එයාලත් පුංචි ළමයි 😍
📽️ මුල් හිමිකරු සතුයි
අවදානය ගන්න කරන මෝඩ වැඩ 😒
පාරෙ අයිනේ ඉන්න තුන්පත් රෑනකට මෙම නූගත් කාන්තාව පොලිතීනය පිටින් කෘත්‍රිම ආහාර ලබාදෙනව. අන්තිමට ඒ මව් ඇතින්න විසින් එම පොලිතීන් උරයද සමඟ ආහාරයට ගනී 😤.
අලි ඇතුන් මියයන ප්‍රදාන හේතුවක් වන්නේ පොලිතීන් ආහාරයට ගැනීමයි. එනම් පොලිතීන් මලු ආහාර ජීර්ණ පද්ධතියේ සිරවීම නිසා මියයන බව මරන පරීක්ෂණ වලින් හෙලිවේ. ඉතින් මෙවැනි අණුවන පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු නොකරන්නේ ඇයි? මේ වගෙ මෝඩ වැඩ කරන්න එපා. ඒකෙන් එම සතා මෙන්ම මිනිස්සුත් අනතුරේ. අන්තිමට අලියට විතරක් බැනල වැඩක් නැ. කොච්චර කියනවද කැලෙ අලින්ට කෘත්‍රිම ආහාර දෙන්න එපා කියලා 😤
ඔලුවක් තිබ්බට වැඩක් නැ ඇතුලේ හුළං නම් 🥴
🎥 Tusk Road
හස්ති මිතුරෝ - Friends of Elephants
මෙම අලියා නවගත්තේගම ප්‍රදේශයේ තම ඉදිරි වම් පාදය අසාධ්‍යව සිටී.
අප මේ ගැන පුත්තලම වනජීවි කාර්‍යාලයෙන් විමසූ විට ඔවුන් පැවසුවේ මෙම අලියාට පෙරේදා දින නිකවැරටිය පශුවෛද්‍ය ඉසුරු මහතා ප්‍රතිකාර කල බවයි.
පසුව දවස් පහකින් පමණ නැවත ප්‍රතිකාර කිරීමට යන බවත් අප වෙත පවසන ලදී. මෙම අලියා මේ දින වල ආහාර සොයා මිනිසුන් සිටින ස්ථානයට යන බවත් දැනගැනීමට ලැබුණි.
මෙම අලියාට ප්‍රතිකාර කටයුතු සදහා සහය වු සියලු දෙනාටම ස්තුතිය පුද කරන අතර මෙම අලියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු🙏
වීඩියෝ Nawagaththegama sirisugatha Theru ස්වාමින් වහන්සේගෙන් 🙏
හස්ති මිතුරෝ - Friends of Elephants
පදවි ශ්‍රි පුර හැලබ වැව ප්‍රාදේශීය අසනීප තත්වයේ සිටින මෙම අලියා මෙම වැවේ දවස් ගානක සිට බැස සිටින බව දැනගැනීමට ලැබිණි.
මේ පිළිබඳ ත්‍රිකුණාමලය වනජීවි ඒකකයෙන් විමසු විට පැවසුවේ මේ වන විට ප්‍රතිකාර අරඹා ඇති බවත් නමුත් කලින් දැනගැනීමට ලැබුණේ එක් වරක් පමණක් ප්‍රතිකාර කල බවයි.
මෙම හස්තියා පිළිබඳවත් විමසිල්ලෙන් සිටිමු
හස්ති මිතුරෝ - Friends of Elephants
මේ ගල්ගමුව අඹන්පොළ ප්‍රදේශයට පැමිණි මෙම ඇතින්න පැටවාගේ පසුපස පාදය යම් හේතුවක් මත අසාධ්‍ය වී ඇති අතර ඉතා අමාරුවෙන් පාදය බිම තියන්නේ.
මේ පිළිබඳ 1992න් විමසූ විට ඔවුන් පැවසුවේ මේ වන විට ගල්ගමුව පශුවෛද්‍ය නිලධාරී මහත්වරුන් මෙම ඇත් පැටවා සොයාගෙන ඇති බවත් මෙම පැටවා එහි අලි රංචුවත් සමඟ කොටු වී සිටින බැවින් පැටවා අසලට යාමට නොහැකි වු බවයි.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් පැටවා තනිකොට කඩිනමින් ප්‍රතිකාර කටයුතු ඇරඹීමට කටයුතු කරන බවත් අප වෙත පැවසුවා.
මෙම පැටවාට ඉක්මන් ප්‍රතිකාර ඇරඹීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු🙏
📽️ @Rmg Bandara මහතා
හස්ති මිතුරෝ - Friends of Elephants
අවසන් රන්දෝලි මහා පේළි පෙරහර 2024 / 07 / 20
අවසන් රන්දෝලි මහා පේළි පෙරහර 2024 / 07 / 20
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්ය
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!
#uthpalawannsrivishnumahadewalaya #Devinuwara #දෙවිනුවර #767esalaperahara #visitsrilanka #visitdevinuwara #perahara #esalaperahara
හය වන පේළි පෙරහර සුරිඳුනි දෙවිනුවර 767
හය වන පේළි පෙරහර 2024 / 07 / 19
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්ය
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!
#uthpalawannsrivishnumahadewalaya #Devinuwara #දෙවිනුවර #767esalaperahara #visitsrilanka #visitdevinuwara #perahara #esalaperahara
සුරිඳුනි දෙවිනුවර 767 තෙවන පේළි පෙරහර මංගලය්ය සුදානම
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්ය සුදානම
තෙවන පේළි පෙරහර 2024 / 07 / 16
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!
#uthpalawannsrivishnumahadewalaya #Devinuwara #දෙවිනුවර #767esalaperahara #visitsrilanka #visitdevinuwara #perahara #esalaperahara
සුරිඳුනි දෙවිනුවර 2024 දෙවන පේළි පෙරහර
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසල පෙරහර මංගලය්ය
දෙවන පේළි පෙරහර 2024 / 07 / 15
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
#uthpalawannsrivishnumahadewalaya #Devinuwara #දෙවිනුවර #767esalaperahara #visitsrilanka #visitdevinuwara #perahara #esalaperahara
ඔබ සැමට දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු පිහිටයි !!!
මේ අමන මනුස්සයා අග්බෝ ඇතාට කැටපෝලයකින් විදින ආකාරය 😒😡
මෙවැනි කාල#නි මිනිසුන් හට දැඩි නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙම සතුන් මහ පොළවෙන් වද උන දවසටද? මෙම පාපතරයා අග්බෝගේ ඊළඟ ඇසත් නැති කරන්න හදන්නේ 😡
මිනිස්සුන්ගේ දැඩි හිරිහැර මැද්දේ තම ජීවිතය අවදානයක සිටින අග්බෝ. මෙම ඇතුට ආරක්ෂිතව සිටිය හැකි ක්‍රමවේදයක් හදන්නේ කවද්ද?
📽️ උපුටාගැනීමකි
හස්ති මිතුරෝ - Friends of Elephants
හුරුලු echo parkහී තම පාදයට වෙඩි වැදී අසාධ්‍යව සිටින ඇත් පැටවාට තවම ප්‍රතිකාර සිදුකර නැත 😥
මේ පිළිබඳ ගිරිතලේ පශුවෛද්‍ය කාර්‍යාලයෙන් විමසු විට ඔවුන් පැවසුවේ අද දින ප්‍රතිකාර සඳහා යන බවයි. පසුව නැවතත් ඇත් පැටවාගෙ තත්වය විමසීමේදී ඔවුන් පැවසුවේ ඇත් පැටවා සොයා ගැනීමට නොහැකි බවයි.
( නමුත් සවස් වරුවෙ වැව කිට්ටුව සිට ඇති බව ආරංචි වී ඇත)
ඉන්පසු නැවතත් ගිරිතලේ පශුවෛද්‍ය කාර්‍යාලයෙන් විමසු විට ඔවුන් පැවසුවේ මෙය පරන පෝස්ට් එකක් බවත් ඇතාට ප්‍රතිකාර කරල ගොඩක් කල් බවත්ය 😒
පසුව නැවත පශුවෛද්‍ය කලිගු මහතාගෙන් විමසු විට ඇතා වැව කිට්ටුව සිටින බවත් හෙට දිනයේ ප්‍රතිකාර කිරීමට යන බව අප වෙත පැවසීය.
මෙවැනි වැඩ වලින් අපහසුතාවයට පත් වන්නේ මෙම සතුන් නොවේද?
හස්ති මිතුරෝ - Friends of Elephants
තම ඉදිරි දකුණු පාදයට බදින කදක් පත්තු වී අසාධ්‍යව යාල දිසාපති වැව ප්‍රදේශයේ සිට උඩවලව ඇත් අතුරු සෙවණට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ආ මෙම ඇත් පැටියාගේ දැන් තත්වය කෙසේද?
මෙයා දැන් කොහෙද ඉන්නේ? දන්න කෙනෙක් ඉන්නවද?