පිංකි - Pinky

පිංකි - Pinky ඔබගේ ගෙදර සුරතලයට හදන ඕනෑම වර්ගයක සුරතල් බවුවන් පූසන් වෙනුවෙන් ඔවුන්ටම වෙන්වූ පෝෂදායී ආහාර අපෙන්❤️

⭕   Lets bite puppy 10kg(1kg free) - 12800/=⭕   Lets bite adult 10kg (1kg free)- 12800/=⭐️ඔබගේ ගෙදර සුරතලයට හදන  ඕනෑම වර...
03/01/2024

⭕ Lets bite puppy 10kg(1kg free) - 12800/=
⭕ Lets bite adult 10kg (1kg free)- 12800/=

⭐️ඔබගේ ගෙදර සුරතලයට හදන ඕනෑම වර්ගයක සුරතල් බවුවන් වෙනුවෙන් බවුවන්ටම වෙන්වූ පෝෂදායී ආහර දැන් ඔබගේ නිවසටම ⭐️

⭕ 🛵විශේෂ වටිටම් සහිතව ඔබ ළගටම🛵

රුපියල් 1000/= ක වාසියක්😍❤️

ගෙන්න ගන්න whatsapp massage එකක් දාන්න

🐾 My pet🎀Drools Cat & Dog Food🎀🐈‍⬛Cat food🐈‍⬛🐈ඔබගේ ආදරණීය කිටියන් සදාහා🐈⭐️ඔබගේ ගෙදර සුරතලයට හදන  ඕනෑම වර්ගයක සුරතල් කි...
03/01/2024

🐾 My pet

🎀Drools Cat & Dog Food🎀

🐈‍⬛Cat food🐈‍⬛

🐈ඔබගේ ආදරණීය කිටියන් සදාහා🐈

⭐️ඔබගේ ගෙදර සුරතලයට හදන ඕනෑම වර්ගයක සුරතල් කිටියන් වෙනුවෙන් කිටියන්ටම වෙන්වූ පෝෂදායී ආහර දැන් ඔබගේ නිවසටම ⭐️

🛵විශේෂ වටිටම් සහිතව ඔබ ළගටම🛵

🔥අති විශේෂ වට්ටම්🔥

🤙දැන්ම කතා කර ඔබගේ ඇනවුම ලබා දෙන්න👇

📞 0703912463

ඔය ලියුම දීලා පලයන් මිනිහෝ😁🤣🤣🤣
14/07/2022

ඔය ලියුම දීලා පලයන් මිනිහෝ😁🤣🤣🤣

03/04/2022



🇱🇰 🇱🇰

මෙච්චර කල් අපි කලේ ෆේස්බුක් එකේ පෝස්ට් දදා ඉදපු එක විතරයි නේද..අපි තවත් බලන් සිටිය යුතු ජාතියක්ද,අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තී...
30/03/2022

මෙච්චර කල් අපි කලේ ෆේස්බුක් එකේ පෝස්ට් දදා ඉදපු එක විතරයි නේද..

අපි තවත් බලන් සිටිය යුතු ජාතියක්ද,අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීරණ ගන්න බැරි වුනොත් අවසානය වන්නේ ඔබෙත් මගෙත් ජීවිත තව තවත් කාලකන්නි වීමට බලා සිටීමයි..

මේ ඉරිදා ඔව් අපේල් 03 උදේ 10.00ට ලගම තියෙන ටවුන් එකට කැමති ඇදුමෙන් සැරසිලා එන්න..

එන්න බැරිනම් ලගම තියෙන පාරට ගමේම කට්ටිය එක්ක එකතු වෙන්න,වාහනේ සිටිනවනම්, වාහනේ නතර කරලා පාරට බැහලා සහයෝගය දෙන්න,ඔෆිස් එකක ඉන්නවනම් ඔෆිස් එකෙන් එලියට බැහලා විරෝධය ප්‍රකාශ කරන්න,කැම්පස් සිසුවෙක්නම් යාලුවෝ ඔක්කොම එක්ක පාරට එන්න,සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියලුම දෙනා එකතු වෙන්න..

එකා දෙන්නෙක් විතරක් නෙවෙයි මේකට උතුරේ ඉන්න නඩරාජා නංගිලගේ ඉදන් දකුණේ ඉන්න සුමනසිරී මල්ලිලගේ ඉදන් හැමෝම එකතු විය යුතුයම...

අරගලයට ජය වේවා.. එකතුවෙමු

එකතුවෙන්න අපේ Group එකට

https://www.facebook.com/groups/gohomegota2022/?ref=share


😍😘❤️
14/02/2022

😍😘❤️

එයාව ගොඩක් මතක් වෙනවද...හිතෙනවද ආපහු ආවොත් බාර ගන්නවා කියලා කාටත් හොරෙන් කොට්ටේ තෙත් වෙනකන් අඩලා තියෙනවද...ගැලරියේ ආයෙමත...
08/02/2022

එයාව ගොඩක් මතක් වෙනවද...
හිතෙනවද ආපහු ආවොත් බාර ගන්නවා කියලා
කාටත් හොරෙන් කොට්ටේ තෙත් වෙනකන් අඩලා තියෙනවද...
ගැලරියේ ආයෙමත් බලන් නෑ කියලා හංගන් ඉදපු
එයාගේ photo බලල තාමත් හූල්ලනවද...
එහෙනන් ටිකකට නතර වෙලා කියවපං
------------------------------------------

මහා ගොඩක් බලාපොරොත්තු දීලා
පණ,මැණික ලස්සන වචන වලින් උඹේ ලෝකේ පුරවලා
ලෝකේම ඉන්න හොදම එකා/ එකී ඉන්නේ උඹට කියලා පෙන්නලා
කියන්න පුලුවන් සුරංගනා කතා සේරම කියලා
උඹ නැති වුණොත් මං මැරෙයි කිව්ව කටින්ම
මට උඹ එපා උඹ මට පිළිකුල් කියලා
ගියා නේද?...

ලෝකේම කඩාගෙන වැටුණා වගේ හැගීමක් දැනෙන්න ඇති
කවුරු ළඟ හිටියත් එයා නැති අඩුව පාලුව දැනෙන් ඇති
උඹ කොල්ලෙක්නං සිහියක් නැති වෙනකන් බොන්න ඇති
කෙල්ලෙක්නං මහා රෑ ඇස් වල කදුලු ඉවර වෙනකන් අඩන්න ඇති...

හැබැයි |

ඔය කදුලුවත් වේදනාවත් උන් දකින් නෑ
දැක්කත් උන්ට වැඩකුත් නෑ
මොකද එහෙම දුක් වෙන්න හැගීමක් තිබ්බනං
උඹ ඔහොම අඩන්න ඕනීද
එහෙනන් හිනාවෙනවා නේද?....

ඒත් මම දෙයක් කියන්නද....

දුන්න ආදරේට අවංක වුණාද
ඒ ආදරේ පරිස්සං කර ගන්න දැගලුවද
කැපකිරීම් යුතුකම් ඉශ්ඨ කරාද
ඌ/ ඒකී දුන්නට වඩා ආදරයක් දුන්නද
ඒ හැමදේම කරලත් උඹව එපා කියලා යන්න හදනවනං
යන්න දෙන්න
මොකද යන කෙනා කොහොමත් යනවා
දුකක් දැනෙයි ඇයි මෙච්චර ආදරේ කරපු මාව දාලා ගියේ කියලා...

හිතින්_යන_අය_අතින්_අල්ලා_නවත්නට_බෑ"

ඒත්,
සතුටු වෙන්න ඔයාගේ ආදරේ හරි පිරිසිදුයි කියලා
අවංකම ආදරේ කරානං ඒ ආදරේ ළඟ අඩන්න එපා
මොකද
ඒක ඔයාගේ ආදරේටම ඔයා කරන වැරැද්දක්
තමන්ගේ ආදරේ කාගෙවත් ළඟ හෑල්ලු කරන්න එපා...

දවසක් එනවා ඒ ගියපු අයටම ඔයා දිහා හැරිලා බලන්න
ඔයාව ඕනී කියලා හිතෙන
ආපහු ඔයාගේ ආදරේ ළඟ නවතින්න
හැබැයි එදාට
බාර ගන්න හිතන්නවත් එපා
ඒ මෝඩකම ආයෙමත් කරන්න එපා..!

මොකද එක පාරක් උඹව අඩවපු එයාට
දෙවනි පාර උඹව අඩවනව එක මහා දෙයක් නෙවේ
කොච්චර ආදරේ වුණත් ඒ ආදරේ හිතට සීමා කරන්න
ළඟ ඉදන් ආදරේ කරනවට වඩා
දුරින් ඉදන් ආදරේ කරද්දී ඒ ආදරේ හරි ලස්සනයි
විදවන්න දෙයක් නෑ බලාපොරොත්තු නෑ
තියෙන්නේ අනෙකාගේ සතුට විතරයි.. ❤️✌️

දවසක හම්බ වෙයි උඹ තරමටම උඹට ආදරේ කරන බැදීමක්
එදාට දැනෙයි ජීවිතේ ආයෙමත් විදිනවා කියලා
එතකං උඹ උඹේ හීන පස්සේ දුවපං
යන උන්ට ‍යන්න දීලා...🌸🖤

උදේම මෙහෙම පෝස්ට් එකක් දානවට සමාවෙන්න..ඇත්තටම සමහර යාළුවන්ගේ වැඩ හින්දා පුදුම කලකිරීමකින් ඉන්නෙ. මේ කාලේ හැමෝම ඉන්නේ අමා...
02/01/2022

උදේම මෙහෙම පෝස්ට් එකක් දානවට සමාවෙන්න..ඇත්තටම සමහර යාළුවන්ගේ වැඩ හින්දා පුදුම කලකිරීමකින් ඉන්නෙ. මේ කාලේ හැමෝම ඉන්නේ අමාරුවෙන්. එ⁣හෙම තියෙද්දි තව කෙනෙක්ට උදව්වක් කරන්නේ නොකර බැරි කමට මිසක් පුළුවන් කමකට නෙවෙයි.. හැබැයි සමහරු ඕක තේරුම් ගන්නෑ.. උදව්වක් කරාම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හදනවා මිසක් උදව්ව කරන මනුස්සයා ගැන පොඩ්ඩක් වත් හිතන් නෑ..

මේහෙම කියන්න හේතු වුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි.. පහු ගිය දවසක යාළුවෙක් මගේ ජෙට් එක ඉල්ලා ගත්තා.. ලෙඩෙක්ව එක්කන් යන්න කිව්ව හින්දා මම මට යන්න තිබ්බ ගමන් ටික පැත්තකට දාලා ෆුල්ටෑන්ක් ගහලා තිබ්බ ජෙට් එකේ යතුර දුන්නා..දැන් බලද්දි උන් ගිහින් තියෙන්නේ පවුල් පිටින් වන්දනා ගමනක්.. රිවස් කරද්ද්දි වද්දලද කොහෙද එක තට්ටක් හීරිලා..ශී⁣ට් ටික පොඩි එකෙක්ද කොහෙද හූරලා. ඒ මදිවට ෆුල්ටෑන්ක් ගහලා තිබ්බ ජෙට් එක ගෙනත් තියලා තියෙන්නේ තෙල් අන්තිම බිංදුවට බස්සලා..ශෙඩ් එකට යනකම් පනබයේ ගියේ කොයි වෙලේ කඩා වැටෙයිද කියලා.. කරලා තියෙන්නේ කොච්චර හිඟන වැඩද කිව්වොත් බොධිය ගාවින් පඬුරක් දාන්න බලද්දියි දැක්කේ කැබිහෝල් එකේ තිබ්බ මාරුකාසි ටික පවා හොරකම් කරලා..

ඕන් අපිට ඉන්න යාළුවෝ..😎

#උපුටාගැනීමකි😊

තරුණ වැඩිහිටි ළමා කසාද බැදපු  අය කාසාද බදින්න ඉන්න අය හැමෝම අනිවාර්යයෙන්  එක තප්පරයක් නැවතිලා අහන්න.....උබයි මමයි වදන්න ...
01/01/2022

තරුණ වැඩිහිටි ළමා කසාද බැදපු අය කාසාද බදින්න ඉන්න අය හැමෝම අනිවාර්යයෙන් එක තප්පරයක් නැවතිලා අහන්න.....

උබයි මමයි වදන්න මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව විදින ඇය ගැහැණියක් පිරිමි අපට ජීවය දෙන්නේ ගැහැණියයි......

ඒ වේදනාව උඹ කවදා හරි ඇස් දෙකෙන් දුටුවොත් කවදාවත් ගැහැණු නිරුවතකට ගරහන එකක් නෑ.....

මහ මෝදර කාන්තා රෝහල් කොරිඩෝවට නිකමට හරි ගොඩ වෙලා බලපම් ගැහැණියක් විදින වේදනාව ....

විනාඩි පහක් එක දිගට අත දික් ඇරලා පොඩි බරක් වත් අපට තියාගෙන ඉන්න බැරි උණාට ඒ ගැහැණිය මාස දහයක් තම දරුවා කුසේ තියන් පරිස්සම් කරනවා......

ඒකිට නින්දක් නෑ කකුල් ඉදිමිලා කොන්දේ අමාරුව කන්න බෑ අපුලයි....

වෙනදා වගේ ඇවිදන් යන්න බෑ

මාස දහයක් එක දිගට වේදනාව විදින්නේ උඹලගේ පරපුර රැක ගන්න.....

රෝහල් කොරිඩෝව දිගේ බිත්ති අල්ලාගෙන අනිත් අතින් කුස අල්ලාගෙන කදුළු බේරන්නේ අද උඹ වරුවක සතුට පාවිච්චි කරන ඒ පුංචි කෙල්ල වෙන්න පුළුවන් ......

'පුළුවන් තරම් ඇවිදින්න' නර්ස් නෝනා කියලා ගියාම අමාරුවෙන් හරි ඇවිද්දේ උඹව පරිස්සමට මේ ලෝකෙට ගේන්න ඕන නිසායි ....

අස්ති දහයක් එක වර බිදලා දාද්දි උඹට දැනෙන වේදනාව ගැන හිතපම් අන්න ඒ වෙදනාව අර පුංචි කෙල්ලත් කාවදාහරි විදිනවා බං....

ලේබල රූම් එකේ දොර ගාවදි ඒ පපුව කොච්චර ගැහැනවා ඇත්ද දරුවා ඉපදෙන්න ජීව මාර්ගය 10cm කතුරකින් කපා ඒ මාර්ගයේ ඉඩ විවර කරද්දි ......

දැනෙන වේදනාව කවදාවත් උඹටයි මටයි නම් කවදාවත් දරාගන්න බැරි වෙයි සහෝදරයා.......

තොල කට වේලෙන කොට මිසීගෙන් ඉල්ල ගන්න වතුර පොද තොල ගාගෙන උඹ ගැනයි පුංචි පැටියා ගැනයි හිතලා ඒ ගැහැණිය වේදනාව අතරින් හිනාවෙනවා .....

පුංචි පැටියා අඩනකම් බලාගෙන ඉන්න දොස්තර මහත්තයාලා , මිසී නෝනලගේ පපුව තප්පරයක් වේගයෙක් ගැහෙන්න ගන්නවා පුංචි පැටියා ඇඩුවට ඒ හැමෝම හිනා වෙනවා ....

දරුවාගේ පිකිණි වැල කපලා අම්මාගේ පපුව උඩින් තිබ්බාම ඒ සෙනෙහසට ලේ පවා කිරි වෙන්නේ උඹේ බඩගින්න නිවලා දාන්න ....
ඒ පපුවේ පියයුරු තුඩු වලින් එන
ඒ පවිත්‍රත්වය ඒ ආදරය උඹේ පළවෙනි ආහාර වේලයි......

මෙච්චර දුක් ගොඩක් විදින ගැහැණියට මාස දහයක් කුසේ සැගවෙලා සිටි ගැහැණිය
උඹේ ඉහ නිකට පැහෙද්දි උඹට ඇය බඩුවකි කෑල්ලකි කදකී....

උඹේ ආශාවන්ට සෙල්ලම් කරන සෙල්ලම් බඩුවකි ...

උබේ අම්මා විතරක් නෙවෙයි උඹේ පෙම්වතිය සහෝදරිය යෙහෙලිය වගේම තමා හැම ගැහැණියක් ම විදිනවා බං ඒ දුක
මදි නොකියන්නම .....

වේදනාව හිර කරන් ඉදලා බැරිම තැන එලියට දාපු අම්මා වගමයි අනිත් ගැහැණුත් කියලා හිතන්න බැරි ඇයි.......

අවුරුදු ගාණක් එල්ලිලා කිරි බීපූ තනේ උඹ කෙල්ලෙක්ගෙන් දැක්කාම උඹේ පාලනය නැති වෙනවා නම්
කොටින්ම උඹේ ශුක්‍රාණුවකට
උඹේ නම දෙන්න බැරි නම්
මොකද්ද බං උඹේ පිරිමි කම.....

රැකපන් ඇස් දෙක වගේ කෙල්ලෙක් ගරුකරපන් උඹේ අම්මට වගේම සෑම ගැහැණියකටම.....
උඹ බිව්ව ඒ කිරිවලට
අම්මා වින්ද විලිරුදාවට
ණය ගෙවෙයි ටිකක් හරි
වටිනාකමක් දෙන්න දුකක් නොදී වේදනාවක් නොලැබුණු උබේ පිරිමි කමට ........

සැබෑ වේවා කිරි සිහිනය අම්මාවරුන්ගේ
අංගුලිමාල මහ රහත් තෙරුවන් බෙලෙන්......ලියපු අකුරක් ගාණෙම ආශිර්වාදය වේවා ඒ උතුම් මාතෘත්වයට!!!

💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗......

ආයේ දවසක හමුවෙන්න බලාපොරොත්තු වෙන්න ...ගිහින් එන්නම්.... අත්දැකීමක් නොමැති හෙයින් ඒ වේදනාව අකුරු කරන්න අමාරුයි ...වරදක් ඇතොත් සමාවෙන්න ....

📖️📖sp imasha️📖️📖️

💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗......

කියන්න බලන්න...
19/12/2021

කියන්න බලන්න...

23/11/2021
😥  මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ😐😥  මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ😥  මගේ කොන්ඩෙ ඝණව වැවෙන්නෙ නෑ හරිම තුනී....
22/11/2021

😥 මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ😐
😥 මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😥 මගේ කොන්ඩෙ ඝණව වැවෙන්නෙ නෑ හරිම තුනී.
බහුතරයක් අයට තියෙන ප්‍රශ්නයක් 🙆😩
💃 හැම ගෑනු ලමයෙක්ගෙම හීනයක් තමයි පිරිපුන් දිග කොන්ඩයක් .
💃💃 වැවෙන්නෙ නෑ කියන ඕනෙම කොන්ඩයක් මම . මාසයක් දෙකක් අතර පැහැදිලි වෙනසක් පේන විදිහට වවලා පෙන්නනවා.😍🙋 ඔව් මම ඒ අභියෝගය බාර ගන්නවා.
🤷 මොකද ඒ තරම්ම වටින දේශීය ආයුර්වේදයේ එන වට්ටෝරුවකින් තමයි සොබාවි හෙයාර් ඔයිල් එක හදන්නෙ.
☝️🙆මේ හෙයා ඔයිල් එක පාවිච්චි කරන විදිහක් තියනවා.මේ විදිහටම පාවිච්චි කරලම බලන්නකෝ වෙන කිසිම නිශ්පාදනයකින් අත්නොවිදි ප්‍රතිඵල ඔබට ගන්න පුළුවන් .
1-නාන්න පැය 2කට කලින් ඔයිල් එක use කරන්න . ඔයිල් එක හිස්කබලට වැදෙන්න ගාන්න ඕනෙ. ඇගිලි තුඩුවලින් හොදින් ඔලුව මසාජ් කරන්න. ඔයාගෙ කොන්ඩය ගොඩාක් වියලි නම් කොන්ඩෙත් ඔයිල් එක ගාන්න.
2-කොන්ඩය සැර අඩු ශැම්පු එකකින් සෝදාගන්න.
3-කන්ඩිශනර් කරනවානම් කරන්න . ඒක ප්‍රශ්නයක් නෑ
4- කොන්ඩය පිහිදානකොට වේගයෙන් පිහිදන්න එපා. හෙමින් සැරේ කොන්ඩෙ තෙත මාත්තු කරන්න.( කොන්ඩට ආදරෙන් සලකන්න😍 එකත් කොන්ඩෙ වැවෙන්න එක හේතුවක් )
මාසයක් එක දිගට පාවිච්චි කරලම බලන්නකො.😍
🙆 මීට අමතරව මේ දේවලුත් අනිවාර්යයෙන් ම කරන්න .......
☺️ ගොඩාක් වතුර බොන්න
☺️ සැර අඩු ශැම්පු පාවිච්චි කරන්න .
☺️ දවසට එක පාරක්වත් මැල්ලුම් කන්න .
☺️ සතියට දෙසැරයක් වත් කොලකැඳ බොන්න.
☺️ හැම වෙලාවෙම කල්පනා කරන්න එපා සතුටින්ම ඉන්න බලන්න.
🧚 මේදේවල් මාසයක් කරන්න .හිතන්නෙවත් නැති ප්‍රතිඵල ඔයාට ලැබෙයි😍
💇කොන්ඩය ආභරණයක්.✂️කතුර නම් ලං කරන්න එපා. කොන්ඩය ආරක්ෂා කරගන්න.
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න..
🚕️🚕️🚕️ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක් එවන්න.
ලැබුනු පසු මුදල් ගෙවන්න.

https://www.facebook.com/සොබාවි-හෙයාර්-ඔයිල්-100231132177188/

ගොඩක් අය අහනව සොබාවි හෙයා ඔයිල් එකේ රිසල්ට්ස් ගැන..ඔයිල් එක පාවිච්චි කරපු කිහිප දෙනෙක්ගෙ ප්‍රතිචාර මේ තියෙන්නෙ.. ඇත්තටම ...
24/10/2021

ගොඩක් අය අහනව සොබාවි හෙයා ඔයිල් එකේ රිසල්ට්ස් ගැන..
ඔයිල් එක පාවිච්චි කරපු කිහිප දෙනෙක්ගෙ ප්‍රතිචාර මේ තියෙන්නෙ..
ඇත්තටම සතුටුයි මේව දකිද්දි..

💞.හොඳ දෙයක් ,හොඳ විදිහට කරද්දි ඒ හොඳ දේ හොඳම විදිහට අපිට ආශිර්වාදයක් වෙනවලුනේ😍 ඉතින් අන්න ඒ සතුට කියන්න තමයි මේ ලෑස්තිය🙈
මීට මාස කිහිපයකට ඉහතදී අප හදුන්වා දුන් hair oil එකට ( සොබාවි හෙයාර් ඔයිල් )

එක ඔන්න ප්‍රතිචාර පිට ප්‍රතිචාර ලබන්න පටන් අරන් තියෙනවා😍
💞.100%ක් ස්වාභාවික ශාකසාර,තෙල්වර්ග සුසංගෝයකොට නිර්මාණය කරන ලද hair oil එක මඟින් ඔබේ හිසකෙස් ඝණව සහ දිගට මාස 3ක් 😍 ඇතුළත වවාගන්න,වර්ධනය කරගන්න ඔයාට පුලුවන් ඔන්න😍
💞.ඔබේ හිසකෙස් ඉතා ඉක්මනින් වර්ධනය වේ.ඝනැති පිරිපුන් හිසකෙස් ඉතාමත් කෙටි කලකින් ලබාදෙයි.
💞.යුවතියකගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කර පෙන්වන හිසකෙස් වර්ධන වේගය ඉක්මන් කරයි,ඉතාමත් ඉක්මනින් දිගු වරලසක් ඔබට ලබාගැනීමේ අවස්ථාව හිමිවේ....😍

💞.1000%කින් ප්‍රතිඵල සහතික වෙමි.

💞.මිල රු.900/=
💞.dilivery Chrgs 100/-
ලංකාව ඇතුළත ඕනෑම ස්ථානයකට dilivery කරනු ලබයි.😍


හැමෝටම ගොඩක් ස්තූතියි ළමයි...😍😍😍❤️❤️❤️

❤️
22/09/2021

❤️

මාමයිට්වලට කැමති අකමැති හැමෝටම 🙂  කියවන්න ...මාත් මාමයිට් කන්න බොන්න ආසයි ...1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ...
22/08/2021

මාමයිට්වලට කැමති අකමැති හැමෝටම 🙂 කියවන්න ...මාත් මාමයිට් කන්න බොන්න ආසයි ...

1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් අහම්බෙන් සොයාගත් ආහාරයක් ලෙස මාමයිට් ලෝකයෙහි උපත ලැබුවා. එදා මේ විද්‍යාඥයා සිතන්නටවත් නැතිව ඇති මෙය මේ තරම් ලෝකයේ ජනප්‍රිය වේවි කියා.

2.ඔය රසකර කර බොන බියර් වල අතුරුඅතුරුපලයක් විදිහට තමයි මාමයිට් හැදිලා තියෙන්නේ. මේ අතුරුපලයට ඊස්ට් සහ ලුණු එකතුකර පදන් කිරීමෙන් තමයි මාමයිට් රසගන්වලා තියෙන්නේ. පුදුමයට කරුණ එක නෙවෙයි.. තවමත් ලෝකයේ මාමයිට් වට්ටෝරුව වසර 118ක් පුරාවට රහසක් බව ඔබ නොදන්නවා ඇති. මේක ව්‍යාපාරික රහසක් ලෙසටයි පවතින්නේ.

3. මාමයිට් කියන එකේ තේරුම තමා “කැසරෝල් භාජනය” කියන එක. (Casserole Disk ) කියන එක.මාමයිට් බෝතලයේ ලේබලය මැද සටහන් කර තිබෙන්නේ එම භාජනයයි.

4. මාමයිට් විටමින් E වලින් සහ ෆෝලික් අම්ලයෙන් ඉතාම පොහොසත්. මේ ගැබිණි මවුවරුන්ට වගේම අපේ පොඩි දරුවන්ටත් යෝග්‍යයි. මේ නිසා මාමයිට් ඖෂධයක් ලෙසත් භාවිත කර තිබුණා.

5.මේ මාමයිට් සම්බන්ධ තවත් රස කතාවක්. පළමු සහ දෙවන ලෝක යුද්ධ වලදී සොල්දාදුවන්ගේ අහාර අතර අනිවාර්ය දෙයක් වුනේ මාමයිට් බෝතලයයි. 1999දී කොසොවෝ හි සටන් වැදුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගෙදරින් බැහැරව සිටින විට දැනෙන දුක හෙවත් Home Sick නැති කිරීමට ඔවුන් වෙත වැඩිපුර මාමයිට් යවා තිබුනා.

6. 1934 දී ශ්‍රී ලංකාව පුරා මැලේරියාව පැතිර ගියේ ඉතා වේගයෙන්. මේ රෝගයට ලක්වුවන් සඳහා පෝෂණ අතිරේකයක් විදිහට මාමයිට් ලබා දුන්නා.එය මොනතරම් සාර්ථක වුනාද කියනවානම්, එම අවස්ථාවේ රටට ලැබී ඇති මාමයිට් අරපිරිමස්සෙන් භාවිත කරන ලෙසට පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් පවා ක්‍රියාත්මක වුනා. 1930 දී බොම්බායේ කර්මාන්ත ශාලාවක රක්ත හීනතාවයෙන් පෙළුණු සේවකයන් කරගැනීමටත් මාමයිට් උපකාරී වූ බවයි සඳහන් වන්නේ.

7.අතීතයේ ලංකාවේ සුඛෝප බෝගී ආහාරයක් විදිහට මාමයිට් ජනප්‍රිය වුනා. පාන් කෑල්ලක මාමයිට් ටිකක් ගාලා කන්න දුන්නේ, මාමයිට් වීදුරුවක් බොන්න දුන්නේ යමක් කමක් තියෙන මිනිස්සු විතරයි. එත් ඉතින් දැන් තත්වය වෙනස්. උණු මාමයිට් පානය ජනප්‍රිය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින රටක්.

8. මාමයිට් කියන්නේ ඇත්තටම මහා පුදුම ආහාරයක්. සමහරු මාමයිට් වලට පිස්සුවෙන් වගේ ආස කරද්දී, සමහරුන්ට පෙන්න බැහැ. එයාලට ඉතිං මාමයිට් සුවඳ ආවත් මල පනින සීන් එකේ ඉන්නේ. මේ නිසාම මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it ” කියලා සඳහන් වෙන්නේ. ඉතින්! ඔයා මාමයිට් Lover කෙනෙක්ද නැද්ද කියන එක තීරණය කරලද තියෙන්නේ?

9. ලෝකයේ ප්‍රසිද්ධම මාමයිට් වර්ග දෙකක් තියෙන බව දන්නවාද? ඒ කහ ඇසුරුමේ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. අපි ඉතින් කන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් විතරනේ. පුදුමය ඒක නෙවෙයි. මාමයිට් එක්ක තරග කරන්න ලෝකයේ තවමත් ආදේශකයක් නැති එක තමා පුදුමය. වර්ෂ 2000 දී ලෝකයේ දැවැන්ත සමාගමක් වූ යුනිලීවර් සමාගම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළඳ නාමය තමා සතු කරගත්තා.

10. වර්ෂ 2011 දී භුමි කම්පාවක් නිසා නවසීලන්තයේ මාමයිට් නිෂ්පාදනාගාරය හානියට පත්වුනා. නිෂ්පාදන ක්‍රියාවලිය වසරකට වඩා නැවතුනා. තමා සතු මාමයිට් තොග අවසන් බවත්, තවත් බොහෝ කලකට මාමයිට් නිපදවිය නොහැකි බවත් සමාගම පැවසීමත් සමග මිනිසුන් වෙළඳපොලෙන් මාමයිට් තොග පිටින් මිලදී ගත්තා.මාමයිට් කියන්නේ ඇත්තෙන්ම දුර්ලභ භාණ්ඩයක් නිසාම Black Gold කියන අන්වර්ථ නාමය ඊට පටබැඳුණා. ඉතිරි වූ මාමයිට් බෝතල් වෙන්දේසි වූ අතර, එක මාමයිට් බෝතලයක් ඩොලර් 200ට දක්වා ඉහල ගියා. පසුව මාමයිට් අර්බුදය විසඳීමට නවසීලන්ත රජය මැදිහත් වුනා.

11. තවත් සුවිශේෂ කරුණක් තමයි මාමයිට් අනුබව කරන කෙනෙකුගේ දහදිය සමග මාමයිට් සුවඳ මුසුව තිබෙනවා. එය සාමාන්‍ය මිනිසුන්ට නොදැනුනාට, මදුරුවන්ට දැනෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මදුරුවන් මේ සුවඳට ලං වන්න අකමැති නිසාම මාමයිට් කන කට්ටියට මදුරුවන්ගෙන් කරදර අඩු බවයි පැවසෙන්නේ.

12. මේ තරම් රසවත්, ගුණවත් මාමයිට් වල නරක පැත්ත ගැනත් ඔයාට කියන්නම වෙනවා. මාමයිට් වල ලුණු ප්‍රතිශතය ඉතා ඉහල නිසා එය වැඩිපුර අනුභවය නිසා අක්මාවට සහ වකුගඩු සඳහා ඒ තරම්ම හොඳ නැහැ. අනුමත දෛනික ප්‍රමාණය වන්නේ , වැඩිහිටියෙකුටනම් 4g . ලමයින්ටනම් 2g.

උපුටා ගැනීමකි

💕💕💕
21/08/2021

💕💕💕

උපුටන -- සජී නිසන්සාසතුට හා පවුල පිළිබඳ උපමාවක්… එක් ගමක, අසල්වැසි නිවෙස් දෙදෙකක, විවිධ අදහස් ඇති පවුල් දෙකක් ජීවත් වූහ....
15/08/2021

උපුටන -- සජී නිසන්සා

සතුට හා පවුල පිළිබඳ උපමාවක්…

එක් ගමක, අසල්වැසි නිවෙස් දෙදෙකක, විවිධ අදහස් ඇති පවුල් දෙකක් ජීවත් වූහ. එක් පවුල් නිවසක අය නිතරම රණ්ඩු දබර, ඇමතුම් ඇති අතර අනෙක් නිවසේ සැමවිටම නිහඩතාව සහ අවබෝධය තිබුණි. දිනක් ආරවුල ඇති පවුලේ කාන්තාව අසල්වාසීන්ගේ සතුට ගැන ඊර්ෂ්‍යා කර තම සැමියාට මෙසේ පැවසුවාය.

- අසල්වැසි නිවෙස වෙත ගොස් ඔවුන් සැමවිටම යහපත් හා නිහඩ සිටින්නේ ඇයි දැයි බලන්න.

- සැමියා ඇයගේ ඉල්ලීම ඉටු කළේය. ඔහු අසල්වැසියාගේ ජනේලය ලග සැඟවී නිරීක්ෂණය කළේය. නිවසේ කාන්තාව බිම සෝදමින් සිට ටික වේලාවක් අවධානය වෙනතකට යොමු කර කාමරයෙන් පිටව ගියාය. එවිට ඇගේ සැමියා පැමිණ, ඔහු වතුර බාල්දිය දුටුවේ නැත, ඔහුගේ පාදයේ හැපී වතුර බාල්දිය විසි විය. ඒ මොහොතේ ඔහුගේ බිරිඳ ආපසු පැමිණියාය.

- මට සමාවෙන්න, මැණික, නමුත් මට හදිසි දෙයක් කිරීමට සිදු වූ අතර ඒ නිසා වතුර බාල්දිය මෙහි තිබෙන බව අමතක වුනා යැයි බිරිද
පැවසීය.

- මට සමාවෙන්න, බබා, මගේ වරද මගෙයි. මගේ නොසැලකිලිමත්
කමයි.. යනුවෙන් සැමියා පවසයි..

- එය දුටු අසල්වැසියා කලබලයෙන් ගෙදර ගියා.

- හොඳයි, ඔබ කිසිවක් දුටුවාද? - ඔහුගේ බිරිඳ ඔහුගෙන් ඇසුවා.

- ඔව් ඔව්! - මිනිසා ඇයට පිළිතුරු දුන්නේය.

- ඉතින් මොකන්ද දැක්කේ ?

- ඔවුන්ගේ පවුල තුළ, සෑම කෙනෙකුම වැරදිකරුවන් වන අතර, අපේ පවුලේ සෑම කෙනෙකුම නිවැරදි ය. - ඇගේ සැමියා පිළිතුරු දුන්නේය….!!

ගැහැණුන්නට වැඩිපුරම කතන්දර හැදුවෙ ගැහැණු.ඒක  මන් වඩාත්ම අත්දුටුවා,ඇයි අපි ගැහැනු වෙලා ගැහැනුන්ටම පීඩා කරන්නෙ ,නොදැක්කා ව...
05/08/2021

ගැහැණුන්නට වැඩිපුරම කතන්දර හැදුවෙ ගැහැණු.

ඒක මන් වඩාත්ම අත්දුටුවා,

ඇයි අපි ගැහැනු වෙලා ගැහැනුන්ටම පීඩා කරන්නෙ ,නොදැක්කා වගේ අයිනෙන් යන එක හොද නැද්ද විචාරයකට වඩා වීවේචනය කර තමනෙගෙ මෝලයේ තරම පෙන්වන්නට යනවට වඩා,

ලෝකය ගොලාකාරයි ,ඒක නියමයක් ,

ලෝකය රගමඩලකී ඒයත් සත්‍යයකි ,

එහි සැරි සරන අපි සියල්ලොම
නලු නිලියො වෙතී

එයත් සත්‍යයකි

අපි එකිනේකාට ආවේනීක චරිත වල ඉපදී මැරෙන තුරාවට රග දක්වා සමහරු මතක තියෙන චරිතයක් වෙලා,තවත් සමහරු මියෙදෙන්නට කලින්ම චරිතය ගාතනය කරගෙනම ,තවත් සමහරු සුන්දර මිනිසුන් ලෙසද ,තවත් සමහරු අසුන්දර ලෙසද වාසය කර මිය යාවී,

ඇගේ හැඩය පේන්න ඇදුමක් ඇන්දාම ඊයා ඒකෙ හැටි කිව්වෙ තමන්ගෙ ඇගේ හැඩට ගැලපෙන ඇදුමක් නැතුව පැය ගනන් ෆිටොන් රූම් වල හූල්ලන ගෑනු.

එහෙම ඇදුමක් ඇදගෙන පාර යන කෙල්ලෙක් දැක්කත් ඉස්සරල සදාචාරාය , සබ්‍යත්වය මතක් වුනෙත් ඒක දිහා ආපහු පාරක් හැරිල බලන ගැහැනියකට.

කොණ්ඩය පාට කරාම, ටැටු එකක් ගැහැවාම ලස්සනයි අනේ කියල යටි හිතින් තුක් නොදකින් කියල හිතුවෙ ලස්සනට සංවේදී නැති, ඒක විදින්න දන්නෙ නැති තවත් ගැහැනියක්.

පාටයකට ගිහින් , වෙඩිමකට ගිහින් ඩාන්ස් කරන , වයින් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන පිළිකුල් භාවනාව වැඩුවෙත්,
එහෙම තැනකට ගිහින් කන්න විතරක් පුටුවෙන් නැගිටින ෆියුනරල් මූඩ් ගහගෙන ඉන්න ගැහැනු හෝන්තුවක්.

කොතනකට ගියත් කටපුරා හිනාවෙලා කතකරන කෙල්ලෙක් දිහා වපර ඇහින් බලල , ඉස්සරලම කතන්දරයක් හදන්නත් කිති කැව්වත් හිනාවකට සංවේදී නැති තවත් ගැහැනියක්.

කෙල්ලෙක් කසාද බදින්න පරක්කු උනත්, තමන්ට නොගැලපෙන කෙනෙක්ගෙන් අයින් වෙලා වෙන කෙනෙක් එක්ක යාලු උනත් ඒකට කතන්දරක් හැදුවෙ තමන්ගෙ රෙද්දෙ තුත්තිරි පැටලිච්ච ගැහැනියක්.

හැමෝම නෙවෙයි,
ඒත් බහුතරයක් ගැහැණුන්ට කතන්දර හැදුවෙ ගැහැනු.
සමහර වෙලාවට එවැනි අයත් එක්ක වාදයට යන එකද අණුවන කමකි, මංද යත් හොදම මිතුරා උවද,නොදන්නා මිතුරකු උවද , මටද ඔවුන් සදහා වාද කිරීමට හෝ ,සෙල්ලම් කීරීමටද ,ඌරු කොටුවටම බැසීය යුතුමය,දිණුම කෙසේ වෙතත් මඩ ගා ගෙනම නැගිටිය යුතුය,

ඉතින් මඩා ගා ගැනිය යුතුද ,,?
නොදැක්කා සේ තමන්ට අවැසි නැති දේ දැක නොදැක්කා සේ අයිනෙන් යෑමද කියා සිතීම රත්තී බොන නොබන ණුවනක්කාර ඔබට සීතිය හැකිය ,බුදු බනටද දෙසා ඇත,

තමන්ට විදින්න බැරි දේවල් ගැන වද වෙන එහෙම දේවල් වෙන කවුරුවත් විදින්න ඕනි නෑ කියල හිතන ගැහැණු. හිනාවකට , සතුටකට , ලස්සනකට සංවේදී " නැති නාඩි වැටෙන දරමිටි " වගේ ගැහැණු.

උපුටා ගැනීමකි

මිනිස් සිරුරෙන් බිදක්  1: අස්ථි ගණන: 206  2: මාංශ පේශි සංඛ්යාව: 639  3: වකුගඩු සංඛ්යාව: 2  4: කිරි දත් ගණන: 20  5: ඉළ ඇට...
10/07/2021

මිනිස් සිරුරෙන් බිදක්

1: අස්ථි ගණන: 206
2: මාංශ පේශි සංඛ්යාව: 639
3: වකුගඩු සංඛ්යාව: 2
4: කිරි දත් ගණන: 20
5: ඉළ ඇට ගණන: 24 (යුගල 12)
6: හෘද කුටි ගණන: 4
7: විශාලම ධමනිය: aorta
8: සාමාන්‍ය රුධිර පීඩනය: 120/80 mm Hg
9: රුධිරයේ pH අගය: 7.4
10: කශේරුකා කශේරුකා ගණන: 33
11: බෙල්ලේ කශේරුකා ගණන: 7
12: මැද කණෙහි අස්ථි ගණන: 6
13: මුහුණේ අස්ථි ගණන: 14
14: හිස් කබලේ අස්ථි ගණන: 22
15: පපුවේ අස්ථි ගණන: 25
16: අතෙහි අස්ථි ගණන: 6
17: මිනිස් අතෙහි මාංශ පේශි ගණන: 72
18: හදවතේ ඇති කොටස් ගණන: 2
19: විශාලතම ඉන්ද්‍රිය: සම
20: විශාලතම ග්‍රන්ථිය: අක්මාව
21: විශාලම සෛලය : ගැහැණු ඩිම්බය
22: කුඩාම සෛලය: ශුක්‍රාණුව
23: කුඩාම අස්ථි: මැද කණෙන් කැලිපර්
24: පළමු බද්ධ කිරීම: වකුගඩු
25: කුඩා අන්ත්රයෙහි සාමාන්ය දිග: මීටර් 7 යි
26: විශාල අන්ත්රයෙහි සාමාන්ය දිග: මීටර් 1.5 කි
27: අලුත උපන් බිලිදෙකිගේ සාමාන්‍ය බර: 3 kg
28: හර්දයේ විනාඩියක් තුල ස්පන්දන වේගය: 72 වතාවක්
29: සාමාන්‍ය ශරීර උෂ්ණත්වය: 37 ° C (98.4) C)
30: සාමාන්‍ය රුධිර පරිමාව: ලීටර් 4 සිට 5 දක්වා
31: රතු රුධිර සෛල වල වයස: දින 120 යි
32: සුදු රුධිරාණු වල ආයු කාලය: දින 10 සිට 15 දක්වා
33: ගැබ් ගැනීම: දින 280 (සති 40)
34: මිනිස් පාදයේ අස්ථි ගණන: 33
35: එක් එක් මැණික් කටුවෙහි අස්ථි ගණන: 8
36: අතේ ඇති අස්ථි ගණන: 27
37: විශාලතම අන්තරාසර්ග ග්‍රන්ථිය: තයිරොයිඩ් ග්‍රන්ථිය
38: වසා පද්ධතිය විශාලයි: ප්ලීහාව
40: විශාලතම හා ශක්තිමත්ම අස්ථිය: ස්නායුව
41: කුඩා මාංශ පේශි: ස්ටෙපඩස් (මැද කණ)
41: වර්ණදේහ අංකය: 46 (යුගල 23)
42: අලුත උපන් දරුවන්ගේ ඇටකටු ගණන: 306
43: රුධිර දුස්ස්රාවිතතාව: 4.5 සිට 5.5 දක්වා
44: ජාත්‍යන්තර පරිත්යාගශීලීන්ගේ රුධිර වර්ගය: O
45: ගෝලීය රුධිර ප්‍රතිග්‍රාහකයා : AB
46: විශාලතම සුදු රුධිරාණු: මොනොසයිට්
47: කුඩාම සුදු රුධිරාණු: ලිම්ෆොසයිට්
48: රතු රුධිර සෛල ගණන වැඩිවීම හැඳින්වෙන්නේ: පොලිසිටිමියාව
49: ශරීරයේ රුධිර බැංකුව: ප්ලීහාව
50: ජීවන ගංගාව: රුධිරය
51: සාමාන්‍ය රුධිර කොලෙස්ටරෝල් මට්ටම: 100 mg / L.
52: රුධිරයේ දියරමය කොටස: ප්ලාස්මා

පිටපත Pasindu Karunarathna

😂😂😂
24/06/2021

😂😂😂

මේ තියෙන්නේ මේ දවස්වල ශ්‍රී ලාංකික තරුණ පිරිමි ගොඩදෙනෙක් උඩ පැනගෙන ෂෙයා කරන පෝස්ට් එකක්. ඒ වගේ තරුණ පිරිමියෙක් තමන්ගෙන් ...
24/06/2021

මේ තියෙන්නේ මේ දවස්වල ශ්‍රී ලාංකික තරුණ පිරිමි ගොඩදෙනෙක් උඩ පැනගෙන ෂෙයා කරන පෝස්ට් එකක්. ඒ වගේ තරුණ පිරිමියෙක් තමන්ගෙන් යාළු වෙන්න අහනවා නම්, දැනටම යාළු වෙලා නම්, ඔය කාර් එකෙන් බැහැලා යන්න නංගිලා.

ලංකාවෙ පිරිමි ගොඩකට තියෙන ලෙඩක් තමයි "අම්මා තාත්තා තනිකරන්න" බැරි එක (තේරෙන බාසාවෙන් කිව්වොත්, බැන්දට පස්සෙ තමන්ගෙ නෝනත් එක්ක වෙනම පදිංචියට යන්න බැරිකම). එක ගෙදරම නොහිටියත් තමන්ගෙ අම්මා තාත්තට සලකන්න පුළුවන් වග මෙයාලා දන්නෙ නෑ. මෙච්චර කාලයක් ලංකාවෙ විවාහක ගෑණුන් තමන්ගෙ අම්මා තාත්තට සැලකුවේ එහෙම වග මෙයාලා දන්නෙ නෑ.

මේ වගේ පිරිමින්ට අනුව නම්, උන්ගෙ අම්මා අප්පාට කෙල්ලන්ගෙ දෙමාපියන්ට නොදැනෙන "අමුතු තනියක්" දැනෙනවා. දෙමාපියනුත් උන්ටම හරියන බබාලා. අවුරුදු 50ක් 60ක් විතරක් වුණාට අබල දුබල යි. තනියි. බැඳපු පුතා තමන් එක්ක එක ගෙයිම ලැගගෙන තමන්ට සලකන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.

මීට වෙනස් අවස්ථා, සිද්ධි තියෙනවා. මානුෂික හේතු තියෙනවා. හැබැයි මේ ඒ ගැන කතාවක් නෙවෙයි.

නරකම දේ තමයි, මුංට තමන්ගෙ ගෑණු ළමයා හෝ බිරිඳ පේන්නෙ "තවත් ගෑණියෙක්" විදියට වීම. මුං හොයන්නෙ තමන්ට ගැලපෙන, තමන් එක්ක ගමනක් යන සහකාරියෙක් නෙවෙයි, ගෙදරට ගේන්න ගෑණියෙක්. ඒ ගෑණි කවුරු වුණත් මුංට කමක් නෑ. ඒ ගෑණි ස්පෙෂල් නැති, "ඕනි තරම් හොයාගන්න පුළුවන්" ජාතියෙ තවත් ගෑණියෙක් විතර යි.

ඒ වගේම, මේ වගෙ පිරිමින්ට තමන්ගෙ සහකාරි එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නවලට විසඳුමක් හොයාගෙන පුරුද්දකුත් නෑ. තමන්ගෙ වචනෙ තමයි අවසාන වචනෙ.

ඉතින් නංගිලා, ඔයාලා එහෙම මිනිහෙක් එක්ක යන්න එපා. තවමත් අම්ම තාත්තගෙ ඔක්කෙ ඉන්න, ස්වාධීනත්වයක් නැති, තමන්ගෙ ගෑණි එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්න බැරි මිනිස්සු ජීවන සහකාරයො විදියට නුසුදුසු යි.

ඔව්.. හරිම කැතයි නේද..දැකපුහම අප්පිරියයි නේද..ශෙයා කරොත් ඔයාගේ ලස්සන වෝල් එක කැත වෙයි නේද...එහෙනම් නොදැක්කා වගේ හිමීටමාර...
19/06/2021

ඔව්.. හරිම කැතයි නේද..
දැකපුහම අප්පිරියයි නේද..
ශෙයා කරොත් ඔයාගේ ලස්සන වෝල් එක කැත වෙයි නේද...
එහෙනම් නොදැක්කා වගේ හිමීට
මාරුවෙලා යමු....
හැබැයි ඔබට මොහොතකටවත් දැනුනාද
සසර බිය....
ඔබටත් මෙවන් ඉරනමක් යම් බවයක
අත් ඌවොත්...?????????
තෙරුවන් සරණයි ඔබට....☸️

❤️ නමෝ ගනේෂාය...🙏🌸❤☪️☸️🕉️
19/06/2021

❤️ නමෝ ගනේෂාය...🙏🌸❤☪️☸️🕉️

16/05/2021

5 Most Expensive Homes In India 😮

Address

Maharagama

Telephone

+94703912463

Website

Alerts

Be the first to know and let us send you an email when පිංකි - Pinky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Stores in Maharagama

Show All