සෙniya ඔficial ෆිilm හb

  • Home
  • සෙniya ඔficial ෆිilm හb

සෙniya ඔficial ෆිilm හb the official page of the movie land facebook film group

26/09/2021

හෙට රාත්‍රි 12 ට ප්‍රථම වටය නිම කිරීමට ලැබෙන අවසාන අවස්ථාව බව මෙයින් ඉතා කරුණාවෙන් වෙන් දැනුම් දෙමු..💙

ANIMAL ZONE
YOUTUBE TEAM

20/03/2021
07/03/2021

Ceylon pet media අපට වසරක් සම්පුර්ණ වීමත් සමගම අපි කරපු මුල්ම සජීවී වැඩසටහන,ඉතින් නිහතමානීව ආඩම්බරයෙන් කියන්න කැමති, රටවල්...

 #හදවත පෝසත් පුංචි දරුවෝ  😊❤😘රොට්වයිලර් (සුරතලුන්ගේ ප්‍රශ්නයට විසඳුම් )🇱🇰🇱🇰🇱🇰
07/03/2021

#හදවත පෝසත් පුංචි දරුවෝ
😊❤😘
රොට්වයිලර් (සුරතලුන්ගේ ප්‍රශ්නයට විසඳුම් )🇱🇰🇱🇰🇱🇰

22/11/2020
19/11/2020
19/11/2020

▪️TENET
▪️7.8/10 IMDb
▪️Action, Sci-Fi
▪️Initial release: August 12, 2020
▪️Director: Christopher Nolan
▪️Budget: 205 million USD
▪️Box office: $350.8 million

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⚜️🔥FilmZone-LK Premium Content🔥⚜️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

---------------------------------

Christopher Nolan ගේ සම්පූර්ණ චිත්‍රපටය තියටර් එකට ගිල්ලා බැලුවත් සමහරක් අයට ඒක තේරුම් ගන්න බෑ. Trailer එක බලලා තේරුම් ගන්නවා කියන්නෙ කොහොමත් වෙන්නේ නැති දෙයක්. හැබැයි මට තේරුන විදිහට කියලා දෙන්නම්

Trailer එකක සීන් ස් බලනකොට ඔයාටම තේරෙන්න ඇති [මොකක්ද බං කිසිම ලොජික් එකක් නැතුව , බිල්ඩිං උඩින් හාවෝ වගේ පැන පැන යන්නේ] කියලා , කණ්නාඩි බිත්තියේ බුලට් තියෙනවා හැබැයි චිත්‍රපටයේ නලුවා ඇවිල්ලා කියනවා ➡️ [දැන් තමයි ඕක වෙන්න යන්නේ] කියලා. ඊටත් වඩා මොංගල් කරපු සීන් එකක් තමයි ➡️ ලොකු නැවක් රිවස් එකේ යනවා 😂

මේ වගේ ගොඩක් පැටලිලි සහගත වූ චිත්ත්‍රපටයක් තමයි TENET කියන්නේ… ගොඩක් අය කියනවා ඇති , කිසිම ලොජික් එකක් නැති ෆිල්ම් එකක් කියලා. හැබැයි 100% ක් සම්පූර්ණයෙන්ම logic subject එක අඩංගු වුන ෆිල්ම් එකක් තමයි TENET එක ❤. Christopher Nolan එයාගේ හැකියාව සම්පූර්ණයෙන්ම මේ වගේ ෆිල්ම් එකකින්ම පෙන්නුම් කරලා ඉවරයි 👏.

Christopher Nolan ගැන අපි හැමෝම දන්නවා , Interstellar චිත්‍රපටයේ ඉදන් Dunkirk වෙනකන් සම්පූර්ණයෙන්ම Time කියන ඒ content එක විතරයි එයා පාවිච්චි කරන්නේ… අන්න ඒ Time Content එක තමයි මේ TENET කියන චිත්‍රපටයටත් පාවිච්චි කරලා තියෙන්නේ.

මේ චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත්

Time Travel චිත්‍රපටයක් තමයි TENET කියන්නේ.. අනාගතයේදී වෙන්න යන world war 3 එක නවත්වන්න , චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට training දීලා past එකට යවනවා. හැබැයි මේක සාමාන්‍ය time travel චිත්‍රපටයක් නෙමෙයි , මේ චිත්‍රපටයේ Christopher Nolan පාවිච්චි කරලා තියෙන ඒ time travel method එක සම්පූර්ණයෙන්ම reality methods… ඇත්තටම time travel කරන්න පුළුවන් නම්, ඒ දේ 100%ක් මේ විදිහට තමයි වෙන්නේ කියලා උපරිම හොදට පෙන්නුම් කරලා තියෙනවා.

අපි ගොඩක් time travel Movies බලලා ඇති. ඒ චිත්‍රපට වල time travel කරන විදිහත් ඔයා බලලා ඇති.දැන් අපි 2019 ඉදන් 2015ට යන්න ඕනේ නම් , අපි ගාව තියෙන time travel Machine එකෙන් තත්පරයක් යන්න කලින් 2019 ඉදන් 2015 ට යන්න පුළුවන්.,ඒ විදිහේ method එකක් තමයි අද වෙනකන් ආපු time travel චිත්‍රපට වල පෙන්නුම් කලේ.

හැබැයි Christopher Nolan ගේ reality method එක ගොඩක් වෙනස්.. දැන් අපි 2019 ඉදන් 2015 ට යන්න ඕනේ නම්. අපිට එක සැරේ 2019 ඉදන් 2015 ට යන්න බෑ, ඉස්සෙල්ලා අපි 2019 ඉදන් 2018 යන්න ඕනේ,. ඉටපස්සේ 2018 ඉදන් 2017 ට යන්න ඕනේ,. ඉටපස්සේ 2017 – 2016 අන්තිමට 2016 ඉදන් 2015 ට යන්න ඕනේ. මේ විදිහට step by step තමයි අපිට time travel කරන්න පුළුවන් ,. මේක තමයි Christopher Nolan ගේ පලවෙනි reality method එක.

මේ reality method එකෙන් චිත්‍රපටයේ screenplay එක තවත් strong වෙනවා.. ඒකට හේතුව ➡️ අපි සාධාරණ විදිහට බලන දේවල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට බලන්න බෑ. ඒ කියන්නේ ⬇️

දැන් ඔය TENET චිත්‍රපටයේ අපිත් ඉන්නවා කියලා හිතා ගමු. අපි 2010 වර්ෂයේ ඉන්නේ , TENET චිත්‍රපටයේ නලුවා 2020 වර්ෂයේ ඉන්න කෙනෙක්. දැන් එයා 2020 ඉදන් 2010 ට time travel කරගෙන යන ගමන්. , අපි 2010 වර්ෂයේ සාධාරණ විදිහට හැමදාම ඉන්න විදිහට ජීවත් වෙන ගමන්.. දැන් අපි පොඩි ගමනක් යන ගමන් වෙලාව උදේ 10යි,. 10:30 ට ලොකු කාර් ඇක්සිඩන්ට් එකක් වෙන්න යනවා , ඒ කියන්නේ අපේ Future එකේදී.. හැබැයි අපිට ඒ ගැන දන්නේ නෑ , 10 ඉදන් 10:30 ට ගියාට පස්සේ තමයි අපි දන්නේ , හැබැයි මේ TENET චිත්‍රපටයේ ඉන්න නලුවා 11 ඉදන් 10 ට ගමන් කරන කෙනෙක්… එතකොට එයාගේ ගමනාන්තයත් එක්ක 10:30 ට වෙන්න යන ඒ කාර් ඇක්සිඩන්ට් එක අපිට කලින් එයාට රිවස් එකෙන් බලන්න පුළුවන්. උඩ හරියේ කිව්වා වගේ අපිට සාධාරණ විදිහට බලන්න පුළුවන් වුනාට TENET චිත්‍රපටයේ ඉන්න නලුවට ඒ දේ රිවස් එකෙන් තමයි පේන්නේ.

දැන් මම ඔය කිව්ව විදිහේ සීන් එක TENET Trailer එකෙත් තියෙනවා… උදාහරණයක් ලෙස කිව්වොත් ➡️ මම කිව්ව ඒ කාර් ඇක්සිඩන්ට් සීන් එක Trailer එකේ තියෙනවා. ඒ වගේම තමයි උඩ හරියේ කිව්වේ , කණ්ණාඩි බිත්තියේ බුලට් තියෙනවා හැබැයි චිත්‍රපටයේ නලුවා ඇවිල්ලා කියනවා මේ දේ දැන් තමයි වෙන්න යන්නේ කියලා… ඒම දෙයක් මම උඩ හරියේ සදහන් කලා,. ඒ සීන් වලට තේරුම මේ දේ තමයි.

මේ දේ කොහොමද උබ දන්නෙ කියලා හාන්න එපා. ෆිල්ම් එක හරි විදිහට බැලුවොත් ඔයාටම තේරෙයි..

TENET film Ending එකේ මේ විදිහට දෙයක් පෙන්නුම් කරනවා. ⬇️

[Time Runs Out 7.17.20] ⬅️මෙන්න මේ විදිහේ visual එකක්

මේ විශුවල් එකේ time Runs out කියන එක forward වෙනවා හැබැයි යටින් වැටෙන ඒ ඉලක්කම් backward වෙනවා. ඒ කියන්නේ forward වෙන්නේ අපි , backward වෙන්නේ චිත්‍රපටයේ ඉන්න නලුවා.

ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ title එක ඔයා ටිකක් හොදට නෝට් කරන්න. TENET කියන ඒ වචනේ ඔයා මොන පැත්තට හරවලා බැලුවත් TENET කියලා තමයි පේන්නේ. හැබැයි TEN කියන කෑල්ල විතරක් කැපී පේනවා. එකෙනුත් 1st Half TEN එක හරි කෙලින් තියෙනවා හැබැයි 2nd Half TEN එක කණපිට හැරෙවිලා.

ඒ TENET කියන title එකෙන් පෙන්නුම් කරපු දෙයක් තමයි. සැබෑ ලෝකය කෙලින් ගමන් කලොත් , TENET කියන ලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි ගමන් කරන්නේ. මේ විදිහට TENET චිත්‍රපටයේ ඉන්න නලුවා time එක backward කරගෙන යන නිසා,. වෙන්න යන දෙයක් ඒ දේ වෙන්න යන්න කලින් දැන ගන්න විතරක් නෙමෙයි. වුන දෙයක් රිවස් එකටත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ⬇️

අපි දැන් present එකේ ජීවිත් වේගන , time එක forward කරගෙන ගමන් කරන් ඉන්නවා. ඒ අතර අපි ගොඩක් ලේසියෙන් කරන දෙයක් , backward එකෙන් එන අයට අමාරු වෙයි , ඒ වගේම අපි ගොඩක් මහන්සි වෙලා කරන දෙයක් , backward එකෙන් එන අයට ලේසි වෙයි… අන්න ඒ method එක තමයි TENET Trailer එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ.. උදාහරණයක් ලෙස කිව්වොත් ➡️ මම උඩ හරියේ සදහන් කරලා තිබ්බේ , කිසිම ලොජික් එකක් නැතුව බිල්ඩිං උඩින් හාවෝ වගේ පැන පැන යනවා කියලා.. අන්න ඒ සීන් එකේ method එක තමයි ඕක ⬆️.

දැන් අපි කන්දක් උඩට ලණුවක් ගැටගහල බිමට බහින කොට අපිට ඒක ලේසියෙන් කරන්න පුලුවන්. හැබැයි උඩට නගිනකොට ටිකක් අමාරුයි. ඒ දේම රිවස් එකෙන් එන අය කලොත් , එයාලට කන්ද උඩට නගින එක බහිනවාට සමානයි , බහින එක නගිනවාට සමානයි. මම හිතන විදිහට TENET කියන්නේ secret government එකක්.. ඒක ඇවිල්ලා වෙනත් ලෝකයක් ඒ ලෝකේ සම්පූර්ණයෙන්ම backward එකට තමයි ගමන් කරන්නේ. ඒකට උදාහරණයක් විදිහට ➡️ ලොකු නැවක් රිවස් එකේ යනවා වගේ සීන් එකක් තියෙනවා.

අන්න ඒක ගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ නලුවා සැබෑ ලෝකේ ජීවත් වුන පුද්ගලයෙක් වෙන්න ඇති. World war 3 එක නවත්තන්න TENET කියන ලෝකේ ඇතුලට ගෙනල්ලා training දෙනවා කොයිදෝ. ඒ වගේ තමයි පේන්නේ. චිත්‍රපටයේ ඉන්න නලුවට දන්නවා එයා past එකට යන්න යන්නේ කියලා. හැබැයි හේතුව දන්නෙ නෑ. ඒ නිසා එයා ගිල්ලා එක කෙල්ලෙක් ගෙන් හානවා [ඇයි මට past එකට ගිල්ලා හැම දේම මාරු කරන්න කියන්නේ] කියලා.

ඒ දේට ඒ කෙල්ල දෙන උත්තරේ [සමහරක් විට world war 3 එක නවත්තන්න වෙන්න ඇති] මේ සීන් එක Dialogues එක්ක හොදට නෝට් කරන්න Film එකෙන්. ඒ වගේම තමයි නලුවා ආයේ ඒ කෙල්ලගෙන් හානවා Nuclear Weapon එකක් ද කියලා. හැබැයි ඒකට ඒ කෙල්ල දෙන උත්තරේ [ඊට වඩා දරුණු දෙයක් කියලා] එකෙන් දැන ගන්න පුළුවන් දෙයක් තමයි ⬇️ අද වෙනකන් ලොකේ තියෙන බලවත්ම ආයුධයක් තමයි Nuclear Weapon කියන්නේ. හැබැයි world war 3 එකේ පාව්ච්චි කරන්නේ ඊට වඩා දරුණු දෙයක් ලු., ඒ කියන්නේ සමහරක් විට Future එකෙන් Nuclear Weapon එකට වඩා බලවත් ආයුදයක් අරන් ඇවිල්ලා world war 3 එකේදී පාවිච්චි කරයිද මන්දා 🤔.

ඒ වගේ දෙයක් වෙනවා කියන්නේ, අනිවාර්යෙන්ම මේ චිත්‍රපටයේ ඉන්න දුෂ්ටයා TENET ලෝකයේ හිටපු කෙනෙක්.. මොනවහරි හේතුවක් නිසා එයා TENET ලෝකයෙන් පිට ඇවිල්ලා එයාට කියලා එක ලෝකයක් නිර්මාණය කරගෙන ඇති. ඒම බැලුවොත් නලුවටත් TENET කියන key word එක දන්නවා , දුෂ්ටයාටත් ඒ දේ දන්නවා. ඒ නිසා තමයි TENET කියන ඒ key word එක නලුවට දෙනකොට කෙනෙක් කියන්නේ. [ඔයා මේ දේ හරි විදිහට පාවිච්චි කලොත් හරි දොර ඇරෙයි , වැරදි විදිහට පාවිච්චි කලොත් වැරදි දොර ඇරෙයි] කියලා. ඒ Dialogue එකේ තේරුම ⬇️

හරි කෙනා ගාවට ගිල්ලා key word එක කිව්වොත් ඔයාට හරි දේ ලැබෙයි , ඒකම වැරදි කෙනා ඒ කියන්නේ දුෂ්ටයා ගාවට ගිල්ලා කිව්වොත් උබ ඉවරයි.

ඒක තමයි කොයිදෝ තේරුම 😂

මේ විදිහට තමයි TENET කියන චිත්‍රපටය තියෙන්නේ කියලා කිව්වේ. මම Film එක බලපු විදිහට මට තේරුන දෙයක් තමයි ඕක… ඒ නිසා තමයි හැදින්වීමක් දුන්නේ. Christopher Nolan ගේ චිත්‍රපටයක් කියන්නේ කොහොමත් පැටලිලි සහගත වූ චිත්‍රපටයක් තමයි ඉතින්. බලමු 2020 කී දෙනෙක් පිස්සෝ වෙයිද කියලා 😂

---------------------------------

Like and Share
⭕️ Originally Uploaded by FilmZone-LK

19/11/2020

චිත්‍රපටි ලන්තෙ Page එකක් හැදුවා.😍
Group of movie land

https://www.facebook.com/senithpasindudilmin1/

👉🤟Page එකින් ඔයාලට ඕනේ Film එකක් ලෙසියෙන් හොයාගන්න පුලුවන් විදියට අපි Upload කරන්නම්
🎥🌎🤗

Page එකට Like කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා🤗
ගෘප් එක
https://www.facebook.com/groups/2750812368377516/?ref=share

සිංහල උපසිරසි සමග තව ෆිල්ම් 15 ක් අරං ආව ඔන්න ,කලින් දාපු ෆිල්ම් දෙක තුනකුත් ඇති,බලන්නකො ඔයාල හොයපු ෆිල්ම් තියනවද කියලා ...
18/11/2020

සිංහල උපසිරසි සමග තව ෆිල්ම් 15 ක් අරං ආව ඔන්න ,කලින් දාපු ෆිල්ම් දෙක තුනකුත් ඇති,බලන්නකො ඔයාල හොයපු ෆිල්ම් තියනවද කියලා 👇,

චිත්‍රපටි ලන්තෙ Page එකක් හැදුවා.😍
Group of movie land
https://www.facebook.com/senithpasindudilmin1/

ගෘප් එක
https://www.facebook.com/groups/2750812368377516/?ref=share

𝙻𝚒𝚔𝚎❤️𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝❤️𝚂𝚑𝚊𝚛𝚎❤️Invite❤️
𝗣𝗔𝗚𝗘 එකට සෙට් වෙන්න
යාලුවන්ටත් බලන්න මෙන්ෂන් කරන් යන්න
පෝස්ට් එක 𝐔𝐩 කරන් 𝕮𝖔𝖒𝖒𝖊𝖓𝖙 එකක් දාගෙනම බලන්න

https://www.facebook.com/116551326853186/posts/172221104619541/

film Crdit by - madusha

13 වන සීනමා විචාරය Mookuthi Amman 2020 දමිළගූගල් පරීශිලක දර්ශකය 95%IMDB 6.9/10දෙවියන් ඔයා ගාවට එයි කියලා හිත හිතා ඉන්න එ...
17/11/2020

13 වන සීනමා විචාරය

Mookuthi Amman 2020 දමිළ

ගූගල් පරීශිලක දර්ශකය 95%

IMDB 6.9/10

දෙවියන් ඔයා ගාවට එයි කියලා හිත හිතා ඉන්න එපා.
එයා අනිවාර්යයෙන් ඔයා ලගට එනවා
මොකද,
ඔයා දෙවියන් වහන්සේ විසින් තොරාගත් දරුවෙක් නිසා.

මම ඔයාගෙන් අහනවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා.ඔයා කියයි සමහර විට නැ කියලා. එකට හෙතුවක් විදියට කියයි මට සල්ලී නැ කියලා.එතකොට මම ගොඩක් හොදට සල්ලී තියෙන කෙනෙක්ගෙන් අහනවා ඔයා සතුටින් ද ඉන්නේ කියලා.එයා කියයි නැ මට සල්ලී තිබ්බට සතුට නැ කියලා.මිනිසුන් ජීවිතේ සතුටින් හිටියානම් දේවාලවල ඔච්චර පළතුරු වට්ටි එකතු නොවෙන්න තිබුනා නේද ?

මේ ලොකේ දෙවියෝ ඉන්නවා ද? එක ගැන තමයි අද අපේ කතාවෙන් කතා කරන්නේ.ඉතින් කතාව ගැන කියන්න කලින් අපි මේ ලොකේ දෙවියෝ ඉන්නවාද කියලා ටිකක් බලලා ඉමු.මේ ලොකේ අද වෙනකන් දෙවියෝ දැකපු කෙනෙක් නැ.එත් බුදුදහමට අනුව ලොකේ එකම එක දවසක ඔයාට පුළුවන් දෙවියෝ දකින්න.ඒ තමයි ලොක විවරණ මහා ප්‍රාතීහාර්‍ය වෙන දවසට. එක ලස්සන කතාවක් මම එක ටිකක් ඔයාලට කියන්නම්. අපේ බුදුන් වහන්සේ තමන්ගේ අම්මාට දර්මය දේශනා කරලා ආයේ සංකස්ස පුරයට වඩිනවා. ඒ වේලාවේ පියවි ඇසින් මිනිසුන්ට දෙවියෝ දකින්න පුළුවන් වෙනවා. ඔයාලා පංසල් වල දැකලා ඇති බුදුන් වහන්සේ ඉනිමගකින් වඩින සිතුවමක් අන්න ඒ තමයි මම ඔය කියපු සිදූවිම.ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් දෙවියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම ඉන්න දෙවියෝ කොයි වගේද කියලා අපිට කියන්න බැ.එත් අපිට දේවාල වලින් දේව පිංතූර බලා ගන්න පුළුවන්.මිනිසුන් පුද පූජා පවත්වලා දෙවියන්ට වන්දනාමාන කරනවා.එක වරදක් නැ.එත් ඒ භක්තිය අපේ සීමාවක් එක්ක තියා ගන්න ඔනා.එතනින් එහාට ගියාම අපිව අපිට හොරෙන්ම රැවටීමට ලක් වෙනවා.

මේ ලොකේ හැම දේකටම මිලක් තියෙනවා.අපේ හැගීම් වලටත් එක එහෙමම තමයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ගැන තමයි අද අපේ කතාවෙන් කතා වෙන්නේ.

එංගල් රාමසාමි කියන්නේ දරුවන් හතර දෙනෙක්ගේ පවුලේ වැඩ්මහල්ම පුතා. තාත්තා හැර ගිය නිසා පවුලේ වගකීම් එයාගේ කර මතට පැටවෙනවා.ඒ අතර ඔහුගේ අම්මාත් දෙවියන්ගේ බැතිමතෙක්. පවුලේ කරදර වලින් තැලී ජිවත් වෙන මෙයාලට පිහිටට මුක්කුති අම්මාන් දෙවියන් එනවා.ඉතින් එතනින් එහාට එයාලාගේ ජීවිතය වෙනස් වෙනවා එක කොහොමද වෙන්නේ කියලා ලස්සන කතාවක් විදියට ගලා ගෙන යනවා.

කතාව අරම්භ වෙනකොටම අපිට අරමුණක් හදලා දෙනවා. එක නිසා මෙය නරඹන කෙනෙක්ට කුතුහලයක් හෝ හිතින් මවා ගැනීමක් සිදු කරන්න ඔන වෙන්නේ නැ.ආරම්භක් දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු නිසා.අපිව මොහොනතකට සංසුන් කරවනවා. එතන ඉදන් පළවෙනි අඩ හොරාව පුරාවටම කතා වෙන්නේ රාමසාමිගේ පවුලේ දුප්පත්කමත් එක්ක එයාලාගේ ආගමික භක්තිය ගැනයි.එය එතරම් සංවේදී නොවන විදියට තමයි නිර්මාණය කරලා තියෙනවා. ඇයගේ අම්මාගේ නිතර කියවිල්ල නිසාම සමහර අවස්තාවලදී චිත්‍රපටයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරලා තියෙනවා.පළවෙනි අඩ හොරාව එකාකාරී විම නිසා ආරම්භය සාර්ථකයි කියලා කියන්න බැ නමුත් විහිළු තහළු එක්ක එකතු විම නිසා තරමක් සතුටු දායක විදියට බලන්න පුළුවන් වෙලා තියෙනවා.

පවුලේ දරුවෝ හතර දෙනෙක්, එකෙනුත් තුන් දෙනෙක් ගැණු දරොවො ඉන්න ගෙදරත් ගොඩක් දුප්පත් මේ ඔක්කම ඒ වගෙම එකම ඉන්න පුතාටත් කසාදයක් හරියන්නේ නැ එතකොට අම්මා කෙනෙක් කරන්නේ නොපෙනෙන දෙවියන් යදින එක නේද ? එක අපිට හරී ද වැරදිද කියනවාට වඩා මමනම් දකින්නේ අසරණ කම කියලා.මේ කතාවේදී මේ සංවේදී සිදුවිම් නිර්මාණය කිරිමේදී සංවේදී කම අයින් වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. එක චිත්‍රපටය තුලින් මම දකින විශේෂ ලක්ෂණයක් කියන්න පුළුවන්.නමුත් එය එතරම් සාර්ථක තොරා ගැනීමක් නොවිම කණගාටුවට කරුණක් විදියට මම දකිනවා.

සියලු ප්‍රශ්න වලට විසදුම් හොයන්න පවුලේ දේවාලෙට ගිය අවස්තාවේ මුක්කුති අම්මාන් දෙවියෝ රාමසාමි ඉදිරියේ පෙනී සිටිනවා ඒ දර්ශනය ඉතාමත් අලංකාරයි කියලා කියන්න පුළුවන් වෙනවා. සැබෑ ලෙසම අප කිසිදා දෙවියන්ගේ රූපයක් දැකලා නැ.එහිදී බොහො දෙනාගේ සිතේ මැවුන ආකාරයෙන් තමයි දෙවියන්ව නිර්මාණය කරලා තියෙන්නේ.දෙවියෝ අහසේ ඉන්නවා කියලා කියන සංකල්පය නිවරදී කියලා නිර්මාණය තුලින් පෙන්වා දී තියෙනවා. නයනතාරා තුලින් දේව රූපය නිර්මාණය කිරිමේදී ඉතාමත් ලස්සන කොටස් එකතු කරලා තියෙනවා.දකුණු අත ත්‍රීෂූලය , රත් පැහැ ගැන්වූ සාරීය , අඩ නිල්වන් දෙනෙත් , හිස පලදනාව, මාල හත, කොන්ඩ මොස්තරය මේ සියල්ලගෙන්ම දෙව සංකලපය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා.දේව රූපය නිර්මාණය අතින් නිර්මාන කරුවා සාර්ථක වෙලා තියෙනවා කියලා කිවොත් මම හරී කියලා හිතනවා.

දෙවි කෙනෙක් හමු වු විට අප සියලු දේ ඉල්ලා සිටිම සාමාන්‍ය දෙයක්.රාමසාමිත් එය එලෙසම සිදු කරනවා.ඒ දර්ශනයන් නරඹන විට අපට ඇලඩින්ව මනසට නැගෙනවා.නමුත් මෙහි එක් දර්ශනයක රාම සාමී හට ආස බයික් එකක් දෙවියන් ලබා දෙනවා එවිට ඔහු එහි නැගී යන ආකාරය නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. එහිදී බයිසිකලය නිශ්චලව තබා පසුබිම චලනය වන ආකාරයෙන් එය නිර්මාණය කරලා තියෙනවා.නමුත් එය එතරම් සාර්ථක ලෙස සිදු කරලා නැ එම නිසා මෙය නරඹන කෙනෙක් හට ඉතාමත් අකීකරු දර්ශනයක් විදියට පෙන්නුම් කරනවා.එම කොටස් තවත් අලංකාර උනානම් චිත්‍රපටයට ආලොකයක් වෙන්න තිබ්බා කියලා මට හිතෙනවා.

එතන් සිට දෙවන අඩ හොරාව ගතවෙනතුරුම දෙවියන් සමග යන දෙබස් එකතු කරලා තියෙනවා.සමහර කොටස් ඉතා අලංකාර වෙනකොට තවත් කොටස් නරඹන අපට අපහසුතා ඇති කරනවා.ඉට උදාහරණයක් විදියට රාමසාමි මේ පැය බාගෙන් බොහෝ වෙලාවක් එක දිගට කියවිම පෙන්නුම් කරන්න පුළුවන්.එය මුහුනට හිනාවක් ගෙනාවත් අනවශ්‍ය කොටස් විදියටයි මම දකින්නේ. චිත්‍රපටය පලවෙනි හොරාවෙන් අනතුරුව තරමක් වෙනස් ආකාරයෙන් ගමන් කරනවා.මිනිසුන් දෙවියන් යදින්නේ ඇයි යන්න ඉතාමත් හොදින් කතා කරනවා. මුක්තු අම්මාන් කොවිලට මිනිස්සු නොපෙමිනෙන විට තුඹසකින් කිරි ගලන්න සලස්වනවා.ඒ තුලින් කෙලින්ම නිර්මාණ කරුවා මිනිසාගේ කනට පහරක් ගසනවා කියලා කියන්න පුළුවන්.එය භක්තියද? මොඩ කමද යන්න ඔහු අපෙන් ප්‍රශ්න කරනවා.

චිත්‍රපටයේ සැබෑ කතාවට එකතු වෙන්නේ බාබා හදුන්වා දිමත් එක්කයි.ඔහු බක්තිය කියාගෙන මිනිසුන් රවට්ටන්න පටන් ගන්නවා.ඒ තුලින් සල්ලී හොයාගෙන ඔවුන් සුර සැප විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් සූක්ෂම වගෙම විනොදාකාරී විදියට පෙන්වා දෙනවා.අන්ධ විශ්වාස හා භක්තිය එක්ක දොලනය වෙන විදියට මේ කොටස් නිර්මාණය කරලා තියෙනවා.කෙලින්ම බාබාගෙන් ප්‍රශ්න කරන කොටසේදී පවා අන්ධ භක්තියයට කනේ පහරක් ගහන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ කොටස් නිසා පලවෙනි හොරාවෙදී නැති ඌ ජව සම්පන්න ගතිය කතාවට එකතු වෙලා තියෙනවා.

එය උච්චතම අවස්තාව සමග එකතු කරන නිර්මාණ කරුවා මුක්කුති අම්මාන් හා බාබාගේ මිනිසුන් අතර සටනක් පෙන්නුම් කරනවා.එහිදී දේව ශක්තිය ගැන නිර්මාණ කරුවා ඉතාමත් තදින් කතා කරනවා. දෙවියන්ගේ පහර අකුණු සැරකට වඩා ශක්තිමත් කියලා අපට පහදා දෙනවා.එම දර්ශන ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ වගෙම නරඹන කෙනෙක්ට දේවියන් කෙරෙහී භක්තියක් ඇති කරන්න ඒ දර්ශන සමත් විම සතුටට කරුණක් කියන්න පුළුවන්.

දෙවියන් පෙනී සිට ඇවිදිමට ගන්නා මොහොතේ ආගමික දේව ගීතයක් පසුබිමෙන් වාදනය කිරිම නිසා මේ දර්ශනය මනසට ඉතාමත් තදින් කා වදිනවා.මෙය චිත්‍රපටයේ ලස්සනම දර්ශනය කිවොත් මා නිවරදීයි. මේ වෙනකොට චිත්‍රපටය ඉතාමත් ඉහල හැගිම් වලින් පරීපූර්ණ කරලා තියෙනවා. අවසානයේ සියලු දේ වෙනුවෙන් දෙවියන් සාමාන්‍ය ස්ත්‍රී සූරූප දරාගෙන බාබා ඉදිරියේ පෙනි සිට්මින් අන්ධභක්තිය හා විශ්වාසය අතර තීරණාත්මක සටනක් සිදු කරනවා.එය ඉතාමත් ප්‍රායෝගීක ප්‍රශ්න සමග සංසදනය වන නිසා චිත්‍රපටයේ කතා තෙමාව හරවත්ව පෙන්වා දීමට සමත් වෙලා තියෙනවා.

මේ චිත්‍රපටය මිනිසුන්ගේ මානුෂික හැගිම් වලට තැන දීමට ගත් උත්සහයක් කියන්නත් පුළුවන්.එක් අවස්තාවකදී රාමසාමි තමාගේ වැඩ්මහල් නැගනිය වර්ණනා කර ඇයගෙන් ආසාවන් ගැන විමසන දර්ශන ඉතාමත් සංවේදී කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පලවෙනි හොරාව ටිකක් පසුගාමී තත්වයක් තිබුනත් සමස්ත කතාවම එක්ක ගත්තාම සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.මේ චිත්‍රපටය මගින් දෙවියන් නැත යන අදහස දීමට වඩා අන්ධ විශ්වාස වෙනුවෙන් හඩක් නගන්නට උත්සහගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්.නයනතාරාගේ රංගනයත් ඉතාමත් විශිෂ්ඨ මට්ටමකට තිබුනා.ඇය තුලින් ජීවමාන දේව රූපය ඉතාමත් අලංකාර ලෙස පෙන්නුම් කිරිම නිසා චිත්‍රපටයේ හරය තවත් ලස්සන උනා කියලා මට හිතෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආර් ජේ බාලාජී විසින් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔහුම රංගනයෙන් දායක විමයි.එමෙන්ම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය විදියට නයනතාර රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2020 නොවැම්බර් 14 දින ඩිස්නී+ හොට්ස්ටාර් නිකුත් කරා.

චිත්‍රපටය අලංකාර ගීත හයකින් වරණවත් වෙනවා.සියලු ගීත වෙනුවෙන් චිත්‍රපටය තුල විනාඩි 21 වඩා කාලයක් වෙන් කර තිබිමත් විශෙෂ කරුණක් විදියට දක්වන්න පුළුවන්.
පවුලේ සියලු දෙනාටම එකතු වෙලා මේ චිත්‍රපටය ගොඩක් ආසාවන් බලන්න පුළුවන්.

තවත් සිනමාපටයකින් හමුවෙමු.

තාරුක නිරොෂාන්

ඔන්න තවත් ෆිල්ම් 10 අරන් අවා,සිංහල උපසිරැසි සමගින්🎬🍟 කට්ටියම සෙට් වෙන්න .❤❤♨️◾තාම අපේ සෙniya ඔficial ෆිilm එකට Like කරලා...
17/11/2020

ඔන්න තවත් ෆිල්ම් 10 අරන් අවා,
සිංහල උපසිරැසි සමගින්🎬🍟
කට්ටියම සෙට් වෙන්න .❤❤♨️

◾තාම අපේ සෙniya ඔficial ෆිilm එකට Like කරලා නැද්ද...අපේ Official Page එකට Like කරලා සෙට් වෙන්න👇😌

◾Link👇❌
https://www.facebook.com/movielandgroup/

Grup link

https://www.facebook.com/groups/2750812368377516/?ref=share

https://m.facebook.com/story.php?story_fbid=156515026190149&id=116551326853186

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සෙniya ඔficial ෆිilm හb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share