Royalpets Animal Hospital

Royalpets Animal Hospital Open Everyday 9.00AM - 8.00PM The Royal Care for Your Best Friend
(4)

20/04/2024
Cesarean surgery
21/03/2024

Cesarean surgery

20/03/2024

Happy Client and Patient after correction of inguinal herniation

කලු කොල්ලා KAIRO (Breed Cane Corso)
18/01/2024

කලු කොල්ලා KAIRO (Breed Cane Corso)

These cuties, 1month & 1week of age
01/03/2023

These cuties, 1month & 1week of age

with Cesarean babies
14/02/2023

with Cesarean babies

Doggy handsome
28/10/2022

Doggy handsome

16/08/2022

PetDoc welcomes Dr. Jeewani Kaviraja from Royalpets Animal Hospital Kandy.

Now you can channel her for all your pet needs by downloading the PetDoc App.
htttp://petdoc.lk/app

01/07/2021

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පශුවෛද්‍යවරයාගේ දායකත්වය.

** පශුවෛද්‍යවරයා යනු කවරෙක්ද ?

පශුවෛද්‍යවරයා යනු රෝගාතුර වූ හෝ තුවාල ලැබූ සත්ත්වයෙකුට ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලත් වෘත්තියවේදියෙකු ලෙස සරලව හදුන්වා දිය හැකියි.
නමුත් පශුවෛද්‍ය වෘත්තිය සතුන් සුවපත් කිරීම පමණක්ම යන කාරණයෙන් ඔබ්බට විහිදිලා ගිය සුවිසල් විශය පථයක් බවත් සමාජයට විශාල කාර්‍යභාරයක් ඉටුකරන වෘත්තියක් බවත් කිවයුතුයි.

** ලංකාවේ පශුවෛද්‍යවරු කී දෙනෙක් විතර ඉන්නවද ?

ශ්‍රී ලංකාවේ අද වන විට පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ පශුවෛද්‍යවරු 2500 කට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා.මේ පශුවෛද්‍යවරුන්ගෙන් බහුතරය පේරාදෙණිය විශ්වවිද්‍යයාලයට ඇතුලත් වෙලා පශුවෛද්‍ය විද්‍යයා උපාධිය සම්පූර්ණ කල පිරිස.ඉතාම සුලු පිරිසක් විදේශ රටක උපාධිය හදාරලා ශ්‍රී ලංකාවේ සේවය සපයනවා.ශ්‍රීලංකාවේ පශුවෛද්‍යවරු විවිධ ක්ෂේත්‍ර යටතේ තමන්ගේ සේවය සහ දැනුම ලබා දෙනවා.
පශුවෛද්‍ය වෘත්තිය ඇත්ත වශයෙන්ම විස්තර කල නොහැකි තරම් වූ පුළුල් පථයක දිවයන වෘත්තියක්. මෙම ලිපිය මගින් අපට හැකිවන්නේ පශුවෛද්‍ය වෘත්තියේ ඇති දිශානතියන් පිළිබඳව මතුපිටින් යම් ස්පර්ශයක් කිරීම පමණක් බව කිව යුතුයි.

** පශුවෛද්‍යවරයෙක්ට උනාම මොනවද අපිට කරන්න පුලුවන් ?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පශුවෛද්‍යවරු රාශියක් තමන්ගේ සේවය සහ දැනුම ලබා දෙනවා.ඉන් බොහෝ දෙනා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ,රජයේ පශුවෛද්‍ය කාර්‍ය්යාල සහ රජයට අනුබද්ධ වෙනත් ආයතන වල සේවය කරනවා. මෙහිදී ගොවිපළ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ නිශ්පාදන ධාරිතාව ඉහල නැන්වීමට සුවිසල් කාර්‍යභාරයක් සිදුකරනවා.මෙලෙස දළ දේශීය නිශ්පාදනය ඉහල නැංවීම තුලින් රටේ ආර්ථික වර්ධනයට ශක්තියක් වීමට පශුවෛද්‍යවරයා ඉහළ දායකත්වයක් ලබා දෙනවා.මීට අමතරව මහජන සෞඛ්‍ය සම්බන්ධවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේත්, වනජීවී සන්රක්ෂක දෙපාර්තමේන්තුවේත් පශුවෛද්‍ය වෘත්තිකයන් සේවය සපයනවා .
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේත්, වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේත් සේවය කරන පශුවෛද්‍ය වරුන්ට වෙනස්ම පරිසර පද්ධති වල වෙනස්ම සත්ත්ව කොට්ටාශයක් සමග ගණුදෙනු කරන්න ලැබෙනවා. වනසතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ පර්යේෂණ කිරීමට ලැබෙන වටිනා අවස්ථාව අතරේ එම වටිනා සංවේදී සත්ත්ව ප්‍රජාව සංරක්ෂණ‍ය කරගැනීමේ මාහැඟි කාර්‍යභාරයක් එම පශුවෛද්‍යවරුන් ට කළ හැකි වෙනවා.

** ඊට අමතරව පශුවෛද්‍යවරයෙක්ට යොමුවෙන්න පුලුවන් වෙනත් ක්ශේත්‍ර මොනවද ?

පශුවෛද්‍යවරයෙකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ද ඉතාම විශිෂ්ට දායකත්වයක් දැක්විය හැකි බව කිව යුතුයි. නව දැනුම සදහා පර්යේෂණ කිරීම සහ පශුවෛද්‍ය පීඨයේ මෙන්ම අනෙකුත් පීඨ වල සිසු සිසුවියන්ට ද නව දැනුම බෙදාදෙන මහාචාර්යතුමන් ආචාර්යතුමන්,ආචාර්යතුමියන් රාශියක් පශුවෛද්‍ය පීඨය තුලින් බිහිවෙලා තිබෙන අතර එලෙස ඉතා ප්‍රසිද්ධියට පත්වූ බොහෝ පශුවෛද්‍යවරන් සිටිනවා.
පශුවෛද්‍ය වෘත්තිකයන් ලෙස නූතන විද්‍යයාවේ උන්නතිය සදහා උර දීමට විවිධාකාරයෙන් හැකි වෙලා තිබනවා.මේ වන විටදී ද විවිධ අංශ ඔස්සේ බොහෝ පශුවෛද්‍යවරුන් නව පර්යේෂණ වල නියැලෙන අතර නව සොයා ගැනීම් ප්‍රමාණයකුත් එම පර්යේෂණ මගින් අත්කරගෙන තිබෙනවා සහ එම පර්යේෂණ පිලිබඳව ලොව පුරා සාකච්චා වෙනවා වගේම ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා.
පෞද්ගලික අංශයේ පශුවෛද්‍යවරු බොහෝමයක් සුරතල් සතුන් වෙනුවෙන් සේවය ලබා දෙන්න යොමු වෙලා සිටිනවා. ඔවුන් තමාගේ සුරතලා ව ලෙඩරෝග වලින් බේරාගැනීමටත් සෞඛ්‍යයාරක්ෂිතව රැකබලා ගැනීමට උපදෙස් සහ සේවය ලබාදෙනවා.මීට අමතරව සතුන් සදහා නිර්දේශිත ඖෂධ ,ආහාර සහ ආහාර අතිරේක නිශ්පාදනය කරන සමාගම් වලට තම විශේෂ දැනුම සහ සේවය ලබා දෙන පශුවෛද්‍යවරු බොහෝමයක් ලංකාවේ දැකගන්නට පුලුවන් .
සතුන්ගේ සෞඛ්‍යමය ගැටලු වලට වෙහෙසෙන ලෙසම සියලුම සතුන්ගේ සුබසාධනය තහවුරු කිරීමටත් ,මිනිසා සහ සතුන් අතර ඇතිවන ගැටුම් අවම කරමින්, සතුන්ගෙන් මිනිසාට ඇතිවිය හැකි රෝග අවම කරගැනීමත් වෙනත් රටවල් වලින් ගෙනෙන සතුන්ගේ තත්ත්ව පරික්ෂණ කටයුතු සදහාද පශුවෛද්‍ය භූමිකාව වැදගත් වන බව දැක්විය යුතුයි.
පශුවෛද්‍යවරුන්ට විවෘත වෙලා තිබෙන තවත් මාර්ගයක් ලෙස ආරක්ෂක අංශය දක්වන්න පුලුවන්.ශ්‍රී ලංකා යුධ හමුදාව,නාවික හමුදාව ,ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන වල පශුවෛද්‍යවරු බොහෝ පිරිසක් සේවය කරනවා.එම ආයතන වල අශ්වාරෝහක අංශය, සුනඛ අංශය (canine unit) අංශයන් වලට අදාලව පශුවෛද්‍යවරුන් කරන මෙහෙය සුළුපටු නැහැ.එම නිසා ජාතික ආරක්ෂාව පිලිබඳවත් යම් වගකීම් ප්‍රමාණයක් දරන්න පශුවෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

** ඒ විතරක් නෙවෙයි.....

"පශුවෛද්‍යවරයා" දැනට ලෝකයේ පිළිගත් අංක එකේ වෘත්තිකයෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යයාලයේ පශුවෛද්‍ය පීඨයෙන් බිහිවූ පශුවෛද්‍යවරුන් ලංකාවේ මෙන්ම ලෝකය පුරා බොහෝ රටවල තමන්ගේ වටිනා සේවය සපයන බව කිව යුතුයි.
මෙලෙස පශුවෛද්‍ය වරයා යනු කවුරුද කියන කාරණය පිළිබඳව ඉතාම සුළු ප්‍රමාණයේ පැහැදිලි කිරීමක් මෙම ලිපිය හරහා ඔබට ලබා දී තිබෙනවා....

Address

Kandy
20000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

94768873874

Website

Alerts

Be the first to know and let us send you an email when Royalpets Animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royalpets Animal Hospital:

Videos

Share

Category