Leon's sanctuary for Animals

  • Home
  • Leon's sanctuary for Animals

Leon's sanctuary for Animals Urgent! Helping Street Dogs and Other Animals in Sri Lanka.

මේ පැංචියෝ දෙන්නට ඔබේ නිවසෙන් පුංචි ඉඩක් දෙන්න පුලුවන්ද 😌 ආදරය රැකවරණය ආරක්ෂාවෙන් සපිරි පවුලක් විතරමයි අවශ්‍යය ❤️නිසි වය...
01/05/2024

මේ පැංචියෝ දෙන්නට ඔබේ නිවසෙන් පුංචි ඉඩක් දෙන්න පුලුවන්ද 😌
ආදරය රැකවරණය ආරක්ෂාවෙන් සපිරි පවුලක් විතරමයි අවශ්‍යය ❤️
නිසි වයසෙදි වන්ද්‍යාකරණ සැත්කම නොමිලේ කරලා දෙන්නම් අවශ්‍යය වැක්සින් නොමිලේ විදලා දෙන්නම් කොටින්ම පුංචි ලෙඩක් වුනත් නොමිලේ බෙහෙත් කරලා දෙන්නම් 🥰🙏 ඕන එයාලට ආදරණිය පවුලක් විතරයි

කැමති කෙනෙක් ඉන්නවනම් මේ අංකෙට ඇමතුමක් දෙන්න 🙏0762623859

ලියෝන්ස් සැන්චරිය පටන් ගත්තත් හරි මුදලින් උදව්වක් ඉල්ලන පළමු අවස්ථාව 🙏🏻🥺 ලියෝන් සැන්චරියෙ සුනඛයින් 70 පමන සහ උෟරො 8 , හර...
29/03/2024

ලියෝන්ස් සැන්චරිය පටන් ගත්තත් හරි මුදලින් උදව්වක් ඉල්ලන පළමු අවස්ථාව 🙏🏻🥺 ලියෝන් සැන්චරියෙ සුනඛයින් 70 පමන සහ උෟරො 8 , හරක් සිටින ලියෝන් සැන්චරියෙ නඩත්තුව කොහොම හරි අපහසුවෙන් වුවත් කර ගන්නා අතර දැනට ලොකු ප්‍රශ්නයක් වී තිබෙන
මේ බිල් ටික ගෙවා ගන්න පුංචි මුදලකින් හරි උදව්වක් කරන්න පුලුවන්නම් මේ වෙලාවෙ ලොකු සහනයක් 🙏🏻මේ බිල් ටික ගෙවනකන් අපිට අය අලුතෙන් සත්තු ගැනීමට අපහසුයි 🥺 හැකි කෙනෙක් ඉන්නවනම් ඩොක්ටර්ගෙ ගිණුමට මුදල් දාන මෙන් ඉල්ලා සිටිමි

මුළු ගාන 605,965 අවශ්‍යයි 🙏🏻🥺

12/01/2024

ගමනේ යා ,,,,,,,😎😎😎 කනුල් දෙක නෑ කියලා නෑ කොහොමද මෙයාගේ යෑම 🥺🥺

මෙහෙම අය 10 විතර ඉන්නවා ඒත් carts තියෙන්නෙ 2 ඒ දෙක මාරුවෙන් මාරුවට තමයි දාන්නෙ දවසට හැමෝමව දාන්න වෙලාව මදි ඒක නිසා පුලුවන් කමක් තියනවනම් cart කිහිපයක් ලබා දෙන්න ලොකු උදව්වක් 🙏🏻🥺 සල්ලි එපා සල්ලි දැම්මා කියලා මෙහෙ හදා ගන්න තැනකුත් නෑ ඒක නිසා carts විතරක් දෙන්න පුලුවන්නම් මැසේජ් එකක් දාන්න 🙏🏻🥺

05/01/2024

සිබ්බා කෙල්ල 🤍🤍

disability does not mean inability ❤️❤️❤️

එයාට ඇවිදින්න බෑ තමයි 🥺 ඒත් ඒ වටිනා ජීවිතයක් මටනම් ❤️
පාර අයිති මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් අයිතියි ඉතින් එහෙම යනකොට මේ අහිංසකයන් ගැනත් පොඩ්ඩක් හිතන්න 🙏🏻 නොදැනුවත්කමින් වුණා කියමුකො ඒත් මිනිහෙක්ට පුංචිම හරි මනුස්සකමක් තියෙන්න ඕන ඉතින් ඒ මනුස්සකමින් ඔබේ අතින් වුන ඒ වැරදීම නිවැරදි කරන්න 🙏🏻ඒ සතාව වෛද්‍යවරයෙක් ගාවට හරි එක්ක යන්න. අමුනුස්සයෙක් වගේ ඒ සතාව එතනම දාලා යන්න එපා ඒ පව මේ ආත්මෙදිවත් ගෙවලා ඉවර කරන්න බැරිවායි🥺
සිම්බාට වුන දෙයක් නෙමෙයි මං කියන්නෙ සිම්බා ගොඩාක් වාසනාවන්තයි එයාව හොදට බලා ගත්තා Hf Sumi නංගියි Asanka Bogamuwa අයියයි 🙏🏻
ඒත් මේක සාමාන්‍යයෙන් සත්තුන්ට වෙන දේ , මනුස්සයෙක්ව යට කරානම් නීතියට බයේ හරි ඒ මනුස්සයට උදව් කරනවා ඒත් මේ සත්තු වෙනුවෙන් කවදා යුක්තියක් උදාවෙයිද ???? 🥺😭මගේ ජිවිතේ තියනකන් මෙයාලා වෙනුවෙන් ඉන්නවා

05/01/2024

අසරණ ජීවිතයක් ලස්සන කළාම ඒ දැනෙන සතුට විදලා බලන්නම ඕන ❤️🥺එයාගෙ සතුට බලන්න වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න 🙏🏻

ඉතින් මෙයා සෝමෙ🤭🖤
කිහිපදෙනෙක්ගෙ දැනුවත් කිරීමෙන් පුලුවන් කමක් නොතිබුනත් සතා ගැන සිතා භාරගන්න තීරණය කළා . සෝමෙට පිළිකාවක් ඇග පුරා තිබුණ වගේම එයා ආභාදිත වෙලා හිටියේ කකුල් හතරෙන් නැගිටින්න බැරුව 🥺නොවැන්බර් 5 එයාගෙ ප්‍රතිකාර පටන් ගත්තා ඒ සති ගානක් නේවාසිකව මාතලේ carepet එකේ නවත්වලා . ඉතින් සති කිහිපයකින් එයා ලියෝන් සැන්චරියට ගෙනාවා .
සෝමෙට ප්‍රතිකාර සියල්ල කර එයාව හොදට බලාගත්ත Dr. Prabodani Kaushalya ට සහ එම කාර්්‍යය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි 🙏🏻❤️

ඉතින් දැන් සෝමෙත් ලියෝන් සැන්චරියෙ සාමාජිකයෙක් කිව්වොත් වැරදි එයා සැන්චරියෙම අයිතිකාරයා වගේ කිව්වොත් හරි 😄
ඉන්න හැමෝටම එයා වලිදානවා ලොක්කෙක් වගේ ඉන්නෙ 🤭🖤 එයාට දැන් 99% ම පිළිකාව හොදයි වගේම ටික ටික ඇවිදින්නත් පුලුවන් 🖤🙏🏻

එයා ගැන පණිවිඩය ලබා දී carepet එකට ගෙනත් දුන්නු හැමෝටම වගේම වචනෙකින් හරි උදව් කළ හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏🏻

ඒත් ජීවිතයක් මියදෙන්න ගියපු 😭පුලුවන් හැමමොහොතකම අසරනයෙක්ට පිහිට වෙන්න එයාලගේ ජිවිතේටත් වටිනාකමක් දෙන්න එයාලා ඒ ජිවිතේ සතුටින් විදිනවා බලාන අපි සතුටු වෙමු 🙏🏻🥺❤️

29/12/2023

හැම සතෙක්ටම හිමිවෙන්න ඕන ඕනම වෙලාවෙදි තනි නොකරන ආදරයක්,රැකවරනයක් 😞❤️

07/12/2023

මිනිසුන්ගේ තිරිසන් ක්‍රියාවක් නිසා ජීවිතේම අහිමි වෙන්න ගියපු හක්කපටස් 😌😢❤️ එයාට අපි හක්කපටස් කියලා නම තිබ්බා 🥺😍

ඔයාලට මතක ඇති මීට සති ගානකට උඩකදී හක්කපටස් එකකට ගොදුරු වූ අපේ මේ කෙල්ලව …🥰 එයා ගැන ආරංචිය කියලා ඩොක්ටර් ගාවට අරන් ගියෙ මාතලේ Usha Rizmiya අක්කා ❤️ඔයාට ගොඩාක් පිං 🙏🏻

ඉතින් ඒ වෙනකොටත් සතා හිටියෙ ගොඩාක් ලේ ගිහින් නිසා ගොඩාක් අසාද්‍ය තත්ත්වයක 😢ඒ මොහොතෙම drDr. Prabodani Kaushalya අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර අතර ලේ ගොඩක් ගියපු නිසා තරමක අසාද්‍ය මට්ටමක හිටිය හක්කපටස්ගේ සැත්කම පසුවදා කරොත් වඩා හොද බව ඩොක්ටර් ප්‍රබෝදනී කියා සිටියා ..
ඉතින් dr ප්‍රබොදනී , සර් සහ කාර්්‍යය මණ්ඩලයෙ කැප වීමෙන් හක්කපටස්ගෙ සැත්කම සාර්ථක වූණා 🥰🙏🏻

සති ගානක් නේවාසික ප්‍රතිකාර වලින් අනතුරුව 99% ම සුවය ලැබීමෙන් අනතුරුව හක්කපටස්ව ලියෝන්ස් සැන්චරියට රැගෙන ආවා . ඉතින් පාරෙ මිනිස්සුන්ගෙන් කිහිපවතාවක්ම හිරිහැර වලට ගොදුරු වෙච්ච ගොඩක් දුක් විදපු සතෙක් බව මට usha අක්කාගෙන් දැන ගන්න ලැබුණා 🥺ඉතින් එහෙම හිටිය කෙල්ලට දැන් එයාටම කියලා ඉන්න තැනක් යාලුවෝ ගොඩාාක් වගේම ආදරය රැකවරනයෙන් පිරි පව්ලක් ඉන්නවා . අය කවමදාකවත් එයා විදපු අමිහිරි ජිවිතය කවදාකවත් අය එයා ගාවට එන්නෙ නෑ


අහිංසක ජිවිතයකට පිහිට වෙලා ඒ ජිවිතය සතුටින් විදින හැටි බලාන ලබන සතුටක් මට තවත් නැති තරම් 🥰 හැම ජිවිතයකටම වටිනාකමක් තියනවා ඒත් ඒක ගොඩක් මිනිස්සු තේරුම් නොගෙන නිසයි මේ තරම් මේ අහිංසකයන් දුක් විදින්නෙ 🥺😞💔

❤️

Two spain national veterinarians who visited Sri Lanka visited Leon’s sanctuary today. 🙏🏻🥰❤️ Thank you both for coming t...
05/12/2023

Two spain national veterinarians who visited Sri Lanka visited Leon’s sanctuary today. 🙏🏻🥰❤️ Thank you both for coming to visit our sanctuary

26/10/2023

පැටව්න් බිහි කර වෛරස් රෝගයක් සෑදි සදහටම ඇස් පියා ගත්ත බව් අම්මා 🥺 පැටවුන්ට සති දෙකක් පමණ ඇති. පැටවුන් හත් දෙනෙක් බිහි කළද එක පැටියෙකුත් සදහටම අම්මා ගාවට ගිහින් 💔 අද ඉතුරු හය දෙනා ලියෝන් සැන්චරිය අප පුලුවන් කමක් නොමැතුනත් භාර ගත්තා ඒ පැටවුන් ගැන සිතා 🥺😞 අම්මගෙන් ලැබෙන උණුසුම සෙනෙහස ඒ කිරි ටික අපට දෙන්න බැරි වෙයි ඒත් පුලුවන් උපරිමේ කරනවා එයාලව ලොකු කරගන්න 😊

සති දෙකක් ඒ පැටවුන්ට රැකවරනය දීලා අපට ගෙනත් භාර දීපු Imahashi Bandara miss ට ගොඩාක් ස්තූතියි
🙏🏻❤️🥺
මට පනිවිඩය කියපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි 🙏🏻

Address


Telephone

+94762623859

Website

Alerts

Be the first to know and let us send you an email when Leon's sanctuary for Animals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share