Doxies of Ceylon

  • Home
  • Doxies of Ceylon

Doxies of Ceylon This page is dedicated to two of the most adorable dachshunds-Sasha and Jovi. Our warmest welcome to our visitors. Let us give you peek into their lives :)

ආදරණීය Sasha,ඔයා අපිව දළ ගියාට පස්සේ ආයි කවදාවත් වෙන කෙනෙක් ගේන්නේ නෙමෙයි හිතාන හිටියේ. ඒත් බව්වෙක් නැතුව හරි පාළුයි. ඉත...
22/08/2024

ආදරණීය Sasha,
ඔයා අපිව දළ ගියාට පස්සේ ආයි කවදාවත් වෙන කෙනෙක් ගේන්නේ නෙමෙයි හිතාන හිටියේ. ඒත් බව්වෙක් නැතුව හරි පාළුයි. ඉතින් අපි ඔයාට මල්ලියෙක් ගෙනාවා. එයා Keegan. ඒත් ඔයාට තිබ්බ ආදරය බැදීම චුට්ටක් වත් අඩුවෙන්නේ නෑ සාෂා. 🐕

ආදරණීය Sasha,ඔයා හොඳටම නිදි නේද? උදේ ඉඳන්  වෑහැලා මට ඔයා වෙනුවෙන් ඉටි පහන් පත්තු කරන්න ම වැස්ස නැවතුනා. ❤️ ඔයාව මට කවදාව...
21/05/2024

ආදරණීය Sasha,
ඔයා හොඳටම නිදි නේද? උදේ ඉඳන් වෑහැලා මට ඔයා වෙනුවෙන් ඉටි පහන් පත්තු කරන්න ම වැස්ස නැවතුනා. ❤️ ඔයාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ආදරණීය Sasha,අද මැයි 21 .ඔයා හිටියා නම් දොළොස් වෙනි උපන් දිනේ. මේ ඔයාගේ එකොළොස් වැනි උපන් දිනේට ගත්ත ෆොටෝ . ඉතින් ඔයාව ග...
21/05/2024

ආදරණීය Sasha,
අද මැයි 21 .ඔයා හිටියා නම් දොළොස් වෙනි උපන් දිනේ. මේ ඔයාගේ එකොළොස් වැනි උපන් දිනේට ගත්ත ෆොටෝ . ඉතින් ඔයාව ගොඩක් මතක් වෙනවා Sasha. ගහේ අඹ වැටිලා ගොඩක් වැස්ස නිසා. ඔයා හිටියා නම් මම උදෙන්ම ඒව එකතු කරලා විසි කරනවා. ඔයා ඒව කාල ලෙඩ වෙයි කියලා බයට. අද මට ඒක කරන්න හිතුනේ නෑ. ඔයා නිදා ඉන්න තැනින් අඹ ගෙඩියක් තියලා ආවා.

01/11/2023

ආදරණීය Sasha ඔයා අපිව දාලා ගිහින් මාසයක් වුනා. මම තීරණය කලා Sashaඔයා Jovi සහ Lucy වෙනුවෙන් මම එකතු කරපු මගේ නවකතා සියල්ල බණ්ඩාරගම මහජන පුස්තකාල ට පරිත්‍යාග කරන්න.

ආදරණීය සාෂා,        ඔයා හරි උත්සාහ වන්තයි. කොච්චර අමාරු වුනත් චූ දාන්න මිදුලට යන්න ඕන වුනා. ඔයාට ඒක අමාරු නිසා අපි දොර ව...
09/10/2023

ආදරණීය සාෂා,
ඔයා හරි උත්සාහ වන්තයි. කොච්චර අමාරු වුනත් චූ දාන්න මිදුලට යන්න ඕන වුනා. ඔයාට ඒක අමාරු නිසා අපි දොර වහල ගෙයි දානකම් හිටියා . ඒත් ඔයාට මිදුලටම යන්න ඕන වුනා.
ඉතින් සාෂා ඔයාගේ අහින්සක සුරතල් ආදරණීය බව අපිට ජීවිතය පුරාවටම අමතක වෙන්නේ නෑ. එච්චර බැදීමක් අපිට තිබුනා. ඒක හැමදාම අපේ හිත්වල තියේවි. ගෙදර උදෙන්ම ඉදුනෙ ඔයාගේ කෑම එක. අපි කොහේට ගියත් බලා ගන්න අයගෙන් call කරල අහන්නේ ඔයා ගැන. අපේ ජීවිතය ට ඔයා වගේ කෙනෙක් ආ එක අපේ වාසනාව. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි.
ඔයාට බෙහෙත් කල Dr. Maheshi, අලුබෝමුල්ල Pet- Vet hospital එකේ Dr. Ravindu සහ Crown Pet hospital Colombo Dr. Kabilan සහ Dr. Chandika ගොඩක් ස්තූතියි.
❤️ඒ වගේම මෙපමණ කලක් සාෂා ගේ සතුටු අවස්ථාව ල වගේම අපිට ඉතා වේදනාවක් වූ මොහොත දක්වා රැදී සිටිමින් අපේ දුක සැප බෙදා ගත් ඔබ සැමටත් ගොඩක් ස්තූතියි. ❤️

ආදරණීය සාෂා,        තවත් ඔයා ඉතිරි කරල ගිය සුන්දර මතයක් තමයි මම ඇදුම් අලිමාරි අස් කරන්න ගියාම ඔයත් ඇවිත් ඇල්මාරියේ යට තට...
08/10/2023

ආදරණීය සාෂා,
තවත් ඔයා ඉතිරි කරල ගිය සුන්දර මතයක් තමයි මම ඇදුම් අලිමාරි අස් කරන්න ගියාම ඔයත් ඇවිත් ඇල්මාරියේ යට තට්ටුවට නැගලා රෙදි ගොඩේ නිදාගන්නවා. ඔයාට හොදටම නින්ද යනවා. මට ඉතින් ඒ තට්ටුව අස් කරන්න වෙන්නේ නෑ.
ඔයාගේ ඇස් පෙනීම සහ කන් ඇසීම දුර්වල වුනාට පස්සේ ඔයා ඒකට හුරු වුනා. මුලින් ලගට ගිහින් වතුර පෙව්වා පස්සේ වතුර ඕන වුනාම තනියම ඔයාගේ කෝප්පය හොයා ගෙන ගිහින් බොන්න පුරැදු වුනා. ඉතින් අපි සතුටු වුනා ඔයා තව කාලයක් අපිත් එක්ක ඉදී කියලා.
ඒත් නොහිතපු ලෙස සැප්තැම්බර් 25 උදේ ඔයා වමනෙ කලා. හවස මම Doctor ලගට එක්ක ගියා. වෙනදට එක බෙහෙත් වේල දෙන කොට හොද වෙලා කෑම කන ඔයා එදා සිට ජීවනීවත් කටට ගත්තේ නෑ. ඔයා ආස යෝගට් , බටර් , මස් මාලු කිසිදෙයක් කෑවෙ නෑ. Saline විතරයි.
X- ray කලා . Scan , Blood test කරන්න ඕන ඔක්කොම කලා. ඒත් ඔයා යන්න ගියා. මෙතනින් එහාට මම මොනවා ලියන්නද සාෂා ඔයා නැති අඩුව පාලුව,දුක තව කාලයක් යන තුරු අපි ගාව තියේවි. අපි ගාවට ඇවිත් අපිට ලස්සන ආදරණීය අවුරැදු 11 මාස හතරක් දුන්නට අපිව සතුටු කලාට, අපි එනතුරු මග බලා ඉදල අපිව පිළිගත්තට ඔයාට ස්තූතිය සාෂා.

ආදරණීය සාෂා,       ඔයා හරිම සතුටින් නිරෝගීව ලස්සන සුන්දර අවුරැදු 11 ක් ගෙව්වා. ඔයාගේ 11 වන උපන් දින සැමරුම හරිම ලස්සනට ත...
07/10/2023

ආදරණීය සාෂා,
ඔයා හරිම සතුටින් නිරෝගීව ලස්සන සුන්දර අවුරැදු 11 ක් ගෙව්වා. ඔයාගේ 11 වන උපන් දින සැමරුම හරිම ලස්සනට තිබුනා. ඊට දවස් කීපයකට පසු අපි තේරැම් ගත්තා ඔයාගේ කන් ඇසීම සහ ඇස් පෙනීම අඩු වෙන බව. Doctors ලාටත් පෙන්නුවා. හැමෝගෙම අදහස වූනේ ඒක හොද කරන්න බැරි බව. ඉතිං අපි හැම විටම උත්සාහ කලා ඔයා ට සුවපහසු ලෙස හැමදේම ඔයා වෙනුවෙන් කරන්න.
අපි ඔයාව වඩා ගෙන මිදුලට ගනිචිචා. වඩා ගෙන ගෙට ගෙනාවා. ඒත් ඔයා ඒකට කැමති වුනේ නෑ. ඔයාට ඕන වුනේ තනියම යන්න එන්න. අපි කවුරැ හරි හැම තිස්සෙම ඔයා පසු පස ගියා. ටික ටික ඔයා ඒකට හැඩ ගැහුනා. තනියම ගේට්ටුව ලඟට ගිහින් ආපසු ආවා පාර වරද්දා ගන්නේ නැතිව. කාටවත් ඔයා දැක්කම හිතා ගන්න බෑ ඇස් පෙනීම සහ කන් ඇහීම දුර්වල බව.ගේ ඇතුලෙත් පුටු මේස ඔයා වෙනුවෙන් වෙනස් කලා. රෑට ඔයා නිදා ගත්තේ උඩ කාමරේ. ඉතින් හැමදාම රෑට ත් උදේටත් ඔයාව වඩා ගෙන තමයි උඩ පහල ගියේ.

ආදරණීය සාෂා,         ඔයා නිතරම මල් ගස් අතරෙ මිදුල පුරා ඇවිද ඇවිද  සමනලයො පස්සෙ එලවමින් ස්වභාව සෞන්දර්ය එක්ක ජීවත් වුනේ. ...
06/10/2023

ආදරණීය සාෂා,
ඔයා නිතරම මල් ගස් අතරෙ මිදුල පුරා ඇවිද ඇවිද සමනලයො පස්සෙ එලවමින් ස්වභාව සෞන්දර්ය එක්ක ජීවත් වුනේ. වදුරෝ ආවම ඒගොල්ලන්ට ඔයා බුරනවා. ඒත් ඒගොල්ලො ඔයාව ගනන් ගන්නෙ නෑ. අඹ ගැට ටික ඔක්කොම බිම දාලා යනවා. ඔයාගෙ යාලු තලගොයා ඔයා ලඟ ට ගිහින් එයාව ඉව කරන කම් බලාගෙන ඉන්නවා. ගස් වල මල් ඉඹ ඉඹ ඔයා යනවා. ඒ නිසා තමයි අපි ඔයාව මල් වලින් වටකරල තිබ්බේ.
මතකද ඔයාට කඩියො විදිනවා. ඉතින් ඔයා කකුල නවා ගෙන කෑ ගහන්නේ. අපේ නාරං ගහ මතකද ඔයාට. මම නාරං කඩල තිබ්බම ඔයා එවා කටේ දාගන්නවා. ඇයි තිබ්බටු ගෙඩි ඔයා ඒවත් කනවා. පොල්ලෙලි අර ගෙන ඒව චූටි චූටි කෑලි වලට කඩනවා. අපි මොනවා හරි පැලයක් හිටෙව්වොත් ඔයාටත් ඕන පොලව හාරන්න. ඉතින් ගෙට ගන්න කොට ඔයාගේ මූන කටයි කකුල් හතරයි හෝදල තමයි ගන්නේ. වැස්සට ඔයා ඉතින් මිදුලට යන්න කම්මැලියි නෙ. ඔයාව නොතෙමෙන්න මං ඔයාට කුඩේ ඉහල ගෙන පස්සෙන් යනවා මතකද ඔයාට

ආදරණීය සාෂා,       අද තිලකා Aunty ආවා. ඔයා මතක් කලා. කමලා ආච්චිත් මතක් කලා.  පුන්චි ආවම නම් ඔයා නිතරම එයාට බූරනවනෙ.  එයත...
05/10/2023

ආදරණීය සාෂා,
අද තිලකා Aunty ආවා. ඔයා මතක් කලා. කමලා ආච්චිත් මතක් කලා. පුන්චි ආවම නම් ඔයා නිතරම එයාට බූරනවනෙ. එයත් අන්තිම දවසෙ ඔයා බලන්න ආවා. ඉතින් බුරන්න විදිහක් නෑ. ඔයා හොදටම නිදිනෙ.
ඔයා පොඩි කාලෙ අයිති වුනේ අය්යටනෙ. එයා රට ගියාට පස්සෙ ඔයාව බලන්න කීප සැරයක් ආවා. ඔයා මෙච්චර ඉක්මනින් අපිව දාලා යයි කියලා අය්ය හිතුවෙ නෑ. අය්ය ඔයාට විටමින් එව්වා. Toys ගෙනාවා. අවුරුද්දකට සැරයක් අය්යා ආවම ඔයා එයාව අදුර ගත්තා. මම ඔයාව නිතරම අය්ය ට video call වලින් පෙන්නුවා. ඔයා අපි අතරින් සමු ගන්න අවසාන මොහොත වන තුරැ අය්යත් එහේ ඉදන් බලා හිටියා. අයියටත් ගොඩක් දුකයි. ඒත් ඔයා ලඟ ඉදගෙන ඔයාව අතගාන්න එයාට බැරි වුනේ එයා ගොඩක් දුරහිටි නිසා කියල ඔයා තේරැම් ගත්තා නේද සාෂා. Chase මල්ලිත් ඔයා දිහා බලන් හිටියා.

ආදරණීය සාෂා,       අද මම ගේ ඇතුලට එන කොට හරිම හිස් බවක් දැනුනා. වෙනදට දොර ලඟ ඉදන් ඔයා බලා ඉන්නවා. අද කවුරැත් නෑ. ගෙදර හැ...
04/10/2023

ආදරණීය සාෂා,
අද මම ගේ ඇතුලට එන කොට හරිම හිස් බවක් දැනුනා. වෙනදට දොර ලඟ ඉදන් ඔයා බලා ඉන්නවා. අද කවුරැත් නෑ. ගෙදර හැමතැනම ඔයා හිටියා. අද හිස්. මම ගෙදරට ගෙනා බඩු store room එකේ දාන කොට හැම බෑග් එකකටම ඔයා ඔලුව දාලා මොනවා හරිකටේ තියන් දුවල හැන්ගෙනවා.
අල ගෙඩියක් , ලුණු ගෙඩියක් , තක්කාලි ගෙඩියක් පුටු යට උඩ ඒවා මට පස්සේ හම්බ වෙන්නේ. එක දවසක් මම ගේ අතුගාන්න පුටුවක් අදින කොට ඒක එන්නේ නෑ. හොයල බලන කොට ඔයා බිත්තරයක් අරන් ගිහින් පුටුව උඩ තියල ඒක පුටුව යටට වැටිල බිදිල පුවත කකුල tile එකේ ඇලිල. සමහර දවස් වල පුටුව උඩ අඹ කොට , කුරුම්බැට්ටි බාගෙට කාලා දාලා.
අය්යා ඔයාට ගෙනත් දුන් කුකුලා කටේ එල්ල ගෙන වත්ත පුරා ඇවිදල කොහේ හරි දාල එනව. තැඹිලි බොන්න, තැඹිලි ලොද කන්න ,පොල් වතුර බොන්න, පොල් කන්න ඔයා හරිම ආසයි. ඔයා නැතිව හරි පාලුයි සාෂා. හැම තැනම හැම මොහොතකම ඔයා තමයි ගෙදර හැමෝටම ආදරය බෙදමින් හැමෝගෙම සැලකිලි ලබමින් හිටියේ.

ආදරණීය සාෂා,       ඔයා හරිම ආසයි කුරුම්බැට්ටි එක්ක සෙල්ලම් කරන්න. ඔයා අය්ය ගෙයි අක්ක ගෙයි යාලුවා වුනාට ඒ දෙන්න ඉස්කෝලෙ ව...
03/10/2023

ආදරණීය සාෂා,
ඔයා හරිම ආසයි කුරුම්බැට්ටි එක්ක සෙල්ලම් කරන්න. ඔයා අය්ය ගෙයි අක්ක ගෙයි යාලුවා වුනාට ඒ දෙන්න ඉස්කෝලෙ වැඩත් එක්ක busy වෙන කොට ඔයා මට අයිති වුනා.
ඒගොල්ලො ඉස්කෝලෙ ගියාම මමයි ඔයයි මිදුලේ සෙල්ලම් කලා. කුරුම්බැට්ටි අහුලා ගෙන ඔයා කටේ තියාගෙන දුවනවා. මම තව එකක් අහුලා ගෙන විසි කරනවා ඈතට . ඔයා ගිහින් ඒකත් කටේ තියාගෙන ගන්න වා. ඔයාගේ මුන දිග නිසා ඔයා සමහර වෙලාවට කුරුම්බැට්ටි තුනක් එකසැරේ කටේ තියාගෙන ගෙන දුවනවා.
ඊලඟට ඔයා Jovi ලඟට ගිහින් එයා ලග තියෙන එක ගන්න හදනවා. ඉතින් Jovi ඔයාට සැර දාන කොට ඔයා බොරුවට ඈතට වෙලා ඉදල එක පාරට ඇවිත් Jovi ලග තියෙන එක කටින් අරන් දුවනවා.
ඊලඟට Jovi ගෙන කෑම කෝප්ප යට ඉව කරනවා. Jovi ඒක ඔයා ට දීල යනවා. ඔයා Jovi ගෙ කනෙන් අදිනවා. වලිගෙ හපනවා. 2017 මැයි මාස Jovi ඔයාව දාල දේදුනු පාලමෙන් එතෙර වෙන කොට ඔයාට වයස අවුරුදු පහයි.

ආදරණීය සාෂා ඔයා හරිම සතුටින් අපි හැමෝටම ආදරය බෙදමින් අවුරැදු 11 මාස හතරක් හරිම ලස්සන ජීවිතයක් ගෙව්වා. ඒ වගේම අපි  ( මම,අ...
02/10/2023

ආදරණීය සාෂා ඔයා හරිම සතුටින් අපි හැමෝටම ආදරය බෙදමින් අවුරැදු 11 මාස හතරක් හරිම ලස්සන ජීවිතයක් ගෙව්වා. ඒ වගේම අපි ( මම,අය්යා,නංගී,)කොහේ හරි යනවා නම් ඔයාව ගෙනියන්න පුලුවන් ගමන් වලදී ඔයාව අරගෙන මයි ගියේ. බැරි තැන් වලදී ඔයාව කවදාවත් අපි තනියම තියලා ගියේ නෑ . ඔයාව බලාගන්න කමලා ආචිචී,ප්‍රියංකා, තිලකා,තමරා,චන්දිමා මේ කවුරැ හරි ඔයා ලග තියලා ගියේ. මොකද අපි කැමති වුනේ නෑ අපි නැතිව ඔයා දුකෙන් ඉන්න වට. ඔයා කවදාවත් විනාඩියකට වත් කූඩුවක හිටියෙ නෑ. බෙහෙත් ගන්න ගියත් clinic එකේ මේසය උඩ තියන්න මම කැමති නෑ. අවසාන දවස් ටික වෙනකම් වඩා ගෙන තමයි Doctor ලග තියා හිටියෙත්.
ඔයා එනකොට Jovi ත්හිටියා. ඔයාට එතකොට මාස1 1/2 යි. ටික ටික ලොකු වෙනකොට ඔයා හරිම දඟයි. ඔයා හොද runner කෙනෙක්. Jovi ටිකක් සැරයි. ඒකෙ අනිත් පැත්ත ඔයා. හරිම අහිංසක යි. කාවවත් හපලා නෑ. බලා ගත්ත aunty ලා ඇරෙන්න කා එක්ක වත් යාලුත් නෑ. ඔයා ගේ මතකයන් ගොඩාක් අපි ලඟ තියෙනවා. ඔයාගේ යාලු තලගොයා අදත් ආවා. ආයි හෙට මම තව ටිකක් ඔයා ගැන ලියන්නම්.
අද අපි ඔයා සිහි කරල පාරෙ ඉන්න අසරණ බව්වන්ට දානයක් දුන්නා

Good night our sweet loving darling Boy Sasha. Sweet dreams ❤️
01/10/2023

Good night our sweet loving darling Boy Sasha. Sweet dreams ❤️

01/10/2023
Good Bye Our Loving Sasha❤️
01/10/2023

Good Bye Our Loving Sasha❤️

අම්මියි මමයි ☺️
30/09/2023

අම්මියි මමයි ☺️

අද හොදට අව්ව තියෙන දවසක්. උදේ බෙහෙත් වලින් පස්සේ මම ටිකක් අව්ව ට ආවා. හරිම සනීපයි.
30/09/2023

අද හොදට අව්ව තියෙන දවසක්. උදේ බෙහෙත් වලින් පස්සේ මම ටිකක් අව්ව ට ආවා. හරිම සනීපයි.

අද උදේ මම ටිකක් ඇවිද්දා
29/09/2023

අද උදේ මම ටිකක් ඇවිද්දා

අම්මිත් එක්ක තමයි ගියේ.
28/09/2023

අම්මිත් එක්ක තමයි ගියේ.

ගොඩක් දවසකට පස්සේ මං ආවා. ටිකක් සනීප නෑ. අද මට Saline දුන්නා.
28/09/2023

ගොඩක් දවසකට පස්සේ මං ආවා. ටිකක් සනීප නෑ. අද මට Saline දුන්නා.

කොහොමද යාලුවනේ. ඕගොල්ලො ඔක්කොටම ලස්සන ඉරිදා වක් වේවා! 😻අක්කගේ වැඩ තමයි මේ. මම ලස්සන යි නේද?😽
11/06/2023

කොහොමද යාලුවනේ. ඕගොල්ලො ඔක්කොටම ලස්සන ඉරිදා වක් වේවා! 😻අක්කගේ වැඩ තමයි මේ. මම ලස්සන යි නේද?😽

06/06/2023

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

මගේ B'day එකට මට සුභ පතපු ඒ වගේම මගේ photo වලට ප්‍රතිචාර දක්වපු ඕගොල්ලො ඔක්කොටම ගොඩාක්ම...ස්තූතියි. 😽😽😽😽😽
24/05/2023

මගේ B'day එකට මට සුභ පතපු ඒ වගේම මගේ photo වලට ප්‍රතිචාර දක්වපු ඕගොල්ලො ඔක්කොටම ගොඩාක්ම...ස්තූතියි. 😽😽😽😽😽

23/05/2023

Good news එකක් එක්ක මේන් මම cake කනවා හොදේ😽මම diet plan එකක හිටියානෙ ඉතින් මගේ බර 1.2 kg අඩු වෙලා😽
Yeees! ඕගොල්ලොත් diet plan වල ඉන්නවා නම් මම වගේ උත්සාහ කරන්න.

23/05/2023

මගේ B'day cake එක කපන්නයි යන්නේ😻. Happy B'day to me😽 Happy B'day to me!wooow

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Doxies of Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share