08/11/2021
♦ සුනඛ සුරතලාට පෝෂණය පිරි ආහාර වේලක්
🔸සති 4 සිට මාස 3 දක්වා
1. උදෑසන 6.00-7.00 :කිරි සමඟ සෙරිලැක්.
හෝ
කිරි සමග Dog Food (මිනිත්තු 45 පමණ කිරි වල පොගවා.
2. උදේ 10.00 :බිත්තරයක් ( හොදින් තැම්බූ)
හෝ
යෝගට් එකක්
3. දවල් 12.00 :මාළු, මස්, වට්ටක්කා, බතල, ආදී එළවළු.. හා කව්පි කඩල වගේ ඇට වර්ගයක්, ගොටුකොළ, මුකුවැන්න වැනි පිරිසිදු පලා එකතු කරගත් පිස ගත් බත්.
4.සවස 02.00 : කෙසෙල් ගෙඩියක් හෝ හොදින් ඉදුණු අබ ගෙඩියක්, ගස්ලබූ හෝ කොමඩු වැනි පලතුරක්
(සැ. යු. අලි ගැට පේර, මිදී, ඇබුල් සහිත පළතුරු දෙන්න එපා)
5. සවස 04.00 : සුනඛ ආහාර Dog Food කිරි සමග පොගවා
හෝ
සමපෝශ
6. රාත්‍රී 07.00 :දිවා
ආහාරය මෙන් මස් හෝ මාළු, එළවළු එකතු කර පිසගත් බත්.
7.රාත්‍රී 10.00 :කිරි එකක් පමණක් හෝ කිරි සමඟ ඔබට පහසු කෑම වර්ගයක් (Samaposha)
හෝ
කිරි සමග බිස්කට්
🔸මාස 3 න් පසු
🔹මාස 3 න් පසු මාස 9
දක්වා ආහාර වේල් 5 ක් දක්වා අඩු කිරීම කල හැකියි.
1. උදෑසන 6.00-7.00 :කිරි සමඟ සෙරිලැක්
2. උදේ 10.00 :බිත්තරයක් (සාමාන්‍යය ප්‍රමාණයෙන් තැම්බූ) හෝ යෝගට්
3. දවල් 12.00 :මාළු, පීකුදු හෝ මස්, වට්ටක්කා, බතල, ආදී එළවළු.. ගොටුකොළ, මුකුවැන්න වැනි පිරිසිදු පලා එකතු කරගත් පිස ගත් බත්
4. සවස 04.00 :වියලි සුනඛ ආහාර
5. රාත්‍රී 07.00 :දිවා ආහාරය මෙන් මස් හෝ මාළු, එළවළු එකතු කර පිසගත් බත්.
🔸මාස 9 න් පසු
🔹ආහාර වේල් 3,4 ක් පමණ දක්වා ඔබට සකස් කර ගත හැකියි.
1. උදෑසන 6.00-7.00 :කිරි සමඟ සෙරිලැක්/Samaposha
2. දවල් 12.00 :මාළු, පීකුදු හෝ මස්, වට්ටක්කා, බතල, ආදී එළවළු.. ගොටුකොළ, මුකුවැන්න වැනි පිරිසිදු පලා එකතු කරගත් පිස ගත් බත්
3. සවස 04.00 : වියලි සුනඛ ආහාර
4. රාත්‍රී 08.00 :දිවා ආහාරය මෙන් මස් හෝ මාළු, එළවළු එකතු කර පිසගත් බත්.
🔸මාස 18 න් පසු
🔹ඔබට අවශ්‍යනම් ආහාර වේල් 3 හෝ 2 ක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇත.
1. උදෑසන 6.00-7.00 : මාළු, පීකුදු හෝ මස්, වට්ටක්කා, බතල, ආදී එළවළු.. ගොටුකොළ, මුකුවැන්න වැනි පිරිසිදු පලා එකතු කරගත් පිස ගත් බත්
2. දවල් 12.00 :වියලි සුනඛ ආහාර dog food
3. රාත්‍රී 07.00 :දිවා ආහාරය මෙන් මස් හෝ මාළු, එළවළු එකතු කර පිසගත් බත්.
මේ අතර මැද යෝගට් එකක් දුන්නට ගැටලුවක් නොමැත.
*සුරතලාගේ ආහාර වේලට අමතරව කැල්සියම්, යකඩ වැනි ඛණිජ ලවන මෙන්ම විටමින් වර්ගද ලබා දීම කල යුතුයි.
*කෑම වේල් ගනන අඩු කිරීමේදී එක් වේලකට ලබා දෙන කෑම ප්‍රමාණය වැඩි කරන්න. *සෑම විටම සුනඛ සුරතලාට බීමට පිරිසිදු ජලය ලබා දෙන්න.
*ආහාර දීමට පෙර හා පසු ආහාර බඳුන් හොඳින් පිරිසිදු කරන්න.
නිසි ලෙස පෝෂණය ලබා දීමෙන් ඔබට අලංකාර සුරතලෙකුගේ හිමිකරුවකු විය හැකිය...
Camo Rottweiler Home Galle.👹️