08/07/2024
චන්ඩි වෙනුවෙන් කරන ලොකුම පිංකමට ආධාර උපකාර කරන්න ඔබත් කැමතිද.
චන්ඩි වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් ලොකුම පිංකම මේක. ලොකූ දෙයක් රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ අවශ්‍ය ඔබගේ කැපවීම උනන්දුව විතරයි. ඔබ දන්නවාද දැකල තියෙනවද චන්ඩි ජීවත් වුන සියබලන්ගමුව වැවු රක්ශිතය. ඔබ දැනන් හිටියාද එම රක්ශිතයේ විදුලි කම්බි අනවසර ගොවීන් ගහල තියෙන්නෙ රක්ශිතයෙ ගස්වල කියල. අනෙක් වැදගත්ම ප්‍රධාන දේ තමයි ලංකාවේ වැඩිම වන විනාශ අපරාද දකින්නේ වනජීවි ජායාරූපශිල්පීන්. ඒව එලියට නොගන්නේ ආයෙ ඒ ප්‍රදේශවල ඇත්තු බලන්න යන්න බැරිවෙන නිසා. කවුරු මොනව කීවත් ඇත්ත ඕක. බොරුනම් අහල බලන්න ගල්ගමුව ගැන. ඔබ දකින ගල්ගමුව ප්‍රදේශයේ වනජීවි ජායාරූප ගත් සෑම ජායාරූපශිල්පියෙක්ම මේ සෑම අසාදාරනයක්ම දකින, පුද්ගල නාම පවා දන්න අය. ලස්සනම ලොකේශන් තියෙන්නෙ එලිකරපු කුබුරු වල. සමහර පවුල් ඉන්නව ජායාරූපශිල්පීන් අතින් නඩත්තුකරන. අලි ඇත්තු බලන්න ගල්ගමු යනකොට අරක්කු බෝතලේ නැතුවම බැරි දෙයක් වෙලා. මොකද බයිට් ටික හේනෙ පැලේ අයියා, මාමා හදාගෙන බලං ඉන්න හින්දා. කවුරුත් මේ ප්‍රශ්න අදින්නෙ නැත්තෙ ආයෙ ජායාරූපයක් ගන්න ඒ පැත්ත පලාතෙ යන එක හීනයක් විතරක් වෙන හින්දා. ලොකුම අසාදාරනය වෙන්නෙ එතන. ඒ සැබෑ භූමිය තත්වය, දුක මරණ බිය දැක දැක සුන්දරත්වය පමනක් ඔබට ඉදිරිපත්කරන නිසා. චන්ඩි කොයිතරම් දුකක් වින්දද, කන්න නිදියන්න වෙන්නෙ වතුරෙ. කසිප්පු බීලවත් ආසාවටවත් නෙවෙයි ඒ ඉන්න නිදියන්න තැනක් නෑ. වැව මැදටම කුඹුරු යායවල්. අපි ඉල්ලන්නෙ එක දෙයයි. ඔබ දන්න සත්වවේදින්, පරිසර සංවිදාන, පුද්ගලයින්, වනජීවි ජායාරූපශිල්පීන්, මාද්‍යවේදීන්, රූපවාහිනී වැඩසටහන් කරුවන් වැනි පුද්ගලයන් මේ පෝස්ටුව පිලිබද දැනුවත්කරන්න. ඊටපස්සෙ ඔබ ඔවුන්ට සතියක් කල් දෙන්න ඒ සදහා ගත්ත සුලු හෝ කැපකිරීම ගැන. ඔබට ඔවුන්ගේ සත්‍යතා වංචා බොරු ඊටපස්සෙ බලාගන්න පුලුවන් ඇත්තටම දෙයක් කරන මිනිස්සුද කියල. කරන අයට මල් තියල වැන්දත් පවු නෑ. මොකද අනාගත ජීවිත දාස්ගානකට පිහිටක් ඔවුන් ඒ සිදුකරේ. පුලුවන් අයදැනුවත් කරන්න නිකමට හරි ඒ නියම පරිසරවේදීන්ද කියල බලන්න හරි. ඉන්ටර්නෙට් ෆේස්බුක් රැගුවට , හෑලි කීවට, සංවිධාන හදාගෙන අලින්ට උපන්දින සුභ පැතුවට, කොලඹ උත්ගෝෂන කරාට වැඩක් නෑ.සංරක්ෂණය ක්‍රියාවලිය සිදුවිය යුත්තේ ඒ අසාධාරනය වෙන තැනයි. ඔබෙන් ඉල්ලල එකම ආයාචනය ඔබ විස්වාස කරන මේ සංවිධාන පරිසරවේදීන් කියන පිරිස ඇත්තටම වැඩක් කරන්න පුලුවන් අයද කියල බලන එක. ජායාරූපයක් හෝ ඉල්ලගන්න බලන්න. ඩෝන කැමරා ජායාරූපනම් වඩාත් සුදුසුයි. ලෝකෙටම දකින්න පුලුවන් චන්ඩි ගෙවපු දුක් ජීවිතය ඇත්තටම කොයිවගේද කියල. අන්තිමට කියන්න තියෙන්නෙ ගල්ගමුවෙන් පතපු ඔක්කොම නිවන් සුව සැබෑ භූමියේ දුක දැකපු වෙඩි දැකපු,, තුවක්කු දැකපු මිනිස්සුන්ගෙ බොරු සෝබන විතරයි කියල. පුලුවන් නම් මේ පින්කමට ඔබට පුලුවන් විදිහට උදවු උපකාර කරන්න. චන්ඩි වෙනුවෙන් ඔබට පුලුවන් යුතුකම හිතට එකගව කරන්න..🙏🙏🙏🙏🙏