Aquarium World

  • Home
  • Aquarium World

Aquarium World world aquarium

අම්මා වගේ ආදරේ
26/11/2023

අම්මා වගේ ආදරේ

22/09/2023
ඔබේ විසිතුරු මාලු ටැංකිය තවත් හැඩ කරන්න ...තොග සීමීතයි....
13/06/2023

ඔබේ විසිතුරු මාලු ටැංකිය තවත් හැඩ කරන්න ...
තොග සීමීතයි....

ශ්‍රී ලංකාවට ආක්‍රමණිකයෙක් වෙලා තියන ටැංකි සුද්දෝ...නුගේගොඩ, දෙල්කඳ ඇලේ..බලන්න කොච්චර ඉන්නවද කියලා..මෑතකදී ස්වාභාවික පරි...
12/06/2023

ශ්‍රී ලංකාවට ආක්‍රමණිකයෙක් වෙලා තියන ටැංකි සුද්දෝ...
නුගේගොඩ, දෙල්කඳ ඇලේ..
බලන්න කොච්චර ඉන්නවද කියලා..

මෑතකදී ස්වාභාවික පරිසරේට ලොකුම වසංගතේ වෙච්ච කරදරකාරයෙක් තමයි මේ ටැංකි සුද්දෝ - common pleco/tank clenar

අපි පොඩි කාලේ මාළු ටැංකි වලට පතුලෙ තියෙන දේවල්, වීදුරුවේ තියන දියසෙවල කාල ටැංකිය සුද්ධ කරනවා කියලා දාගත්ත ටැංකි සුද්දා කියන නම හැදුණු මෙයා, ටැංකි පිරිසිදු වෙන්න ෆිල්ටර් වගේ දියුණු ක්‍රම නැති කාලේ හුගක් කට්ටිය අතර වේගෙන් ජනප්‍රිය වුණා. මාළු හැදුවනම් මේ එකෙක් ඇති නොකරපු කෙනෙක් නැති තරම්...
නමුත් ලොකු වෙද්දි අනිත් මාලුන්වත් කන්න ගනිපු නිසා ස්වාභාවික පරිසරයට මුදා හැරීම සහ ගංවතුර වගේ හේතු නිසා ස්වාභාවික පරිසරේට එකතු වුණු මෙයා මේ වෙද්දි ලංකාවේ ජලාශවල ඒකදේශීක මාලු ටිකත් සුද්ධ කරමින් ඉන්නව. උතුරු මැද පළාතේ බොහෝ වැව්,නුවර වැව,දියවන්නාව ආශිත්‍ර ප්‍රදේශ වගේම ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශ මේ වෙද්දි මෙයාගෙ ග්‍රහණයට යටත් වෙලා ඉවරයි.

අඩි 3කට ආසන්නව උපරිම විශාල වන මෙයාගෙ ආහාර රටාව හුගක් වෙලාවට ජලාශ පතුලෙ තියෙන දේවල් තමා මාලුන්ගෙ බිත්තර,පැටව්,ඉස්ගෙඩියො වගේ හැම දේම ගිලින මෙයා කටට අහුවෙන ප්‍රමාණයේ මාලුවෙක් වුණත් ගිලින්නත් පසුබට වෙන්නෙ නෑ.
එහෙම නැත්නම් ලොකු මාළුවෙක්ට තුවාලයක් උනත් වෙන විදියට ඇගේ එල්ලෙනවා...
ධීවරයන්ගෙත් දැන් ලොකුම හතුරා මෙයා..ඒ දැල්වල අධිකව පැටලෙන නිසා.

ටැංකි සුද්දගෙ තියෙන්නෙ හුගක් ඝණ මාංසලමය නොවන කටුවක් වගේ හමක්.මේ නිසා එයාව ආහාරයට ගන්නත් බෑ දැල්වලින් ආයෙ ගලවද්දි දැල ඉරෙනවා මේ නිසා මාස ගාණක් පාවිච්චි කරන දැල් සති 2-3න් අයින් කරන්න වෙලා.
ඒ වගේම මෙයා අනිත් මිරිදිය මාලුන්ගෙ බිත්තර ආහාරයට ගනිපු නිසා ධීවරයන්ගෙ අස්වැන්නත් අඩු වෙලා. දැල්වලට අහුවෙන ටැංකි සුද්දො ගොඩට විසි කලාම නරක් වෙද්දි අධික දුර්ගන්ධයක් එන නිසා දැලට අහුවෙන උන්ව ආයෙ වැවටම දාන්නත් වෙලා.

ඝණ පිට ආවරණය නිසා කබරගොයා,දියබල්ලා හැර වෙනත් කිසිම විලෝපිකයෙක්ට ආහාරයට ගන්න බෑ,ඕනම අපිරිසිදු වතුරක වගේම නියං කාලවල මඩ අස්සෙ පවා ඉන්න නිසා,ලෙඩ රෝග සෑදීම අඩු නිසා,මිනිස්සුන්ට ආහාරයට ගන්න බැරි නිසා මෙයාගෙ පැතිරීම සෑහෙන්න වේගවත් වෙලා.
මේ වෙද්දි ටැංකි සුද්දා ආනයනය,විකිණීම තහනම් මාලුවෙක්. ඒත් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ වැඩක් මෙයාව තහනම් කරපු එක මොකද මේ වෙද්දි මෙයා පැතිරිලා ඉවරයි. මේ වෙද්දි මෙයාගෙන් ආහාර නිශ්පාදනය පිළිබද පරීක්ශණ ආරම්භ කරල තියෙන්නෙ ඒත් තාම හරි විසදුමක් නෑ. ඉතින් ටැංකි සුද්දන්ව තමාත් ඔයාලා ලඟ ඉන්නවනම් එයාලාව මැරෙනකම්ම බලාගන්න හදාගන්න අමාරුනම් ගගට,ඇලට නොදා හදාගන්න පුලුවන් කෙනෙක් හොයල දෙන්න මොකද මේ වසංගතේ නිසා ඒකදේශීක මාලු,ගෙම්බො,ඉස්සො වගේ සතුන්ට වගේම මිරිදිය ධීවර කර්මාන්තයටත් කණ කොකා හඩමින් ඉන්න නිසා..

ආයෙත් කියන්න තියෙන්නේ, මෙම මත්ස්‍ය ස්වභාවික ජල මූලාශ්‍ර වලට එක් කිරීමෙන් වලකින්න. මොවුන් මිරිදිය පරිසර වල කුඩා මත්ස්‍ය පැටවුන් මත්ස්‍ය බිත්තර,කීට අවස්ථා,සියල්ලක් ම ආහාරයට ගෙන විනාශ කරනවා..අපි දැනුවත්ව නැති උනාට ක්ෂුද්‍ර පරිසර පද්ධති සියල්ල මුන් නිසා බිඳ වැටෙනවා..එය අනෙකුත් ජීවීන්ට විශාල තර්ජනයක් වෙනවා..

* ස්වදේශිකයෝ වෙතින් උපුටාගැනීමකි .

මාතර , දික්වැල්ල ,තංගල්ල බෙලිඅත්ත අයට Glow Tettra පාට අනුව ලබගන්න ඉක්මනින් ... තොග සීමීතයි...
09/06/2023

මාතර , දික්වැල්ල ,තංගල්ල බෙලිඅත්ත අයට Glow Tettra පාට අනුව ලබගන්න ඉක්මනින් ... තොග සීමීතයි...

මම දැන් ඉන්න විදිය 😂😂😂
27/05/2023

මම දැන් ඉන්න විදිය 😂😂😂

වියට්නාමයෙ අමුතුමරෙස්ටුරන්ට් එක 🐠😍☺️ඒකෙ කකුලට මාළු කොටනවා🙈💦🐟🐠|| Amix coffee || Ho Chi Minh || Vietnam ||
07/03/2023

වියට්නාමයෙ අමුතුම
රෙස්ටුරන්ට් එක 🐠😍☺️
ඒකෙ කකුලට මාළු
කොටනවා🙈💦🐟🐠
|| Amix coffee || Ho Chi Minh || Vietnam ||

02/12/2022
08/10/2022
උපුටා ගැනීමකි... වැදගත් කියල හිතෙන අය පේජ් එකට ලයික් එකක් දාලා යන්නසුරතල් "කාෆ්" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.          අලං...
14/07/2022

උපුටා ගැනීමකි... වැදගත් කියල හිතෙන අය පේජ් එකට ලයික් එකක් දාලා යන්න

සුරතල් "කාෆ්" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.

අලංකාර, නිරෝගී හා හොඳින් වක්දුනු සතුන් අභිජනනය සඳහා තේරීම මුලින්ම කල යුතුය. පැටවූ කුඩා කාලයේ මුල්ම තේරීම සිදු කලත්, ඔවුන්ගේ වයස අවු. 2 – 3 දක්වා කාලය තුල දෙවැනි වරට තේරීම කරනු ලැබේ.

අභිජනනය සඳහා තෝරාගන්න ලද මසුන්ගේ වර්ධනය සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් තිබිය යුතු අතර, ස්වභාවික ආහාරද අත්‍යවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් අභිජනනයට සුදුසු මසුන් පළමු අවුරුද්දෙදිම සෙ.මී 12 – 20 දිගක්ද, දෙවන අවුරුද්දේදී සෙ.මී 20 – 30 ක්ද, තුන්වෙනි අවුරුද්දේදී සෙ.මී 25 – 35 දිගක් ද, හතරවෙනි අවුරුද්දේදී සෙ.මී 30 – 42 දැරිය යුතුය. ගැහැණු සතුන් මුලින් වේගවත්ව වැඩුනත් පසුව වැඩීමේ වේගය බාල වේ. පිරිමි සතුන් තුන්වෙනි අවුරුද්දේදී අභිජනනය සඳහා සුදුසු වුවත්, ගැහැණු සතුන් සුදුසු වන්නේ හතරවන හෝ පස්වන අවුරුද්දෙදී ය. පිරිමි මත්ස්‍යයෙකු පරිනත භාවයට පත් වූ බව දැනගත හැකි වන්නේ උදාර ප්‍රදේශයෙන් මිරිකූ විට ශුක්‍රාණු පිටවීම මගිනි. රවුම් වූ ,විශාල වූ උදාර ප්‍රදේශයක් පරිණත ගැහැණු සතුන්ගේ දැකිය හැක. ගැහැණු සතා දමන බිත්තර එකම අවස්ථාවකදී පරිනත භාවයට පත් වේ. සෑම මාස 2 සිට 4 කට වරක් බිත්තර දමනු ලැබේ.

අභිජනනයට පෙර පිරිමි හා ගැහැණු සතුන් වෙන්කර තැබීම ඉතා වැදගත් වේ. සෑම විටම අභිජනනය සඳහා ගැහැණු, පිරිමි අනුපාතය පිලිවෙලින් 2 : 3 විය යුතුය. මුලින් පිරිමි මාළුවා ටැංකියට දැමිය යුතු අතර, ජලයේ උෂ්ණත්වය fෆැරන්හයිට් අංශක 64 – 68 පමණ තිබිය යුතුය. ඊට පසු දින හගනු සතුන් එම ටැංකියට දැමිය යුතු අතර, එදිනම ජාල මට්ටම ද ඉහළ දැමිය යුතුය. සාමාන්‍යයෙන් ගැහැණු සතා අලුයම් කාලයේ බිත්තර දැමීම සිදු කරයි. මෙම බිත්තර ජලජ ශාක මත පතිත වේ. බිත්තර දම අවසන් වූ පසු අභිජනන සතුන් වෙන්කළ යුතුය. එසේ නොකළහොත් බිත්තර කා දැමීම සිදු කරයි. බිත්තර පුපුරා පිටවන පැටවුන් දින 3 – 5 වනතුරු බිත්තර කහමදයෙන් යැපේ. ඊටපසු මෙම මාළුන් දින 10 – 12 කාලයකින් පසු වෙනත් ටැංකියකට මාරු කර රැකබලා ගැනීම සිදුකල හැකිය

Dubai Aquarium  🤩
05/07/2022

Dubai Aquarium 🤩

15/05/2022
🐬🐟🐠
14/05/2022

🐬🐟🐠

Address


Telephone

+94711402748

Website

Alerts

Be the first to know and let us send you an email when Aquarium World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share