Asanka Godage

  • Home
  • Asanka Godage

Asanka Godage This page is dedicated to the basics of integrated organic farming and the community it focuses on.
(4)

ඇෆ්ගනිස්තානුවන්ගේ මිදි කල්තබා ගැනීමේ පුරාණ ක්‍රමය ("කංජිනා")============================================================...
08/07/2023

ඇෆ්ගනිස්තානුවන්ගේ මිදි කල්තබා ගැනීමේ පුරාණ ක්‍රමය ("කංජිනා")
=====================================================================

මිදි යනු ඇෆ්ගනිස්තානයේ රාත්‍රී කෑම මේසවල ප්‍රධාන ආහාරයක් වන අතර, ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශ අවම වශයෙන් ක්‍රි.පූ 2000 සිට මිදි වගා කර ඇති බවට භූගෝලීය සාක්ෂි හමුවී ඇති අතර එය පෘථිවියේ පැරණිතම මිදි වගා කරන ප්‍රදේශයක් වීම ඔබව පුදුමයට පත් කර වන තොරතුරක් විය හැක.

හින්දු කුෂ් කඳුකරයේ සාරවත් පස සහ වියළි-උණුසුම් දේශගුණය සමඟ ඇෆ්ගනිස්ථානය පලතුරු වර්ග වලින් පොහොසත් ය. කෘෂිකර්ම, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යාංශයට අනුව සෑම වසරකම අවම වශයෙන් මිදි ටොන් මිලියන 1.5ක් නිපදවන නමුත් එයින් තුනෙන් එකක් පමණක් අපනයනය සදහා බාවිතා කරයි. ඉතිරිය නිරතුරුවම තම ආහාර වේල් සමඟ නැවුම් පලතුරු ලෙස පරිභෝජනය කරනු ලබයි.

දකුණුදිග ඇෆ්ගනිස්තානයේ දෙළුම් සහ කොමඩු වලින් බහුතරයක් නිෂ්පාදනය සිදු කරන අතර මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ගම්මාන තුල ඇපල් සහ චෙරි ගස්, ඇප්රිකොට් සහ මිදි වතු දක්නට ඇත.

සෑම කන්නයකම, සශ්‍රීක කෙත්වතු රතු සහ කහ පැහැයට හැරෙන විට, ගොවියන් තම මිදි අස්වැන්නෙන් අඩක් පමණ නැවුම් පළතුරු ලෙස විකුණනු ලැබේ; අනෙක් භාගය ඔවුන් "මැටි භාවිතයෙන් සිදු කරන "කංජිනා" නැමැති කල්තබා ගැනීමේ ක්‍රමයෙන් සංරක්ෂණය කර මාස කිහිපයකට පසු ලාභයක් සඳහා නැවත විකුණයි. ඇෆ්ගනිස්තානුවන් මඩ බාවිතා කර, පිදුරු සහ වතුර සමග මිශ්‍රණයක් සාදා ඉන් පාත්‍රයක් බදු භාජන නිපදවයි.

පැය පහක් පමණ හිරු එළියේ එම පාත්‍ර තැබීමෙන් පසු, ඔවුන් මිදි වියළි භාජනවල තබයි, ඒවා වැඩිපුර මඩවලින් මුද්‍රා කර ශීත කාලය පුරා වියළි සිසිල් කොනක ගබඩා කරති. මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට දින 20ක් දක්වා පමණ ගතවන අතර ගම්වාසී බොහෝ පවුල් එයම කරයි. කල් තබා නොගත් මිදි අනුභව කිරීම හෝ වියළා මුද්දරප්පලම් බවට පත් කිරීම සිදු කරයි. මෙම ක්‍රමයට අනුව මිදි මාස ​​6ක් දක්වා නැවුම්ව පවතින අතර ශීත ඍතුවේ ගිම්හානයේ මිහිරි සාරවත් බව ඇෆ්ගනිස්ථානුවන්ට ලබා දෙයි!

තලෙයිබානු ගැටුම් හා 90 දශකයේ සිට කඩින් කඩ ඇති වූ සිවිල් යුද්ධ සහ ගැටුම් මධ්‍යයේ ඇෆ්ගන් ජනයා තම ආදිතමයන්ගෙන් ලද දැනුම භාවිතා කරමින් පසු අස්වනු තාක්ෂණය සාර්ථකව කරගෙන යෑම, සියලු සම්පත් ඇතත් යැපුම් මානසිකත්වයෙන් සිටින රටවල් වල ජනතාවට කදිම ආදර්ශයකි.

✒අසංක ගොඩගේ

1911 දෙසැම්බරයේ දී, දෙවරක් නොබෙල් ත්‍යාගය ලබා ගත් පලමු පුද්ගලයා ලෙස "මාරි කියුරි" ඉතිහාස ගතවිය. ඒ, උණු කළ රේඩියම් ක්ලෝරය...
15/12/2022

1911 දෙසැම්බරයේ දී, දෙවරක් නොබෙල් ත්‍යාගය ලබා ගත් පලමු පුද්ගලයා ලෙස "මාරි කියුරි" ඉතිහාස ගතවිය. ඒ, උණු කළ රේඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් රේඩියම් වෙන්කර ගැනීම හේතුවෙනි. ඇයගේ පළමු නොබෙල් ත්‍යාගය වූයේ 1903 දී භෞතික විද්‍යාව සඳහා වූ ස්වයංසිද්ධ විකිරණ සංසිද්ධි පිළිබඳ පර්යේෂණ සඳහා ලබාගත් නොබෙල් ත්‍යාගයයි.

ජපානයේ නාගසාකි ආසන්නයේ පිහිටි වර්තමානයේ Hashima Island ලෙසින් හදුන්වන "Gunkanjima" නැතහොත් "Battleship Island" යනු Mitsu...
10/09/2022

ජපානයේ නාගසාකි ආසන්නයේ පිහිටි වර්තමානයේ Hashima Island ලෙසින් හදුන්වන "Gunkanjima" නැතහොත් "Battleship Island" යනු Mitsubishi corporation විසින් ඉදිකරන ලද, අතහැර දැමූ දූපතකි. එහි එකම අරමුණ වූයේ එම ගල් අඟුරු ආකරයේ වසර 100ක් වැඩ කිරීම සඳහා එහි පදිංචිකරුවන් 5000ක් පදිංචි කරවීමයි.

1974 දී, ගල් අඟුරු සංචිත ක්ෂය වීමට ආසන්න වීමත් සමඟ, පතල වසා දැමූ අතර, සියලු පදිංචිකරුවන් ඉක්මනින් පිටත්ව ගිය අතර, ඉන්පසු එම දූපත සම්පූර්ණයෙන්ම අත්හැර දමන ලදී.

https://youtu.be/jjl7OiEpbIc
26/05/2022

https://youtu.be/jjl7OiEpbIc

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අධිඋද්ධමනය එහෙමත් නැත්නම් hyperinflation කියන තත්ත්වයේ දී කෙනෙක්ගේ ආර්ථිකයට වෙන දේ පියවරෙන.....

02/12/2021
Anaka යනු, ජෝර්ජියාවේ ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ සිටින ගැහැණු ගෝරිල්ලෙකු වන අතර ඇගේ අතේ සම්පූර්ණයෙන්ම ආවරණය නොවූ වර්ණක හිඟයක...
24/11/2021

Anaka යනු, ජෝර්ජියාවේ ඇට්ලන්ටා සත්වෝද්‍යානයේ සිටින ගැහැණු ගෝරිල්ලෙකු වන අතර ඇගේ අතේ සම්පූර්ණයෙන්ම ආවරණය නොවූ වර්ණක හිඟයක් ඇත, එම අතේ කිසිදු වර්ණකයක් නොමැත. ඇගේ සම රෝස පැහැයෙන් යුක්ත වන අතර එය සම්පූර්ණයෙන්ම මිනිස් පෙනුමකට සමාන වේ.

📸Photos Credit : Zoo Atlanta

INTERNATIONAL VISUAL ART COMPETITION 2022"The landscape that I love, the nature I must preserve".1.තරඟ සංවිධානය කිරීම සහ...
11/08/2021

INTERNATIONAL VISUAL ART COMPETITION 2022
"The landscape that I love, the nature I must preserve".

1.තරඟ සංවිධානය කිරීම සහ පැවැත්වෙන දිනයන්

ප්‍රංශයේ ලෝක තරුණ කලා ආයතනය වාර්ෂිකව පැවැත්වෙන කලා තරඟය 2021 ජූලි 5 දින ආරම්භ වී 2022 ජනවාරි 15 දිනෙන් අවසන් වේ.

2. තේමාව සහ වෙනත් කරුණු

තේමාව: "මම ආදරය කරන භූ දර්ශනය,
මම ආරක්ෂා කළ යුතු ස්වභාවික පරිසරය".

ජාත්‍යන්තර ක්‍රියාකාරකමක් තුළින් ඔවුන් එක්සත් කිරීමේ අපේක්ෂාවෙන් ලොව පුරා සිටින ළමයින් හා තරුණයින් අතර කලා පුහුණුව ප්රවර්ධනය කිරීම මෙම තරඟයේ අරමුණයි.

3. ලෝක තරුණ කලා ආයතනය විසින් මෙම බැරෑරුම් කාර්යභාරය තමාටම පවරා ඇත
ළමා කාලය සහ තරුණ කාලය මානව වර්ගයාගේ මතකයේ සංධිස්ථානයක්; මෙම ආයතනය සිය කලාකරුවන්ගේ "අනාගතයේ මතකයන්" කලා පුස්තකාලය ලෙස ක්‍රියාකරමින් සියළුම සහභාගිවන්නන්ගේ කලාත්මක ලේඛන ගබඩා කරයි. ත්‍යාග දිනා ගත්තත් නැතත් සියලුම සිතුවම් ලෝක තරුණ කලා ආයතනයේ දේපල වන අතර ඒවා ආපසු ලබා නොදේ.


තරඟ කොන්දේසි

*තරඟය අවුරුදු 3 සිට 25 දක්වා සියලුම ළමුන් සහ වැඩිහිටි ජාත්‍යන්තර තරඟකරුවන් සඳහා විවෘතය. එය වයස් කණ්ඩායම් 5 කට බෙදා ඇත. එනම්

වයස අවුරුදු 03-05 කාණ්ඩය,
වයස අවුරුදු 06-09 කාණ්ඩය,
වයස අවුරුදු 10-13 කාණ්ඩය
වයස අවුරුදු 14-17කාණ්ඩය
වයස අවුරුදු 18-25 කාණ්ඩය

මීට අමතරව 3 සිට 25 දක්වා වයස් කාණ්ඩයේ ආබාධ සහිත දරුවන් සහ වැඩිහිටියන් සඳහා විවෘත කාණ්ඩයක් ද ඇත.

*එක් පුද්ගලයෙකු සඳහා පිළිගනු ලබන්නේ එක් ඇතුළත් වීමක් පමණි.

*හඳුනා ගැනීමේ ලේබලය නිවැරදිව පුරවා එක් එක් නිර්මාණයේ පිටුපස ආරක්ෂිතව ඇලවිය යුතුය. නොතේරෙන හෝ වැරදි ලෙස පුරවන ලද ලේබල් ගණන් ගනු නොලැබේ.

* සහභාගිවන්නාට නිර්මාණාත්මක ක්‍රියාවලිය විස්තර කරන පැහැදිලි කිරීමේ පාඨයක් නිර්මාණයට සම්බන්ධ කළ හැකිය.

*පැතලි මතුපිටක ඇති නිර්මාණ පමණක් පිළිගනු ලැබේ (ත්‍රිමාණ නිර්මාණ පිළිගනු නොලැබේ) ඒවා නම්‍යශීලී ද්‍රව්ය මත තිබිය යුතුය (රාමු නොකළ යුතුය, ලී හෝ කාඩ්බෝඩ් පුවරුවක් නොතිබිය යුතුය).

* උපරිම ප්‍රමාණය 105 x 75 සෙ.මී. වේ.

* නිර්මාණ තැපෑලෙන් යැවිය යුතුය (තැපැල් කිරීම සඳහා ගෙවීම් එවන්නා විසින් ගෙවිය යුතුය). තැපැල් ලිපිනය නම්:

Institut Mondial d’Art de la Jeunesse (Concours dessins)
Hôtel du Petit Louvre
1, rue Linard Gonthier
B.P. 279 10008 Troyes Cedex
France.

අවවාදයයි…!

පැකේජයේ නිර්මාණයේ වටිනාකම යූරෝ 15 ට නොඅඩු සහ යූරෝ 20 ට නොවැඩි විය යුතුය. ප්‍රංශයේ රේගුව හරහා පැකේජය යන විට දඩ හා බදු වලින් වැළකීම සඳහා අන්තර්ගතය පිළිබඳ විස්තරයක් සඳහන් කිරීමට අපි ඔබට නිර්දේශ කරමු. කලා කෘති ලබාගැනීමේදී ලෝක තරුණ කලා ආයතනය කිසිදු දඩයක් හෝ බද්දක් ගෙවන්නේ නැත
පහත පරිදි ලැබෙන නිර්මාණ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

• ඉහත නිර්ණායකයන්ට ගරු නොකරන සහභාගිවන්නන් නුසුදුස්සන් කරනු ඇත.
• අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2022 ජනවාරි 15 වේ.
• සහභාගිවන්නාට සිය නිර්මාණ නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇත. සියළුම ඇතුළත් කිරීම් ළමා හා තරුණ කාලය පිළිබඳ සාක්ෂියක් තබා ගැනීම සඳහා "අනාගත මතකයන්" නම් කලා පුස්තකාලයේ තබා ඇත.

4. තේරීම් සිදුකිරීමේ පටිපාටිය

තේමාවට, කලාත්මක වටිනාකමට හා දක්ෂතාවයට අනුකූලව නම් කරන ලද අය සහ ජයග්‍රාහකයන් 100 දෙනා තෝරා ගැනීම සඳහා 2022 මාර්තු 5 වන සෙනසුරාදා ජූරි සභාව විසින් නිර්මාණ විශ්ලේෂණය කරයි.

5. ත්‍යාග

සෑම කාණ්ඩයකම පළමු ස්ථාන 3 ට පදක්කමක් (රන් ආලේපිත, රිදී ආලේපිත සහ ඝන ලෝකඩ) සහ සහතික පත්‍රයක් පිරිනැමේ. අනෙක් ජයග්‍රාහකයන් සෑම කෙනෙකුම ලෝකඩ පදක්කමක් මෙන්ම සහතිකයක්ද ලබයි. නම් කරන සෑම කෙනෙකුටම සහතිකයක් ලැබේ. ජයග්‍රාහී ත්‍යාගය කිසිඳු අවස්ථාවක මුදල් හෝ වෙනත් ත්‍යාගයක් සඳහා හුවමාරු කළ නොහැක.

6. කලා කෘති ප්‍රදර්ශනය කිරීම

ජයග්‍රාහකයන් සහ නම් කරන ලද නිර්මාණ "Graines d’artistes du monde entier®" ප්‍රසංගයේදී ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ. මෙම නිර්මාණයන් ප්‍රංශයේ සහ විදේශයන්හි සංසරණය වන සංචාරක ප්‍රදර්ශන වලින් සමන්විත වේ.

7. ජයග්‍රාහකයන් නම් කිරීම

ජයග්‍රාහකයන්ට විද්යුත් තැපෑලෙන් දැනුම් දෙන අතර ප්‍රතිඵල
2022 මාර්තු 30 වන දින සිට ලෝක තරුණ කලා ආයතනයේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුවෙහි ප්‍රකාශයට පත් කෙරේ.

8. ත්‍යාග ප්‍රදානෝත්සවය
2022 මැයි 17 සිට 21 දක්වා පැවැත්වෙන ට්‍රොයිස් හි මැයි 15 වන සෙනසුරාදා පැවැත්වෙන "Graines d’artistes du monde entier®" in the "Espace Argence" " නම් ජාත්‍යන්තර ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ජයග්‍රාහකයින් ත්‍යාග ලබා ගනු ඇත. ජයග්‍රාහකයාට පැමිණිය නොහැකි අවස්ථාවකදී, ත්‍යාගය ගුවන් තැපෑලෙන් චිත්‍රයේ ලේබලයේ සඳහන් ලිපිනයට එවනු ඇත. පැකේජ ලුහුබැඳ යාම සහ පැමිණීම පිළිබඳ ලෝක තරුණ කලා ආයතනය කිසිඳු අවස්ථාවක වගකීම භාර නොගනී. පදක්කම සහභාගිවන්නාගේ ලිපිනයට යැවෙන අතර සහතිකය සම්මත තැපෑලෙන් එම ලිපිනයටම යවනු ඇත. පැකේජ නැතිවීම, සොරකම් කිරීම හෝ හානි වීම (පදක්කම් සහ සහතික) සඳහා ලෝක තරුණ කලා ආයතනය කිසිඳු අවස්ථාවක වගකිව යුතු නොවේ. සොරකම, අලාභය හෝ හානිය ආදේශ කිරීමට හෝ වන්දි ගෙවීමට එම මධ්‍යස්ථානයට නොහැකිය. සෑම පදක්කමක් සහ සහතිකයක්ම සෑදී ඇත්තේ එක් පිටපතක පමණි.

9. කලාකෘති වල අයිතිය
සහභාගිවන්නන් හෝ ඔවුන්ගේ නීතී නියෝජිතයා, ප්‍රංශයේ බුද්ධිමය දේපල සංග්‍රහයේ L131-3 වගන්තිය අනුව සුවිශේෂී කලාත්මක නිර්‍මාණයේ සියළුම ආර්ථික අයිතිවාසිකම් සහ ලොව පුරා ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ලෝක තරුණ කලා ආයතනයට පවරයි. ප්‍රකාශන හිමිකමෙහි නීත්‍යානුකූල කාලය සඳහා සහ අයිතිවාසිකම් පැවරීමේ කොන්ත්‍රාත්තුව කියවා පිළිගත් බවට සහතික වේ.

10. පැහැදිලි කිරීම්
සහභාගිවන්නන්ට ව්‍යාජ හෝ සොරකම් කිරීමේ නිරත වීම තහනම්ය. කලාත්මක නිර්‍මාණ මුල් පිටපත් විය යුතු අතර පිටපතකට යටත් නොවිය යුතුය. මෙම රෙගුලාසි අවසාන තීරණය වන අතර පාසල් වල හෝ කතුවරුන්ගේ කිසිදු ආයාචනයක්, අභියාචනයක් හෝ නඩු පැවරීමක් සිදු නොවිය යුතුය.

11. සාමාජිකත්වය

අපගේ තරඟයට සහභාගී වන සෑම ආයතනයක්ම නිශ්චිත නියාමන වගකීම් කිසිවකට යටත් නොවී එම වසර සඳහා යුනෙස්කෝ මධ්‍යස්ථානයේ "සදෘශ්යය සාමාජිකයින්" බවට පත්වේ.

Original Source:
https://www.centre-unesco-troyes.org/wp-content/uploads/2021/07/Etiquette-ID_CIAP-2022_ENG.pdf

~Repost~
19/04/2021

~Repost~

පොල් ගස ආරක්ෂා කර ගනිමින් තමන් ආරක්ෂාවීම.
10/04/2021

පොල් ගස ආරක්ෂා කර ගනිමින් තමන් ආරක්ෂාවීම.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Asanka Godage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share