12/09/2022
වල් බල්ලා..!!
මෙන්න මුන්ට වල් බල්ලා කියල නම දැම්මේ කවුද.?
ඒ මොන පදනමකින් ද.?
මූ වල් බල්ලා වෙලා, අනික් උන් හොඳ බල්ලෝ උනේ කොහොම ද.?
මේ ඉන්නෙ වල් බල්ලෙක් නෙවෙයි, මූ අපේ එකෙක්...!
ඔව්, අපේ එකෙක් හෙවත් දේශීය බල්ලෙක්. Sinhala hound කියන නමින් හඳුන්වන මේ අපේ එකා ගැන ඉතිහාසයේ ඉඳන් ම කරුණු තියෙනවා. කොටින් ම විජය කුමාරයා ලංකාවට ගොඩ බහිද්දී ඌටත් බල්ලො බුරලා තියෙනවා. ඒ කියන්නෙ අපේ එකා ඒ කාලෙත් ඉඳලා තියෙයි..!!
ඒ විතරක් නෙවෙයි, යක්ෂ ගෝත්‍රිකයෝ ඇති කරපු බල්ලො ගැන මහා වංශෙත් සඳහන් වෙනවා..
ඉතිං මුං නිකන් උන් නෙවෙයි. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති බොහෝ ම මිත්‍රශීලී අය. නමුත් බුල්ඩෝග් තරම් දරුණු aggressive විශේෂයක් නොවන හින්දා ඔබේ පවුලේ සාමාජිකයන් අතර ඉතා ම ආරක්ෂිත ව ඇති කරන්න පුළුවන්.
ඒ වගේ ම මෙයාලාට අමුතුවෙන් විශේෂ කෑම ජාති ඕන නෑ. ඔබ දෙන ඕනෑ ම දෙයක් එයාලා සතුටු සිතින් අනුභව කරනවා. මුළු රෑ ම එක තත්ත්පරයක් ඇහැ පියවෙන්න නොදී මෙයාලා තමාගේ ස්වාමියාගේ දේපල ආරක්ෂා කරනවා.
ගෙදරට අනතුරක් නම් තමන්ගේ පණ වුණත් දෙවෙනි තැනට දාලා සටන් කරනවා..!!
ඔබේ දුකේ දී මූණ පුළුටු කරගෙන ඔබේ පැත්තකින් ඉඳගෙන ඉන්නත්, ඔබට මහන්සි වෙලාවට හිනාවෙලා නැට්ට වනාගෙන ඇවිල්ලා ඔබව ලෙව කාලා ඔබේ මහන්සිය අතුරුදහන් කරන්නත් මෙයාලට පුළුවන්...
ඒත් හැම වෙලාවෙ ම වදයක් නොවී පාඩුවේ ඉන්නත් මෙයාලට පුළුවන්...
රැලට යන කාලෙට කෑල්ලක් සෙට් කරන් ආතල් එකක් ගත්තට ඌ ඒ මොනවා තිබ්බත් ගෙදර ගැන ඇලට් එකේ ඉන්නවා..!!
එතකොට මුන්ට කටුවො කනවා, කිනිතුල්ලො එල්ලෙනවා, මැක්කෝ වහනවා, ජරා වෙනවානේ...?
ඔව් ඉතින්.. උඹත් සති දෙකක් නාන්නෙ නැතුව හිටියොත් උඹේ කෙල්ල හෝ කොල්ලා උඹ දිහා බලාන බත් කන්නෙවත් නැතිවෙයි.. උඹව දකින උන්ට ලේ බඩ යයි..!
අන්න ඒක බල්ලන්ටත් වෙනවා..
නාන්න ඕන, කන්න ඕන, බේත් විදින්න ඕන. ලොකු ලොකු breedවල බල්ලන්ට විතරක් නෙවෙයි. මොන බල්ලා වුණත් හදනවා නම් හරියට හදන්න ඕන..!
මුන්ටත් බේත් ඕන, නාන්න ඕන, කන්න ඕන..!!
දාස් ගාණක් දීලා රට බල්ලො ගෙනල්ලා උන්ට ඕන හැටියට උඹ ජීවත් වෙවී කට්ට කාගෙන උන්ව රකින්න පුළුවන් නම්, නිකන් හම්බවෙන අපේ එකෙක්ව ඒ විදියට රැකබලාගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයිනේ...
රට බල්ලො හදන එක තමන්ගේ කැමැත්තක් නිසා මං ඒකට මොකුත් ම කියන්නෙ නෑ.. හැබැයි එහෙමයි කියලා මුන්ව දෙකේ කොළේට දාලා, උන්ව "වල් බල්ලො" කරන්න එපා..
මුන් එහෙම නෝන්ඩි වෙන්න ඕන ජාතියක් නෙවෙයි,
මුන් අපේ එවුන්...!! ❤️
Copied
|සජිත් පුෂ්පකුමාර|