Tutu ටුටූ

  • Home
  • Tutu ටුටූ

Tutu ටුටූ Story of a naughty doggy gives joy and releif to the family ���
(26)

ඔබ මේ දකින්නේ දකුණු ආසියාතික ණය සංවර්ධන බැංකුවේ ණය ආධාර මත යුරෝපය හරහා අප්‍රිකානු මහද්වීපික රටක සිට මෙරටට ආනයනය කරන ලද අ...
22/07/2024

ඔබ මේ දකින්නේ දකුණු ආසියාතික ණය සංවර්ධන බැංකුවේ ණය ආධාර මත යුරෝපය හරහා අප්‍රිකානු මහද්වීපික රටක සිට මෙරටට ආනයනය කරන ලද අති දුර්ලභ ඝනයේ කාන්තා ජීවියෙකි..

මැයගේ උද්භීත විද්‍යාත්මක නාමය ජෙසරෝවා ටුටුනා බිජ්ලානි වන අතර ටුටු බුන්ජා නැමති අන්වර්ත නාමයෙනුත් හදුන්වයි..

දැනට හිමිකරුවන්ගේ මුඳල් සහ දේපල වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර එයට සෘජුවම වගකිව යුතු පාර්ශවය වන්නේ මෙම ජීවියායි..

ආහාර දාමය ඉතාම අලස ලෙස හසුරුවන මැයගේ නඩත්තු කටයුතු ඉතා අපහසු වන අතර දුර්භීක්ශයකදී උවද තමන්ට අවශ්‍ය ආහාර පමනක් ගෙන පැවැත්ම පවත්වා ගන්නා අතරම අකමැති සියල්ල තරයේ වර්ජනය කරයි..

මෙම වසරේ අවසන් භාගයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මේ වන විට යෝජනා වී ඇත.. ඔබත් ඔබේ ලංසුව ඉදිරිපත් කරන්න.. 🥴🥴

බුන්ජලන්ත කුමාරිකාව සිපිරිගෙට... 🙈ඔබ මේ දකින්නේ මඩ නෑම සහ මූල්‍යමය වංචා නිසාවෙන් බරපතල වැඩ සහිතව මාස හයකට සිපිරිගෙට නියම...
17/12/2023

බුන්ජලන්ත කුමාරිකාව සිපිරිගෙට... 🙈

ඔබ මේ දකින්නේ මඩ නෑම සහ මූල්‍යමය වංචා නිසාවෙන් බරපතල වැඩ සහිතව මාස හයකට සිපිරිගෙට නියමවූ බුන්ජලන්තයේ ටුටුනා බිජලානි මහරැජිනගේ නවතම ඡායාරූප පෙලකි.. 🤭

12/09/2023

Milka on insta.. Pease follow and share your love with him ❤️

සුබෝදෑසනක් බුන්ජලන්ත රටවැසියනී... අලකලංචි මහා රාසියක් මැදින් සිය රට වැසියන් හට ඇති අප්‍රමාණ ආදරය සෙනෙහස නිසාවෙන් ඔන්න ටු...
21/02/2023

සුබෝදෑසනක් බුන්ජලන්ත රටවැසියනී...

අලකලංචි මහා රාසියක් මැදින් සිය රට වැසියන් හට ඇති අප්‍රමාණ ආදරය සෙනෙහස නිසාවෙන් ඔන්න ටුටුනා බිජලානි මැතිණිය රාජ සභාවට ආවඩා එලි බහින්නයි ඕංං ලකලැහැත්තිය..

කාරණාව මේකයි.. රස්නෙත් එක්ක ආර්ථික අවපාතෙ ඉහට ගහල පෝඩ්ඩක් විතර නට්ලූස් ගතියක මූලික ලක්ෂන ටිකක් මහරැජිනට ඇතිඋනා ටුටූප්‍රිය රට වැසියනී.. ආන්න ඒක නිසා තම රාජකීය ඇඳුමේ බරද බරක්ය කියල තේරුම්ගත්ත රාජ්‍ය ඇඳුම් නිර්මාණ සිල්පීනී තීරණය කොලා ඇඳුම ඉවත් කොරන්ට...

මූලිකව විලාසිතාවක් හිතාගෙන වැඩේට බැස්සට මොකද " මහිල් ඉවත් කොරන මැසිමේ පුරස්නයක් " ( මේ වාක්‍ය ඛණ්ඩය ඉතා හොඳින් හිතට ගන්ට ආයිබොවන්ඩ ) නිසා පොඩීයට හීනියට ලාවට වගේ ඉතිං හෙයාර් කට් එක අවුල් ගියා.. එහෙමයි කියල ආයිබොවන්ඩ මහ රැජිණගේ රූප සොභාවේ නම් එක දසමෙක තිතක කොමාවක අඩුවක් නෑ..

පල්ලෙහායින් එල්ලෙන ඡායාරූප සමූහය දුටු වනම හිත කීංං ගාල ඇස් දෙක කටට කිට්ටු උනාට මොකද සර්ලොක් හෝම්ස් න්‍යායෙන් බලන ඕනම බුද්ධිමත් රටවැසියෙක්ට මහ රැජිණගේ රූප සොභාව ගැන ඉතින් ආයෙ අමුතුවෙන් අටුවාටීකා කියන්ට අවස්සය වෙන්නෙ නෑ.. හෙයාර් කට් එක නීට් එකට තියෙන බවත් අර වගේ ලකඩ මැසිමකින් කපලත් මෙවැනි සුන්දරත්වයක් දිස් වෙන සේ මනා නිමාවක් ලබා ගන්නට බලපෑ සිල්පියාගේ දස්සතාව මැනවින් ඔප්නැංවී ඉස්මතුව පෙනෙන බවත් බුජ්ජිමත් රටවැසියන්ට වැටහේවි..

එහෙනං රැජිණට රාජ සභාවේ ප්‍රීතිය , ආදරය , ආසිර්වාදය ලබා දෙන්ට කියල මාධ්‍ය කවය වන අප ඉල්ලා සිටිනව.. 😁

ප.ලි :- පොඩ්ඩක් මල විකසිත වෙලා වගේ පේන්නෙ සුන්දරත්වය නිසා සංතෝසෙ දරාගන්ට බැරිව බව කරුණාවෙන් සලකන්න..

මීට,
බුන්ජලන්ත මාධ්‍ය කවය.. 🥴🥴🥴

බුන්ජලන්ත මහ රැජිණියනී.. ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් වේවා.. ❤️❤️❤️
20/11/2022

බුන්ජලන්ත මහ රැජිණියනී.. ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් වේවා.. ❤️❤️❤️

රැජිණක් උනාම රාජකාරීමය කාරණා අපමණයි නෙව.. ඒ උනාට මාද්දය අංසෙ සත්තිමත් නැති කමින් මහ රැජිණගෙන් තොරතුරු වාර්ථා නොවෙද්දි බු...
15/11/2022

රැජිණක් උනාම රාජකාරීමය කාරණා අපමණයි නෙව.. ඒ උනාට මාද්දය අංසෙ සත්තිමත් නැති කමින් මහ රැජිණගෙන් තොරතුරු වාර්ථා නොවෙද්දි බුන්ජලන්ත වැසියෝ කලබල වෙනව..

මේ ගැන රජසභාව රැස් කොරලා තීර්ණයක් ගන්ඩ හරිකියල හිත හිත උන්න ගමන් නින්ද යාගෙන එන අකාරය මාද්දය කවේ කැමරාවේ සටහන් වූ අයුරු පහත දැක්වේ.. 😁

ටුටුනා බිජලානි මෙනවිය ඉස්නානය කිරීමෙන් අනතුරුව සිය රටවැසියන් දැක බලා ගැනීමට පැමිණි මොහොත.. 🙄🙄🙄
14/11/2022

ටුටුනා බිජලානි මෙනවිය ඉස්නානය කිරීමෙන් අනතුරුව සිය රටවැසියන් දැක බලා ගැනීමට පැමිණි මොහොත.. 🙄🙄🙄

ගෑස් සිලින්ඩරයට සිය බෝල පස්ස පෙන්වා තම කෝපය පිට කිරීමේ චාරිත්‍රය ඉටු කරන බුන්ජලන්ත මහා රාජ්‍යයේ අගරැජිණ.. 🥴
20/06/2022

ගෑස් සිලින්ඩරයට සිය බෝල පස්ස පෙන්වා තම කෝපය පිට කිරීමේ චාරිත්‍රය ඉටු කරන බුන්ජලන්ත මහා රාජ්‍යයේ අගරැජිණ.. 🥴

සුබ ඉරිදාවක් වේවා බුන්ජලන්තේ.. ගෑස් එකක් බලා ගන්නව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි ආයිබොවන්ඩ.. හරිම අමාරු වැඩක්.. රැජිණක් උනාම ඒ...
19/06/2022

සුබ ඉරිදාවක් වේවා බුන්ජලන්තේ..

ගෑස් එකක් බලා ගන්නව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි ආයිබොවන්ඩ.. හරිම අමාරු වැඩක්.. රැජිණක් උනාම ඒක තවත් අමාරුයි.. රාජමාලිගාවේ සේවකයෝ හිතක්න්පපුවක් නැතිව රැජිණගෙන් වැඩ ගන්න එක රාජ උදහසට ලක්විය යුතු කාරණාවක් නිසා මම තීරණය කොලා මින් ඉදිරියට රාජ ලීලාවෙන් වැඩ සිටිනවා විනා කිසිදු කාර්‍යයක් නොකරන්න රාජ්‍ය පාලනය ඇරෙන්නට..

නමුත් මා ප්‍රිය ටුටු ලෝල ලෝලී රට වැසියනී ඔබලාගේ හිතසුව පිණිස මම කැපවෙන නිසා අදාල පංතිය ඒ ලෙසම පවත්වාගෙන යාමට මාවිසින් තීරණයක් ගනු ලැබුවේ මාගේ බුන්ජලන්ත වාසීන්ට ඇති ප්‍රේමයේ මහිම විදහා පෑමේ අටියෙනි.. 😁😁

හැබැයි අද දිනය මා වෙන් කරන්නේ විවේකී සුවයෙන් වැඩ හිඳීම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න..

ඉස්තූතියි ඉස්තූතියි..
මීට හිතාදර රැජිණ,
ටුටුනා බිජලානි ❤️😘

සුබ උදෑසනක් වේවා ටුටූ ප්‍රිය බුන්ජලන්ත වැසියනි.. ඉතාම දිගු විරාමයකට පසුව ඔබ අමතන මා ටුටුනා බිජලානි හෙවත් බුන්ජලන්ත රාජ්‍...
16/06/2022

සුබ උදෑසනක් වේවා ටුටූ ප්‍රිය බුන්ජලන්ත වැසියනි.. ඉතාම දිගු විරාමයකට පසුව ඔබ අමතන මා ටුටුනා බිජලානි හෙවත් බුන්ජලන්ත රාජ්‍යයේ අග රැජින වෙමි..

ගෑස්..

ගෑස් යනු ගෑස්ය. මා මෙතනට පැමිණියේ ගෑස් සිලින්ඩරයක් බලා කියා ගන්නා අයුරුත් හොර සතුරන්ගෙන් බේරා ගන්නා අයුරුත් පාඨමාලාවක් ඔස්සේ මාගේ රට වැසියන් වෙත කියා දීමටයි..

පාඨමාලාව ගාස්තු වලින් තොර වන අතර ක්‍රියාලාරකම් ඇසුරින් පුද්ගලිකවම සිසු සිසුවියන් නිරීක්ෂණය කරමින් එකිනෙකාට අවධානය යොමු කරමින් පවත්වාගෙන යාමට නියමිතයි..

ඉස්තූතියි.. නැවත හමුවෙමු..

ෆොටෝ එකක් උනත් ගන්නකොට හැඩට ඉන්න ඕන.. ලස්සන වීමේ රහස ඔයාලට දැනගන්නම ඕන නම් කියන්නම් ඉතිං.. " මාළු කෑම " කන්න ගත්ත ෆ්‍රෙන...
05/06/2022

ෆොටෝ එකක් උනත් ගන්නකොට හැඩට ඉන්න ඕන.. ලස්සන වීමේ රහස ඔයාලට දැනගන්නම ඕන නම් කියන්නම් ඉතිං..

" මාළු කෑම " කන්න ගත්ත ෆ්‍රෙන්.. මසුත් ගණන් නිසා වෙන විකල්ප වලට හුරු වෙන්න බලන්න ඕන රාජ්‍යක වගකීමක් දරන මහ රැජිණක් උනාම.. අත් හදා බැලීම් කියන්නෙ ජීවිතේට ඉනිමක්.. 🤭🤭🤭

02/06/2022

ඔබේ සුරතලාට අවශ්‍ය ඕනෑම වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා විමසන්න.. බුන්ජලන්ත මහරැජිනගෙ ජීවිතේ බේරගත්ත වෛද්‍යවරයා Devinda Ruwan Perera ❤️🙏

Pet Supplies

21/05/2022

❤️

වට දෙකක් මම දිව්වොතින් ගෙයිදිනපතා බඩු කැඩෙනවා..ගියොත් මිදුලට වහින හින්දාමඩ එයිලු ගෙට කියනවා..බැනුම් දාහක් දවස තිස්සෙනිමක...
12/05/2022

වට දෙකක් මම දිව්වොතින් ගෙයි
දිනපතා බඩු කැඩෙනවා..
ගියොත් මිදුලට වහින හින්දා
මඩ එයිලු ගෙට කියනවා..

බැනුම් දාහක් දවස තිස්සෙ
නිමක් නෑ මන් අහනවා..
ඒත් ඩින්ගෙන් හිත හදාගෙන
පුරුදු නැටුමම නටනවා..

සෙල්ලමක් වත් කරමු කීවම
අම්මි රවලා බලනවා..
වඩා ගන්නට බැරිලු අක්කට
මම බරයි ඇය කියනවා..

උම්මා දෙන්නේ අයියා විතරයි
ඇස් දෙකේ ඔහු ඉන්නවා..
අයිය නැති ගේ පාලු අහසකි
ඇත්තමයි මට හිතෙනවා..

රැග්නර් ❤
narangoda

නොකා නොබී රැජිණක් උනත් ඉවක් බවක් නැතුව වගකීම් විරහිතව මඩේ නටද්දි කැරපොත්තොන්ව දඬුකඳේ ගහද්දි පූසො පස්සෙ හැල්මෙ දුවද්දි අඹ...
26/04/2022

නොකා නොබී රැජිණක් උනත් ඉවක් බවක් නැතුව වගකීම් විරහිතව මඩේ නටද්දි කැරපොත්තොන්ව දඬුකඳේ ගහද්දි පූසො පස්සෙ හැල්මෙ දුවද්දි අඹ ගහේ කුරුල්ලොන්ව එලවන්න ටකේ ගහනව වගේ බුරද්දි එහෙම තමයි ඉතිං ඩාම් වෙනව ඩූම් වෙනව.. 😂😂😂

අප මහ රැජින සිය රාජකීය වෛද්‍ය තුමාව බහැදැකීමට ඊයෙ හවස සැපත්වූ අවස්ථාවේ රාජ්‍ය මාධ්‍ය කවයෙන් ගත් ඡායාරූප බව කරුණාවෙන් සලකන්න.. 🤭🤭🤭

අපේ බලු සුරතලාමේ දවස්වල එයාල ගැන ටිකක් වැඩි අවධානෙන් ඉන්න ගමන් මේකත් කරලම බලන්න .රතිංඥ්ඥා වලට බයේ ඔයාලගෙ ගෙදරටත් අදුරන්න...
13/04/2022

අපේ බලු සුරතලා

මේ දවස්වල එයාල ගැන ටිකක් වැඩි අවධානෙන් ඉන්න ගමන් මේකත් කරලම බලන්න .

රතිංඥ්ඥා වලට බයේ ඔයාලගෙ ගෙදරටත් අදුරන්නෙ නැති බල්ලො ඒවි බයේ හැංගෙයි අනතුරක් කරන්න එපා ( අද මං දන්න තැනක එහෙම දෙයක් උනා 😓😓)

සිංහල හින්දු අලුත් අවුරුද්ද අතලඟටම ඇවිත්..ඔන්න ඉතින් ඔයාලට වැදගත් දෙයක් මතක් කරන්නයි ආවේ..

ඉදිරි දවස්වල බරපතල ප්‍රශ්නයක් වෙන රතිඤ්ඤා වලින් එයාලගෙ බිය අඩු වෙලා මොහොතකට හෝ සන්සුන් කරන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලාගේ බව් හුරතලුන්ව මේ විදියට එතුවම එයාලව සන්සුන් කරගන්න පුලුවන් කියල ඔන්න එක්කතරා පරීක්ෂකයෝ කණ්ඩායමක් හොයාගෙන තියනවා..❤️❤️❤️

Please share 🙏🙏🙏
27/03/2022

Please share 🙏🙏🙏

පෝලන්තය, ඔබ‍ට අපේ ආචාරය! 🙏උ (යු )ක්‍රේනයේ ඇතිවී තිබෙන යුධ භිෂණය තුල ජීවිත බේරාගන්නට එරටින් පළායන ජනතාව හමුවේ,පෝලන්තය සුව...
26/02/2022

පෝලන්තය, ඔබ‍ට අපේ ආචාරය! 🙏

උ (යු )ක්‍රේනයේ ඇතිවී තිබෙන යුධ භිෂණය තුල ජීවිත බේරාගන්නට එරටින් පළායන ජනතාව හමුවේ,පෝලන්තය සුවිශේෂ ඉල්ලීමක් යොමුකරයි. ඒ, සුරතල් සතුන් රැගෙන උක්‍රේනුවන් රටින් පිටවයන්නේ නම්, පෝලන්ත දේශ සීමාවට ඇතුල්වන ස්ථානයේ සතුන් සඳහා විශේෂ පිවිසුම් දොරටුවක් වෙන්කොට ඇති අතර, එසේ රැගෙන එන සෑම සුරතල් සතෙකු වෙනුවෙන්ම පෝලන්තයට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා බලපත්‍ර නිකුත්කරන බවයි..

ගස්සා පස්ස රැජිනක් ලෙස මගේ රටේ..තිබ්බා ඉතිං පෙරහුරුවක් හැටට හැටේ..හරවා බෙල්ල පොට නුහුරට තිබ්බ වෙලේ..පැන්නා වත්ද බුදු අම්...
22/02/2022

ගස්සා පස්ස රැජිනක් ලෙස මගේ රටේ..
තිබ්බා ඉතිං පෙරහුරුවක් හැටට හැටේ..
හරවා බෙල්ල පොට නුහුරට තිබ්බ වෙලේ..
පැන්නා වත්ද බුදු අම්මේ උකුල් ඇටේ..

#මෙවුවා_රැජිණ_කියන_කවි_ආයිබොවන්ඩ.. හුම්.. 🤭🤭🤭

සුබෝදෑසනක් බුන්ජලන්තේ..ඉරිදා උදෑසන රැජිනක් උනාම රටවැසියන්ට ආදර්ශවත් වෙන්ඩ නාල කොරල ඉන්ට එපාය ආයිබොවන්ඩ.. කුකුළා අතේ අරන්...
06/02/2022

සුබෝදෑසනක් බුන්ජලන්තේ..

ඉරිදා උදෑසන රැජිනක් උනාම රටවැසියන්ට ආදර්ශවත් වෙන්ඩ නාල කොරල ඉන්ට එපාය ආයිබොවන්ඩ..

කුකුළා අතේ අරන් ඉස්නානයෙන් අනතුරුව සටන් සිල්පය පුහුණු වෙමින් සිටින අතර තුරයි මාධ්‍ය ඒකකය මේ ඡායා රූප ලබා ගත්තෙ.. රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවය ආරක්සා කිරීම පිණිස සති අන්තය රජයේ නිවාඩු කියල නෑ හිතෝතුනි වගකීමක් දරණ රැජිනකට..

නිවාඩු කියන්නෙ සෙලවෙන මනසට.. 🤭

සුබෝදෑසනක් වේවා මා ප්‍රිය බුන්ජලන්ත වැසියනී..කුකුළා අතේ අරන් නැතිම උනත් මඳක් පාන්දර විවේකී ඉරිදාවේ ඔබ බැහැ දැකීමට පැමිණි...
30/01/2022

සුබෝදෑසනක් වේවා මා ප්‍රිය බුන්ජලන්ත වැසියනී..

කුකුළා අතේ අරන් නැතිම උනත් මඳක් පාන්දර විවේකී ඉරිදාවේ ඔබ බැහැ දැකීමට පැමිණියේ රැජිණක් සිය පුරවැසියන් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජකීය නීතියෙන්ද ඔබලා කෙරෙහි උපන් ප්‍රේමයේ නාමයෙන්ද මම බැඳී ඇලී ගැලී සිටින නිසාවෙනි..

රාජ්‍ය මාධ්‍ය අංශයේ ඇති යම් යම් දුර්වල තාවයන් නිසාවෙන් අපගේ හමුවීම් පසුගිය කාල වකවානුවේදී අල්ප උවද මාගේ ඇති අප්‍රතිහත ධෛර්යය හමුවේ සියලු අපහසුතා මැඩගෙන නැවතත් අනන්ත බාධක දුක් පීඩා විඳ ඔබව සොයා ආවා.. මම ඔබව සොයා ආවා.. 🙄🙄🙄

එසේම මා ප්‍රිය රට වැසියනී මම ඔබට හඳුන්වා දීමට කැමතියි අපගේ රජ පවුලට අලුතින්ම එකතු වූ මකුළු දැල් කඩන මගේ සුවෑන් රැකියාවේ පලවෙනි ආදායමෙන් ගත්ත පින්ක් පැන්තර්ව.. දැනට ඔහුගේ සරීර කූඩුවට අබ මල් රේණුක හානියක් නො වුව ද ඉදිරියේ දී ඇතිවිය හැකි සතුරු කරදර නිසාවෙන් යම් යම් බලපෑම් ඇති වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න..

ඉතිං ඔබ සැමට බුන්ජලන්ත මහා රාජිනිය ලෙස මම අවසර ලබා දෙනවා රජ පවුලේ අලුත් සාමාජිකයා ට හායි කීමට.. 😁😁😁

( මට ඇති අධික වැඩ රාජකාරි මධ්‍යයේ මාගේ ශරීර කූඩුවෙහි ගෑවී ඇති මඩ සම්බන්ධව විස්සෝප නොවන්න.. කාර්යබහුලත්වය නිසාම කොපමණ ස්නානය කළ ද ඉන් විනාඩි දෙකහමාරකට පසුව සිට නැවතත් මෙම ස්වරූපය ම දිස් වන බව කරුණාවෙන් සලකන්න 🥴 )

කොහොමද බුන්ජලන්තේ...කාලෙකින් ආව ඕන් මහ රැජිණ මූනෙ මකුළුදැල් ගාගෙන.. ආර්ථිකේ අමාරු නිසා මේ දවස් වල කුලියට මකුළුදැල් කඩන්න...
24/01/2022

කොහොමද බුන්ජලන්තේ...

කාලෙකින් ආව ඕන් මහ රැජිණ මූනෙ මකුළුදැල් ගාගෙන.. ආර්ථිකේ අමාරු නිසා මේ දවස් වල කුලියට මකුළුදැල් කඩන්න යනව ප්‍රෙන්ස්..

කොහොමෙයි ඉතිං ඔයාලට.. 😁🙈

Address


Telephone

+94703771487

Website

Alerts

Be the first to know and let us send you an email when Tutu ටුටූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share