MR.Luxman Kennel - Rathmalana

  • Home
  • MR.Luxman Kennel - Rathmalana

MR.Luxman Kennel - Rathmalana We are pure breed Shih-tzu lovers . The dogs we have are part of our family.

ලිවර් එක කියන්නේ ඔයාගේ බලු සුරතලාගෙ වැදගත්ම අවයව වලින් එකක්.එය ආහාර ජීර්න ක්‍රියාවලිය පහසු කරන්න, විශ ද්‍රව්‍ය පද්දතියෙන...
28/08/2021

ලිවර් එක කියන්නේ ඔයාගේ බලු සුරතලාගෙ වැදගත්ම අවයව වලින් එකක්.

එය ආහාර ජීර්න ක්‍රියාවලිය පහසු කරන්න, විශ ද්‍රව්‍ය පද්දතියෙන් ඉවත් කරන්න උපකාරි වෙනවා. ඉතින් මේක හරියට වැඩ නැති උනොත් එහෙම ඔයාගේ බලු සුරතලා ගොඩාක් අසනීප වෙන්න පුලුවන්. ලිවර් ඩිසීසස් හොද කරන්න වගේම හැදෙන් නැති වෙන්න බලාගන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත්බව ගොඩාක් වැදගත්.

රෝග ලක්ශන

මේ රෝගයේ රෝග ලක්ශන අපිට පහසුවෙන්ම මගඇරෙන්න පුලුවන්. මොකද මේකේ බොහෝ රෝග ලක්ශන සමානකම් දක්වනවා තවත් රෝග වලට,
මේ රෝග ලක්ශන ගැන සැලකිලිමත් වෙන්න,
-කෑම අරුචිය
-බර අඩුවීම
-නිතර තිබහා වීම
-අස්තායි ඇවිදීම් රටාව
-මුත්‍රාපිටවන වාර ගනන වැඩි වීම
-ආතතියෙන් පෙලීම
-ඇස් කහ පාට වීම
-මුත්‍රා වල හෝ මල වල රුධිරය තිබීම
-උදරය විශාල වීම (තරල පිරීමෙන් සිදුවේ)

ඔබේ සුරතලාගේ ලිවර් ඩිසීසස් එක කලින්ම හදුනා නොගත්තොත් ඒක සිරියස් බ්‍රේන් කන්ඩිශන් එකක් වෙන hepatic encephalopathy එකට මග පාදන්න පුලුවන්.

සමහර වෙලාවට වයසට යනකොටත් ලිවර් ඩිසීසස් එන සම්බාවිතාවක් නම් තියෙනවා.
සමහරවිට ජානමය හේතු නිසා ත් වෙන්න පුලුවන්.
කොහොම උනත් මෙමගින් අක්මා ප්‍රදේශයේ ආසාදනයක් හෝ කම්පන ස්බාවයක් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම තව දෙයක්, සමහර වෙනත් රෝගත් , සුරතලාට දෙන බෙහෙත් වර්ගත් නිසා සුරතලාගේ අක්මාවට හානි දායි වෙන්න පුලුවන්.

තවත් හේතූන්,

සමහර පැලෑටි වර්ග, සමහර herbs, ragwort වගේ සමහර හතු වර්ග, blue-green ඇල්ගී වර්ග, ලිවර් ඩිසීසස් වලට හේතු වෙන්න පුලුවන්. වත්තේ සුරතලා ඉන්නකොට,කෑම දෙනකොට මේගැනත් සැලකිලිමත් වෙන්න.

-බෙහෙත් නොකල heartworms
-දියවැඩියාව
-දිගු කාලින වේදනා නාශක බාවිතය
-කාබෝහටිඩ්‍රේට් වැඩි ආහාර නිතර බාවිතය
වගේ දේවල් ඔයාගේ සුරතලාගේ නිරෝගී කමටනම් හොද නෑ.

ඔබේ බලු සුරතලාට යම්කිසි රෝග ලක්ශන ඇත්නම් ඔබේ වෙට් තීරනේ කල යුතුයි සුරතලාගේ කෑම වට්ටෝරුව වගේම බෙහෙත් වර්ගත්,
වෙට් සුරතලාගේ බ්ලඩ් ටෙස්ට් , X-rays, ultrasound ටෙස්ට් කරාවි සුරතලාගේ ලිවර් එක පරික්ශා කරන්න.
ඒ වගේම බයොප්සි (පටක පරික්ශාවක්) උනත් කරන්න සිදුවේවි.ඒ නිසා රෝග ලක්ශන ඇත්නම් වෙට් හමු වී කතා කිරීමතමා ඉතාමත් හොද.

ප්‍රතිකාර

ඔබේ සුරතලාගේ ප්‍රතිකාර රදා පවතින්නේ ඔබ කෙතරම් ඉක්මනින්‍ රෝගය හදුනා ගත්තාද කියන එක මතයි, වෙට් බලාවි ලිවර් එකේ කොපමන ප්‍රමානයකට හානි වෙලාද කියලා, ඒ අනුව ප්‍රතිකාර පටන් ගනීවී.

සුරතලාට විශේශ කෑම වට්ටෝරුවක් පිලියෙල කරන්න වෙනවා රොගය ඇත්නම්, මොකද එයාට අවශ්‍ය පෝශක වගේම කැලරි අඩංගු ලිවර් එකට හානිදායි නොවෙන ආහාර දීම අත්‍යවශ්‍ය නිසා.

-SAM-E වගේ සප්ලිමන්ට්, milk thistle උදවු වෙනවා එයාව සුව අතට හරවන්න.
-බෙහ්ත් වර්ගත් අවශ්‍යයි එයාව සනීප කරගන්න,
-අවසානයෙදී අක්මා පිලිකා , අක්මා විනාශම වු සුරතලුන්ට නම් තමයි ශල්‍යකර්ම කරන්න සිදු වෙන්නේ.

ඔබේ වෙට් සමග නිරන්තරයෙන් රැදෙමින් ඔබේ සුරතලාගේ නිරෝගීකම ගැන සොයා බලමින් සිටීමෙන් ලිවර්ෆේලිය වලක්වා ගන්න පුලුවන්.

එයාට දෙන්න ඕන වැක්සීන් වෙලාවට දෙන්න.
හොදට කල්පනාකාරි වෙන්න සුරතලාට දෙන කෑම වර්ග ගැන. පිශ්ටය අධික බර කෑම ලිවර් එකට හානිදායි වෙන්න පුලුවන්. සුරතල් එහෙමෙහේ වත්තෙ යනකොට කන පැලෑටි,කොල ,හතු ජාති ගැනත් සැලකිලිමත් වෙන්න.

හොදට මතක තියාගන්න, සුරතලා අසනීප උනා කියලා ඌව අත හරින්න නම් එපා, ඒක මිනිසත් කමට කරන ලොකුම නිගාවක්.

මගේ පෝස්ට් වල අරමුන ඔබේ සුරතලාගේ යහපත, යම් දෙයක් පෝස්ට් එකෙන් ගත්තානම් ඒකයි මගේ සතුට.

Address


Telephone

+94786723699

Website

Alerts

Be the first to know and let us send you an email when MR.Luxman Kennel - Rathmalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MR.Luxman Kennel - Rathmalana:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share