගෙදර සතෙක් හරි පිළිවලකට හදන්න බැයි නම් සත්තු හදන්න එපා..එකෙක්ට එක විදියක් තව කෙනෙක්ට තව විදියක් ඔයා ඔයාගෙ දරුවන්ටත් එහෙම කරනවද ලොකු පුතාට එක විදියක් පොඩි පුතාට එක විදියක් ..ආ...අහිංසක සතෙක් නරුම කරලා පස්සෙ උගෙ දත් කඩන්න කියන්න ඔහේලට තියන අයිතිය මොකක්ද..මේ වගේ වැඩ කරන ඔහේලගෙයි දත් ටික කඩන්න ඕනි...""
යනුවෙන් මහත් කම්පාවෙන් පැවසූ පශුවෛද්‍යතුමා
" ඔයාගෙ ළමයා මොනව කරන්න ගිහින් ද මූ හැපුවෙ එයාගේ ", සාමාන්‍යයෙන් බල්ලෙක් නිකන්ම හපන්නෙ නෑ "",,, යනුවෙන් තව දුරටත් විස්තර ඇසීය...🤔
"මෙයා අපේ ටින්කබෙල්ගේ කෑම එක කන්න ගියා...එයාලට කෑම වට්ටෝරුවක් තියෙනවා අපි ඒ විදියට ඒ බල්ලො දෙන්නට කෑම දෙනවා..මූට එහෙම දෙන්නෙ නෑ බත් දෙනවා අපි කන දෙයක් එක්ක..."
" වේල් කීයක් මූට බත් දෙනවද ...".
"එක වේලයි ඩොක්ට ".........
"මොනවද මූ කන්න ගියේ ඔයා කියන අර අනික් බල්ලගෙ පිගානෙන් "
"ටින්කබෙල්ට කන්න පෙඩිග්‍රී අඩල්ට්ස් කෑම එක දාල තිබ්බා ටින්කබෙල්ගෙ පිගානට...මූ ගිහින් ඒකට හොට දාලා අපේ පුතාට තරහ ගිහින් ඒක දැකලා පුතා වේවැලෙන් ගහන්න ගිහින් මූට"
"ඊට පස්සෙ "
"ඊට පස්සෙ ඩොක්ට මූ පුතාගෙන් කොහොම හරි වේවැල උදුර ගෙන පුතාගෙ අත හපලනෙ "
"මූට ඔය සිද්දිය වුණ දා ඒ වෙද්දි කෑම දීල තිබ්බ ද "🤨
"නෑ ඩොක්ට , අනික් බල්ලො දෙන්නට කෑම දීල අන්තිමටම මූට දෙන්නෙ අපි කෑම කෑවට පස්සෙ "
"තමුන් අවංකව ඔය ටික කීවෙ දැන් මං බල්ලගෙ දත් කඩලා බල්ලව ගෙදර ගෙනියන්න දෙයි කියලනෙ නේද ....මං මේ බල්ලගෙ දත් කඩන්නෙ නෑ...ඒක මගෙ ප්‍රතිපත්තියක් නෙවෙයි....අනිත් දේ කිවුවට තරහ වෙන්න එපා තමුන් ලා අන්තිම කැත මිනිස්සු ...හොද බල්ලන්ට හොද හොද කෑම බීම ...වල් බල්ලට වෙලාවකට කෑම නෑ ඌට ගුටි බැට ...ඔන්න ඔය බල්ලව හදාගන්න බැයි නම් කොහෙ හරි ගිහින් දානව ඕයි පව් නොදී...ඒක සැපයි මූට ඔයිට වඩා..,"
පැමිණි කාර්ය ඉටු නොවීමෙන් බලාපොරොත්තු කඩ වීමට හා පම්පෝරිය ගැසීමට යාමෙන් තමන්ගේ වරද පශුවෛද්‍ය වරයා හමුවේත් එදින එතැනට පැමිණ සිටි අනෙකුත් බව් අයිතිකාරයන් හමුවේත් එළිවීමෙන් ලැජ්ජාවට හා සිත් තැවුලට ලක්ව වරදකාරී හැගීමෙන් යුතු වූ කාන්තාවගේ දෑසින් කදුළු කඩා වැටෙන්නට විය...ඇය ආපසු යන්නට සිය රථයට නැගිණි...
සායන මද්‍යස්තානයෙන් පිටතට පැමිණි පශුවෛද්‍යතුමා යළිත් ඒ කාන්තාව ඇමතීය....
" පොඩ්ඩක් එන්නකො,,, ඇය රථයෙන් බැස ආවාය....
මගේ නිළ නිවාසෙ තියෙන්නේ මේ එහා පැත්තේ..මගෙ නෝනායි බබාල දෙන්නයි එහෙ ඉන්නෙ..මගෙ නෝනා නර්ස් කෙනෙක්..අපි හරිම අවිවේකී මිනිස්සු..ඔයාලට වගේ ව්‍යාපාර අපිට නෑ අපි හම්බ කරගන්න ඕනිනෙ.මගෙ දරුවොත් තව පොඩියි ..අපේ ගෙදර පූසෙක් ඇරෙන්න බල්ලො නම් නෑ අපි හදාගත්තෙත් නෑ මෙච්චරකල්....ඒත් කමක් නෑ මේ බල්ලා ආයෙත් ඔයාගෙ ගෙදරට යනව කියන්නේ ඌ අපායට ආයෙත් යනව කියන එක..අන්න අර එහා පැත්තෙ තියෙනවා කණුවක් ඒකෙ මූව ගැට ගහලා යන්න මං මූව හදාගන්න කැමතියි.......
""ඩොක්ටර් .....?""" කාන්තාව විසල් කරගත් දෑසින් වික්ෂිප්ත්ව මුව අයා ගත්තාය.....😦
ඔව් ගෙදර අයට කෝල් කරලා කියන්න..අහවල් පශුවෛද්‍ය මෙන්න මෙහෙම කිවුවා කියලා....මං මගෙ තීරණේ තමා ඔය කිවේ...ඔයාල මුගෙ දත් නෙවෙයි ගෙදර අරන් ගිහින් බෙල්ල කඩයි කියලා මට හිතෙනවා....මුගෙ වරදක් නෑ...මූව මේ තත්වෙට පත් කරලා තියෙන්නේ ඔහේලා..ආදරය කරුණාව ලැබෙද්දි මෙයාගෙ මුරණ්ඩුකම නැතිවෙයි ඉබේම..ඒත් ඔයාල වගේඅයගෙන් නෙවේ ආදරය දෙන්න පුළුවන් මිනිස්සු ළග මෙයා හැදෙන්න ඕනි...ඒ නිසා කැමති නම් මෙයාව හදාගන්න මං කැමතියි .....😌
දුරකථන ඇමතුම් කිහිපයක්ම අරගත් ඒ කාන්තාව ඒ බව්වාව ඒ කණුවේ ගැට ගසා පශුවෛද්‍ය තුමාට බාරදී සිය රථයට නැග නොපෙනී ගියාලු.......
මේ මගේ නැදෑ සොයුරියක මට පැවසූ කතාවයි..ඇය එදින ඇගේ බව්වන් දෙදෙනාට ජලබීතිකා එන්නත එන්නත් කරගැනීමට එහි රැගෙන ගොසින් සිටියාලු...දැනටත් මගේ සොයුරිය ඇගේ බලු පැටවුන් දෙදෙනා සායනයට රැගෙන යන්නේ ඒ පශුවෛද්‍යතුමා වෙතටයි...අර උඩින් සදහන් කළ බව්වා දැන් එහි සුවසේ ඉන්නවාලු ..ගිය සතියේ මගේ සොයුරිය ඇගේ එක් බලු පැටියෙක්ගේ කකුලක පැමිණි ගෙඩියක් ඉවත් කරගැනීමට බලු පැටවා ඒ පශුවෛද්‍යතුමා ළගට රැගෙන ගිය වෙලේ ඒ බලු පැටවා සැත්කමකට බාජනය වූ බැවින් මගේ නැදෑ සොයුරියට පැය එක හමාරක් පමණ වේලා එහි රැදී ඉන්නට සිදු වුණාලු...
එහිදී ඒ පශුවෛද්‍ය වරයාගේ දස හැවිරිදි කුඩා පුත්‍රයාත් දහතුන් හැවිරිදි දියණියත් සමග ඉහත මෘගයෙක් ලෙසට සදහන් කළ එකී බලු තඩියා ෆුට් බෝලයක් පසුපස එළවා යමින් අර දරුවන් දෙදෙනා සමග ඉතා කුළුපගව ඔවුන්ගේ ඇගට පනිමින් ඒ දරුවන් බදා ගනිමින් ඔවුන්ගේ දෙපා ළග ආදරයෙන් දැවටෙමින් ඔවුන් සමග සෙල්ලමින් වෙලී සිටියාලු ....💕
නොසළකා හැරීම් , නිකරුණේ විදින ගුටි බැට, අවලාද අපහාස කුසගින්න ආදියෙන් දැඩිව පෙළන ලද්දෙන් මානසික ලෙස සුවිශාල පීඩනයකට ලක්වූ ඒ බව් රාළ දැන් උපරිම ආදරය කරුණාව මානව සෙනෙහස දයාව බුක්ති විදිමින් ඉදී ...බලන්න සතුන්ට දක්වන සෙනෙහස, ආදරයේ පරතරය ඔවුන්ව අපූරුවට වෙනස් කරනා අයුරු.....මුදල් පසුපස හඹායන මනුස්සකම ගිලිහී ගිය සමාජයක මෙය තරමක් අමුතු කතාවක් වූවෙන් එය මෙහි සටහන් තැඹුවෙමි.......💗
#නෙතු කවුළු ✍️