19/05/2020
බව් පැටියේකුට නිවැරදිව ආහාර දෙමු
Dog Menu
උදේ 6.00a.m
* කිරි (ලදරු කිරි පිටි,ෆ්රෙෂ් මිල්ක් රත් කර නිවා ගත්, Dog Milk Powdr)
*සමපෝෂ ( කිරි හෝ වතුර උණු කර ඊට සමපෝෂ එක් කර උකු දියරයක් ලෙස සකසා )
*Doog Food ( මිනිත්තු 45 පමණ කිරිවල පෙගෙන්නට ඉඩ
හැර සකස් කර ගත් මිශ්රණය / dog Food බ්ල්රෙන්ඩ කර කිරි සමග මිශ්ර කර )
(වර්ග තුනෙන් එක් වර්ගයක් දෙන්න )
උදේ 8.00a.m
*වට්ටක්කා,අල, මාළු හෝ චිකන් සමග බේරි වෙන්න තම්බලා බටර් සමග පොඩි කරලා දෙන්න පුළුවන්
හෝ
* බත්
බත් එක සකස් කර ගන්නා ආකාරය
අමු ද්රවය
( පහත සදහන් කරන අමු ද්රවය වලින් ඔබට පහසු අමු ද්රවය ප්රමාණයක් බත් එක සදහා යොදා ගත හැක )
සහල්
චිකන්, චිකන් ලීවර්, සාලයො, බිත්තර ( අනිවාර්යේන්ම හොදට තැම්බිය යුතුයි )
වට්ටක්කා
බෝoචි (කෙදි සහිත එළවළු )
කැරට්
අල (බතල )
පරිප්පු (කව්පි, කඩල වැනි වර්ගයක් )
පලා වර්ගයක්
බටර් ( ශරීර වර්දනයට )
සාදා ගන්නා ආකාරය ක්රම 02
01 ක්රමය
පලා කොල සහ බටර් හැර අනෙක් ඔබ තොරාගත් දැ සියල්ලම කුඩාවට කපා ගෙන බාජනයකට වතුර දමා හොදින් තම්බා ගන්න තැම්බි අවසන් වේගන එන විට පලා කොල ටික දලා මිනිත්තු 5 ක් පමණ තියලා ලිපෙන් ඉවතට ගෙන නිවුනු පසු බටර් එක් කර හොදීන් මිශ්රර කර ගැනීම. ( බේරි වෙන්න තම්බා ගැනීම කුඩා පැටව්න් සදහා යෝග්ය වේ. )
සැ. යු
මස් හෝ මාළු නැතුව බිත්තර ඔබ යොදා ගත්තේ නම් බිත්තරෙ වෙනම හොදින් තම්බා ගෙන පොඩි කරලා ඉහත බත් මිශ්රනයට එක කල හැක
02 ක්රමය
පලමුව චිකන් ටික තැම්බේන්න තියලා ටික වෙලාවකින් එයට කැරට් අල වට්ටක්කා බොoච් එක් කර තැම්බෙන්න හැර ඒ සියල්ල තැන්බුනු පසු ඒ තැනබු වතුර ටිකට පෙරා ගෙන ඒ වතුර වලට සහල් දමා බත් සකස් කර ගැනීම බත් ඉදිගේන එන විට එයට පලා කොල එක් කර මිනිත්තු 5 ක් තබා පිස ගැනීම
ඉනපසු සියල්ල මිශ්ර කර ගෙන නිව්නු පසු
බටර් එක් කිරීම.
උදේ 10.00a.m
*යෝගට්
දවල් 12.00p.m
*බත්
හවස 2.30p.m
*පලතුරු බීම (මිදී, අලි ගැට පෙර යොදා ගන්න එපා ඒවා බව්වන්ට විශ සහිතයි )
*පලතුරු කැලි කපලා දෙන්න පුළුවන්
( වර්ග දෙකෙන් එක වර්ගයක් දෙන්න )
හවස 4.30p.m
* සමපෝෂ (කිරි සමග හෝ වතුර සමග මිශ්ර කර උකු දියරයක් ලෙස )
*Doog food (කිරි වල කිරි වල පොගවා මිශ්රණයක් ලෙස )
(මේ වර්ග දෙකෙන් එක වර්ගයක් දෙන්න )
රාත්රි 7. 30p.m
*බත්
රාත්රි 10.00p.m
*කිරි
* කිරි සමග ක්රීම් ක්රැර් බිස්කට්
*සමපෝශ හා කිරි
*Dog Food කිරි වල පොගවා
(මේ වර්ග 4 එක වර්ගයක් දෙන්න )
සැ. යු
මාස දෙකට වැඩි බව්වන් හට මේ menu එක ප්රයෝජන වත් වේ.
ගොඩක් දෙනෙක්ට තිබුණු ගැටලුවක් මාස 2 ට වැඩි බව් පැටියේකුට දෙන්න ඕනේ කෑම මොනවද සහ දිය යුතු ආහාර වේල් ප්රමාණය.
මේ menu එක ඔයාලට යම් අදහසක් ගැනීමට උපකාරයක් වෙයි.
පැටවා ලොකු වත්ම දිය යුතු ආහාර වේල් ප්රමාණය ද ක්රමයේන් අඩු කල යුතුයි .