Toby Boy Belgium Melenois

  • Home
  • Toby Boy Belgium Melenois

Toby Boy Belgium Melenois A conqueror who seeks truth through injustice and dark shadows

This pic says a lot about The Belgian Malinois 🤣❤️📸:_Black_malinois_life_
10/01/2024

This pic says a lot about The Belgian Malinois 🤣❤️
📸:_Black_malinois_life_

25/12/2023
I pride myself on being the one who does the clearing and chasing properly when taking a short break during training wit...
20/12/2023

I pride myself on being the one who does the clearing and chasing properly when taking a short break during training with a friend.

26/10/2023

Call for crossin. Give your Belgian Shepherd dogs a new look. Join us now.0740510206

Location in Kotte

ක්‍රොසින් සදහා අමතන්න.ඔබගේ බෙල්ජියම් ශෙපඩ් සුනකයින්ට අලුත් මුහුනුවරක් ලබා දෙන්න.දැන්ම අප හා එක්වන්න.0740510206

ලොකේශන් කෝට්ටෙ

07/09/2023

❤️ඔබත් Rottweiler ආදරවන්තයෙක්ද?Rottweiler කෙනෙක් හදන්න ආසවෙන් ඉන්නවද? කියවන්න.

⭕මුලින්ම කියන්න අවශ්‍යයි මෙම සටහන අපි කිසිම සතෙකුට හෝ පුද්ගලයෙකුට හෝ අවමන් කිරීම සදහා පළකල සටහනක් නොවේ .සියලුම සතුන්, සතුන් වන අතර එක හා සමාන ආදරයක් වීදී බල්ලන්ගේ සිට සියලුම සුනඛයන් සදහා හිමි විය යුතුමයි.

⭕ දැන් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ පෙර සිටම අප ඔබව දැනුවත් කල මාතෘකාවක් පිලිබදවයි.අපේ රටේ පවතින දැඩි සේ දුක් විය යුතු කරුණක් තමයි Rottweiler Breed එක දැන දැනම විනාශ මුඛයට රැගෙන යන මෙම වැරදි මතයන් සමාජ ගත වීම.

⭕අපි ඒ පිළිබදව පැහැදිලි කිරීම සදහා ඉහත ඡායා රූප යොදාගන්නවා.
A සහ B ලෙස වම පස සහ දකුණු පස වශයෙන් බෙදා වෙන් කර ඇති අතර.ඒ දෙපසින්ම එකම කරුණක් පෙන්වා දෙනවා.එකම වෙනස වන්නේ A පසින් මිනිසුන් සහ B පසින් සතුන් බෙදා වෙන් කර තියෙනවා.

⭕දෙපසෙහිම එකම අංක වලින් එකම කරුණක් පෙන්නුම් කරන අතර ,කරුණ එකම වුවත් සමාජයේ ඒ පිලිබදව දරණ්නේ මතයන් දෙකකි.එම වැරදි මතයන් පිළිබදව අවබෝධයෙන් පැහැදිලි කර ගනිමු.

⭕අංක 1 දරණ ඡායා රූපයෙන් දෙපසම අධික තරබාරු බව පිළිබද පෙන්නුම් කරයි.නමුත් සමාජයට අනුව පුද්ගලයෙකු තරබාරු වූ විට එය රෝගී තත්වයක්,අවලස්සනක්,නිරෝගී නොවූ පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා.එය සත්‍ය කරුණකි. සමාජය විසින් එම පුද්ගලයින් හට තරබාරු අඩු කරගැනීමට උපදෙස් ලබා දෙයි.කෑම පාලනය කරන්න උපදෙස් දෙයි.ඒ තරබාරු බවෙන් මිදෙන්න පිලියම් කියාදෙයි.නමුත් Rottweiler field එක තුල දකින්නේ වෙනස්ම මතයකි.
අධික තරබාරු බව ලස්සනකි.නිරෝගී කමකි.මහත මදිනම් විටමින් ලබා දී හෝ මහත් කල යුතුය.ඒ තමයි Rottweiler නියම size එක.සතා බෝලයක් මෙන් විය යුතුය...?

⭕මෙය ඉතාම කේදනීය තත්වයක් .එකම කරුණක් මතයන් දෙකක්? මිනිසෙකු මෙන්ම Rottweiler සතෙකුද තරබාරු නොවිය යුතුය.ඒ තුලින් සිදු වන්නේ මිනිස් සිරුරට වෙන බලපෑමමය.එම සතා රෝගී වීමට ඇති සම්භාවිතාවය වැඩිය.කුඩා කල Rottweiler පැටවකු අධික ලෙස මහත් කිරීමට අද සමාජය බෙහෙවින් පෙලඹවී තිබෙනවා.සතාගේ ඡායා රූප සමාජ ජාලයට යොමු කර "සතා හැදිලා මදිද?"" මොනවද දෙන්න ඕන විටමින්?" "කෙට්ටු වෙනවට මොනවද බෙහෙත්?"යනුවෙන් බෙහෙත් පිලිබධව පිළියම් විමසනවා.මහත යනු නිරෝගි යන්නට අර්ථ දෙන වචනයක් නොවේ.එමෙන්ම සමාජ ජාලා තුල වෛද්‍ය වරුන්ද නොසිටී.එහෙයින් ඔබට අවශ්‍ය උපදෙස් දැනුමැති වෛද්‍ය වරයෙකු තුලින්ම සතාව පෙන්වා විමසන්න.

⭕අධික ලෙස තරබාරු වන සතුන්ට වෙහෙස වීමට ක්‍රියාශීලී වීමට ඉතා අපහසු වන අතර සමාන්‍ය කුඩා ක්‍රියාකාරකමක නියලුනත් ඉක්මනින් වෙහෙසට පත්වෙයි(.Rottweiler යනු එකල බැටලුවන් ආරක්ෂා කල දඩයමක් පසු පස නොනවත්වා පන්නා ගිය,කරත්ත ඇද්ද විශිෂ්ඨ ශක්තිමත් breed එකක් බව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.එසේනම් අද breed එක පවතින්නේ කොතනද? නිවැරදි Rottweiler යනු කුඩා සතෙකු නොවේ .එය වැරදි මතයකි.නිවැරදි Rottweiler සතෙකු සැබැවින් දැකපු කෙනෙකු එය හොදින් දන්නා නමුත් හැබැහින් නිවැරදි සතෙකු දැක නැති වැරදි මතයන් හා ගිලි සිටින පුද්ගලින් එම මතයෙහිම සිටී.
නිවැරදි Rottweiler මනා පෘෂ්ඨිමත් ශක්තිමත් සමබර උස ශරීරයක් හිමි ප්‍රමිතිගත සත්වයෙකි.)

⭕ අධික ලෙස සතුන් මහත් කිරීම තුලින් සිදුවන හානි බොහෝය.අනාගතයට රෝගී rottweiler පරපුරක් බිහිවීම ඒ තුලින් සිදුවේ.දැනුවත් වන්න.වෛද්‍ය වරයෙකු වෙත පෙන්වීමෙන් අනතුරුව සතාගේ නිරෝගී කම පරික්ෂා කර අවශ්‍යනම් පමණක් විටමින් ඌණ ලක්ෂන ඇත්නම් විටමින් ලබා දෙන්න.සමබල ආහාර වේලක් තුලින් සතෙක්ව නිරෝගීව මනා ශරීරයකින් යුක්තව තබා ගත හැකිය,අනවශ්‍ය ලෙස සතෙක්ව මහත් කිරීමට නොයන්න.මහතනම් ව්‍යායාම වල සතාව නිරතකරවන්න.මිනිස් ශරීරය මෙන්ම තමන්ගේ සතාගේ නිරෝගී කමත් රැකගන්න.තරබාරු කම යන්න නිවැරදි Rottweiler සතෙකුගේ ප්‍රමිතියක් නොවේ.නිවැරදි උස බර සහ ප්‍රමිතීන් ADRK standard අධ්‍යනය කිරීම තුලින් ඔබට දැනුවත් විය හැක(ADRK පිළිබදව පුළුල් විස්තරයක් අප PAGE එක තුල මීට පෙර කොටස් ගනනාවලින් යුතු සටහන් කීපයකින් දැනුවත් කර ඇත)අප මෙම තරබාරු කම නිසා සිදුවන හානියක් ලෙස අස්ථි වලට සිදුවන බලපෑමද 3 වන චායාරූපය පිලිබද පැහැදිලි කරන විට පැහැදිලි කර ගනිමු.

⭕2 වන ඡායා රූපයේ දෙපස ඇත්තේ සම්මත තත්වයෙන් පිට හිස වර්ධනය වූ තත්වයකි.මෙයත් පෙර සේම පුද්ගලයෙක් හා බැඳුණ විට සමාජය දරණ මතය සහ සතෙකු හා බැඳුණු විට දරණ මතයන් දෙකකි.හිස ශරී‍රයේ පැවැත්මෙහි ප්‍රධානම ක්‍රියාවලි බොහොමයක් හා බැධී පවතී.ශ්වසනය හා බැඳුණු ක්‍රියාවලි.අහාර ගැනීම හා බැඳුණ ක්‍රියාවලි.,මොළය හෑ බැඳුණු සියලුම ශරීර ක්‍රියාවලි ,ශබ්ධ ග්‍රහනය ,ශරීර සමබරතාව හිස හා බැදී පවතී.පුදගලයෙකුගේ හිසෙහී අසාමාන්‍ය විශාල වීම රෝගී තත්වයක් වන ලෙසම සතෙකුගේද එය රෝගී තත්වයක් ආබාධයක්..ජානමය ගැටලුවක් වේ.

⭕එහි අදුරු පැතිකඩ බොහෝය.Big Head BIG Born යනුවෙන් Rottweiler Breed එකක් ලොව නොපවතී.Rottweiler උප වර්ග වලට බෙදීමක්ද නැත.එහෙයින් සතුන් විකුණාගන්න ප්‍රචාරක උපක්‍රමයක් ලෙස මෙය සමාජ ගත වී තීබීම කණගාටුවට කරුණකි.
Rottweiler යනු Rottweiler වේ.එහි ප්‍රභේද නැත.මිනිසුන් ප්‍රභේද නම් කරගනිමින් සිටියද,නිවැරදි Rottweiler Germany ය තුල ආරක්ෂාකාරීව පවතී.මොන ප්‍රභේද නම් කරගත්තද සියල්ලටම පිලිගැනීමට සිදුවන දේනම් Rottweiler මවු රට original breed එක German තුල බවය..

⭕Breed එකක් ලෙස Rottweiler පරිහාණියට පත් වෙමින් පවතී.නිවැරදි rottweiler සතෙකුගේ හර්ද ස්පන්දනය හා බැඳුණු ශ්වසනය සදහා අවශ්‍ය වන නාස් කුහර හා හොම්බෙහි නිවැරදි ප්‍රමිතියක් පවතී.හොම්බ කොට වීම තුලින් ශ්වසනය සදහා බාධා ඇති කරන ආතර සාමාන්‍ය හර්ධ ස්පන්දනයේ වෙනස් කම් ඇති වේ.ඉක්මනින් වෙහෙස වීම.අධික ලෙස නිදා ගැනීම.මලාණික වූ ඇස් පිහිටීම.ශරී‍රය දුර්වල වීම.එහිදී සිදුවන ගැටලු කිහිපයක් පමණි.සතාගේ මුලු බරෙන් සැලකිලිමත් විය යුතු ප්‍රමාණයක් හිසෙහි ඇතුලත් වේ.හිස ප්‍රමිතීන්ගෙන් තොරව විශාල වීම තුලින් ශරීරයට නොගැලපෙන හිසක් සහිත සතෙක් වීම සහ නිවැරදි Rottweiler සතෙකුගේ ප්‍රමිතීන්ට පටහැනි සතෙකු වීම සිදු වේ.

⭕නිවැරදි Rottweiler සතෙකුගේ හකු දත් හොම්බ ඇස් හිසෙහි ප්‍රමාණය කන්, නාසය යන සියලු කොටස් තිබිය යුතු ප්‍රමිතීන් පිලිබධව ADRK (Allgemeiner Deutscher Rottweiler Klub) standard තුල බොහෝ විස්තර දැනුවත් කර ඇත.
ප්‍රමිතීන් සහිත Rottweiler සතෙකු සෑම විටම අනෙකුත් සත්තුන්ට වඩා නිරෝගී ක්‍රියාශීලී සහ ශක්තිමත් වේ.

⭕නමුත් දිගින් දිගටම සිදුවන වැරදි මතයන් සමාජ ගත වීම තුලින් සිදු වන්නේ රෝගී දුර්වල rottweiler පරපුරක් අනාගතයට බිහි වීමට මාවත සකස් වීමයි.දැනුවත් වන්න.Rottweiler තුල උප විශේෂ හෝ උප ප්‍රභේද ලොව නැත.ඇත්තේ Rottweiler පමණි.

⭕3 වන ඡායා රූපයේ දැක්වෙන්නේ මිනිසෙකුගේ සහ Rottweiler සතෙකුගේ පාද වල පවතින ගැටලුය.එය සෑම විටම මිනිසෙකුගේ මෙන්ම සතෙකුගේද අබාධ තත්වයක් ලෙසම දකින්න.එය කිසිසේත්ම නිවැරදි Rottweiler සතෙකුගේ ප්‍රමිතියක් නොවේ.බොහෝ දෙනාගේ මතය පොළවේ ස්භාවය නිසා සිදුවන දෙයක් බවය.එය ලිස්සන සුලු පොලව නිසා වීමට සම්භාවිතාවක් පවතිනවා.නමුත් එය එක හේතුවක් පමණක් වේ.තවත් හේතු රැසක් පවතිනවා,

⭕කුඩා පැටවුන්ගේ අස්ථි උපතේ සිට මාස 18ත් 24ත් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. එම කාලය තුල පැටවුන් අධික තරබාරු කිරීම තුලින් එම අස්ථි සැකැස්මේ වර්ධන ක්‍රියාවලියට බාධා සිදුවනවා.එම වර්ධනය වෙමින් පවතින අස්ථි වලට දැරීමට හැකි බරක් පවතිනවා.එය ඉක්මවා ගිය විට දෙපසට විහිදෙන පාද ,ඇද වූ පාද,ශක්තිමත් නොවන වෙවුලන ලක්ෂන සහිත පාද,ඇවිදීමට අපහසුතා සහිත පාද සහිත සතුන් නිර්මාණය වෙනවා.
මෙය ජාන තුලින්ද සිදු වෙන්න පුලුවන්.දුර්වල ජාන සහිත පැටවු තුලද මෙම අබාධ තත්ව ඇවිදීමේ අපහසුතා දක්නට ලැබෙනවා.

⭕කුඩා පැටවුන්ගේ අස්ථි එකිනෙක සම්බන්ද වී නොමැත ,අස්ථි එකිනෙක ස්පර්ෂද නොවේ.ඒ නිසා කුඩා කල පැටවුන් ඉතා ආරක්ෂා කාරීව බලාගත යුතුය.පැටවුන්ගේ පාද සම්පූර්ණයෙන්ම මාංශපේෂි සහ මාංශ පේෂි බැදී ඇති කණ්ඩරාවන් ,බන්දනී සහ සම මගින් සමන්විත වේ.එම නිසා විශාල චලනයන් ඔවුන්ට දරාගත නොහැක.

⭕සෙල්ලම් වයස උවද උස තැන් වලින් පැනීම නැගීම වැනි ක්‍රියාකරකම් පැටවුන් සිදු කිරීම තුලින් ආබාධ තත්වයන්ට පත්විය හැක.අස්ථි අධික ලෙස ධාවනය කරන විට ,හෝ ඔවුන්ගේ ව්‍යායාම සීමා නොකරන විට අස්ථි නිසි ලෙස වර්ධනය වීමට අවස්ථාවක් නොලැබේ. සෑම විශාල පිම්මක් හෝ උද්යෝගිමත් පිම්මක් පැනීම අස්ථි අතර බලපෑමක් ඇති කරයි.මෙම හේතු මේ ආකරයෙන් බලපාන විට පාද පැවතිය යුතු ප්‍රමිතීන් පිලිබදව ඔබ සැම විටම දැනුවත් වන්න.ADRK Standard පිලිබද අධ්‍යනය කිරීම තුලින් ඔබ ඒ පිලිබදව දැනුවත් විය හැක.ඔබගේ සතාගේ පාද පිලිබදව විමසිලිමත් වන්න.පාද ඇද වීම ආබාධ තත්වයක්ම වන බව වටහාගන්න.

⭕මෙම ගැටලු වලට අමතරම ශරීශරේ වර්ණ බෙදී යාම පිලිබදවද..ADRK තුල හොදින් පැහැදිලි කර තිබෙනවා.ඒ පිළිබදව පසුව අප ලිපියකින් කතා කරමු.

⭕4 වන ඡායා රූපයේ දැක්වෙන මිනිස් ශරීරය ඔබේ සිත්ගනු නොවනුමානය.හේතුව නම් නිවරදි ශක්තිමත් ශරීරයක් සහ අබාධ තත්වයන්ගෙන් රහිත ශරීරයක් නව පෙනී යනවා.එමෙන්ම එය ව්‍යායාම තුලින් මනාලෙස සැකසුනු ශරීරයකි.තරබාරු නොවන ශරීරයකි.සියලු ශරීර කොටස් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට සැකසී පවතී.ක්‍රියාශීව ඕණාම ක්‍රියාවක නිරත වීමට සැකසුනු ශරීරයකි.
එය ඔබ නිවරැදි දේ ලෙස දකිනවා මෙන්ම නිවැරදි Rottweiler පිලිබදවද දැනුවත් වන්න.සියලු සතුන්ට ආදරය අවශ්‍ය වේ.සියලුම සතුන්, සතුන් වේ.සතුන්ගේ නොව ගැටලුව පවතින්නේ මිනිසුන්ගේය.අඩු වයසින් මිය යන සතෙකුගේ හෝ රෝගී සතෙකුගේ හිමි කරුවෙකු වීමට ඔබ අකමැති බව ස්තීරය.නමුත් දැනටමත් එවැනී රෝගී අබාධ සතුන් ඕනෑ තරම් ලොව සිටී.එයට හේතුවද මිනිසුන්මය.එම සතුන්ට අසාධාරණයක් නොවිය යුතුය.ඔවුන් ප්‍රතික්ෂේප නොවිය යුතුය.නමුත් Rottweiler යනුවෙන් නම් කිරීම පමණක් අනුමත නොකරමු.වැරදි මුහුම්කරණය Rottweiler පරිහාණියට සෘජුවම බලපායි.(නිවැරදි අභිජනනය පිලිබද නීති රාමුවක් ADRK සතුව ඇත ඒ තුලින් ඔවුන් සෑම මොහොතකම නිරෝගී නිවැරදි Rottweiler පරපුරක් නිර්මාණය කරයි)

⭕එසේනම් රෝගී සත්ව පරපුරක් Rottweiler යන නමින් සමාජ ගත වීම කේදණීය තත්වයකි.මන්ද යත් Rottweiler යනු ඉතා වටිනා breed එකකි.මෙම ශක්තිමත් නිවැරදි Rottweiler පරපුර ආරක්ෂා කරගැනීම Rottweiler breed එකට ආදරය කරන සැමගේ වගකීමකි.මේ සටහන් කල කිසිවක් අධ්‍යනයකින් තොරව පිලිනොගන්න.ඔබට පුළුවන් නිවැරදි අධ්‍යනයක් තුලින් ඇත්ත වටහාගන්න.❤️ ස්තූතියි.( Awishka Madhuwantha🖋)

29/08/2023

Our walking time now

Address


Telephone

+94740510206

Website

Alerts

Be the first to know and let us send you an email when Toby Boy Belgium Melenois posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Toby Boy Belgium Melenois:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share