02/11/2022
***Nexgard***
Nexgard වර්ග කීපයක් තියෙනවා. ඒ තමයි ,
01) Nexgard chewables
02) Nexgard spectra
03) Nexgard chewables ( afoxolaner)
මේවා අතරින් ලංකාවෙ වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ තුන් වෙනියට තියෙන Nexgard Chewables (afoxolaner) කියන බේත් එක නිසා අපි ඒ ගැන වැඩිදුර කතා කරමු.
"මුලින්ම කියන්න ඕන, කරුණාකරලා ඔයාගෙ බව්වට ඇඟ ඇතුලට දෙන කිසිම Injection එකක්, කිසිම Tablet එකක් වෛද්‍ය උපදෙස් නැතිව දෙන්න යන්න එපා.."
Nexgard (afoxolaner) chewables කියන්නෙ ටිකක් සැර බේතක්.. කිනිතුල්ලන්ට, මැක්කන්ට වගේම ඇඟේ ඉන්න පරපෝෂිතයන් වර්ග කීපයකට Nexgard හොඳයි. සමහර අයට හමේ තියෙන Rash එහෙමත් හොඳ වෙනවා..
තමන්ගෙ බව්වගෙ බර හරියට බලලා බරට අනුව තමයි බේත් එක දෙන්න ඕන.
උදාහරණයක් විදිහට කිලෝ 35 ක් ඉන්න බව්වෙකුට දෙන්න ඕන 25- 50kg කියන බේත් පෙත්ත. ඔයාගෙ බව්වා 70kg වගේ ලොකු Great Dane, St. Bernard වගේ එක්කෙනෙක් නම් 25-50kg Tablet එක දෙන්න කලින් Doctor ව දැනුවත් කරන්න.
මේකෙ Manufacturer recommendation එක මාසෙන් මාසෙට දෙන්න පුලුවන් කියන එක. නමුත් ලංකාවෙ නම් මේ බේත දෙන්නෙ මාස 8 කට හෝ අවුරුද්දකට සැරයක් වගේ.. ඒකත් එක එක බව්වට අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාස 6 ට වැඩි, අවුරුදු 5-6 ට අඩු අයට තමයි Nexgard දෙන්නෙ..
පුංචි අයට ටිකක් සැර වැඩියි, වැඩිහිටි අයට ඇඟ ඇතුලෙ ලෙඩ තියෙනවනම් බේත් එකේ සැර ඔරොත්තු නොදෙන්න ඉඩ තියෙනවා.. ඒ නිසා වෛද්‍ය උපදෙස් නැතිව කිසිම වෙලාවක ඔයාගෙ බව්වට Nexgard දෙන්න යන්න එපා..
සමහර බව්වන්ට Liver ප්‍රශ්න, kidney වල ප්‍රශ්න වුණත් එන්න ඉඩ තියෙනවා ලු Nexgard නිතර නිතර දෙන එකෙන්. ( එහෙම වුණු අවස්ථා සම්බන්ධයෙන් අන්තර්ජාලය ආශ්‍රිත කිසිදු ලිපියක් මා හට සොයාගන්නට ලැබුණේ නැත. ) ඒ වගේම මතක තියාගන්න වකුගඩුවල සහ අක්මාවේ රෝග වලට Nexgard විතරක්ම වගකියන්න ඕනත් නෑ.. අන්න ඒ නිසා තමයි බේතක් දෙන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න කියන්නෙ.
Nexgard වල ක්‍රියාකාරීත්වය ගැන බලනකොට මේක බව්වා හපලා කෑවම Nexgard මිශ්‍ර වෙන්නෙ එයාගෙ ලේ වලට. කාලා පැය 4න් බේත වැඩ කරනවා.. පැය 8 ඇතුලත ඇඟේ ඉන්න මැක්කො සියල්ල මැරිලා වැටෙනවා.
මේ Tablet එක බව්වගෙ කෑම එක්ක කලවම් කරලා හෝ නිකන්ම කන්න දෙන්න පුලුවන්.. Beef flavour එක තමයි තියෙන්නෙ.
බැරි වෙලා හරි වමනෙ කරොත්, බඩ එලියෙ ගියොත්, බව්වට කලන්තෙ වගේ හැදුනොත් වහාම Vet ලඟට අරගෙන යන්න ඕන.. බබාලා හම්බවෙන්න ඉන්න බව් අම්මලාට නම් දෙන්න හොඳයි කියලා අනුමත කරලා නෑ, ඒ වගේම Crossing වලට කලින් බව් තාත්තලාට Nexgard අනුමත කරන්නෙත් නෑ..
ඉතින් කිනිතුල්ලො මැක්කො පාලනය කරගන්නම බැරි වෙලාවක ඇරෙන්න පුරුද්දක් විදියට Nexgard දෙන්න යන්නත් එපා. තව එකක්, අපි උනත් තිස්සෙම පොඩි දේටත් පැනඩෝල්ම බොනවනම් ටික කාලයක් යනකොට පැනඩෝල් වලට අපේ ඇඟ හුරු වෙනවා, එතකොට තද ඔලුවෙ කැක්කුමක් ආවත් පැනඩෝල් දෙකක් බිව්වට ඒක අඩු වෙන්නෙ නෑනෙ... අන්න ඒ වගේ Nexgard නිතර දෙන බව්වන්ගෙ ඇඟ ඒ බේතට හුරු වුණාම කිනිතුල්ලො මැක්කො දරුණුවට ආවත් Nexgard Answer කරන්නෙ නැතුව යනවා..
තවත් ලිපියකින් නැවත හමුවෙමු....
පේජ් එකට 👍 එකක් දාලා, යාලුවෝ අතරෙ Share කරගන්න අමතක කරන්න එපා...
✍️ D