Jayamuthu aquarium

Jayamuthu aquarium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayamuthu aquarium, Pet service, 18 rahula rood, Matara.

12/09/2021

ලින්ක් එක : https://youtu.be/ur6e3LhtwF8
විදුලිය නැති වෙලාවට මාලු ටැංකියට ඔක්සිජන් දෙන්න විදියක් නැති උනොත් මොකද කරන්නේ මෙන්න ඒකට විසදුමක් එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් මේක ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්
ලින්ක් එක :https://youtu.be/ur6e3LhtwF8

18/08/2021

https://youtu.be/3_DyaNKBVDc
සියලුම විස්තර සදහා වීඩියෝව නරඹන්න. හෝර්මෝන භාවිතය හා කාෆ් අභිජනනය

18/07/2021

උපුටා ගැනීමකි.. පේජ් එකට ලයික් එකක් දාලා යන්න

විසිතුරු මසුන් හට පණු බෙහෙත් ලබාදීම පිළිබඳ...

හුගක් අය නොදන්න කාරණයක් තමයි මාළුන්ටත් පණු බෙහෙත් දෙන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් මාංශ භක්ෂක මාළුන්ට අපි නිතර අමු මස් ජාති කවනවනන් පණු බෙහෙත් දීම බොහෝ වැදගත්. මස් මාංශ පමණක් දෙන මාළුන්ට පුරුද්දක් වශයෙන් වසරකට 2පාරක් හෝ 3පාරක් (මාස 3ක්ට හෝ 4කට වරක්) වගේ පණු බෙහෙත් දෙනවානම් හොදයි. Pellet ජාති පමණක් ආහාරයට ගනිමින් වැඩුනු මාළුන්ටනන් ඒක එච්චර අවශ්‍ය නෑ. මාස 6කට සැරයක් වගේ දුන්නම ප්‍රමාණවත්.

මුළින් හදුනාගන්න උත්සහා කරමු පණු අමාරුවකින් පෙලෙන මාළු.

අස්වාභාවික ලෙස කෙට්ටූ ශරීරයක් හෝ ඉදිමිච්ච වගේ බඩක්
ආහාර අරුචිය
අසාමාන්‍ය ලෙස ගැස්සිලා වගේ හෝ හදිස්සියෙන් වගේ වේගයෙන් පිහිනීම
සුදුවට හුරු වර්ණයකින් මලපහ කිරීම
සුදු නූල් වැනි දේ මලපහ කිරීම.

මාළුන්ට නියමිත වේලාවට පණු බෙහෙත් ලබාදීමෙන් හොද වර්ධනයක් (විශාලත්වයෙන් සහ වර්ණ වලින්) ලබාගත හැක.
පණු බෙහෙත් විදිහට Praziquantel අඩංගු බෙහෙත් දෙන්න පුළුවන්.ගොඩක් කට්ටිය භාවිතා කරන බෙහෙත් තමයි: Drontal Plus, Mebendazole සහ Flagyl.

Mebendazole:

ජලය ලීටර් 1ට, බෙහෙත් 2mg වන පරිදි ටැංකියේ මුළු ජල ප්‍රමාණයට අදාල බෙහෙත් එකතු කල හැකි. Pharmacy වල මිලිදී ගැනීමට ඇත්තේ 100mg පෙති 6 ගානේ card. නමුත් අපිට දැනගන්න ලැබුනේ සමහර මාළුන්ට මේක දුන්නම හමේ රෝග, fin-rot වගේ තත්ව එනවා විශේෂයෙන්ම කොරපොතු නැති මාලු වර්ග catfish, polypterus වගේ. හැබැයි ගප්පී, zebra, ප්ලේටි වගේ මාළුන්ට නම් ගැට්ලුවක් නෑ.

Drontal Plus:
මාළුවට දෙන කෑම සමග දෙනවානම් බෙහෙත් 600mg (එක පෙත්තක ප්‍රමාණය), 300g කෑම සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. මාළුවාට තරමක් බරපතල තත්වයක් තියෙනවානම් මේ ක්‍රමය තමයි වඩාත් සුදුසු.
මාළු ගොඩකට එක පාර බෙහෙත් කරනවානම් සහ පුරුද්දක් වශයෙන් බෙහෙත් කරනවානම් 600mg පෙත්තකින් කාලක් (1/4) ටැංකියේ වතුර ලීටර් 150-200 වෙන විදිහට දිය කරන්න පුළුවන්. වතුරේ දිය කිරීමේදී තියෙන තව වාසියක් තමයි, මාළුවන්ගේ ඇගේ පිටතින්, ටැංකියේ එහේ මෙහේ තියෙන පණුවන්ගේ බිත්තරත් විනාශ කරගන්න පුළුවන්.

Flagyl:
Pharmacy වලින් ලබා ගත හැකි තවත් බෙහෙතක් වන Flagyl එහෙමත් නැත්තනම් Metronidazole මාළුවට දෙන කෑම සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. Epsom Salt ටිකකුත් වතුරට මිශ්‍රකල හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සමාන්‍යයෙන් අඩියක ආසන්න මාළුවෙක්ට 200mg පමණ ප්‍රමාණවත්. පෙත්තක් සාමාන්‍යයෙන් 400mg වන නිසා බාගයක් ලබා දිය හැක.

ඉහත කියන ලද බෙහෙත් විශේෂයෙන්ම මාළුන්ට සැකසුන එවා නෙමෙයි, නමුත් හානියක් නැතුව අඩු මුදලකට අරන් භාවිතා කරන්න පුළුවන්. මාළුන්ට විශේෂයෙන් සැකසුන බෙහෙත් කිහිපයක් පහත පෙන්නලා දීලා තියෙනවා මට දැනගන්න ලැබුන. මේවා ඒවායේ අසුරනවල සදහන් කරලා තියෙන පරිදි මාළුන්ට දෙන්න පුළුවන්. මසුන් විකුණන කඩවල්වලින් මේවා මිලදීගන්න පුළුවන් නමුත් සමහර ඒවා සොයාගැනීමට අපහසු විය හැක.

EIHO PRAZI GOLD

පිටරටවල්වල හුගක් අය මාළු de-worm කරන්න භාවිතා කරන බෙහෙත තමයි මේක. මේක ඕනම මාළුවෙක්ට වගේ අවුලක් නැතුව පාවිච්චී කරන්න පුළුවන්. අවාසනාවකට මේක ලංකාවේ අලෙවි වන ස්ථානයක් අපිට හොයාගන්න බැරි උනා. නමුත් ඔයාලට පිටරටකින් ගෙන්නගන්න ක්‍රමයක් තියෙනවනම් මේක සුපිරිම බෙහෙතක්. මේක තරමක් මිල් අධිකයි අපිට ආරංචී හැටියට.

Ocean Free Paraclear

මාළු පණු අමාරුවකින් පෙලෙන වෙලාවට දෙන්න පුළුවන් ඉතා හොද බෙහෙතක් මේක. පුරුද්දක් වශයෙන් දෙන බෙහෙතක් නමේ. Flowerhorn, Angel, Discus ඇතුලු සික්ලිඩ් වර්ගයේ බොහෝ මාලුන්ට සුදුසුයි. මේකේ ගහලා තියෙන මාත්‍රාවට ජලයේ මිශ්‍ර කරන්න තමයි තියෙන්නේ. මේකනම් ලංකාවේ හුගක් විසිතුරු මත්ස කඩවල්වල තියෙනවා.

CLEAR

Flowerhorn මසුන් පණු අමාරුවකින් පෙලෙන වෙලාවට දෙන්න පුළුවන් ඉතා හොද බෙහෙතක් මේක. මේකත් හැබැයි පුරුද්දක් වශයෙන් දෙන බෙහෙතක් නමේ. මාළුවා කන්නේ නැති තත්වෙට ආවම දෙන එකක්. මේ බෙහෙත මෙම බෝතලයේ තියෙන විදියට සකස් කරගේන syringe එක භාවිතා කරලා කට ඇතුලෙන් කෙලින්ම බඩට දාන්න තියෙන්නේ.

Ocean Free Arowana Internal Bacteria & Ulcer Away
(අරොවානා මසුන් සදහා විශේෂයෙන් සාදා ඇති බෙහෙතක්. මේක පණු බෙහෙතක්ම නෙමෙයි, හැබැයි ඒවගේ ලෙඩ තත්වයකට bacteria හේතුවක්නම් මේකත් හරි.)

මේ ඕනම බෙහෙතක් ලබා දෙද්දී දිනපතා 25%-30% වතුර ප්‍රමානයක් අඩියෙන් ඉවත් කරලා අලුතින් පුරවන්න දවස් 5ක් පමණ (බෙහෙත් බෝතලයේ වෙනත් ආකාරයක් සදහන් කා නැතිනම්). මෙහෙම කරන්න හේතුව මාළුවාගෙන් ඉවත් වෙන පණුවන්, පණු බිත්තර අඩියේ තිබෙන බැවින් ඒවා ඉවත් කිරීමයි.

වැදගත්:
ඕනම බෙහෙතක් ටැංකියට එක් කරද්දී ෆිල්ටර් වල තියෙන active carbon සහ අනෙකුත් chemical filtration media ඉවත් කරන්න.
කොහොම උනත් මතක තියාගන්න අවශ්‍ය දේ තමයි මේ ඉහත සදහන් බෙහෙත් ඉහත කියන ලද මාත්‍රා වලට යොදාගැනීමට පෙර තමන් ඇති කරන මාළුන්ට සුදුසු ද කියලා හොයලා බලන්න. මේ සදහන් කරලා තියෙන කරුණු අත්දැකීම් තුලින් ලබාදීලා තියෙන්නේ නමුත් තමන්ගේ මාළුන්ගේ වගකීම තමා ගත යුතුයි. තමන්ට වෙනත් කරුණු හොයාගන්න හැකියාවක් නැත්නම් ඉහත සදහන් පරිදි කළ හැකී.

08/07/2021

💠 හාම්පුතාගේ දුක හඳුනන සුරතල් මාළුවෝ 💠

පුංචි කාලේ ආසාවට මාළු ඇති කරලා තියෙනවාද? ඉස්කෝලේ ඇරිලා එන ගමන් වතුර පුරවපු පොලිතින් උරයක ලස්සන ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හරි ප්ලේටි ජෝඩ­ුවක් හරි අරගෙන අනෙක් යාළුවන්ට පේන්න උජාරුවට ගිහින් තියෙනවාද? වීදුරු ටැංකියක් ගන්න සල්ලි මදි නම් ගෙදර ඉතිරි සිමෙන්ති ටිකකින් ටැංකියක් හදලා සැර යන්න පොල් ලෙලි, කොහු ලණු දාලා පල් කරලා මාළු පැටවු එකේ හදපු හැටි මතකද? හයිඩ්‍රිල්ලා නැතම් පෙඳ පාසි, බඩල් හනස්ස, කඳුළැස්ස පැළ ටිකක්, ලීී කොට කෑල්ලක්, තිරුවානා ගල් ටිකක් දාලා මාළු නිවහන සරසන්නත් අමතක කළේ නෑනේ? මාළු ජෝඩුවක් ගන්න රුපියල් දහයක්- පහළොවක් හොයාගන්න බැරි වුණාම වෙලේ දියකඩිතිවලින් තිත්ත පැටව්, බුලත් හපයෙක්, හඳයෙක් අල්ලලා ජෑම් බෝතලේක දාගෙන හිත සනසගත්ත දවසුත් තියෙන්න ඇති. ගප්පි ජෝඩුවක් නම් ගත්ත දවසට පහුවෙනිදා ඉඳන්ම බලන්නේ චූටි පැටව් ටිකක් ඇවිත්ද කියලා. ටැංකිය පිරෙන්න ගප්පි පවුල වැඩි දියුණු වුණාම උන්ගේ නෑදෑකම් කියන්නත් අපට පුළුවන්.

මේ තමයි අපේ රටේ සුරතල් මත්ස්‍ය සංස්කෘතිය. වර්තමාන සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයට නම් 1930 යුගයට දිවෙන ඉතිහාසයක් තිබෙනවා. ඒ කාලේ ටවුමේ ගෙවල් කීපයක කුඩා පරිමාණයෙන් ලස්සන මාළුන් ගෙන්වා, පැටවුන් බෝ කර විකුණූ අය වගේම විනෝදයට ඇති කළ අයත් සිටි බව නාරා ආයතනයේ විජේසේකර සහ යකුපිටිය කියන මහත්වරුන් දෙදෙනකු කළ පර්යේෂණයක සඳහන් වෙලා තිබෙනවා. කොළඹ වාණිජ අගනගරයේ මේ ව්‍යාපාරය ඇති වෙලා තිබෙන්නේ දෙහිවල සතුන්වත්ත පිහිටුවීමත් සමඟයි. පළමුවැනි මින්මැදුර 1952 බිහි වුණා කියලත් ඒ වාර්තාවේම සඳහන් වෙනවා. එහෙම ඇරඹුණු සුරතල් මසුන් ව්‍යාපාරය අද බොහෝම දුර ගමන් කරලා. ඉස්සර වගේ මාළුන් ඇති කරද්දි වතුර අස්කරන්න, දැල් දාලා අල්ලන්න ඕන නෑ. වෙලාවට කෑම දාන්න කරදරයක් නෑ. ඒ හැම දේම තාක්ෂණයෙන් ඉදිරියට ඇවිත්. අපි ගමනක් ගියත් මාළුන්ගේ කෑම වෙලාවට නිකුත් කරන්න යන්ත්‍ර තිබෙනවා. වතුරවල පීඑච් අගය 4.5-7 අතර තියෙනවාද?, සෙල්සියස් අංශක 36 මට්ටමේ උෂ්ණත්වය මනින්න, ක්‍රම ති‍බෙනවා. ඉතින් මාළු ටික බලා ගන්න කෙනෙක් නැවතෙන්න ඕනෙ නෑ.

අනෙක දැන් ඇති කරන මාළු වර්ගත් වැඩියි. දන්න නොදන්න මාළුන් ගැන අහගන්න විපුලත් මමත් සුරතල් මසුන් සිටින තැන් කීපයකට ගියා. මුලින්ම අපට හමුවුණේ ඩීජේ ඇක්වේරියම් ආයතනයේ කුමාර් මහත්මයා. ඔහු කියන විදිහට නිවෙසක ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙද්දිම මාළු ටැංකිය පේන්න තැබීමෙන් ගෙදරට යන එන අයගේ අස්වහ කටවහ දෝෂයක් තිබුණොත් අහෝසි වෙනවා. හින්දු භක්තිකයෙක් හැටියටද පොදු ව්‍යාපාරික මතද දන්නේ නෑ කුමාර් මහත්මයා මෙහෙමත් කීවා.

“ලොකු ව්‍යාපාරික ස්ථානවල මාළු ටැංකි තිබෙනවා වගේම ව්‍යාපාර අයිතිකරු ඉන්නේ මුහුදක් අයිනෙ නම් ඔහුගේ අසුන තියන්නේ මුහුදට පිටු පාලා. මොකද බිස්නස් එකක් කතා කරගන්න එන අමුත්තා කතා බහෙන් පස්සේ නැඟිටිද්දි මුහුද දැක්කාම ව්‍යාපාරිකයාට එයින් සාර්ථක ප්‍රතිඵල ගේන බව විශ්වාසයි. බොහෝ ධනවතුන්, ව්‍යාපාරිකයන් වගේම රටේ නම ගිය දේශපාලනඥයන් පවා වාස්තු මාළුවා එහෙම නැත්නම් ලකි ෆිෂ් කියන වාසනා මාළුවා හැටියට ලෝකෙම හඳුන්වන ඇරොවානා මාළුන් ඇති කරන්න පෙලඹෙනවා. වාසනා මාළුන් ගෙන්වන්නේ මැලේසියාවෙන්. වර්ග කීපයක් ඉන්නවා. සිල්ව ඇරොවානා කියන රිදී පාට මාළුවා තමයි අඩුම මිලක් ගන්නේ. අඟල් 4ක පැටියෙක් රුපියල් 1500/-ක් විතර වෙනවා. අඩි දෙකහමාරක විතර කෙනෙක් රුපියල් 25000ක් විතර වෙනවා. රිදී පාට අය විතරයි කීප දෙනෙක් එකට තියන්න පුළුවන් වන්නේ. අනෙක් ඇරොවානාලා දෙන්නා දැම්මත් රණ්ඩු වෙනවා. අඟල් 6ක සුපර් රෙඩ් ඇරොවානාවෙක් රුපියල් ලක්ෂයක් විතර වෙනවා. චිලි රෙඩ් නම් 125,000ක් විතරත්, ගෝල්ඩන් නම් 70,000ක් විතරත් වෙනවා.”

ට්‍රිවොලි ඇක්වේරියම් ආයතනයේ වත්සල පීරිස් මහත්මයා කීවෙත් ඇරොවානා මසුන් පිළිබඳ විවිධ මත තිබෙනවා කියලයි.

“පිටුපස වරල ගොඩක් රතු පැහැය ගන්න ඇරොවානාලා මිලෙනුත් ඉතාම වැඩියි. අඩි තුනකට ආසන්න ඒ වගේ එක්කෙනෙක් ලක්ෂ එකහමාරක් විතර වෙනවා. කොළ, දම්, රන්වන් වගේ පාට පාටින් යුතු ඇරොවානාලාගේ පාට අනුව වගේම ෆෙංෂුයී ක්‍රමයට වාසනා මාළුවා කියන නිසාත් මිල වැඩි වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඇරොවානෙක් අවුරුදු 10ක් 15ක් ජීවත් වෙනවා. ඒ වගේම ඒ අයට තමන්ගේ අයිතිකාරයාගේ හැඟීම්, දුක් කරදර තේරෙනවා.”

සුරතලේට ඇතිකරන සුනඛ යාළුවන්ට නම් ඒ වගේ අවබෝධයක් තිබෙන බව දැනගෙන හිටියත් වත්සල මහත්මයා කියන තුරු අපට සුරතල් මසුන් ගැන ඒ වගේ කතාවක් අහන්න ලැබුණේ නෑ. ඩොල්ෆින්ලා වගේ ක්ෂීරපායී ගණයට අයත් මාළුන් නම් එහෙම අණට කීකරු වෙන බව කවුරුත් දන්නවා. ඒත් ටැංකියේ ඉන්න මාළුන්ට නම කීවාම ළඟට එයි කියලා හිතන්නේ කවුද?

“සමහර අය මාළුන්ටත් නම් දාලා තිබෙනවා. ඒ නමින් කතා කරලා කෑම දෙනකොට අනිත් අය බලාගෙන ඉන්නවා. පොරකාලා උදුර ගන්නේ නෑ. ඊට පස්සේ අනිත් කෙනාට කෑම දෙන්නෙ. ඒ වගේම ටැංකිය ළඟට ගිහින් කතා කළාම නමට අයිති කෙනා ළඟට එනවා. හැබැයි එහෙම පුළුවන් ප්‍රමාණයෙන් ටිකක් ලොකු මාළු වර්ගවලට විතරයි.”

ඔහු කියූ අනෙක් කතාව නම් විශ්වාස කරන්නත් අමාරු දුක හිතෙන එකක්.

“හොඳ ඇරොවානා මාළුවකුගේ අයිතිකාරයා හොඳින්ද කරදරෙන්ද කියලා මාළුවා දිහා බැලුවාම කියන්න පුළුවන්. මාළුවා හොඳට ක්‍රියාකාරීව ඉන්නවා නම් හාම්පුතාට කරදරයක් නෑ, ඒත් හාම්පුතාට කරදර කාලෙට මාළුවා කන්නේ නෑ. ඔහේ බලා ගත් අතේ බලාගෙන ඉන්නවා. අසනීපෙන් වගේ. මාළුවාගේ තත්ත්වය හොඳ වෙනවා කියන්නේ අයිතිකරුගේ කාලෙත් ආයෙම හොඳ වෙනවා කියන එකයි. අයිතිකාරයාට කරදර වැඩි නම් සමහර වෙලාවට ඒ අපල ගෙවෙන්නේ යාළුමාළුවාගෙන්.”

ලෙඩවෙන මාළුන්ට බෙහෙත් නැද්ද? ඒ කතාවේ දුක වැඩි කමට මට ඉබේටම ඇහුණා.

“තියෙනවා. අපි ගිහින් බලලා ඉක්මනට බේත් හේත් කරනවා. සමහරු හොඳ වෙනවා. ඒත්...”

වත්සල මහත්මයා ඉතිරි ටික ගිලගත්තා.

කුමාර් මහත්මයා තවත් කතාවක් අපට කීවා. ලොකේ සුරතල් මත්ස්‍ය ව්‍යාපාරය කොතරම් දියුණුද කියලා හිතෙන්නේ ඒ කතාව ඇහුවාමයි.

“ඇරොවානා වගේ වටින මාළුන්ට ලෝකෙ පිළිගත් හැඳුණුම් පතක් නිකුත් කරනවා. ඒක එවන්නේ ඉපදුණු රටින්මයි. හරියට ජංගම දුරකථනයක එමි අංකය වගේ එකක්. ලෝකේ කොහේ හිටියත් පරිගණකයට ඒ අංකය ඇතුළත් කළාම මාළුවා ඉන්න තැන සොයාගන්න පුළුවන්. මොකද එයා පුංචි කාලෙම කරමලට ආසන්නයෙන් පෑන් තුඩක විතර චිප් එකක් ඇතුළු කරනවා. ඒකේ එයා ගැන විස්තර සියල්ලම සඳහන් වෙනවා. අපි ළඟ තිබෙනවා ඒ චිප් එක ස්කෑන් කරන උපකරණයක්. ඒකෙන් බලතෑකි මේ ඉන්නේ අදාළ අංකයට අයත් මාළුවාමද කියලා. වටිනා මාළුන් රටරටවලට අපනයනය කරද්දි සිදුවන වංචා වළක්වන්නත් මේ ක්‍රමය හරි වටිනවා.”

සීත කාලෙට පොඩි මාළුන් අතර සුදු පුල්ලි රෝගය බහුලයි. දිලීර රෝග , වරල් දිරා යෑම, රතු පුල්ලි විතරක් නෙවෙයි කාෆ්ලාටම විශේෂ වුණු ස්ලීපිං ඩිසීස් කියන නිදිමත රෝගේ වගේ ලෙඩවලින් බේර ගන්න වගේම එයාලාගේ ලස්සන වැඩි කරන්නත් බෙහෙත් තිබෙන බව ඔවුන් කීවා. නිවැරැදිව මාළුන් ඇති කරනවා නම් ඒ අය කන බොන විදිහ දැනගන්න එකත් හරි වටිනවා. පොඩි අයට පොඩි කෑම, ලොකු අයට ලොකු කෑම එහෙමත් තියෙනවා. මොකද අපි වැඩිපුරම කතා කළ වාසනා මාළුවා වගේම රෙඩ් ටේල් කැට් ෆිෂ්, මිරිදිය මඩුවා, මොනර පිලක් වගේ වරල එන පීකොක් බාස් ලා කන්න කැමති මස් වර්ග. ඩිස්කස්ලා ඉපදිලා තියෙන්නෙම කුකුළු හදවත් කන්න හිතාගෙන. ලොකු පොඩි භේදයක් නැතිව මේ හැමෝම රට කෑමවලට එතරම් ප්‍රිය කරන්නේ නෑ. හැබැයි පොඩි ඉස්සන්ට නම් කවුරුත් අකමැති නෑ. නළ ජලයත් මාළුන්ට නම් අල්ලන්නේ නෑ. ඒ නිසා ක්ලෝරීන් හරණය කිරීම අත්‍යවශ්‍යයි. ගැඹුරු ළිඳක වතුර ගන්නවා නම් පැය 24ක් පුරා ඔක්සිජන් දිය වනතුරු තැබීම අනිවාර්යයි. අඟල් හතරක විතර එක්කෙනෙක් රුපියල් 12000/- විතර වෙන ෆ්ලවර් හෝන් මාළුවාගේ ඉහේ මලක් පිපිලා වගේ කීවට අපට නම් පෙනුණේ දරන්න බැරි තරම් ලොකු තොප්පියක් දාගෙන ඉන්නවා වගේ. එයත් වාස්තු මාළුවෙක් හැටියට තමයි ගණන් ගන්නේ. මොකද එයාගේ තොප්පිය දැකලා ඉබේම අපේ කට ඇරුණම, ඇස් ලොකු වුණාම ඇස්වහ කටවහ එසැණින් ඉවර වෙනවා ඇති.

ඒත් කට ලොකු වෙච්ච ඇරොවානා කෙනෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඒ තාත්තා කටේ බිත්තර පුරවගෙන රකිනවා කියලා. ඔස්කා, ඒන්ජල් වගේ අය රංචුව දැම්මට තමන්ගේ සහකාරිය සොයා ගත්තට පස්සේ වෙන කිසිම කොල්ලෙක්ට තමන්ගේ ගෑනු ළමයා දිහාට එන්න දෙන්නේ නෑ. එයාලා වෙනම මුල්ලකට වෙලා වෙන් වෙනවා. ප්ලේටි, ස්වොඩ් ටේල්, මෝලි, ගප්පි පැටවුන් දැම්මට අනික් හැමෝම වගේ බිත්තරේකින් තමයි ජීවන චක්‍රය අරඹන්නේ. රතු පාට වැඩි වුණ තරමට තමන්ගේ අයිතිකාරයාගේ හිත කියවන්න තිබෙන දක්ෂතාව වැඩි වාසනා මාළුවා ලක්ෂ ගාණක් වුණාට එහෙම කිසිම විශේෂයක් නැති පාට දහයකින් විතර දකින්න පුළුවන් සීබ්‍රලා ජෝඩුවක් රුපියල් 100කට අඩුවෙන් ගන්න තාමත් පුළුවන්. ඇරපයිමා මාළුවෙක් නම් පොඩි ටැංකියක දාලා පිරිමහන්න බෑ. මොකද පරම්පරා දෙකක අයිතිකාරයින්ගෙන් හුරතල් වෙන්න පුළුවන් විදිහට අවුරුදු 30ක් විතර ඉන්න මෙයාලා අඩි 15ක් විතර දිගට වැඩෙනවා. ඇලිගේටර්ලාත් අඩි 10ක් විතර දිගට හැදෙනවා. ඒත් මෙහෙදි එයාලා අඩි පහකින් විතර නතර වෙනවලු. රෙඩ් ටේල් කැට් ෆිෂ්ලාත් ඒ ආසන්න දිගකට හැදෙනවා. යෝධ ගුරාමියෝ, පැරගන් ලාත් හරි විශාලයි. කොයි කාෆ්, කුවාකෝ වගේ අය අයත් වන්නේ මිල අධික ගණයට. ජපානයේ බෝකරන කාෆ් මාළුවා ඒ රටේ හඳුන්වන්නේ කොයි නමින්ලු. විදුලි ඉරි වගේ ඉන්න නියොන් ටෙට්‍රලා නම් මහ රෑ අන්ධකාරෙත් දිලිසි දිලිසි පේනවා. මුල් කාලේ වගේම අදටත් වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ ලස්සන ගොල්ඩ් ෆිෂ්ලට. එයාලාව දාන්නම හදපු රවුම් ටැංකි වෙනම තිබෙනවා.

ටයිගර් බාබ්ස්, ටින් ෆොයිල් බාබ්ස්, සිල්ව ෂාක්ස්, සිල්ව ඩොලර්ස්, ඒන්ජල්ස් වගේ පොදුවේ ගත්තාම අපට නම් කැතයි කියන්න කෙනෙක් නෑ. ඒ අතර අඬු දික්කරගෙන ඉන්න ලොබ්ස්ටර් කෙනකුගෙනුත් ටැංකියකට අමුතු ලස්සනක් ගේනවා. පිරානා මාළු නම් අත දැම්මත් හපනවා කියලයි කුමාර් වගේම වත්සල දෙදෙනාගේ අදහස. පිටරටවල නම් දියට වැටෙන මිනිසකු වුණත් සුළු මොහොතකින් ඉවර කරන පිරානලා ඉන්න බවට චිත්‍රපට පවා හැදිලා තිබෙනවා.

නයිෆ් මාළුවා කන්න දුන්න අත හපා කන ජාතියේ නොවුණට අයිති කාරයින්ට එපා වුණ දවසට ගිහින් ගඟකට දාලා අනාථ වුණාම ඒකෙ ඉන්න මාළු කාලා දාන නිසා දැන් මෙහෙ හදන්න තහනම්.

මැද පෙරදිග රටවල් අපේ රටේ අඩු පාඩුවක් නැති ගප්පින්ට වගේම සීබ්‍රාලාට බොහොම කැමතියි කියලා කීවේ වත්සල මහත්මයා. කුමාර් මහත්මයා අපට කීවේ මේ අවුරුද්දේ ආදරවන්තයින්ගේ දිනයට බොහෝ දෙනා තෑගි දුන්නේ මාළු ජෝඩු බවයි. සුරතල් මසුන් අලෙවියේ යෙදෙන බොහෝ දෙනා වගේම ඇරොවානාගේ වාස්තු බලය ගැන විශ්වාසයෙන් යුතු ව්‍යාපාරිකයන් රන්වන් පාටින් තැනූ අරොවානා ප්‍රතිමාවක් තියා ගන්නෙත් වාසනාව තමන්ට ගෙන්වා ගන්න වෙන්න ඇති. මාළුන් ගැන නම් තව කතා බොහොමයි. ඒත් අවසාන වශයෙන් අප දැනගත් එක දෙයක් විතරක් කියන්නම්. මාළු යාළු කර ගන්න නම් බොහොම ළඟින් එයාලාව ආශ්‍රය කරන්න ඕනලු. එහෙම හොඳ සම්බන්ධයක් ඇති කරගත්තාම අපේ හිත් කියවන්න තරම් හැකියාවකුත් එයාලාට තිබෙනවාලු. හෘදය ආබාධ, මානසික ආතතිය, පීඩනය සහිත රෝගීන්ට වගේම හිත සැහැල්ලු කර ගන්න කැමති ඕනෑම කෙනකුට පාට පාට මාළුන්ගෙන් පිරුණු ටැංකියක් දිහා බලා ඉද්දි දැනෙන්නේ පුදුම සහනයක්. සුරතල් මසුන් ලස්සන වරල් සලමින් තරඟ නඟමින් පිහිනනද්දි අපටත් දැනෙන්නේ මුහුදු පතුලේ ලස්සන විමානයක පාවෙනවා වගේ. ඒ නිසා අපේ දුක සතුට හඳුනන, අපේ ප්‍රශ්න කාටවත් නොකියන හොඳ යාළුවෙක් හැටියට මාළුවෙක් හිටියොත් සමහර විට ජීවිතේ වෙනසක් දැනේවි.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

විශේෂ ස්තුතිය සහ අයිතිය :

අරුණි මුතුමලී ( Silumina ) සතුයි ...
සේයාරූ - විපුල අමරසිංහ

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

" මෙම Fish King 👑 පිටුවෙහි ඇති ලිපි නොමිලේ පරිශීලනය කිරීමට ඔබට අවසර ඇත.."

" මත්ස්‍ය ලෝකයේ මිහිර විදගන්න කැමති සැමට විවෘත Fish king 👑 Aquarium හි page 📕🗞️ එකක් වන මෙහි අරමුණ විසිතුරු මසුන් මෙන්ම ඡලඡ පැලැටි අැතුළු මත්ස්‍ය ලෝකයට අයත් සියළු වැදගත් තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමයි. මෙම පිටුවෙහි ලිපි උපුටා ගැනීමේදී කතෘ වරුන්ගේ අවසර මත අයිතිය සුරැකීමට කාරුණිකවන්න. ඒ වගේම ඔබගේ අනෙක් යහළුවන් දැනුවත් කිරීමට මෙය Share කර මෙම පිටුව like කරන්නත් අමතක කරන්න එපා..."
එහෙනම් ගිහින් එන්නම්....
ජය වේවා !
ස්තූතියි 🙏 🙏 🙏

60 joduwa
25/03/2021

60 joduwa

25/01/2021
Matara awata ganna puluwanda
19/12/2020

Matara awata ganna puluwanda

08/12/2020
18/11/2020
18/11/2020
18/11/2020
14/11/2020
13/11/2020

Goldfish කියන්නෙ හැමෝම අතරෙ ගොඩක් ම ප්‍රසිද්ධ මාළු වර්ගයක්..Goldfish ලගෙ එක එක ලස්සන වර්ගත් ගොඩක් ඉන්නව..අද video එක ඒ ගැන.. https://youtu.be/G5Ip3XJZwLU ගොඩක් ප්‍රසිද්ධ Goldfish වර්ග 10ක් ගැන සිංහලෙන්..ඔයා ගාවත් goldfish ඉන්නවනම් ඒ මොන වර්ගයද කියල දැනගන්න මේ video එක උදවු වෙයි..ඒක නිසා අනිවා බලන්න..

12/11/2020
16/10/2020

Address

18 Rahula Rood
Matara

Telephone

+94774668515

Website

Alerts

Be the first to know and let us send you an email when Jayamuthu aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category