Sri min aquarium

  • Home
  • Sri min aquarium

Sri min aquarium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri min aquarium, Pet service, .

ශ්‍රී මින් වැඩක් තමයි ඉතින්.....
22/01/2022

ශ්‍රී මින් වැඩක් තමයි ඉතින්.....

03/01/2022

ශ්‍රී මින් අතින් නිමවූ තවත් project එකක් ඔබත් ඔබේ මින් මැදුර විශ්වාසයෙන් අපට ලබාදෙන්න

01/01/2022

60*24*24 ෆිල්ටර් බොක්ස් & ටැංක්

22/12/2021

Copy කල හැක සමකල නොහැහ අපි ශ්‍රී මින්...

28/11/2021

Full busy time ..

04/11/2021

මාරවිල hospital ළමා වාට්ටුව fish tank

නාත්තන්ඩිය ග්‍රාමීය බැංකුවේ 42*30*30 ත්‍රිකෝණ ටැංකිය ශ්‍රී මින් වෙත විශ්වාසයෙන් භාරදුන් lourdes aqua අධිපති සුජිත් මහතාට...
24/10/2021

නාත්තන්ඩිය ග්‍රාමීය බැංකුවේ 42*30*30 ත්‍රිකෝණ ටැංකිය ශ්‍රී මින් වෙත විශ්වාසයෙන් භාරදුන් lourdes aqua අධිපති සුජිත් මහතාට සහ රංග ඇක්වටික් අධිපති තුමාට හදපිරි 🙏 ස්තුතිය

48*24*18 මාරවිල රෝහලේ ළමා වාට්ටුවේ ටැංකිය ශ්‍රී මින් වෙත භාරදුන් හේමස් ආයතනයට සහ Lourdes aqua අධිපති සූජිත් මහතාට හදපිරි...
24/10/2021

48*24*18 මාරවිල රෝහලේ ළමා වාට්ටුවේ ටැංකිය ශ්‍රී මින් වෙත භාරදුන් හේමස් ආයතනයට සහ Lourdes aqua අධිපති සූජිත් මහතාට හදපිරි 🙏ස්තූතිය.

ෆ්ලවහෝන් යාළුවනේ ඔන්න ඔයාලට ලස්සන ටැංකික්
11/10/2021

ෆ්ලවහෝන් යාළුවනේ ඔන්න ඔයාලට ලස්සන ටැංකික්

ඔන්න යාළුවනේ මම අද කියාදෙන්න යන්නේ ටෙට්ට්‍රසයිකලින්(Tetracycline) කියන මෙන්න මේ කරලගැන.මේක ගැන ඇක්වේරියම් ෆීල්ඩ් එකේ ගොඩ...
06/10/2021

ඔන්න යාළුවනේ මම අද කියාදෙන්න යන්නේ ටෙට්ට්‍රසයිකලින්(Tetracycline) කියන මෙන්න මේ කරලගැන.

මේක ගැන ඇක්වේරියම් ෆීල්ඩ් එකේ ගොඩක් අය දන්නවා නමුත් මම මේය ගැන දැනුවත්කිරිම සිසුකරන්නේ නිවෙස්වල 🐟 🐟 🐟 මාළු ආදරයෙන් හදන අය දැනුවත්කිරිම උදෙසා.

සුරතල් මසුන් ගේ තුවාල සිදුවීම්,කොරපොතු ගැලවීයාම, වගේම වරල් දීයවීමට,බැක්ටීරියා ආසාදන වලටද මෙම කරල(capsule) භාවිතාකරනවා මේය ඉස්සර නම් මිනිසුන්ට ප්‍රතිකාර කිරිමට භාවිතාකර ඇති නමුත් දැන්නම් බොහෝදුරට සතුන් සදහා පමනක් භාවිතා කරන බව කියනවා.

තවද සුරතල් මසුන් 🐟 🐟 🐟 ප්‍රවාහනය කිරිමේදි ගෝඩාක් ඇක්වේරියම් සහ ගොවිපොළවල උදවිය මාළු පැකින් කිරීමේදී මේ කරල භාවිතාකරන අතර එමගින් මාළු සුරක්ෂිතව රැගෙනයාමට හැකියාව ඇත.

ගෙදර හදන මාළු තුවාල වෙන අවස්තා බොහොමයි කොටාගැනිම්,නෙට් එකෙන් මාළු ඇල්ලීමට යාමේදී, ටැංකියෙන් පැනිමේදි, මේ කිනම් මොහොතකදී හෝ ඔයාගේ සුරතල් 🐟 🐟 අසරණ වනවට ඔයාල කවුරුත් ආස නැහැ නේද? එහෙම වෙලාවකදී උනත් ඔයාලට මෙම ප්‍රතිකාරය දියහැකියි.

සැලකියයුතුයි : tetracycline භාවිතාකරන විට කූඩා ප්‍රමාණයේ මාළු සදහා භාවිතාකරන විට පරිස්සමෙන් උදා: ටෙට්ටා වර්ගයේ 🐟 🐟 🐟 මාළු සදහානම් මෙය සුදුසු නැත විශාල වන මාළු වර්ග වලට නම් වඩාත් සුදුසුයි ගප්පි,පේටි, වර්ග වලටත් ගැටලුවක් නැහැ තවද tetracycline වලින් ප්‍රතිකාර කරන විට එකපාරට කරන්න යන්න එපා මොකද මෙය පුරුදු උනොත් අනිත් බෙහෙත් වර්ග වලට answer නොකරන්න පුලුවන් එම නිසා methylene blue වැනි බෙහෙත් වලට අහන්නේ නැති විතකදී මෙම ක්‍රමයට කර බලනවානම් ගොඩක් සුදුසුයි tetracycline ඔබට රු 4.5 වගේ මිලකට ෆාමසි වලින් මිලදීගත හැක.

දියයුතු මාත්‍රාව: ඝණ අඩියට කරල් 2ක්(250mg)
ඝණ අඩියට වතුර ලීටර් 28ක් පමන වෙනවා
යම් ගැටලුවක් වේනම් මාහට අමතන්න
0773787116
උචිත සෞඛ්‍ය ගුණරත්න .

27/09/2021

සුරතල් 🐟 මසුන්ගේ වරල් දියවීම,සුදු පුල්ලි සහ ඇස් වල සුද ඇතිවීම.

ශ්‍රී මින් ඇක්වේරියම් අද ඔයාලට කවුරුත් නොකියන රහස් ක්‍රමවේදයක් කියාදෙන්නම් මෙය ගොඩාක් දෙනා දන්න නමුත් කාටවත් කියාදෙන්නම් මැලිවෙනවා මම සූදානම් සුරතල් මසුන්ට ආදරේ කරන ඔයාලට අද පටන් ඔයාලට රහස් බේහෙත් ක්‍රම පුලුවන් වෙලාවට කියාදෙන්න.

වරල් දියවීම,සුදු පුල්ලි සහ ඇස් වල සුද මතුවීම බෝවෙන රෝගයක් වතුර අපවිත්‍ර වීම,කෑම වැඩිවීම මගින් මෙම රෝගය වැලදේ ඔබට කිරීමට ඇත්තේ මෙයයි ලගම ඇති ෆාමසි එකකින් කොන්ඩිස් 5g කුඩු පැකට් එකක් අරගන්න රු 50 හෝ 60ක් වගේ පුංචි මුදලක් ඔබට වැයවේවි වැඩිම උනොත් ඉන්පසු ලීටර් 1ක වතුර හිස් බෝතලයක් රැගෙන පිරිසිදු වතුර ලීටර් 1ක් පුරවාගන්න ඉන්පසුව කොන්ඩිස් පැකට් 1න් 2g වතුර ලීටරයට එක්කරගෙන හොදට සොලවන්න දැන් ඔබ සදාගත් මිස්‍රණය මිලි 5ක් ලීටර් 25ක් සදහා භාවිතාකරන්න.

උ.දා: ඔබගේ ටැංකියේ වතුර ලීටර් 50ක් නම් මිලි 10ක්

දවස් දෙකකට පසු ටැංකියේ වතුර මට්ටම 25% අඩුකර නැවත බෙහෙත් දමන්න පෙර දැමූ ප්‍රමාණයම දමන්න
දවස් 4න් ලේඩේ නිත්තාවට සුවයි

ඔබ තව යමක් කර යුතුයි රෝගී මසුන් සිටි ටැංකියේ රෝගය ඇති නිසා ටැංකිය ජීවාණුහරනය කරයුතුයි නැතහොත් නැවත රෝගය පැතිරිය හැක එමනිසා ටැංකියේ මාළු සියල්ලෝම අයින් කර ටැංකිය හොදින් පිරිසිදුව කර වතුර පුරවා
වතුර දම් පාට වනතුරු කොන්ඩිස් දමන්න (මසුන් දමන්නට එපා) පැය 24 ක් තබා ටැංකියේ වතුර ඉවත්කර හරින්න එවිට ටැංකියේ ඇති විෂබීජ ඉවත්වී යාවි දැන් ඔබට නීරෝගී මසුන් නැවත දැමිය හැක.

ඔබට ඔබගේ ටැංකියේ ලීටර් ගනන දැනගැනීමට ටැංකියේ දිග*පලල*උස සෙන්ටිමීටර් වලින් වැඩිකර එන උත්තරය 1000÷ බෙදන්න එවිට ඔබේ ටැංකියේ ලීටර් ගනන ඔබට දැනගත හැක
උදා: 60*30*30=54000÷1000=54
ලීටර් 54.

06/09/2021

ශ්‍රී මින් ඇක්වේරියම් පාරිභෝගිකයන් සහ සියලුම සහෝදර ඇක්වේරියම් සහ වීදුරු ආශිත්‍ර නිර්මාණකරුවන් ගේ දැනගැනීම පිනිස.

රටේ ඇතිව ඇති වසංගතය තත්වට හමුවේ තමන්ගේ කූට ආත්මාර්ථකාමී වෙලදුන් වීදුරු,සිලිකන් ගම්,ෆෝමිකා ස්ටිකර් වර්ග පමනක් නොව යකඩ, ඇලුමිනියම්, එකී මෙකී සෑම දෙයකම දවසින් දවස හිගයක් මවාපාමින් මිල අසීමිත ලෙස ඉහල යවා ඇත වසන්ගතයට පෙර රු 95 ට තිබුනු 5mm වීදුරු වර්ග අඩියක් රු 180ක් 190ක් වැනි ඉහල මිලකට අලවි වනවා රු530 ට පැවැති boss 322 ගම් එක 680 සිට සමහර කඩවල 730ක් දක්වා ඉහල දමා ඇත.

12"*6"*6"
කූඩා ප්‍රමාණයේ මාළු ටැංකියක් සදහා වර්ග අඩි 2ක් වැය වේ පෙර 95*2=රු190 දැන් 180*180=රු360 වසන්ගතයට පෙර මෙම ටැංකියක් රු250ක් වැනි මුදලකට වීදුරු,ගම්,ස්ටිකර් දමා තොග මිලට දිය හැක නමුත් අද වෙනකොට වීදුරු වල පමනක් රු360 වියදම් වේ එවිට ගම්,ස්ටිකර්,වැඩ කුලිය සමග ටැංකියක් විකුනන ගාන අපිට හිතාගත නොහැක.

සමහරෙකු අසන්නට පුලුවන් මේ මොහොතේ මාළු ටැංකි කන්නද කියලා නමුත් මේ කර්මාන්තය කරගෙන යන බෝහො පිරිසක් මේ මොහොතේ අසරණ වී ගොවියා ගොවිතැන මිස වෙන කුමක් කරන්නද? වඩුවා වඩුවැඩ මිස වෙන කුමක් කරන්නද? තවද කිවයුතු යමක් වේ වීදුරු ටැංකි සෑදිමට පමනක් නොව නොයෙකුත් ඉදිකිරීම් කටයුතු සදහා ද යොදා ගනු ඇත.

මෙලෙස දවසින් දවස මිල ඉහල යාමනිසා අප බොහෝ අපහසුතාවට පත්ව ඇත මක්නිසාද අද දින අපි අපේ ගැනුම්කරුවන් හට මිල ගණන් කීවෙද එය මෙම සතියට පමනක් වලන්ගු වනු ඇත ලබන සතියේ අපි කියපු ගානට ගන්න අප වෙත ආපුවාහම අපිට බඩු ගැනිමට යාමේදී අපි ගැනුම්කරුවන් හට කී මුදලට වඩා මුදලක් අමුද්‍රව්‍ය
සදහා වැයවේ එවිට ගැනුම්කරුවන් හට නව මිලගණන් කීමේදී අප සමග අමනාප වන අවස්ථාවන් එමටයි.

වසංගතය මුවාවෙන් හෝ රජය අපහාසු තත්ත්වයට පත්කිරීමට හෝ කුමක් හෝ අරමුනකින් වීදුරු පමනක් නොව සෑමදෙයක්ම වාගේ තොග සගවාගෙන මේ කරන අසික්කිත ක්‍රීයාවට අප එක්වී සියලුම දෙනා දැනුවත් කරන්න මෙය ශෙයාර් කරන්න රජය සහ වගකිවයුත්තන්ව දැනුවත් කරමු.

16/08/2021

ශ්‍රී මින් සියලුම පාරිභෝගිකයන් ගෙන් කාරුණික ඉල්ලීමයි.

*විසිතුරු 🐟 මාළු ටැංකී රැගෙනයාමට පෙර තොග ගැනුම්කරුවන් ටැංකි නිසියාකාරව පරික්ශාකර රැගෙනයාමට ඔබ විසින් වගබලාගතයුතු අතර රෑගෙන යෑමෙන් පසු වගකියනු නොලැබේ.

*ටැංකි වල ඇති වතුර කාන්දුවිම් රෑගෙන යාමෙන් පසු සැලකියයුතු ප්‍රමාණයක් ඇතිනම් ආයතනය විසින් නැවට ටැංකි රෑගෙන යාමට පැමිනෙනවිට කාන්දුව වන ටැංකි වලට මාරුකිරිමට ඔබට හැකියාව පවතිනවා එවිට ඔබ විසින් කාන්දුවිම් වැසීම සදහා ගම් ගෑමෙන් වලකින්න එවැනි විකෘති කිරීම් කර රැගෙන එන භාණ්ඩ සදහා වගකියනු නොලැබේ.

*ආයතනයේ ඔබහට යම්කිසි අසාධාරණයක් උනේනම් එම අසාධාරණය සොයාබැලීම අපවිසින් අනිවාර්යයෙන් සිදුකරන අතර තවද එවැනි අවස්ථාවකදී අපහට එය දැනුවත්කිරිම ඔබගේ වගකීමයි එවැනි අවස්ථාවකදී ආයතනයේ කීර්තිනාමය තැන් තැන් වල හානි නොකරන මහත්මා ගතිගුණ ඇති පාරිභෝගිකයන් හට අප විසින් ඔබහට සාදාරණය ඉටුකිරීම අපගේ වගකීමයි.

*මාළු ටැංකි අලුත්වැඩියා කිරීමට රැගෙන එනවිට ටැංකිය නිසියාකාරව පිරිසිදුකර රැගෙන ඒමට කරුනිකවන්න.

ස්තුතියි.

14/08/2021

හූල්ලන්න නම් එපා චූටි දැන් ලොකුයි අනේ......

ෆයිටර් ටැංකි කාටද ඔනේ....????
14/08/2021

ෆයිටර් ටැංකි කාටද ඔනේ....????

10mm වීදුරු හොදයි නේ යාළුවනේ සිමෙන්ති වලින් නම් හදනවා මේක මගේම නිර්මාණයක් දැන් නම් හෑමෝම හදයි ඔන්න
10/08/2021

10mm වීදුරු හොදයි නේ යාළුවනේ සිමෙන්ති වලින් නම් හදනවා මේක මගේම නිර්මාණයක් දැන් නම් හෑමෝම හදයි ඔන්න

20/07/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri min aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share