Woof Woof

Woof Woof Due to people being careless street dogs have increased on the road. So this dogs meets with so many

28/06/2024

මග රැකන් ඉදලා නුවර යන නැදුන්ගමුවේ රාජට කෑම දුන්න වගේ අනුරාධපුරේ දයාංජනට කෑම ටිකක් යවමුද?

දයාංජනට කෑම අරන් ලොරියක් හෙට මීගොඩ ඉදන් අනුරාධපුරේ යනවා.....

යන පාර....

මීගොඩ,හංවැල්ල,නුවරපාර,කුරුනෑගල,හබරණ හරහා කැබිතිගොල්ලෑවට

ඔබ මේ මාර්ගයේ අවට කෙනෙක් නම් පහත අංකයට කතා කරලා ලොරිය සම්බන්ධ කරගෙන කෑම ටිකක් දෙන්න පුළුවන්ද?

ජීවිතයත් මරණයත් අතර ඉන්න නැදුන්ගමුවේගේ පරපුරේ ඇත් පැටියෙක් බේරගන්න නැදුගමුවට කෑම දීලා සැලකුවා වගේ මේ පොඩි එකාටත් සලකමු.

ඒක අප අතරින් වෙන් වෙලා ගියපු රාජටත් පිනක් සිද්ද වෙන වැඩක්......

ඒ නිසා කතා කරල සම්බන්ධ කරගන්න

Kalum - 0773793491

26/01/2024

Shelly
6 month
Missing place= rathmalana ice cream kade
Contact number 0773216213
Missing date 2024/01/25
Time 7.30pm = 8.00pm

30/11/2022
මේ ඇස්වත් ඇරල නැති කිරි දරුවෝ පස් දෙනා ඉන්නේ මාතර, තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ...කාලකණ්ණි මිනිස්සු මේ අයව පාරට ගෙනත් දාලා ...
20/07/2022

මේ ඇස්වත් ඇරල නැති කිරි දරුවෝ පස් දෙනා ඉන්නේ මාතර, තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ...කාලකණ්ණි මිනිස්සු මේ අයව පාරට ගෙනත් දාලා ගිහින්...😭💔

අනේ මේ අහිංසක කිරිසප්පයන්ව බාරගන්න පුලුවන් ඒ අවට කෙනෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න...🥺🙏 පාරේ ඉන්න නිසා ජීවිත අවදානමේ තියෙන්නේ...බොන්න කිරි ටිකක්වත් නෑ අඩුම පැටවුන්ට...හාමත් වෙලා ඇති..😓 කාරුණික හදවත් තියන අය ඉක්මනින්ම පිහිට වෙන්න...🙏🤍

Contact no: 0703570945 ඉශාර (මාතර)

14/04/2022

අරගල භූමියේ දැක්ක සොදුරු කාන්තාවක් 🥺❤️ ඇයගේ අතේ මේ ඉන්න බව්වා කව්රුහරි ගෝඨා ගෝ ගම ගාව දාල ගිහින් ! ඇයගේ හිත උනු වෙලා ඇය ඒ කික්කිව ගෙදර ගිනියනවලු , මම කතා කරලා විස්තර ඇහුවම ඇය මට කිව්වා මේ වගේ පාරේ අසරණ වෙලා හිටපු තව බව්වෝ 10 ක් එයාගේ ගෙදර ඉන්නවා කියලා 🥺 බලන්න මේ අරගල කරන්න එන ජනතාවගේ හිත් කොච්චර සුන්දරද කියලා ❤️‍🩹 ඒ බව් කික්කි ගොඩක් වසනාවන්තයි ඇය වගේ බාරකාරියක් ලැබීමට ❤️
සටහන ✍🏻
~ Talk with Hesh*tha ~
GotaGoGama

මේ සතාට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.. එයාව කවුද මරන්න අරං යන්න හදද්දී කෙනෙක් එයාව බෙරගෙන. ඒ වෙලාවේ බෙල්ලට ලනුව හිර ...
08/04/2022

මේ සතාට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.. එයාව කවුද මරන්න අරං යන්න හදද්දී කෙනෙක් එයාව බෙරගෙන. ඒ වෙලාවේ බෙල්ලට ලනුව හිර වෙලා එයාගේ දිව එලියට ඇවිත් තියෙන්නේ. එයාට කන්නවත් බොන්නවත් බෑ අනේ කවුරු හරි Doctor කෙනෙක්ව එක්කන් යන්න පුළුවන් නම් එයා බේරෙයි. අපි දැක්කේ රත්මලාන මාලිගාව පාරේ Maliban Milk එක පාරේ තමයි එයා හිටියේ. ඔයලට පුළුවන් නම් එයාව බේරගන්න ඔයලටත් ලොකු පිනක් ❤️🙏 0758304041

වීදි සතුන් සඳහා ආහාර ලබා දීම දෙසැම්බර් මස 11 වනදා යලි වතාවක් කිරීමට අපට හැකි උනා.මෙවර මෙම කර්තව්‍යය සදහා මූල්‍ය අනුග්‍රහ...
11/12/2021

වීදි සතුන් සඳහා ආහාර ලබා දීම දෙසැම්බර් මස 11 වනදා යලි වතාවක් කිරීමට අපට හැකි උනා.

මෙවර මෙම කර්තව්‍යය සදහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ අසේල අයියා, රමේශා අක්කා සහ මෙලීසාට සහ සෑම වරකම අපට කෑම බෙදාදීම සඳහා පිඟන් ලෙස භාවිත කිරීමට ස්වභාවික ශාකපත්‍ර ලබාදෙන භාග්‍ය මල්ලිට සහ ඔහුගේ ආච්චිට විශේෂයෙන් ස්තුතියි.

මෙවරද විශේෂත්වය ඇතැම් හේතූන් මත ඇතැම් නිවැසියන්ගේ සුනඛයන් සදහාද ආහාර ලබාදීමයි.
මෙවර ලොකුම හයිය උනේ රමේශා අක්කයි, අයියයි.♥️

ලබන වතාව මීටත් වඩා සාර්ථක කරගැනීමට අප සැම බලාපොරොත්තු වනවා.
මේ සඳහා මුල්‍යමය සහ ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු දෙනාට ගොඩක් ස්තුතියි ! පිං 🙏

මෙවර අප කණ්ඩායම ♥️💪
රමේශා අක්ක
අසේල අයියා
ඉසබෙල්
එමලි
මෙලීසා
අංජන
අකිල මල්ලී
භාග්‍ය මල්ලී
භාග්‍ය මල්ලීගේ ආච්චි

කොහෙන් කඩා පාත් උන පූසි කෙනෙක්ද දන්නේ නෑ. අපේ පිටිපස්සේ මඩුවේ පැටව් දාලා. එකෙක්ව ගැරඬියෙක් කාලා. අනික් එකාව බාගෙට කනකොට ...
26/11/2021

කොහෙන් කඩා පාත් උන පූසි කෙනෙක්ද දන්නේ නෑ. අපේ පිටිපස්සේ මඩුවේ පැටව් දාලා. එකෙක්ව ගැරඬියෙක් කාලා. අනික් එකාව බාගෙට කනකොට තමයි හොයන් ආවේ. එයාට තුවාලයි. බේත් දානවා මේ දවස්වල. ඒත් ශුවර් නෑ. අනිත් තින් දෙනා හොඳින් ඉන්නවා. එයාලගේ අම්මා ඉන්නවා. තාම කිරි බොනවා. කෑම කන්නපටන් අරන් නෑ. කෑම කන්න පටන් ගත්තම තමයි දෙන්නේ නැත්තම් පව් නේ. තාම සති 3යි එයාලට. දැන්ම හොයන්නේ ඒ වෙද්දි දෙන්න පුලුවන් වෙන්න. අපේ ගෙදර පූසෝ හදන්න තහනම්. මල්ලි යකා. එයා එලවනවා. පොඩි අයනේ පාරට එහෙම ගිහින් දැම්මොත් කියලා බයයි ඒකයි දැන්ම තැන් හොයන්නේ.
ගෑනු පිරිමි තාම දන්නේ නෑ. මට හොයාගන්න බෑ.
හැම එකාම එක වගෙයි. කාටහරි කියලා ඒක බලවලා කියන්නම්.

කොළඹ අවට නම් ඩිලිවරි කරලා දෙන්න පුලුවන්
නැත්තම් 0777555429ට කෝල් කරන්න පුලුවන්

සොහොනෙත් නැ දෙන්නෙ ඉන්නට අපටපාරටම දැම්මා මැරෙන්න හැපී වාහන වලට ... 😭😭😭බඩගින්න උහුලන්නයි බැරිම පොඩි කමටමැරෙන්න දෙන් එපා ප...
04/11/2021

සොහොනෙත් නැ දෙන්නෙ ඉන්නට අපට
පාරටම දැම්මා මැරෙන්න හැපී වාහන වලට ... 😭😭😭
බඩගින්න උහුලන්නයි බැරිම පොඩි කමට
මැරෙන්න දෙන් එපා පාරෙම අසරණ අපට

Location :- #වත්තල #හුණුපිටිය_කනත්ත
Contact :- 0756336408

පාරේ ඉදලා ගෙනාවේ මෙයාලා....  හුරතල් .🛵  .සත්තුන්ට ආදරේ තියන නිවසකට ගෙනල්ලා දෙන්නම්🛵..   පිරිමි 2,ගැහැනු 1////  ,ගැහැනු ස...
04/11/2021

පාරේ ඉදලා ගෙනාවේ මෙයාලා.... හුරතල් .🛵 .සත්තුන්ට ආදරේ තියන නිවසකට ගෙනල්ලා දෙන්නම්🛵.. පිරිමි 2,ගැහැනු 1//// ,ගැහැනු සතාගේ සැත්කමට වියදම් දැරිය හැක.. මේ සත්තුන්ට පිහිටක් වෙන්න කැමතිනම්.... 0778729230...කතා කරන්න බැරිනම් sms එකක් දාන්න ...

මාලබේ මහරගම පාරෙ විද්යාල හන්දියෙ ඉන්න මේ අසරනයන්ට පිහිටක් වෙන්න පුලුව්න්නම්  කතා කරනන්න 0771551771
04/11/2021

මාලබේ මහරගම පාරෙ විද්යාල හන්දියෙ ඉන්න මේ අසරනයන්ට පිහිටක් වෙන්න පුලුව්න්නම් කතා කරනන්න 0771551771

අනේ දෙයියනෙ එයා හැප්පිලා කකුල රෝදේට යට වෙලා 😭😭😭තව පැටවු 5ක් වැස්සට තෙමි තෙමි අව්වට කර වෙවී බඩගින්නෙම ඉන්නවලු 😥😥😥Location...
04/11/2021

අනේ දෙයියනෙ එයා හැප්පිලා කකුල රෝදේට යට වෙලා 😭😭😭
තව පැටවු 5ක් වැස්සට තෙමි තෙමි අව්වට කර වෙවී බඩගින්නෙම ඉන්නවලු 😥😥😥
Location :- #පන්නල කොටුවැල්ල බෙනවත්ත
Contact :- 0773491193

මේ පාරේ දාලා ගිය පුස් අම්මෙක් පැටව් දලා annex එකක් අසල පැටව් 05 හදා ගන්න කැමති කෙනෙක් කියන්න ලොකු පිනක් මෙයලා පාරට දායී ...
04/11/2021

මේ පාරේ දාලා ගිය පුස් අම්මෙක් පැටව් දලා annex එකක් අසල පැටව් 05 හදා ගන්න කැමති කෙනෙක් කියන්න ලොකු පිනක් මෙයලා පාරට දායී annex owner වැස්සේ තෙමිලා දුක් විදිනවා පිහිට වෙන්න..දෙල්කන්දේ ඉන්නේ..ගෙනල්ලා දෙන්නත් පුලුවන් 703567017

අනේ එයාට යම් සංවිධානයක රැකවරණය ලබා දෙන්න සහය වෙන්න 🙏😥  #හෝමාගම අම්බලමකලු Contact :- 0760885201පුලුවන් නම් 🔴 Share 🔴 කරන්...
01/11/2021

අනේ එයාට යම් සංවිධානයක රැකවරණය ලබා දෙන්න සහය වෙන්න 🙏😥
#හෝමාගම අම්බලමකලු
Contact :- 0760885201

පුලුවන් නම් 🔴 Share 🔴 කරන්න ඒක ලොකු උදව්වක් වෙයි මේ අහිංසකයන්ට...

අසරණ වීදි ජීවිතයක දුක පිරි ඉරණම වෙනස් කරන්න ඔබත් දායක වෙන්න..
🐾️🐾️🐾️🐾️😥🙏🙏🥺💕💕💕💕

22/10/2021

ඉපදිලා දවස් 3න් අම්ම වාහනේකට හැප්පිලා මැරුණ දැන් වයස සති දෙකක් වෙන මේ පූස් පැටියා දැනට ඉන්නෙ රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ සැලුන් එකේ. මෙයාගෙ සහෝදරයට නම් ගෙයක් ලැබුනලු. දැනට සැලුන් එකේ අයියල දෙන්න එයාව බලාගන්නව. එයාල ඉන්නෙත් බෝඩිමක නිසා බෝඩිමට ගෙනියන්නත් බෑ. සැලුන් එක ගාලු පාර අයිනෙම නිසා සැලුන් එකේ තියාගන්නත් බෑ.
මේ පූස් පැංචිට ආදරණීය නිවසක් ඉක්මනින්ම ඕනි.
අමතන්න 071 322 3830

20/07/2021
වීදි සතුන් සඳහා ආහාර ලබා දීම ජූලි මස 17 වනදා යලි වතාවක් කිරීමට අපට හැකි උනා.සෑම වරකම අපට කෑම බෙදාදීම සඳහා පිඟන් ලෙස භාවි...
20/07/2021

වීදි සතුන් සඳහා ආහාර ලබා දීම ජූලි මස 17 වනදා යලි වතාවක් කිරීමට අපට හැකි උනා.

සෑම වරකම අපට කෑම බෙදාදීම සඳහා පිඟන් ලෙස භාවිත කිරීමට ස්වභාවික ශාකපත්‍ර ලබාදෙන භාග්‍ය මල්ලිට කොරෝනා ආසාදනය වූ බැවින් ඔහුගේ අඩුව පුරවාගැනීමට අපට මහත් අසීරු වුනා.

මෙවරද විශේෂත්වය ඇතැම් හේතූන් මත ඇතැම් නිවැසියන්ගේ සුනඛයන් සදහාද ආහාර ලබාදීමයි.
මෙවර ලොකුම හයිය උනේ රමේශා අක්කයි, අයියයි.♥️
ඒ වගේම අප කණ්ඩායමට සංග්‍රහයක් සූදානම් කල තුෂාන් සහෝදරයාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

ලබන වතාව මීටත් වඩා සාර්ථක කරගැනීමට අප සැම බලාපොරොත්තු වනවා.
මේ සඳහා මුල්‍යමය සහ ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු දෙනාට ගොඩක් ස්තුතියි ! පිං 🙏

මෙවර අප කණ්ඩායම ♥️💪
රමේශා අක්ක
අසේල අයියා
මෙලීසා
අංජන
සසංගි නංගි
මාධව මල්ලි
අකිල මල්ලී
තාරක මල්ලී
තුෂාන් මල්ලී

අපේ වැඩවලට ගොඩක් උදව් කල අපේ භාග්‍ය මල්ලි මේ වන විට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.අපි හැමෝම භාග්‍ය මල්ලිට ඉක...
12/07/2021

අපේ වැඩවලට ගොඩක් උදව් කල අපේ භාග්‍ය මල්ලි මේ වන විට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අපි හැමෝම භාග්‍ය මල්ලිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

We were able to feed the street animals again on May 1st.This time We were able to provide food for around 100 or more d...
03/05/2021

We were able to feed the street animals again on May 1st.
This time We were able to provide food for around 100 or more dogs and several cats.
The specialty of this time is that we were able to provide food for the dogs of some residents.
At one point, our team was threatened by a few people who were trying to show us that society was "posh" against feeding the street animals, arguing that they would p**p on the street in front of their homes after eating. Our team is very curious as to how they feel about the common hunger of everyone
We all hope to make it even more successful next time. Thank you so much to everyone involved financially and labor for this! Thanks

වීදි සතුන් සඳහා ආහාර ලබා දීම මැයි මස 1වනදා යලි වතාවක් කිරීමට අපට හැකි උනා.
මෙවර 100 කට ආසන්න හෝ අධික සුනඛයන් ප්‍රමාණයකට සහ බළලුන් කිහිප දෙනෙකුටම 😁
ආහාර ලබා දීමට හැකි උනා.
මෙවර විශේෂත්වය ඇතැම් හේතූන් මත ඇතැම් නිවැසියන්ගේ සුනඛයන් සදහාද ආහාර ලබාදීමයි.
එක්තරා ස්තානයකදී අපහට වීදි සතුන්ට ආහාර ලබාදීමට එරෙහි වූ සමාජයේ "පොෂ්" යැයි පෙන්වීමට උත්සාහ දරන කිහිපදෙනෙකුගේ තර්ජනයටද අප කණ්ඩායම ලක්වූවා, ඔවුන්ගේ තර්කය, එම වීදි සතුන් ආහාර ගැනීමෙන් පසු ඔවුන්ගේ නිවාස ඉදිරිපිට මාර්ගයේ මලපහ කිරීමයි. කාටත් පොදු බඩගින්න ඔවුන්ට කිනම් අයුරෙන් දැනේද යන්න අප කණ්ඩායමටම මහත් කුතුහලයෙන් යුතු කරුණකි.
එය එසේ වුවත්,
ලබන වතාව මීටත් වඩා සාර්ථක කරගැනීමට අප සැම බලාපොරොත්තු වනවා.මේ සඳහා මුල්‍යමය සහ ශ්‍රමයෙන් සම්බන්ද වූ සියලු දෙනාට ගොඩක් ස්තුතියි ! පිං 🙏
රමේශා අක්ක
අසේල අයියා
සුනේත්‍රා අම්මා
තුෂාරි අක්කා
මෙලීසා
අංජන
සසංගි නංගි
රෂිත මල්ලි
මාධව මල්ලි
භාග්‍ය මල්ලි
අකිල මල්ලී සහ ඔහුගේ අම්මා
සහනදායී මිලක් යටතේ අප ත්‍රිරෝදරථයෙන් රැගෙන ගිය තිස්ස අයියා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Woof Woof posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Woof Woof:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share