29/09/2023
මෙයගේ නම ලිලි, සැප්තැම්බර් 15 පාන්දර තමයි පන්සලේ රතිඤ්ඤා සද්දෙට බය වෙලා පාරට ගිහින් තියෙන්නේ. තවමත් අපි මෙයාව හොයනවා.
පන්සලට ආපු සැදැහැවතුන් පිරිසක් ලිලිව අරන් ගියා කියලත් දැකපු කිහිප දෙනෙක් කිව්වා.
ලිලි අතරමන් වුනු වෙලවෙ එයාව තනියම දාල යන්න බැරි නිසා හෝ වෙනත් හේතුවක් මත හෝ ලිලි ඔබ ළග හෝ වෙනත් නිවසක හෝ ඉන්නවා දැක්කොත් කරුණාකරලා අපිට කියන්න.
කිසිම කෙනෙකුට අපි ඔයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නෑ. දු අ 0750686682.
ලිලි පොඩි කාලේ ඉදලම තනියම ඉන්න බයයි. පොඩි සද්දෙටත් වෙව්ලනවා. කෑම කවන්න ඕනේ. නිදා ගන්නේ එයාගේ නංගී එක්ක එකට. අපිරිසිදුවට ඉන්න කැමති නෑ. වැස්සට කැමතිම නෑ.
මේ දවස් වල හොදටම වහිනවා. ලිලි කොහොම ඉන්නවද කියලා හිතන්නවත් බෑ.
ලිලිව ඉක්මනින් හොයා ගන්න උදව් කරන්න.
ස්තූතියි.