හෙළයේ ඇත් පවුර - Helaye ath paura

  • Home
  • හෙළයේ ඇත් පවුර - Helaye ath paura

හෙළයේ ඇත් පවුර - Helaye ath paura හෙළයේ අභිමානවත් හස්ති පරපුර රැකගනිමු.

15/11/2024

2024 වාර්ෂික ඉල් මහා කාර්තික මංගල්‍යයේ සූදානම ©️ රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය

09/11/2024

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහාවිහාරස්ථානයේ අරහත්ධජ මංගලෝත්සවයේ පුජනීය කඨින වස්ත්‍රය රැගත් පෙරහරහි සජිවී විකාශය

සිංහ රාජා ❤️🐘🐘
15/09/2024

සිංහ රාජා ❤️🐘🐘

12/09/2024

යහපත් ආත්මයක් ලැබේවා " මදූ " 😥🐘

ඓතිහාසික බදුලු මුතියංගණ රජ මහා විහාරයට අයත්ව සිටි මධූ (මධුසංඛ) හස්ථියා හදිසි අනතුරකින් මියයයි..

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka

03/09/2024

88 - අලි මරණය 😥
වෙඩි වැදුණු කෙණර මිය යයි 😥🍃

මහව නාවික හමුදා කඳවුර අසල ප්‍රදේශයේ වැවක වෙඩී වැදී අසාධ්‍යව සිටි කෙනර ඊයෙ රාත්‍රියේ දී මරණයට පත්ව ඇත. මාසයකට ආසන්න කාලයක් වෙඩි වැදී අසාධ්‍යව ගල්ගමුව වනජීවී බල ප්‍රදේශයේ සිට මහව වනජීවී ප්‍රදේශයට පැමිණි මෙම කෙනර පසුගිය දින කිහිපයේ මහව වනජීවී නිලධාරීන්ගේ සහ නිකවැරටිය පශු වෛද්‍ය ඉසුරු මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. අද දින කෙනරගේ අවසන් කටයුතු එම ස්ථානයේ සිදු කරනු ලැබේ. 🙏😥

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම

13/08/2024

සියල්ලටම ප්‍රථම ආරක්ෂාව ...
අලි බලන්න එන හැමෝටම ඇත්ගාලෙන් පණිවිඩයක් ......
Athgala - ඇත්ගාල

13/08/2024

මගේ පුතේ මට සමාවෙයන් 😥
උඹව අවුරුද්දකටත් වැඩි කාලයක් කුසේ දරාගෙන ඉදලා
අන්තිමට නොහික්මුණ දුම්රිය රිය දුරෙක් නිසා

අපි දෙන්නටම ජීවිතෙන් වන්දි ගෙවන්න උනා

අවුරුදු ගානක් තිස්සේ අපි දුම්රිය දෙපාර්තමේන්තුව සමග ,මේ සම්බන්දව කතාකලත් ඒවා සාකච්ඡා පමණක් උනා ,පරිසර ආශික අදීක්ශන කමිටුවේ මේ සම්බන්දව කතාකලා.ඒවා සාකච්ඡා විතරක් උනා පෞද්ගලිකව රාත්‍රී දුම්රියේ ගිහින් වේග සීමා නිරීක්ෂණය කලා .සීමාව නොතකා හැටට හැටේ එයාලා ගියා. වනජීවී දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්දව කතාකලා .හැම දේම සාකච්ඡා විතරක් උනා .අහිංසක සත්තු දවසගානේ මැරුණා .අද මැරුණෙත් අම්මා කෙනෙක් .ඔබේ බිරිදට .සහෝදරියක්ට මේ දේ උනානම් .ඔබ හැසිරෙන ආකාරය ඔබට තේරේවී.මේ වගේ අපරාද දකින්න අපිත් පව් කරලා.

පරිසර සංවිධානවල බල කිරීම මත ගල්ගමුවේ වන ජීවී උමං මාර්ගය මේ දිනවල හැදෙනවා. ඉතිරි අලි මාරුවෙන මේ වගේ තැන් වල අනාගතය මොන වගේ වෙයිද කියලා මටනම් හිතාගන්න බෑ.

Asanka Chaturanga Lakshan

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම

03/08/2024

හීලෑ ඇත් පරපුරේ මහ ඇත් රජු රැකබලාගත් මෙහෙවරට ගෞරව දක්වනු වස්, ශ්‍රි දළදා මාලිගාවේ ඇත්ගාලෙන් පිරිනමන විශ්‍රාම දීමනාව ප්‍රදානය.
Athgala - ඇත්ගාල

31/07/2024

පිළිම නෙලා නැති විරුවන්
සමරන දිනය අදයි !

World Rangers Day 2024

අද ජුලි 31 වැනිදා ය.නැතිනම් ලෝක වන අඩවි ආරක්ෂකවරුන්ගේ දිනයයි.(World Rangers Day)
ලොව පුරා විවිධ තනතුරු නාමයන් දරමින් වනජීවී,ස්වභාවික සම්පත් හා ජාතික උරුම ආරක්ෂණ වෘත්තියේ යේදී සිටින වෘත්තීයවේදීහු ඔව්හු වෙති.

මේ දිනය මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1992 දී ආරම්භ කරන ලද International Rangers Federation සංවිධානය විසිනි.එම සම්මේලනයේ 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ලොව පළමු වරට ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය 2007 වර්ෂයේ දී අති උත්කර්ෂවත්ව සමරන ලදී.

ලෝකය පුරාම වන පද්ධති හා වන සතුන් අද මුහුණ දී සිටින්නේ ඉතාම විසල් අනතුරකට බව රහසක් නොවේ.මේ නිසාම ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වීමට ලක් වෙමින් ඇත.මේ මහ ව්‍යයසනයෙන් වනපෙත් වන සතුන් හා ජාතික උරුම රැක ගැනීමේ අරමුණෙන් කටයුතු කරන වනජීවී හා වන සංරක්ෂණ අඩවි ආරක්ෂකරු ප්‍රමුඛ එයට ආදාළ සෙසු නිලධාරින්ගේ සේවාව සැමරීම සඳහා මේ දිනය ලංකාවේ ද සමරනු ලබයි.

ඇත්තෙන්ම වනජීවී හා වනසංරක්ෂණ නිලධාරින් කරමින් සිටින්නේ අති විශිෂ්ඨ සේවාවකි.එහෙත් එම සේවාවට අවශ්‍ය වටිනාකම ඔවුන්ට ලැබෙනවා ද යන්න වෙනම සිතා බැලිය යුත්තකි.වනසතුන් හා වනය වෙනුවෙන් කැපව තිබෙන ඔවුන්ගේ ජීවිතවල සිය පෞද්ගලික අරමුණු වැටි තිබෙන්නේ දෙවැනි තැනකට බව මම හොදින් දනිමි.නොගැලපෙන මාසික වේතනයකට ඔවුන් සේවය කරන බව ද රහසක් නොවේ.එලෙසම නිසි ඇගයිම් හා උසස්වීම් ද ඔවුනට සිහිනයකි.ඒ කිසිවක් නිසි ලෙස නොලබාම ඔව්හු සේවය කරති.නිකන්ම නොව ඒ සිය ජීවිත පරිත්‍යාගයෙනි.

ඔවුන් ඇත්තටම පිළිම නෙලා නැති විරුවන් පිරිසකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් රාජකාරි කටයුතුවල දී ජීවිත පරිත්‍යාග කළ සංඛ්‍යාව අසු පස් දෙනෙකි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එලෙස දිවි පරදුවට තබා සේවය කළ සංඛ්‍යාව දස දෙනෙකි.ඔවුන් සියල්ලෝම අප වෙනුවෙන් පරිසරය රැකිමට ගිය ඇත්තෝ ය.නැතිනම් අපේ හුස්ම පොද සුරැකිමට ගොස් තම හුස්ම පොද වාතලයට මුසු කළ සැබැ විරුවන් ය.

එම පිරිස ක්‍රම හතරකට සිය ජීවිත මේ මිහිතලයට කැප කර තිබේ.ඉන් තිස් හත්දෙනෙකු සිය ජීවිත පුජා කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙනි.විසිදෙදෙනෙකු වන අලි ප්‍රහාර හේතුවෙන් සිය ජීවිතයෙන් සමු ගෙන ඇත.දහතුන් දෙනෙකු දඩයක්කරුවන්ගේ ප්‍රහාර නිසා දිවි පුදා තිබේ.වෙනත් සත්ත්ව ප්‍රහාර හේතුවෙන් දිවි දුන් අය සංඛ්‍යාවෙන් දහතුනකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය අතර තුර මියගිය පළමු සේවකයාවන්නේ වන සත්ත්ව මුරකරුවකු වූ කේ. මැණික්රාල නම් අයෙකි.වළසෙකුගේ ප්‍රහාරයකට හසුව ඔහු මිය ගොස් ඇති අතර ඒ 1957.07.04 දින විල්පත්තු වනෝද්‍යානයේ දී ය.

ඊට පසු මියගිය පිරිස අතර අප කල්‍යාණ මිත්‍රයන් ද කිහිපදෙනෙකි.යාල වැටලීම් ප්‍රධානි වනසත්ත්ව අඩවි ආරක්ෂක එච්.කේ.සී කුමාරසිංහ මහතා (2003.01.28 දින ගංජා හේනක් වැටලීමේ දී ඔත්තුකරුවෙකු ලෙස වෙස් වලා ගෙන සිටි අයෙකු විසින් වෙඩි තබන ලදී.),විල්පත්තු උද්‍යාන භාරකාර වසන්ත පුෂ්පානන්ද මහතා (2007 මාර්තු මස 07 දින කොටි ත්‍රස්ත ප්‍රහාරයකට නතු විය.),පී. එම්. ඒ. ඩී. වෙන්දකඩුව මහතා (2020.06.30 දින තඹුත්තේගම දී වන අලියකු පහරදීමෙන්) ඒ අතරින් කැපි පෙනේ.

දිවි පරදුවට තැබුව ද ඔවුන්ට හිමි විය යුතු මාණ්ඩලික තනතුරක ස්වභාවයවත් තවමත් ලබා දීමට වනජීවී හා වනසංරක්ෂණ ඉහළ පුටු දරන අයට අමතක වීම කනගාටුවකි.තවමත් ඔවුන්ගේ නොවිසිඳුණු ප්‍රශ්න දහසකි.ඒවා හිස මත දරාගෙනම ඔව්හු අපහසුවෙන්ම සේවය කරති.

එලෙසම ඔවුන්ට නිසි ලෙස රාජකාරි කිරීමට අවශ්‍ය තරම් නිලධාරි ප්‍රමාණයක් ද දක්නට නැත.අවශ්‍ය කරන නිසි පුහුණුව ද ලැබෙන්නේ ඉතාම සිමිතව ය.රාජකාරිය නිසි ලෙස කිරීමට අවශ්‍ය කරන භෞතික සම්පත් ඇත්තේම නැත.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නිලධාරි හිඟය 45%කි.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වර්තමානය වනවිට අඩවි ආරක්ෂක,අඩවි සහකාර හා වනජීවී නියාමක යන නිල තුන සඳහා අනුමත සේවක සංඛ්‍යාව 1591කි.එහෙත් දැනට ඉන් සේවය සැලසීමට අනුයුක්තව ඉන්නේ සේවකයින් අටසිය අසු දෙදෙනෙකු පමණී.ඒ අනුව හිඟ සේවක සංඛ්‍යාව 709කි.ඉන් මෙහි බැරැරුම් කම තේරුම් ගත හැකි ය.එහෙත් පාලකයන්ට මේවා වගේ වගක් නැත.

මේ සියළු බාධක හා හිත් රිදවීම් මැද වුව ද දිවි පරදුවට තබා සේවය කරන ඔවුන්ට වනසතුන් වෙනුවෙන් හිස නමා ආචාර කරමි.

සටහන - නයනක රන්වැල්ල

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම

27/07/2024

ඓතිහාසික යුදඟනාව රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහරේ අවසන් මහ පෙරහර සජීවී විකාශය

21/07/2024

රුහුණු මහා කතරගම දේවාලේ අවසන් මහා පෙරහැර මංගල්‍ය

| රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය |


www.rmkd.lk

20/07/2024

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය 2024 | පහළොස් වන පෙරහැර | සජීවී විකාශය | 2024-07-20

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය 2024 | පහළොස් වන පෙරහැර | සජීවී විකාශය | 2024-07-20
Ruhunu Maha katharagama Esala Perahera 2024 | Seventh Perahera | Live broadcast

රුහුණු මහා කතරගම දේවාලය - ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 රුහුණු මහා කතරගම දේවාල පුද බිමේ සිට....
බැතිබර ඩිජිටල් රූප සද්ප්‍රයාමය රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය


www.rmkd.lk

ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

20/07/2024

අවසන් රන්දෝලි මහා පේළි පෙරහර 2024 / 07 / 20
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්‍ය
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!
#දෙවිනුවර

19/07/2024

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය 2024 | දාහතරවන වන පෙරහැර | සජීවී විකාශය | 2024-07-19

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය 2024 | දාහතරවන වන පෙරහැර | සජීවී විකාශය | 2024-07-19
Ruhunu Maha katharagama Esala Perahera 2024 | Seventh Perahera | Live broadcast

රුහුණු මහා කතරගම දේවාලය - ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 රුහුණු මහා කතරගම දේවාල පුද බිමේ සිට....
බැතිබර ඩිජිටල් රූප සද්ප්‍රයාමය රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය


www.rmkd.lk

ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!

19/07/2024

හය වන පේළි පෙරහර 2024 / 07 / 19
සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්‍ය
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය
ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!
#දෙවිනුවර

Address


Website

Alerts

Be the first to know and let us send you an email when හෙළයේ ඇත් පවුර - Helaye ath paura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share