Aqua Delighted Fish Farm & Aquarium

  • Home
  • Aqua Delighted Fish Farm & Aquarium

Aqua Delighted Fish Farm & Aquarium best colours , helthy and good fish kegalle district area...

31/12/2023
A Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A
15/05/2022

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

15/05/2022

A Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A 0 7 6 4 1 7 3 4 8 0
16/04/2022

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

Polar Blue Parrot cichlid (පෝලා පැරට් සික්ලිඩ්)=====================================හුරුබුහුටි අලංකාර කුඩා ශරීරයක් හිමි ...
30/03/2022

Polar Blue Parrot cichlid (පෝලා පැරට් සික්ලිඩ්)
=====================================

හුරුබුහුටි අලංකාර කුඩා ශරීරයක් හිමි මෙම කුඩා සුරතල් මත්ස්‍යයා ලංකාවේ සුරතල් මසුන් කර්මාන්තයටනම් ටිකක් විතර ආධුනිකයෙක්.
මේ මත්ස්‍යයා ඔරිජිනල් මත්ස්‍යයෙක් නම් නෙමේ. ඒ කියන්නෙ මේ අය ස්වාභාවික පරිසරයෙන් අරගෙන විසිතුරු මත්ස්‍යයෙක් විදිහට ඇතිකරන මත්ස්‍ය විශේෂයක් නෙමෙයි. මේ අය දෙමුහුම් (Hybrid) මත්ස්‍ය විශේෂයක්. මිනිසාගේ මැදිහත්වීමක් ඇතිව පැරට් සික්ලිඩ් මත්ස්‍යයා සහ එම කුලයටම අයිති කන්විට් සික්ලිඩ් යන මසුන් දෙදෙනාගේ සම්මිශ්‍රණයක් තමා මේ පෝලා බ්ලූ පැරට්. මේ සික්ලිඩ් කුලයටම තමා රෙඩ් පැරට්, ඔස්කා, ෆ්ලවර්හෝන් වගේ මාලුත් අයිති වෙන්නේ. මේ අයගෙ බුද්ධි මට්ටම අනිත් මත්ස්‍ය කුලවලට වඩා ගොඩක්ම වැඩියි.

වාර්තාවල තියෙන විදිහට නම් මේ අය අඟල් අටදක්වා වර්ධනය වීමට ඉඩක් තියෙනවාලු. හැබැයි මම නම් දැකලා තියෙන්නෙ උපරිම අඟල් තුනහමාරක් හතරක් වගේ අය. ඇක්වේරියම් වලනම් මේ අය මිලදී ගැනීමට ඉන්නෙ අඟලටත් වඩා අඩු සයිස් එකකින්. මොකද මේ අය ඉතා මෑතක ලංකාවේ වෙළඳපොලට ආපු මාලු වර්ගයක්.

මේ අය ලෝකෙට හදුන්වල දුන්නු 2000 මුල් කාලවල මේ අය ජාත්‍යන්තර වෙළඳපොලේ මිළ ලංකාවෙ රුපියල් වලින් 35000කට වගෙත් අලෙවි වෙලා තියෙනවා. දැන්නම් මේ අය ලංකාවෙ ඇක්වේරියම් වල රුපියල් 200 සිට 400 දක්වා මිළකට අලෙවි වෙනවා.

මෙයාට ජීවත් වෙන්න හොඳ පරිසර පද්ධතියක් ලබාදුන්නොත් මේ අය අවුරුදු අටක් පමණ ජීවත් වෙනවා. මොන මාලුවා උනත් ජීවත් වෙන කාලය හා වර්ධනය වන ප්‍රමාණය තීරණය වෙන්නේ අපි ඒ මාලුවාට සලකන ආකාරය අනුව.

ගැහැණු පිරිමි හදුනාගැනීමේදී පරිණත යුවලකගෙන් කෙට්ටු ලොකු කෙනා පිරිමි කෙනා විදිහටත් මහත පොඩි කෙනා ගැහැණු කෙනා විදිහටත් අනුමාන කරන්න පුලුවන්. ලිංගික පරිණතියට පත් වූ මසුන් යුගල් වශයෙන් තම සහකරු සමග කැදැල්ලක තමයි ජීවත් වෙන්නේ. ඔවුන් ටැංකියේ කොටසක් ඔවුන්ටම වෙන්කරගන්නවා. ඒක නිසා මේ අය ඉන්න ටැංකියට ගුහාවල් වැනි වලං කැබලි, බට කැබලි, ගල් එකතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.

බිත්තර මගින් බෝවෙන මෙම මසූන්ගේ දෙමාපියන් බිත්තර රැකබලාගැනීමේ සිට පැටවුන් දොරටවැඩීම දක්වා සියලුම වගකීම් නොපිරිහෙලා ඉටුකරනවා. ඇත්තටම මෙම මසූන් කුරුල්ලෙක් වගේ තමන්ගෙ පැටවුන් බිත්තර රකිනවා. බලන් ඉන්න ආසයි. නිරෝගී යුගලක් වරකට පැටවුන් 30-50 ක් වගේ බිහිකරනවා.

අවම අඩි දෙකක වගේ ටැංකියක් මේ අය ඇතිකිරීමට සුදුසුයි. කුඩා ප්‍රමාණයේ පෙලට් වර්ගයක්, සජීවී ආහාර වැනි දේවල් මේ අයට ලබාදෙන්න පුලුවන්.

මම නම් යෝජනා කරන්නෙ මේ අය වෙනම ටැංකියක් හොඳට සෙටප් කරලා ලස්සනට ප්ලාන්ට් වලින් අලංකාර කරලා හදන එක තමයි. මේ අය නිදහස ප්‍රියකරන සමාජශීලී, ක්‍රියාශීලී මත්ස්‍ය විශේෂයක්. ඒ නිසා හොඳින් රැක බලාගත යුතුයි.

janith thejan vimukthi

Copied

Super quality fish feedNow Available A Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A 0 7 6 4 1 7 3 4 8 0    ...
28/03/2022

Super quality fish feed
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

21/03/2022

Guppy
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

15/03/2022

Red commen
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

13/03/2022

Albino red eye oscar
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

13/03/2022

Tinfoil barb / polar parrot
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

13/03/2022

Tiger barb
Now Available

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

A Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A
10/03/2022

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

They’re not the most colorful animals in your tank, but experienced aquarists know the true value of the silver-grey col...
09/03/2022

They’re not the most colorful animals in your tank, but experienced aquarists know the true value of the silver-grey colored striped fish known as the Siamese Algae Eater. These aquatic eating-machines are some of the best algae eaters in the trade.

ඔවුන් ඔබේ ටැංකියේ ඇති වඩාත්ම වර්ණවත් සතුන් නොවේ, නමුත් පළපුරුදු ජලධරයින් Siamese Algae Eater මාළු වල සැබෑ වටිනාකම දනිති. මෙම ජලජ ආහාර ගැනීමේ යන්ත්‍ර ව්‍යාපාරයේ හොඳම ඇල්ගී අනුභව කරන්නන් වේ.

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

Do you know? Goldfish should live 15-20 years(Common Goldfish 10-25 years. Fancy Goldfish 5-10 years). They are smart en...
09/03/2022

Do you know? Goldfish should live 15-20 years(Common Goldfish 10-25 years. Fancy Goldfish 5-10 years). They are smart enough they can learn tricks and do not resize to thier tank.
n the wild, goldfish typically live between 6–7 years, but with proper care and suitable habitat (such as a well-maintained pond or aquarium), some varieties may live as long as 25 years. In-fact, they have the potential to live even longer than that — for example, the oldest goldfish on record lived to be 45 years of age!

ඔබ දන්නවාද? ගෝල්ඩ් ෆිෂ් අවුරුදු 15-20ක් ජීවත් විය යුතුය (common goldfish අවුරුදු 10-25. විසිතුරු ගෝල්ඩ් ෆිෂ් අවුරුදු 5-10). ඔවුන් උපක්‍රම ඉගෙන ගැනීමට තරම් බුද්ධිමත් වන අතර ඔවුන්ගේ ටැංකියට ප්‍රමාණය වෙනස් නොකරයි.
වනයේ, ගෝල්ඩ්ෆිෂ් සාමාන්‍යයෙන් අවුරුදු 6-7 අතර ජීවත් වේ, නමුත් නිසි සැලකිල්ල සහ සුදුසු වාසස්ථාන (හොඳින් නඩත්තු කරන ලද පොකුණක් හෝ මින්මැදුරක් වැනි) සමඟ, සමහර ප්‍රභේද අවුරුදු 25 ක් දක්වා ජීවත් විය හැකිය. ඇත්ත වශයෙන්ම, ඔවුන්ට ඊටත් වඩා දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව ඇත - නිදසුනක් වශයෙන්, වාර්තාගත පැරණිතම ගෝල්ඩ්ෆිෂ් වයස අවුරුදු 45 දක්වා ජීවත් විය!

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

Biological filter spongeA Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A
09/03/2022

Biological filter sponge

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

Parachromis familyA Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A
08/03/2022

Parachromis family

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

A Q U A D E L I G H T E D K E G A L L E R A M B U K K A N A
08/03/2022

A Q U A D E L I G H T E D
K E G A L L E
R A M B U K K A N A

CarpA Q U A D E L I G H T E D R A M B U K K A N A 0 7 6 4 1 7 3 4 8 0
08/03/2022

Carp

A Q U A D E L I G H T E D
R A M B U K K A N A
0 7 6 4 1 7 3 4 8 0

සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමුවුනාවේ!!
07/03/2022

සසර දිගු මග වන්දනාවේ එකම පැතුමක හමුවුනාවේ!!

ශ්‍රී  ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ කරන ආක්‍රමණිකයෝ ලිපි - 02 🐟පිරානා මත්ස්‍යයා.🐟අපි මෙම මත්ස්‍යයා මේ ලැයිතුවට ඇතුළත්  කරන...
07/03/2022

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත විනාශ කරන ආක්‍රමණිකයෝ
ලිපි - 02

🐟පිරානා මත්ස්‍යයා.🐟

අපි මෙම මත්ස්‍යයා මේ ලැයිතුවට ඇතුළත් කරනවාද නැද්ද කියා දෙපාරක් හිතුවා. මොකද ලංකාවේ ජලාශ තුල පිරානා මසුන් වාර්ථා වීම ඉතාමත් කලාතුරකින් සිදුවී තිබීම ඊට හේතුවයි. නමුත් ලෝකයේ වෙනත් රටකින් ගෙනෙන ඕනෑම මත්ස්‍යයෙක් අපේ ස්වාභාවික පරිසරියට එකතු කිරීමෙන් අනිවාර්යයෙන්ම ලංකාවට ආවේණික මත්ස්‍ය ප්‍රජාවට තර්ජනයක් වන නිසා පිරානා පිළිබඳ තොරතුරු ගෙන ඒමට අපි තීරණය කළෙමු.

රෙඩ් බෙලි පිරානා මත්ස්‍යයා.
⭕️ ඉංග්‍රීසි නම:-
Red-bellied piranha
⭕️ විද්‍යත්මක නාමය:-
Pygocentrus nattereri

මෙම මත්ස්‍යයින් පිළිබඳ ඔබ අසා ඇති කතන්දර, නරඹා ඇති ප්‍රසිද්ධ චිත්‍රපට ආදිය නිසා බොහෝ දෙනකු මෙම මත්ස්‍යා පිළිබඳ යම් යම් විස්තර දන්නා බවට කිසිදු සැකයක් නැත. නමුත්, මේ මත්ස්‍යයා පිළිබඳ සමාජයේ පවතින දුර්මත දුරුකිරීමට හා ලංකාවේ අපිට ආවේනික මත්ස්‍ය සම්පත රැක ගැනීම සඳහා පිරානා මත්ස්‍යයා පිළිබඳ ඔබගේ දැණුම වර්ධනයට මෙම ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු.

පිරානා මත්ස්‍යයා යනු චිත්‍රපටවල එන විදියේ ඉතා බිහිසුනු මත්ස්‍යයෙකු නොවෙයි. පිරානා යනු දකුණු ඇමරිකානු කලාපයේ ඇමසන් වැසි වනාන්තරයේ ගංගා හා විල් තුළින් විශේෂයෙන් හමුවන මත්ස්‍ය විශේෂයකි. ඇමසන් ගංගා ද්‍රෝණියේ පහත් ප්‍රදේශවල බහුලව හමුවෙයි. විශේෂ 40ක් පමණ සිටින අතර මෙම මසුන් අයත් වන්නේ Serrasalmidae නම් මත්ස්‍ය පවුලටයි.

මින් වඩාත් ජනප්‍රිය වර්ගය වන්නේ හා මෙරට මත්ස්‍ය ලෝලීන් සතුව වැඩි වශයෙන් ඇත්තේ Red-bellied piranha නම් පිරානා මසුන්ය. සිල්වර් පැහැති දිලිසෙන රවුම් සිරුරක් හිමි මෙම මත්ස්‍යාගේ දිලිසෙන සිල්වර් කුඩු මෙන් පැල්ලම් ශරීරය දෙපස වැටී ඇත. උදරය ඉහල කොටස එනම් මුඛයට පහළ ලය වරල් සහිත කොටස ආසනයේ රතු පැහැයකින් යුක්තය. කට විවිර වූ ස්වාභාවයක් ඇති අතර එහි තියුණු දත් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ඉතාමත් ශක්ති සම්පන්නය. වල්ගයට ඉහලින් ⁣කුඩා රවුම් වරලක් ඇත. එය පීන වරල ලෙසින් හඳුන්වයි.

අගල් 12-15 වගේ ප්‍රමාණයකට වර්ධනය වන මත්ස්‍යයෙකි. ඇතැම් විට අඩියකට ආසන්නව වර්ධනය වූ මත්ස්‍යයන් සොයාගත් බවටද වරතා වෙයි. වසර 10 හෝ ඊටත් වඩා වැඩි කාලයක් ජීවත්වවෙයි. තනි තනි වශයෙන් ගතහොත් ඉතාමත් ලැජ්ජාශීලි මත්ස්‍යයෙකි. බොහෝ විට සැඟවී සිටීමට උත්සාහ කරයි. නමුත්, ස්වාභාවික පරිසරයන් තුළ මොවුන් රංචු වශයෙන් ජීවත් වෙයි. එසේ රංචු ලෙසින් ගැවසීම ඔවුන්ගේ ආරක්ෂාවට හා ආහාර සොයා ගැනීම ආදී කාර්යයන්ට ඉතා පහසුවකි. මොවුන් අඳුරු සහිත ජලය ගලා බසින තරමක් ගැඹුරු ස්ථානවල ජීවත්වීමට වැඩි කැමැත්තක් දක්වයි. එලෙසම ශාක කොට හා ජලජ ශාක සහිත ස්වාභාවික ස්ථාන වලින්ද මොවුන් හමුවෙයි. කුඩා මසුන් දවස පුරා ස්වාභාවික පරිසර තුල පිහිනමින් ආහාර සොයා ගියද විශාල මසුන් හිමිදිරි වේලාවන්ට හා සැඳෑ වේලාවන්ට වැඩි ක්‍රියාකාරී බවක් පෙන්වයි.

⭕️ ආහාර ස්වාභාවය.🦐🦑🐡

සර්ව භක්ෂක ආහාර රටාවක් ඇති මත්ස්‍යයෙකි. නමුත්, පිරනා මසුන් වැඩි වශයෙන් මාංශ ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වයි. නමුත්, ශාක කොටස්, පළතුරු වර්ග පවා ආහාරයට ගනී. මෙම මත්ස්‍යයන් ඇමසන් කලාපයේ පැවැත්මට ඉතා වැදගත් රාජකාරියක් ඉටුකරන මත්ස්‍යයෙකි. මොවුන් එම කාලාපවල කසල සෝධකයන් ලෙසින්ද හඳුන්වයි. එනම් මියගිය ජලයේ පාවෙන මලකුණු , අනෙකුත් සත්වයන්ගේ අපද්‍රව්‍ය පවා ආහාරයට ගනී. කලින් කී ලෙස මොවුන් තනි මාලුවකු ලෙස ගතහොත් ඉතාමත් කුලෑටිය. නමුත්, රංචුවක් ලෙස ගතහොත් මොවුන් තරමක් භයානක, ආක්‍රමණික ගතියකින් යුතුය. ආහාර ලෙස කුඩා මසුන් , ජලයේ ජීවත්වන ඉස්සන් කූනිස්සන් වැනි අපෘෂ්ඨවංශික සතුන්, ජලයට වැටෙන කෘමීන් ආදිය මොවුන්ගේ ප්‍රධාන ආහාරයයි. එමෙන් රෝග වලින් යුත් හා ජලයේදි අඩපන වී ඇති තුවාල ලැබූ විශාල සතුන්ට පවා මොවුන් පහර දෙයි. එහිදී මෙම මසුන් තම ගොදුරට වටකර පහර දෙමින් එහි කෑලි උන්ගේ තියුණු දත් වලින් කඩා ගනී. ඇතැම් අවස්ථාවල ජලයේ පිහිනීමට ගොස් තුවාල ලැබූ, ජලය ගිලුණු හෝ හෘද ආබාධ ආදිය නිසා අඩපන වූ හෝ මිය ගිය පුද්ගලයන්ට පවා මොවුන් පහරදී ඇති අවස්ථා වාර්ථා වෙයි.

මොවුන්ට ඉතා හොඳින් ජලයේ ඇති කම්පන හඳුනාගත හැකිය. එලෙසම රුධිර වහනය වුව හොත් ඒ ඔස්සේ ගොදුර සොයා ගැනීමට හැකි ඉවක්ද පිහිටා ඇත. ඇතැම් අවස්ථාවන් වල තුවාල වූ පිරානා මසුන් වුවද නිරෝගී පිරානා මසුන්ගේ ආහාර බවට පත්වෙයි. එක්තරා අවස්ථාවක මා පෞද්ගලිකව මෙම තත්වය අත් දැක ඇත. කුඩා පැටුන් පවා තම වර්ගයේ පැටවුන්ගේ ඇස් ආහාරයට ගන්නා අවස්ථාවන්ද මා දැක ඇත. මෙය බොහෝ විට සිදුවන්නේ ඔවුනට ප්‍රමානවත් තරම් ආහාර ඉඩකඩ නොමැති වීම වැනි කාරණා නිසාය.

⭕️ අභිජනනයය.

පිරානා ගැහැණු මත්ස්‍යන් හා පිරිමි මසුන් පැහැදිලි ලෙස වෙන්කර හඳුනා ගත හැකිය. ඒ සඳහා මොවුන් පරිනත වී සිටිය යුතුය. එනම් අඟල් 4ක් වත් වර්ධනය වී සිටීම පහසුය. ගැහැණු මසුන්ගේ උදරය මහත් අතර එහි බිත්තර (ඩිම්බ) පිරී ඇත. පිරිමි මසුන්ගේ උදරය සිහින්ය. රතු පැහැයෙන් වැඩිය. පිරිමි මසුන් තරමක් දිගින් වැඩිය. මොවුන්ගේ පිරිමි සතුන් ජලය පතුලේ කූඩුවක් තනයි. එය පතුලේ ගල් වැලි ඉවත්කර කුඩා වලක් ලෙසින් හෝ ජලයේ ඇති ශාක කොටස් කටින් කපා ඒ මත සකස් කරන උපස්ථරයක් සාදන අතර ඉන් පසු ගැහැණු මත්ස්‍යයා එහි බිත්තර තැන්පත් කරයි. එවිට පිරිමි මත්ස්‍යයා ඒවා සංසේචනය කරයි. මෙම බිත්තර භාහිර පරිසරයේදී සංසේචනය වෙයි. බිත්තර ආරක්ෂා කිරීම පිරිමි මත්ස්‍යයින් විසින් කරයි. ඇතැම්විට යුවලම එය සිදු කරයි. විශේෂයෙන් පිරිමි මත්ස්‍යයා පැටවුන් බිත්තර වලින් පැමිනෙන තුරු බිත්තර අවට නිරතුරුවම පිහිනමින් ඒවා ආරක්ෂා කරයි. පැටවුන් නිදහසේ පිහිනීමට හැකි වූ විට ආහාර සොයා තනි තනිව හෝ කුඩා රංචු ලෙස ශාක සහිත ආරක්ෂිත ස්ථාන කරා පිහිනා යයි.

⭕️ විසිතුරු මත්ස්‍යයෙක් ලෙස සාදන්නෙනම්🐟🐡

පිරානා මසුන් සුරතල් මසුන් ලෙස ඇති කරන අයෙකු නිතරම මසුන් යුවල් 3ක් වත් එකවරකට ඇති කල යුතුය. නැතිනම් මොවුන් ටැංකියේ සැඟවී සිටීමට වැඩි වශයෙන් පෙළඹෙයි.මේ මසුන් සඳහා ඉඩකඩ සහිත ජලජ ශාක, කොට කැබලි, ගල් ආදිය යෙදූ ටැංකි සකස්කර ගත යුතුයි. ඒ වගේම හොඳ ජල පෙරණ පද්ධතියක් සවිකල යුතුයි. එම ටැංකි වලට වෙනත් මසුන් නොදැමිය යුතුය. එයට හේතුව මොවුන් එම මසුන්ට පහර⁣දීමට හා තුවාල කර ආහාරයට ගැනීමට වැඩි ඉඩ කඩක් පවතින බැවිනි. ආහාර ලෙස මියගිය මසුන්, ඉස්සන්, කූනිස්සන් වැනි මාංශ ආහාර ලබාදිය හැකිය. ඊට අමතරව කෘතීම මත්ස්‍ය ආහාරද ලබාදිය හැකිය. නමුත්, මොවුන් වැඩි වශයෙන් මාංශ සහිත ආහාර වලට කැමැත්තක් දක්වයි. ටැංකි පිරිසිදු කිරීමේදී හා මත්ස්‍යන් ඇල්ලීම පරිස්සමින් කළ යුතුය. නැතිනම් තියුණු දත් වලින් සපාකෑම් සිදුවී ඔබට තුවාල සිදුවිය හැකිය.

මොවුන්ගේ නිජබිම වන ඇමසන් වනාන්තර වල මොවුන්ට බොහෝ විලෝපිකයින් සිටින නිසා එම පරිසර පද්ධතිය තුළ මෙම මසුන් ස්වාභාවිකවම පාලනය වෙයි. නමුත්, ඔබ මෙවැනි මසුන් සුරතලයට ඇති කරන්නේනම් ඉතාමත් වගකීමෙන් ඇතිකල යුතුය. යම් විදිහකින් ඔබ මෙවැනි මසුන් පරිසරයට මුදා හැරියහොත් අප සතු සුන්දර පරිසරයේ තුළිතතාවය බිඳ වැටිය හැකිය. එලෙසම අප රටට ආවේනික ජලජ ජීවින්ට ඔවුන්ගේ පරිසර පද්දතීන් අහිමි වී යාහැකිය. එමගින් අපටම ආවේනික මසුන් හා අනෙකුත් ජීවින් සදහටම මේ මිහිමතින් වියැකී යා හැකිය. එම නිසා පරිසරයට ආදරය ක⁣රන කෙනකු ලෙස මෙවැනි විලෝපික මසුන් සොබා දහමට එකතු කිරීමෙන් වලකින ලෙස අපි ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.

⭕️ලිපි අංක -1
https://www.facebook.com/102748841659371/posts/127394279194827/

සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒𝕤 𝕋𝕖𝕒𝕞©️ ☑️
(ඡායාරුප අනර්ජාලය ඇසුරින්)
_________________________________________________________________________
මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස් යොජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.
ස්තුතියි..!

ටැන්කියෙ මාලු ගඟට දාන එක හොඳයිද ?=====================================මාලු ඇතිකරන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට අපි අ...
06/03/2022

ටැන්කියෙ මාලු ගඟට දාන එක හොඳයිද ?
=====================================

මාලු ඇතිකරන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට අපි අඩි දෙකක තුනක ටැන්කියක් ගෙනල්ල මින්මැදුරකින් ලස්සන මාලු ටිකක් ගෙනල්ල ඒකෙ හදනවා. මුල් දවස්වල ඕක දිහා ආසාවෙන් බැලුවත් කාලයක් යද්දි ගොඩ දෙනෙක්ට ඕක වෙනුවෙන් කැපවෙන්න තියෙන කාලෙ වෙන වැඩවලට යොදවන්න වෙනවා, එහෙම නැත්තන් අපි ගේන ඇලිගේටර් ගාර්, පාකු, මාබල් කැට්ෆිෂ් වගේ සමහර මාලු ප්‍රමාණයෙන් ලොකු වෙන්න ගන්නව.
තියාගන්නත් විදිහක් නැති නිසා සමහරු තමන් ආදරෙන් හදපු මාලුවට නිදහස දෙන්න ඕනි කියල හිතාගෙන ගෙවල් ගාවම තියෙනව දිය පාරට, ඇලට හරි ගඟට හරි මේ මාලු ටික ගෙනිහින් දාල සතුටින් ගෙදර එනව මාලුවට උගෙ නිදහස ලැබුණ කියල හිතන්. ඒත් ඒ කෙනා දන්නෑ තමන් ලොකු විනාසයක් මුල්ගල තිබ්බා කියන එක.
හරි ඒ කතාව ටිකකට පැත්තකින් තියමු. ගොඩක් අය හිතන් ඉන්නෙ විසිතුරු මසුන් විදිහට විකුණන්න ඉන්න ස්වභාවික පරිසරෙන් අල්ලන් ආව මාලු කියල. Wild caught සහ දේශීය මාලු වර්ග ඇරුනම අනික් ඔක්කොම විසිතුරු මාලු සෑහෙන කාලයක් ටැන්කිවල අභිජනනය උන මාලු , මේ මාලු ස්වභාවික පරිසරයේ හිටපු අය නෙවෙයි. Wild caught පිටරට මාලුවෙක් උනත් මෙහෙ පරිසරේ කොටසක් නෙවෙයි , ඒ මාලුන්ව නම් කවුරුත් ලේසියෙන් ගඟකට දාන්නෙ නෑ උන්ගෙ මිල වැඩි නිසා.
දැන් ආයෙ කතාවට එමු, මෙහෙම ස්වභාවික පරිසර පද්ධති වලට නිදහස් වෙන සමහරක් මාලු ඒවයෙ ඉන්න දේශීය මාලුන්ගෙ ගොදුරු උනත් විශේෂයෙන්ම මාංශභක්ෂක මසුන් වර්ග වලට මේ පරිසර පද්ධතිවල විලෝපිකයෙක් නැති නිසා හොඳට බෝවෙන්න හැකියාව ලැබෙනව වගේම උන් ඒ පරිසරේ ඉන්න ස්වභාවික මාලුන්වත් ආහාරයට ගන්නවා. ඒ වගේම ලංකාවෙ ඉන්න ගොඩක් විසිතුරු මාලු සමකයාසන්න රටවලින් ( tropical ) එන මාලු වර්ග නිසා උන්ට අපේ පරිසරේට ලේසියෙන්ම අනුගත වෙන්න හැකියාවත් ලැබෙනවා.
මේ වෙනකොට අපේ රටේ ස්වභාවික ජලජ පද්ධතිවල ඉන්න ආක්‍රමණික මාලු වර්ග ගත්තොත්
ටැන්කි සුද්දා ( common pleco )
මන්නයා ( knife fish )
Red jewel cichlid
Mayan cichlid
හොනට් තිලාපි
මාබල් කැට්ෆිෂ්
පාකු
Aligator gar සහ ඊට අමතරව ඉබ්බන් විශේෂයක් වෙන රතුකන් ඉබ්බා ( Red eared slider)
හඳුනගෙන තියෙනව, සමහරවිට තව ඉන්නත් පුලුවන්. ඉතින් මේක තවත් වැඩිවෙන වළක්වන්න පුලුවන්කම තියෙන්නෙත් මාලු ඇතිකරන අපිටම තමයි. පළවෙනි දේ මාලුවෙක් ගන්නකොට අපිට ඒ මාලුව ලොකු වෙද්දි දාන්න ඉඩ පහසුකම් තියෙන ටැන්කියක් තියෙනවද බලන්න ඕනි, ඒ වගේම ගන්න කලින් මාලුවා ගැන හොඳ අධ්‍යනයක් කරන්න මුහුණුපොතේ මාලු සම්බන්ධ සමූහයකින් අහල හරි එහෙම නැත්තන් අන්තර්ජාලයෙන් හරි. එතකොට දැනට ඉන්න මාලුවෙක්ව තියාගන්න අපහසුනම් ඒ ගැන අර මං කලින් කිව්ව සමූහයක දාන්න හදන්න පුලුවන් කෙනෙක් ඇවිල්ල අරගෙන නිකන් දෙනව කිව්වොත්. නොදැන හරි පරිසරයට කරන මේ හානිය කරා නම් දැන්වත් නිවැරදි දේ කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව, මොකද මතු පරපුරටත් බලන්න මේ පරිසරය ඉතුරුවෙලා තිබිය යුතුයි.

© Bhasuru Prabashwara 2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Delighted Fish Farm & Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share