FREED BY Thilini

  • Home
  • FREED BY Thilini

FREED BY Thilini Care for rescued disabled cats and dogs.making a new life❤❤😻😻😻

මගේ මොන්ටි❤හැමෝටම ජිවිතේ දෙවනි අවස්තාවක් ලැබෙන්න ඔනේ.Yohan Liyanage
07/05/2024

මගේ මොන්ටි❤

හැමෝටම ජිවිතේ දෙවනි අවස්තාවක් ලැබෙන්න ඔනේ.

Yohan Liyanage

මොආනා❤
06/05/2024

මොආනා❤

එඩී❤
05/05/2024

එඩී❤

යාරා, සහ කොලු❤යාරා තමා මෙතන අලුපාට එක්කෙනා එයාට තියෙනවා wobbly cat syndrome එක. අනික් එක්කෙනා කොලූ එයාට වලිගය සහ පිටිපස්...
23/04/2024

යාරා, සහ කොලු❤

යාරා තමා මෙතන අලුපාට එක්කෙනා එයාට තියෙනවා wobbly cat syndrome එක. අනික් එක්කෙනා කොලූ එයාට වලිගය සහ පිටිපස්සේ එක පාදයක් නෑ.

ස්පොන්ස කෙනෙක් අවශ්‍යයි.සීදූවේ වලිගය කපලා ගෙනල්ලා දාලා හිටියා කියන පූස් ඉන්නේ ලෙඩින්.එයාට මළපහ කරගන්න බෑ වගේම ලොකු ආසාදන...
23/04/2024

ස්පොන්ස කෙනෙක් අවශ්‍යයි.

සීදූවේ වලිගය කපලා ගෙනල්ලා දාලා හිටියා කියන පූස් ඉන්නේ ලෙඩින්.

එයාට මළපහ කරගන්න බෑ වගේම ලොකු ආසාදන තත්වයක් තියෙනවා.එයාට දින 05කට වඩා කාලයක් බෙහෙත් කරන්නට අවශ්‍ය වෙනවා. දැනට එයාට ෆාමසි එකෙන් ගෙනල්ලා දුන්න ඉන්ජෙක්ශන් එකක මිල සදහන් කරලා තියෙනවා එයාගේ වියදම් ගැන අදහසක් ගන්න.

එයාගේ බෙහෙත් සහ ආහාර වියදම් වෙනුවෙන් මට ස්පොන්ස කෙනෙක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් සහය දැක්විය හැකි කෙනෙක් ඉන්නවද?

23/04/2024

සුවය ලබපූ බොන්සෝ❤

බොන්සෝ ප්‍රතිකාර වලට එක්කගෙන ආවෙව් හොරණ ප්‍රදේශයේ ඉදල. ඒ බෙල්ලේ ලොකූම ලොකු තුවාලයක් එක්ක. ඒ තුවාලේ පනුවෝ පවා හිටියා.

මාස එකහමාරකට ආසන්න කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුව බොන්සෝ සුවපත් වෙලා එයා නැවත හිටිය පරිසරයටම ගෙනිහින් ඇරලුවා. එයාගේ මුල් අයිතිකරුවන් ගෙදරින් යනකොට බොන්සෝව දාලා ගියත්, ඒ ලග එයාට කන්න බොන්න දුන්න අය බොන්සෝව නැවත බාරගත්තා වගේම එයාව බලා ගැනිමේ වගකීම ගත්තා.

බොන්සෝ පුරුදූ පරිසරයට ගියේ වන්දයකරනය කලාට පස්සේ. දැන් එයාට කරදරයක් නැතුව ජිවත් වෙන්න පුලුවන්.

බොන්සෝ ගැන පනිවිඩය කිව්ව සහ බොන්සෝව මුලින්ම ප්‍රතිකාර වලට රැගෙන ආව Kumudi Gamage / Kumari Gamage ස්තුති. විශේශ ස්තුතිය බොන්සෝ වෙනුවෙන් Dr.Pet Hospital

මිලා❤මගේ හිතුවක්කාරි. පහුගිය ටිකේ එයා දරුනු විදියට ලෙඩ උනා. ඒත් වෛද්‍යවරුන්ගේ දැඩිකැපවීම නිසාවෙන් මිලා ආබාධිත උනත් නැවත ...
22/04/2024

මිලා❤

මගේ හිතුවක්කාරි. පහුගිය ටිකේ එයා දරුනු විදියට ලෙඩ උනා. ඒත් වෛද්‍යවරුන්ගේ දැඩිකැපවීම නිසාවෙන් මිලා ආබාධිත උනත් නැවත ජිවත් වෙන්න වාසනාවන්ත උනා.

සුවවිමෙන් පස්සේ එයාව එන්නත්කරනය කලා (ට්‍රයිකැට් )තවම සති තුන ඉක්මවලා නැති නිසා. තව ටික දවසක් එයාට ඉන්න වෙනවා ගෙදර අනික් යාලුවෝ එක්ක එකට ඉන්න❤.

එයා කෑම කන්නේ එයාගේ මූඩ් එක අනුව, වෙලාවකට මාලූ, තව වෙලාවකට කැට් ෆුඩ් ,තව වෙලාවකට චිකන්. එයාට ඔනේ මොකක්ද කියලා හොයාගන්න මම දක්ශ වෙන්න ඔනේ🫣

මගේ ආබාධිත දරුවෝ 55ම එහෙමයි. එයාලා කෑම කන්නේ කොච්චර ප්‍රමානයක්ද කියන එකේ ඉදලාම මම දන්නවා.ඒ ප්‍රමානය කන්නෙ නෑ කියන්නෙ එයා ලෙඩින් බවත් මම තේරුම් ගන්නවා. ඔව්.. එක එහෙම වෙන්න ඔනේ. මොකද අම්මා තරම් දරුවෝ ගැන වෙන කවුරුත්ම දන්නෙ නෑ එකයි❤

Sanduni Dharmasena

29/12/2023

2024 අවුරුද්ද වෙනුවෙන් පලවෙනි වතාවට අරගෙන ආවා ඩෙස්ක් කැලැන්ඩ එකක්.

මේ කැලැන්ඩ එකේ විශේශත්වය වෙන්නේ වීදීවල ආබාධිත වෙලා ඉදලා එක්ක ආව ආබාධිත පුරූ පුරුවෝ 12 දෙනෙක් තමා කැලැන්ඩ එක වෙනුවෙන් නිරූපනයේ යෙදෙන්නෙ.

එයාලා ගේ ජිවිත කතාවත් මෙකේ වෙනම ප්‍රින්ට් කරලා තියෙනවා . ඉතින් මෙකෙන් උපයන සෑම මුදලක්ම වැය වෙන්නේ මෙයාලා වගේම ආබාධිත පුරු පුරුලාගේ සුබසාධනය වෙනුවෙන්. කැලැන්ඩ එක මිලදී ගන්න. එකක් වෙන්නේ රු.1250/ක් . මෙකට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු ඇතුලත් වෙනවා. මිලට ගන්න කැමති අය ඉන්නවාද?

*** වට්සප් (0775561017), මැසෙන්ජ හරහා මෙය ඔබට මිලදී ගන්න පුළුවන් වගේම, Dr.Pet Hospital කඩවත ( ජනවාරි මාසයේ සිට) මිලදී ගන්න පුළුවන් ********

30/11/2023

ආබාධිත රූඩී❤😻

රූඩී මට ලැබෙන්නේ ආබාධිතව ඒ බව්වෙක් හපලා. ඒ වෙනකොටත් එයාගේ, කොන්ද කැඩිලා, පිටේ ලොකු තුවාලයක් වගෙම හර්නියා තතයක් තිබුනා සපා කෑම් නිසාවෙන්. ඒත් එක්කම එයාට කැට් ෆ්ලූ තිබුනා.

හර්නියා තත්වය වෙනුවෙන් එයාට සැත්කමකුත්, කැට් ෆ්ලූ වෙනුවෙන් එයාට ප්‍රතිකාරත් දිගටම කරගෙන ගියා. එයාව නේවාසිකව ප්‍රතිකාර වලට යොමු කලේ එයාට කැට් ෆ්ලූ නිසා.

ඒවගේම නේවාසිකව ප්‍රතිකාර ලබනකොට විශේශ අවශ්‍යතා තියෙන රූඩි වෙනුවෙන් මම කල ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දක්වපූ රෝහලේ සැමට ස්තුති ❤❤

රූඩි මං ලගට ආවේ ශාරිරිකව වගේම මානසිකවත් කැඩිලා බිදිලා.. කැඩුන බිදුන අයට ආදරේ කරන එක ලේසි නෑ කියලා මම ලගදී කියවපු පොතක තිබුනා.. එහෙම කරන්න නම් අපි එයාලව තදින් වැලදගත යුතුබවත් එහි තිබුනා..

ඔව් මම රූඩිව තදින් වැලදගත්‍තා. එයා හෙට මේලොකෙන් ගියත් ටන්නේ සතුටෙන් ඒ ආදරේ කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන

28/11/2023

යාරා ගමගේ❤❤😻😻

යාරා කියන්නේ wobbly cat syndrome එක තියෙන පූසෙක්. සරලව කිව්වොත් එයා ජිවත් වෙන්නේ වැනි වැනී. සාමාන්‍ය පූසෙක් කරන දේවල් යාරාට සාමාන්‍ය විදියට ඉක්මනින් කරන්න ස්බාවදහම ඉඩදීලා නෑ.

හැබැයි ඒ දේවල් කොහොම උනත් අපිට පුළුවන් ආදරයට කරුනාව එක්ක එයාලාගේ අඩුපාඩු ජිවිතේට සහයක් වෙන්න. යාරා කන්නේ ,බොන්නේ, ඇවිදින්නේ වැනී වැනී, ඒ එයාව ස්බාවදහම මේ ලෝකෙට එව්ව විදිය. මෙහෙම සතෙක් ගැන මට ලැබෙන පලවෙනි අත්දැකීම මේ.. ඉතින් යාරා වෙනුවෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.

කොහොම උනත් යාරාට පුළුවන් ජිවිතේ ඉතුරු ටික මං එක්ක සතුටෙන් ගෙවන්න. ඒවගේම යාරාගේ sponsor mommy හෝ sponsor dady වෙන්න ( ආහාර ,බෙහෙත් වෙනුවෙන් මාසික වියදම ලබාදීම) මට කතා කරන්න.

22/11/2023

ලග ලගම එන නත්තලට පුංචි රු.100ක් වැය කරලා සැරසිල්ලක් ගන්න ගමන් වීදියේ ආබාධිත පුරු පුරුවෙක් ගේ ජිවිතේ සරසමුද?

මේ එක සැරසිල්ලක් වෙන්නේ රු.100ක් විතරයි . පාට පහකින් ගන්න පුළුවන් .ඔබේ නිවසේ, කාර්‍යාලයේ නත්තල් ගහ සරසන්න රු.100ක් වැය කරලා පාට පහකින් සැරසිලි පහක් ගමුද? නත්තල් දාට නිවසේ, කාර්‍යාලයේ ලස්සන වෙන නත්තල් ගහේ එල්ලෙන සැරසිල්ලකින් කොන්ද පණ නැති , ඇස් නොපෙනෙන මේවගේ ආබාධිතයෙක් ට උදව් උනා කියන සතුට විදිමුද?

ඔබට අවශ්‍ය ප්‍රමානය මට කලින් කිව්වොත් නත්තලට කලින් එවා කුරියර් මාර්ගයෙන් නිවසටම එවන්න පුළුවන් . මිලදීගතහැකි අවම ප්‍රමානය 05ක්.

ඔබ කැමති නම් පුංචි රු.100කින් අසරන ආබාධිත ජිවිතයක් ලස්සන කරන්න. මට මැසේජ් එකක් එවන්න

yesss.... stay tune ❤❤❤
21/11/2023

yesss.... stay tune ❤❤❤

18/11/2023

මගේ රම්බෝ..

මීට සති කිහිපයකට කලින් එයාව කලුතර ඉදලා එක්ක එනකොට එයා ජිවත් වේවි කියන විස්වාසයවත් මට තිබුනේ නෑ.. පනුවෝ හැලෙන මූනේ පැත්තක් නැතිව ගෙනාව එයා මුලදී putdown කරන්න කියලා ඉල්ලීම් ගොඩක් මට ආවා.

ඒත් එයාට අවස්තාවක් දිය යුතුයි කියන තැන මම හිටියා. මම ගත්ත ඒ තිරනය හරියි කියලා හිතෙන්නේ අද එයාව දැක්කාම. එයාව සම්පූර්ණයෙන්ම සුව උනාම එයාගේ කතාව ලියන්නම්.

05/11/2023

ආබාධිත මීනයි, ආබාධිත සෙලිනාගෙයි සෙල්ලම් වෙලාව ❤😻😻

එයාලාට හැමදාම දවසේ පැය කිහිපයක් මේ අවස්තාව ලැබෙනවා. ඉතින් බිම දිගේ ඇදීගෙන යන එයාලාට වෙන සීරිම් තුවාල වලක්වන්න එයාලාට මම පැම්පස් අන්දනවා. හැබැයි ඒ බිම යන වෙලාවට විතරයි .අනික් කිසිම වෙලාවක එයාලාට පැම්පස් අන්දන්නේ නෑ...

අබාදිතයි කියලා නෑ. එයාලා සතුටෙන් ජිවත් වෙන ටික කාලේ ජිවත් වෙනවා. අපිට කරන්න පුළුවන් ඒ ටික කාලේට එයාලාගේ ජිවිතේ ට සතුට ගේන එක.

මීනා - Yohan Liyanage
සෙලිනා - Wasundara Sadaru Tennakoon

පැම්පස් වෙනුවෙන් Hasini Silva ස්තුති ❤❤

20/10/2023

හොස්පිටල් බෑග් එක❤☺️😻

මට ඉන්නේ ආබාධිත පුරු පුරූලානේ, ඉතින් එයාලාව අරගෙන හොස්පිටල් යනවා කියන්නේ වෙනම වැඩක්. සාමාන්‍යයෙන් බබාලා ඉන්න අම්මලා දන්නවා එයාලා බබාලා එක්ක එලියට යනකොට ,ක්ලිනික් එකට යනකොට අරන් යන බෑග් එකක් තියෙනවා. ඒවගේ බෑග් එකක් තියෙනවා මටත් 😻. මේ වීඩියෝ එක ඒ ගැන.

ආබාධිත එයාලා සාමාන්‍යයෙන් ආබාධිත වෙලා ඉන්නවාට වඩා අමාරුයි ලෙඩ උනාම, ඉතින් නිතරම චූ,කක්කා දාගන්න එයාලව පිහදාන්න අවශ්‍ය ටිශූ, වෙට් ටිශූ, මයික්‍රො එනිමා, ඊට අමතරව කිරි බෝතල්, නිතරම මුත්‍රා කරගන්න නිසා සැරෙන් සැරේට බාස්කට් එකට දාන්න රෙදී මේ ඔක්කොම අරගෙන තමා මම සාමාන්‍යයෙන් හොස්පිටල් එකට යන්නේ.

මිනිස්සුද, සත්තු ද කියලා නෑ අම්මලා කොයිදේත් කරන්නේ දරුවන් හොදින් තියන්නනේ, මේ මගේ ළමයි. ඉතින් මටත් ඔනේ ආබාධිත උනත් එයාලා ඉන්නකන් හොදින් තියන්න😻❤

16/10/2023

එන්නත්කරනය ❤😻

මගෙන් ගොඩක් දෙනා අහනවා.මගේ ගෙදර පුරු පුරුලා ගොඩක් ඉන්න නිසා එයාලා අතර ලෙඩරෝග බෝවීම වලක්වන්නේ කොහොමද , එන්නත් කරනවාද වගේ දේවල්.

මගේ ගෙදරට පිටතින් පුරු පුරු කෙනෙක් ගේන්න එන්න කලින් ට්‍රයිකැට් එන්නත ලබා දීම අනිවාර්යයෙන් සිද්දකරනවා. ඒ මගේ ගෙදර ජිවත් වෙන සහ පිටතින් රැගෙන එන පුරු පුරුලගේ ආරක්ශාව වෙනුවෙන්. දැනට ඉන්න පුරු පුරුලා 54 දෙනාටම වෙන් වෙන් වශයෙන් පොත් 54ක් තියෙනවා. එවගේම බව් බව්ලා 04 දෙනාටත් මේ එන්නත්කරනය අනිවාර්යයෙන්ම සිද්දකරනවා.

මොකද සත්තු හදනවා නම් මේ එන්නත්කරනය නිසිපරිදි සිදුකෙරෙන්න ඔනේ එයාලා සහ අපි කියන දෙකොට්ටාසයේම ආරක්ශාව වෙනුවෙන් ❤

නාලා ගමගේ❤❤😻😻 නාලා අද මෙහෙම ලස්සනට හිටියට එයාව එක්කගෙන ආවේ දැරනියගල ඉදලා. එක්ක එනකොට එයාට පැටව් ලැබෙන්න හිටියා වගේම එයාට...
04/10/2023

නාලා ගමගේ❤❤😻😻

නාලා අද මෙහෙම ලස්සනට හිටියට එයාව එක්කගෙන ආවේ දැරනියගල ඉදලා. එක්ක එනකොට එයාට පැටව් ලැබෙන්න හිටියා වගේම එයාට ඇවිදගන්න බැරි උනා. මුත්‍රා පහකරන්න බැරි උනා. දරුවෝ ලැබෙන්න ඉන්නකොට ඒ තරම් දුකක් වේදනාවක් ඔබට පුළුවන් ද හිතාගන්න??

නාලාව එක්ක එන්න දැරනියගලට යනකන් එයා බඩේ දරුවොත් තියන් වැස්සේ දවස් දෙකක් තෙමුනා. අවාසනාවකට එයාගේ දරුවෝ ගබ්සා උනා ( ස්බාවිකවම) කාලෙත් එක්ක, ප්‍රතිකාර එක්ක එයා සුව උනා.. ඔව් මුලින් ඇවිද්ද නැති නාලා අද කකුල් හතරෙන්ම ඇවිදිනවා.

මගේ ලග ඉන්න හැමෝටම එහෙම දුක කතාවක් තියෙනවා මතක් කරන්න බැරි තරම් අමිහිරි . හැබැයි අපිට පුළුවන් ඒ දුක කතාවලට ලස්සන අවසාන දෙන්න

03/10/2023

මගේ සෙලීනා❤😻

බල්ලෝ හපලා නිසා එයාගේ කොන්දෙන් පහළ කොටස පන නෑ.. ආබාධිත උනත් සෙලිනා කියන්නෙ පූසෙක් නේ. එයත් සාමාන්‍ය පූසෝ වගේම ආඩම්බරයි , එක එක කෑම ඉල්ලලා ලොකුකම් දානවා 😁😁

මම ඉතින් එක එක කතා කියලා කෑම කනකන් බලනවා.මම දන්න්නෙ නෑ මම කියන එක වචනයක් එයාට තේරුම් ගන්න පුළුවන් ද කියලා. එත් මම එක දෙයක් දන්නවා.. ඒ එයා දන්නවා මම එයාට ගොඩක් ආදරේ බව❤

Wasundara Sadaru Tennakoon

මගේ පෙපර් චිලිපෙස්ට්❤😘 බැලූ බැල්මට එයා සාමාන්‍ය පූසෙක් වගේ නේද? එයාගේ ඔය ඉස්සරහට තියාගෙන ඉන්න කකුල එයාගෙ උකුල් ඇටෙන්ම ගැ...
03/10/2023

මගේ පෙපර් චිලිපෙස්ට්❤😘

බැලූ බැල්මට එයා සාමාන්‍ය පූසෙක් වගේ නේද? එයාගේ ඔය ඉස්සරහට තියාගෙන ඉන්න කකුල එයාගෙ උකුල් ඇටෙන්ම ගැලවිලා තියෙන්නේ. ඒත් එයා ඒ එල්ලෙන කකුල එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙනවා.

බස් හෝල්ට් එකක හිටිය එයා මගේ ලගට එනකොට කෙට්ටුම කෙට්ටු පූසෙක්. උදේට කැට් ෆුඩ්, රෑට වට්ටක්කා එක්ක ලින්නා කන එක තමා එයාගේ මේ පිරිපුන් රූ සපුවේ රහස කියලා පෙපර් කියන්න්නෙ 😁😁

01/10/2023

රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ගන්න පුරු පුරුලා

ඩකී -දැරනියගලින් ආවෙ
ජානූ- රාගම මෙඩිකල් කොලේජ් එකෙන්
ජේ - වෝටස්එජ් කොළබ
ජෝ- වෝටස්එජ් කොළබ

04/09/2023

නයනතාරා 😥

එයා එක්ක ආවේ ත්‍රිවිල් එකකට හැප්පිලා .ඒ මම මගේ අයට බෙහෙත් ගන්න රෝහලට යනගමන් අතරමගදී ගරාජ් එකක් ලග තමා එයා හැප්පුනේ. එතන අය කිව්වේ එයාව එතෙන්ට ගෙනල්ලා දාලා පාර හුරු නැතිව එයා හැප්පුනා කියලයි.

දැන් එයාට දිගටම ෆිට් එක එනවා. ඒනිසා රෝහලේ නතර කරන්න උනා. නයනතාරා ට මෙහෙම උනේ මිනිස්සු උන අපේ වරදෙන්. මොකද එයාව පාරට ගෙනල්ලා නොදැම්මා නම් එයාව හැප්පෙන්නෙ නෑ.

ගැහැනු සතෙක් කියලා පාරට විසික් කරන්න එපා. වන්ද්‍යකරනය වගේ සාර්ථක විසදුම් අපිට තියෙනකොට

එදා සහ අද😻❤❤මගේ කැන්ගූ, කැන්ගරූ , පුලූ පුලූ❤❤😻 ඔය ඔක්කොම නම් කියන්නේ එයාට ආදරේට. අවුරුදු 02ක ලොකූ ගෑනු ළමයෙක් එයා දැන්.S...
28/08/2023

එදා සහ අද😻❤❤

මගේ කැන්ගූ, කැන්ගරූ , පුලූ පුලූ❤❤😻 ඔය ඔක්කොම නම් කියන්නේ එයාට ආදරේට. අවුරුදු 02ක ලොකූ ගෑනු ළමයෙක් එයා දැන්.

Sandali Gurusinghe

26/08/2023

ආබාධිත රොකී❤😻

එයාට තනියෙන් මුත්‍රා පහකරන්න බෑ.එයාව බල්ලෝ හපලා නිසා කොන්දෙන් පහල කොටස පණ නෑ. දිනපතාම රෝහලට ගිහින් එයාගේ මුත්‍රා ඉවත් කිරිම කැතිටරයක් මගින් කරනවා. ඒත් ඒක සාර්ථක නෑ.කොයිම අවස්තාවක හෝ කැතිටර් එක මගින් විසබීජයක් ගිහින් හරි, එහෙම නැත්නම් වකුගඩු වලට හානි වෙලා හරි නැත්නම් මුත්‍රා හිරවීම නිසා එයාගේ මරනය සිද්ද වෙනවා කියන එක මම හොදාකාරවම දන්නවා.

මට කරන්න පුළුවන් එක දෙයයි. ඒ.. එයා ජිවත් වෙනකාලය සැපවත් කිරිම විතරයි 😻❤

26/08/2023

ආබාධිත පෝලෝගේ කතාව.

එයාගෙත් කොන්දෙන් පහල කොටස පණ නෑ.ඇවිදින්න බැරි අසරන පෝලෝව කවුදෝ අකාරුනික මනුස්සයෙක් Isurindi Ramasinghe නංගී ගේ බෝඩිම ලගට ගෙනල්ලා දාලා තිබුනා. අසරන පෝලෝ දිහා බලාගෙන බෑ කියන්න බැරි කමට එයාව මම එක්ක ආවා මගේ ගෙදර

කොන්ද පණ නැති උනත් එයාලා හරි ආදරනීය සත්තු , ඒ නිසා පාරේ අතරමන් කරන්න එපා එයාලව. සාමාන්‍ය සතෙක්ට වගේ වාහනයක් එනකොට වත් පාරෙන් අයින් වෙන්න එයාලාට බෑ.

25/08/2023

ට්‍රයිකැට් එන්නත වාර්ශිකව ලබාදීම😻❤❤

හැම අවුරුද්දකම මම කරන දෙයක් තමා මගේ ගෙදර ඉන්න පුරු පුරූලා ඔක්කොම ට්‍රයිකැට් එන්නත ලබා දීම. මේ එන්නත මගින් පූසන්ට හැදෙන ප්‍රදාන වයිරස් රෝග තුනකට ආරක්ශාව ලබා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රෝග

*ෆිලයින් පෑන්ලුයුකුපේනියා
*ෆිලයින් කැල්සිවයිරස්
*ෆිලයින් රයිනොට්‍රැකියටිස්

අර අපි සාමාන්‍යයෙන් කියන්නේ පූසන්ට වමනේ,බඩ බුරුලට ගිහින් මැරෙනවා කියලා ආන්න ඒ ලෙඩ වලක්වන්න තමා මේ එන්නත්කරනය කරන්නේ.

ඉතින් මගේ ගෙදර ඉන්න පුරු පුරුලා 53න් 36 දෙනෙක් එන්නත් කරනය කලා. එ වෙනකොට අනික් අයට වැක්සින් කරලා තිබුන නිසාවෙන්. සතුන් ගොඩක් හදන තැනක විශේශයෙන් මේ එන්නත්කරනය අනිවාර්යයෙන් කලයුත්තක් එයාලා අතට බෝවෙන රෝග වලක්වන්න නම්. ඊට අමතවර වන්ද්‍යකරනය සහ පනුබෙහෙත් නිසිවෙලාවට ලබාදීමත් සිදුකල යුතුමයි.

මේ වෙනුවෙන් බිලේ කොටසකට දායකත්වය ලබා දුන්නේ Visaka Jaya මහත්මිය ඒ ඇයගේ මෙලොවින් සමුගත් බව්වා වෙනුවෙන් ❤ ඒවගේම Dr.Pet Hospital ස්තුති පැමිනිමේ ගාස්තු නැතිව මම පසුවට බිල ගෙවනකන් Nuwan Wickramasinghe මාව විස්වාස කරලා වැක්සින් කිරිම සම්බන්දයෙන්❤❤

22/08/2023

ආබාධිත බුල්සිරි 😻❤

බුල්සිරි ගේ පණ නැති වලිය ඉවත් කලා එයාගේම පහසුව වෙනුවෙන්. නොදැනී නිතරම මුත්‍රා පහවෙන බුල්සිරි ගේ මුත්‍රා අර පන නැති වලිගෙට වැටිලා , ඒකට පනුවෝ ඇවිත් එයා ලොකූ අපහසුවකින් ජිවත් උනා. ඉතින් ඒ අපහසුව නැති කරන්න එයාගේ වලිගය ඉවත් කලා.

වලිගය ඉවත් කලාට පස්සේ බුල්සිරි තරමක් පහසුවෙන් ඉන්නවා. ආබාධිත වෙලා ජිවත් වෙනවා කියන එක ලේසි නෑනෙ.බුල්සිරි ගේ ආබාධිත ජිවිතේ පහසු කරන්න උදව් කරන්නේ මගේ කාබාසිනි ගමගේ❤❤😻😻 . එයා නොදැනී මුත්‍රා පහවෙන බුල්සිරි ව නිතරම පිරිසිදු කරනව. කාබාසිනිත් ආබාධිතයි එයාගේ වැඩකරන්නේ පාද තුනක් විතරයි . මිනිස්සු ලග නැති සමහර ලස්සන ගතිගුන සත්තු ලග තියෙනවා. ආබාධිත වීමේ අපහසුව නිසාමදෝ එයාලා එකිනෙකාට උදව් කරගන්නවා

22/08/2023

බුබූගේ නැටි සෙල්ලම්❤😻

එයා ආබාධිත බව අනික් අයට තේරෙනවද මංදා. අනික් අය එයාට හිරිහැර කරන්නේ නෑ❤

21/08/2023

චූටි බුලට් ගේ කොන්ද අසලම තිබ්බ ඉතිරි බුලට් කැල්ලත් අද ඉවත් කලා සැත්කමක් මගින්.

ඒවගේම එයාගේ හානි වෙලා තියෙන ටෙස්ටකල් ( වෘශන කෝශ) ත් ඉවත් කලා. ඉක්මනින් සනිප වෙන්න චූටි බුලට්.

සෙල්ලමටවත් Air 🔫 වලින් සතුන්ට වේඩි තියන්න එපා. බුලට් සදාකාලිකවම ආබාධිතයි ඒ මිනිස්සුන්ගේ වරදෙන් 😥

20/08/2023

ආබාධිත රොකී

ආබාධිත රොකී මං ලගට ආවේ මාරවිල ප්‍රදේශයේ ඉදලා. ඒ බල්ලන්ගේ සපාකෑම්වලට ලක් වෙලා 😥. ඉතින් රොකිට ජිවිතේ ඉතිරි ටික සාමාන්‍ය පූසෙක් වගේ ඇවිදින්න ලැබෙන්නේ නෑ.

එයාටත් ආබාධිත අනික් පූසන්ට වගේම මළපහ සහ මුත්‍රා තනිව කරගැනමේ නොහැකියාව තිබුනා. මේ වෙනකොට රොකි තනිව මුත්‍රා කලත් තවම මළපහ කරන්නේ නෑ. ඉතින් එයා වෙනුවෙන් කල හැකි සියල්ල මම කරනවා. හැමදාම වගේ කියන්නේ සතුන්ට ආබාධිත නොවෙන තැනට වැඩ කරමු.පාරට නොදමා ඔවුන් වන්ද්‍යකරනය කරමු.

20/08/2023

ආබාධිත බුබූ ❤😻

එයා උපතින්ම ඉදිරි පාද අබාදිතයි. ආබාධිතයි කියලා නෑ එයාට ඔනේ අනික් අය වගේම සෙල්ලම් කරන්න.පේනවානේ ටෝශු අයියාගේ වලිගේ එක්ක එයා කරන සෙල්ලම්😻 , ආබාධිතයි කියලා එයාලාව අත්අරින්න නෙමේ ඔනේ අපේ රැකවරනය වැඩියෙන් එයාලාට දෙන එක😻❤

Address


Telephone

+94774561017

Website

Alerts

Be the first to know and let us send you an email when FREED BY Thilini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FREED BY Thilini:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share