Bountiful Betta

Bountiful Betta The place of next level betta
(2)

071-7140085 whatsapp හෝ ☎ ඇමතුමක් ලබාදෙන්න ..
23/10/2023

071-7140085 whatsapp හෝ ☎ ඇමතුමක් ලබාදෙන්න ..

ප්ලේන් පිස්සුවයි මාලු පිස්සුවයි  දෙකම හොඳටම තිබ්බ Air force  ජීවිතයෙදි තනියම මාලු ගැන හොය හොයා ඉගෙනගත්තු දේවල් එකතු කරල ...
17/10/2023

ප්ලේන් පිස්සුවයි මාලු පිස්සුවයි දෙකම හොඳටම තිබ්බ Air force ජීවිතයෙදි තනියම මාලු ගැන හොය හොයා ඉගෙනගත්තු දේවල් එකතු කරල koi මාලු ගැන හදපු note book එකක්..youtube,internet,රුපවාහිනි වැඩසටහන් වලින්,පොත් පත් වලින් කරුණු ,රූප අරගෙන හදපු එකක් මේ..නව දැනුම හා ක්‍රම එක්ක යම් යම් වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් මේක මට හැමදාටම වටින දෙයක්..බෙටා මසුන් ගැන මෙහෙම නෝට් බුක් එකක් නැතත් කරුණු සටහන් කර ගනිපු කොල මගේ ලග තියෙනවා..නමුත් බෙටා මසුන් ගැන ගොඩක් තියෙන්නෙ digital notes..අපේ අලුතින් ක්ශේස්ත්‍රයට එන බහුතරයක් කරන්නෙ මාලු බ්‍රීඩ් කරගන්න,ලොකු කරගන්න බැරුව මැරෙනකොට කොහොම හරි ලාවට වැඩේ ඇදගෙන යන්න පුලුවන් දැනුමක් අටවගෙන සවුත්තු මාලු ටිකක් හදාගෙන මිලත් නැති කරල මාලුවත් නැති කරල දාන එක..කලාතුරකින් කෙනෙක් ඇරෙන්න අලුත් මාලුවෙක් හදන්න ඉන්න මාලුන්ගෙ quality up කරගන්න කව්රුවත් උත්සහ කරන්නෙ නෑ..හැමදාම හොඳ මව් සත්තු නෑ කිය කිය මිනිස්සුන්ට චෝදනා කර කර ඉන්නවට වඩා මම නම් යෝජනා කරන්නෙ මුලින්ම හොඳට අද්‍යානය කරල ඉගෙන ගෙන වැඩේ පටන් ගත්ත නම් හොඳ යි කියල...

30/09/2023

(F0) Blood line,New blood line and a new variety after crossing original two varieties ..spent whole year to create these guys..guess the cross breeders and pls comment.. (colours - solid Black/Red Copper/Metallic and Gold)..not for sale ( විකිණීමට නොවේ) සම්පුර්ණ වසරක පමණ කාලයක් උත්සහ කොට ඉතා අපහසුවෙන් ප්‍රවේශමෙන් ක්‍රොස් බ්‍රීඩ්,ක්‍රොස් බැක් බ්‍රීඩ්,ලයින් බ්‍රීඩ්, සිලෙක්ටර් බ්‍රීඩ් කරන ලද මව් සතුන් වර්ග 2කින් ලබා ගන්නා ලද අලුත් වැරයිටි එකක්..ඔබගේ දැනුම හා අත්දැකීම් භාවිත කර මව් සතුන් අනුමාන කර කමෙන්ට් එකක් දමන්න.. ..

23/09/2023

දිවයිනේ දැවැන්තම විසිතුරු මත්ස්‍යය වෙළදපොළ සහ ප්‍රදර්ශනයට තවත් දින 14යි!
සූදානම් වන්න ආකර්ශනීය වට්ටම් සහ දීමනා යටතේ ඔබේ විසිතුරු මත්ස්‍යය ටැංකියට අවශ්‍යය සියලුම දේ එකම තැනකින් අඩුම මුදලට මිලදී ගැනීමට...

Keep Calm! Only 14 days left for the SRI LANKA'S BIGGEST AQUARIUM FAIR AND FESTIVAL Bright Aqua PVT LTD Neon Aqua Farm The Fish Stop KOI TSU AQUA Sandan Isiwara Siritha Siyatha TV Pet Talk

මේ තියෙන්නෙ මාලු වර්ග කීපයක් එකම පොකුනක හදාගන්න  පාවෙන කූඩු  හදාගන්න හැටි Data එක්ක..ඒක ඉතා සාර්ථක ක්‍රමයක් ..මේ මගේ mea...
21/09/2023

මේ තියෙන්නෙ මාලු වර්ග කීපයක් එකම පොකුනක හදාගන්න පාවෙන කූඩු හදාගන්න හැටි Data එක්ක..ඒක ඉතා සාර්ථක ක්‍රමයක් ..මේ මගේ measurement වලට හදාගත්ත floating cages ..සේරම measurement මේකෙ දාල තියෙනවා ..අඩි තුන උසට මේ දිග පලලට හදාගත්තොත් වතුරට දැම්මම අඟල් 14ක් යට ගිහින් පාවෙනවා..කොන් හතරට floaters හරි මෙගා බෝතල් හරි හිස් ගැලුම් හරි ගැට ගහල තිබ්බොත් එක පැත්තක් ඉස්සුවට අනිත් පැත්ත යට යන්නෙත් නෑ..අඩි 2 ක් වගේ උසට ගත්තොත් යට යන ප්‍රමානෙ මදි නිසා සමාන බර කොන් 4ට එකතු කරන්න වෙනවා..මේව පාවෙන්න දැම්මම නිතර වතුර එහා මෙහා යන නිසා මාලුන්ට සුව පහසු වට පිටාවක් වගේම මාලුන්ගෙ අපද්‍රව්‍ය පතුලෙ ඉතුරු වෙන්නෙත් නෑ..දිය ගෝවා හෝ ජපන් ජබර ගස් කීපයක් ඇතුලට දැම්ම නම් විශේෂයෙන් බෙටා මසුන්(අප විසින් ස්වෝඩ් ටේල් ,මොලී හා බෙටා මසුන් 5'×10' කූඩුවක 2 cm ප්‍රමාණයේ සිට සම්පූර්ණයෙන් වැඩෙන තුරු මසුන් 500 ක් සඳහා පරීක්ෂා කර බලන ලදි) ඉතා හොඳට වර්ණවත්ව ආරක්ෂිතව හදාගන්න පුලුවන් ..තර්කානුකූලව හිතල මේක හරි යයි කියල හිතෙන හදාගන්න හැකියාවක් තියෙන අය හදල බලන්න ..මේක මගේ measurement වලට design කර ගත්තු එකක්..ඕන කෙනෙකුට තමන් කැමති විදියට වෙනස් කරල හදාගන්න පුලුවන් ..මේකෙ අදහස ගත්තෙ NAQDA එකේ චන්දන මහත්මයා Guide කරල බොල්ගොඩ ගඟේ තිලාපි මසුන්ට හදල තිබ්බ කූඩු වලින් සහ විදෙස් රටවල මේ වගේ ක්‍රම ගැන හොයාගත්තු දැනුමෙන්...

නොමිලයේ පැවැත්වෙන සුරතල් මත්ස්‍ය වගාව පිළිබඳ මූලික පුහුණු වැඩසටහනක් 04.09.23 දින උදෑසන 9 සිට මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර...
04/09/2023

නොමිලයේ පැවැත්වෙන සුරතල් මත්ස්‍ය වගාව පිළිබඳ මූලික පුහුණු වැඩසටහනක් 04.09.23 දින උදෑසන 9 සිට මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී සහ ප්‍රායෝගික පුහුණුව 05.09.23 දින උදෑසන 9 සිට කැස්බෑව දුමින්ද මහතාගේ විසිතුරු මත්ස්‍ය ගොවිපළේදී පැවැත්වේ..

සදීප මහතා (ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය)
070-1398665,
076-8456621
078-2474190

අනුත්තරා මහත්මිය
076-2286288
075-0829264

දුමින්ද මහතා
075-2309377

අද දින වැඩසටහනට සහභාගී වීමට නොහැකි වූවද ඔබට හෙට දින ප්‍රායෝගික පුහුණු වැඩසටහනට සහභාගී වීමට හැකියාව ඇති අතර මෙය නොමිලයේ පැවැත් වෙන වැඩසටහනකි..

31/08/2023

2500 followers බොහෝමත් ස්තූතියි හැමදෙනාටම ..🥂🥂

හැච් වෙන්නෙ නැති,බිත්තර කටු පිරිච්ච, පැටවුන්ට කන්න බැරි තරම් ලොකු සත්තු ඉන්න බ්‍රයින් ශ්‍රිම්ප් (ආටීමියා) නිසා ඔයාටත් එප...
25/08/2023

හැච් වෙන්නෙ නැති,බිත්තර කටු පිරිච්ච, පැටවුන්ට කන්න බැරි තරම් ලොකු සත්තු ඉන්න බ්‍රයින් ශ්‍රිම්ප් (ආටීමියා) නිසා ඔයාටත් එපා වෙලා නම් ඉන්නෙ සාධාරණ මුදලකට ඉතා උසස් තත්වයේ ආටීමියා දැන් Bountiful Betta අප වෙතින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..ඉක්මනින් whatsapp හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න ..ස්තූතියි ..0776749075

උසස්ම තත්වයෙන් යුතු NEON AQUA විසිතුරු මත්ස්‍ය ආහාර ඔබට දැන් Bountiful Betta අප මගින්ද මිලදී ගන්න පුලුවන් ..විශේෂයෙන් මග...
22/08/2023

උසස්ම තත්වයෙන් යුතු NEON AQUA විසිතුරු මත්ස්‍ය ආහාර ඔබට දැන් Bountiful Betta අප මගින්ද මිලදී ගන්න පුලුවන් ..විශේෂයෙන් මගේ බෙටා මසුන් සඳහා මාස 3ක කාලයක් ලබා දීමෙන් පසුව ලැබුනු ආකර්ෂණීය ප්‍රතිඵල වලින් පසුව ඔබගේ මත්ස්‍ය ගොවිපල සඳහා වගකීමෙන් යුතුව නිර්දේශ කරමි..

🐠 - 52% ක ප්‍රෝටීන් ප්‍රමාණය හා අනෙකුත් පෝශක මගින් සිදු කරන සීග්‍ර වර්ධනය ...

🐠 - සමහර මත්ස්‍ය අහාර වර්ග වල මෙන් අධික තෙල් තට්ටුවක් පා නොවීමෙන් ජලය මතුපිට හොඳින් වාතය හා ගැටීම නිසා මසුන්ගේ ලෙඩ රෝග බොහෝමයකට හේතුවන ස්වසන ක්‍රියාවලිට බාදා නොවීම...

🐠 - එම හේතුව සහ ආහාර වල ඇති හිතකර බැක්ටීරියා මගින් ජලය ඉක්මනින් අපිරිසිදු වීම වැලැක්වීම ...( ඇමෝනියා අධික අපිරිසිදු ජලය සහ ස්වසන ක්‍රියාවලියට බාදා වීම ඔබේ මත්ස්‍යයින්ගේ වර්ධනය අඩුවීමට මෙන්ම වර්ණය අඩු වීමටත් ප්‍රදාන හේතුවක්.එයින් ප්‍රතිශක්තිකරණය බිඳ වැටී මසුන් ඉක්මනින්ම ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුලුවන් )

🐠 - ජලය ඉක්මනින් අපිරිසිදු නොවීම නිසා ඉතා කෙටි කාලයකින් නැවත නැවත ටැංකි සයිෆන් කිරීමට අවශ්‍ය නොවීමෙන් ඔබට අමතර කාලයක්,ජලය ප්‍රමාණයක් හා විදුලිය ඉතිරි කර ගැනීමට හැකි වීම...

🐠🐠🐠 - සෑම මත්ස්‍යයෙක්ම ඉතා ආශාවෙන් ආහාර ගැනීම...

👉 - කුඩා පැටවුන් සඳහා
= (0.2 - 03) mm ( powder )

👉 - වර්ධක අවධිය සඳහා
= (0.5 - 0.8) mm

👉 - මව් සතුන්/වර්ධක
අවධිය සඳහා
= (1.2 - 1.5) mm

🥂 ...මේ මාලුවෙක් ඉක්මනින් වර්ණවත්ව ලොකු කරගන්න පුලුවන් සරළ ටිප්ස් කීපයක්...🥂

🕵️ හැකි සෑම විටම ප්‍රමාණවත් කෑම ප්‍රමාණයක් වැඩි වේල් ගණනක් ලබා දෙන්න...(වේල් 5ක් 6ක් උනත් කමක් නෑ)...

🕵️ වැඩි කෑම ප්‍රමාණයක් අඩු වේල් ගණනක් ලබා දෙන්න එපා...(වේල් 4 කට හරියන්න කියල ඒ කෑම සේරම වේල් දෙකකින් දෙන්න යන්න එපා) එහෙම උනොත් මාලුව overfeed වෙනව වගේම වතුර ඉක්මනින් සවුත්තු වෙලා මාලුව ලෙඩ වෙන්න පුලුවන්)
🕵️ වතුරේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙන්න ...වතුර උකු වෙලා පෙන දාලා මාලු වරල් අකුල ගන්නකම් ඉන්නෙපා සයිෆන් කරන්න...
👉 ටැංකියකට ප්‍රමාණවත් හයිඩ්‍රිල්ලා/පාවෙන ශාක ( floating plants ) වගේ දේවල් දාල තියන්න.. ඒව ඇමෝනියා මට්ටම අඩු කරනව වගේම මාලුන්ට හොඳ වර්ධනයකට අවශ්‍ය පරිසරය මෙන්ම යහපත් මානසික මට්ටමක්ද ඇති කරනවා...

☎️ pls whatsApp - 0776749075

මේ වන තුරුත් මත්ස්‍ය ගොවිපලක් කළමනාකරණය  කරගන්නෙ කෙසේද යන්නවත් ,එහි ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්නවත් පිළිබඳව ප...
08/08/2023

මේ වන තුරුත් මත්ස්‍ය ගොවිපලක් කළමනාකරණය කරගන්නෙ කෙසේද යන්නවත් ,එහි ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්නවත් පිළිබඳව පාඨමාලාවක් හදාරා නැති උනත් මෙම මත්ස්‍ය ගොවිපලෙහි වැඩ කරන්න පටන් ගත් කාලයේ ඉඳල මන් ඒ ගැන තනියම ඉගෙන ගන්න උත්සහ කලා..කුඩා කාලයේ සීයලා,තාත්ත,බාප්පලා,මාමලා වගා කරපු විදියෙ ඉඳල අද ලෝකයේ පාවිච්චි කරන ඉහල ඵලදායිතාව පිළිබඳව වෙනකන් තියෙන යාවත්කාලීන වන දැනුම සහ කැත්තෙ,උදැල්ලෙ,මන්නෙ,පොරොවෙ වැඩකරල අත්දැකීම් මගේ ලග තිබුන..මගේ යාලුවො,හිතවතුන්,නෑදෑයින්,රැකියාවෙදී හා ඉන් පිටතදී හමුවූ සමීපතමයන්, නිලධාරින් ,ගුරුවරුන් ,අන්තර්ජාලයෙන්,යන එන ගමන් දැකපු අහපු මේ හැම දේකින්ම කෙනෙක්ගෙන්ම හම්බවෙච්ච දැනුම අඩු වැඩි වශයෙන් අරගෙන(සමහර වෙලාවට වැරදි උපදෙස් හා දැනුම නිසා ලොකු ප්‍රශ්න වලටත් මුහුන දුන්නා)මගේ විනෝදාංශය එක්ක තාක්ෂණික දැනුමත් එකතු කරගෙන මන් වැඩ කරන ගොවිපලෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම ගොඩක් උත්සහ කලා වගේම ගොඩාක් දේවල් අතිශය සාර්ථක උනා..💪..මසුන් වගාව සමග එලවළු වගාව (Aquaponic)..මෙම ක්‍රමයම නොවුනත් ඊට යම් සමානකමක් සහිතව මාලුන්ගෙ අපද්‍රව්‍ය සහිත ජලය යොදාගෙන ඉතා සාරවත් එලවළු විශේෂයෙන් පලා වර්ග වස විසෙන් තොරව ඉතා සාර්ථකව වගා කරගත හැකියි..මන් එලෙස වගා කල ගොටුකොල,මුකුනුවැන්න,දඹල,වම්බටු,කරවිල ලොකු ප්‍රමාණයක් අසල් වැසියන් හා බෙදා ගනිමින් නිවසේත් පරිභෝජන සඳහා ලබා ගත්තා..ඒක මට පොඩි හරි ආර්ථික සහනයක් වගේම පහු ගිය අමාරුම කාලේ අසල්වැසියන්ටත් එහෙම වෙන්නැති..ඒක ලොකු සතුටක් කවදාවත් සල්ලිවලට ගන්න බැරි..පාවෙන කූඩූ හෝ එවැනි යමක් යොදාගෙන මත්ස්‍ය වර්ග කිහිපයක් එකම පොකුනක වගා කිරීම - Floating cage system ..මේකෙනුත් ඉතා ඉහල ඵලදායිතාවයක් ලබා ගන්න පුලුවන් එකම පොකුනෙ ඇතුලත Goldfish / Anjel මසුන් වගා කරන අතරෙ කේජ් ඇතුලෙ ෆයිටර් (Betta) / සීබ්‍රා (Danio) මසුන් වගා කල හැකියි..මේ අඩි 5×10 කේජ් එකක 1.5cm ප්‍රමාණයේ ෆයිටර් මසුන් 500ක් සම්පූර්ණයෙන් ලොකු වෙනකම් හදාගන්න පුලුවන් ..ඉතින් ඔයාලත් කල්පනා කරල තර්කානුකූලව හිතුවොත් මේක තේරුම් ගන්න පුලුවන් වෙයි..අපි හැමදාම සම්ප්‍රදායෙ එල්ලිලා ඉන්න ඕන නෑ..අළුත් දේවල් කරන්න උත්සාහ කරන්න ඒව සාර්ථකයි කියල තමන්ට වැටහෙනව නම්..මේ ත්තවයෙන් මේ විදියටම දැන් ෆාම් එක නැහැ..මොකද මගේ වැඩ අධික බව,මගේ පියාගෙ තිබ්බ අංශභාග රෝගි තත්වය එක්ක අනිත් වැඩ වලට කාලය වැය කරන්න නොහැකි වීම,විශේෂයෙන් මත්ස්‍ය අස්වැන්න අලෙවි කරගන්න නොහැකි වීම,ආර්ථික ගැටළු වගේ දේවල් නිසා නඩත්තු කරගන්න නොහැකි කම නිසා මේව මගෙන් මග ඇරුණා .😥.ඒකට විසඳුමක් විදියට තමයි මම vertical fish farming concept එක පටන් ගත්තෙ..නමුත් අපි ආපහු වටයකින් මේ දේවල් නැවත ගොඩ නගා ගන්න උත්සහ කරමින් ඉන්නෙ..තනියම නෙමෙයි දන්න හැමදේම ඔයාලටත් කියල දෙන ගමන්..ඒක නිසා මට බැරි උනත් පුලුවන් අය ඉඩකඩ තියෙන අය උත්සහ කරල බලන්න..ඉඩ කඩ නැති අයට vertical fish farm කරන හැටි මන් කලින් වීඩියෝ දාලා තියෙනවා..හෑල්ල නම් ටිකක් දිග වැඩී තමයි 😅..මාත් එක්ක රැඳී ඉන්න ඊලගට මන් මේ කේජ් හදපු හැටි සම්පූර්ණ measurement එක්ක පෝස්ට් එකක් දාන්නම්..තවත් ඉස්සරහට මන් කියල දෙන්නම් අලුත් variety හදන හැටි,තියෙන පරම්පරාවක් නැති වෙන්න නොදී තියාගන්න හැටි වගේ දේවල්..අපි හැමෝම එකතු වෙලා ඇත්තටම ගේමක් ගහමු ..🍻🍻🍻..ස්තූතියි

1000 Lk is inviting you to a scheduled Zoom meeting.Topic: fish breedingTime: Jul 28, 2023 09:00 AM ColomboJoin Zoom Mee...
26/07/2023

1000 Lk is inviting you to a scheduled Zoom meeting.

Topic: fish breeding
Time: Jul 28, 2023 09:00 AM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/92844026047?pwd=WTRzcEc5TGJMdXdYOENzcXhuclZ6Zz09

Meeting ID: 928 4402 6047
Passcode: 067211

---

One tap mobile
+13017158592,,92844026047 #,,,,*067211 # US (Washington DC)
+13052241968,,92844026047 #,,,,*067211 # US

---

Dial by your location
• +1 301 715 8592 US (Washington DC)
• +1 305 224 1968 US
• +1 309 205 3325 US
• +1 312 626 6799 US (Chicago)
• +1 346 248 7799 US (Houston)
• +1 360 209 5623 US
• +1 386 347 5053 US
• +1 507 473 4847 US
• +1 564 217 2000 US
• +1 646 931 3860 US
• +1 669 444 9171 US
• +1 669 900 6833 US (San Jose)
• +1 689 278 1000 US
• +1 719 359 4580 US
• +1 929 205 6099 US (New York)
• +1 253 205 0468 US
• +1 253 215 8782 US (Tacoma)

Meeting ID: 928 4402 6047
Passcode: 067211

Find your local number: https://zoom.us/u/adaHAphi3q

23/07/2023

"සේරම බිත්තර එකම භාජනයකට දාන්නෙපා" කියල කියමනක් තියෙනවනෙ..මේක පොඩි ටිප් එකක්..විශේෂයෙන් ඔයාල හදන්නෙ high varieties නම්..නැත්තම් cross breeding එකකින් හරි same variety එකෙන්ම හදන අලුත් blood line එකක් නම් වගේ විශේෂ අවස්තා වලදි ඒ breeding එකකින් එන පැටව් සේරම එකම ටැංකියකට හෝ පොකුණකට හෝ වර්ධනය සඳහා යොදාගන්නා කුමන හෝ container එකකට දාන්නෙපා..ඒක හරිම අවදානම් සහගත දෙයක්..මොකද ලෙඩක් හැදුනොත් සේරම මාලු එක පාරම ලෙඩ වෙනවා ,මැරුනොත් ඒත් සේරම මැරෙනවා..ලෙඩකට සැර බෙහෙත් දාන්න උනොත් ඒ මාලුන්ගෙන් මව් සත්තු හදාගන්න එකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ..ඒක නිසා අඩු ගානෙ ටැංකි 3 කටවත් දාගන්න..ඒ කියන්නෙ ඔයා high variety මාලු වර්ග 3ක් breed කලා නම් ඒ පැටව් breeding container එකෙන් ලොකු container වලට දානකොට variety තුන මිශ්‍ර කරල container 3කට දා ගන්න..එතකොට එකක අය ලෙඩ උනොත් තව දෙකක අය ඔයාට ඉන්නවා..දෙකක අය ලෙඩ උනොත් අනිත් අය ඉක්මනින් ක්ශේස්ත්‍රයෙන් වෙන තැනකට අරගෙන පරිස්සම් කරගන්න ඔයාලට පුලුවන් ..ඔයා වීඩියෝ එකේ ඉන්නෙ මන් එහෙම හදාගන්න විදිය..ඒක කරන්නම කියල එකක් නෑ..ඔයාලට ඒක සාර්ථකයි හොඳයි කියල හිතෙනව නම් කරල බලන්න.අනික තමයි එහෙම මාලු ටික නැති කරගෙන දුක් වෙනවට වඩා මේ වගේ පොඩි වයසෙ ඉඳන් ලොකු වෙනකම් පාට වැටෙන හැටි බල බලා කොච්චර සතුටක් ලබන්න පුලුවන්ද..ඔයාගෙ මාලුවගෙන් සල්ලිම හොයන්න උත්සහ කරන්නෙ නැතුව එයාගෙ ලස්සන,හැසිරීම වගේ දේවල් දිහා බලල ඒක විඳින්නත් පුරුදු වෙන්න .ස්තූතියි

Avatar/avatar multicolor/glow multicolor/Red koi/Red koi galaxy/copper fancy/nemo galaxy hm මාසයක් වයසැති (after sorting...
21/07/2023

Avatar/avatar multicolor/glow multicolor/Red koi/Red koi galaxy/copper fancy/nemo galaxy hm මාසයක් වයසැති (after sorting 3rd and 4th size) පැටවුන් 1000ක් පමණ ඇත..100කට වැඩි ප්‍රමාණයක් පමණක් දෙනු ලැබේ..ඉඩකඩ මදි වීම නිසාවෙන් ඉක්මනින් දෙනු ලබන අතර මෙය එක් වරක් පමනක් ඔබට ලැබෙන අවස්තාවකි..0776749075/0717140085

කොලඹ දිස්ත්‍රික්කය අවටින් නැවතීමට නිවසක් සමග සිමෙන්ති ටැංකි සහ මඩ පොකුණු කිහිපයක් සහිත මද්‍යම ප්‍රමාණයේ විසිතුරු මත්ස්‍ය...
18/07/2023

කොලඹ දිස්ත්‍රික්කය අවටින් නැවතීමට නිවසක් සමග සිමෙන්ති ටැංකි සහ මඩ පොකුණු කිහිපයක් සහිත මද්‍යම ප්‍රමාණයේ විසිතුරු මත්ස්‍ය ගොවිපලක් බදු පදනම මත ඉතා ඉක්මනින් අවශ්‍යයි . 0776749075/0717140085

09/12/2022

අපනයනය සඳහා උසස් තත්වයේ හාෆ් මූන්/රෝස් ටේල්/ප්ලැකට් බෙටා මසුන් 150ක් ඉතා ඉක්මනින් අවශ්‍යයි ... 077 6749075

බෙටා ගැන "අ"යන්න ඉගෙන ගනිපු තැන 😇...මේ ක්ශේස්ත්‍රයේ මගේ මුල්ම/හොඳම සහ දක්ශම ගුරුවරයයි ගුරුවරියයි හම්බවෙච්ච තැන 🥰 .. කොවි...
20/11/2022

බෙටා ගැන "අ"යන්න ඉගෙන ගනිපු තැන 😇...මේ ක්ශේස්ත්‍රයේ මගේ මුල්ම/හොඳම සහ දක්ශම ගුරුවරයයි ගුරුවරියයි හම්බවෙච්ච තැන 🥰 .. කොවිඩ් නිසා රටට අහිමි වෙච්ච සම්පතක් වගේම විශාල විදේශ විනිමයක් ගේන්න තිබ්බ තැනක් 😢..මේ වෙනකම් තිබ්බ නම් සමහරවිට ලංකාවෙ ලොකුම Betta breeding center එක...

Document control කියන්නෙ ව්‍යාපාරයක් විදියට බෙටා මසුන් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට ඉතාම වැදගත් කොටසක් මම හිතන විදියට...මම ...
16/11/2022

Document control කියන්නෙ ව්‍යාපාරයක් විදියට බෙටා මසුන් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට ඉතාම වැදගත් කොටසක් මම හිතන විදියට...මම සාමාන්‍යයෙන් breed/sort/harvest තොරතුරු කටු සටහන් වලට අරගෙන ඊට පස්සෙ පිළිවෙලකට හදාගන්නවා...ඇත්තටම මේව නම් ව්‍යාපාරයක රහස් වගේ..තව දුරටත් අපි රහස්‍ රැකල වැඩක් නෑ අපේ සිංහල වෙදකමට,සටන් කලාවට වෙච්ච දේම තමයි මේකටත් වෙන්නෙ .. ඉතින් මේ දවස් වල නම් වැඩ ගොඩක් වැඩි නිසා කටුවට හදාගත්ත details තමයි ගොඩක්ම තියෙන්නෙ..white board එකක් ෆාම් එක ඇතුලෙ තියෙනව...ඒකෙ Breeding details ටික සටහන් කරගෙන තියෙන්නෙ...මේකෙ මන් දාලා තියෙනවා ගිය අවුරුද්දෙ මන් දාපු බ්‍රීඩිං කීපයක විස්තර ඇතුලත් file දෙකකුයි...sort කරපු කටු සටහන් කීපෙකුයි...ඔය ෆයිල් එක බැලුවම පේනව මගේ සේරම මාලු මැරිල තියෙන්නෙ...Body rot වෙලා..ඊට කලින් දාපු බ්‍රීඩිං සේරටමත් උනේ ඒ ටිකමයි...කොච්චර treatment කලත් සේරම මැරුනා ...2021 වසර මුල වෙනකොට දැනට මාකට් එකේ වැඩිම මුදලකට අලෙවි වන (glow/copper gold නැතුව)හැම මාලුවෙක්ම වගේ මට ආයතනයෙන් දීල තිබුනා..ඒ සේරම මව් සත්තු සහ පැටව් සේරම මැරුනා..නමුත් ආයතනය මාව විශ්වාස කලා මම මන් ගැන විශ්වාස කලා...අලුත් වටයකින් 0 ඉඳන් පටන් ගත්තා ..මුලින්ම මම කලේ මගේම filter system එකක් හදාගෙන ලෙඩ හැදෙන්න පුලුවන් හේතුව මුලින්ම අයින් කරල දාපු එක...ඒක නියමෙට වැඩ කලා...දැන් මන් ටික ටික හැමදේම ආපහු හෙමින් ගොඩනගාගෙන යනවා...මට වෙච්ච දේවල් බලාපොරොත්තු හීන දහස් ගානක් හිතේ පුරවගෙන මේ ව්‍යාපාරයට අලුතින් එකතු වෙන අයකුට නොවෙන්න තමයි මගේ දැනුම අත්දැකීම් කිසිම දෙයක් හංගන්නැතුව හැමදේම share කරගන්නෙ...මේ ක්ශේස්ත්‍රයේ මට වඩා විශාල අත්දැකීම්,දැනුම මහා විශාල තියෙන පිරිසක් ඉන්නව...එයාලට කවද හරි මගේ පෝස්ට් දැකල ඒවගෙ අඩු පාඩු,ඊට වඩා නිවැරිදි හා සාර්ථක ක්‍රම පෙන්නල දෙනව නම් මන් හරි කැමති...ඒව නැවත මට අනිත් අය එක්ක ශෙයා කර ගන්න පුලුවන් ...මම මේ දාන පෝස්ට් වල තියෙන දේවල් කරන්නම ඕන කියල දෙයක් නෑ කැමති කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් ...

13/11/2022

Brine shrimp දීල හදාගත්ත පැටව් ඊලගට ලොකු container එකකට ගන්න වෙනව ඉක්මනින් ලොකු කර ගන්න නම්.පැටව් පීනන්න අරගෙන දවස් 4කින් 5කින් පස්සෙ වගේ මේක කරගන්න පුලුවන් ...නමුත් ඔයා මුල් දවස් කිහිපයේදි නිසි පෝශනය පැටවුන්ට දීල නොතිබුණොත් මේ අවස්තාවෙ පැටව් ගොඩක් මැරිල යන්න පුලුවන් එදාම සහ දවස් දෙක තුනක් ඇතුලත..තව පෝශනය දීල තිබුනත් මෙතනදි ගොඩක් අය පැටව් මරාගන්නව acclimate procedure එක හරියට කරගන්නැතුව පැටව් එක පාරට අලුත් වතුරට දාන්න ගිහින්...මම කරන්නෙ කෑම දීල පැය 2ක් වගේ ගියාම බ්‍රීඩිං බේසින් එක පැටව් දාන්න යන අලුත් container එකට දාලා පැය භාගයක් විතර තියනවා..(මම සාමාන්‍යයෙන් කරන්නෙ වේලා ගනිපු කොට්ටං කොල/වියලි කෙසෙල් කොල/හයිඩ්‍රිල්ලා කෑලි කීපයක්/පාවෙන ජලජ ශාක ටිකක් දාල දවස් 2ක් විතර තියල මීඩියා එක හදාගන්න එක )...ඊට පස්සෙ විනාඩි 20 කට විතර සැරයක් 3 පාරකට වගේ අලුත් වතුර බ්‍රීඩිං බේසින් එකට එකතු කරල ඊටත් පස්සෙ හරිම හෙමින් බේසමෙන් අලුත් වතුරට පැටව් ටික release කර ගන්නවා...මේක ජෑම් වෙන වෙලාවලුත් තියෙනවා වෙන වැඩ නිසා..කොහොම උනත් acclimate කරන්න යන වෙලාව වැඩි උනොත් මිසක් අඩු කරගන්නෙ නම් නෑ...release කරපු ගමන් කෑම දෙන්න යන්නත් එපා...මම කරන්නෙ උදේ 9ට විතර කෑම දීල 12/12.30 වගේ වෙනකොට පැටව් ටික release කරගෙන හවස 3ට වගේ තමයි ආපහු කෑම දෙන්නෙ...ඉතින් මේක මගේ ක්‍රමය ...තව ඕන තරම් සාර්ථක ක්‍රම තව අය ලග තියෙන්න පුලුවන් ...මන් මේ වීඩියෝ දාන්නෙ විශේෂයෙන් අලුතින් මේක පටන් ගන්න අයට අදහසක් ගන්න...අපි දැනුම බෙදා හදාගෙන හැමෝම එකතු වෙලා ගමනක් යන්න උත්සාහ කරමු...

12/11/2022

මේ තියෙන්නෙ බ්‍රයින් ශ්‍රිම්ප් ෆීඩ් කරන විදිය දවස් 6ක් වගේ වෙන පැටවුන්ට ..දවස් 3ක් 4ක් වෙන අයට මෙහෙම ෆීඩ් කරන්නෙ නෑ ඉතාම සුලු ප්‍රමානයක් තමයි දාන්නෙ පැටව් එකතු වෙලා ඉන්න තැන් වලට..තනි පැටියෙක් දෙන්නෙක් ඉන්නව නම් අපි සාමාන්‍යයෙන් එතනට කෑම බිංදුවක් දාන්නෙ නෑ...මොකද එහෙම දැම්මොත් කෑම වැඩිවෙන්න පුලුවන් බ්‍රීඩිං බේසමේ හරි ටැංකියේ හරි ..බ්‍රයින් ශ්‍රිම්ප් දාන එකම ක්‍රමයත් මේක නෙමෙයි...මෙහෙම දානකොට වතුරෙ බ්‍රයින් ශ්‍රිම්ප් විසිරිලා ඉන්නකොට අපිට අවබෝධයක් ගන්න පුලුවන් පැටවුන්ට දාන්න ඕන ප්‍රමානය ගැන...යෝගට් හැංදකින් වගේ අරගෙන දානකොට අපිට එහෙම අදහසක් ගන්න අමාරුයි වගේම මීඩියා එක නැති නිසා යම් ප්‍රමානයක් මැරෙන්නත් පුලුවන් ...මේක මගේ ක්‍රමය කැමති කෙනෙකුට අදහසක් ගන්න තමයි මෙහෙම වීඩියෝ upload කරන්නෙ...ඔයාල මේව බලල විතරක් නිකම් ඉන්නෙපා අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න..වෝල් එකේ දාන්න අවුල් වගේ නම් messanger ,whatsapp වලින් හරි අනිත් අයටත් යවන්න.මගේ එකම අරමුන දැනුම ශෙයා කරගෙන විශේෂයෙන් අලුතින් පටන් ගන්න අයට හයියක් වෙන එක..නැත්තම් මාලු මැරෙනකොට,හැදෙන්නැතිවෙනකොට මේක එපාම වෙන්න පුලුවන් ..මන් මෙහෙම දැන් මාලු පරිස්සම් කරගත්තට මෙතනට ආවෙ මාලු දහස් ගානක් මරාගෙන මව් සත්තු මරාගෙන...ඒක තව කෙනෙකුට නොවෙන්න තමයි මේ පොඩි උත්සහයක් ගන්නෙ වැඩ දහසක් මැද්දෙ අමාරුවෙන් ෆෝන් එකත් වතුරෙ දාගන්නැතුව 😂වීඩියෝ කරගෙන මගේ වැඩෙත් කරගෙන ..මගේ පේජ් එකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මගේ ගමනටත් support එකකුත් දෙන්න අමතක කරන්නෙපා යාලුවො ...🥰💪👍

10/11/2022

මම බ්‍රයින් ශ්‍රිම්ප් හදන විදිය ..දෙවෙනි වීඩියෝ එක...මේක එකම ක්‍රමය වත් හරිම ක්‍රමයවත් නෙමෙයි මීට වඩා ඕන තරම් සාර්ථක ක්‍රම තව අය ලග තියෙන්න පුලුවන්..මන් මේව දාන්නෙ කැමති අයට අදහසක් ගන්න විතරයි ....කලින් වීඩියෝ එකේ කියන්න බැරි උනා බ්‍රීඩිං බේසින්/ටැංකි වල ඉන්න පැටවුන්ට අනිවාර්යයෙන් බ්‍රයින් ශ්‍රිම්ප් ඇල් වතුරෙන් සෝදල දාන්න ..නැත්තම් දවස් කීපයක් යනකොට වතුරෙ ලුනු වැඩි වෙලා පැටව් මැරෙන්න පුලුවන් ..

10/11/2022

මම බ්‍රයින් ශ්‍රිම්ප් හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ..මේකෙ තව වීඩියෝ එකක් තියෙනවා...මේකෙ මම ටිප් එකක් දීල තියෙනව පැය 36-48 ක් වගේ තිබ්බොත් ලොකු බ්‍රයින් ශ්‍රිම්ප් ගන්න පුලුවන් කියල...ඒකත් එක්ක තව ප්‍රශ්න 2ක් එනවා..එකක් චූටිම පැටවුන්ට ලොකු බ්‍රයින් ශ්‍රිම්ප් කන්න බෑ..ඒකට මන් කරන්නෙ පෙරන රෙදි කෑල්ල තනි පොටකින් මුලින් පෙරාගන්න එක...එතකොට පහුවෙලා හැච් වෙච්ච පොඩි බ්‍රයින් ශ්‍රිම්ප් ටික පෙරිල ඇතුලට යනවා..රෙදි කෑල්ල දෙකට නමල ඒ ටික නැවත පෙරාගන්නවා...එතකොට සයිස් දෙකකින් සත්තු ඉන්නවා...පොඩි ටික දවස් තුන හතරක් වෙන පැටවුන්ට දෙන්න පුලුවන් ...අනිත් ප්‍රශ්නෙ තමයි හැච් වෙලා ගත වෙන කාලය වැඩි වෙනකොට බ්‍රයින් ශ්‍රිම්ප් ලගෙ තියෙන ප්‍රෝටීන් ප්‍රමානය අඩුවෙන්න පුලුවන් ...ඒක නිසා මේ ටිකක් පරක්කු කරන වැඩේට වඩා හොඳ හැච් වෙන්න පැය 24කට වඩා ටිකක් වැඩියෙන් ගත වෙන බ්‍රයින් ශ්‍රිම්ප් එග්ස් ...සැ.යු. මේ මගේ ක්‍රමය සහ මගේ අත්දැකීම් ...මීට වඩා ගොඩාක් සාර්ථක ක්‍රම තව අය ලග තියෙන්න පුලුවන් ...මේක තමයි හරිම ක්‍රමය කියල නෙමෙයි මේ කියන්නෙ...

Bountiful Breeding 😎
08/11/2022

Bountiful Breeding 😎

07/11/2022

Bountiful Breeding ..😎

07/11/2022

පැටවුන්ට කෑම දෙන්න පටන් ගන්න ඕන පැටව් පීනන්න ගත්තට පස්සෙ...අපිට ඒක දැනගන්න පුලුවන් බේසම පුරා පැටව් විසිරිලා ඉන්න එකෙන්...මම නම් බිත්තර කහමද වලින් තමයි කෑම දෙන්න පටන් ගන්නෙ..ඒ වගේම පොඩි ස්වභාවික පරිසරයකුත් බේසම ඇතුලෙ ඒ වෙනකොට නිර්මාණය කර ගන්නවා..මන් කලින් සම්පුර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද බිත්තර කහමද කෑම එක හදා ගන්නෙ කියලා..නැවතත් කියන්න අවශ්‍යයි මේක මගේ ක්‍රමය...තව අය ලග වෙන ක්‍රම ඕන තරම් තියෙන්න පුලුවන් ...පැරමීසියම් මීඩියා එකක් හදාගෙන ඒකෙ බ්‍රීඩ් කරන අයත් ඉන්නවා...කෙලින්ම බ්‍රයින් ශ්‍රිම්ප් වලින් කෑම පටන් ගන්න අයත් ඉන්නවා...මේ වීඩියෝ වලින් කැමති කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් ..කැමති කෙනෙකුට කරල බලන්න පුලුවන් ...මගේ පේජ් එකේ හැම පොඩි දෙයක් ගැනම වගේ වීඩියෝස් දානවා බ්‍රීඩිං ගැන..මට ගෲප් වලට එහෙම ගොඩාක් වීඩියෝස් දාන්න බෑ තව ගොඩක් අය බලාගෙන ඉන්න නිසා එයාලගෙ පෝස්ට් දාන්නත්..ගෲප් ඇඩ්මින්ලටත් ගොඩාක් ස්තූතියි පෝස්ට් ඇපෲ කරල මේ දෙන සහයෝගයට...👍🥰

06/11/2022

Female අයින් කලාට පස්සෙ බිත්තර hatch වෙනකොට මෙහෙමයි ..

06/11/2022

බ්‍රීඩිං බේසින් වලට දාන්න හදා ගත්ත plants

06/11/2022

අභිජනන ක්‍රියාවලිය අවසානයෙ ගැහැණු මත්ස්‍යයා ඉවත් කර ගන්නා ආකාරය.....සැ.යු. මේක මගේ ක්‍රමය..තව ඕන තරම් ක්‍රම තියෙන්න පුලුවන් එක එක අයට ආවේනික...කැමති කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් ..කැමති කෙනෙකුට තව දේවල් එකතු කරගන්න පුලුවන් ...කැමති කෙනෙකුට නොකරම ඉන්න පුලුවන් ...

06/11/2022

Betta මසුන් අභිජනන ක්‍රියාවලිය සිදුවන ආකාරය ...එකිනෙකා වෙලාගනිමින් ගැහැණු මත්ස්‍යයා බිත්තර මුදා හරිද්දි,පිරිමි සතා ඒව කටින් ගෙනවිත් පෙන කූඩුවෙ රඳවනවා..කලාතුරකින් ගැහැණු මත්ස්‍යයා බිත්තර ආහාරයට ගන්න පුලුවන් ...එහෙම කරන පිරිමි සතුනුත් ඉන්නවා...හැබැයි හරිම කලාතුරකින්..

06/11/2022

Female release කරගන්න විදිය..සැ.යු. මේක මගේ ක්‍රමය..තව ඕන තරම් ක්‍රම තියෙන්න පුලුවන් එක එක අයට ආවේනික...කැමති කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් ..කැමති කෙනෙකුට තව දේවල් එකතු කරගන්න පුලුවන් ...කැමති කෙනෙකුට නොකරම ඉන්න පුලුවන් ...

05/11/2022
05/11/2022

Betta Breeding - ගැහැණු සතුන් බ්‍රීඩිං බේසමට එකතු කරගන්නා ආකාරය..

04/11/2022

මූලික දේවල් තිබුනත් බෙටා මසුන් බ්‍රීඩ් (අභිජනනය) කිරීමට මේක තමයි හරිම ක්‍රමය කියල ක්‍රමයක් නෑ...පලපුරුදු අය හැමෝටම වගේ තමන්ගෙම ක්‍රමයක් හදාගෙන තියෙනවා...මේ හැමෝගෙන්ම දේවල් අරගෙන මගේ අත්දැකීමුත් එකතු කරල මගේම කියල හදාගත්ත ක්‍රමය...අලුතින් පටන් ගන්න ගොඩාක් අය බ්‍රීඩ් කරන විදිය කෝල් කරල අහන නිසයි මේ වීඩියෝ ටිකක් වැඩ කෝටියක් අතරෙ අමරුවෙන් හරි හදල දාන්නෙ..මන් හැමදාමත් විශ්වාස කරන දෙයක් තමයි තනියම ගේමක් ගහගෙන ගොඩ යනවට වැඩිය පුලුවන් හැමෝමවත් අරගෙන ටීම් එකක් විදියට වැඩ කරන එක තමයි සාර්ථකම දේ කියල...විශේෂයෙන් අපනයන ක්ශේස්ත්‍රය රටක් විදියට ජය ගන්න නම් ඒක අවශ්‍යමයි...මොකද buyer කෙනෙක් මාසෙකට මාලු 100,000 ක් ඉල්ලන්කොට ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුලුවන් වැඩක් නෙමෙයි...රට වටෙන්ම ට්‍රයි කරලත් ඔය ටික එකතු කරගන්න බැරි නම් ඒ ඕඩර් එක තායිලන්තය,ඉන්දුනීසියාව,සිංගප්පූරුව හරි වෙන කොහාට හරි යනවා...එතකොට තනියම ගේම් ගහගෙන දුවන්න ගියපු අයටත් ඒකෙ back effect එක එනවමයි.. ඒක නිසා මම දන්න හැමදේම මන් ඕන වෙලාවක ශෙයා කරගන්න කැමති වගේම අනිත් අයගෙ අත්දැකීම්,දැනුම මා එක්ක ශෙයා කරගන්නව නම් ගොඩාක් ස්තූති වන්ත වෙනවා...👍💪🥰

Bountiful breedings..😎unfortunately my camara is not good enough to catch their pure colours.. 😢
01/11/2022

Bountiful breedings..😎unfortunately my camara is not good enough to catch their pure colours.. 😢

26/10/2022

මාලු පැටව් sort කරගත්තට පස්සෙ ...

26/10/2022

නියමිත කාලයට කුඩා මත්ස්‍ය පැටවුන් ශරීර ප්‍රමාණය අනුව වෙන් කර (Sort) වඩා විශාල ටැංකි හෝ ටබ් වලට දමා ලොකු කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් ...මම පැටවුන් sort කරන විදිය තමයි මේ...අලුතින් පටන් ගන්න කෙනෙකුට අදහසක් ගන්න තමයි මන් මේ වීඩියෝ දාන්නෙ පුලුවන් වෙලාවට ...සමහර අය ලග මීට පහසු සාර්ථක ක්‍රම තියෙන්න පුලුවන් ...ඒවත් අනිත් අයට කියල දුන්න නම් අපිට හැමෝමවත් අරගෙන ඉස්සරහට යන්න පුලුවන් ...මොකද තායිලන්තෙ ඉන්දුනීසියාව ඉස්සරහට ගිහින් රටක් විදියට මාකට් එකක් හදාගෙන මිසක් තනි තනියම මාකට් එකක් හදාගෙන නෙමෙයි...

21/10/2022

Betta teens...Red Koi Galaxy ,Blue Galaxy,Black Mamba....

Koi.. Orange based..Bountiful breeding
16/10/2022

Koi.. Orange based..Bountiful breeding

Galaxy koi...bountiful breeding ..😎
13/10/2022

Galaxy koi...bountiful breeding ..😎

දැන් අපගේ බෙටා (ෆයිටර්) මසුන් අපනයන ගොවිපලෙන්, ආනයනය කරන ලද මව් සතුන්ගෙන් ලබා ගත්  ඉතා උසස් තත්වයෙන් යුතු මව් සතුන් සහ ප...
11/10/2022

දැන් අපගේ බෙටා (ෆයිටර්) මසුන් අපනයන ගොවිපලෙන්, ආනයනය කරන ලද මව් සතුන්ගෙන් ලබා ගත් ඉතා උසස් තත්වයෙන් යුතු මව් සතුන් සහ පිරිමි ගැහැණු සතුන් ලබා ගත හැකි අතර අපගේ බෙටා මසුන්ගේ ගුනාත්මක බව පිලිබදව සහතික වන්නෙමු...එසේම අප සතු සියලුම දැනුම ඔබ හා බෙදා හදා ගැනීමට සෑම විටම සූදානමින් සිටින්නෙමු..ඔබගේ අවශ්‍යතාවය whatsapp (0719394068) හරහා අපට දැනුම් දෙන්න.. සැ.යු. දැනට අප සතුව සිටින්නෙ අපගේ අපනයන අවශ්‍යතා සඳහා පමනක් ලබා ගන්නා ප්ලැකට් (plakat) බෙටා මසුන් වර්ග කීපයක් පමනක් වන අතර ඉදිරියේදී දේශිය වෙළඳපොළට අවශ්‍ය අනෙකුත් වර්ග වල ආනයනික මව් සතුන්ගෙන් ලබා ගන්නා බෙටා මසුන් සහ සජීවී ආහාර අපගේ ගොවිපලෙන් ඔබහට ලබා ගැනීමට හැකි වනු ඇත..

Galaxy Koi Orange based..Bountiful breeding ..😎
10/10/2022

Galaxy Koi Orange based..Bountiful breeding ..😎

Address

Samagi Mawatha, Makuluduwa
Piliyandala

Telephone

+94717140085

Website

Alerts

Be the first to know and let us send you an email when Bountiful Betta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category