20/09/2025
බල්ලෙක්ගේ ආදරේ! 🐕💛
ඔයාට කොච්චර සල්ලි තියෙනවද, ඔයා කොච්චර ලස්සනද, ඔයා කොච්චර සාර්ථකද කියන එක කාට අදාල උනත්, ඔයාගෙ බලු සුරතලාට ඒවා වැඩක්ම නෑ.
එයා ආදරේ කරන්නෙ ඔයාගෙ කටහඬට, සුවදට සහ ඔයා එයාට එක දවසක් හරි දුන්න ආදරේට. ඔයා එයාට කොච්චර සැර කළත්, ගැහුවත්, බැන්නත් ඒ ඔක්කොම අමතක කරල කලින් වගේම නැට්ට වනාගෙන ඔයා ළගට එන්නෙ ඒ නිසා.
ඔයාගෙ බලු සුරතලා ඔයාගෙ කාර්යබහුල ජීවිතේ එක පොඩි කොටසක් වෙද්දි, එයාගෙ මුළු ජීවිතේ වැදගත්ම දේ ඔයා කියල අමතක කරන්න එපා.