𝐀𝐥𝐥 𝐃𝐨𝐠 𝐁𝐫𝐞𝐞𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

  • Home
  • Sri Lanka
  • Maharagama
  • 𝐀𝐥𝐥 𝐃𝐨𝐠 𝐁𝐫𝐞𝐞𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

𝐀𝐥𝐥 𝐃𝐨𝐠 𝐁𝐫𝐞𝐞𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 (සුනකයන් පිලිබද සියලුම විස්තර හා අනෙකුත් ප්‍රවර්ධනයන්)

සුරතලුන් සදහා ආදරණීය නිවහනක් සොයනු ලැබේ..මාසයක් වයසැති සුරතල් බලු පැටවුන් 07 දෙනෙකු අතුරුගිරිය citypet Animal Hospital අ...
11/06/2023

සුරතලුන් සදහා ආදරණීය නිවහනක් සොයනු ලැබේ..

මාසයක් වයසැති සුරතල් බලු පැටවුන් 07 දෙනෙකු අතුරුගිරිය citypet Animal Hospital අසල සිටින අතර ඔවුන්ගේ මව දින කීපයකට පෙර අපරික්ශාකාරී ලෙස දාවනයෙහි නිරතවෙමින් සිටි නරුමයෙකුට බිලි වී මිය යන ලදී..

මෙම සුරතල් සතුන් භාරගැනීමට කැමති හිතවත් කාරුණික ඔබ වෙනුවෙන් කරන ආදරණීය ආයාචනයයි මේ...

Please Share This❤️🐶

02/12/2022

පණ තියෙන හැමෝටම ඕන තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැඟීම විතරයි🥺❤

17/11/2022

🥺

▪️ලිංගිකව හැසිරීම අපේ පමණක් නොව එය සෑම ජීවියෙකුගේම මූලික අයිතිවාසිකමකි, මෙය කරන අතරතුර යමෙකු අපට පයින් ගසා අපව වෙන් කළහො...
31/10/2022

▪️ලිංගිකව හැසිරීම අපේ පමණක් නොව එය සෑම ජීවියෙකුගේම මූලික අයිතිවාසිකමකි, මෙය කරන අතරතුර යමෙකු අපට පයින් ගසා අපව වෙන් කළහොත් එය කෙසේ දැනේවිද ??

▪️ඉතින්, ඔවුන් 'හිරවී' සිටින්නේ ඇයි?

සුනඛ ලිංගිකත්වය සාමාන්‍යයෙන් පියවර 2 කින් හෝ සමහර විට පියවර 3 කින් සිදුවේ. පිරිමි සුනඛයෙකු ශුක්‍රාණු පිට කරන විට, ඔහුගේ ලිංගේන්ද්‍රියේ මාංශ පේශි ප්‍රමාණයෙන් වැඩි වන අතර ඒ සමඟම ගැහැණු සුනඛයෙකුගේ යෝනි මාර්ගයේ මාංශ පේශි තද වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිරිමි සුනඛයාට මාංශ පේශි දෙකම ලිහිල් වන තුරු ගැහැණු සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් එය ඉවත් කළ නොහැකිවේ.මෙම කාලය තුළ පිරිමි සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් යම් තරලයක් මුදා හරින අතර එමඟින් ඔහුගේ ශුක්‍රාණු වඩාත් ඉක්මණින් තල්ලු වේ.

මෙම කාලය මිනිත්තු 5 සිට 45 දක්වා විය හැකිය.

බල්ලන් ඇලී තිබෙන විට නොදැනුවත්කම නිසා හෝ විනෝදය නිසා ඇලී සිටින බල්ලන්ට වතුර ගහන, පොලු වලින් ගහන අය තාමත් අපේ ගම් වල, නගරවල ඉන්නවා. ඇතුලතින් ලොක් වී තිබෙන මේ ලිංග දෙකට පොලු පහර දුන්විට එවෙලේ පිම්බී තිබෙන ලිංගය යෝනිය ඉරාගෙන එලියට එනවා. එයින් බැල්ලගේ යෝනි පෙදෙස ඉරී යෑමෙන් ඌට දැඩි වේදනා සහිත තුවාල වලට මූ​ණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම කාර්යය අවසාන වීමට ප්‍රථම කරන බාධා කිරීම නිසා බල්ලාටත් තමුන්ගේ ලිංගයේ දෝ​ෂ ඇතිවන්නට මේ තත්ත්වයන් හේතු වෙනවා.

ඒ නිසා බල්ලන් ලිංගිකව හැසිරෙන විට එය මැජික් එකක් කර නොගෙන, ඒ ගැන අනවශ්‍ය අනුකම්පා නොදක්වා නොදැක්කා සේ යෑම නුවණැති ක්‍රියාවක් වෙනවා
💔🙏🐶

22/10/2022

කිනිතුලු උණ -Tick Fever
හැමොටම වැදගත් වෙවි කියලා හිතනවා,

කිනිතුල්ලන් හා මැක්කන් බෝවීම අපේ සුනඛ හිමිකරුවන් බොහොම දෙනෙක් අත්විඳින බොහොම කරදරකාරී අත්දැකීමක්.
ඒ කිනිතුල්ලන් මර්ධනය කිරීම ඉතාම අපහසු කාර්යයක් නිසයි.
මෙවැනි පරපෝෂිතයන් නිසා අපේ සුරතලුන්ගේ වර්ධනය බාල වීම පමණක් නෙවෙයි, සුරතලුන් මිය යන්නත් පුළුවන්. එයින් ප්‍රධානතම මරාන්තිකම තත්ත්වය tick fever...

වැදගත්👉

Tick Fever කියන්නේ සෑම කිනිතුල්ලෙක්ගෙන්ම බෝවෙන රෝගයක් නෙවෙයි. ඒ සඳහා රෝගවාහක කිනිතුල්ලෙක් සුරතලාගේ සම සිදුරු කර කීපවරක් ලේ උරාබීම(අවම වශයෙන් දින 2 ක්) සිදු විය යුතුයි. එම වෛරසය ඇඟට ඇතුල් වු පසු දින 14 හෝ දින 18 තුලදි රෝග ලකෂණ පෙන්වයි.එම රෝග ලක්ෂණ පහත පරිදි වේ.

රෝග ලක්ෂණ:-
* ආහාර රුචිය අඩු වීම.
(සාමාන්‍යයෙන් සුනඛයා ප්‍රිය කරන ආහාරයක් උනත් මේ රෝගය ඇති අවස්තාවකදී සුරතලා ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා එම කරුණ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න.)

* ක්‍රියාශීලීබව අඩු වීම.
(සුරතලා වෙනදා මෙන් සෙල්ලම් කිරීම හෝ ක්‍රියාශීලී ලෙස දිවීම පැනීම සිදු කරන්නේ නැතිනම්, ඒ වගේම වෙනදාට අමුත්තන් එන විට බුරන සුරතලුන් හදිස්සියේම මළානික ලෙස පැත්තකට වී බලා සිටීනම්, ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න.)

*වමනය :-
(සුරතලා වමනය කලොත් ඔබ බොහෝවිට සිතන්නේ එය උදරාබාධ තත්වයක් කියා වෙන්න පුළුවන්. නමුත් මෙය tick fever තත්වයේත් ප්‍රධාන ලක්ෂණයක් බව මතක තබාගන්න)

*දියරමය ලෙස මලපහ පිටවීම.

* මුත්‍රා තද කහ පැහැයට පිටවිම,ඇතම් අවස්තා වල ලේ සමගද පිටවිය හැක.

*ලේ මදිකම. (ශරීරයේ ලේ මදිකම නිසා විදුරුමස, කන් වල ඇතුල් පැත්ත, ඇස් යට වැනි ස්ථාන වල ස්වභාවික රෝස පැහැය නැති වී සුදු පැහැයට හැරීම දැකගන්නට පුළුවන්.)

*ඇවිදීමේදී පාද පණනැති ස්වභාවයක් දැක්වීම. (විශේෂයෙන් පසුපස පාද පණනැති ස්වභාවයක් දකින්න පුළුවන්)

*සුරතලාගේ බර ශීඝ්‍රයෙන් අඩු වීම.

*නාසයෙන් ලේ පිටවි

මේ ප්‍රධාන ලක්ෂණ එකක් හෝ කීපයක් පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම සුරතලාව වෛද්‍යවරයෙකුට පෙන්නවන්න සමත් වුනොත් සුරතලාගේ ජීවිතය බේරගන්න පුළුවන්.

වැදගත් දෙයක් නම් 👉👉👉

සුනක පැටියෙක්ද,ලොකු කෙනෙක්ද මෙම රෝගයට අදාල නැත.මරනයද සිදු විය හැක, එ වගෙම බෙහෙත් කල පසුව සුව අතට හැරි ලෙස පෙන්නුම් කලද නැවත සති දෙකෙන් තුනෙන් රොගය නැවත හට ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත.එම.නිසා රොගය සුව වූ පසු රුදිර පරික්සාවක් කර එය සරියෙන්තුරන් වී ඇති බව් ඵැහැදිලිව තක්සේරු කර ගන්න., එ වගෙම රොගා තුර වී සමයෙ රුදිර වැඩිමට අවශ්‍ය විටමින් ආහර ලබා දීමට වග බලා ගන්න, තවද සුනකයාට වෙහෙසට පත් කිරිමට ,පත් වීමට කිසිම විටක ඉඩ නොලබා දෙන්න.

(විශේෂයෙන් ආහාර අරුචිය සහ ශරීරයේ දුර්වල ස්වභාවය මුලදීම,විදුරැමහ ඇස්යට සුදුවිම ඉක්මණින් හඳුනාගන්න පුළුවන්.)

තව දෙයක් මේ රොගයත් සමග සුනකයාගෙ මුලු
සාරිරක වර්දනයම බාල විය හැක.එ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රයන් හානියට ලක්විය හැක.එ පිලිබ්ද දැඩිව අවදානය යොමු කරන්න.

ඇත්ත තත්වය නම් සුනඛයාගේ වර්ගය කුමක් වුවත් මේ රෝගය ඕනෑම සුනඛයෙක්ට වැලඳෙනවා.
නමුත් මිශ්‍ර සුනඛයන්ගේ තේරෙන විදිහට කිව්වොත් වල් බල්ලන්ට ප්‍රතිශක්තිකරණය වැඩි..

මෙම රෝගය හදුනාගැනිමට රැධිර පරික්ෂණයක් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු ලවා විසින් සිදුකර යුතුය.

වැදගත්👉

ගොඩ දෙනක් පුරුදු ව සිටින්නෙ සුරතලාට මෙම තත්වය උදා විමෙන් පසුව ප්‍රතිකාර කිරිමටයි නමුත් prevention is better than cure බව මතකයේ තබාගත යුතුයි

එය වලක්වාගැනිමට කිනිතුල්ලන් හා මැක්කන් බෝවීම වැලැක්විය යුතුයි එයට කිනිතුල්ලන් හා මැක්කන් ඔබගේ සුරතලා මත සිටිම ,යැපිම,බෝවිම වලක්වා ගතයුතුයි

Thank you 🙏

Address

Maharagama

Telephone

+94713026794

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐀𝐥𝐥 𝐃𝐨𝐠 𝐁𝐫𝐞𝐞𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Maharagama pet stores & pet services

Show All