Hobby Aquarium

  • Home
  • Hobby Aquarium

Hobby  Aquarium We selling fish items , fish tanks ,foods ,tank design items , and wood and metal stands.

17/02/2022

We are opening now Hobby aquarium 🐬
23/11/2021

We are opening now
Hobby aquarium 🐬

19/11/2021
13/11/2021
03/09/2021

ඔන්න කාර්‍යබහුල ටික කාලෙකට පස්සේ ආයෙත් අපේ crayfish fansලට ලිපියක් ගේන්න ඕනා කියල හිතුව.. මේකත් ඔයාලාම ඉදිරිපත් කරපු ප්‍රශ්න කීපයකට පිලිතුරු විදියට තමා ඉදිරිපත් කරන්න හිතුවේ.... ඉතිං කට්ටියම බලනව ඇති මොකද්ද අද විස්තරේ කියල... අද මං කතා කරන්න හිතුවා Crayfish deworming /Internal Parasite removel (ඒ මොක්දද ඒ කියල හිතුව නේ..😜) සහ Crayfishලට පමණක් විශේෂයෙන් ඇතිවන External Parasite එහෙමත් නැතනම් භාහිර පරපෝශිතයන්ගේ ප්‍රශ්නෙට වගේම Bloodline සහ quality ප්‍රශ්නයටත් උත්තර ලබා දෙන්න.. ඔව් මේ ලිපිය crayfishල වගේම අනිත් මාලු ඇති කරන අපේ යාලුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි මොකද internal deworming එක නම් දෙගොල්ලොටම එකම විදියට සිදු කරන නිසා..ඉතිං දිගටම හොද අවදානයෙන් කියවගෙන ගියොත් Crayfish External parasite removel ගැනත් දැනගන්න පුලුවන් වෙයි වගේම Deworming කරගන්න ආකාරයත් එක්ක හරියට bloodline එක පවත්වා ගන්නේ කොහොමද Export quality එක පවත්වාගන්නේ කොහොමද කියන කරුණු එක්ක කලින් නොදැන හිටිය ගොඩක් දේවලුත් දැනගන්න හම්බ වෙයි...

පළමුවෙන්ම මම Deworming ගැන කියන්නම්..

මොකද්ද මේ Deworming කියන්නේ?? 🤔🤔

සරළවම කිව්වොත් Deworming යන්නෙන් අදහස් කෙරෙන්නේ ආහාර මාර්ගයේ / ආමාශයේ හෝ අන්ත්‍ර බිත්තියට සම්බන්ධ ජීවත් වෙන වටකුරු පණුවන්, නළ සහ පටි පණුවන් වැනි පරපෝෂිතයින්ගෙන් මිදීම සඳහා යම් ඖෂධ වර්ගයක් ලබා දී එම පණුවන් සජීවීව හෝ අජීවී ආකාරයට මළපහ සමහ පිටතට ගැනීමයි.. මිනිසුන්ට , ක්ෂීරපායි සතුන්ට , මාලුන්ට වගේම අපේ crayfish ලටත් මේක පොදුයි

කොහොමද මේ රෝගය ඇතිවන්නේ?? මොනවද පිලියම්...

මෙම රෝගයට මූලික්ම හේතුවක් තමයි අමු මාලු/ මස් / මාළු ජීර්ණ පද්දතියේ කොටස් (බොකු ආදිය)හෝ අමු ඉස්සන් /දැල්ලන් සුරතල් මසුන්ට හා Crayfish හට ආහාර ලෙස ලබාදීම...( ගෙදරට කන්න උයපු එකෙන්ම තුනපහ යන්න හොදල දෙන්න කියල මං කිව්වේ / ලිපි වල සදහන් කරේ ඔන්න ඕක නිසාම තමයි 👆😌)

මේකට පිලියම් විදියට අපිට ජලයට මිශ කරන බෙහෙත් වර්ග ඕනම aquarium එකකින් ලබාගන්න පුලුවන්.. මේක අපේ හුරතලාගේ ජීවිතයට සෘජුවම
බලපාන නිසා මං අනුමත කරන්නේ තරමක් මිලෙන් වැඩි එහෙත් අතුරු ආබාධ නැති branded බෙහෙත් වර්ගයක් මිලදී ගන්න කියල..
(දැං මගෙන් අහනව නේ ඔයා මොකද්ද පාවිච්චි කරන්නේ කියල ... ඉතිං මං පාවිච්චි කරන්නේ Prazi Gold එක මීට අමතරම හොද brands කීපයක් විදියට "Worm-out ,VermeX recommend කරන්න පුලුවන්)

මේවා brand එකෙන් brand එකට යොදන අනුපාතය සහ ක්‍රම වෙනස් වන නිසා ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ.. අදාල නිෂ්පාදනයේ ලේබලයේ තියෙන ආකාරයට හෝ මිලදී ගන්නා aquarium එකේ කෙනෙක්ගෙන් ඒ ගැන හරියටම දැනගෙන භාවිතා කලොත් ඉතා ඉක්මන්නින් ප්‍රතිඵල දැකගන්න පුලුවන් වේවි..

හොදයි එහෙනම් අපි යමු අපේ Crayfishගේ පිට පොත්ත පැත්තට.. මේක නම් කිහිප දෙනෙක්ටම ආව ප්‍රශ්නයක්

මොනවද මේ External Parasite ???

සමහරවිට ඔයාලා දැකල ඇති Crayfishගේ කවචයට උඩින් බඩගාගෙන ඉතා කුඩා පණුවන් එහේ මෙහේ යනවා..නැත්නම් මාලුන්ගේ වගේ මැක්කෝ වර්ගයක් එල්ලිලා ඉන්නවා..හැබැයි පෙනෙන්නට හානියකුත් නෑ වගේ..එහෙනම් ඔයාගේ crayfish නිරෝගී සතෙක්.. හැබැයි මේක සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙනවා ඔයාගේ crayfish වයස්ගත හෝ බිත්තර වල්ගයේ රදවාගත් ගැහැණු සතෙකු හෝ යම් හේතුවක් නිසා ප්‍රතිශක්තිකරණය අඩු රෝගී දුර්වල crayfish කෙනෙක් නම්..ඉතිං අදින් පස්සේ නිරෝගිද නැද්ද කියල බලන්න යන්න එපා.. ඇගේ කටුව මත පණුවෝ /මැක්කෝ දැක්කොත් පහත විදියට කරන්න.. අවදානමක් ගන්න එපා

අවශ්‍ය වෙනවා :
1-මෘදු කෙදි සහිත පින්සලක් හෝ බුරුසුවක් ( පොඩි බබාලගේ හිසකෙස් පීරන බුරුසුවක් වගේ හරියටම කිවහොත්)
2-ඔයාගේ crayfishව දාන්න පුලුවන් කුඩා ටැංකියක් හෝ භාජනයක්...(bowl එකක් නම් ගොඩක් ලේසියි )
3- අතින් අල්ලගන්න අමාරු නම් Gloves
4- වරින් වර වතුර සතා තුලට වත් කර පිරිසිදු කිරීමට කෝප්පයක්/ ඉසින බෝතලයක්

(බුරුසුවක් කිව්වම දැන් පාවිච්චියට නොගන්නා දත් බුරුසුවක් ඉස්සල්ලාම මතක් වේවි...ලේසියෙන්ම හොයාගන්න පුලුවන් ඒක නේ.. ඒත් එහි ඇති තද කෙදි අපේ crayfish යාලුවට හිරිහැරයක් හෝ තුවාලයක් කරන්න පුලුවන් ඒ නිසා මේ සදහා දත් බුරුසුවක් කිසිසේත්ම පාවිච්චි කරන්න එපා)

පියවර ඉතා සරලයි...

1-ඉතා මෘදු බුරුසුව ලබා ගන්න

2-crayfish ඔබ ජලය දමා සකසාගත් ටැංකිය/භාජනය තුලට අගල් කීපයක් වතුර දමන්න.. ( crayfish සිටි ටැංකියේම වතුර හෝ එකම උෂ්ණත්වයට season කරගත් වතුර විය යුතුයි)

3- ඔබේ සුරතලා ටැංකියට එක් කර එහි සිටියදීම ඔබට ඇසට පෙනෙන පණුවන් හා මැක්කන් හැකිතාක් ඉවත් කරන්න .. පිරිසිදු කරන සුරතලා මතට වරින් වර season කර නොගත් අලුත් වතුර(ක්ලෝරීන් රහිත විය යුතුයි) වත් කරගන්න

4-මෙය සතියකට වරක් නැවත නැවත පරික්ශා කරමින් පණුවණ් සම්පූර්ණයෙන්ම වදවී යන තෙක් නොකඩවා සිදු කරන්න

5-සත්වයා පිරිසිදු කිරීමට භාවිතා කල ජලය නැවත භාවිතයට නොගන්න.. ඔබ ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රය (ලිද/ tap එක /නළ ලිද) අසලට ඒ ජලය බැහැර නොකරන්න..සැලකිය යුතු දුරකින් ඇති තද අව්වක් වැටෙන ස්ථානයකට / ගසක් මුලට එම වතුර බැහැර කරන්න..එමගින් නැවතත් ජල මාර්ගයකට එකතු වී පරපෝශිතයන් පෙරට වඩා වැඩි පරිමාණයෙන් බෝ විය හැකි අවදානමක් ඉතා අවම කරගත හැකියි

ඒත් ඔහු කලින්ට වඩා සතුටින් හා වඩා ක්‍රියාශීලී කියල ඔබට දැකගන්නට හැකිවේවි..
ඇත්තටම මේ පරපෝශිතයන් නිසා සතුන් ආතතියට පත් වීම නිසා තමා මොවුන් මිය යන්නේ.. මොකද අනිත් මාලුන්ට වඩා ඝන පිටපොත්තක් තිබෙන නිසා මොවුන්ට සතාට සෘජුව හානියක් කළ නොහැකියි.. ඒත් හැව අරින තෙක් තමා මේ ආරක්ෂාව සැපයෙන්නේ.. ඔබත් හොදින් නිරීක්ෂණය කලහොත් ඔබටත් පෙනී යන්නට ඇති මෙහෙම පරපෝශිතයන් ඉදිද්දී crayfishගේ වර්ධන වේගය අඩුයි කියල.. ඒත් මාලුන්ට මෙන් නොව පරපෝශිතයන් සතාගේ ශරීරයේ එල්ලී සාරය උරා බොනවා කියන එක crayfishලට අදාල නොවන කාරණාවක්.. ඇත්තෙන්ම සිදුවන්නේ crayfish මෙම පරපෝශිතයන් ශරීරය තුලට ඇතුලු වීම වලක්වා ගන්නට තමා විසින්ම හැව නොයවා වර්ධනය බාල කරවා ගැනීමක්... මෙලෙස දීර්ඝ කාලයක් ඉද්දී ආතතියට පත් වෙන සතා මිය යනවා.. නිකමට හිතල බලන්න ඔයාගේ ඇගේ ඔයාට අයින් කරගන්න බැරි පරපෝශිතයයෙක් සෑහෙන කල් ඉදල එල්ලිලා හිටියොත් ඔයාට මොනවා වේවිද කියල??

ඔබ මෙය කිරීමට තීරණය කරන්නේ නම් කරුණාකර මෙම සටහන් හොදින් මතකයේ තබා ගන්න:

1. ඔබ crayfishව අල්ලා ගැනීමට අඩුවක්/ අල්ලුවක් (tongs )භාවිතා කරන්නේ නම් සතාව තදින් අල්ලා නොගන්න! Crayfishගේ තද කවච තිබෙන නමුත් ඒවා ග්‍රහණය කර ගැනීමට ඔබ භාවිතා කරන ඕනෑම දෙයකට සාපේක්ෂව ඒවා ඉතා බිඳෙන සුළුයි.. (වලි දාගෙන අඩු කඩාගන්න එක ගැන ඉතිං කුමන කතාද!!! 😒)

2. විශේෂයෙන් ඔබට සතාගේ යටි පැත්ත මදින්න අවශ්‍ය නම් මෘදු බුරුසුවක් වුවත් ඉතාමත්ම පරිස්සමෙන් මනා අවදානයකින් සිදු කරන්න.. මෙහිදී සුරතලාව අතට ගන්න සිදු වෙන නිසා සුරතලාගේ දැගලිල්ලට බය නොවෙන කෙනෙක්ව උදව්වට ගන්න ( අම්මා, සහෝදරියන් හෝ කාන්තා පාර්ශ්වයේ උදව් මෙතනිදී ලබා ගන්න එපා අත්දැකීමෙන් කියන්නේ😅)💔
Crayfishගේ යටි පැත්ත මැදීමේදී සතා තදින් වල්ගය ගැසීමට සහ අහුවෙන ඕනෑම දෙයක් තදින් ඇල්ලීමට පෙලබෙනවා .. Gloves ඕනා වේවි කිව්වේ මේ නිසා.. මොක්ද මොවුන්ගේ යටි පැත්තේ ඉතා සංවේදී ස්වසන පද්ධතිය , ප්‍රජනක පද්ධති වලට හානි වේවි යැයි සිතා මොවුන් ඉක්මනින් පලා යන්නට උත්සහ කරන නිසා..

3.ඉසින බෝතලය හෝ සතා මතට වත්කරන පිරිසිදු අලුත් ජලය temperature aquamate කරල භාවිතයට ගන්න.. විනාඩි කීපයක් drip aquamate කරත් ප්‍රශ්නයක් නෑ..

5) කිසි විටෙකත් ඔබේ බඩගා යන යහලුවා වතුරෙන් ඉවතට නොගන්නට වගබලාගන්න! යටි පැත්ත පිරිසිදු කරන විට විනාඩියෙන් විනාඩියට ජලය සතා තුළට වත් කරන්න. මෙයාට වතුරෙන් එලියෙත් හුස්මගන්න පුලුවන් කියල අවශ්‍යතාවයට වඩා වැඩි කාලයක් ජලයෙන් බැහැරව තබානොගන්නට වගබලාගන්න.. නොගැඹුරු ජලය දැමූ tank එකට හැකි නම් air stone එකක් දමා ගන්න..(කෝකටත් හොදයි නේ)

හොදයි Parasite ප්‍රශ්නේ අදින් පස්සේ ඉවරයි..දැන් කතා කරමු මොකද්ද bloodline එක කියන්නේ සහ quality එක කියන්නේ කියල

ඇත්තටම මොකද්ද මේ Export quality Blood line එක ?? 🤔🤔

මේකෙන් කියවෙන්නේ ඔබේ සත්වයාගේ පෙළපතයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබේ bloodline එක වෙන්නේ ඔබේ දෙමාපියන්, ආච්චිලා සීයලා, ඔවුන්ගේ ආච්චිලා සීයලා සහ රීට පෙර සිටි පරම්පරාවේ තවත් අය ගෙන් ඔබට දායාද ලෙස ලැබෙන ...මේක තේරුම් කිරීමට සුදු සම සහ කලු සම කියල මං වචන භාවිතා කරන්නම්.. එය ඔබට තේරුම් ගැනීමට පිටුවහලක් වේවි..

නිකමට සිතන්න ඔබේ දෙමව්පියෝ දෙදෙනාම සුදු සමක් සහිත යුවලක් කියා..එවිට ඔබට හා ඔබේ සහොදර සහෝදරයන්ට අනිවාරෙන්ම සුදු සමක් ,ඒ ගති ලක්ෂන සහ ශරීර ස්වාභාවය ඒ ආකාරයෙන්ම එක් එක් කෙනාට ආවේනික ආකාරයකට ලැබෙනවා .. එහෙත් පවුලේ වැඩිමල් දරුවන් සහ බාල දරුවන් සසදා බැලීමේදී විද්‍යාත්මකව තහවුරු වූ කරුණක් තමා පවුලේ වැඩිමල් දරුවන් දෙදෙනාගෙන් පසු ඉපදුන බාල දරුවන්හට ප්‍රජනනයේදී පවුලේ ගති ලක්ෂණ , ශරීර ස්වාභාවය සහ සමේ පැහැය පවා තරමක් දුරට අවම වූ ආකාරයකට ඔවුන්ගේ දරුවන්ට ලැබෙන බව.. නෑදෑ වෙන පවුලක කෙනෙක්/ එකම bloodline එකතු වුනත් වෙන්නේ මේ දේම තමා (ඔන්න දැං වැඩිමල් ටික හිතට ගන්නවත් බාල සෙට් එක post එක කියවල ඉවර වෙලා මට dm දාල බනින්න හිතාගන්නවත් එපා හොදේ...😅💔එයාලට තියෙන්නේ හොද සහකරුවෙක් / සහකාරියක් හොයාගෙන එයාලගෙම අලුත් පරම්පරාවක් හදාගන්න එක.. ඔන්න life tip එකකුත් දුන්න 😉)

ඉතිං මෙහි ප්‍රතිඵලයක් විදියට තමා low quality සතුන් පරම්පරාවක් බිහි වෙන්නේ.. ඒ පරම්පරාවෙන් පසු පරම්පරාවලට කෙමෙන් කෙමෙන් අදාල ලක්ෂණ , ශරීර පැහැය , හැඩය ක්ෂය වෙලා අන්තිමට වැලේ වැල් නැති සත්තු breed එකක් බිහි වෙන එක තමා සිද්ද වෙන්නේ..

කොහොමද quality bloodline එකක් හදාගන්නේ ? Maintain කරන්නේ??🤔🤔

ඉහත මං පැහැදිලි කරපු දේ හොදින් තේරුම් ගියානම් දැනටමත් ඔබ පිලිතුරු දන්නව.. මෙහිදී අපි quality breeding එකක් පවත්වා ගන්න නම් මේ කරුණු පිලිපැද්දා නම් හරි..

1- හැමවිටම එකම aquarium එකෙන් breeding සදහා සතුන් මිලදී ගන්න එපා.. ගැහැණු සතා එක් තැනකිනුත් පිරිමි සතා තවත් තැනකිනුත් මිලදී ගන්න.. (ලගපාත තැන් දෙකක් නොවෙනව නම් ගොඩක් හොදයි) මොකද 99%ක් aquarium සතුන් තොග වශයෙන් මිලදී ගන්නා නිසා අනිවාරෙන්ම එක ලග තැන් දෙකක සිටින්නේ එකම පවුලේ සහෝදර සහෝදරියන් සෙට් එකක් විය හැකි වීමයි

2- සෑමවිටම පළමු හා දෙවන breeding වල පැටවුන් සියලු දෙනා නොවිකුණා ඉදිරි breed කිරීම් සදහා ඔබට පෙනෙනෙ ආකාරයට හොදම quality සතුන් ජෝඩු කීපයක් ලග තබාගන්න.... මොවුන් ගැහැනු සතුන් වෙනමත් පිරිමි සතුන් වෙනමත් ඇති දැඩි කරන්න

3- එක සතුන් ජෝඩුවකින් breed 2කට වඩා ලබා ගැනීමෙන් වලකින්න...

4- කිසිවිටක අනික් සතුන්ට සාපේක්ෂව පාට අඩු හෝ.. වෙනස් පාටක් සහිත සතුන් මිලදීගැනීමෙන් වලකින්න...Online ගෙන්න ගන්නව නම් මේ ගැන හොදටම සැලකිලිමත් වෙන්න ..මොකද වර්තමානයේ හුගක් තැන්වල නංගි පෙන්වලා අක්කා දෙන ක්‍රමවේදයක් තමා සිදු වෙන්නේ.. ගෙනාවට පස්සේ අයේ භාර ගන්නෙත් නැති නිසා තමන්ට සෑහීමට පත් වෙන්න බැරි නම් ගිහිල්ලම මිලදීගන්න එක තමයි වඩාත් යෝග්‍ය..

5- balanced diet එක සහ sinking pallet විදියට Apex , coppens වැනි brand එකක් ලබාදීම වඩාත් යෝග්‍යයි. මේවා ගද්දිත් seal packet ලබා ගන්න.. කඩපු ලොකු packet වලින් ලූස් අරන් සල්ලිත් නැති කරන් සත්තුත් නැති කරගන්න එපා

6- water condition, Filtration (මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් විදියට කරනව නම් අත්‍යවශ්‍යයි), hiding spaces ගැන දැනටම ඔබ දැනුවත්.. ඒ ගැන ආයෙත් සදහන් කරන්නෙ නැහැ...

ඉතිං මෙන්න මේ විදියට තමා නිසි quality breed එකක් පවත්වාගෙන ‍යන්න පුලුවන් වෙන්නේ.. ටිකක් වියදම් එහෙම වැඩී.. ඒත් අපේ භාෂාවෙන්ම කිව්වොත් හරියට කරගත්තොත් ගොඩම තමයි ඉතිං ...මේ සම්බන්දයෙන් මට ඇති දැනුම මෙච්චරයි.
මට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අය මේ ලිපිය කියවනව ඇති... තවත් මේකට එකතු වෙන්න දේවල් තියනව නම් පහළින් comment කරන් යන්න කියල ඒ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා... යම් අදහසක් ගන්නට මම පහළින් පින්තූර එක් කරන්නම්.. ඒවත් බලලා මොනව හරි අපැහැදිලි තැනක් හෝ තේරුම් ගන්න අමාරු තැනක් තියනව නම් පහළින් comment එකක් දාන්න.. ලිපියට කැමති නම් like එකක් දාලා නොදන්න යහළුවන්ටත් දැනගන්න share කරන්න ,යහලුවෝ mention කරන්න..හැකියාව ලැබුණු සැනින් පිලිතුරු දෙන්නට උත්සාහ ගන්නවා.. 2K membersලා ලැබුණු සැනින් give away එකක් තියනව...මේකට sponsor කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් DM එකක් දාන්න... Sponsor කෙනෙක් හම්බවුනත් නැතත් give away එක කරනව.. ඒ ගැන විස්තර ඉදිරියේදී කියන්නම්. තවත් මේ වගේම Crayfish ගැන නොදත් කරුණු දැනගන්න Cray_Fish _Fans_SL_🦞🦞group එකට අදම Add වෙන්න .. ඔයාලගේ crayfish අලෙවිකරන්න , රැකබලා ගන්න වගේම මෙයාලා ගැන ඉගෙනගන්න හොදම තැන..🦞🦞

03/09/2021

හරිම ටැංකිය තෝරාගමු ..

Crayfish පිලිබද අපේ ලිපි මාලාවේ අද මාතෘකාව වෙන්නේ නිවැරදිව ටැංකියක් තෝරාගන්නේ එහෙමත් නැතිනම් සාදවාගන්නේ කෙසේද කියල..ඇත්තටම මේ ලිපි ගෙන එන්නේ අපේ Cray_Fish_fans_sl🦞🦞 group එකේම සහෝදර සහෝදරියන් මට ඉදිරිපත් කරන ප්‍රශ්න ආශ්‍රයෙන් ඒ නිසා ඒ හැමෝටම ස්තූති කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා..මේ ලිපිය ගෙන්නේ ඔබ නිසියාකාරව සූදානමක් නැතිව සුරතල් පොකිරිස්සන් හෝ මාලුන් ඉතා ඉහළ මිලකට මිලදීගෙන නිකරුනේ ඔවුන්ගේ ජීවිත නැති වීම වළක්වා ගන්නටත් නොදැනුවත්ව ඔබ අතින් සිදුවන වැරදි වළක්වාගන්නටත් හැකි වෙන්නයි..ඒ නිසා අද ලිපිය මාලු ඇති කරන අයටත් වැදගත් වේවි..

ඔබට මාළු සඳහා ටැංකියක් තෝරා ගැනීම දුෂ්කර කාර්යයක් විය හැකිය. ඒ පිලිබදව කිසිම අවබෝධයක් අදහසක් නොමැති කෙනෙක්ට යැයි සිතා මා ලිපිය සම්පාදනය කරන්නම්..ඔබේ මාළු සමඟ ටැංකියේ ප්‍රමාණය හා වර්ගය ගැලපීම පමණක් නොව, එය ඔබේ නිවසටත් ගැලපෙන බවටත් ඔබ වග බලා ගත යුතුය. ඔබේ නිවසට නොගැලපෙන මින්මැදුරක් ඔබේ මාළු අගය කිරීමේ හැකියාවට බාධාවක් වනු ඇත. මින්මැදුරක් තෝරා ගන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඔබට උපකාරී වන මාර්ගෝපදේශ කිහිපයක් ගැන අපි එකින් එක සොයාබලමු..

_ ප්‍රමාණය තීරණය කිරීම_

මින්මැදුරක්/ ටැංකියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු මූලික කරුණක් නම් ටැංකිය තිබිය යුතු ප්‍රමාණය තීරණය කිරීමයි. මෙම සමීක්ෂණය පදනම් වී ඇත්තේ සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් මත ය.

1 - අයවැය:
සාමාන්‍යයෙන් ඔබ අනුගමනය කරන්නේ මිල විශාලත්වය සමග සැසදීම බව නොඅනුමානයි..එබැවින් ඔබ සාගරයක් මෙන් විශාල ටැංකියකට මත ඔබේ හදවත තැබීමට පෙර, ඔබට මේ සදහා කොපමණ මුදලක් වැය කළ හැකිද යන්න තීරණය කළ යුතුය.

2 - ටැංකි ස්ථානගත කිරීම:
ඔබ මින්මැදුර තබා ගන්නේ කොතැනද යන්න සලකා බැලිය යුතුය. ඔබට කොතරම් විශාල මින්මැදුරක් තිබිය හැකිද යන්න තීරණය කිරීමට මෙය උපකාරී වේ. නමුත් මතක තබා ගන්න, මාලු ටැංකියක් නිවසේ ඕනෑම තැනක තැබිය නොහැකියි..ඔබට ගරාජයේ විශාල ඉඩක් ඇතත් එයින් අදහස් කරන්නේ නැහැ එය ඔබගේ ටැංකිය තබා ගැනීමට ආරක්ෂිත හෝ හොඳ ස්ථානයක් ලෙසට .

ඔබේ ටැංකිය තබාගන්න ස්ථානයක් තෝරාගැනීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න:

* එය නිවසේ සැමට පහසුවෙන් පෙනෙන තැන තබන්න, නමුත් නිවසේ කාර්යබහුලම කොටස නොවිය යුතුයි.කැලඹීම නිසා මසුන්ට බාධා ඇති විය හැකිය.මේ නිසා සතුන් ආතතියට පත්වී මියයාම සිදුවේ.

*ඔබේ ටැංකිය සෘජු හිරු එළියෙන් බැහැරව තබන්න, එය ඇල්ගී වර්ධනයට දායක වන අතර උෂ්ණත්ව උච්චාවචනයන්ට හේතු වේ. මෙය ජලයේ තත්වයට අයහපත් වීමට සෘජුවම බලපානු ඇත.

*ඔබේ මාලු ටැංකිය තුල වාතය හොදින් සංසරණය වී ඉවතට යන බවට වග බලා ගන්න. නිසි වාතාස්‍රයක් නොමැති වීම මගින් ටැංකියේ පරිසරය පද්ධතිය කඩාකප්පල් විය හැකිය.

ඔබේ මාළු ප්‍රමාණය හා විශේෂ ස්වාභාවිකවම, විශාල මාළු නම් ඔවුන්ට විශාල ටැංකිය ඔවුන්ට අවශ්‍ය වනු ඇත. මතක තබා ගන්න, ඔබට ටැංකිය ලබා ගත නොහැකි නිසා හෝ නිසි කාමරයක් නොමැති නිසා ඔබේ මාළුවා ඔහුට නොගැලපෙන bowl, ජෑම් බෝතල් වැනි කුඩා වාසස්ථානයකට බල නොකළ යුතුය. ( කුඩා bowl වල සහ jam බෝතල් වල මාලු ඇති කිරීම මා කිසිසේත්ම අනුමත නොකරන අතර එය නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති අහිංසක සත්වයාට සිදුකරන හිංසනයක් ලෙස මා දකිමි..එකග වීම නොවීම ඔබ සතුයි) ඉතිං මාළු මොනවාද සහ කොපමණ ප්‍රමාණයක් එයට ගැලපේද යන්න සොයා බැලීමට පෙර ඔබට ඔවුන්ට ලබාදිය හැකි ටැංකියේ උපරිම ප්‍රමාණය තීරණය කරන්න.


_කුමන වර්ගයේ ටැංකියක්ද ?_

කුමන ප්‍රමාණයේ ටැංකියක් ලබා ගත යුතු දැයි ඔබ තීරණය කළ පසු, ඔබ විසින් ගත යුතු තවත් තීරණ කිහිපයක් තිබේ. පළමුව, ඔබට ලුණු වතුර හෝ මිරිදිය ටැංකියක් අවශ්‍ය දැයි තීරණය කළ යුතුය. ප්‍රධාන වෙනස්කම් වන්නේ කරදිය මත්ස්‍යයන් ඔවුන්ගේ මිරිදිය සහෝදරයාට සාපේක්ෂව වඩා වර්ණවත් වන අතර මිරිදිය ටැංකි සැලකිය යුතු තරම් ලාභදායී වන අතර ලුණු වතුර ටැංකි වලට වඩා සැකසීමට හා නඩත්තු කිරීමට පහසුය. ආරම්භක මාළු හිමිකරුවෙකු සඳහා මිරිදිය ටැංකි දැඩි ලෙස නිර්දේශ කෙරේ.

ඔබ ගත යුතු තවත් තීරණයක් වන්නේ ටැංකිය සාදා ඇති අමුද්‍රව්‍යයි එනම් වීදුරු හෝ ඇක්‍රිලික් ද (acrylic) යන වගයි. ඇක්‍රිලික් යනු ප්ලාස්ටික් වැනිම වු අමුද්‍රව්‍යකි.. මෙය ප්ලාස්ටික් වලට වඩා ශක්තිමත් වන අතර වැඩි හැඩයකින් යුක්ත වෙන අතරම ඒවා වඩාත් පැහැදිලි හා තාප ප්‍රතිරෝධී වේ. වීදුරු ටැංකි වඩා ලාභදායි වන අතර සීරීමට හා හානිවලට වඩා ප්‍රතිරෝධී වේ. නමුත් මේවා දැනට ලංකාවේ මිලදී ගැනීම ඉතා අසීරුයි..( අලෙවි කරන තැනක් / හරි ලංකාවට ගෙන්වන හරි කෙනෙක් ඉන්නව නම් පහළින් mension කරං යන්න අනිත් අයටත් දැනගන්න)

_ටැංකි උපාංග තෝරා ගැනීම_

දැන් ඔබ ඔබේ නිවස සඳහා නිවැරදි ටැංකිය තෝරාගෙන ඇති අතර, එය ඔබේ නිවසට සහ මාළු වලට සැබවින්ම ගැලපෙන පරිදි නිවැරදි උපාංග සහ උපකරණ ලබා ගත යුතුය. අවශ්‍ය එක් උපාංගයක් වන්නේ ටැංකිය තබා ගන්නා ආධාරකයයි. ඔබේ නිවසේ ශෛලියට හා ස්ථානයට ගැලපෙන ස්ථාවරයක් ඔබට එය තෝරා ගත හැකිය, එය ඔබේ මාළු ටැංකිය රඳවා තබා ගැනීමට තරම් ශක්තිමත් හා කල් පවතින බව සහතික කරගන්න.


ඊට අමතරව, ඔබට මින්මැදුරක් වියනක්/ වහලයක් අවශ්‍ය වේ. මේවා ප්ලාස්ටික් ආදී අමුද්‍රව්‍ය වලින් ආරම්භ වී වීදුරු, දැව, වඩාත්ම මිල අධික විවිධ ද්‍රව්‍ය වලින් පැමිණේ. ඒවා ගුණාත්මකභාවය අනුව වෙනස් වේ, එබැවින් ඔබට දැරිය හැකි එකක් තෝරාගන්න සහ ඔබේ ජලය සඳහා හොඳම ආරක්ෂාව ලබා දීමට සමත් , පිරිසිදු කිරීම පහසු වහලයක් තොරාගන්න

_අලුත් ටැංකියක් පල් කරගැනීම_

අලුත්ම ටැංකියක් කොච්චර කල් පල් කරගන්න ඕනද?? මොනවද මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය හැමෝටම තියන පොදු ප්‍රශ්න දෙකක්.. ඉතිං ඔබ වීදුරු ටැකියක් අලුතෙන්ම සෑදුවා කියල හිතන්න.. මෙය අලවන්නට භාවිතා කරන්නේ අපි කවුරුත් දන්න silicon .. මෙය මාලුන්ට ඉතා අහිතකර රසායනිකයක් වන අතර මේ අලුතම සිලිකෝන් භාවිතා කල ටැංකියට ඔබ මසුන් එක් කලහොත් අනිවාරෙන්ම ඔවුන් මියයාමේ හෝ රෝගීවීමේ ප්‍රතිශතය 99.9% කි.. එබැවින්. ටැංකියක් පල් කරගන්නට අවශ්‍ය දේවල් සහ ඒ සියල්ල පියවර වශයෙන් පහතින් දක්වන්නම්..

අවශ්‍ය දේවල් :

1: පේර කොල /කොහුබත්/ කෙසෙල් බඩ ( මේවලින් එක වර්ගයක් තිබ්බොත් හොදටම ඇති , ඒත් 3ම හොයාගන්න පුලුවන් නම් වැඩේ 100%ක් සාර්ථකයි)

2: අගුරු කැබලි කිහිපයක් ( දර /පොල්කටු / charcoal )

3: මේස ලුණු අහුරක් පමණ

4: ඔබ මසුන් දමා පුරවන්නට සැසසෙන ජල මට්ටමට ජලය

ක්‍රමය..
-පළමුව හොදින් ටැංකියේ බිත්ති සහ පතුල හොදින් ජලයෙන් සෝදා හරින්න
-දෙවනුව ඔබ මසුන් දැමීමේදී ටැංකිය පුරවාගන්නා ප්‍රමාණයටම ටැංකියට ජලය පුරවාගන්න
-දැන් මෙයට ඔබ කපාගත් කෙසෙල් බඩ/ තලාගත් පේරකොල/ කොහුබත් එක්කකරගන්න
-මීලගට ඔබ ටැංකියේ තැනින් තැනට ලුණු අහුර විසුරුවා දමන්න
-දැන් ඔබ ටැංකිය තුලට අගුරු කැබලි එකතු කරගන්න ( Active carbon මගින් විශේෂ සහ ඉක්මන්නින් විස ඇදගැනීමක් සිදු කරයි)
-මෙලෙස ටැංකිය අවම වශයෙන් පැය 24ක් තබා නැවත ටැංකිය හොදින් සෝදා ඔබට මසුන් එක් කරගත හැකියි එහෙත් සම්මත ක්‍රමය නම් මේ අමුද්‍රව්‍ය සහිත ටැංකිය සතියක් පමණ පල් කර ගැනීමයි..

සිමෙන්ති ටැංකියක් නම් මෙය සති 2-3ක් පල් කරගත යුතුය

මේ සමගම මම crayfish සදහා සුදුසු tank setup කිහිපයක් සහ acrylic ටැංකි කිහිපයක් පහතින් අමුණන්නම් ඒවත් බලලා අදහසක් ගන්න.

අවසන් වශයෙන් ඔබට මේ පිලිබද හෝ Crayfish ගැන ඇති ඕනෑම ප්‍රශ්නයක් පහළින් comment කරන් යන්න... යාලුවන්ටත් පේන්න Share කරන්න ..තවත් මේ වගේම Crayfish ගැන නොදත් කරුණු දැනගන්න Cray_fish_Fans_SL group එකට අදම Add වෙන්න .. ඔයාලගේ crayfish අලෙවිකරන්න හොදම තැන.. Cray_ Fish_Fans_SL 🦞🦞

Happy Customer 🖤❤
17/12/2020

Happy Customer 🖤❤

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 18:00

Telephone

+94714202678

Website

Alerts

Be the first to know and let us send you an email when Hobby Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share