බූරු මවකට සිදුකළ සිසේරියන් සැත්කම...🫏❤️
=====================================
Dr. Vet සත්ත්ව රෝහලේ පසුගිය දිනක හදිසි සිසේරියන් සැත්කමක් සිදුකළා. ඒ තමයි සුරතලයට ඇති කරන බූරුවෙකුට සිදුකළ සිසේරියන් සැත්කමක්.🫏
මෙම සත්ත්වයා අප වෙත රැගෙන එද්දිත් පැටවා ප්‍රසූත කිරීම ආරම්භ කර පැය 12කට අධික කාලයක් ගත වී තිබුණා. එමෙන්ම එම පැටවාත් ජීවිතක්ෂයට පත් වී, ඇය ඉතා අසීරු තත්ත්වයක ජීවිතය සමඟ සටන් කරමින් සිටියා. පැටවා මිය ගොස් තිබීමත්, බූරු මවගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ නිසාත් මේ අවස්ථාවේ දී සිසේරියන් සැත්කමක් සිදුකළ යුතු බව අප Dr Vet සත්ත්ව රෝහලේ වෛද්‍යවරුන් තීරණය කළා. පැය 4කටත් අධික කාලයක් තුළ මධ්‍යම රාත්‍රිය වන තෙක් සිදු කළ මෙම සැත්කම සාර්ථකව අවසන් කර, මියගිය පැටවා ඉවතට ගෙන බූරු මවගේ ජීවිතය බේරා ගැනීමට Dr Vet සත්ත්ව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණා. ❤️
මේ වනවිට සැත්කම සිදුකර ද
දරුණු හර්නියා තත්ත්වයක් (Perineal Hernia) නිසා පීඩා විඳ සුවය ලැබූ අවුරුදු 12ක් වයසැති සුරතල් වයිටා.🐶❤️
======================================
අවුරුදු 12ක් වයසැති වයිටා අප Dr. Vet සත්ත්ව රෝහලට රැගෙන එන විට මාස දෙක හමාරක පමණ කාලයක් තිස්සේ පැවති දරුණු හර්නියා තත්ත්වයකින් (Perineal Hernia) පීඩා විඳි අතර, ඉතා සාර්ථක සැත්කමකින් පසුව වයිටාව සුවපත් කිරීමට Dr. Vet සත්ත්ව රෝහලේ වෛද්‍යවරුන් සමත් වුණා.
වයිටාගේ වයස අවුරුදු 12ක් වන නිසා පැය එක හමාරකට අධික කාලයක් ගතවන ශල්‍යකර්මයකට ලක් කිරීම දැඩි අභියෝගාත්මක දෙයක් වුවත් Dr. Vet සත්ත්ව රෝහලේ වෛද්‍යවරුන් එම අභියෝගය සාර්ථකව ජය ගැනීමට සමත් වූ අතර, සුරතල් වයිටාට නැවතත් සුවපත් දිවියක් හිමි කර දීමට හැකි වුණා.
පැටවු බිහිකරගන්න අපහසු වූ රූබි
🐶🐶පැටවු බිහිකරගන්න අපහසු වූ රූබි 🐕🐕🐶🐶
පැටවුන් බිහිකිරීමට නියමිත දින පසු වී ඉතාම අපහසුතාවයෙන් පසු වූ සුරතල් රූබිව🐶 හදිසි සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට අපේ Dr.Vet වෛද්‍යවරුන් ඇතුලු කාර්‍යමණ්ඩලයට සිදුවුනා. ඉතින් මේ වෙද්දිත් එක පැටියෙක් රූබිගෙ කුසතුලම මිය ගිහින් හිටියත් ඉතිරි පැටවුන් හා රූබිව බේරාගන්න අපේ කණ්ඩායම සමත් උනා.❤️❤️
බිලී කොක්කක් සිරවුණු පපී 🐶
==================================
බිලී කොක්කක් සිරවුණු පපී නමැති බලු පැටවා ඉතා අසාධ්‍යව අප Dr. Vet සත්ත්ව රෝහල වෙත රැගෙන ආ අතර, X-ray ඡායාරූප කිහිපයක් ලබාගැනීමෙන් පසුව ආමාශයේ ඉහළ කොටසේ බිලී කොක්ක සිර වී ඇති බව තහවුරු කරගෙන, ඉන් පසුව ඉතා අවධානම් ශල්‍යකර්මයක් මඟින් බිලී කොක්ක ඉවත් කිරීමට Dr Vet සත්ත්ව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හැකි විය.
මේ වන විට පුංචි පපී ආහාර ගනිමින්, ඉතා සතුටින් සුවෙන් සිටිනා බව පපීගේ අයිතිකරුවන් අපට පැවසීය.🐕😍❤️
පැටවු බිහිකරද්දී අසාධ්‍ය වුණ වයිටා🐶
======================================
මේ වයිටා සහ පුංචි පැටවුන්ගේ කතාව...🐶❤️
වයිටා පැටවුන් 9 දෙනෙකු කුස තුළ දරාගෙන සිටි මවක්. පැවවුන් ලැබීමට සිටියදී ඇය පැය 24ක පමණ කාලයක් ඉතා අසීරුවෙන් ගතකර ඇති අතර ඇයට ප්‍රසූතියේදී ඉතා අසාධ්‍ය වුණා. පැටවුන් 9ක් කුස තුළ දරා සිටි ඇය, පැටවුන් දෙදෙනෙක් බිහි කරද්දීත් ඔවුන් දෙදෙනාම ජීවිතය හැරගිහින්.
ඉතින් මෙවැනි අවස්ථාවක තමයි වයිටාගේ අයිතිකරුවන් ඇයව අප වෙත රැගෙන ආවේ.
පරීක්ෂා කළ පසු පෙනී ගියේ සිසේරියන් සැත්කමක් සිදු කළයුතු බවයි. ඉතින් අප ආයතනයේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය කඩිනමින් එයට සූදානම් වුණා. ඒ වන විටත් පැටවුන් 7දෙනෙකු වයිටාගේ කුස තුළ සිටි අතර එක් පැටවෙකු බිහි කිරීමේදීම සිරවීම නිසා මියගොස් තිබුණා. සිසේරියන් සැතකමෙන් අනතුරුව ඉතිරි පැටවුන් හය දෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මවගේ උණුහුම විඳිමින් සත
Now your pet is in a luxurious health service 🦮🐕🦺
Another busy day 🐕🐕🐈🐈🐩🐩🐕🦺🐕🦺🐈⬛🐈⬛
Be kind to every kind🐕🦮🐩🐕🦺🐶🐈🐈⬛🐱
සැත්කමෙන් දින 9 පසු සිබා මල්ලි.
Now he enjoys his natural behavior ❤️❤️
He was ble to bear his leg a few days later with the physiotherapy ❤️
How he has taken his oral medicines 😎
Dr. Vet Animal hospital Ambalantota and Kengalla - - Annual meetup
අධික කෙල ස්රාවය ජලභීතිකාවමද?