Dog Training & Day Care Colombo

Dog Training & Day Care Colombo *Obedience training
*Gard dog training
*Grooming
*Bathing
*dog show
*toilet training
* Boarding kenn

31/08/2024
09/08/2024
09/08/2024
09/08/2024
09/08/2024
08/07/2023
30/05/2023
විදේශයක ඉන්න මම කොහොමද මගේ බලු පැටියා /පූස් පැටියා ලංකාවට අරන් එන්නෙ ?මේක ගොඩක් දෙනෙක්ට දැනෙන දැනගන්න ඕන මාතෘකාවක් වෙලා ...
09/05/2023

විදේශයක ඉන්න මම කොහොමද මගේ බලු පැටියා /පූස් පැටියා ලංකාවට අරන් එන්නෙ ?

මේක ගොඩක් දෙනෙක්ට දැනෙන දැනගන්න ඕන මාතෘකාවක් වෙලා . රට හැරගිය බොහෝ දෙනෙක් එහි තමාගේ පාලුව කාන්සිය මකාගන්න සුරතල් සතෙක් ලඟ තබා ගන්නවා. නැත්නම් මෙහෙන් යද්දී මෙහෙ හිටපු කෙනෙක් අරගෙන යනවා. නැවත මවු රටට පැමිණිමේදී තම සුරතලා කැටුව එන්න දෙවරක් හිතන්නේ නැහැ . නමුත් එසේ සිතූ පමණින් ඔවුන් රැගෙන එන්නත් බැහැ. ඒ නිසා ඔවුන් අනුගමනය කලයුතු ක්‍රියා පිළිවෙළක් තියෙනවා. ඒ ගැන කෙටියෙන් කතා කරන්නයි අද සූදානම .
අපේ රටට සතෙක් ගේන්න නම් අනිවාර්යයෙන් පූර්ව ප්‍රවේශ සහතිකයක් ලබා ගතයුතුයි . එය ලබාදෙන එකම ආයතනය වන්නේ " සත්ව නිෂ්පාදන හා සව්ක්‍ය දෙපාර්ථමේන්තුවේ ප්‍රධාන කාර්යාලය" යි. එහි ඇති පශු අණපනත් හා නීති අංශය මගින් මෙම approval එක ලබා දෙනු ඇත.
එසේනම් එතෙර සිටින ඔබ මෙම approval එක ලබාගන්නේ කෙසේද ?
ඔයා මුලින්ම මෙම දෙපාර්ථමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳ තොරතුරු ලබාගන්න . එය [email protected]" rel="ugc" target="_blank">[email protected] දරණ ලිපිනයෙන් පිවිසිය හැක. භාශා තුනෙන් ම මෙහි තොරතුරු ඇතුළත් උවද ඉංග්‍රීසි භාශාව හරහා තොරතුරු සෙවීම ඔබගේ කාර්‍යන් පහසු කරන බව මගේ හැඟීම යි.
ඔබ මෙරටට පැමිණිම සැලසුම් කල දිනයේම සුරතලාව රැගෙන ඒම සැලසුම් කරන්න . එනම් මෙරට ගොඩ බහින්න දින 21කට පමණ පෙර වත් ඔබ අයදුම්පතක් යොමුකල යුතුය . අයදුම්පත වෙබ් අඩවියේ ආනයන අපනයන යොමුව තුල ට ගොස් බල්ලන් බළලුන් සඳහා යැයි සඳහන් යොමුවේ ඇතුළත් කර ඇත. එය "FO/VRA/01 " ලෙස බාගත කර ගත හැකියි. නැවත එය නිවැරැදි ලෙස පුරවා " [email protected] "යන ලිපිනයට email මගින් එවිය යුතුය .
ඉන්පසු පහත සඳහන් ලියකියවිලි දින 10 ක් ඇතුළත (ලංකාවට පැමිණිමට පෙර) scan කර එවිය යුතු අතර ඒවායේ සත්‍ය නිවැරැදි ලියකියවිලි ගුවන් තොටුපළින් පිටත් වීමේදී සත්ව නිරෝදායන කාර්යාලීය නිළධාරින්ට බාර දිය යුතුය .
1. අන්තර්ජාතික පශුවෛද්‍ය සව්ක්‍යය සහතිකය
2. රසායනාගාර පරීක්ෂණ වල රෝග නොමැති බවට තහවුරු කෙරෙන වාර්තා
3. එන්නත් වාර්තා
4. පරපෝෂිතයන්ට එරෙහි බෙහෙත් පිළිබඳ වාර්තා
5. හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රයේ කොපියක් සුරතලා ලංකාවට ගෙන ඒමට ප්‍රථමයෙන්ම කල යුත්තේ Microchip / transcend පරිපතයක් ඇතුළත් කරගැනීමයි. එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් හෝ පිළිගත් ආයතනයක් හරහා සිදුකරගත යුතුය . එහි සතාටම අනන්‍ය වූ අංකනයකින් සමන්විත අතර Microchip reader or scanner එකක් මගින් කියවා ගත හැකියි. එය ISO 11784 හෝ 11785 ප්‍රමිතියට අනුකූල විය යුතුය .
ඔබගේ සුරතලාගේ වයස මාස 4 ක් හෝ ඊට වැඩිවිය යුතු අතර එම රටේ පදිංචිය උපතේ සිට හෝ මාස 6කට එහා විය යුතුය .
සුරතලා නිරෝගී වියයුතු අතර විරූපික තත්ත්ව හෝ බෝවෙන රෝග වලින් වැලකුණු කෙනෙක් විය යුතුය. මාස තුනක් ඇතුළත බෝවෙන රෝග ඇති සතෙක් ඇසුරු නොකර තිබිය යුතුය .
සතා දැනට සිටින රට Rabies හෙවත් ජලභීතිකා රෝගයෙන් තොර රටක් හෝ නිරෝදායන සීමා වලින් තොර ප්‍රදේශයක කිලෝමීටර් 25 ක අරයෙන් මෙපිට මාස 6 ක කාලසීමාව තුල ජලභීතිකා රොගය වාර්තා නොවූ එකක් විය යුතුය .
අදාළ රටේ රජය පිළිගත් රසායනාගාරයකින් හෝ ආයතනයකින් අදාළ පරීක්ෂණ සිදුකරවා ගත යුතුය . එම පර්‍යේෂණ පහත පරිදි කරවා ගැනීම නුවණට හුරුය.
1. බල්ලන් හා බළලුන් සඳහා
Heart worm ( හර්ද පණුවා) Dirofilaria immitis :
දින 30 කට පෙර සෘණාත්මක ප්‍රතිඵල ලබාගතයුතු අතර ඒ
සඳහා ELISA/ PCR/Knott's test වලින් එකක් යොදාගත යුතුය .
1. බල්ලන් සඳහා පමණක්
කිණිතුලු උණ රෝග කාරකයින් වන Babesia gibsoni/canis
පරපෝෂි උණ රෝග කාරකයෙක් වන Leishmenia infuntum
දින 30 කට පෙර සෘණාත්මක ප්‍රතිඵල ලබාගතයුතු අතර ඒ
සඳහා ELISA/ PCR test වලින් එකක් යොදාගත යුතුය .
ජාත්‍යන්තර පශුවෛද්‍ය සව්ක්‍යය සහතිකය ( IVHC)ලබා ගැනීමේදී එන්නත්කරණය පහත පරිදි අනුගත විය යුතුය .
1. Rabies - ජලභීතිකා එන්නත ( බල්ලන් , බළලුන් සඳහා )
දින 30ත් මාස 10 ත් අතරතුර එන්නත ලබාගෙන තිබිය යුතුය . (රටින් බැහැරවීමට ප්‍රථම )
2. බල්ලන් සඳහා පමණක් සුනඛ පක්ෂගාත රෝගය (canine Distemper ), බෝවෙන අක්මා රෝගය ( Canine infectious Hepatitis ), මී උණ ( Leptospirosis)හා ලේ අතීසාරය (Canine parvo) යන රෝග සඳහා දින 21ත් මාස 10 ඇතුළත එන්නත් කර තිබිය යුතුය .
3. බළලුන් සඳහා Feline Rhino tracheitis, Feline calicivirus, Feline panleukopenia යන රෝග සඳහා දින 30 හා මාස 10 ඇතුළත "Tricat" නම් බහුසංයෝග එන්නත මගින් එන්නත්කරණය කල හැකි අතර වෙනත් වෙළෙඳ නාම වලින් ද සපයාගත හැකිවනු ඇත.
මෙම ජාත්‍යන්තර සහතිකය බලයලත් සහතිකලත් නිරෝදායන නිළධාරි කෙනෙක් හෝ රජය අනුමත පශුවෛද්‍ය නිළධාරි වරයෙකු ගෙන් ලබාගත යුතුය .
රටින් බැහැර වීමට දින 10 ක් ඇතුළත පුළුල් ක්‍රියාකාරී පණු බෙහෙත් බීමට සැලැස්වීමටත් සම මතුපිට සිටින පරපෝෂිතයන් නැසීමට පුළුල් ක්‍රියාකාරී ගලවනයක් භාවිතා කිරීමටත් කටයුතු කල යුතුය .
ජාත්‍යන්තර සහතිකය ( IVHC)ලබාදීමේ දී සත්වයා පහත සඳහන් රෝග වලින් පෙලෙන වෙනත් සතුන් සමග නොගැටී සිටින බවට වග බලා ගතයුතුයි එනම්
1.Rabies
2. Aujeszky's Disease
3. Filariasis
4. Leptospirosis යන රෝගයි.
5. මීට අමතරව බල්ලන් සඳහා පමණක් ඉහත දී සඳහන් කල Distemper , Hepatitis , Parvo සහ Dermatomycosis. යන රෝග සඳහා ද මාස 03ක වෙන්ව සිටීමේ කාලයක් නිර්දේශ කර ඇත.

පූර්ව අපනයන සායනික පර්‍ර්ක්ශාවක් පවත්වා සායනික ලක්ශණ අනුව බෝවන රෝග වලින් හා පිටස්තර පරපෝෂිතයන්ගෙන් නිදහස් බවට IVHC සහතිකය නිකුත් කලයුතු අතර එය දින 10 ක් තුල ලබාගැනීම අපනයනය කරුගේ වගකීම යි.
සම්පූර්ණ කරන ලද අයදුම්පත යොමුකර වැඩ කරන දින දෙකක් තුල ලියාපදිංචි කරනු ඇත.
දින පහක් ඇතුළත අයදුම්පත හා බැඳුණු වර්තමාන තත්ත්වය දැනුම්දෙනු ලැබේ.
දින 10ක් ඇතුළත permit එක නිකුත් කරනු ඇත.
සම්පූර්ණ කරන ලද අයදුම්පත , පර්‍ර්ක්ශන වාර්තා හා IVHC ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තැපැල් මගින් හෝ විද්‍යුත් තැපෑලෙන් permit එක අයදුම්කරන්නා වෙත එවනු ලැබේ.
මෙය නිකුත් කල දින සිට දින90 ක් දක්වා වලංගු ය.

රටතුළ ට හෙවත් ගුවන් තොටුපළ වෙත ලඟා වූ පසු original IVHC , පරීක්ෂණ වාර්තා , පරපෝෂිතයන් සඳහා කරන ලද ප්‍ර්‍රතිකාර සඳහන් වාර්තා සහ එන්නත් වාර්තා සත්ව නිරෝදායන නිළධාරි වෙත ඉදිරිපත් කල යුතුය . ඔබේ සුරතලාගේ පැමිණිමට දින දෙකකටවත් ප්‍රථම සත්ව නිරෝදායන මධ්‍යස්ථානය වෙත ඒ බව දැනුවත් කල යුතුය .
පහත දුරකතන අංක ඒ සඳහා භාවිතා කල හැක.
011263952
0112253430
0112263950
ඉහත සඳහන් කල ක්‍රියාපටිපාටියෙන් අපගමනය උවහොත් ඔබේ සුරතලා අනවශ්‍ය ලෙස රඳවා තබාගැනීමට සිදුවිය හැකි අතර ඒ සඳහා වැයවන්නේ ඔබේ මුදල් පසුම්බියේ පරෙස්සම් කල මුදල් ය.
රටතුළ ට පිවිසීමෙන් පසු දින 30ක නිවෙස් නිරෝදායනයකට යටත් වන අතර ඔබ ඒ සඳහා ගිවිසුම් ගත වනු ඇති. සුරතලා මසක් යනතුරු රැකබලා ගන්නා ස්තානය, එහි නිවැරැදි ලිපිනය, සම්බන්ධකර ගත හැකි දුරකතන අංක සත්ව නිරෝදායන කාර්යාලය වෙත ලබා දීමට බැඳී සිටී.
තවද ආනයන බලපත්‍රයක් , ආනයන අපනයනය බලපත්‍ර දෙපාර්ථමේන්තුව මගින් ලබාගැන්මට අමතක කරන්න එපා.
පහත මාර්ග හරහා ඔවුන් සම්බන්ධ කරගන්න .
0112324386
0112326774
Fax: 0112328486
Email :[email protected]
ඔබේ ආනයන බලපත්‍රය සත්ව නිෂ්පාදන හා සව්ක්‍ය දෙපාර්ථමේන්තුවෙන් ලැබුණු පසු එයද. එරටින් ලැබූ IVHC ඇතුලු අනෙකුත් ලියකියවිලි ඔබ ගමන් ගැනීමට බලාපොරොත්තු වෙන ගුවන් සේවය වෙත ඉදිරිපත් කර සුරතලා ප්‍රවාහනය පිලිබඳ නිවැරැදි තොරතුරු ලබාගන්න .
සුරතලා රැගෙන ඒමට ප්‍රමිතියෙන් යුතු බෑගයක් හෝ කූඩුවක් ඔබ සපයාගත යුතු අතර එහි ශුද්ධ බර, එය අයත් කරගන්නා වූ පරිමාව හා සුරතලා එහි ලැගුම් ගත් විට සම්පූර්ණ බර ආදිය ගුවන් සේවය විසින් විමසීම් කරනු ලැබේ. එක් එක් ගුවන් සේවය අනුව කැබින් එක තුල සතා රැගෙන යාම හෝ වෙනත් compartment එකක රැගෙන යාම හෝ cargo එකක් ලෙස රැගෙන යාම සිදුකරයි. මෙය ඔබේ කැමැත්ත මත තීරණය කල හැක.
ගුවන් ගමනේ කාලය අනුව සුරතලා ගේ බහිස්ස්‍රාවී කටයුතු, ආහාර පාන, නිදාගැනීම හෝ වැතිර සිටීම ට මෘදු ඇතිරිල්ලක් ආදිය සලසා දිය යුතුය . කලබල කාරී සුරතලෙක් නම් එය මගහරවා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් හෝ ප්‍රතිකර්මයක් ‍යෙදිය හැකියි.
ගුවන් සේවය මගින් මෙය excess bag එකක් ලෙස සලකා බර අනුව ගෙවීම් කලයුතු අතර ලංකාවට පැමිණි විටද රේගු ගාස්තු , නිරෝදායන ගාස්තු ආදිය ගෙවීමට සූදානම්ව පැමිණිය යුතුය .
ඒ සඳහා ඔබේ සුරතලා ගෙ වෙළෙඳපොළ වටිනාකම පිලිබඳ වාර්තාවක් රැගෙන එන්නෙ නම් අනවශ්‍ය තක්සේරුවකට මෙහිදී පැටලීමෙන් වැලකී සිටිය හැක.
සතියේ වැඩකරන දිනවල වැඩ කරන වේලාවන් අතර තුර පැමිණිමට හැකිනම් ගුවන් තොටුපළින් පිටත යාම වඩාත් පහසු වනු ඇති.

ලිව්වෙ පශුවෛද්‍යවේදී අනූෂා හේමන්ති
සත්ව නිරෝදායන කාර්යාලය
කොළඹ

ප.ලි : නොවැටහෙන කරුණු ඇතොත් comment section එකෙන් අහන්න. දීර්ග විස්තරයක් උවත් වැඩේට බැස්සම මේක අමාරු දෙයක් නෙවෙයි . පොදු කරුණු නිසා දීර්ගව ලියන්න උනා. මෙහි බොහෝ අන්තර්ගත කරුණු තාක්ශනික කරුණු . ඒ ගැන සාමාන්‍ය ඔබ කලබල නොවී ක්ශේත්‍රයේ අය මුණ ගැසී සාකච්ඡා කකරගන්න

The Country Portal serves as the primary interface connecting users to the eServices provided within Lanka Gate. It’s the fundamental access point for citizens, non-citizens, businesses, agents and government employees to various government organizations and businesses in Sri Lanka and abroad.

Dog traninig sri lanka Dog traninig k9santha 0773894612   #  #  #  #
11/01/2023

Dog traninig sri lanka
Dog traninig k9santha 0773894612
#
#
#
#

👉👉👉💪💪💪💪❤❤❤❤
02/06/2022

👉👉👉💪💪💪💪❤❤❤❤

Address

Matale
Matale

Telephone

+94773894612

Website

Alerts

Be the first to know and let us send you an email when Dog Training & Day Care Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Dog training in Matale

Show All

You may also like