Ceylon Paws

Ceylon Paws බව්වන්ට ආදරේ අය අපිත් එක්ක එකතු වෙන්න

03/12/2023
අපි ගෙදර එනකම් කෙනෙක් ඉවසිල්ලක් නැතුව මඟ බලන් ඉන්නවා කියන එක,අපේ ඇස් දෙක දිහා බලලා, හදවත කියවන්න දන්න කෙනෙක් ඉන්නවා කියන...
11/10/2023

අපි ගෙදර එනකම් කෙනෙක් ඉවසිල්ලක් නැතුව මඟ බලන් ඉන්නවා කියන එක,

අපේ ඇස් දෙක දිහා බලලා, හදවත කියවන්න දන්න කෙනෙක් ඉන්නවා කියන එක,

අපි දුප්පත් ද, පෝසත් ද, අපේ රස්සාව මොකද්ද කියලා කෙයාර් නොකර, අපි එයාගෙ ළඟින් ඉන්න එකට විතරක් වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න එක,

අපි ජීවිතේ කොච්චර ස්ට්‍රෙස් එකක හිටියත්, කොච්චර පීඩනේක හිටියත් ඒක තත්පරෙන් අතුරුදහන් කරලා දාන්න පුලුවන් කෙනෙක් ඉන්න එක,

අපි මොන තත්වෙක හිටියත් පුංචි වෙනස්කමක්වත් නොකර අපිට ආදරේ කරන කෙනෙක් ඉන්න එක,

කොයි තරම් නම් ලස්සන හැඟීමක් ද..? 💜️

මේ ලෝකෙ තියෙන සමහර හිත් වලට එයාලගෙ ආදරේ වචන වලින් කියාගන්න බෑ. ඒත් එයාලා හදවත පුරෝලා අසීමිතව ඒ ආදරේ අපිට බෙදනවා.

තෙත හොම්බකින් පටන් අරන්, දෙපැත්තට වැනෙන වලිගෙකින් ඉවර වෙන ඒ ආදරේ අඩුවක් නැතිව විඳින,
හොඳම යාලුවෙක් විදියට බල්ලෙක් ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි.

මොකද ඒ ආදරේ කොන්දේසි විරහිත ආදරයක් හින්දා..!

මරණයෙන් මෙහා දේකට කවදාවත්ම ඒ ආදරේ වෙනස් කරන්න බැරි හින්දා..!! 💜️

✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක

මේ අය ගැන කවුරුත් දැක්කේ නැත්තම්... 😭
08/10/2023

මේ අය ගැන කවුරුත් දැක්කේ නැත්තම්... 😭

එයා ගිහින්... 😢🐶
20/08/2023

එයා ගිහින්... 😢🐶

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි..?අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.මා පශුවෛද්‍යවරයෙක් ලෙසට මා රාජකාර...
11/08/2023

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි..?

අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.

මා පශුවෛද්‍යවරයෙක් ලෙසට මා රාජකාරි කල කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සදහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් ඔහුගේ බලු සුරතලා නිසා දැන ගත හැකි විය..

මේ කතාවේ බලු සුරතලාගේ නම බෙල්කර් විය.ඔහුගේ ස්වාමියාගේ කුඩා ප්‍රත්‍රයා

ෂේන් විය.. ඔවුන් දිනක් මා සොයා එන්නේ බෙල්කර්ගේ අසනීප තත්වය මතය..

බෙල්කර් පරීක්ෂා කළ ඔහු පිළිකාවක් නිසා මිය යන බව මා සොයා ගත්තේය. බෙල්කර් වෙනුවෙන් අපට කිසිවක් කළ නොහැකි බව මම පවුලේ අයට පැවසූ අතර, ඔවුන්ගේ නිවසේ සිටින බල්ලා සඳහා සුපුරුදු දයානුකම්පිත අප සිදුකරන ක්‍රියා පටිපාටිය සිදු කිරීමට මා ඉදිරිපත් විය. (එනම් මිය යනතෙක් අපට කල හැකි ප්‍රතිකාර)

අපි කටයුතු සූදානම් කරද්දී, රොන් සහ ලීසා මට කිව්වා හය හැවිරිදි ෂේන්ට ඒ ක්‍රියා පටිපාටිය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බව. ඔවුන්ට දැනුනේ ෂේන් අත්දැකීමෙන් යමක් ඉගෙන ගනීවි කියාය.

ඊළඟ දවසේ, බෙල්කර්ගේ පවුලේ අය ඔහු වටකරගෙන සිටින විට වෙනදාට මා මෙවන් අවස්ථාවක අල්ලා ගන්නවා වගේ බෙල්කර්ගේ උගුරේ හුරුපුරුදු අල්ලා ගැනීම මට දැනුනි. ෂේන් ​​හරිම සන්සුන්ව, අන්තිම වතාවට තම බල්ලාව සුරතල් කරමින්, මම කල්පනා කළේ ඔහුට සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගත හැකිද යන්නයි. මිනිත්තු කිහිපයක් ඇතුළත බෙල්කර් සාමකාමීව මෙලොවින් ලිස්සා ගියේය.
කුඩා පිරිමි ළමයා බෙල්කර්ගේ සමුගැනීම කිසිදු දුෂ්කරතාවයකින් හෝ ව්‍යාකූලත්වයකින් තොරව පිළිගන්නා බවක් පෙනෙන්නට තිබුණි. බෙල්කර්ගේ මරණයෙන් පසු අපි ටික වේලාවක් එකට වාඩි වී, බල්ලන්ගේ ජීවිත මිනිස් ජීවිතවලට වඩා කෙටි බව කනගාටුදායක කාරණය ගැන ශබ්ද නඟා කතා කළෙමු. නිහඬ ව සවන් දෙමින් සිටි ෂේන්, “මම දන්නවා ඇයි කියලා.”

පුදුමයට පත් අපි සියල්ලෝම ඔහු දෙසට හැරුනෙමු. ඔහුගේ මුවින් පිටවූ දේ ඊළඟට මා මවිතයට පත් කළේය. මීට වඩා සැනසිලිදායක පැහැදිලි කිරීමක් මා අසා නැත. එය මා උත්සාහ කරන හා ජීවත් වන ආකාරය වෙනස් කර ඇත.

ඔහු පැවසුවේ, “මිනිසුන් ඉපදෙන්නේ හොඳ ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමටය - සෑම විටම සෑම කෙනෙකුටම ආදරය කිරීම හා යහපත් වීම වැනි, දේ හරිද?” හය හැවිරිදි දරුවා දිගටම,

”හොඳයි, බල්ලන් දැනටමත් එය කරන්නේ කෙසේදැයි දනී, එබැවින් ඔවුන් අප සිටින තාක් කල් රැඳී සිටිය යුතු නැත.”
සරලව ජීවත් වන්න.

නොමසුරුව ආදරය කරන්න. ගැඹුරින් සැලකිලිමත් වන්න. කාරුණිකව කතා කරන්න.

මතක තබා ගන්න, බල්ලෙක් ගුරුවරයා නම් ඔබ මෙවැනි දේ ඉගෙන ගනු ඇත:

ඔබගේ ආදරණීයයන් නිවසට පැමිණි විට, ඔවුන්ට ආචාර කිරීමට නිතරම දුවන්න.

*ප්‍රීති ගමනක් යෑමට ඇති අවස්ථාව කිසි විටෙකත් අත් නොහරින්න.
නැවුම් වාතය සහ ඔබේ මුහුණට සුළඟ පිළිබඳ අත්දැකීම් පිරිසිදු ප්‍රමෝදයට ඉඩ දෙන්න. කෙටි නින්දක් ගන්න.
නැගිටීමට පෙර දෑත් දිගු කරන්න.

දිනපතා, සෙල්ලම් කරන්න.

*අවධානය යොමු කර මිනිසුන්ට ඔබව ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න.

*උණුසුම් දිනවලදී, වතුර ගොඩක් බොන්න සහ සෙවන සහිත ගසක් යට වැතිර සිටින්න.

*ඔබ සතුටින් සිටින විට, ඔබේ මුළු සිරුරම නටවන්න.

*දිගු ගමනක සරල ප්‍රීතියෙන් සතුටු වන්න.විශ්වාසවන්ත වන්න.

*ඔබ නැති දෙයක් තිබෙන ලෙස කිසි විටෙකත් ලෝකයට රඟපාන්න එපා.

ඔබට අවශ්‍ය දේ බොරු ලෙස වළලා තිබේ නම්, ඔබ එය සොයා ගන්නා තෙක් හාරන්න.

යමෙකු නරක දවසක් ගත කරන විට, නිශ්ශබ්ද වන්න, අසල වාඩි වී මෘදු ලෙස ඔහු සමග කාලය ගෙවා දමන්න..

හොඳ බල්ලෙකුගෙන් අපට ඉගෙන ගත හැකි සතුටේ රහස එයයි.

(උපුටාගැනිමකි)

උබලට ඕවා දැන්ම තේරෙන්නේ නෑ. 😅
14/05/2023

උබලට ඕවා දැන්ම තේරෙන්නේ නෑ. 😅

ආදරය හා බැඳීම.. 💔🥀 ජීව්තේට අපිට හමුවෙන සමහර අය අපේ ජීවිත පාට කරනවා. අපේ ජීවිතේට සතුට සිනහව සැනසීම ගේනවා.. ඉතින් එතකොට තව...
30/04/2023

ආදරය හා බැඳීම.. 💔🥀
ජීව්තේට අපිට හමුවෙන සමහර අය අපේ ජීවිත පාට කරනවා. අපේ ජීවිතේට සතුට සිනහව සැනසීම ගේනවා.. ඉතින් එතකොට තව තවත් අපි ඒ බැඳීමට ලං වෙනවා.. මේ කතාව මට සමීප වෙන්නෙ මගෙ ලැබ් කෙල්ලගෙ පැටව් සෙට් එකෙන් පිරිමි පැටියක් මේ අය ගත් නිසා. ඒ අය පවුලෙම දරුවෙක් වගේ ඒ පැටියව බලාගත්තා. සියලු සැප ඇතිව මගෙ පැටියා හැදුනා මෙයාලා ලග. හුගාක් ගෙවල් වල ලමයි මෙහෙම බව්වෝ ගෙදර ගෙනාවට පස්සෙ ඒ ගෙදර අම්මා තමයි හුගක්ම සමීප වෙන්නෙ බව්වට.මොකද දරුවො වැඩ රාජකාරි වලට යනනිසා පැය 24ම ගෙදර ඉන්න අම්මා එක්ක තමයි ආදරෙන් බැඳෙන්නෙ මෙයාලා.මේ ගෙදරත් එහෙමයි. මේ අම්මාට මේ පැටියාව තමන්ගෙ පොඩිම දරුවා වුනා. හුගාක් ආදරේ කලා. ඉතින් මේ රත්තරන් පැටියට ගිය මාර්තු මාසෙට අවුරුද්දක් පිරුනා විතරයි අප්‍රේල් 27 හදිසියෙම අසනීප වෙලා අපි හැමෝමව අඩවලා යන්න ගියා.😓 අපි හැමෝටම දරාගන්න බැරිවුනා ඒක. ඊටත් වඩා ඒ අම්මට උහුලගන්න බැරිවුනා එයාලගෙ පොඩි පුතා නැති වුන වේදනාව. ඒ වේදනාවටම ඇති වුන හෟද්‍යාබාධයකින් ඒ අම්මත් නැති වුනා අප්‍රේල් 28 රෑ..😓 සුරතලෙක් වෙනුවෙන් හිතේ ඒ තරම් සෙනෙහසක් තිබුනු ඒ අම්මට අමා මහ නිවන් සුව ලැබෙන්න ඕනි.. ඒ වගේම ඒ අහිංසක පැටියටත් යහපත් මිනිස් ආත්මයක් ලැබෙන්න ඕනි. 🙏😞🤍

උපුටාගැනීමකි.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අසල මෙම 🐕 සත්වයා අතරමංවී ඇත අනේ පව් පුළුවන් තරම්  share  කරන්නේ මේ අහිංසක බලු පැටියා  අයිති...
29/04/2023

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අසල මෙම 🐕 සත්වයා අතරමංවී ඇත අනේ පව් පුළුවන් තරම් share කරන්නේ මේ අහිංසක බලු පැටියා අයිතිකරුට හමුවෙන තුරු 🐕 2023/04/29 😔💖🙏🐕

කවදාවත් මේ වැඩේ කරන්න එපා ✋ හිතන්නඇයි ඔයාල නිදහස් කරන්නෙ ?පව් නිසානෙඇයි පව් ?කූඩුවක හිර වෙලා අවුවෙ දුක් විදින නිසානෙඇයි ...
03/04/2023

කවදාවත් මේ වැඩේ කරන්න එපා ✋

හිතන්න
ඇයි ඔයාල නිදහස් කරන්නෙ ?
පව් නිසානෙ
ඇයි පව් ?
කූඩුවක හිර වෙලා අවුවෙ දුක් විදින නිසානෙ
ඇයි එහෙම දුක් විදින්නෙ.? 🤔

ඔයාල නිදහස් කරනකම්නෙ ✋

අන්න ඔයාලට වැරදුන තැන

ඔයාල නිදහස් කරන නිසයි
එයාල එහෙම හිර වෙන්නෙ
දුක් විදින්නෙ
වර්ගයාගෙන් වෙන් වෙන්නෙ

පව කරන්නෙ ඔයාලමයි

මාසයක් ලංකාවෙම කවුරුත් කුරුල්ලො නිදහස් කිරීමෙන් වැලකුනොත්
අල්ලන් ඉන්න අය කාටද දෙන්නෙ 🧐

එයාලට ඒ වැඩේ අතාරින්නම වෙනව ✋

මොලෙන් හිතන්න

මේ සත්තු දුක් විදින්නෙ ඔයාලම නිසයි 🙂

අපල දුරු වෙනව නෙවෙයි බම් 😏
උම්බල අපල වැඩි කරගන්නවා 👆

සොයා දෙන්න.......අද උදෑසන 6.45 පමන සිට ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ මාස 9ක බලු පැටියෙක් නැතිවි තිබෙන අතරතිබිරිගම, කුරුඳුවත්ත, ම...
03/04/2023

සොයා දෙන්න.......
අද උදෑසන 6.45 පමන සිට ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ මාස 9ක බලු පැටියෙක් නැතිවි තිබෙන අතර
තිබිරිගම, කුරුඳුවත්ත, මයිලවලාන, මාහල්ලොලුව කිරිදිවැල අවට සිටින බව විශ්වාසයි, ඉතාම හුරතල් බැවින් ඕනෑම කෙනකුට ලගට යා හැකිය.
නම ලියෝ
දුරකථන අංකය 0713928688
පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇති බැවින් දකින කෙනෙක් සිටියහොත් දන්වන්න

දැක්කද 🧐🙃
26/03/2023

දැක්කද 🧐🙃

සීතා ලංකාවට ඇවිත්.😍🕉❤️Sita Ramam චිත්‍රපටියෙන් අතිශය ජනප්‍රිය වූ Mrunal Thakur  ලංකාවට ඇවිත්....❤️                      ...
15/03/2023

සීතා ලංකාවට ඇවිත්.😍🕉❤️

Sita Ramam චිත්‍රපටියෙන් අතිශය ජනප්‍රිය වූ Mrunal Thakur ලංකාවට ඇවිත්....❤️

මේ ලස්සන බල්ලා මම අද පේරාදෙණිය ප්‍රදේශයේදී දැක්කා. කවුරුහරි හදපු බල්ලෙක්.  මග වැරදිලා මෙහාට ආවා. උඩපේරාදෙණියේ ජනතාව පවසන...
15/03/2023

මේ ලස්සන බල්ලා මම අද පේරාදෙණිය ප්‍රදේශයේදී දැක්කා. කවුරුහරි හදපු බල්ලෙක්. මග වැරදිලා මෙහාට ආවා. උඩපේරාදෙණියේ ජනතාව පවසන්නේ හිමිකරු නිසි ලියකියවිලි රැගෙන පැමිණියහොත් එය ඔහුට ලබාදෙන බවයි. තොරතුරු සඳහා අමතන්න - 0716062909

இந்த அழகிய நாயை இன்று பேராதனை - உடபேராதனை பகுதியில் பார்த்தேன். யாரோ வளர்த்த நாய். வழி தவறி இங்கே வந்துள்ளது. இதன் உரிமையாளர் உரிய ஆவணங்களுடன் வந்தால் இதனை அவரிடம் கையளிப்பதாக உடபேராதனை மக்கள் தெரிவிக்கின்றனர். தகவலுக்கு அழையுங்கள் - 0716062909

01/03/2023

එයාගෙ හිනාව 😂🤣😍❤️

28/02/2023

බල්ලා කනව ද ? අපෝ නෑ එන්න.....
ර්‍ඊට ටික වෙලාවකට පස්සෙ 🤣🤣🤣

මේ දුක අදටත් මට වචන වලට පෙරලන්න අමාරුයි 🥺😭💔
25/02/2023

මේ දුක අදටත් මට වචන වලට පෙරලන්න අමාරුයි 🥺😭💔

දරුවන්ට සතුන් ගැන කියල දෙන්න... දරුවො ඉන්න දෙමාපියො ඕනි කියල දෙන්න...නිතර නොදකින මේ පයිලට් ඩොල්පිං ලා වෙරළට ආවම උන්ගේ මය...
11/02/2023

දරුවන්ට සතුන් ගැන කියල දෙන්න...

දරුවො ඉන්න දෙමාපියො ඕනි කියල දෙන්න...

නිතර නොදකින මේ පයිලට් ඩොල්පිං ලා වෙරළට ආවම උන්ගේ මයිල් ගලවන්නයි, දත්ගලවන්නයි යන්න එපා කියල කියල දෙන්න..

තල්මසුන් ගොඩ එන හේතු කියල දෙන්න...

අපිත් මාළු කනව තමයි. ඒත් අපි බාබේරියන්ල නොවෙයි!

07/02/2023

තුර්කියේ භූ කම්පනය වෙන්න කලින් එයාගේ හැසීරීම..
සමහරවිට හැමෝටම අනතුරු අගවන්න උත්සහ කරන්න ඇති.

😥💔
07/02/2023

😥💔

සොයාදෙන්න. සොරාගේන ඇත.    📞📞0719360617
31/01/2023

සොයාදෙන්න. සොරාගේන ඇත. 📞📞0719360617

11/01/2023

ඒ ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට වේවා 🙏😍❤️

Is this your pet ? 🥹මේ මැනික අපිට හම්බුනේ 3 වෙනිදා කඩවත ටවුන් එකේ අතරමං වෙලා ඉද්දි. ❤️ පුදුම හීලයි. අපේ ගෙදරම කෙනෙක් වගේ...
08/01/2023

Is this your pet ? 🥹

මේ මැනික අපිට හම්බුනේ 3 වෙනිදා කඩවත ටවුන් එකේ අතරමං වෙලා ඉද්දි. ❤️ පුදුම හීලයි. අපේ ගෙදරම කෙනෙක් වගේ. අනේ ඒත් අයිති කෙනා ඉන්නව නං මේ නම්බර් එකට කතා කරන්න 0766101272
අයිති කෙනා ගැන තාම නිවුස් එකක් නෑ. තව ටික දවසක් බලල මම මෙයාව රෙජිස්ටර් කරනව.

ඔන්න හැමෝගෙම support එකෙන් මේ බව්වව හොයාගන්න පුලුවන් උනා. Share කරලා සහයෝගය දුන්න හැමෝටම ගොඩක් පිං. ඒ බව්වා දැන් සතුටින්...
06/01/2023

ඔන්න හැමෝගෙම support එකෙන් මේ බව්වව හොයාගන්න පුලුවන් උනා. Share කරලා සහයෝගය දුන්න හැමෝටම ගොඩක් පිං. ඒ බව්වා දැන් සතුටින් ඒ ගෙදර අය එක්ක ආයේ ඉන්නවා ඔයාලා හැමෝම නිසා. ගොඩක් ස්තූතියි. ❤️❤️❤️

🔴 Update - මෙයාව හොයාගත්තා 🔴Share කරපු හැමෝටම ගොඩක් පිං. ❤️අද උදේ ඉදන් මෙයා ගෙදර ආවේ නෑ. රත්නපුර බටුගෙදර අවට. රතු පාට be...
04/01/2023

🔴 Update - මෙයාව හොයාගත්තා 🔴

Share කරපු හැමෝටම ගොඩක් පිං. ❤️

අද උදේ ඉදන් මෙයා ගෙදර ආවේ නෑ. රත්නපුර බටුගෙදර අවට. රතු පාට belt එකක් දාලා හිටියෙ. ගොඩක් ආදරෙන් ගෙදර හැදුවේ. පුලුවන්නම් Share කරලා Support එකක් දෙන්න මෙයාව හොයාගන්න. අනේ කවුරුහරි දැක්කොත් 078 8595832 Number එකට call එකක් දෙන්න. ගොඩක් පිං.

04/01/2023

අවුරුදු 3කට පස්සේ එයාගේ අයිතිකාරයා හම්බෙලා 😍

Wishing you a Happy New Year 2023 with the hope that you will have many blessings in the year to come.
31/12/2022

Wishing you a Happy New Year 2023 with the hope that you will have many blessings in the year to come.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Paws posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share