RK pets

RK pets animal's also want love and care of us ����
(1)

09/03/2023
Hulk ❤
17/12/2022

Hulk ❤

"Hulk" who holds the Guinness World Record for the world's largest pit bull 😮❤️

පතාගෙන එන අය .😌♥After my pet dog passed away, he actually came back to be my baby!     (copied)
24/07/2021

පතාගෙන එන අය .😌♥
After my pet dog passed away, he actually came back to be my baby! (copied)

24/07/2021
සංවේදී ජායාරූප සහිතයි ⚠️ රිය අනතුරකින් ඉදිරිපාද දෙකම අහිමි උන මේ බව් පැටියව නේවාසික ප්‍රතිකාර වලට යොමුකරන්න අපිට පුළුවන්...
24/07/2021

සංවේදී ජායාරූප සහිතයි ⚠️

රිය අනතුරකින් ඉදිරිපාද දෙකම අහිමි උන මේ බව් පැටියව නේවාසික ප්‍රතිකාර වලට යොමුකරන්න අපිට පුළුවන් උනා, ඒ බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන කාරැණික පිරිසගෙ උදව්වෙන්,

සැත්කමට යොමු කරපු බව් පැටිය මේ වෙනකොට නේවාසික ප්‍රතිකාර ලබනව, රිය පදවනකොට මහමග ඉන්න මේ අහිංසකයන් ගැනත් සැළකිලිමත් වෙන්න කියල හැම කෙනෙක්ගෙන්ම බොහොම කාරැණිකව ඉල්ලා සිටිනව,

ස්තූතියි ❤

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන හැමෝටමත්, කඩවත Dr pet සත්ව රෝහලේ වෛද්‍ය Nuwan Wickramasinghe ඇතුලු කාර්‍යමණ්ඩලයටත්, වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටමත්

Thank You All Who Helped

bawbaw.org

මරණය ආසන්නයට පැමිණි සිටි තම සුනඛයාව සතුටු කරන්න විනෝදචාරිකාවක් එක්කගෙන ගිය සුන්දර මිනිසෙක්..💔මේ කතාවේ එන දස හැවිරිදි සුන...
21/07/2021

මරණය ආසන්නයට පැමිණි සිටි තම සුනඛයාව සතුටු කරන්න විනෝදචාරිකාවක් එක්කගෙන ගිය සුන්දර මිනිසෙක්..💔

මේ කතාවේ එන දස හැවිරිදි සුනඛයා දරුණු ලියුකේමියා රෝගයකට ගොදුරු වූ සුනඛයෙකිය.නම මොන්ටිය.
එයාව සනීප කරගන්න මේ ආදරණීය හිමිකරුවා නොකරපු දෙයක් නැත.

ඒ උනත් මාස 18 ක් තිස්සෙ වරින්වර අසනීපවෙන වාරයක් පාසා හිමිකරු සුනඛයා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරත් අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ තවදුරටත් එයාව සුවකල නොහැකි තරමට එයාගේ මෙම ලියුකේමියා රෝගය උඩුදුවා ඇති බවයි.ඒ වගේම ඔහු තව ඉදිරි දින කිහිපය තුල ජීවිතයෙන් සමුගන්නා ඇති බවයි.

තමන්ගෙ දුර්වලව අසරණව සිටින සුනඛයා දෙස මොහොතක් හැඬූ කඳුලෙන් බලාන සිටි ස්වාමියා.කිසිම දුකක් එයාට නොපෙන්වා ආදරයෙන් ඔලුව අතගා,

" අපි හැමදේම අමතකවෙන්න ඔයයි මමයි පුංචි ට්‍රිප් එකක් යමු ",

කියා එයාව සනසවනවා.

ජීවිතයේ සතුට දුක හැමදේම තමන් සමග බෙදාගත් මේ ආදරණීය සුනඛයා මාස 18ක්ම මෙම රෝගය නිසා නිවසින් රෝහලටයි.රෝහලින් නිවසටයි ඇරෙන්නෙ වැඩිපුරම දවස ගතකලේ ගිලන් ඇඳකයි.

ඔහු අසනීපවෙන්නට පෙර පරිසරට ඉතා අැලුම්කල සුනඛයෙකිය.ගංගාවල පීනන්න.කුරුල්ලන් පසුපස එලවන්න.පඳුරු තුලින් රිංගා හැංගිමුත්තං කරන්න.ගස් අතරින් දුවපැනල නටන්න එයා බෙහෙවින්ම ප්‍රියකරාය.

ඒනිසාම හිමිකරු ලස්සන පරිසරයකින් හෙබි මනරම් වේල්ස්හි බ්‍රෙකන් බීකන්ස් කඳුවැටිය ඔහුගේ විනෝද චාරිකාව සඳහා තෝරාගත්තේය.අසනීප වූ පසු සුනඛයාට ඇවිදීමට තරම් ඇඟට වාරුවක් නැත.මහන්සිවෙන තරමට හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වෙන ප්‍රවණතා වැඩිය.ඒනිසාම අවසානයේ එයාව විල්බැරෝවක තියාන ඒ ලස්සන කඳුවැටිය බලන්න එක්ක ගියේය.ගමන කෙතරම් දුෂ්කර උවද එයා උත්සාහය අත්නොහළේය.

අතරමගදී හමුවන මිනිස්සු මේ සිද්ධිය දැක කෙතරම් කම්පා වූයේද යත් සමහරුන්ගෙ කඳුළු කඳුවැටියෙ බිම තෙත්කළාය.

අවසානයේ ඔහු බාධකමතින් කඳුමුදුනටම පැමිණෙනවා.මුළු දිනක් පුරාවට ගෙවන හැම තප්පරයක් පාසා සුනඛයා සමග ආදරයෙන් කාලය ගතකරනවා.සුනඛයාගේ තිබූ දුර්වල ගතිය මැකී යන්තම් මුවගෙ සිනාව දකිනවා.කතාකරලා කියන්න බැරිවුනාට ඒ මලානික මුහුණ ආලෝකයෙන් පිරී තියෙනවා.ඒ දැක ඔහුගේ හදවත අප්‍රමාණ ප්‍රීතියකින් පිනා යනවා.

අවසානයේ ගමන සතුටින් සාර්ථකව නිමා කර පැමිණියද දෙදිනකට පසු සුනඛයාගේ සෞඛ්‍ය තත්වය ඉතා පහළ මට්ටමකට වැටෙනවා.ඇස්වල කඳුළු හිරකරන් තමාව දාලා නොයන ලෙස හිමිකරු සුනඛයාට ආයාචනා කරනවා.
දෙවියන්ගෙන් ඔහු ඉල්ලන්නෙ එකම දෙයයි.ඒ තම ආදරණීය සුරතලාව මෙතරම් ඉක්මනින් දුරස් නොකරන ලෙසයි.

එහෙත් ඒ අාදරණීය දෑස්වලින් හාම්පුතා දෙස බලාගෙනම ඔහුගේ උකුලේම එයා මේ ලෝකෙන් සදහටම යන්න යනවා.අමුතුම හැගීමක් ඔහු සුනඛයාගේ මුහුණේ දකිනවා.තමන්ගෙ අන්තිමකාලයේ සතුටු කරාට එය ස්තූතිය ප්‍රකාශකිරීමක් වැනි දුක්මුසු හැඟීමකි.

" එයා නැති අඩුව මට කවදාවත්ම පිරිමහගන්න බැරිවෙයි.එයා මුළු ජීවිතකාලයම කරේ මාව සතුටු කරපු එක.ඉතින් මම එයාව මැරෙන්න මොහොතකට කලින් හරි සතුටින් තිබ්බා.ඒක මගෙ හිතට සැනසීමක්."

සුනඛයාගෙ මරණින් පසු හිමිකරු තම පේස්බුක් ගිණුමේ අවසානයේ සංවේගයෙන් එසේ සටහන්කරනු ලබනවා..❤️

- කාවින්ද චරිත් -

මේ ඉන්දියාවේ එක්තරා සපත්තු වෙළඳසැලක්.එහි හිමිකරු විසින් වෙළඳසැල ඉදිරියේ අයාලේ සැරිසැරූ එක් සුනඛයෙකුට ආදරයෙන් සලකන්න පටන්...
13/07/2021

මේ ඉන්දියාවේ එක්තරා සපත්තු වෙළඳසැලක්.එහි හිමිකරු විසින් වෙළඳසැල ඉදිරියේ අයාලේ සැරිසැරූ එක් සුනඛයෙකුට ආදරයෙන් සලකන්න පටන්ගන්නවා.

සති කිහිපයකට පසු එම සුනඛයා විසින්ම තවත් සුනඛයන් කිහිපදෙනෙකු කැටුව වෙළදසැල ඉදිරියේ නිතර ගැවසෙන්නවීම නිසා එම හිමිකරු ඔවුන්ටද නොවෙනස්ව එකහා සමානව ආදරයෙන් පෝෂණය කරනවා.

තමන්ට හිරිහැරයක් නොවන බව වටහාගත් එම සුනඛයන් අවසානයේ වැස්සට අව්රශ්මියට වගේම බඩගින්න නිමාගන්නද මෙම වෙළඳසැලට පැමිණ රිසි සේ කාලය ගතකර යනවලු.

සතෙකු කඩපිලක නිදාන හිටියත් හිරිහැර කරන මිනිසුන් අතර මෙම සපත්තු වෙළඳසැලේ හිමිකරු සහ සේවක මඩුල්ලගෙ ක්‍රියාව ඇත්තටම අගය කළයුතු නොවේද..❤️❤️

- කාවින්ද චරිත් -
බව්වන්ගේ ලෝකය - Dogs World

labdor + bullmastiff= mastador යාළුවනේ මොකද හිතන්නේ ??❌ඔයලා කැමැතිද peo labdor  කෙනෙක් වෙනුවට mastador  පැටියෙක් ගන්න , ...
02/07/2021

labdor + bullmastiff= mastador යාළුවනේ මොකද හිතන්නේ ??❌

ඔයලා කැමැතිද peo labdor කෙනෙක් වෙනුවට mastador පැටියෙක් ගන්න , ගොඩක් අය අකැමැති වේවී 🙄

නමුත් මේ breed ඒක fci❌ ඒකේ පිළිගත් බල්ලන් විශේෂ අතරවත් නෑ , මක් නිසාද යත් මොවුන් සුඡාත සුනඛයන් ලා ගනයේ නොගැනෙන නිසා ,
සුනඛ විශේෂණයන් පවසන පරිදි
මොවුන් වයසින් වැඩෙත්දිම විවිධ රෝගාබාධ වලට ලක්වීමට පුළුවන , ඒ අතර හෘදයබාධ, සමේ රෝග, අස්ථ රෝග වැනි දේය .

ඔබත් බලු පැටියෙකු තෝරැ ගැනීමේදී මව්පියන් සහ පෙර පරම්පාව පිළිබද සොයා බලා හොඳ peo breed labdor වර්ගයේ සුනඛයෙකු තෝරා ගන්න .

මොකද labdor + bullmastiff , labdor + rottweiler වෙනි බල්ලන් අභිඡනනය කර ඔවුන් labdor යනුවෙන් ⁣මිනිසුන් රවටා දෙන නිසා ඔබ පැටියෙක් මිලදී ගැනීද මව, පියා හොඳින්සොයා බලා ගන්න ඒය සතා මිලට ගන්නා පාරිභෝගිකයෙකු සතු අයිතවාසීකමක් මෙන්ම හොඳ විශ්වාසවන්ත peo සතෙකු මිලට ගැනීමට රැකුලක් වේවී ස්තුතියි 🙏

🚫❌තව කණගාටුවට කාරණය නම් සමහරක් අභිඡනනකරැවන් හිතමිත්‍ර කම් මත labdor + bullmastiff ⁣වෙනි peo breed වර්ග.දෙකක් අභිඡනනය කර peo breeed එකක් විනාශ කීරිමට මඟ පෑදීමයි , 😥ඒවැනි දේ නොකරන.මෙන්.ඉල්ලා සිටිනවා 🙏

ඔබත් labdor පැටව්න් පිළිබඳ post එකක් පළ කරනවානම් විශ්වාසවත් ලෙස මෙය කීරිම සඳහා පැටව්න්ගේ මව, පියාගේ පැහැදිලි ඡයාරූප , ඔවුන්ගේ පෙළපත් සහතික , පැටව්න්ගේ ඡයාරූප , පැටව්න්ගේ වයස, pavo vaccine කරලද ??? යන බව සහතික කීරීම ඔබටත් පාරිභෝගිකයන්ටත් පහසු වේවී 🙏

Copy

අයිතිකරුවා එනකම් එකම ස්ථානයේ අවුරුදු 4 ක් බලන් සිටි සුනඛයා ❤️--------------------------------------------------------ලිය...
16/06/2021

අයිතිකරුවා එනකම් එකම ස්ථානයේ අවුරුදු 4 ක් බලන් සිටි සුනඛයා ❤️
--------------------------------------------------------

ලියෝගේ අයිතිකරුවන් නොදැනුවත්වම මේ සුනඛයාව ගෑස් මධ්‍යස්ථානයක් ලග අවුරුදු හතරක පමන කාලයක් මග හැරී ගොස් ඇත.ඒ කොහොම වුනත්, කාලයත් එක්ක මේ සුරතලා එකම ස්ථානයේ සිටියේ ඔහුගේ අයිතිකරුවන් ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන්.

මෙයාව දැකල මෙයාට උදවු කරන්න ගොඩක් අය උත්සා කලත්, ඔහු තම පවුලෙ අය එනකම්ම බලා සිටියේය.උදාහරණයක් විදියට, වයස 45 Saowalak කියන පුද්ගලයා මේ leo ට කන්න දෙන්න ගෙදර අරන් ගියත් ඔහු පැන ගොස් නැවත ඒ ස්ථානයටම එනවාලු. ඒ නිසා ඇය පුලුවන් හැම වෙලාවකම ඔහුට ආහාර ගෙනාවා.

මේ අතර, Anuchit කියන පුද්ගලයා මේ සුනඛයා ගේ අයිතිකරුවන් සොයා ගන්නා අපේක්ෂාවෙන් ලියෝ ගැන සමාජ මාධ්‍යවල පළ කිරීමට භාර ගත්තා.

ඔහු මේ අසරන සුනඛයාගේ ඡායාරූප ද බෙදා හැර තියෙන අතර ඔහු සඳහන් කළේ ඔහු දැන් අවුරුදු හතරක් තිස්සේ තම පවුල එනතුරු බලා සිටින බවයි.මේ පලකිරීම් ගොඩක් ජනප්‍රිය වූ අතර ඔහුගේ වාසනාවට ඒවා හිමිකරුවන් වෙතට ද ළඟා විය.

ඉන්පසුව මේ අයිතිකරුවන්, Anuchit සමඟ සම්බන්ධ වී කියුවේ මේ ඉන්න සුනඛයා 2015 අවුරුද්දේ දී ඔවුන්ගේ නැති උන Bonbon වගේමයි කියලයි .ඉන්පසු,ඔවුන් මේ සත්වයා සොයා ගැනීමට ගත් උත්සාහය සාර්තක විය.

අන්තිමේදී, මේ පවුලේ අය Bonbon ව බලන්න යන්න දිනයක් වෙන් කළ අතර ඔහු ඔවුන්ව දැකීමමෙන් සුනඛයා ගොඩක් සතුටට පත් වුනා.

ඒත් මේ සුනඛයා ඔවුන් එක්ක ගෙදර යෑම ප්‍රතික්ෂේප කලා.මේ සිද්දිය සියලු දෙනාව පුදුමයට පත් කලා.මේ දේ කවුරුත් බලාපොරොත්තු උනේ නැති වුනත් අවසානයේ මේ දේ කරලා තියෙන්නේ මේ සුනඛයාගේ යහපත වෙනුවෙන් කියා පැහැදිලි වුනා.

ඒ වෙනුවට මේ සුනඛයා Saowalak එක්ක ඉන්නට කැමති විය, සමහර විට ඇය වසර ගණනාවක් තිස්සේ ඔහුට උදවු කරපු නිසා වෙන්න පුලුවන්.ඒ නිසා,පවුලේ අය මේ තීරණයට උදවු කරන්නට තීරණය කළ අතර මේ සුනඛයාගේ වෛද්‍ය අවශ්‍යතා වලට මුදල් යෙදවීමට පවා කැමැත්ත පළ කළහ.

විටෙක ආදරය තියෙන තැන ආදරය ලැබෙන තැන විටෙක කෙනෙකු දුකට පත්වෙනවා දැකීමට අකමැති වීම නිසාත් බව්වො මෙවැනි උතුම් කැපකිරීම් කරනවා.

එයාගේ ලොකු ආසාවක් තියෙන්න ඇති තමන්ගෙ හාම්පුතාව එකපාරක් හරි බලාගන්න.අවසානයේ එයාගේ පැතුම ඉෂ්ටවුනා.

ඊටපසු එයා තමන්ට මෙතරම් කාලයක් සලකපු ඒ ආදරණීය පුද්ගලයාගේ හිත රිදවන්න එයා කැමති වුනේ නෑ.ඔහු අසලම ඉඳල ඔහු වෙනුවෙන් ආදරේ දෙන්න තීරණයකරා.

සියළු බව්වන්ට මෙය උපහාරයක්ම වේවා️🙏

- කාවින්ද චරිත් -
බව්වන්ගේ ලෝකය - Dogs World

අම්මා කෙනෙක් 🙂❤️
14/06/2021

අම්මා කෙනෙක් 🙂❤️

🎯 මරණයට කැප වූ ගවයින් 102 කගේ ජිවිත බේරූ උතුම් පොලිස් නිලධාරිතුමෙක් ......💙💚💜💙💚ඔබ වැනි උතුම් නිළධාරීන් මේ මිහිතලය මත වැඩ...
07/06/2021

🎯 මරණයට කැප වූ ගවයින් 102 කගේ ජිවිත බේරූ උතුම් පොලිස් නිලධාරිතුමෙක් ......💙💚💜💙💚

ඔබ වැනි උතුම් නිළධාරීන් මේ මිහිතලය මත වැඩි වැඩියෙන් බිහි වේවා🙏🙏🙏

මොනරාගල පොලිස් ස්ථානයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වශයෙන් සේවයට පැමිණ වසරක වැනි ඉතා කෙටි කාලයක් තුළ බලපත්‍ර උල්ලංඝනය සහ සත්ව හිංසනය ඇතිවන පරිදි මස් කිරීම පිණිස මොනරාගල පොලිස් බල ප්‍රදේශය හරහා ගව ඝාතකාගාර වෙත රැගෙන යමින් සිටි අහිංසක ගවයින් 102 කගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක Indika Gamage මහත්මයාණෙනි ඔබට මොනරාගල ජනතාවගේ ගෞරවයනීය ප්‍රණාමය....❣️

අරක්කු බෝතලයට ,සිගරට්ටුවට, රුපියල් සත වලට තම රැකියාව නිල ඇඳුම පාවාදෙන සමහර බඩගෝස්තර නිලධාරීන් ඉන්න යුගයක ඔබ වැනි පොලිස් නිලධාරියකු පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය කිරීම මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවටම ඉමහත් ගෞරවයකි........❤

මේ උතුම් වූ මානුෂීය සත්කියාවන්ගේ ආනුභාවයෙන් සසර වසනාතුරාවට සම්මා දිට්ඨියේම සිත පිහිටෙත්වා කල්යාන මිත්‍ර සම්පත්තිය ලැබේවා ගෞතම බුදු සසුන තුළදීම උතුම් නිර්වාණය ශාක්ෂාත් කර ගැනීමට මේ පින් අනුමෝදන් වේවා! නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේත්වා දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු දැහැමි අසපුවේ අප සැමගේ මේ පින් අනුමෝදන් වේත්වා බුදු සරණයි

දැහැමි අසපුව මල්කි ගජනායක ✍✍🌸

06/06/2021

බලන්න ඔයාලගේ රොට් බබත් ඉන්නවද කියලා 🥰🥰🥰🥰

Ruwan bopage අයියගේ තවත් සත්ක්‍රියාවක්.... 🥰🥰🥰🥰
06/06/2021

Ruwan bopage අයියගේ තවත් සත්ක්‍රියාවක්.... 🥰🥰🥰🥰

තව තප්පර ගනනකින් මේ ලෝකෙන් සමුගන්න නියමිත වෙලා තිබ්බ ජීවිතයක්😌...වාසනාවකට..පින්වන්ත කෙනෙක් එයාව ප්‍රතිකාර වලට අරන් ගිහින...
05/06/2021

තව තප්පර ගනනකින් මේ ලෝකෙන් සමුගන්න නියමිත වෙලා තිබ්බ ජීවිතයක්😌...වාසනාවකට..පින්වන්ත කෙනෙක් එයාව ප්‍රතිකාර වලට අරන් ගිහින් ..🙏 ඒ අත් වලින් ලැබුන සත්කාර වලින් අද එයා ජීවත් වෙනවා ...🙏🌹 අන්තිම වෙනකම් බලන්න ඒ අහිංසක ජීවිත යට නැවත පන දුන්න විදිය ❤️

    #ලෝකය ගෝලා කාරයිමිනිස්සු විවිදා කාරයි...😑😑😑😥😥😥😡😡🥰🥰🥰🤣🤣🤣
03/06/2021

#

ලෝකය ගෝලා කාරයි
මිනිස්සු විවිදා කාරයි...😑😑😑😥😥😥😡😡🥰🥰🥰🤣🤣🤣

ඔන්න අදත් දැවෙන ප්‍රශ්ණයකට හරිම උත්තරයක් අරන් ආව .හැමෝම ඇහුවට හරියට නොදන්න microchip එකේ කතාව. 01. මොකද්ද මේ microchip එ...
03/06/2021

ඔන්න අදත් දැවෙන ප්‍රශ්ණයකට හරිම උත්තරයක් අරන් ආව .
හැමෝම ඇහුවට හරියට නොදන්න microchip එකේ කතාව.

01. මොකද්ද මේ microchip එක කියන්නෙ?

සරලවම කියනවනං මේක ඇවිල්ල දත්ත ගබඩා කර ගත හැකි එයටම විශේශිත වූ අනන්‍යතාවයක් තියන කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයක්.

තේරෙන සිංහලෙන් කියනවනං
පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් එකක්. 😁 ඕකෙ තියනව අංකයක් / කෝඩ් එකක්. ඒක තියෙන්නෙ ඒ විශේශිත මයික්‍රොචිප් එකේ විතරයි.

02. මේකෙ සයිස් එක කොච්චර ද ?

දිගින් මිලිමීටර් 11 ත් 13 ත් අතර. පළලින් මිලිමීටර් 2 ක් විතර.
තේරෙන සිංහලෙන් - හාල් ඇටේක සයිස් එකට වඩා පෝඩ්ඩක් ලොකුයි. 😁

03. මොකටද මේකක් ඕනෙ ? කොහොමද මේක වැඩ කරන්නෙ ?

සරලවම ඒක පැහැදිලි කරන්න පුලුවන් මෙහෙම. අපි සුපර් මාර්කට් එකකින් මොනව හරි ගන්නකොට ඒකෙ ලේබල් එකේ ගහල තියන කේතය ( Bar code ) එක මැශින් එකකින් රීඩ් කරනව හැමෝම දැකල තියනව නේද. එතකොට අර ලේබල් එකට අදාල බඩුවෙ මිලත් එක්ක සියලු විස්තර අපිට දැනගන්න පුලුවන් ඒ මැශින් එක හරහා. මේකත් අන්න ඒ වගේ වැඩක්. ඒකට හදපු විශේශ උපකරණයක් microchip එක දාල තියන සුරතලා ලඟ ක්‍රියාත්මක කලාම ඒ chip එකට අයිති විශේශ කෝඩ් එක රීඩ් කරන්න පුලුවන් . එතකොට ඒ කෝඩ් එකම සඳහන් වෙන සහතිකයක් හරහා එයාගෙ අනන්‍යතාවය ලේසියෙන් ම තහවුරු කරගන්න පුලුවන් .

04. ඉතිං මොකටද අපිට මේක ?

පහුගිය ටිකේම සුරතලුන් හොරකම් කරපු සිදුවීම් ගොඩක් වාර්තා වුනා හැමෝම දන්නව. අන්න ඒ වගේ වෙලාවක සුරතලා නැවත හමු වුනොත් එයාගෙ අනන්‍යතාව තහවුරු කරගන්න මේක ඉතාම වැදගත්.කොටිම්ම කියනවනං මේ ඉන්නෙ මට අයිති බල්ලා ,මෙන්න එයාගෙ චිප් එකේ අංකය සඳහන් වෙන මට අයිති සහතිකය, මෙන්න එයාගෙ ඇඟේ ඇතුලත් වෙලා තියන චිප් එකෙත් ඒ කෝඩ් එකම පෙන්නනවා කියල ඔප්පු කරන්න පුලුවන් නන් එතනින් එහාට ඔබ ඒ සුරතලාගේ අනන්‍යතාව තහවුරු කොට අවසන්.😎 ඇත්තටම මේක තමයි ඔය චිප් එකේ තියන ප්‍රධානම වැදගත්කමත්. ලංකාවෙ මේක වැඩිය තාම ප්‍රචලිත නැති උනත් පිටරටවල් වල බොහෝ සුරතලුන් ගේ අයිතිකරුවන් මේ පිලිබඳ දැනුවත්.

05. මේක සුනකයාගෙ ඇඟේ කොහෙටද දාන්නෙ ?

ගොඩක් වෙලාවට බෙල්ල ආශ්‍රිතව තමයි. මං මේ දාල තියන X -Ray image එකේ ඔය පොඩිවට පේන්නෙ ඒක.

06.සහතිකෙත් එක්ක හම්බුනාට පස්සෙ මට පුලුවන් ද මේක ගෙදරදි දාගන්න. ?

කොහෙත් ම බෑ. මේක කරන්න ඕනෙ සුදුසුකම් ලත් පශුවෛද්‍ය කෙනෙක් පමණයි. නැත්තන් සිදුවෙන පුංචි හරි වරදකින් ලොකු ගැටලු මතුවෙන්න පුලුවන් .

ඔන්න හැමදේම සරල සිංහලෙන්.😁 වචනයක් හරි උදව් උනා නං කමෙන්ට් එක්කින් ඒක කියන්නත් කාරුණික වෙන්න 😊.
උපුටා නොගෙන ශෙයා කරන්නේ නන් මැනවි. උපුටා ගන්නවනන් කතෲ අයිතිය වත් සුරකින්න. හොඳ විදිහට ලිව්වෙ මහන්සි වෙලා .😊❤️

උපුටා ගැනීමකි 🙏

සොබා දහම ඉන්නේ සාධාරණය එනකම් #ඔමානයේ අසරණ සතුන් සිය දහස් ගාණක් බේරන ඉන්දියන් ජාතික ප්‍රමෝද්..😢කොවිඩ් මාරයා ඔයාව අරං ගිහි...
01/06/2021

සොබා දහම ඉන්නේ සාධාරණය එනකම්
#ඔමානයේ අසරණ සතුන් සිය දහස් ගාණක් බේරන ඉන්දියන් ජාතික ප්‍රමෝද්..😢

කොවිඩ් මාරයා ඔයාව අරං ගිහින් ..

ඊයේ රෑ ඔයාව අරන් ගිහින්..💔

ඔයා නිසා ජීවත්වූ අහිංසකයින් ඔයා එනකම් බලන් ඉන්නවා ඇති..

අයියෝ ප්‍ර්මෝද්...ආපහු එන්න..🙏

එයාලට ඔයා ඕන ...😢

අපිට ඕමානයට ඔබේ සහය ඕනා..😢

ඒ තරම් යහපත් දේ කළ ඔබව අරන් යන්න තරම් මාරයා රුදුරු උනාද ..

දුෂ්ට මිනිසුන් තියලා..යහපත් මිනිසුන් අරන් යන්නේ ඇයි .😢😢

යාලුවනේ මේ ඕමානයේ ඉන්දියන් ජාතික
පාරේ ඉන්න අසරණ බව්වා න් පුසන්ගේ
ජිවිත බේරන කොල්ලා ප්‍රමෝද්..

ඔහුට කොවිඩ් අසාදනය වී තිබෙනවා..
ඔහු ඊයෙ රෑ යන්න ගිහින් දෙයියනේ ..

ඕමානයේ සත්ව හිතකාමී අපිට මෙය
සෝචනීය මලගමක්...💔

ඕමානයේ අහිංසකයින්ට ජීවිතය දුන්න
ඔහු..

ඕමාන් වැලිකතරේ ම පොළොවට
පස් වෙනවා..😢

ඔබේ ආත්මෙට සැනසීම හිමි වේවා
කළ පින් බලයෙන් කිසිම භවයක
ආයෙත් අකල් මරණයක් හිමි
නොවේවා ..

ශ්‍රී ලංකික සත්ව හිතකාමිනි..
ඔහුගේ ආත්මයට
සැනසීම පතන්න...😢

#අසරණයන්ගේ
#යෝධ #ශක්තිය #යන්නගියා

We our
Pramod MarchOne 💔💔💔💔

🐱 🐕 🐱

😢

Champika Gamage fb පිටුවෙන් උපුටා ගන්නා ලදි

Woof Woof Golden Retrievers Life ❤️ අපි

තමන්ගෙ මව්බිම වෙනුවෙන් අවසන් මොහොත දක්වාම විශාල සේවයක් කල එයා නිහඬවම තම දේශයට සමුදීලා..😥❤️
01/06/2021

තමන්ගෙ මව්බිම වෙනුවෙන් අවසන් මොහොත දක්වාම විශාල සේවයක් කල එයා නිහඬවම තම දේශයට සමුදීලා..😥❤️

01/06/2021

අදරෙන් හදපු අපේ Fido අද අපිව දාල ගියා. පුලුවන් හැමදෙයක්ම අපි කලා. දවස් 6ක් වෙනව අදට ඒ වෙනකන් අපි දවසක් ඇර දවසක් බෙහෙත් ග...
31/05/2021

අදරෙන් හදපු අපේ Fido අද අපිව දාල ගියා. පුලුවන් හැමදෙයක්ම අපි කලා. දවස් 6ක් වෙනව අදට ඒ වෙනකන් අපි දවසක් ඇර දවසක් බෙහෙත් ගත්තා injections 10ක් දුන්න. තියෙන ලෙඩේ මොකක්ද ඇහුවම පලවෙනි දවසෙ කිව්වෙ virus එකක් කියලා ඒකට Injections 3ක් දුන්නා, ඊට පස්සෙ දවසෙ අපි අයෙමත් call කරල තවම කිසිම හොද තත්වයක් නෑ කිව්වම ඊලග දවසෙ අරන් එන්න කිව්වා අපි එදත් එක්කරගෙන ගියා ඒ දවසෙත් අපි ඇහුව මොකද doctor වෙලා තියෙන්නෙ කියල ලේ එකක් chek කරල කිව්වෙ මෙයාට කිනිතුලු උණක් හැදිල තියෙන්නෙ කියල ඒකට 5 injections දුන්න, දවසකට පසු අයෙමත් අපි call කරල තවමත් හොද නැහැ doctor මොකක්ද කරන්නෙ කියල කතා කලා එදිනත් අපි එක්කගෙන ගියා ඒ දවසත් 2 injections දුන්න. එයා ට දෙන්න කියපු බෙහෙත් හැමදේම වෙලාවට දුන්න. අන්තිම දවස් දෙකේ එයා රෑට නිදාගනෙ නැතිව හිටියා අපි එයා එක්ක ඇහැරගෙන හිටියා එයා අඩුම තරමෙ වාඩිවෙනෙවත් නැති උනා තිබුන අමාරුවට පසුව අද උදේ 2.40ට විතර එයා අපිව දාල ගියා. එයාට දීපු බෙහෙත් විස වෙලා ලේ වමනෙත් ගියා ගොඩක් අමාරුවෙන් එයා නන්ගිගෙ ලගට වෙලා එයා දිහා බලන් ඉදල තියෙනෙ කියා ගන්න බැරි අමාරුවකින්, මේ උන දේ ඔයාලට නොවෙන්නයි මේ ගැන කියන්නෙ බෙහෙත් කරන්නෙ (සන්ඝමිත්තෙ School එක ලගට ගිහින් අහින්සක සත්තු නැති කරගන්න එපා) ( Male doctor ) තමයි මේදේ කලේ. මේතරම් ආදරෙන් හදපු Fido ට මෙහෙම වෙයි හිතුවෙ නෑ. මේ වගේ දුක් වෙන්න වෙයි කියල අපි හිතුවෙ නෑ. ගොඩක් අදරෙන් ලමයෙක් වගෙයි අපි එයාව හැදුවෙ,
ඔයාලත් හොදට හොයල බලල බෙහෙත් කරන්න ගෙනියන්න.

( Galle Care vets Animal clinic & sergery ) Near to sangamiththa school

( 7 months old )

නිවන්සුව Fido..!!

😢😢😭😭

උපුටා ගැනීමක්. මේ පෝස්ට් එක දැම්මේ තව සතෙක් මේ වගෙ තැනකට අරන් ගිහින් මේ ටික වෙන එක නවත්තන්නයි

හොද බල්ලන්ගෙ පොස්ට් වලට ලයික් කමෙන්ට් මෙයාලට වැටෙන්නෑ   😑😑😑   lankan  #Copy  ruwan bopage https://www.facebook.com/ruwan...
30/05/2021

හොද බල්ලන්ගෙ පොස්ට් වලට ලයික් කමෙන්ට් මෙයාලට වැටෙන්නෑ 😑😑😑
lankan #
Copy ruwan bopage
https://www.facebook.com/ruwan.bopage

මට ලොකු ආසාවක් තියනව.මොකක්ද දන්නවද.මෙන්න මෙයාගෙ පෙර හාම්පුතාව කවුද කියල සොයාගන්න.හමේ රෝග හැදිල පාරට විසි කරන එකද යුතුකම එයට ප්‍රථිකාරයක් සිදුකර මැරෙනකම්ම සතාව රැකබලාගන්න එකද වගකීම කියල පෙන්වන්න.හැබැයි හාම්පුතා හම්බ උනත් මලාට සතානම් දෙන්නෙ නැහැ.

ඒ වගේම කලින් හාම්පුතාව දැක්කම මෙයා කොයි විදියට හැසිරෙයිද.

මෙයා ගැන මට ලොකු වේදනාවක් තියනව.පාරවල් දෙකකට මැදිවෙලා ඉන්න මට මෙයාව කූඩුවක තියාගන්න එක.දිනකට තුන් සැරයක් ඇවිදින්න එක්ක යනව.එහෙත් කූඩුවෙ තියල තියන්න කොයි විදියකවත් හිත දෙන්නෙ නැහැ.අත හරින්න බැහැ කෙලින්ම පාරට දුවනව.

ඒ කොයි දේ උනත් මෙයාට දැං මම නැතුවම බැරි තත්වයක් තියෙන්නෙ.

  #
30/05/2021

#

🔴මොකද්ද මේ බුල්මස්ටිෆ් කියන බ්‍රීඩ් එක?බුල්මාස්ටිෆ් කියන්නේ ගෙවල් වල හදන බල්ලන්ගෙන් විශාල ප්‍රමාණයේ බල්ලෙක්,මෙයාලාගේ කටේ...
28/05/2021

🔴මොකද්ද මේ බුල්මස්ටිෆ් කියන බ්‍රීඩ් එක?

බුල්මාස්ටිෆ් කියන්නේ ගෙවල් වල හදන බල්ලන්ගෙන් විශාල ප්‍රමාණයේ බල්ලෙක්,
මෙයාලාගේ කටේ හනු ගොඩක් විශාලයි වගේම ශක්තිමත්,
ඒත් එක්කම මෙයාලාගේ හොම්බ කොටයි.
සාමාන්‍යයෙන් මෙයාලාගේ බර කිලෝ 45 ඉඳලා කිලෝ 60 දක්වා තියනවා,
ඒ බර ගැහැනු සතාගේ අඩුවෙනුත් පිරිමි සතාගේ වැඩියෙනුත් තමයි තියෙන්නේ,

🔴මෙයාලාගේ ඉතිහාසය කොහොමද?

මෙයාලා මුලින්ම ආවේ එංගලන්තේ "English Kennel CLub"
එකෙන් 1924දී,
ඉතින් මෙයාලාගේ බ්‍රීඩ් එක හැදිලා තියෙන්නේ English Mustiff කියන බ්‍රීඩ් එක සහ Old English Bulldog අතර දෙමුහුමකින් සිදුකල අභිජනනයකින්.
මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් වගේ ජීවත් වෙනවා.
මස්ටිෆ් බල්ලන්ගේ PSI( pound per square Inch) අගය එහෙම නැත්නම් Bite Force එක ලෝකයේම බ්‍රීඩ්ස් අතරින් 6 වෙනි තැනට තියනවා.

🔴Bite Force එක ඔය කියන තරම් වැඩිනම් ගෙවල් වල හදන එක භයානක නැද්ද?

කුඩා දරුවන් සමඟ මෙයාලා හරිම කුලුපගයි වගේම එයාලාව ආරක්ශා කරන්න සැදී පැහැදී ඉන්නවා,
මෙයාලා විශේශයෙන් අභිජනනය කලේ Old English Bulldog ගේ තියන අධික සටන්කාමීත්වය නැත්නම් ඇග්‍රසිව් බව සහ English Mustiff ගේ ස්වාමියාට තියන ලෙංගතුකම එහෙමත් නැත්නම් කීකරු බව දෙකම එකතු වෙන විදිහට.
ඇත්තටම මෙයා හොඳ ආරක්ශකයෙක්,

🔴මෙයාලාව පුහුණු කරන්න අමාරුයිද?

මෙයාලා බුද්ධි මට්ටම ඉහළ බ්‍රීඩ්ස් අතරින් ප්‍රමුඛතාවයක් ගන්න බ්‍රීඩ් එකක්,
2007දී Frank කියලා ෆිලුමක් එහෙමත් ගහලා තියනවා බුල්මස්ටිෆ් කෙනෙක්ව පාදක කරගෙන.
ඒවගේම මෙයාලා ඉක්මනින් කලබල වෙන වර්ගයක් නෙවෙයි,
මෙයාලාගේ විශේශත්වය වන්නේ මෙයාලව අනික් බ්‍රීඩ්ස් වලට වඩා ඉක්මනට කමාන්ඩ්ස් වලට පුරුදු කරවන්න පුලුවන්,
ඒ ඉහළ බුද්ධි මට්ටමක් තියන හින්දා.
තම ස්වාමියාට ඉතාමත් ගරුකරනවා වගේම ඔහුගේ ආරක්ශාව ගැන හරියට හිතනකෙනෙක් තමයි මේ බුල්මස්ටිෆ් බ්‍රීඩ් එක.

-Tharu Rajapaksha-

#

Address


Alerts

Be the first to know and let us send you an email when RK pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RK pets:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share