Meliora Animal Rescue Community

Meliora Animal Rescue Community Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meliora Animal Rescue Community, Animal Rescue Service, Kandy.

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් හත්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය🔅 2023. 10. 29 ...
28/10/2023

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් හත්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය

🔅 2023. 10. 29 ඉරු දින - උදෑසන 10 සිට

🔅 පුබුදුගම පන්සල අසලදී පැවැත්වේ

මේ සඳහා ඔබගේ සතුන් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.

🔴 වැදගත් -

1. සැත්කම් කරන උපරිම ප්‍රමාණය සතුන් 35 ක් නිසා පැමිණෙන පළමු 35 ක් සැත්කම් සඳහා යොදාගනු ලැබේ.

2. ගැහැනු සතුන් ඉලක්ක කරගෙන මෙය සිදු කරන නිසා පිරිමි සතුන් රැගෙන ඒමට පෙර කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

3. මෙය වීදි සතුන් හා නිවෙස් වල සිටින සුරතලුන් සඳහා පමණක් වන බැවින් ඔබගේ උසස් කුල වල සතුන් සැත්කම් සඳගා රැගෙන පැමිණීමෙන් වලකින්න. ඔවුන්ව කිසිසේත්ම සැත්කම් සඳහා යොදා ගන්නේ නැත.

4. මීට පෙර පැවති සායනයේදී මිනිසුන්ගේ කලහාකාරී හැසිරීම නිසා tikiri trust කාර්යමණ්ඩලය මෙන්ම අපද ඉතාමත් අපහසුතාවයට පත් වූ නිසා කරුණාකර උදෑසන පැමිණ අපට නම ලබා දී ලියාපදිංචි වන්න. ඉන්පසුව ඒ අනු පිළිවෙලින් අප සැත්කම් සිදු කරන අතර එතෙක් සංසුන්ව රැදී සිටින්න.

5. සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන නිසා ඔබට යම් වේලාවක් එතැන රැදී සිටීමට සිදුවේ. එම නිසා ඔබට අවශ්‍ය කෑම බීම ආදිය රැගෙන ඒම ඔබගේ යුතුකමකි.

6. ගතවන කාලය පිළිබඳ ව අපට නිසියාකාරව පැවසිය නොහැකි නිසා ඔබට අත්‍යවශ්‍ය වැඩකටයුතු නොමැති නම් පමණක් ඔබගේ සතුන් රැගෙන එන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන වැඩසටහනක් නිසා කිසිම පුද්ගලයකු හට ප්‍රමුඛතාවයක් ලබා දීමට අපට හැකියාවක් නැත.

වැඩි විස්තර සඳහා meliora - 070 2825506

20/09/2023

කිවුල්ලිඳ හන්දියේ තුවාලයක් නිසා කුණු වෙලා ඉන්න බල්ලගේ photos ටිකක් මට එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.??

පුළුවන් කෙනෙක් ඉක්මනටම එවන්න එයාව බෙහෙත් කරන්න අරන් යන්න 🙏

මේ කෙලි පැටව් 7 දෙනා නුවර මාරස්සන පාරේ බෝලෑපේ ගමේ පාරක් අයිනේ ඉන්නේ. ඒ ගෙවල් ලග මිනිස්සුන්ගෙන් මෙයාලට හරියට හරියට කරදර. ...
26/08/2023

මේ කෙලි පැටව් 7 දෙනා නුවර මාරස්සන පාරේ බෝලෑපේ ගමේ පාරක් අයිනේ ඉන්නේ.

ඒ ගෙවල් ලග මිනිස්සුන්ගෙන් මෙයාලට හරියට හරියට කරදර. ගෙවල් වලට ගිහින් සපත්තු කනවා කියලා හැම වෙලේම ගහනවාලු.

හරියට කෑමක් නැහැ. ඒ ලග නැන්දා කෙනෙක් කන්න බොන්න දුන්නත් එයාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා ගමේ මිනිස්සුන්ගෙන් මේ පැටව් නිසා.

වහා දීලා මරන්න හරි නැත්තම් කොහෙ හරි ගිහිල්ලා හරි දාන්න කියලා ඒ නැන්දටත් ගොඩක් කරදර කරනවාලු අහල පහල අය.

අනේ පුලුවන් කෙනෙක් එක පැටියා ගානේ හරි අරන් මේ අහිංසකයෝ ටිකගේ ජීවිත බේරගන්න උදව් කරන්නකෝ. නුවර අවට නම් ගෙනත් දෙන්නම්.

දැනට මාස 3ක් වගේ වෙන්නේ. තව ටිකක් ලොකු උන ගමන් ඔපරේශන් කරලා දෙන්නම් අපි

පුළුවන් කෙනෙක් අපිට කෝල් එකක් දෙන්න 0789907024

31/07/2023

ගෙදරක ලණුවකින් ගැටගහගෙන හැමවෙලේම ගහන පොඩි බලු පැටියෙක්ව ගෙයක් හොයාගන්න කල් තාවකාලිකව බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ..?

පුළුවන් ඉක්මනට එයාව එතනින් බේරගෙන අපි ගෙනත් දෙන්නම්.

තාවකාලිකව නැතත් හැමදාටම එයාට රැකවරණයක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නැහැ අපි එයාට හරි වයසෙදි වන්ධ්‍යකරණ සැත්කම කරලා දෙන්නම් 🙏

තොරතුරු ලැබුණ විදියට එයා හොදටම කෙට්ටු පැටියෙක් ලණුවෙන්ම ගැටගහලා තියලම බෙල්ලත් තුවාල වෙලා තියෙන්නේ 😥

මේ දඩුලේන්නු වගේ චූටි බබාලා තුන් දෙනාට ගෙවල් ඕනේ 🙈ඉන්නේ නම් නුවර ගුරුදෙණියේ මවුන්ට් පැරඩයිස් 2 ස්කීම් එකේ ගෑණු පිරිමි නම...
30/07/2023

මේ දඩුලේන්නු වගේ චූටි බබාලා තුන් දෙනාට ගෙවල් ඕනේ 🙈

ඉන්නේ නම් නුවර ගුරුදෙණියේ මවුන්ට් පැරඩයිස් 2 ස්කීම් එකේ

ගෑණු පිරිමි නම් මම දන්නේ නෑ. කෝල් එකක් දීලා බලන්නකෝ

+94764861870 මේ ඒ ගෙදර නැන්දගේ නම්බර් එක. ඕනේ අය කතා කරලා බලන්නකෝ ❤

පාට පාට පූ බබාලා හොයන අයට හොඳම අවස්ථාවක් 😉ඕනේ ඕනේ විදියට තෝරගන්න කට්ටිය ඉන්නවා ඔන්න  😁🙈ඉන්නේ නම් නුවර හාරගම NLDB farm එක...
26/06/2023

පාට පාට පූ බබාලා හොයන අයට හොඳම අවස්ථාවක් 😉

ඕනේ ඕනේ විදියට තෝරගන්න කට්ටිය ඉන්නවා ඔන්න 😁🙈

ඉන්නේ නම් නුවර හාරගම NLDB farm එකේ

වැඩි විස්තර වලට 0767180160 නම්බර් එකට කෝල් එකක් දෙන්න ❤

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය🔅 2023. 06. 25 ...
24/06/2023

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය

🔅 2023. 06. 25 ඉරු දින - උදෑසන 10 සිට

🔅 බෝලෑපේ පන්සල අසලදී පැවැත්වේ

මේ සඳහා ඔබගේ සතුන් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.

🔴 වැදගත් -

1. සැත්කම් කරන උපරිම ප්‍රමාණය සතුන් 50ක් නිසා පැමිණෙන පළමු 50ක් සැත්කම් සඳහා යොදාගනු ලැබේ.

2. ගැහැනු සතුන් ඉලක්ක කරගෙන මෙය සිදු කරන නිසා පිරිමි සතුන් රැගෙන ඒමට පෙර කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

3. මෙය වීදි සතුන් හා නිවෙස් වල සිටින සුරතලුන් සඳහා පමණක් වන බැවින් ඔබගේ උසස් කුල වල සතුන් සැත්කම් සඳගා රැගෙන පැමිණීමෙන් වලකින්න. ඔවුන්ව කිසිසේත්ම සැත්කම් සඳහා යොදා ගන්නේ නැත.

4. මීට පෙර පැවති සායනයේදී මිනිසුන්ගේ කලහාකාරී හැසිරීම නිසා tikiri trust කාර්යමණ්ඩලය මෙන්ම අපද ඉතාමත් අපහසුතාවයට පත් වූ නිසා කරුණාකර උදෑසන පැමිණ අපට නම ලබා දී ලියාපදිංචි වන්න. ඉන්පසුව ඒ අනු පිළිවෙලින් අප සැත්කම් සිදු කරන අතර එතෙක් සංසුන්ව රැදී සිටින්න.

5. සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන නිසා ඔබට යම් වේලාවක් එතැන රැදී සිටීමට සිදුවේ. එම නිසා ඔබට අවශ්‍ය කෑම බීම ආදිය රැගෙන ඒම ඔබගේ යුතුකමකි.

6. ගතවන කාලය පිළිබඳ ව අපට නිසියාකාරව පැවසිය නොහැකි නිසා ඔබට අත්‍යවශ්‍ය වැඩකටයුතු නොමැති නම් පමණක් ඔබගේ සතුන් රැගෙන එන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන වැඩසටහනක් නිසා කිසිම පුද්ගලයකු හට ප්‍රමුඛතාවයක් ලබා දීමට අපට හැකියාවක් නැත.

වැඩි විස්තර සඳහා meliora - 078 9907024
Chiran - 071 6341002

ගුරුදෙණිය අවට ඉන්න අයව දැනුවත් කරන්න ✨️
15/06/2023

ගුරුදෙණිය අවට ඉන්න අයව දැනුවත් කරන්න ✨️

ඉතින් සුබ ගමන් කලු මල්ලී 😥මාස ගානක් කැන්සර් එකත් එක්ක දුක් විදලා අපි එයාව හොඳ කරගත්තා විතරයි 😞අද උදේ වාහනේක වැදිලා එයා ය...
15/06/2023

ඉතින් සුබ ගමන් කලු මල්ලී 😥

මාස ගානක් කැන්සර් එකත් එක්ක දුක් විදලා අපි එයාව හොඳ කරගත්තා විතරයි 😞

අද උදේ වාහනේක වැදිලා එයා යන්නම ගිහිල්ලා. ආයෙනම් එන්න එපා මේ තිරිසන් ලෝකෙට 🙏

පුළුවන් කෙනෙක් මේ බබාට උදව් කරන්නකෝ එයාට ලස්සනට ජීවත් වෙන්න ❤
08/06/2023

පුළුවන් කෙනෙක් මේ බබාට උදව් කරන්නකෝ එයාට ලස්සනට ජීවත් වෙන්න ❤

මේ පැටවුන්ට තාම කිසිම උදව්වක් ලැබුනේ නෑ 😓මම පණු බෙහෙත් දීලා ඉන්නේ. පුලුවන් කෙනෙක් මෙයාලට ගෙයක් හොයාගන්න උදව් කරන්න. මම න...
30/05/2023

මේ පැටවුන්ට තාම කිසිම උදව්වක් ලැබුනේ නෑ 😓

මම පණු බෙහෙත් දීලා ඉන්නේ. පුලුවන් කෙනෙක් මෙයාලට ගෙයක් හොයාගන්න උදව් කරන්න. මම නාවලා පිරිසිදු කරලා ගෙනත් දෙන්නම් 🙏

මේ තැන ගැන දන්න අය දන්නවා වාහන කොච්චර වේගෙන් යනවද කියලා. මම ඊයේ යද්දිත් හරියටම පාරේ මැද්දේ සුදු ඉර උඩ දෙන්නම හිටියේ. හරිම අනාරක්ෂිතයි. කොයි වෙලේ යට වෙයිද දන්නෑ 😓

මෙයාලට කෑම නම් ගොඩක් ලැබෙනවා. කෑම දෙන අය පරිසරය ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොදයි කියලා මං හිතන්නේ. මොකද එතන ගොඩක් ජරා වෙලා. කෑම කොල යෝගට් කප් හැමතැනම තියෙනවා. පොඩි පැටව් නේ එයාලට තේරෙන්නේ නෑ. එයාලම ඒවා කාලා ලෙඩ වෙන්න තියෙන ඉඩත් වැඩී.

නුවර අවට අපි ගෙනත් දෙන්නම් අනේ උදව් කරන්න 🙏

මේ.පැටව් ට උදව් ඕනේ ඉක්මනටම 🙏මෙතන පැටව් 3ක් හිටියා. එක්කෙනෙක් මැරිලා. මෙයාලට කෑම නම් ඕනේ තරම් ලැබෙනවා. ඒත් කන්න බෑ😓 හොඳට...
27/05/2023

මේ.පැටව් ට උදව් ඕනේ ඉක්මනටම 🙏

මෙතන පැටව් 3ක් හිටියා. එක්කෙනෙක් මැරිලා. මෙයාලට කෑම නම් ඕනේ තරම් ලැබෙනවා. ඒත් කන්න බෑ😓

හොඳටම පණු අමාරුව 😞

මම හෙට පණු බෙහෙත් ගෙනත් දෙනවා

පුලුවන් කෙනෙක් කියන්න මම හරි වයසෙදි ඔපරේශන් කරල දෙන්නම් 🙏

ඉන්නේ නුවර පුබුදුගම ඉදන් කිවුල්ලිද පැත්තට එද්දි හම්බෙන පළවෙනි මාළු කඩේ ලග

078 9907024

මතකද tvt cancer එක නිසා මාස ගානක් පාරේ දුක් වින්ද කලු කොල්ලා 🐕ඉතින් දැන් එයාට හොඳටම හොඳයි 😇ඒත් දිගටම අපි එයාව හැමදාම බලන...
19/05/2023

මතකද tvt cancer එක නිසා මාස ගානක් පාරේ දුක් වින්ද කලු කොල්ලා 🐕

ඉතින් දැන් එයාට හොඳටම හොඳයි 😇

ඒත් දිගටම අපි එයාව හැමදාම බලනවා. මොකද ආයෙත් cancer එක මතුවෙන්න පුලුවන් නිසා.

එහෙම උනොත් ආයෙත් ප්‍රතිකාර පටන් ගන්නවා 😊

කලූ ගැන කලින් පෝස්ට් එකට

https://m.facebook.com/story.php?story_fbid=198288996343379&id=100084868407721&mibextid=Nif5oz

TVT cancer එකක් නිසා මාස තුනකට අධික කාලයක් පාරේ හිටපු මේ බව්වට අවශ්‍ය ප්‍රතිකාර ඊයේ දිනයේදි ලබා දුන්නා.මෙයාගේ ගෙදර අය මේ...
03/05/2023

TVT cancer එකක් නිසා මාස තුනකට අධික කාලයක් පාරේ හිටපු මේ බව්වට අවශ්‍ය ප්‍රතිකාර ඊයේ දිනයේදි ලබා දුන්නා.

මෙයාගේ ගෙදර අය මේ කැන්සර් එක නිසා මෙයාව පාරට දාලා කියලා තමා අපිට දැනගන්න ලැබුණේ 😓

ඊයේ වෙද්දි මෙයාට හරියට ඇවිදගන්නවත් බෑ. ඒතරම් වේදනාවකින් ඉදලා තියෙන්නේ 😓

මෙයාට අවශ්‍ය ප්‍රතිකාර අපි දිගටම කරනවා. සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සේ ආයෙත් කලූ ගැන ඔයාලට කියන්නම් 🙃❤️

Meliora Animal Rescue Community අප විසින් Tikiri Trust සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරට පැවැත්වූ නොමිලේ සතුන් වන්ධ්...
02/05/2023

Meliora Animal Rescue Community අප විසින් Tikiri Trust සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරට පැවැත්වූ නොමිලේ සතුන් වන්ධ්‍යකරණ කරන සායනය 2023/ 04/ 30 දින සාර්ථකව අවසන් කල බව දන්වා සිටිමු.

මෙහිදී සතුන් 30 දෙනෙකු සඳහා සැත්කම් සිදු කරන ලදි 😊

මෙම සායනය පැවැත්වීමට පාසලේ ක්‍රීඩාපිටිය හා අවශ්‍ය ඩෙස් පුටු අප වෙත ලබා දුන් මහ/ කපුලියද්ද මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියටත්,

සායනය සාර්ථකව නිම කිරීමට සම්පූර්ණ අනුග්‍රහය ලබාදුන් Tikiri Trust සත්ව සංවිධානයේ වෛද්‍යතුමිය ඇතුලු කාර්යමණ්ඩලයටත්,

ආරම්භයේ සිට අවසානය දක්වාම සියලු කටයුතු සොයා බලා ඉටු කල චිරාන් මල්ලී, යශෝධා නංගි හා සතුන් රැගෙන සහභාගි වූ සියලුම දෙනාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. 🙏

තවත් සායනයකින් නැවත හමුවෙමු 🙏❤️😊

අනවශ්‍ය ලෙස පැටවුන් බෝවීම පාලනය කිරීම සඳහා ඔබගේ ප්‍රදේශයටත් මෙවැනි සායනක් අවශ්‍ය නම් කරුණාකර අපව අමතන්න 🙏

078 9907024

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය🔅 2023. 04. 30 ...
29/04/2023

අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය

🔅 2023. 04. 30 ඉරු දින - උදෑසන 10 සිට

🔅 කපුලියද්ද මහා විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ සඳහා ඔබගේ සතුන් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.

🔴 වැදගත් -

1. සැත්කම් කරන උපරිම ප්‍රමාණය සතුන් 50ක් නිසා පැමිණෙන පළමු 50ක් සැත්කම් සඳහා යොදාගනු ලැබේ.

2. ගැහැනු සතුන් ඉලක්ක කරගෙන මෙය සිදු කරන නිසා පිරිමි සතුන් රැගෙන ඒමට පෙර කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

3. මෙය වීදි සතුන් හා නිවෙස් වල සිටින සුරතලුන් සඳහා පමණක් වන බැවින් ඔබගේ උසස් කුල වල සතුන් සැත්කම් සඳගා රැගෙන පැමිණීමෙන් වලකින්න. ඔවුන්ව කිසිසේත්ම සැත්කම් සඳහා යොදා ගන්නේ නැත.

4. මීට පෙර පැවති සායනයේදී මිනිසුන්ගේ කලහාකාරී හැසිරීම නිසා tikiri trust කාර්යමණ්ඩලය මෙන්ම අපද ඉතාමත් අපහසුතාවයට පත් වූ නිසා කරුණාකර උදෑසන පැමිණ අපට නම ලබා දී ලියාපදිංචි වන්න. ඉන්පසුව ඒ අනු පිළිවෙලින් අප සැත්කම් සිදු කරන අතර එතෙක් සංසුන්ව රැදී සිටින්න.

5. සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන නිසා ඔබට යම් වේලාවක් එතැන රැදී සිටීමට සිදුවේ. එම නිසා ඔබට අවශ්‍ය කෑම බීම ආදිය රැගෙන ඒම ඔබගේ යුතුකමකි.

6. ගතවන කාලය පිළිබඳ ව අපට නිසියාකාරව පැවසිය නොහැකි නිසා ඔබට අත්‍යවශ්‍ය වැඩකටයුතු නොමැති නම් පමණක් ඔබගේ සතුන් රැගෙන එන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන වැඩසටහනක් නිසා කිසිම පුද්ගලයකු හට ප්‍රමුඛතාවයක් ලබා දීමට අපට හැකියාවක් නැත.

වැඩි විස්තර සඳහා meliora - 078 9907024
Chiran - 071 6341002

මං නිසා ලස්සන වුණු තවත් අහිංසක ජීවිතයක් ❤️😊පෙබරවාරි 3 වෙනිදා පාරේ ඉදන් අරන් ඇවිත් පෝස්ට් දාලා දාලා අන්තිමට ආදරණීයම ගෙදරක...
21/04/2023

මං නිසා ලස්සන වුණු තවත් අහිංසක ජීවිතයක් ❤️😊

පෙබරවාරි 3 වෙනිදා පාරේ ඉදන් අරන් ඇවිත් පෝස්ට් දාලා දාලා අන්තිමට ආදරණීයම ගෙදරක් මෙයාට හම්බුණා.

එදා හිටපු විදියයි දැන් ඉන්න විදියයි දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ.

මම එදා ගෙනාවේ නැත්තම් අද මොන ඉරණමක් අත් වෙලා තියෙයිද දන්නෑ 😓

පිං සිද්ධ වෙයි මේ අහිංසකයෝ පාරට ගෙනත් අතාරින්න එපා. හදාගන්න බැරිනම් ගැහැණු සත්තුන්ට වන්ධ්‍යකරණ සැත්කම් කරන්න. එතකොට ඒ සතාත් නිදහසේ ඉදී 🙏 මේ වගේ පුංචි පැටව් පාරවල් ගානේ දුක් විදින්නෙත් නෑ

මේ පූස් අම්මයි බබාලා දෙන්නයි පාරට ගෙනත් දාලා. පැටව් අල්ලන්නවත් දෙන්නෑ අම්මා හරි ආදරෙයි එයාලට 😓කිවුල්ලිදේ නයිට් කඩ පේලියේ...
21/04/2023

මේ පූස් අම්මයි බබාලා දෙන්නයි පාරට ගෙනත් දාලා. පැටව් අල්ලන්නවත් දෙන්නෑ අම්මා හරි ආදරෙයි එයාලට 😓

කිවුල්ලිදේ නයිට් කඩ පේලියේ එක කඩයක් ළඟට ගෙනත් දාලා ඉන්නේ.

එතන හරිම අනාරක්ෂිතයි. පල්ලම නිසා වාහන හයියෙන් යනවා. මෙයාලට පාර හුරු නැහැ. කොයි වෙලේ යට වෙයිද කියන්න බෑ

බබාලා දෙන්නා ගෑණු බබාලද පිරිමි බබාලද කියන්න දන්නෙ නෑ. පණිවිඩය දුන්න මල්ලිට බබලා අල්ලන්නවත් අම්මා දෙන්නේ නෑලු

බබාලට විතරක් ගෙවල් හොයාගෙන අම්මාව පාරේ අතරමං කරලා තියන්න බෑ 🙁

ඒක නිසා අම්මටත් ගෙයක් ඕනේ 😓

මේයාලට පිහිටක් වෙන්න පුලුවන් කෙනෙක් මට කියන්න. අම්මාව මේ මාසේ අන්තිම තියෙන සායනයෙන් නොමිලේම ඔපරේශන් කරලා දෙන්නම් .

බබාලාත් කෙල්ලෝ නම් හරි වයසෙදි ඔපරේශන් කරලා දෙන්නම්.

තැන්නේකුඹුර තලාතුඔය අවට නම් අපි ගෙනත් දෙන්නම්.

පුලුවන් කෙනෙක් මට කතා කරන්න 🙏

078 9907024

Address

Kandy

Telephone

+94789907024

Website

Alerts

Be the first to know and let us send you an email when Meliora Animal Rescue Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share