My Pet Care Animal clinic - Polgahawela

My Pet Care Animal clinic - Polgahawela Consultation, Treatment, Vaccination, surgeries and pet food and accessories

17/01/2024
Nash♥️
28/02/2022

Nash♥️

07/02/2022

අප්පච්චී අර බලන්නකෝ අරගොල්ල කරන දේ..." අවසන් ගෞරව දක්වන්නට කනත්තට පැමිණ තිබූ පිරිසට සංග්‍රහ කරන්නට ගෙනවිත් තිබූ බිස්කට් වලින් කනත්තේ පදිංචි බල්ලන්ට සංග්‍රහ කරන අපේ ඟ්ති පොඩි උන් කිහිප දෙනා වෙත මගේ අවධානය යොමු කරන්නට අපගේ දියණිය උත්සාහ කලාය.

"ඇයි ඉතින්..."

"ඇයි අහන්නේ බලන්නකො ඒ ගොල්ල කරන දේ.. පේන්නේ නැද්ද ඔයාට.. "

"නෑ මොකද්ද ප්‍රශ්නේ..?"

"අර බලන්නකෝ දෙන්නේ මොනවාද කියලා... " පොඩි උන් දෙමින් තිබුනේ මගේ ප්‍රියතම බිස්කට් වර්ගය වූ චොකලට් ක්‍රීම් බිස්කට් ය. කනත්තේ වෙසෙන අයිතිකරුවන් නැති බල්ලන් නොනවත්වා වලිගය වනමින් චොකලට් බිස්කට් රස විදිනු දකින පොඩි උන්ගේ මුහුණ සතුටින් පිරී ගොසිනි.

"කමක් නෑ..."

" ඇයි කමක් නෑ කියන්නේ... ඒ චොකලට්නේ... " බලල්න්ට චොකලට් දීම නුසුදුසු බව දන්නා දියණියගේ හැඟීම් තේරුනේ එවිටය.

"ඔය බිස්කට් එකක් දෙකක් කෑවට මොකුත් වෙන්නේ නෑ.."

"අර.. අර... බලන්න තව දෙනවා.."

"මට පුලුවන්ද එපා කියන්න..?"

"ඔයාට පුලුවන් වෙන්න ඕන.. ඔයා ඒ සත්තු මරනවා ( you are killing those animals)" මගේ අක්‍රිය බව ගැන නොපැහැදුන ඇය දරුණු චෝදනාවක් එල්ල කලාය. අනතුරක් දැන දැන නිහඩව සිටීම ඒ අපරාදයට සමබන්ද වීම හා සමාන බව ඇගේ චෝදනාවේ පදනම විය.

ඇගෙන් බේරෙනට බැරිම තැන මම පොඩි උන් ලඟට ගොස් චොකලට් බිස්කට් වෙනුවට නයිස් බිස්කට් දෙන ලෙස ඉල්ලා සිටියෙමි.


බල්ලන් කෙරේ වන චොකලට් වල නුගුණ පිලිබදව හැකි ඉක්මනින්ම ලියනන්ට සිතුවත් එය මාස ගනනකට අතපසු විය. බල්ලන්ට විශ වෙන්නට තරම් චොකලට් දෙන්න පුලුවන් අය අපි අතර නොමැති බවට වන මගේ වූ තක්සේරුවද මේ අතපසුවීමට හේතු විය.

"චොකලට් එකක් හමබ උනත් බල්ලට කොටසක් දීලා තමයි කන්නේ.. නංගිලාට දුන්නේ නැතත් බල්ලට දෙනවා..." ආපහු චොකලට් ප්‍රශ්නය මතක් වූයේ අපේ අයියාගේ පොඩි එකාගේ අසාමාන්‍ය බලු ප්‍රේමය ගැන විස්තර අසන විටය.

"බල්ලාට චොකලට් දෙන්න එපා පුතේ... " එසේ කියූ මම මේ කතාවත් ඉක්මනින්ම ලියන බව සිතට ගත්තෙමි.

"ඇත්තටම බලල්න්ට චොකලට් නරකද?" තම බල්ලන්ට නිතර නිතර චොකලට් හෝ චොකලට් බිස්කට් දෙන්නට පුරුදු වූ අය නියත ලෙසම එම ප්‍රකාශය ප්‍රශ්න කරනු ඇත.

චොකලට් වල තියෝබ්‍රෝමීන් හා කැෆේන් (theobromine and caffeine) නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. ( කැෆේන් යනු තේ වල අඩංගු ප්‍රදාන රසයනික සංයෝගයකි.) මෙම රසායනික ද්‍රව්‍යයන් වලට සිනිදු මාංශ පේශී ලිහිල් කිරීම, හදවත් මාංශ පේශී උත්තේජනය ආදී හැකියාවන් ඇත. චොකලට් ආහාරයට ගැණීමෙන් පසු යම් ප්‍රාණවත් බවක් ඇති වීමට මේ ලක්ශන බෙහෙවින් උපකාරී වනු ලබයි. මිනිසුන්ගේ ශරීරයට මේ සංඝටක පහසුවෙන් බිද දැමීමට හැකි උවද බල්ලන්ගේ ශරීරයට ඒ ලෙසට බිද දැමීමට හැකියාවක් නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර හරහා ශරීරයට ඇතුලු වන මෙම රසායනික ශරීරයෙන් ඉවත්වීමට ඉතාමත් වැඩි කාලයක් ගතවේ. මේ හේතුව මත චොකලට් විශාල ප්‍රමාණයක් බල්ලෙකුට ශරීර ගත වුවහොත් දරුණු සංකූලතා ඇති විය හැකි අතර සමහර විට මරණයට ලක්වීමට පවා ඉඩ ඇත.

එසේනම් චොකලට් කන බල්ලන් අපට හමුවන්නේ කෙසේද?

ඕනෑම රසායනිකයක් අපිට හෝ සතෙකුට විශ වන්නේ යම් සීමාවකට වඩා වැඩිපුර ශරීර ගත වූ විටකය. සමාන්‍යයෙන් ශරීර බර කිලෝ එකකට මිලිග්‍රෑම් 20 ක් ශරීර ගත උවහොත් මද රෝග ලක්ශන පෙන්වන අතර කිලෝ එකකට මිලිග්‍රෑම් 60 වැඩි තියෝබ්‍රෝමීන් ශරීර ගත උවහොත් දරුණු ලක්ශණ පෙන්විය හැක. විශ විද්‍යාවේදී සලකා බැලෙන (LD50) හෙවත් මද්‍යාන්න මාරාන්තික අගය (එනම් පර්‍යේශණයට ලක්කරන කොටසෙන් සියයට පනහක් මරනයට පත්කිරීමට හැකි මාත්‍රාව) තියෝබ්‍රෝමීන් සම්බන්දයෙන් කිලෝ එකකට මිලිග්‍රෑම් 300 කි. මිනිසුන් සඳහා ඒ අග‍ය කිලෝ එකකට මිලිග්‍රෑම් 1000 ක් වන බැවින් අපේ ශරීර ප්‍රමානය මත චොකලට් විශ වීමේ හැකියාව නොගිනිය හැකි තරම් කුඩාය..

ශරීර බර මත සතෙකුට විශ විය හැකි මාත්‍රාව තීරනය වන බව ඔබට ඒ අනුව පෙනී යනවා ඇත. ශරීර ප්‍රමාණයෙන් කුඩා පොමනේරියන් බලු පැටවකුට විශ වන චොකලට් ප්‍රමාණය ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ වැඩුණු සතෙකුට විශ වන්නේ නැත.

සියලුම චොකලට් නිශ්පාදන වල එකම ප්‍රමාණවලින් තියෝබ්‍රෝමීන් අඩංගු වන්නේ නැත. කිරි චොකලට් (Milk Chocolate) වලට වඩා වැඩි ප්‍රමානයක් ඩාර්ක් චොකලට් (Dark Chocolate) වල අඩංගුය. එසේම බේකරි කටයුතු සදහා පාවිච්චි කරන චොකලට් වල වැඩි ප්‍රතිශතය්ක් අඩංගු අතර කොකෝවා පිටි වල ඊටත් වැඩියෙන් තියෝබ්‍රෝමීන් අඩංගු වේ. උදාහරණ ලෙස මිල්ක් චොකලට් ග්‍රෑම් එකක තියෝබ්‍රෝමීන් මිලිග්‍රෑම් 1.9 ක් ඇත. ඒ අනුව ග්‍රෑම් 85ක මිල්ක් චොකලට් එකක තියෝබ්‍රෝමීන් මිලිග්‍රෑම් 161 ක් අඩංගුය. මේ ප්‍රමාණය කුඩා ශරීර බරකින් යුතු සතෙකුට අනතුරුදායක විය හැක. නමුත් චිකලට් ප්‍රතිශතය වැඩි නිශ්පාදනයක මේ ප්‍රමාණයම ආහාරයට ගතහොත් සිදුවිය හැකි හානිය ඊට වඩා බෙහෙවින් බරපතලය.

ලෝකයේ බොහෝ රටවල බල්ලන්ගේ චොකලට් විශ වීම් ගැන කතා කලත් අපේ රටේදී ඒ ගැන එතරම් සංවාදයක් ඇති අති වන්නේ නැත.

ඇත්තටම අපේ රටේ චොකලට් විශ වීම් සිදු නොවන්නේද?

අප රටේ චොකලට් විශ වීම් සිදු උවත් ඒවා වාර්තා වීමේ ඉඩ බෙහෙවින් අල්ප බව අපේ දැනීමය. තම සුරතලා ලෙඩ වී පශු වෛද්‍යවරයා ගාවට ගෙන ගියත් චොකලට් විශ වීම ගැන සැකයකින් ඒ ගැන දැන්වීම අපි බොහෝ දෙනෙකුට මඟ හැරෙනවා විය හැක. ඒ අපි මෙතරම් ආසා කරන චොකලට් විශ වනු ඇතැයි අපි නොසිතන නිසාය. එසේම පශු වෛද්‍යවරයා "මෙයාට චොකලට් දුන්නාද? " කියා අසන ඉඩද සීමිතය. එනිසාම චොකලට් විශ වීම් හදුනාගැනීම සිදු නොවනවා විය හැක.

ඉහත දත්ත මත සතෙකුට විශ වීමට තරම් චොකලට් ශරීර ගත වීමේ සම්භාවිතාව ඉතාමත් අඩු බව අප පිලිගත යුතුය. ඉතා අඩු ප්‍රමාණයක චොකලට් ශරීරගත වීම හානිදායක නොවුනද කිසිවිටක බල්ලන්ට චොකලට් නොදී සිටිය යුතු බව පශු වෛද්‍ය නිර්දේශය වේ. චොකලට් රසට හුරු වූ බල්ලෙකු අවස්ථාවක් ලැබුණ මොහොතක විහාල චොකලට් ප්‍රමාණයක් උවත් ගිල දමන්නට පෙලබෙනු ඇත. එහි ප්‍රතිඵලය අතිශයින්ම වේදනාකාරී විය හැක.

අවසාන වශයෙන් පූසන් ගැන කියනවානම්, බල්ලන්ටත් වඩා පූසන්ට චොකලට් විශය. පූසන්ගේ කුඩා ශරීර බරට පොඩි චොකලට් ප්‍රමාණයක් උවද මාරාන්තික විය හැකිය. නමුත් සාමාන්‍යෙයෙන් පූසන් චොකලට් වැනි පැනි රස දේවල් කන්නේ නැත. ඒ පූසන්ට පැණි රස නොදැනෙන නිසාය. එසේ වූයේ පූසන්ගේ වාසනාවටය.

ජායාරූපය American Kennel Club වෙබ් පිටුවෙනි

ඔබගේ  සුරතල් සතුන් සහ අනෙකුත් සියලූම සතුන් සඳහා My Pet Care සත්ව සායනය පොල්ගහවෙලදී දැන් විවෘතව පවතී.සෑම දිනකම උදෑසන 9 සි...
19/01/2022

ඔබගේ සුරතල් සතුන් සහ අනෙකුත් සියලූම සතුන් සඳහා My Pet Care සත්ව සායනය පොල්ගහවෙලදී දැන් විවෘතව පවතී.

සෑම දිනකම උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතී.

ඔබගේ සතුන් සඳහා උපදේශන සේවා හා සියලුම ප්‍රතිකාර, එන්නත් කිරීම, ශල්‍යකර්ම, රසායනාගාර පහසුකම්, සහ සුරතල් සතුන් සඳහා අවශ්‍ය ආහාර, විටමින් වර්ග ඇතුළු අනෙකුත් උපාංග මෙහිදී ලබා ගත හැක.

53B/1, Alawwa Road,polgahawela.
0777061541
0713057622

17/01/2022

Address

52B/1, Alawwa Road
Polgahawela

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94777061541

Website

Alerts

Be the first to know and let us send you an email when My Pet Care Animal clinic - Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to My Pet Care Animal clinic - Polgahawela:

Share