DC kennel Matale සුනඛයන් පිළිබඳව දැනගැනීම

  • Home
  • Sri Lanka
  • Matale
  • DC kennel Matale සුනඛයන් පිළිබඳව දැනගැනීම

DC kennel Matale සුනඛයන්  පිළිබඳව  දැනගැනීම all breeds dog training & heading sri lanka
(2)

28/05/2023

(ලිපියේ මුල් හිමිකරු >>>ලක්මාල් කන්දෙවිදාන)

♦බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්

ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුවනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං බව් යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.

නමුත් සමහරක් බව්වන්ට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.

අපේ බව්වෝ එහෙමෙහෙ ගිහින් පාරේ ඉන්න බව්වන්ගේන් ලෙඩේ ආපිට ගේනවා

එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.

එහෙම නැත්තං අපි සමබල අහාර වේලක් දුන්නා උනත් බව්වෝ තෝර තෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂණ සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින දේශිය අත් දුටු බෙහෙතක් තමයි අද මේ කියන්නේ. 🤗

ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.

නමුත් වඩාත් හොදයි සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දිලා ඊට පස්සේ මේ බෙහෙත කරන්න එක , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.

🔹අවශ්‍ය ද්‍රව්‍ය

1.හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
2.ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
3.පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

🔹සාදාගන්නා ආකාරය

කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

🔹ආලේප කරන ආකාරය

සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන.

දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං බව්වා බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා.

දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා, හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න.

ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්.

ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ ,

ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.

රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.

කතෘ අයිතිය සුරකින්න ❤

#උපුටාගැනීමකි.

මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුනත් මේවා පිටිපස්සේ අසුන්දර කතාවක් තියනවා.ගැහැණු බූවල්ලෙකු තමන්ගේ ජීවිත...
08/10/2022

මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුනත් මේවා පිටිපස්සේ අසුන්දර කතාවක් තියනවා.

ගැහැණු බූවල්ලෙකු තමන්ගේ ජීවිත කාලය පුරාවටම එක පාරක් විතරයි බිත්තර දාන්නේ. බිත්තර දැම්මට පස්සේ කෑම ගන්නවත් බිත්තරවලින් ඈතට නොගිහින් තනියම සති 16 ක් තිස්සේ බිත්තර ටික රකිනවා. අවසානයේ බිත්තර පුපුරා පැටවුන් එළිය එනකොට මව හාමතේම අවසන් හුස්ම හෙළනවා.

✍copyd...
📷 Reddit

26/07/2022

මේ දින වල බලු පැටවුන් හට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිකරන මාරාන්තික රෝගී තත්වයක්(ARDS) සීග්‍රයයෙන් පැතීරී යයි.
රෝග ලක්ෂණ.
01)හුස්ම ගැනීමේ අපහසුතාවය.
02)හුස්ම ගැනීමේ වේගය වැඩිවීම/හති ඇරීම.
03)විදුරුමස් හා සම අවපැහැ වීම/දම් පැහැවීම.
04)වැතීරී සිටීමට කැමැත්තක් දැක්‍වීම.
05)කැස්ස.
06)සෙම වැන ස්‍රාවයන් මුඛයෙන් හා නාසයෙන් පිටවීම.
07)ඇතැම්විට උණ ඇතිවීම...

මෙහිදී පෙනහලු තුල ප්‍රදාහ තත්ත්වයන් හා පෙනහලු තුල වතුර එකතුවීම සිදුවේ.මේ හේතුවෙන් පෙනහලු වලට දැඩිලෙස හානිසිදුවී රෝගීතත්ත්වය උත්සන්න ව් මරණයට පත්වේ.ඇතැම්විට නියුමෝනියා තත්ත්ව අතිවිය හැක..... (copy )

31/12/2021
Very beautiful dogs in Sri Lanka
08/09/2021

Very beautiful dogs in Sri Lanka

අනිවාර්යෙන්ම කියවිය යුතුයි !!!!ඔබේ සුරතලාට මස් කටු ආහරයට දීමෙන් බරපතල සංකූලතා හා මරණයට පවා එය හේතු විය හැකියි.මේ ඔබ දකින...
09/08/2021

අනිවාර්යෙන්ම කියවිය යුතුයි !!!!
ඔබේ සුරතලාට මස් කටු ආහරයට දීමෙන් බරපතල සංකූලතා හා මරණයට පවා එය හේතු විය හැකියි.

මේ ඔබ දකින්නේ, සැත්කමකදී මේ සුරතලාගේ ආමාශයෙන් සහ බඩවැල් වලින් අස්ථි කිලෝග්‍රෑම් එකක් පමණ ඉවත් කර තිබෙන ආකාරයයි. ඉතා ආදරය කරපු මෙම සුරතලා නොදැනුවත්කමින් ඔහුගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන අයුරු දුටුවාද? DC kennel

අස්ථි මගින් බඩවැල් අවහිරතා, හුස්ම හිරවීම, බඩවැල් හරහා සිදුරු සිදුරු කිරීම, දත් කැඩීම සහ වෙනත් ගැටලු රාශියක් ඇතිවිය හැකියි.එනිසා ඔබේ සුරතලාට මස් කටු ආහාරයට දෙන්නට පෙර මේ ගැන ඔබත් සිතන්න.

උපුටා ගැනිමකි

Address

Matale
23100

Telephone

+94770089591

Website

Alerts

Be the first to know and let us send you an email when DC kennel Matale සුනඛයන් පිළිබඳව දැනගැනීම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DC kennel Matale සුනඛයන් පිළිබඳව දැනගැනීම:

Videos

Share

Category


Other Pet Services in Matale

Show All

You may also like