SLdog infoclub

  • Home
  • SLdog infoclub

SLdog infoclub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLdog infoclub, Pet Store, .

ඔබේ සුරතල් සුනඛයන් සදහා ආහාර ලබා දිය යුතු නිවැරැදි ආකාරය :-(පහත සදහන් කරන අමු ද්‍රව්‍ය වලින් ඔබට පහසු අමු ද්‍රව්‍ය  ප්‍ර...
21/06/2021

ඔබේ සුරතල් සුනඛයන් සදහා ආහාර ලබා දිය යුතු නිවැරැදි ආකාරය :-

(පහත සදහන් කරන අමු ද්‍රව්‍ය වලින් ඔබට පහසු අමු ද්‍රව්‍ය ප්‍රමාණයක් බත් එක සදහා යොදා ගත හැක )

සහල්
චිකන්, චිකන් ලිවර්,බීෆ්, බීෆ් ලිවර්, සාලයෝ, බිත්තර ( අනිවාර්යයෙන්ම හොදට තැම්බිය යුතුයි .)
වට්ටක්කා
බෝoචි (කෙදි සහිත එළවළු )
කැරට්
අල(බතල )
පරිප්පු
පලා වර්ගයක්
බටර්

පලමුව චිකන් ටික තැම්බෙන්න තියලා ටික වේලාවකින් එයට කැරට්, අල ,වට්ටක්කා, බෝoචි එක් කර තැම්බෙන්න හැර ඒ සියල්ල තැම්බුනු පසු සහල් දමා බත් සකස් කර ගැනීම බත් ඉදීගෙන එන විට එයට පලා එක් කර මිනිත්තු 5 ක් තබා පිස ගැනීම.
ඉන්පසු සියල්ල මිශ්‍ර කර ගෙන නිවුනු පසු බටර් එක් කිරීම .

ප්‍රධාන වේල් වලට අමතරව අතිරේක වේල් සදහා කිරි සමග සමපෝෂ මිශ්‍ර කර තලපයක් සාදා හෝ කිරි සමග dog food මිශ්‍ර කර ලබා දිය හැක . තවද පලතුරු කෑලි ලබා දිය හැක .(මිදි,අලිපේර ලබා දිමෙන් වලකින්න) ක්‍රීම් ක්‍රැකර්, මාරි වැනි බිස්කට් වර්ග හා යෝගට් ලබා දිය හැක.

ඔබගේ සුනඛයාට දිය යුතු ආහාර ප්‍රමාණය ,අඩන්ගු විය යුතු ප්‍රෝටීන් ප්‍රමාණය , දිය යුතු වේල් ප්‍රමාණය ඔබේ සුනඛයාගේ වයස, බර, සුනඛ වර්ගය, activity level වැනි කාරණා මත රදා පවතින අතර පෝෂණය අඩු වීමෙන් වර්ධනය අඩු විය හැකි අතර වැඩි වීමෙන් නිදන්ගත රෝගයන්ට පහසුවෙන් ගොදුරු විය හැක. එකම වර්ගයේ හා ප්‍රමාණයේ සුනඛයන් වුවත් දිය යුතු ආහාර ප්‍රමාණය activity level මත තීරණය වේ.

එසේම පැටවෙකු ලොකු වත්ම දිය යුතු ආහාර වේල් ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩු කල යුතුයි .

20/06/2021
Rottweiler පැවතගෙන එන්නේ ජර්මනිය නිජබිම කරගත් මොලෝසස් mastiff සුනඛයන්ගෙන්ය.මොවුන් ඉතාමත් බුද්ධිමත් ස්වාමියාට ඉතා කීකරු ප...
20/06/2021

Rottweiler පැවතගෙන එන්නේ ජර්මනිය නිජබිම කරගත් මොලෝසස් mastiff සුනඛයන්ගෙන්ය.
මොවුන් ඉතාමත් බුද්ධිමත් ස්වාමියාට ඉතා කීකරු පක්ෂපාතී වගේම ඉතාමත් ශක්තිමත් සුනඛ විශේෂයක්.
තමන්ගේ පවුල වෙනුවෙන් ජීවිතය වුනත් පුද කරන්න දෙපාරක් හිතන්නේ නැති dog breed එකක් විදියට Rottweiler හදුන්වන්න පුලුවන් .
328 PSL bite force එක වගේම රෞද්‍ර පෙනුම නිසා ලොකේ හොඳම guard dogs අතර මේ breed එක ඉන්නවා.
කොහොමවුනත් Rottweiler පොඩි කාලේ ඉදන් හොඳට පුහුණු කරලා හදනවනම් ගොඩක් පවුලට ආදරේ වගේම පවුල ආරක්ෂා කරන්න ඉතාමත් හොඳ dog breed එකක්.
Rottweiler ලට ජානමය වශයෙන් හැදෙන රෝගවලට සාමාන්‍යයෙන් ගොදුරු වෙන්න පුලුවන් නිසා Rottweiler බලු පැටියෙක් තෝරාගද්දි හොඳ breeder කෙනෙක්ගෙන් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
උදාහරණයක් විදියට hip elbow dyspepsia වගේ රෝග හදුන්වන්න පුලුවන් .
ඒ වගේම මේ dog breed එක කිනිතුලු උනට ගොදුරු වෙලා මියයාමට වුනත් හැකියාව තියෙන නිසා කිනිතුල්ලන්ගෙන් ආරක්ෂා කරගැනීමත් ගොඩක් වැදගත් .
සාමාන්‍යයෙන් Rottweiler පිරිමි සතෙකුගේ උස අඟල් 24-27 අතර වෙනවා වගේම බර 50kg-60kg පමණ වෙනවා .
Rottweiler ගැහැනු සතෙකුගේ උස අඟල් 21-24 අතර වන අතර බර 35-40 kg පමණ වෙනවා .
සාමාන්‍යයෙන් Rottweiler කෙනෙක්ගෙ ආයු කාලය අවුරුදු 8-10 ත් අතර වෙනවා .
Rottweiler කෙනෙක් ගැනීමේදී වගේම ඇතිකිරීමේදී වැදගත් වන තොරතුරු කීපයක් පහත දැක්වේ.

19/06/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLdog infoclub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share