30/08/2021
පාරිභාෂික සටහන
රොට්වෙයිල(ර්) සුනඛයන් ඇති කරන්නන් බලාපොරොත්තු වන්නේ අධික ශක්තියකින් යුතු, කාල වර්ණ පැහැයෙන් හා පැහැදිලිව පෙනෙන දුඹුරු සලකුණු වලින් යුත්, උදාරභාවයේ අඩුවක් නොවන බලවත් පෙනුමක් ඇති හා සහකාරයෙක්, සේවයක් හා ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති අසාමාන්‍ය ලෙස සුදුසු සුනඛයෙකි.""[1] මොවුන්ගේ පැවැත්ම සමබරතාවය, දරාගැනීමේ ශක්තිය, සමානුපාතික බව, බුද්ධිය හා ශක්තිය යන සාධක මත පදනම් වේ. රොට්වෙයිලර් සුනඛයන්ගෙ ශාරීරික පෙනුම සඳහා විවිධ සම්මත චරිතාංග පහත පරිදි වේ.
රොට්වෙයිල(ර්) ව්‍යුහය
හිස ( ඇස් )
හොම්බ ( දත්, දිව )
තැල්ල ( උගුර, බෙල්ලේ සම )
උරහිස
වැලමිට
ඉදිරිපස ගාත්
ශ්‍රෝණිය
ගාත්
දණිස් සන්ධිය
පස්සා ගාත්
මොල්ලිය
කළවා සන්ධිය
අත්
වල්ගය
හිස සංස්කරණය
හිස්කබල මධ්‍යම දිගින් යුතු අතර කණ දෙපසින් පලල්ය. පැත්තෙන් පෙනෙන ආකාරයට නළල් රේඛාව සෑහෙන තරම් වක් වී ඇති අතර පැහැදිලිව නොපෙනෙන, හොඳින් වැඩුනු අවමූර්ධ ඇටයකින් සමන්විත වේ. කලු පැහැති පළල් නාසය හොඳින් පිහිටා ඇති අතර නාස් පුඩු තරමක් විශාලය. කපාලයත් සමග සසඳන විට හොම්බ දිගටි හෝ කෙටි නොවේ. නාසාස්ථියෙහි පාදම කොටස පළල් වන අතර ක්‍රමයෙන් සිහින්ව යයි.
දෙතොල් කලු පැහැති අතර දෙතොල් කොන් තදව පිහිටා ඇති බැවින් පිටතට නොපෙනේ. විදුරුමස ඉතා අඳුරු පැහැතිය. උඩු හා යටි හනු ශක්තිමත් හා පළල්ය. FCI සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) සුනඛයන් ශක්තිමත් හා පූර්ණ දන්ත වින්‍යාසයක් (දත් 42ක්) දැරිය යුතු අතර උඩු දත් පෙල යටි දත් පෙලට තරමක් ඉදිරියෙන් පිහිටිය යුතුය. යුග තෝරණිය පැහැදිිලි විය යුතුය. මධ්‍යම ප්‍රමාණයේ ඇස් ආමන්ඩ් හැඩැති අතර තද දුඹුරු පැහැතිය. ඇහිපිලි සමීපව පිහිටා ඇත. හිසේ ඉහළ එකිනෙකට දුරින් පිහිටා ඇති කණ් ත්‍රිකෝණාකාර මධ්‍යම ප්‍රමාණයේ ඒවාය. කණ්, හිසට සමීපව ඉදිරියට බරව පිහිටා ඇති නිසා හිස්කබල පළල්ව පෙනේ. හිසෙහි සම හිසට ඇලී, තදව පැතිරී ඇත. මොවුන් සුපරික්ෂාකාරීව සිටින විට නළල මදක් රැළි ගන්වයි.
බෙල්ල සංස්කරණය
බෙල්ල ශක්තිමත්, මධ්‍යස්ථ දිගින් යුත්, මස්පිඩු වලින් පිරුණු, තරමක් වක් වූ හා පිරිසිදු වන අතර අපැහැදිලි බවින් තොරය.
සිරුර සංස්කරණය
ඇමෙරිකානු කෙනල් සමාජයේ ලෝක සුනඛ ප්‍රදර්ශන මාලාව - රොට්වෙයිල(ර්) සුනඛ තරඟය, රිලයන්ට් අංගණය - 2006 වර්ෂයේ ජුලි 23.
පසුපස සෘජු, තද හා ශක්තිමත්ය. ඉඟ කෙටි, ශක්තිමත් හා ගැඹුරුය. පළල්, මධ්‍යම උසකින් යුක්ත, තරමක් වටකුරු වන පැතලි නොවන ඊලයක් දරයි. පපු ප්‍රදේශය ඉඩ ඇති, පළල් හා ගැඹුරු ( ආසන්නව උරහිස් උසෙන් 50% පමණ ) එකක් වන අතර හොඳින් විකසනය වූ උරස්ථලයක් හා නීසිලෙස හටගත් ඉල ඇට ඇත. ඇලපත ඇතුලට නැමී නැත.
වල්ගය සංස්කරණය
වල්ගය පළමුවන හෝ දෙවන පුරුකෙන් හෝ ස්වාභාවිකව කෙටි මහත කොටසෙන් කපා දැමීම සිරිතක්ව පැවතුනි. නමුත් මේ වන විට එය රටවල් බොහෝ ගණනකින් තහනම් කර ඇති අතර FCI සම්මුතියේ සඳහන් කර ඇත. අනෙකුත් රටවල එය නීත්‍යානුකූල වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය හා නවසීලන්තය එය AKC හා NZKC සම්මුතීන්හී සඳහන් කර ඇත.
ගාත්‍රා සංස්කරණය
ඉදිරිපසින් පෙනෙන ආකාරයට ඉදිරිපස කකුල් සෘජු හා එකිනෙකට තරමක් ඈතින් පිහිටයි. පැත්තෙන් පෙනෙන ආකාරයට යටිබාහුව සෘජු හා සිරස් ලෙස පිහිටයි. උරහිස් තලයේ කෝණය අංශක 45 ක් පමණ වේ. උරහිස් හොඳින් පසුපසට වන්නට පිහිටා ඇත.සිරුරට ආසන්නම වන්නේ උඩුබාහුවයි. යටිබාහුව ශක්තිමත්ව වර්ධනය වී ඇති අතර මස් පිඩු සහිතය. බාහුවේ පහල කොටස තරමක් ඇදෙනසුලු හා ශක්තිමත්ය. ඉදිරිපස පතුල් වටකුරු, තද හා හොඳින් වක් වී ඇති අතර පාද කොට්ටය දැඩිව, නියපොතු කෙටිව හා ශක්තිමත්ව පිහිටයි.
පසුපසින් පෙනෙන ආකාරයට පසුපස ගාත්‍රා සෘජුවද එකිනෙකට තරමක් දුරින්ද පිහිටයි. නිදහසේ සිටගන්නා විට සුනඛයාගේ උඩු කලවය හා උකුලු ඇටය අතරද උඩු කලවය හා යටි කලවය අතරද යටි කලවය හා ආරාතචිපිටීය අතරද මොට කෝණ නිර්මාණය කරයි. උඩු කලවය තරමක් දිගුවද, පළල් හා ශක්තිමත් මස්පිඩු වලින් පූර්ණවද පිහිටයි. යටි කලවය දිගුවද, ශක්තිමත්ව හා පළල් මස්පිඩු වලින්ද බලනහර වලින්ද සමන්විතය. දණිස් සන්ධිය ශක්තිමත්ව, කෝණාකාරව ගොඩනැගී ඇත. පස්සා ගාත් ඉදිරි ගාත් වලට වඩා තරමක් දිගු වන අතර ඇඟිලි ශක්තිමත්ව,වක් වී පිහිටයි.
ගමන් විලාසය සංස්කරණය
රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ සාම්ප්‍රදායික ගමන් විලාසය හැල්මේ යාමයි. මෙම ගමන ඔහුට ස්වාභාවිකවම උරුම වූවකි. ඇවිදින විටදී මෙම සතුන්ගේ ඉදිරි හා පසුපස පාද එක එල්ලේ ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙම චලනය සෘජු වන නිසා මොවුන්ගේ ගමනද සෘජුය. මේ වනවිටත් සතුන් බලාගන්නන් ලෙස යොදා ගන්නා නිසා සමබරතාවය හා සඑලත්වය මත මෙම ගමන රඳා පවතියි.[14]
ලෝම වැස්ම සංස්කරණය
ලෝම වැස්ම බාහිර වැස්මකින් හා අභ්‍යන්තර වැස්මකින් සමන්විත වේ. බාහිර වැස්ම මධ්‍යස්ථ දිගකින්ද, රළු,ඝන හා පැතලි බවින්ද යුක්තය. අභ්‍යන්තර වැස්ම බෙල්ල හා කලවා ප්‍රදේශ වල දැකිය හැක. අභ්‍යන්තර වැස්ම බාහිර වැස්මෙන් පිටතට නොපෙනිය යුතුය. උෂ්ණාධික ප්‍රදේශ වල ජීවත්වන රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ අභ්‍යන්තර වැස්ම දේශගුණයට හුරුවීම නිසා සමහරවිට නොපිහිටයි. රොට්වෙයිල(ර්) ලෝම වැස්ම අවම නඩත්තුවක් දරණ නමුත් නියමිත කාලයට පෙර(ගැහැණු සතුන්) හෝ නියමිත කාලයේදී(පිරිමි සතුන්) අධික ලොම් හැලීමක් දක්නට ලැබේ. අමෙරිකානු කෙනල් සමාජයේ ඇතිකිරීම් සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) ලෝම වැස්ම කෙටි හා සෘජු වේ. දිගු හා රැලි සහිත ලෝම වැස්ම දෝෂයක් ලෙස AKC හි සලකයි.[14]
පැහැය හා සලකුණු සංස්කරණය
රොට්වෙයිල(ර්) සතුන්ගේ පැහැය හා සලකුණු සුවිශේෂය. ඇතිකිරීමේ සමාජයන්හී සම්මුතීන්ට අනුව මොවුන් සෑමවිටම කාල වර්ණ වන අතර සිරුරේ පැහැයෙන් සියයට දහයකට නොවැඩි ප්‍රමාණයක මහෝගනී හෝ යකඩ පැහැති සලකුණු හොඳින් දැකිය හැක.AKC නිර්දේෂයන්ට අනුව මහෝගනී පැහැති තිතක් ඇසට ඉහලින් ඇහිබැම මුදුන මතද, කම්මුල් මතද, හොම්බ දෙපසින් තීරුවක්ද තිබිය යුතුය. කම්මුලෙහි සළකුණු නාස් පොල්ල හරහා ගමන් නොකළ යුතු අතර නාසය මුදුන කලු පැහැතිය. මුහුණේ ඇති සළකුණු උගුර තෙක් ගමන් කල යුතුය. රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ පපු ප්‍රදේශයේ පහළට මුහුණලා පිහිටි ත්‍රිකෝණාකාර සළකුණු දෙකක් දක්නට ලැබේ. ඉදිරිපස කකුල් වල සළකුණු යටිබාහුවේ සිට ඇඟිලි කරා ඇදීයයි. පිටුපස කකුල් වල සළකුණු ඇතුළතින් පටන්ගෙන පිටත දණිස් සන්ධිය කරා ගමන් කොට ඇඟිලි කරා විහිදෙයි.පසුපස පහල පුරුක් මත කාල වර්ණය සම්පූර්ණයෙන්ම ශුන්‍ය නොවන බව AKC සම්මුතීන්හී පිලිගනී. යකඩ පැහැති හෝ මහෝගනී පැහැති ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරන සළකුණක් වල්ගයට පහලින් ඇත. එසේම සෑම ඇඟිල්ලක් මතම කලු පැහැති තුනී තීරුවක් තිබිය යුතුය.[14]
ප්‍රමාණය සංස්කරණය
"මධ්‍යම/විශාල" ප්‍රමාණයේ සුනඛ වර්ගයක් වන මොවුන් FCI සම්මුතීන්ට අනුකූලව පිරිමි රොට්වෙයිල(ර්) සුනඛයන් සෙ.මී. 61 - 69 (අඟල් 24 - 27) උසකින්ද ගැහැණු රොට්වෙයිල(ර්) සුනඛ ධේනුවන් සෙ.මී. 56 -63 (අඟල් 22 - 25) උසකින්ද යුතුය. සුනඛයන්ගේ බර කිලෝග්‍රෑම් 50 - 60 ( 110 - 132 lbs) අතර විය යුතු අතර සුනඛ ධේනුවන් කිලෝග්‍රෑම් 35 - 48 ( 77 - 105 lbs) අතර විය යුතුය. උස බරට සරිලන සේ විය යුතුය.
උපුටා ගන්නා ලදී.🙏