Veterina Animal Clinic

Veterina Animal Clinic Veterinary care for ur loving pets+
*Consultation
*Treatments
*Vaccination
*Surgeries
*Pet Products
(1)

Permanently closed.
20/11/2023

Why you should give fish oil supplements to your dogs!In addition to preventing heart diseases, it *soothes the pet's sk...
19/11/2023

Why you should give fish oil supplements to your dogs!
In addition to preventing heart diseases, it
*soothes the pet's skin🐶
*prevents fur off &🐩
*shines the fur coat🐕

Commercial preparations: Red dogs syrup, Quadra coat syrup, Nutri coat syrup, Advanced nutri coat syrup

ඔයත් මාළුවන්ගේ සම කෑමට කැමතිද? එහෙනම් ඔයත් හෘද සෞඛ්‍ය ගැන සිතන කෙනෙක් විය යුතුයි.

මාළු සම සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ඔමේගා-3 මේද අම්ලවල හොඳ ප්‍රභවයක් ඉතිං මේ මේද අම්ල හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වෙනවා. සැමන්, මැකරල් සහ ට්‍රවුට් වගේ මේද මාළු වල ඇති ඔමේගා-3 මේද අම්ල ට්‍රයිග්ලිසරයිඩ (ඉතාම නරක දෙයක්) අඩු කිරීම මගින් හෘද රෝග අවදානම අඩු කරනවා.

කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් ගත් කල, ඔමේගා-3 මේද අම්ල ධනාත්මක බලපෑමක් ඇති කරනවා. ඒවා බොහෝ විට "හොඳ" කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අධි-ඝනත්ව ලිපොප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට උපකාරී වෙනවා. HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හෘද රෝග ඇතිවීමේ අඩු කරනවා. ඔමේගා-3 මේද අම්ල, රුධිර ප්‍රවාහයේ තවත් ලිපිඩ වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ අඩු කිරීමට ද උපකාර වෙනවා. ට්‍රයිග්ලිසරයිඩ ඉහළ යාම හෘද රෝග සඳහා අවදානම් සාධකයක් වෙනවා.

කොහොමවුනත්, මාළුවලින් ලැබෙන ප්‍රතිලාභ උපරිම කර ගැනීමට සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් මාළු පිළියෙළ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මාළු බැදීමෙන් සෞඛ්‍යයට අහිතකර මේද හා කැලරි එකතු වෙන්න පුළුවන්, මාළු බැදීමට වඩා, පිළිස්සීම, ග්‍රිල් කිරීම හෝ තම්බා ගැනීම වඩාත් සුදුසුයි.

සාරාංශයක් ලෙස, සමතුලිත ආහාර වේලක කොටසක් ලෙස සම ඇතුළු මාළු ආහාරයට ගැනීම එහි ඔමේගා-3 මේද අම්ල අන්තර්ගතය නිසා හෘදයට සෞඛ්‍ය සම්පන්න තේරීමක් විය හැකිය. නමුත් මාළු පිළිස්සීම හෝ ග්‍රිල් කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ලෙස පිළියෙළ කර පිසීම සහ බැදපු ආහාරවල ඇති සෞඛ්‍යයට අහිතකර මේද අධික ලෙස පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.




















19/11/2023

Mother & the calf in good health after assisted calving❤️

Mange හෙවත් "කටුවා කෑම"   සුනඛයින්ගේ දක්නට ලැබෙන සුලබ රෝගයකි. නිසි ප්‍රතිකාර නොලැබෙන කල දේහය පුරා ව්‍යාප්ත විය හැක. බැක්...
19/11/2023

Mange හෙවත් "කටුවා කෑම"

සුනඛයින්ගේ දක්නට ලැබෙන සුලබ රෝගයකි. නිසි ප්‍රතිකාර නොලැබෙන කල දේහය පුරා ව්‍යාප්ත විය හැක. බැක්ටීරියා හා දිලීර ආසාදනත් සමග සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.
කටුවා කෑම ඇති කරන්නේ සමේ වෙසෙන අන්වීක්ෂීය මයිටාවෙකු මගිනි. වර්ග 02ක් ඇත.
Sarcoptes වර්ගයේ කාණ්ඩය:
මුලින් කන්පෙති, වැලමිට හා උදර ප්‍රදේශයේ ආසාදන ඇති කරයි. රෝම කූප මුල වෙසෙන බැවින් රෝම ගැලවී යයි, දැඩි කැසීම් ඇති වේ, සම ගොරෝසු වේ(crust like). මෙය මිනිසුන්ට බෝ විය හැක...

Demodex වර්ගයේ කාණ්ඩය:
ඇසිපිය, හොම්බ වටා, මුහුනේ කම්මල් මත මෙන්ම කන්පෙති මතද ස්තානීය වශයෙන් ආරම්භ වී පසුව දේහය පුරා ව්‍යාප්ත විය හැක. සමේ තැනින් තැන ලෝම රහිත ,රත් පැහැ ප්‍රදේශ ලෙස දක්නට ඇත. ප්‍රතිකාර නොකිරීමෙන් ද්විතීයික බැක්ටීරියා ආසාදන ඇතිවිය හැක.

ප්‍රතිකාර:
ඔබගේ සුරතලාගේ පශුවෛද්‍යවරයා හමු වී රෝගය ආරම්භයේදීම ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවකරගත හැකි තත්වයකි.
මේ සඳහා injection නැතහොත් විදින ප්‍රතිකාර ලබාගත හැක. නැතහොත් bravecto වැනි පෙති මෙන්ම mange cream වැනි ආලේපන, amitraz වර්ගයේ දියර(taktic, tickamit), antiparasitic shampoo වැනි බාහිර ප්‍රතිකාර ඇත. ද්විතීයික බැක්ටීරියා හා දිලීර ආසාදන හමුවේ ප්‍රතිජීවක ලබාදීම හා බැක්ටීරියානාශක/දිලීරනාශක ආලේපන ලබාදිය හැක.
ප්‍රතිකාර ක්‍රමය ඔබගේ සුරතලාගේ රෝගයේ තත්වය අනුව, සතාගේ වයස අනුව පශුවෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

-පශුවෛද්‍ය කිත්මිණි දුනුවිල-

17/06/2022

ජලභීතිකාව වළක්වාගැනීමට ඔබේ සුරතලා එන්නත් කර තිබේ ද?
---------------

පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ වලත් හිඟතාවයන් ඇතිවී ඇති බව දැනටමත් අප දැනුවත්. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් වළක්වාගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව පුරවැසියන් වන අප දැනුවත්ව සිටීම වැදගත් වනවා. ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් පිළිබඳවයි මේ සිහිපත් කිරීම.

ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස් වෛරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් අපව සපාකෑමෙන්. එලෙස ශරීරයට ඇතුලු වූ වෛරසය, රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණකිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුෂුම්නාව වෙත ගමන්කර ස්නායු පද්ධතිය අඩපණ කර දමනවා. රෝගලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වෙන්න පුලුවන්. රෝග ලක්ෂණ ඇතිවුනායින් දින කිහිපයක් ඇතුලත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක තත්වයයි.

මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්. ඔබගේ නිවසේ සිටින සූරතල් සතුන් ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රා ද නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වනවා. ඔබේ සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරගන්නා අතරතුරේම ඔවුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු වෙනවා.

වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් , ජලභීතිකාව බෝ වීමේ අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත , ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික අවදානමෙන් ගලවාගැනීමට එය පිටිවහලක් වනු නොඅනුමානයි.

28/03/2022

සත්තු වත්තේ කලබලය...

මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම වෙනුවෙන් සතා සිව්පාවාට එදා මෙදා තුර ගෙවීමට සිදුව ඇති වන්දිය අසීමිතය. සත්වෝද්‍යාන යනු මිනිසුන් සතුටු කිරීම වෙනුවෙන් වන්දි ගෙවන අහින්සකයන් ජීවිත කාලය පුරාවට රදවා තබා ඇති සිරමැදිරි සංකීර්ණයට මානුශීය මුහුණුවරක් දීමට එකතු කල අලංකාර වචනයකි. නිල වශයෙන් සත්වෝද්‍යාන ලෙස හැදිනුවද සාමාන්‍ය ජනතාව "සත්තු වත්ත" කියන්නේ සතුන් සිරකල තැනක් උද්‍යානයක් වන්නේ කෙසේදැයි මිනිසුන්ගේ සිත් තුල කුතුහලයක් නැඟෙන නිසා විය හැක.

සතුන්ට ආදරයෙන් සලකන, වදවී යන සතුන් සංරක්ෂණයට සුවිශේෂ දායකත්වයක් ලභා දෙන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සත්වෝද්‍යාන ලෙස සැලකිය හැකි තැන් ලෝකයේ සමහර ‍රට වලදී අපිට දකින්නට පුලුවන. සත්වෝද්‍යානයක සාර්තකත්වයේ මූලික පදනම වනුයේ සතුන්ට ආදරය කරන මිනිසුන් සතුන්ගේ වගකීම් දැරීමය. ඕනෑම දියුණු සත්වෝද්‍යානයකට සේවකයන් තේරිමේදී සතුන්ට ඇති ආදරය ඉහලම සුදුසුකම වනු ලබයි.

සත්වෝද්‍යානයක සිටින එවන් මිනිසුන් මුලින්ම අපට හමු වූයේ අපි පුංචි කාලේ ටයිටස් තොටවත්තයන්ගේ සුරුවිරුකමක් ලෙසින් රූපවාහිනීනිය හරහා අපේ ආලින්දයට ආ "පුංචි ඇත් පැටවා" චිත්‍රපටියේදීය.

1940 වසන්ත කාලයේ දිනක ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ශෝතා හා පශු වෛද්‍යවරයා නොයිවසිලෙන් සකුරා නම් ඇතින්න තම පැටවා බිහි කිරීමට සූදානම් වන අයුරු බලා සිටින දර්ශනයකින් චිත්‍රපටිය ඇරබේ. ඒ මොහොතේම ශෝතාගේ බිරිදද පලමු දරුවා බිහිකිරීමට විලි රුදාවෙන් පීඩාවිදින ලබයි. ඇයගේ වේදනාව බලා සිටීමට බැරිම තැන ශෝතාගේ මව ඔහුට දුරකතන ඇමතුමක් ගනී. විළිරුදාවෙන් පීඩාවට පත්වූ තම බිරිඳ ලඟ නොසිට අලි අම්මා ලඟට වී සිටින තම පුත්‍රයා ගැන ඇගේ ඇත්තේ තරහකි.

"දරුවා තවම ලැබුනේ නෑ කෑ ගහනවා අමාරුවට .. "

"ඒ උනාට අම්මයි වින්නබු අම්මයි ඉන්නවානේ ඒවා බලා ගන්න.. මෙහෙ මගේ ඇතින්න බලා ගන්න ඉන්නේ මං විතරයි..."

"අලි පැටියා ලොකුද තමන්ගේ දරුවට වඩා, මං අහන්නේ.."

"අලි පැටව් ලොකුයි..."

"මොනවා"

"පිරිමි ලමයෙක් ඉපදුනොත් ටාරෝ කියලා දාන්න.. ගැහැනු ලමයෙක් ඉපදුනොත් හනාකෝ කියලා දාන්න...මගේ අලි පැටියට නම් දාන්නෙත් එහෙමමයි.."ඔහු කියූ පරිදිම එදින ඉපදුන පුතා තාරෝ වූ අතර ඇත් පැටවා හනාකෝ විය. චිත්‍රපටිය දිවෙන්නේ හනාකෝ වටාය.

කාලයත් සමඟ ඇවිලී ගිය දෙවන ලෝක යුද්ධය හමුවේ ආහාර හිඟයකට මුහුණ දීමට ජපානයට සිදු විය. මේ තත්වයට යම් හෝ සහනයක් සොයා සත්වෝද්‍යාන වල සතුන් මරා දැමීමට එරට රජය තීරණය කරයි. සතුන් මරා දැමීමට එන යුධ හමුදා නිලදාරීන් හමුවේ නිර්භීතව සටන් කරමින් හනාකෝ හා සකුරා බේරා ගන්නට ශෝතා ඇතුලු පිරිස වෙහෙසෙන හැටි අපූරුවට ඉස්මතු කල ඒ කතාව නෙතට කදුලක් එකතු කල අපූරු මතකයකි. අසූව දශකයේ පුංචි ඇත් පැටවා හරහා අපිට හමුවූ ශෝතා වැනි ආදරණීය මිනිසුන් සිටින සත්වෝද්‍යාන පිලිබද අපේ සිතේ ඇති වන්නෙ ගෞරවයකි. ආදරයකි

නමුත් අවාසනාවකට අපේ රටේ සත්වෝද්‍යාන ගැන එලෙස ආදරයකින් දකින්නට පුලුවන් පරිසරයක් තිබුනේ නැත.

මුදල් ඉපයීමේ පරම චේතනාවෙන් සතුන් ගාල් කල තැනකට එහා කිසිවක් අපේ සත්වෝද්‍යාන තුල දකින්නට තිබුනේ නැත. ඉන් එහාට යමක් කරන්නට සැබෑ උවමනාවක් පාලකයන්ගෙන් අප දුටුවේ නැත. මුදල් වලට අමතරව තමන්ට දේශපාලනයේදී සහය වූ අයට රැකියා සපයන රැකියා උල්පතක් සේ ඔවුන් ඒවා දකින්නට විය.

ඒ නිසාම ඒ ආයතන පිරුනේ සතුන්ට ආදරය කල අයගෙන් නොව දේශපාලන හිතවතුන්ගෙනි. ඉන් සමහරෙකුට සත්වෝද්‍යාන යනු තමන්ගේ පඩිය සපයන ආයතනය පමනක්ම විය. තවත් සමහරු සතුන්ට වෙන් කරන ආහාර සලාකය පවා ධන උල්පතක් කරගන්නට පසුබට වූයේ නැත. මේ සියලු කාරනා වල ප්‍රතිඵලයක් ලෙස සත්තු වත්ත යනු තවත් එක් රාජ්‍ය ආයතනයක් පමණ්ක්ම විය. අපි පොඩි කාලේ ආසාවට සත්තු වත්තට ගියා සේම අපේ දරුවනුත් එක්කන් ගියාට ඇත්තටම ඒ සතුන් සිටිනා අන්දම ගැන කිසි පැහැදීමක් ඇති වන්නේ නැත.

ප්‍රියසාද් එදිරිවර්ණ නම් වූ අපූරු පශු වෛද්‍යවරයා සමාජ මාද්‍ය ඔස්සේ ඇස ගැසෙන්නේ ඔය අතරය.

අපි කූඩුව ලඟටවත් ලංවන්නට බය අලි කොටි සිංහයන් සමඟ පොඩි එකෙක් මෙන් සෙල්ලම් කරමින් , කතා කරමින් රිදියාගම සෆාරි උද්‍යානයේ සතුන් රැක බලා ගන්නා ආකාරය දකින විට මේ තරුණ පශු වෛද්‍යවරයා පිළිබද මහත් ස්නේහයකින් හදවත පිරී ඉතිරෙන්නට විය. ඔහු පශුවෛද්‍ය ව්ර්තිය අලුත් මානයකට ගෙන යෑමට සමත්වූ අති දක්ශයෙකි. නිදහස අහිමිව කූඩුව තුල තනිකමෙන් ඒකාකාරී ජීවිතයකට උරුම වී සිටින සතුන්ට ඔහු ආදරණිය මිතුරෙකු, සහෝදරයකු වී තිබුණි. අලුත උපදින පැටවුන්ට ඔහු ආදරණීය පියෙකු වී තිබුණි. ඔහුගේ එම ආදරය, කරුණාව එම සතුන්ගේ මානසික ආතතිය යම් තරමකට හෝ සමනය කරවන දිව්‍යමය මැදිහත් වීමක් වූ බවට සැකයක් නැත.

ඔහුගේ ක්‍රියාකාරීත්වය සතුන්ගේ යහපතට පමනක් නොව සත්වෝද්‍යාන සම්බන්දයෙන් මහජනතාවගේ දැක්ම වෙනස් කිරීමටද හේතු විය. ඔහුගේ භූමිකාව හරයා සත්වෝද්‍යානය තුල සතුන් වෙනුවෙන් ඉමහත් කැපවීම් කරන අනෙක් සේවකයන් ගැන ද සමාජයේ අවධානයට ලක් විය. දේශපාලන පත්වීම් ලෙස රජයේ සේවයට එක් වී තිබුනද සතුන් වෙනුවෙන් අසීමිතව කැප වූ තවත් බොහෝ පිරිසක් මේ ආයතන තුල සිටින බව සමාජය දකින්නට පටන් ගත්තේද ප්‍රියසාද්ගේ ප්‍රතිරූපය හරහාය. රිදියාගමට පමණක් නොව සමස්ත දෙපාර්තමේන්තුවටම ඔහු සන්නාම තානාපතිවරයෙක් විය.

එසේ රටේ බොහෝ දෙනෙකු දැන හදුනාගෙන සිටි ආදරය කරුණාව හා නිර්භීතබවෙන් පිරුණු උණුසුම් හදවතක් පෙරදැරිව සතුන් රැක බලාගන්නා වෛදය් ප්‍රියසාද්ට එම ආයතනයේම ක්‍රියාත්මක ව්ර්තීය සමිතියක සාමාජික පිරිසක් විසින් පහර දුන් බව දැන ගත් මොහොතේ ඇති වූයේ මහත් කලකිරීමකි.

"මල්ලි, එක එකාගෙන් ගුටි කාලා මේ මඟුලේ ඉන්න එපා.. උබේ හැකියාවට වටිනාකමක් තියෙන තැනකට පලයන්.." මේ නොදුටු මිතුරා හමු වුවහොත් මම මුලින්ම කියන්නේ ඒ කතාව බවට සැකයක් නැත. ඔහුට අති දුශ්කර රිදියාගමට වී සිටිනවාට වඩා නගරයකට ආවොත් ලොකු ආදායමක් ලැබිය හැක. පිට රටකට ගියොත් නම් ගොඩේ ගොඩය. ඔහු සතුන් සමඟ ගනදෙනු කරන ආකාරය දකින ලෝකයේ ඔනෑම සත්වෝද්‍යානයක් ඉහලම මිලක් ගෙවා ඔහුගේ සේවය ලබා ගන්නා බවට සැකයක් නැත. එහෙව් පසුබිමක ගුටි කමින් "රිදියගම හිටපන්" කියන්නට මගේ දිවනම් නැමෙන්නේ නැත.

මම කිව්වත් නැතත් ඔහු සමහර විට දිනපතා කිලෝමීටර් ගණනින් දික් වෙන පාස්පෝට් පෝලිමට එකතු වනු ඇත. මේ විදියට කැපවීම උනන්දුව උවමනාව ඇති ප්‍රියසාද්ලා වැනි මිනිසුන් රටට අහිමි වන විට අපේ රටේ අනාගතය කොයි ලෙස විසදෙනු ඇතිද? අපි කිසිවෙකුට ඔහු වෙනුවෙඅට ආදේශකයකු වීමට හැකියාවක් දක්ශතාවයක් නැත. ප්‍රියසාද් ට රටින් පලයන් කියා කීවත් ප්‍රියසාද් වගේ මිනිස්සුන්ට රට එපාමරවන මේ මජර සංක්ර්තිය වෙනස් කර ගත යුතුව ඇත. එය ඉබේ වෙනස් වන්නේ නැත. ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුය.

අපි සමාජයක් ලෙස සංවේදී විය යුත්තේ ප්‍රියසාද් නම් පශුවෛද්‍යවරයාට පහර දීම සම්බන්ද ප්‍රශ්නයක් පමණක් නොව රටේ අනාගතයටත් බලපාන මැර සංක්තියේ තවත් එක් පියවරක් නිසාය. මෙසේ රාජ්‍ය ආයතන තුල පහරදෙන සංක්‍ර්තිය මෙන්ම එවන් ප්‍රහාර හමුවේ මුනිවත් රකින පාලනාධිකාරියටත් එරෙවත් හඬ නැගිය යුතුව ඇත.

එසේම ආයතනයක සේවකයන් එකිනෙකා මරා ගන්නා සංකෘතිය වෙනුවට හැම කෙනාම එකම අරමුනකින් සහෝදරත්වයෙන් යුතුව සේවය කරන ආයතනයක් නිර්මානය වෙනුවෙන් වගකිව යුතු සියලු දෙනාටම කැපවන ලෙස බලකිරීමටද මෙය අවස්තාවක් කල යුතුව ඇත. එසේ නොමැති උවහොත් දැනටත් දුක් විදින සතුන්ගේ ජීවිත තවදුරටත් අන්දකාරයේ ගිලී යනු ඇත.

Address

Pinnawala
Rambukkana

Telephone

+94788732795

Website

Alerts

Be the first to know and let us send you an email when Veterina Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Veterina Animal Clinic:

Videos

Share

Category


Other Rambukkana pet stores & pet services

Show All