Crazy Betta SL

  • Home
  • Crazy Betta SL

Crazy Betta SL ෆයිටර් මත්ස්‍යයි සදහා ලබා දෙනු ලබන ආහාර හා තාක්ශනික ක්‍රමවේද පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වෙන්න✌️

26/01/2024

Yellow Multicolor 🌻🌈️
CrazyBettaSL

25/01/2024

Musterd gas (Yellow) 🌻✨️😍
CrazyBettaSL

20/01/2024

Red Rostail 🌹 🤩

25/12/2023

ජලජ ජීවීන් සදහා යොදා ගනු ලබන ආහාර හා තාක්ශනික ක්‍රමවේද පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වෙන්න✌️

ටුයුබිෆෙක්ස් වර්ම් (Tubifex worms)******වගා කිරීම 02(culture method)******මෙම ක්‍රමය 100% ප්‍රායෝගිකව සිදුකල හැකිය..🙏 හැ...
25/12/2023

ටුයුබිෆෙක්ස් වර්ම් (Tubifex worms)
******වගා කිරීම 02(culture method)******

මෙම ක්‍රමය 100% ප්‍රායෝගිකව සිදුකල හැකිය..🙏 හැංගිලි නැත සියල්ල ඇත👇

පනුවන් එකතු කිරීමෙහි සිට ඉතිරි කොටස👇

07. එකතු කරගත් පනුවන් (අපද්‍රව්‍ය නොමැතිව) පිරිසිදු ජල බේසමක, හොදින් වාතනය කරමින් දින 1 පමන තබා මසුන්ට ආහාර සදහා ලබා දෙන්න.
(විශාල ප්‍රමානයක් එක බේසමක තැබීමේන් වලකින්න..🖐️)

අමතර කරුණු................................

# ටැංකිම අවශ්‍ය නැත..
ප්ලාස්ටික් ට්‍රේ යෝදාගත හැක. හිරු එලිය නොමැති සිසිල් ස්තානයක සකසා ගන්න. අවශ්‍ය නම් ට්‍රේ කිහිපයක් යොදා ගෙන ජලය බැසයන ලෙසට සකසා ගන්න.(ට්‍රේ සිදුරු කර උස මට්ටම වෙනස් ලෙස තබා කුඹුරක ලියදි වලට ජලය සපයන ලෙස)

# ජලය සැපයීම අපහසු නම්....,🙄
ප්ලාස්ටික් ට්‍රේ වලට පිරවිය හැකි ජල පරිමාවට සමාන හෝ ඊට වැඩි ජල පරිමාවක් පිරවිය හැකි බාජනයක් ඊට අසල ඉහලකින් තබා ජලය නූලක ආකාරයෙන් බේරෙන සේ සකසන්න. දිනකට 2-3 වරක් එම ජල බාජනය පිරවීම ප්‍රමානවත් වේ..
(අරමුණ..😎... ට්‍රේ එකෙහි තිබෙන ජලය සෙමෙන් සෙමෙන් දවසකට දෙවරක් හෝ අලුත් වන ලෙසට නිර්මාණය කිරීම👈)

# ඉහත ක්‍රමය අඩි 3X3 ටැංකියකට අදාලව සදහන් කර ඇත.. ඔබ බාවිතා කරන ඇටවුමට යොදාගත හැකි ලෙසට එය වෙනස් කර යොදා ගන්න.

(✨️ඉහත පලමු ක්‍රමවේද මගින් ලැබෙන පනුවන් ප්‍රමානය ඉහල බව සලකන්න💪)

කතෘ අයිතිය සුරකින්න
Crazy Betta SL
ජල ජීවී පර්යේෂක

ටුයුබිෆෙක්ස් වර්ම් (Tubifex worms)******වගා කිරීම 01 (culture method)******මෙම ක්‍රමය 100% ප්‍රායෝගිකව සිදුකල හැකිය..🙏 හ...
25/12/2023

ටුයුබිෆෙක්ස් වර්ම් (Tubifex worms)
******වගා කිරීම 01 (culture method)******

මෙම ක්‍රමය 100% ප්‍රායෝගිකව සිදුකල හැකිය..🙏 හැංගිලි නැත සියල්ල ඇත👇

අවශ්‍ය ද්‍රව්‍ය,
*අඩි 3 X 3 ටැංකියක් ( කුමක් හෝ වතුර පිරවිය හැකි)
*අමු ගොම(තාච්ච් 1/2)
*මතුපිට කලුපාට පස්
*Tubifex worm (යෝගට් කප් 2-3ක්)
*සෙමෙන් ගලායන වතුර ලයින් එකක්
*ආහාර ලෙස ඉවත දමන ගෝවා කොල ( පිරිසුදු කල කොල 10-20ක් පමන නටන වතුරේ මිනිත්තු 10ක් පමන ගිල්වා තාබා හොදින් සිසිල් වූ පසු)

01. ගොම හා මතුපිට පස් කලවම් කර අගල් 4-5ක් පමන තට්ටුවක් ලෙස ටැංකියට යොදන්න.

02. ටැංකියට ඉතා සෙමෙන් ගලායන යන(වතුර නූලක් සේ බේරෙන ලෙස අවම වශයෙන් තිබිය යුතුයි) වතුර පහරක් දිය හැකි ලෙස සකස් කර ගත යුතුයි. වතුර පස් තට්ටුවේ මතුපිට සිට ඉහලට අගල් 2-3ක් පමන රදවා ගන්නා ආකාරයට ටැංකිය සකස් කර ගන්න.

වැදගත් : ටැංකිය තුලට හිරු එලිය නෝවැටෙන සේ අදුරු පරිසරයක.. සිසිල් ස්තානයක තැබීමෙන් ඉතා හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.👌

03. ක්ලෝරින් සහිත ජලය බාවිතා නොකරන්න....🖐

04. Tubifex worm කුඩා ප්‍රමාන ගෙන ටැංකියේ පස් මාධ්‍ය මතුපිට පොකුරු ලෙස සමාන දුරක් සහිතව (කුඩා බෝතල් මූඩියක ප්‍රමානයේ පොකුරු) තැන්පත් කරන්න (පුඩිමක පලතුරු කෑලි පිහිටන ලෙස😁).

05. ඉහත සදහන් ලෙස සාදාගත් ගෝවා කොල කුඩා පනු පොකුරු අසල සහ වැසෙන සේ ජලය තුල ගිල්වන්න. (දින 03කට වරක් ගෝවා කොල පරීක්ෂා කර බලා අවශ්‍ය නම් නැවත යෙදිය යුතුයි.). පනුවන් වැඩිවන විට යොදන ගෝවා කොල ප්‍රමානය වැඩිවිය යුතුයි. නිතර ආහාර ලෙස ගෝවා කොල ටැංකිය තුල තිබීම අත්‍යාවශ්‍ය වේ..👈

(ආහාර ලෙස වෙනත් ඉවත දන එලවලු කොටස් යෙදිය හැක..😑😐😐 නමුත් ගෝවා කොල වඩාත් යෝග්‍ය වේ, එමගින් සීඝ්‍ර ලෙස පනු ගහනය වැඩිවේ.✨️💪)

06. මාස 1 - 1 1/2ක් පමන වන විට විශාල පොකුරු දැක ගත හැකිය. ගෑරුප්පුවක් යොදා ගෙන අපද්‍රව්‍ය නොමැතිව පස් හා ගෝවා කොල මත ඇති විශාල පොකුරු වලින් පනුවන් එකතු කරගත හැක.

පස තුල සිටින පනුවන් එකතු කිරීම ඉතා අපහසු මෙන්ම එමගින් අපද්‍රව්‍යද ඒ සමග එකතු වේ.. එම නිසා පනු ගහනය වැඩි වන තෙක් හොදින් පවත්වා ගන්න.. ගහනය වැඩිවන විට ගෝවා කොල මතුපිට විශාල පොකුරු ලෙසට එකතු වේ.. රාත්‍රි කාලයේදී මෙය හොදින් බලා ගත හැක. පනුවන් එකතු කිරීමද රාත්‍රි කාලයේදී සිදුකරන්නේ නම් වඩා යෝග්‍ය වේ..💪✨️

දෙවන කොටසින් හමුවෙමු...✌️

කතෘ අයිතිය සුරකින්න
Crazy Betta SL
ජලජ ජීවී පර්යේෂක

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Crazy Betta SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share