
22/01/2025
Share please.
පාර්ලිමේන්තුව තුල සිටින වීදි සුනඛයන් ඉවත්කිරීම වෙනුවෙන් සත්ව සුබසාධන ක්‍රියාකාරීන්ගේ හා සත්ව සුබසාධන සංවිධානයන්ගේ සහයෝගය ඉල්ලා පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ සමාජමාධ්‍යවල සංසරණය වන ලිපිය සම්බන්ධව AWC සංවිධානය නියෝජනය කරමින් චම්පා ප්‍රනාන්දු මහත්මිය එම ලිපිය සම්බන්ධව පාර්ලිමේන්තු උද්‍යානය බාර ජනක මහතාව සම්බන්ධ කරගැනීමට කටයුතු කලා,
එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ උද්‍යාන භාරව සහ කළමනාකරණය භාරව කටයුතු කරන සියලුම දෙනා සතුන්ට ආදරයෙන් සලකන බවත් එම සතුන්ගේ අවශ්‍යතා සොයාබලන බවත් ඒ අනුව සියලුම සතුන් වන්ද්‍යාකරණය සිදුකර එන්නත් ලබාදී ඇති බවත්ය.
නමුත් මෑතකාලයේදී අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු පරිශ්‍රයට පිටින් පැමිණෙන පාසල් ළමුන්ට සහ තානාපතිවරැන්ට මෙම සතුන් නිසා අපහසුතාවයට පත්වීමට සිදුඋන අවස්ථාවන් වාර්තා උන නිසා මේ සතුන්ගේ සහ පැමිණෙන අයගේ යහපත උදෙසා මෙම සතුන්ව ආරක්ෂිතව මෙම ස්ථානයෙන් ඉවත්කරගැනීමට පියවර ගැනීමට ඔවුන් අදහස් කර ඇත.
ඒ අනුව එවැනි සතුන්ව රැකබලාගන්නා පුද්ගලයන් හෝ ආයතන තිබේනම් ඒවා වෙත මෙම සතුන් යොමුකිරීමට මෙම ලිපිය යොමුකළ බවත් කිසිදු අවස්ථාවක සතුන්ව අනාරක්ෂිත ස්ථානයකට ගෙනගොස් දැමීමට ඔවුන් අදහස් නොකරන බවද ඔහු පැවසුවා, එහිදී එලෙස සතුන් අනාථාගාරයන් වෙත යොමු කිරීම ප්‍රායෝගික ක්‍රමවේදයක් නොවන බවත් මේ සදහා සිදුකල හැකි ප්‍රායෝගික සහ මානුෂීය විසදුම් පිළිබඳව ඔහුව දැනුවත් කිරීමට AWC සංවිධානය කටයුතු කල අතර ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධව අදාල නිලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡාවක් සිදුකිරීමට සහ සතුන්ට අයහපතක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනව,
අවාසන වශයෙන් වීදි සුනඛයන් ගහනය පාලනය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි පිලිතුරු තිබියදී එක් එක් ස්ථානවල හුදකලාව ප්‍රශ්න විසදීමට යාමෙන් සමස්ථ ක්‍රියාවලියම අර්බුදයට යා හැක,
දිගින් දිගටම සත්ත්ව සුභසාධන සංවිධාන සත්ත්ව ගහන පාලනය සම්බන්ධයෙන් නිශ්චිත ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව කියා සිටියත්, තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොතිබීම කනගාටුවට කරුනක්.
අප යෝජනා කරන ජාතික ප්‍රතිපත්තිය 👇
https://www.facebook.com/share/p/18fnrACVCb/