Dogs & Cats Lovers

  • Home
  • Dogs & Cats Lovers

Dogs & Cats Lovers සුරතල් සතුන් අපේ ජීවිතයේ කොටසකි

06/08/2023
පින්තූරයේ සිටින බල්ලාගේ නම හචිකෝ.1923 දී ජපන් පුරවැසියා (ඉසබුරා) ඔහු දිනපතා වැඩට යන දුම්රිය මැදිරියක කුඩා පෙට්ටියක තිබී ...
29/07/2023

පින්තූරයේ සිටින බල්ලාගේ නම හචිකෝ.
1923 දී ජපන් පුරවැසියා (ඉසබුරා) ඔහු දිනපතා වැඩට යන දුම්රිය මැදිරියක කුඩා පෙට්ටියක තිබී බල්ලා (හචිකෝ) සොයා ගත්තේය ... බල්ලා තවමත් කුඩා බලු පැටියෙකි.. ඔහු එය රැගෙන ගියේය. එය ඔහුගේ නිවසේ ඇති දැඩි කළේය.. දින ගෙවී ගොස් හචිකෝ වර්ධනය වේ. ඉසබුරා සෑම දිනකම දුම්රියෙන් රැකියාවට ගිය අතර, හචිකෝ ඔහුව දුම්රිය ස්ථානයට ගෙන ගොස් පැය 10 කට පමණ පසු නැවත පැමිණෙන තෙක් නැවතුම්පොළේ රැඳී සිටියේය!
1925 වසරේ දිනක (ඉසබොරා) රැකියාවේදී හෘදයාබාධයක් වැළඳී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වහාම මිය ගිය අතර ආපසු නිවසට පැමිණියේ නැත! හචිකෝ ඔහුගේ අයිතිකරු එනතුරු දුම්රිය වේදිකාවේ අවුරුදු 10ක් බලා සිටියා, ඔහුත් මිය යන තුරු!
ජපානයේ ෂිබුයි දුම්රිය ස්ථානයට ඇතුල් වන ස්ථානයේ ඔහුගේ පිළිරුවක් නිර්මාණය කර ඇති අතර එය තවමත් පවතී.
පක්ෂපාතීත්වය යනු කඳු වලට වඩා බර සහ ලණු වලට වඩා දිගු වචනයකි.. එහි අර්ථ බොහෝ ය: පරිත්‍යාගය, පරිත්‍යාගය, අවංකකම, පරිත්‍යාගය සහ පක්ෂපාතීත්වය..
හචිකෝගේ තවත් දුර්ලභ ඡායාරූප බලන්න - ඔහුගේ මියගිය හිමිකරුට පක්ෂපාතීත්වය වෙනුවෙන් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සුනඛයා

ගෙදර පූස් යාලුවෙක් ඉන්නවාද?
27/07/2023

ගෙදර පූස් යාලුවෙක් ඉන්නවාද?

25/01/2023

පැරණි ඊජිප්තු පවුල්වල දහඅටවන රාජවංශයට අයත් IIවන අමුන්හොටෙප් රජුට අයත් රාජකීය සුනඛයා, මමීකරණය කිරීමෙන් පසු, කයිරෝවේ ටරිර් කෞතුකාගාරය තුළ සංරක්ෂණය කර ඇත.. ❤ 🐕

මීට වසර 15,000 කට පමණ පෙර මැද පෙරදිග ප්‍රථම ගෘහාශ්‍රිත වෘකයන් දර්ශනය වූ බව මුලින් විශ්වාස කෙරිණි. කෙසේ වෙතත්, නව සාක්ෂිව...
25/01/2023

මීට වසර 15,000 කට පමණ පෙර මැද පෙරදිග ප්‍රථම ගෘහාශ්‍රිත වෘකයන් දර්ශනය වූ බව මුලින් විශ්වාස කෙරිණි. කෙසේ වෙතත්, නව සාක්ෂිවලින් පෙනී යන්නේ එය ඊට වඩා බොහෝ පෙර බවයි. ස්වීඩන් ජාන විද්‍යාඥ පොන්ටස් ස්කොග්ලන්ඩ් පසුගිය වසරේ Current Biology සඟරාවේ අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කළ අතර, වසර 35,000ක් පැරණි සයිබීරියානු වෘක අස්ථියක් පිළිබඳ ඔහුගේ සොයාගැනීම් විස්තර කළේය. සුනඛයන් හීලෑ කිරීම වසර 27,000 සිට 40,000 දක්වා කාලයකට පෙර සිදු වන්නට ඇතැයි ඔහු නිගමනය කළේය.

ජානමය අධ්‍යයනයන්ට අනුව, නූතන ගෘහාශ්‍රිත සුනඛයන් චීනය, මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයෙන් ආරම්භ විය. පුරාවිද්‍යාඥයෙකු සහ ජාන විද්‍යාඥයෙකු වන ග්‍රෙගර් ලාර්සන්ට අනුව, බටහිර යුරේසියාවේ කොතැනක හෝ මිනිසුන් විසින් අළු වෘකයන් ගෘහාශ්‍රිත කර ඇත. ඔහු අනුමාන කරන්නේ නැඟෙනහිර ජනයා ද වෘකයන් හීලෑ කර ඇති බවයි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ වෘකයන් ප්‍රථමයෙන් මිනිස් කඳවුරු වෙත ඇදී ගියේ ඉතිරි වූ ආහාර ඉවත් කිරීම සඳහා බවයි. කාලයාගේ ඇවෑමෙන්, සමහර වෘකයන් සංචාරක මිනිසුන් සමඟ ගමන් කිරීමට පටන් ගත් අතර, ගෘහාශ්‍රිතකරණය සඳහා යම් ආකාරයක ස්වභාවික වරණයක් සිදු වූ බව, සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීම සඳහා වූ ඇමරිකානු සංගමයේ (ASPCA) විද්‍යා උපදේශක ආචාර්ය ස්ටීවන් එල්. Zawistowski ABC පුවත් වෙත පැවසීය. බෘක්ලින් විද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය කැතරින් එම්. රොජර්ස් ඇගේ "පළමු මිතුරා" පොතේ පවසන පරිදි මෙම වෘකයින් සුරතල් සතුන් බවට පත් කිරීමට ප්‍රථමයෙන්ම කාන්තාවන් විය හැකිය. රුසියානු පර්යේෂකයෙකු වන Dmitri K. Belyaev විසින් 1950 ගණන්වල අගභාගයේදී ආරම්භ කරන ලද වසර 40ක අත්හදා බැලීමකට අනුව සුනඛයෙකු ගෘහාශ්‍රිත කිරීමට පරම්පරා හයේ සිට අට දක්වා ගත වේ.

මිනිසුන් සහ බල්ලන් අතර ඇති බැඳීම සනාථ කරන විද්‍යාත්මක සාක්ෂි පවා තිබේ. මිනිසුන් එකිනෙකාගේ දෑස් දෙස බලන විට, අපි චිත්තවේගීයව බැඳී ඇති අතර ඔක්සිටොසින් නම් හෝමෝනය නිකුත් කරයි. නාගසාවා විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ බල්ලන් සහ මිනිසුන් එකිනෙකාගේ දෑස් දෙස බලන විට මිනිසුන් සහ බල්ලන් යන දෙඅංශයෙන්ම එකම හෝමෝනය නිකුත් වන බවයි.

https://youtu.be/Yxi0egDuMbs
19/07/2022

https://youtu.be/Yxi0egDuMbs

/ #කිනිතුලු_උණ/ . කිනිතුලු උණ කියලා මෙම රෝගය හදුන්වන්නේ කිනිතුල්ලන් මගින් බෝවෙන නිසා උනත් කිනිතුල්ලන් කිය.....

Love and live
28/05/2022

Love and live

සංසාර මාවත
27/05/2022

සංසාර මාවත

ජලභීතිකාව වළක්වාගැනීමට ඔබේ සුරතලා එන්නත් කර තිබේ ද?---------------පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන...
25/05/2022

ජලභීතිකාව වළක්වාගැනීමට ඔබේ සුරතලා එන්නත් කර තිබේ ද?
---------------

පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ වලත් හිඟතාවයන් ඇතිවී ඇති බව දැනටමත් අප දැනුවත්. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් වළක්වාගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව පුරවැසියන් වන අප දැනුවත්ව සිටීම වැදගත් වනවා. ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් පිළිබඳවයි මේ සිහිපත් කිරීම.

ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස් වෛරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් අපව සපාකෑමෙන්. එලෙස ශරීරයට ඇතුලු වූ වෛරසය, රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණකිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුෂුම්නාව වෙත ගමන්කර ස්නායු පද්ධතිය අඩපණ කර දමනවා. රෝගලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වෙන්න පුලුවන්. රෝග ලක්ෂණ ඇතිවුනායින් දින කිහිපයක් ඇතුලත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක තත්වයයි.

මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්. ඔබගේ නිවසේ සිටින සූරතල් සතුන් ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රා ද නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වනවා. ඔබේ සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරගන්නා අතරතුරේම ඔවුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු වෙනවා.

වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් , ජලභීතිකාව බෝ වීමේ අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත , ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික අවදානමෙන් ගලවාගැනීමට එය පිටිවහලක් වනු නොඅනුමානයි.

ජලභීතිකා ප්‍රති එන්නත් නැත.. මෙච්චර දවසක් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුන මේ අවාසනාවන්ත තත්වය දැන් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත...
23/05/2022

ජලභීතිකා ප්‍රති එන්නත් නැත..

මෙච්චර දවසක් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුන මේ අවාසනාවන්ත තත්වය දැන් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ අවාසනාවන්ත තත්වයෙන් අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම දරුවන්ට විය හැකි බලපෑම ගැන බලදාරීන් සංවේදී වන බවක් පෙන්නෙන්නට නැත.

ජලභීතිකාව යනු මාරාන්තික රෝගයක් බව නිරන්තරයෙන් කියවුනද ජනතාව එය එතරම් බියට පත්කරන රෝගයක් සේ හඳුනාගත නොහැක. මේ තත්වයට ප්‍රධාන හේතුව සාමාන්‍යෙන් වසරකට ජීවිත විස්සකටත් අඩු ප්‍රමානයක් මේ රෝගයට ගොදුරු වීමය.

රට පුරාම පැතිරී ඇති මාරාන්තික රෝගයෙන් එතරම් අඩු මරන ගණනක් වාර්තා වන්නේ ඇයි?

එසේ වන්නේ බල්ලන් සපා කෑ පසු ජලභීතිකා වලක්වන එන්නත් ලබා දෙන නිසාය.
ලංකාවේ වසරකට බල්ලන්ගේ සපා කෑමට ලක් වීම් ලක්ශ තුනක් පමණ වාර්තා වේ. එසේ හපන සියලු බල්ලන්න්ට ජලභීතිකාව නැතත් රෝගය තියෙන සතුන් විශල ගණනක් සිටිය හැක. රෝහලේදී සපාකෑමට ලක්ක්වූ අයට ජලභීතිකා වලක්වන එන්නත් ලබා දෙනු ලබයි. වඩාත් දරුණු තුවාල සහිත හෝජලභීතිකාව බවට සැක සහිත සතෙකුගේ සපෑකෑමට ලක්වූ විටකදී එන්නතට අමතරව ප්‍රති ජලභීතිකා ප්‍රතිදේහ ලබා දෙනු ලබයි. ලංකාවේ ජලභීතිකා මරණ මෙතරම් අඩු මට්ටමක තිබෙන්නේ මේ ප්‍රතිකාර ලබා දීමේ පුලුල් වැඩසටහන නිසාය.

දැන් මේ ජලභීතිකා එන්නත් අවශ්‍ය තරම් රෝහල් වල නැත. ඉන් සිදුවිය හැකි බලපෑම අමුතුවෙන් විස්තර කල යුතු නැත. මේ විදිහට අවශ්‍ය තරම් ඖෂධ ඇනවුම් නොකිරීමට කටයුතු කල කාලකන්ණි පාලකයන් හේතුවෙන් අපේ රටේ තව කී දෙනෙකුට මරණ වරෙන්තුව ලියවෙනු ඇතිදැයි සිතා ගැනීමටවත් නොහැක.

මේ අනාර්ක්ෂිත කම හමුවේ ඔබට ඇතිවන ආවේගය තේරුම් ගැනීම අපහසු නැත. ඒත් පාලකයන්ට දොස් තැබීමෙන් පමණක් මේ ව්‍යාසනයෙන් අපේ මිනිස්සු බේරා ගත නොහැක. සුරතල් සතුන් ඇති ඔබ සැම මේ මොහොතේ වගකීමෙන් කටයුතු කර හානිය අවම කර ගැනීමට වෙහෙසිය යුතුව ඇත.

1. ඔබේ සුරතලා නිසි කලට එන්නත් කරවා ගන්න.

2. ඔබේ සුරතලා සැර සතෙක් නම් අන් අය හපාකෑමට ඇති ඉඩ අවම වෙන සේ ඌ බලා ගන්න. ගෙදරට අමුත්තන් එන වෙලාවට සතා කූඩු කරන්න. නැතනම් බැද තබන්න. නිදැල්ලේ පාරට යාමට ඉඩ නොදෙන්න. බෙහෙත් ගැනීමට හෝ ව්‍යායාම සදහා ගෙදරින් පිට ගෙන යන විට මුක ආවරණයක් පලදවාගෙන ගෙන යන්න.

3. දරුවන් රෝගය ගැන දැනුවත් කරන්න. නොදන්නා සතුන් අත පත ගෑමෙන් වලකින ලෙස කියා දෙන්න.

4. සපාකෑමට ලක් උවහොත් සබන් යොදා ඉතා හොඳින් සෝදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. බෙහෙත් නැති බවට කියවෙන නිසා රෝහලට නොගොස් සිටින්නට එපා. වෛද්‍ය උපදෙස් හැම විටම ලබා ගන්න.

ජලභීතිකා හැදුන බල්ලන් මිනිසුන් හපා කන්නේ රෝගය නිසාය.

මේ ගෙවෙන්නේ කාටත් අසීරු කාලයක්. ගෙදර ඉන්න සුරතලා ගැන අවධානය අඩු වෙන්නේ නොසිතාම වෙන්න පුලුවන්. ඉතින් මේ කාලයේ ඔබේ සුරතලා ...
05/05/2022

මේ ගෙවෙන්නේ කාටත් අසීරු කාලයක්. ගෙදර ඉන්න සුරතලා ගැන අවධානය අඩු වෙන්නේ නොසිතාම වෙන්න පුලුවන්.
ඉතින් මේ කාලයේ ඔබේ සුරතලා අසනීප වුව හොත් ඔබට තවත් කරදරයකට මුහුණ දීමට සිදු වීම නොඅනුමානය. සුරතලාගේ ඖශධ වලට මෙන්ම වාහනයක් නැති අයෙකුට පශු වෛද්‍යවරයෙක් වෙත සුරතලා ගෙන යාමට කුලී රථයකට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදු වීම මේ කාලයේ බොහෝ දෙනෙකුට අසීරුය.

ඒ නිසා පහත කරුණු ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න.

1. ඔබේ සුරතලා නිසියාකාරව නියමිත දින වකවානු වලට එන්නත්කරණයට ලක් කර තිබේද?

2.නියමිත කාලයට පණුනාශක ලබා දී තිබේද?
උදා:-*මාස තුනට අඩු පැටවුන්ට සති දෙකකට
වරක්
*මාස තුනට වැඩි සතුන්ට මාස2,3කට වරක්

3.කිනිතුල්ලන් මැක්කන් වැනි බාහිර පරපෝශිතයන් සිටීද??

4.කෑම ප්‍රතික්ෂේප කරන විට වෙනස් කෑම වර්ගයක් දී පරීක්ශා කරන්න. උදා:- pet food
කෑම ප්‍රතික්ෂේප කරන්නෙ රෝගී තත්වයක් සැලකිය යුතු මට්ටමකට උත්සන්න වූ විටයි.එනිසා නොපමාව පශුවෛද්‍යවරයෙක් වෙත යොමු වන්න.

5.සතියකට වරක් හෝ සුරතලාගෙ විදුරු මස් වල පැහැය පරීක්ශා කරන්න. සුදු මැලි වීම, කහ හෝ නිල් පැහැ වීම රෝගී තත්වයක ලක්ශයකි.

6.සුරතලුන් අනවශ්‍ය පරිදි නෑවීමෙන් වලකින්න. සතියට වරන් ඔවුන්ටම සකසා ඇති සබන් හෝ ශැම්පූ වර්ගයක් බාවිතාකර නෑවීම ප්‍රමාණවත්‍ වේ.

මේ කරුණු කීපය ගැන සැලකිලිමත් වී අනිසි ලෙස කාලය හා මුදල් වැයවීම නවතා ගන්න.

වෛද්‍ය ප්‍රශාෂිනි එරන්දිතා
ලි:ප:අංක 1678 (SLVA)

30/04/2022

රෝහල් වල ජලභීතිකා එන්නත් හිගයක් ඇති බැවින් සතුන් ගෙන් වන සපාකෑම් වලක්වා ගන්න , සුරතලුන් ජලභීතිකා සදහා නැවැරදිව එන්නත් ලබාදෙන්න
https://fb.watch/cIEjmfhvRg/

02/01/2022

"පැටව් හම්බෙන්නේ නැතිවෙන්න විදින ඉන්ජෙක්ශන් එකක් තියේනේ, ඇයි ඉතින් ඔපරේශන් කරන්නේ ?"

"අපෝ ඔපරේශන් කරන එක පව්, ඒ නිසා අපි ඉන්ජෙක්ශන් එක ගැස්සුවා."

" ගමට ජලභීතිකාවට බෙහෙත් විදින්න එන මහතෑන්ලට කියලා රෑශ් එකටයි, පැටව් හම්බෙන්නේ නැති එකටයි බේත් විද්දනේ. දැන් ආයේ ඔපරේශන් ඕනී නෑ. "

ඩිපො ප්‍රොවේරා කියන්නේ උපත් පාලනය කරන්න මිනිසුන් යොදාගන්න බෙහෙතක්. එතකොට එය සුරතලුන්ගේ උපත් පාලනයට වගේම විවිධ රෝග සුව කරන්න යොදාගන්න පුලුවන්. එහි තියෙන්නේ අපේ වගේම සතුන්ගෙන් නිපදවෙන ප්‍රොජෙස්ටරෝන්/progesterone කියන හෝමෝනය. (Progestin is synthetic form of progesterone)

සාමාන්‍යයෙන් ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙන්නේ ගර්භනී සමයේ. ඒ හෝමෝනේ කාර්‍යභාරය තමා ගර්භනී බව පවත්වාගෙන යන එක, ඒකෙන් වැඩ ගොඩක් කරනවා. එතකොට ගර්භනී කාලේ/ප්‍රොජෙස්ටරෝන් වැඩි කාලේ ඩිම්බකෝශෙන් ඩිම්බ පිට කරන්නේ නෑ. මොකද ප්‍රොජෙස්ටරෝන් වලින් ඩිම්බ පිට කරන්න ඕනී වෙන හෝමෝනේ වලක්වන් ඉන්නේ. ඩිම්බ පිටවීමක් නැතිව ලිංගික එක්වීමකදී සංසේචනයක් වෙන්නේ නෑ. ඒ නිසා ගැබ් ගැනීමක් නෑ.

එතකොට ගර්භනී නොවෙන සමයේ ඩිපෝ ගැහුවමත් වෙන්නේ එය. බල්ලෝ හා පූසෝ ගත්තාම කතාව ඔයිට වඩා ටික ටික වෙනස් උනත් ආසන්නව මෙයට සමාන දෙයක් තමා දුන්නම ඔවුන්ගෙත් වෙන්නේ.

ඩිපෝ ප්‍රොවේරා බල්ලන්ගේ හා පූසන්ගේ ක්‍රියාකාරී කාලය සති 5ක් 6ක් වගේ තමා වෙන්නේ. වකුගඩු හා අක්මා රෝග තියන අයගේ නම් කාලය මීට වඩා වැඩි වෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමයි මාස 3ක් යනකම් රැලේ යන්නේ නෑ, පැටව් හම්බෙන්නේ නෑ කියලා හිටියට ඩිපෝ දීලා මාස කිහිපයකින් සමහර සතුන් ගැබ් ගන්නේ.

ඇයි උපත් පාලනයක් විදියට ඩිපෝ ප්‍රොවේරා හොද නැත්තේ?

රුධිරගත ප්‍රොජෙස්ටරෝන් වැඩි උනාම එයා කරන්නේ කළලයට/භෘණයට ගර්භාශයේ ඉන්න හොද පරිසරයක් හදන එක. ඒ නිසා අම්මගේ ඇඟෙන් කළලය ප්‍රතිශේප වෙන එක වලක්වන්න සුදු රුධිරාණු වලට ගර්භාශයට ඇතුලු වෙන්න දෙන්නේ නෑ. ඒ එක්කම ගර්භාශයේ බිත්තිවල උඩම තට්ටුව ඝණ වෙන්න හදනවා. ගර්භාශයේ ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය වැඩි කරලා වැඩි වැඩියෙන් ග්‍රන්ථි ශ්‍රාවයන් වැඩි කරනවා. ඊට අමතරව ගර්භාශයේ මස්පිඩු චලන අඩු කරනවා, මොකද බැරි වෙලා හරි මස්පිඩු චලන වැඩි උනොත් මේ සංවේදී කළලය විනාශ වෙන්න පුලුවන් නිසා.

එතකොට අපි පිටතින් ප්‍රොජෙස්ටරෝන් දුන්නත් ඔය වැඩ ටික ඔය විදියටම වෙනවා. ඒත් අවාසනාව කියන්නේ බැරිවෙලා හරි බැක්ටීරියා ගර්භාශයට ඇතුල් උනොත් එය බැක්ටීරියා වර්ධනයට ඉතම හොද පරිසරයක් නිර්මාණය කරලා තියනවා. සුදු රුධිරාණුවලට ගර්භාශය තුලට යන්න බැරි නිසා බැක්ටීරියා විනාශ කරන්න කවුරුවත් නෑ. ඒ නිසා බැක්ටීරියා එහි ක්‍රියාකාරීවෙලා ගර්භාශය තුල ගුණනය වෙන්න කිසිම බාධකයක් එහි නෑ. ගර්භාශයේ මස්පිඩු සංකෝචනය ඉතාම අඩු නිසා එක්වන තරල පිට කරන්නත් බෑ. ඒවා ගර්භාශය තුලම එක් වෙනවා.

ඔය තත්වයට තමා අපි පයෝමෙට්‍රා/pyometra කියලා වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ. එතකොට මේ බැක්ටීරියා හදන විශ නිසා වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වෙන්න පුලුවන්. රුධිරගත බැක්ටීරියා වලින් සාදන විශ වැඩි වෙන්න වැඩි වෙන්න අභයන්තර අවයව බලට කරන හානිය වැඩි වෙනවා. මෙහි අවසානය වෙන්නේ සත්වයා අවාසනාවන්ත මැරණයට පත්වෙන එක. අන්න ඒ නිසා තමයි ඩිපෝ ප්‍රොවේරා උපත් පාලනයක් විදියට යොදාගන්න එපා කියන්නේ.

"අපෝ NGO කාරයෝ අපේ ලංකාවේ හොද බලු ජාන විනාස කොරන්ට යන්නේ ඔපරේශන් කොරලා" කිව්වට බැක්ටීරියා හදන විශ ශරීරයට එක්වෙන එක වලක්වන්න නම් කරන්න වෙන්නේ ඩිම්බකෝශ එක්කම සැරව පිරුණු ගර්භාශය ඉවත් කරන එක තමයි. ඉතින් එතකොට වට රවුමක් ගිහින් අන්තිමට කරන්නේ වන්ද්‍යකරණයම තමයි.

"අනේ සල්ලී නෑ ඔපරේශන් එක කරගන්න" කියලා ලාබයි කියලා බෙහෙත් විද්දට pyometra ආවොත් ප්‍රතිජීවක ඇතුලු ප්‍රතිකාරයන්ට යන වියදම ගොඩක් වැඩියි. අනික ශල්‍යකර්මයට යන වියදම, ශ්‍රමය, කාලය හා ජීවිත අවධානමත් වැඩියි. එතකොට සල්ලී ගරාගෙන කනවා කියලා දොස්තරලට බැන්නට වැඩක් නෑ. 😏

"අනේ ඔපරේශන් කරන එක පවු, ඔව්වා සහ ගහන අපරාද" කිව්වට Pyometra හැදිලා හරි හමන් ප්‍රතිකාරයක් නැතිව විඳවලා මැරෙන සතුන් ගාන ගොඩක් වැඩියි. එතකොට "අපි කරන්න ගියේ හොදක්නේ, සතා විඳවලා මැරෙන්නේ ඌ පෙර කරපු අකුසල කර්ම නිසා" කියලා හිත හදාගත්තට වැඩක් නෑ. 😏

"ඔය බොරු අනේ ඒම pyometra හැම තිස්සෙම හැමෝටම එන්නේ නෑ. මම කීවතාවක් අපේ අයට දුන්නද" කියලා කිව්වට ලෙඩේ එන්නේ කොයි මොහොතෙද කියලා කාටවත් සාස්තර කියන්න බෑ. ඒ නිසා අවධානමක් ගන්න එපා.

ඊට අමතරව දිගින් දිගටම මේ එන්නත් භාවිතය නිසා

1. ස්ථන ග්‍රන්ථියේ පිළිකා එන්න පුලුවන් (mammary tumors)
2. දියවැඩියාව හැදෙන්න පුලුවන්
3. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුලුවන්

මේ එන්නත භාවිතා කලාම,

1. එන්න්ත් කල ස්ථානය ඉතාම වේදනාකාරී වෙනවා
2. කෑම රුචිය ගොඩක් වැඩි වෙනවා
3. වතුර තිබහා වැඩි වෙනවා
4. සතුන් ස්ථුල වෙනවා
5. පෞරුශ ලක්ෂණ වෙනස් වෙනවා
6. සතුන් මලානික වෙනවා.

කොයිම වෙලේකවත් මෙවැනි අවස්ථාවක සුරතලුන්ට මෙම එන්නත දෙන්න එපා.

1. ලිංගික පරිණතියට කලින්
2. සතුන් ගැබ්බර කාලේ
3. බල්ලන්ගේ ලිංගික සක්‍රීය කාලේ/හීට් එකෙන් මාසෙකට දෙකකට පස්සේ
4. දියවැඩියාව තියන සතුන්ට
5. ගර්භාශයෙන් රුධිරය වහනය වන සතුන්ට
6. Pseudo pregnancy/ false pregnancy වලට ප්‍රතිකාරයක් ලෙස

ඉතින් සුරතලුන්ගේ උපත් පාලනයට වගේම හොද සෞඛ්‍යමත් දිවි පෙවතකට හොදම සහ එකම විසඳුම වන්ද්‍යකරණයම විතරයි. මෙම ලිපිය හොදින් කියවා අවබෝධ කරගත්ත ඔබට එය හොදින් වැටහෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. සුරතලා නිසි වයසට ආවාම හැකි පළමු අවස්තාවෙම වන්ද්‍යකරණ සැත්කම කරගන්න. දැනුවත්කමක් තියන පුරවැසියෙක් විදියට අන් අයවත් දැනුවත් කරන්න.

පශුවෛද්‍ය චමරි කෞශල්‍යා මැදගොඩ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dogs & Cats Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share