Puppies Tales by De Seram

  • Home
  • Puppies Tales by De Seram

Puppies Tales by De Seram සුරතලුන්ට කැමති ඔබ වෙනුවෙන්

17/06/2024
බුරන්න බැරි බල්ලො ගැන අහලා තියෙනවාද ?සත්ව පුරාවිද්‍යාව කියන විෂය තුල තියෙන සිත්ගන්නාසුළු අධ්‍යන ක්ශේත්‍රයක් තමයි සත්ව ගෘ...
07/06/2024

බුරන්න බැරි බල්ලො ගැන අහලා තියෙනවාද ?

සත්ව පුරාවිද්‍යාව කියන විෂය තුල තියෙන සිත්ගන්නාසුළු අධ්‍යන ක්ශේත්‍රයක් තමයි සත්ව ගෘහස්ථකරණය. ඔය විෂයෙදි ඇත්තටම ස්ටඩි කරන්නේ වර්තමානයේදි ගෘහස්ථකරණය වෙලා තියෙන සතුන් මුල් කාලවල කොහොමද ⁣මිනිස් ඇසුරට වැටුනේ සහ එතනින් පස්සේ සිදුවුන ක්‍රියාවලි. ඒ කතාවල පරණම කතාව අයිති සුනඛයන්ට. වෙන කිසිම සතෙක් මිනිස්සුන්ට ලන්වෙන්න කලින් තමයි අලු වෘකයො මිනිස් ඇසුරට වැටෙන්නෙ.. අද වෙද්දි මේ මිනිස් ඇසුරට වැටුන අලු වෘකයො ප්‍ර⁣භේද 200 කට අධික සුනඛයො බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒක හරි ලස්සන කතාවක්. මේ ප්‍රභේද දෙසිය ගානම ගත්තොත් අවිවාදයෙන්ම අපුරු ලක්ෂන දරන, විවිධ කර්තව්‍යන් සඳහා අභිජනනය කරනලද සිත්ගන්නාසුළු සතුන්.

මේ අතරේ ඉන්නවා එක්තරා හාදයෙක් අප්‍රිකාවෙන් හම්බවෙන. විශේෂත්වය තමයි බල්ලෙක් වුනාට මේ බල්ලට බුරන්න බෑ. ඇත්තටම එයාට බිරීමක් නෑ. ඒ නිසා හඳුන්වන්නේ barkless dog කියලා එහෙමත් නැත්තන් බිරුමක් නැති සුනඛයා. මේ ප්‍රභේදය හඳුන්වන්නේ 'බසෙන්ජි' කියලා.

බිරීමක් නැති වුනාට මෙයාට තියෙනවා වෙනම කෝල් එකක්. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ yodeling කියලා. සිංහලෙන්නන් වචනයක් නෑ ඇත්තටම ඕකට. හේතුව yodeling කියන්නේ ස්විස් ඇල්පස් කඳුකර වැසියන්ට ආවේණික ගායනා ශෛලියක් වීම. එතකොට බසෙන්ජිලා සිංදු කියනවද ? ඔව්.... එහෙම එකක් තමයි. ඒක නිකන් උඩු බුරලීමකට සමාන නමුත් ඒ තරන් කර්ණ කඨේාර නොවන ශබ්ද රටාවක්.

බසෙන්ජිලාට ඇත්තටම බුරන්න බැරිද ? බෑ කියලා තමයි කියන්නේ. හේතුව අනෙක් සුනඛයන්ට වඩා වෙනස් ආකාරයක ග්‍රසනික පිහිටීමක් තමයි බසෙන්ජිලාට තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් එන්න ඕන බුරන්න බැරි බල්ලෙක් අහවල් එකටද කියලා. ඒක තමයි බසෙන්ජිලා සම්බන්ධයෙන් තවමත් 100% නිවැරදි පිළිතුරක් නැති ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට අපි එමු හෙමින්.

මීට අවුරුදු හයකට විතර කලින් බර්ලින් නගරයේදි මම දකිනවා වැඩිය ලොකු නැති අපේ භාසාවෙන් කියනවානන් වල් බලු පෙනුමක් තියෙන බල්ලෙක් තමන්ගේ අයිතිකාරයා එක්ක අහල බංකුවක් ලඟ වාඩිවෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් සුනඛ ප්‍රභේද ගැන දැනුමක් තිබුනත් මේ යකාව අඳුරගන්නම බෑ. බැරිම තැන ගිහින් අයිතිකාරයා එක්ක කත බහා කරලා මේ මොකෙක්ද කියන ප්‍රශ්නෙ අහනවා. ඒ අපි මේ කතා කරන බැසෙන්ජියෙක්. මේ බැසෙන්ජියා දිහාට ඇහැ යන්න හේතුව තමයි ඒ අවට dog walkers ලා සිය ගනනක් බලු ප්‍රභේද අරන් යද්දි කලබලෙන්,සෙල්ලමට, ශබ්දයට ලොල් වුන ප්‍රභේද අතරේ කිසි හැල හොල්මනක් නැතිව ශබ්දයන්ට ප්‍රතිචාර නොදක්වන මේ අමුතු බල්ලා කැපී පෙනුන නිසා. මේ බැසෙන්ජියාට විධාන නිකුත් කිරීමත් සිදුවුනේ සංඥා වලින් පමණයි.

දැන් ආයේ එමු වර්තමානයට. අලු වෘකයන්ගෙන් සුනඛයන් ප්‍රභේදනය වෙනවා මීට අවුරුදු 40000 තරම්වත් ඈත කාලයකදි. ඒ කියන්නේ අලු වෘකයන්ට බුරන්න පුළුවන්ද ? බෑ.. වෘකයන්ට බුරන්නත් බෑ. බිරීම කියන ලක්ෂනය බල්ලොන්ට එන්නෙ අලු වෘකයන්ගෙන් වෙන්වෙලා කාලයක් ගියාම. එහෙමනන් බල්ලෙක් වුන බැසෙන්ජිට බිරීම මිස් වෙන්නෙ කොහොමද ?

සත්ව පුරාවිද්‍යාඥයො, සත්ව විද්‍යාඥයො මේ බැසෙන්ජිගේ හුටපටේට සිද්ධාන්ත කිහිපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ බැසෙන්ජිලා ඔරිජිනලි හමුවන්නෙ අප්‍රිකාවේ පිග්මීන් සතු සුනඛයන් විදිහට. පස්සේ කාලෙක ඊජිප්තු පිරමීඩවලත් බැසෙන්ජිලා ඇඳලාහිටියට කලහාරියෙන් මෙපිට පිග්මී වාසභූමිවල බැසෙන්ජිලා ගැවසෙනවා. එයාලගේ කාර්ය වෙන්නෙ දඩයම් සුනඛයෙකුගෙ කාර්ය. දඩයමේදි පුළුවන් තරම් නිශ්ශබ්ද විය යුතු නිසා වරණීය අභිජනනය තුල නිශ්ශබ්දතාව, අවම ශබ්දය හිතකර ලක්ෂනයක් විදිහට ඉදිරියට පැමිණිලා කියන එක තමයි මේ සිද්ධාන්තය.

දෙවනි සිද්ධාන්තය තමයි අප්‍රිකාවේ බැසෙන්ජි නිජබිම් තුල වසන කොටියාගේ ප්‍රියතම ආහාරය වෙන්නෙ සුනඛයන්. බිරීම වැනි කෙටි අඛණ්ඩ ශබ්ද යොමු කරද්දි ඒ ශ්බදය නිකුත් කරන මුලය හොයාගන්න ඇත්තටම ලේසි. නමුත් අඛණ්ඩ, විචලයකින් තොර ශබ්දවල මුලය එකපාර හොයාගන්න අමාරුයි. මේක නෝටිස් කරන්න පුළුවන් ලංකාවේ නරින්ගෙ, උතුරු අර්ධගෝලයේ වෘකයන්ගේ, කයෝටින්ගේ වගේ සතුන්ගේ උඩුබිරලීම්වලින්. බල්ලෙක් බුරන ලොකේශන් එක හොයාගත්තට අරවයේ එහෙම අමාරුයි. ඉතින් විද්‍යාඥයො පිරිසක් විශ්වාස කරනවා බැසෙන්ජිලා බිරීම අතහරින්න ඇති මේ විලෝපික අනතුර නිසා කියලා. මන් අර උඩ කියපු බැසෙන්ජියා ප්‍රකට කරපු ලක්ෂන තමයි මේ.

ඒ කොහොම නමුත් බැසෙන්ජියො හරි අපුරු සුනඛ ප්‍රභේදයක්. බල්ලො සීයක් බුරන තැනක කිසි හැල හොල්මනක් නැතුව චිල් පිට ඉන්න බ්‍රීඩ් එකක්. ඉන්ට්‍රෙස්ටඩ් අයට basenji yodeling කියලා youtube සර්ච් කරානන් මේ බල්ලන්ගේ හුරතල් කෝල් එක අහන්න පුළුවන්.

මම හිතන්නෙ පරිණාමය කියන ස්ටෝරියේ මිනිස්සුන්ට ලැබුනු හොඳම තෑග්ගක් තමයි බල්ලො කියන්නේ.

-Don Supz ගෙන් උපුටාගැනීමකි.

During the dramatization of the passion of Christ, a puppy can't understand why they hurt him, but he wanted to come clo...
01/04/2024

During the dramatization of the passion of Christ, a puppy can't understand why they hurt him, but he wanted to come closer to comfort him and let him know that he is not alone.

WE REALLY DON'T DESERVE DOGS 🥺

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Puppies Tales by De Seram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share