21/06/2023
මුතූ ගැන අවසන් ලියමන...🐘
------------------------------
කොහෙන් පටන් අරන් කොහෙන් ලියන්නද හිතාගන්න බෑ.
හරකෙක්වත් බලලා නැති මිනිහෙක් අලි බලන්න ගිහින් ලෝකයක් ඉස්සරහා රට හෑල්ලු වෙන වෙලාව.දක්ශ පාරම්පරික ඇත්ගොව්වන් විශාල පිරිසක් ඉන්න රටේ එක මිනිහෙක් අලි බලපු හැටි ලෝකෙම කතා වෙනවා.කන්දේ විහාරයට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.ඒ කතාව හැමෝම දන්න නිසා ඒ ගැන කතා නොකර ඉන්නම්.
මෙතනදි රජයේ ආයතනයක් වෙලා කිසිම නීතිමය භාරකාරීතවයක් නැතිව වුනත් දෙහිවල සත්වෝද්‍යානය මුතූ වෙනුවෙන් කරපු දේවල් වලට ආචාරය...
2022නොවැම්බර් මාසේ මුතූ දෙහිවලට ගේනකොට හොදටම අමාරුයි.ඒ කාලේම මුතූගේ මද කාලෙත් පටන් ගත්තා.ඒත් පශු වෛද්‍යවරු මුතූට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා.මධූෂා පෙරේරා වෛද්‍යවරිය ඇතුලු කණ්ඩායම රෑ දවල් වෙහෙසිලා කරපු කැපකිරීම් සිහිපත් කරන්නම ඕන...
ඊලගට එන්නම් අනෙක් කතාවට.මුතූ තායිලන්තෙට අරන් යන එක හොදයි කියලා ෆේස්බුක් එකේ බොහෝ දෙනෙක් ලියලා තියනවා.ඒත් මගේ මතය මුතූ මෙහේ ඉන්න එක මුතූට හොදයි කියන එක.ඒකට හේතු ගොඩක් තියනවා.ඔය බොහෝ දෙනෙකුට වඩා මුතූ බලන්න මම ගිහින් තියනවා.මුතූ හිටපු හැටි දැන් ඉන්න හැටි මම හොදට දැකලා තියනවා.මුතූට හිරිහැර කලෙත් අපේ රටේම අය තමයි.හැබැයි මුතූගේ තුවාල ඇතුලු ආබාධ 80% ක් විතර හොද කලෙත් අපේ අය.තායිලන්තයෙන් ආපු අය කරපු දෙයක් නෑ.තායිලන්තයෙන් මුලින්ම ආවා ඇත් ගොව්වෙක්.මිනිහා මාස ගානක් සත්වෝද්‍යානයේ හිටියා.හැබැයි කරපු දෙයක් නෑ.කරපු එකම දේ සත්වෝද්‍යානයෙන් එලියට මුතූව අරන් ගිය එක.ඒකට දඩුවම් විදින්නේ සත්වෝද්‍යානයේ සේවකයෝ දෙන්නෙක්.තාම වැඩ තහනම්.තායි ඇත්ගොව්වා මුතූව හසුරවන්න පුදුම විදියට කෑ ගහනවා.දවසක් මම ඉන්න වෙලාවකම අතේ තිබුණු පිහියේ කැපෙන පැත්තට විරුද්ධ පැත්තෙන් මුතූගේ හොඩේට ගැහුවා.කිහිප සැරයක්.හරියටම දළ පටන් ගන්න තැනට.තායි ඇත්ගොව්වා
එහෙන් ගෙනාපු හෙන්ඩුව දැක්කනම් පුදුම හිතෙනවා.දෑකැත්තක් වගේ.ඒක පාවිච්චි කරන්න සත්වෝද්‍යානයේ නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ.හිතාගන්න පුලුවන් නේද තායි ඇත් ගොව්වන්ගේ ක්‍රියා කලාපේ.ඔය ඇත්ගොව්වම මුතූගේ හොඩ එක පාරක් තුවාල කරලා තිබුණා.ඒ හැම පාරම මට හිතුනේ මුතූට එහේ ගිහින් මොන විදියේ සැලකිලි ලැබෙයිද කියලා.කොහොම හරි ඔය ඇත් ගොව්වා ලංකාවෙන් ගියා.දැන් ඇවිත් ඉන්නවා කණ්ඩායමක්.ලංකාවට එවන්න ඇත්තේ එහේ ඉන්න හොදම සෙට් එකක්නේ.අනේ එහෙම අලි බැලිල්ලක්.පුදුම කෑ ගැහිල්ලක්.මුතූ උන් කියන කිසි දෙයක් ගනන් ගන්නේ නෑ.මුතූ අහන්නේ සත්වෝද්‍යානයේ අලි බලන ප්‍රධානියා වන උපුල් අයියා කියන දේ විතරයි.මුතූ ගෙනියන බහාලුම ඇතුල්ට යන්නේ ,ඒකෙන් එලියට එන්නේ අපේ රටේ අලි භාෂාවෙන් කතා කරහම විතරමයි.අනෙක් කාරනේ අපේ රටට වෙන රටකින් අලියෙක් ඇතෙක් ගේනකොට ඒ රටෙන් ඇත් ගොව්වෝ කිහිප දෙනෙක් එනවා.ඒ අය මාස කිහිපයක් මේ රටේ ගත කරලා ඇතා මෙහෙට හුරු උනහමයි යන්නේ.ඒත් එහෙම දෙයක් මෙතන වෙන්නේ නෑ.අවුරුදු 30න් 22ක්ම මෙහේ ජීවත් වුණු මුතූ තායිලන්තෙට අරන් ගිහින් කොහොම මෙල්ල කර ගනියිද කියලා හිතා ගන්න අමාරුයි.සාමාන්‍යයෙන් මුතූ ටිකක් සැර ගතිගුණ තියන ඇතෙක්.ඔය බුකී වීරයෝ කියන විදියට සුමට විදියට තායි කාරයෝ ඇතා මෙල්ල කරයි කියලා කොහෙත්ම හිතන්න බෑ.එයාලා හැසිරෙන්නේ පිස්සෝ වගේ.
අනෙක් කාරනේ මුතූගේ ඉදිරි පාදය නමන්න බෑ.එහෙම තියනකොට යකඩ කූඩුවක දාලා දොඹකර වලින් උස්සලා පැය දොළහක් ඒකේ හිර කරලා තියනකොට සතාට මොකක් වෙයිද කියලා අපි කවුරුත් හිතුවද? ඉදිරි කකුල හොදටම අවදානම්.පැය දොළහක් කූඩුවක හිරවෙලා යන මුතූගේ මානසික පීඩනය ගැන ඩොලර් පස්සේ දුවන සත්ව වේදීන්යැයි කියාගන්නා කිසිවෙක් කතා කරලා තියනවද? ඔය
සියලු කරුණු බැලුවම හැමෝම එකතු වෙලා මුතූව තවත් ලොකු අමාරුවක දානවා කියලයි මගේ හැඟීම.නැවත කියන්නේ කිහිප දෙනෙක් හැර අපේ රටේ ඇත්ගොව්වන් තරම් තායි ඇත්ගොව්වන් දක්ෂයින් නොවන බව මට හොදටම පැහැදිලි උන කරුණක්.ඒ නිසා මුතූට ඔය බොහෝ දෙනා හිතන තරමේ නිදහසක් සැපතක් තායිලන්තයේදී ලැබෙයි කියලා හිතන්න අමාරුයි.මෙහෙදි කන කිතුල් කොට,පොල් අතු වගේ දේවල් එහේ නෑ.තණකොළ විතරයි.එයා උපන් රට උනාට දැන් එහෙට ආගන්තුකයෙක්.හ්ම්ම් ගොඩක් ලිව්වා.අවසානෙට ආයෙත් කියන්නේ මුතූට එහෙට වඩා මෙහේ හොදයි. බලධාරීන්ට බැන බැන,කෑ කගහා හරි පේන මානයක තියන් මුතූව හොද කර ගන්න තිබුණා.ඒත් දැන් අපි ප්‍රමාදයි.මම ජාතික රූපවාහිනියේ ඉදලත් මේ ගැන බලධාරීන්ගේ ඇස් අරින්න සෑහෙන්න උත්සහා කලා.ඒත් වැඩක් උනේ නෑ.මෙතනින් එහා කළ හැකි දෙයක් නෑ.
සුභ ගමන් මුතූ❤ දළදා සමිදු පිහිටයි 🙏❤
රූපවාහිනී මාධ්‍යවේදී මහතා